Friday, January 5, 2018

ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන විහිළු කථා

ප්‍රේමදාස ජනාධිපතිවරයා

අද මෙන් ෆේස් බුක් නැතිවුණත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඔහු ගැන විව්ධ විහිළු කථා (yarns)  බොහොමයක් සංසරණය වුණා. මට මතක කිහිපහයක් බෙදාගන්න අවසර. එම කථාවල් හදපු අය නොදන්න නිසා ඒ විස්තර දාන්න විදිහක් නම් නැහැ. 


Image Building

අන්දරේ කියන රජකාලෙ හිටපු රජගෙදර කවටයා දන්නවනේ. ඒවගේ රජගෙදර කවටයෝ එක එක කාලෙ ඉඳල තියෙනවා. ගිය රජය කාලෙ මර්වින් එහෙම සමහර විට මේ රාජකාරි ඉටුකලා. ප්‍රේමදාස ජනාධිපති වරයගෙ කාලෙ රජගෙදර කවටයා වුණේ ඒ.ජේ රණසිංහ කියල ඇමති කෙනෙක්. එයාට 'සෙරෙප්පු සුපා' කියල අවර්ථ නාමයකුත් පට බැඳල තිබුණ. ප්‍රේමදාස ජනාධිපති වුණ ගමන්ම එයාව හම්බුවුණ විදේශිකයෙක් කියල තියෙනවා ජවිපෙ ත්‍රස්තවාදීන් මර්ධනය නිසා  ඒකාලෙ රටේ කීර්ති නාමය එච්චර හොඳ තත්ත්වෙක නොතිබුණ නිසා රටේ ඉමේජ් බිල්ඩිං ගැන අවධානය යොමු කරන්න කියල. ප්‍රේමදාස මහත්තය ලඟින්ම හිටපු කෙනෙක් නිසා ඒ.ජේ රණසිංහට තමයි මේ කාර්‍යය පැවරිලා තියෙන්නෙ. භාර දෙන වැඩ වෙනවද කියල හොයල බලන එක ප්‍රේමදාස මහත්තයාගෙ පුරුද්දක්. ඒ නිසා සති කීපෙකට පස්සෙ ඒ.ජේ රණසිංහ ගෙන් ඇහුවලු අරක ගැන බැළුවද කියල. එතකොට ඒ.ජේ රණසිංහ කිව්වලු " අනේ සර් මම කොළඹ තියෙන හැම පාරෙම ගියා. අනෙක රටේ තියෙන හැම ප්‍රධාන මාර්ගෙකම මගේ මිනිස්සු ඇරිය. ඒ වුණාට ඔය ඉමේජ් බිල්ඩිම තාම හොයා ගන්න බැරිවුණානෙ" කියල.


ඒක පුද්ගල ආදායම ඉහල දැමීම

ඒකපුද්ගල ආදායම
ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණේ ජේවීපී ත්‍රස්තවාදයෙන් රට වෙලාගෙන හිටපු කාලෙක නිසා ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම ගැන චෝදනා වගේම විහිළුත් තිබුණා. මේ ඒවයින් එකක්.  රටක සෞභාග්‍යය අනික් රටවල් එක්ක සංසංදනය කරන එක සාදයක් තමයි රටේ ඒකපුද්ගල ආදායම. ඒක පුද්ගල ආදායම ගණන් හදන්නේ රටේ දල ජාතික නිෂ්පාදනය රටේ ඉන්න ජනගහනයෙන් බෙදීමෙන්. රටක නායකත්වය හැම විටම රටේ ඒක පුද්ගල ආදායම ඉහල දම්මන්න උත්සාහ කරනවා. ඒක කරන්න රටේ නිෂ්පාදනය වගේ දේවල් ඉහල දම්මන්න ඕන. ඒකටයි රැකියා ප්‍රශ්ණෙ විසදන්නයි ප්‍රේමදාස මහත්තයත් එක එක දේවල් කලා. ඇඟලුම් කර්මාන්ත 200 යේ ව්‍යාපෘතිය වගේ දේවල්. ප්‍රේමදාස  මහත්මයාගේ ඒකාලෙ තිබුණ ඉලක්කය තමයි ඒක පුද්ගල ආදායම ඩොලර් 1,000 කරන එක. එතකොට ඒක කරන්න දල ජාතික නිෂ්පාදනය වැඩි කරන ගමන්ම එයා අනික් සාධකය ගැනත් උනන්දු වුණාලු. ඒ තමයි රටේ ජනහහනය අඩු කරන එක. ඒ ජනහගනය අඩුවුණත් ඒක පුද්ගල ආදායම වැඩි වෙන නිසා. ඒ කාලේ වුණ පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් වලට හේතුව ඒකළු.


තාත්තගේ ගොල්ෆ් කෝස් එක

ගොල්ෆ් කෝස් එකක්

ප්‍රේමදාස කියන්නේ ක්‍රීඩා අංශය දියුණු කරන්න දේවල් කරපු කෙනෙක්. එයත් හිටපු පාපන්දු ක්‍රීඩයෙක්ද කොහෙද? දිරා වැටී තිබ්බ වී.ඒ සුගතදාස ක්‍රීඩංගණය ජාත්‍යතර මට්ටමට ගෙන ඒම,ඔස්ට්‍රෙලියාවට පසු දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ සඳහා ඉදිවුණ ක්‍රීඩාංගනය  ඛෙත්තාරාම ඉදිකිරීම වගේ දේවල්. ප්‍රේමදාස මහත්තයාට සම්බන්ධයක් නැතිවුණත් ක්‍රීඩා සම්බන්ධ කථාවක්. 

මගේ ඉස්සෙල්ල පෝස්ට් එකක ගස් ලබ්බ කියල තිබ්බ නඩත්තු කරන්න පුළුවන් විට එයා ළමයින් සොකර් ටීම් එකක්ම හදා ගන්නව කියලා. ඒ කියන්නෙ ළමයින් 11 ක් හදනව කියල. මට කියන්න හිතුන ගස් ලබ්බිට දෙයියන්ගෙම පිහිටයි කියල. ඒත් එහෙම කිව්වෙ නැහැ. අජිත් ධර්මකීර්ති මහත්තයා ගස් ලබ්බට උත්තරයක් වශයෙන් කියල තිබ්බා ඊට කලින් ටේබල් ටෙනිස් ටීම් එකක් හදා ගන්න කියලා. ඒ කියන්නෙ 11 ක් හදන්න කලින් දෙන්නෙක් වත් හදා ගන්න කියන එක වෙන්න ඇති.  

මේ ළමයි ගාන ක්‍රීඩා වලින් කියන එක මම කලින් අහල තිබ්බ. එක කාලෙක මම පෞද්ගලික රෝහලකට සම්බන්ධ වෙලා හිටිය. එක දවසක ප්‍රසූතිකාගාරය ගාව තාත්තලා දෙන්නෙක් ගේ කථාවක් ඇහුණා. එක තාත්තා කෙනෙක් කිව්ව එයාගෙ වයිෆ්ට පිරිමි ළමයෙක් ලැබුණොත් එයාට ක්‍රිකට් ටීම් එකක් දාගන්න පුළුවන් කියල. ඒ කියන්නෙ එයාට දැනටම පිරිමි ළමයින් 10 ක් ඉන්නවා කියන එක වෙන්න ඕන. අනික් තාත්තා ඒකට පිළිතුරු වශයෙන් කියපු එක මට තේරුණේ නැහැ. එයා කිව්වා එයාගෙ වයිෆ්ට තව එක ගැහැණු ළමයෙක් ලැබුණොත් එයාට ගොල්ෆ් කෝස් එකක් දාන්න පුළුවන් කියල. ගොල්ෆ් කියන්නේ වැඩිපුරම තනියම කරන ක්‍රීඩාවක් නිසා, ගොල්ෆ් කෝස් එකක් දාන්න පුළුවන් කියන කථාව   මට වැටහුණෙ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.


මිනී මැරුමකට අපොයින්මට් එකක්

ඝාතනයක් කිරීමට උත්සාහ කරන අවස්ථාවක්
ප්‍රේමදාස  ජනාධිපතිවරයගෙ කාලේ උත්සන්න වී තිබුණ ජේවීපී ත්‍රස්තවාදය නිසාම එවකට හිටපු බොහෝ දේශපාලකයින් දේශපාලනයෙන් අයින් වුණා. ඒකට හේතුව දේශපාලනය කිරීම ජවිපෙ මිනීමරුවන් අතින් ඝාතනය වීමට ඉඩ තිබුණු එක හේතුවක් නිසා. ගොඩක් දේශපාලන් පක්ෂ කලේ ජවිපෙ මර්ධනයට මුහුණ දීමට ඉදිරිපත් වූ දාමරිකයින් සහ මිනීමරුවන්ට ආසන වලට තරඟ කිරීමට ඉඩ දීම. එච්චරටම පක්ෂවල අපේක්ෂකත්වය ගන්න ඉදිරිපත් වන අයගෙ හිඟයක් තිබුණා. ඉතින් ඔය දාමරිකයොත් ඡන්දෙන් පස්සේ මන්ත්‍රී වරු එහෙම වුණානෙ. මේ ඒ එක්කෙනෙක් ගැන තිබ්බ කථාවක්. 

එක මහත්මයෙක් එක්තරා කාරණයකට උප ඇමතිවරයෙකු වශයෙන් අළුතින් පත්වුණ දාමරිකයෙක් හමුවෙන්න ඕන වුණාලු. එයා දුරකථනයෙන් එම උප ඇමති වරයාට කථා කලාම එයා කිව්වලු මෙහෙම. " ආ මහත්තයා, ඔව් ඔව් හම්බුවෙන්න පුළුවන්. ඒ වුණාට මේ ටිකේ හරිම බිසී. මොකද හැම තැනම පිළිගැනීමේ උත්සවනේ කියල. අර මහත්මයාට ඉකමනින්ම උප ඇමතිව හම්බුවෙන්න ඕන නිසා කිව්වලු ඔය උත්සවයක් තියෙන තැනක් කියන්න මම එතෙන්ට එන්නම් කියල. එතකොට උප ඇමති කියනවලු "ආ….. එහෙනම් මහත්තයාට බොරැල්ලට එන්න පුළුවන්ද? හෙට හතරට එතන මර්ඩර් එකක් තියෙනවා" කියලා. මහත්තයා හොඳටම බයවුණාලු මොකද මේ මිනිහා දාමරිකයෙක් නිසා මිනිහ කොන්ත්‍රාත් මිනී මැරුමක් හරි කරන තැනක ගිහිල්ල මිනිහව හම්බු වුණොත් එයාටත් සාක්කි කියන්න වෙයි කියලා. බයවෙච්ච පාර අර මහත්තයා කිව්වලු "අනේ ! අනේ !  සර් කල් ගියාට කමක් නැහැ මට ඔෆිස් එකේම හම්බුවෙන්න වෙලාවක් දෙන්න කියලා. එතකොට අර උප ඇමති කිව්වලු " මහත්තයා ඉන්නෙ නාරහෙන්පිටනේ. මගේ පරණ යාළුවෙක්ගේ මරණයක්. බොඩිය තියෙන්නෙ ජයරත්න එකේ. මිනිය ගන්නේ හතරට. මහත්තය එතනට 4.15 ට ආවොත් හෙටම ඔය වැඩේ කරගන්න පුළුවන් කියලා. එතකොටලු ඒ මහත්තයාට තේරුණේ උප ඇමති Funeral කියන වචනෙයි Murder කියන වචනෙයි මාරු කරගෙන කියල.


ප්‍රේමදාස ඝාතනය සහ ඔරලෝසු කණු

ඔරලෝසු කණුවක් 


ප්‍රේමදාස මහත්මයා ඝාතනවුණේ කොටි ත්‍රස්තවාදීන් අතින්. කොටි සංවිධානය තනට අනාගතයේදී හානියක් විය හැකි සිංහල නායකයින් බොහොමයක් ඝාතනය කලා. කලක් ජාතික ආරක්ෂාව භාර ඇමති ලලිත් ඇතුලත්මුදලි, ඉන්දියාව හරහා කොටින් මට්ටු කිරීමට මාන බැලූ ගාමිණී දිසානායක, ප්‍රේමදාස කාලයේ ජවිපෙ ත්‍රස්තවාදීන් මර්දනය කල  රංජන් විජේරත්න වගේ අය අපිට නැතිවුණ දක්ෂ නායකයින්. ප්‍රේමදාස මහත්මයා කලින් ඉන්දියන් විරෝධියෙක් වුණත් කොටින් ගේ ගේම් තේරුම් ගත් ඔහු ඉන්දියාවට හෙමින් හෙමින් කිට්ටු වුණා. ඒකට එක හෝතුවක් තමයි 1991 දී රජිව් ගාන්ධි ඝාතනෙය්න් පසු ඉන්දියාවේ රෝ ඔත්තු සේවය කොටින් සමඟ වෛර බැඳ ගැනීම.  එය සහ කලින් ජවිපෙ සහමුලින්ම නැතිකිරීම වැනි දේවල් සහ ඉන්දියාවේ සහයෝගයෙන් යොදාගෙන කොටින් නැතිකරයි කින බයට බාබු නැමැති කොටි සාමාජිකයා ලවා ප්‍රේමදාස මහතා මරා දැම්මා.

ප්‍රේමදාසගේ මරණයට සම්බන්ධ කථාව මේකයි. ප්‍රේමදාස මහත්මයා මලයාලි ගුරුකම් ගැන බොහෝ තදින් විස්වාස කල කෙනෙක්. එයා ඝාතනය වීම වලක්වන්න ඔය මලයාලි ගුරුන්නාසේලා කෙමක් හදල දුන්නලු. ඒ තමයි හැම පැයකට සැරයක්ම හැම නගරකම, එකම වෙලාවට ප්‍රේමදාස මහත්මයාගේ නම ජපකරවන්න පුළුවන් නම් ඒ අපලය නැති කරගන්න පුළුවන් කියල ඒ අය කිව්වලු. හැම නගරෙකම මේකට මිනිස්සු යෙදෙව්වත් අද වගේ ජංගම දුරකථන එහෙම නොතිබුණ ඒකාලේ මේක සංවිධානය කරන එක ලේසි දෙයක් නෙවෙයි. මේක කරන්නේ කොහොමද කියල දහ අතේ හිතකොට එක ඇමැත්තෙක් යෝජනා කරල තියෙනවා හැම නගරෙකම ඔරලෝසු කණු හදලා ඒවායේ හැම පැයකටම වෙලාව දක්වන නාදය මාත්‍රා අනුව ප්‍රේම.....දාස කියල වදින්න සලස්වන්න. ඒක මලයාලි කට්ටියත් හොඳ අදහසක් කියල එකඟ වෙලා තියෙනවා. ඒ නිසා තමයිලු ප්‍රේමදාස මහත්තයාගේ කාලේ හැම නගරෙකම ඔරලෝසු කණු හැදුවෙ. ඉතින් ඔය කණුවල පැයකට සැරයක් ප්‍රේ..ම........දා.ස කියලලු ඝන්ටාරේ වැදුනේ. 

මේක ඒවිදිහටම කලත් ප්‍රේමදාස මහත්මයා ඝාතනය වුණානේ. මලයාලි කට්ටියට මේක හරි ගැටළුවක් වුණාලු. ඒක නිසා ඒ ගුරාල දෙන්නෙක් විතර ලංකාවට ඇවිල්ල ඔය ඔරලෝසු කණු වල වදින ඝන්ටාරේ මාත්‍රා එහෙම වෙනස් වෙලාද කියලා පරීක්ෂා කලාලු. එහෙම ප්‍රශ්ණයක් තිබුණේ නැහැළු. ඒත් ඉතින් ප්‍රේමදාස මැරුණනෙ. මොකක් හරි කිල්ලක් අහුවෙලා වෙන්න ඇති කියලා ඔරලෝසු කණුව යට ඉඳන් දහ අතේ හිත හිතා ඉන්න කොට තමයි ගුරාලට වැඩේ තේරුණේ.

ඔය ඔරලෝසු ඝන්ටාරෙ වදින්නේ හැම පැයකට සැරයක් විතරක් නෙමෙයිනෙ. ඒවා පැය භාගයට සැරයකුත් වදිනවා. ඒ පැය භාගෙට වදින සද්දේ මාත්‍රා හදන්න කට්ටියට බැරිවෙලා. එතකොට ඝන්ටාරෙ වදින්නේ මෙහෙමලු

(පැයකට වරක් ) ප්‍රේ..ම........දා.ස  (පැය භාගයකට වරක්)  සුන්       
 (පැයකට වරක් ) ප්‍රේ..ම........දා.ස  (පැය භාගයකට වරක්) සුන්.

ප්‍රේ..ම........දා.ස   …   සුන්         ප්‍රේ..ම........දා.ස   ..  සුන්.


රවී ගේ පෝස්ට් එකකින් එකක්


දන්නවනෙ එතුමගෙ වැඩ..ආය යමක් හිතුනොත් සක්කරයටවත් බෑ ඒක නවත්තන්ඩ. වැඩේ කරලමයි පස්ස බලන්නෙ...ඔන්න එතුමට හිතුන ඔය කැළෑවට වැහිල නටබුන් වෙල තියෙන බුදු පිළිම ප්‍රතිසංස්කරණය කරන්ට. ගම් උදාවත් එක්කමයි මේ වැඩ පිළිවෙල ක්‍රියත්මක උනේ.මාළිගාවිල පිළිමෙ එහෙමත් බිම වැටිල තිබිල එහෙම කෙලින් කොරපු එකක්. 

දවසක් උදේ උන්නැහැ පත්තර බල බල ඉන්නවයි කියමුකො.මෙන්න තියනව පලවෙලා ලිපියක් එතුමට ඉස්තූති කරල මාළිගාවිල පිළිමෙ කෙලින් කලාට..ඒ එක්කම තියෙනව ඊට සුට්ටක් විතර එහා මහ කැළේ මැද ජරාවාස වෙල තියන පිළිමයක් ගැන. ඒකත් ප්‍රතිසංස්කරණය කලානම් අපූරුයි කියල..ජාතියේ පිනට උපන් ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!! 

ඒ වෙලාවෙම ගත්ත කෝල් එකක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ ඒ පැත්තෙ ප්‍රාදේශීය කළමනාකරුට. 

" අද පත්තරේ තියනව කැළේ මැද නටබුන් වෙච්ච බුදු පිළිමයක් ගැන. එතනට ගිහිල්ල තත්වය පරීක්ෂාකරල බලල ඒ පිළිමය නගා හිටුවන්ඩ වහාම වැඩ පිළිවෙළක් සකස් කරන්ඩ ඕනෙ. මට මේ ගැන උදේ දහයට කලින් වාර්තාවක් දෙන්න ටෙලිෆෝන් එකෙන්. " 

මොනවද අටහමාර වෙනකොට ආව කෝල් එක.. 

" සර්..මම අර පිළිමෙ බලන්ට ගියා.ඒක කෙලින් කරන එක නම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ...." 

" මේ තමුං දන්නවනෙ, මම ඔය ඒත් මේ කතාවලට කැමති නෑ කියල.මට ඕන වැඩක් කෙරෙන විදිහක් මිසක් වැඩක් නොකෙරෙන්න හේතු නෙවෙයි. වහාම ඒ පිළිමෙ කෙලින් කරන්ට කටයුතු යොදන්ට. " 

" සර්..ඒත් මේ........." 

" මම එක පාරක් කිව්ව නේද?....වැඩ කරන මිනිස්සු විතරයි මා ළඟ ඉන්න ඕන. කරුණාකරල මම කියපු විදිහට වැඩේ කරනව.." 

ප්‍රේමදාස මහත්තය පොළවෙ අඩි හැප්පුව.එතුමගෙ කොණ්ඩෙ ඩයි කරමින් උන්නෙ මොහිදීන්ට ඔව්ව හොඳට පුරුදුයි. මිනිහ ගාණක්වත් නැතුව වැඩේ කරගෙන ගියා. 

අනේ කිව්වත් වාගෙ සති දෙකක් ගියෙ නෑ. ප්‍රේමදාස මහත්තයට වාර්තාවක් ආව වැඩේ අහවරයි කියල.එතුමා ඔන්න තකහනියක් ගියා පිළිමෙ බලන්ට. අප්පට සිරි මේ තියෙන්නෙ පිළිමෙ බැබලි බැබලි...ආය මොනවද?....එලකිරි සහ ජලය 

ඒත් ප්‍රේමදාස මහත්තයට පොඩි අවුලක් වගෙත් තේරුණා. බුදු හාමුදුරුවො ඉන්න විදිහ නිකං හරි නෑ හරි නෑ වගෙ..හැරුන අර ප්‍රාදේසීය පොර දිහාට. 

" මොකද අයිසෙ මේ බුදු හාමුදුරුවො දකුණු අතෙං කණ වහගෙන ඉන්නෙ?..අනික මොකක්ද අර කර උඩ තියෙන්නෙ? " 

" ඒ කර උඩ තියෙන්නෙ සර් කොට්ටෙ…" 

" මොකක්??? කොට්ටයක්???..ඒ මොකටද ඕයි බුදු හාමුදුරුවො කොට්ටයක් කරේ තියාගෙන ඉන්නෙ? " 

" ඒක තමයි සර් මම එදා මේ සර්ට කියන්න හැදුවෙ……" 

කලමනාකරු තැටමුවා බිම බලාගෙන 

" මොකක්ද තමුසෙ මට කියන්න හැදුවෙ?....කියනවා ඕයි තවත් තෙපර බාන්නෙ නැතුව …" 

ප්‍රේමදාස මහත්තගෙ මූණ සත දහය වගෙ වෙලා…. 

" සර්..අපි කෙලින් කරල හිටෙව්වට මේ පිළිමෙ සැතපෙන පිළිමයක්...." 

" මල කෙලියයි..ඇයි ඕයි තමුසෙලා මාව කෑවා නේද?...වහාම මේ අදම පිළිමෙ හරහ දානව .....පුරා විද්‍යා කාරයෙක් එහෙම දැක්කොත් මාව පතුරු ගහයි. " 

" නෑ සර් අවුලක් නෑ ඊයෙ පුරාවිද්‍යා එකේ කට්ටිය ඇවිල්ල පිළිමෙ බලල ෆොටෝ එහෙමත් ගහගෙන ගියා. " 

" නෑ.!!!!! " 

ප්‍රේමදාස මහත්තය නළලෙ අත ගහ ගත්ත.. 

" මොකෝ ඉතිං කිව්වෙ? " 


" කිසිම ප්‍රශ්නයක් උනේ නෑ සර්..දැං ඔය බුදු පිළිම ආකාර බර ගානකට තියනවයි කියනවනෙ. එව්වට කියන්නෙ මුද්‍රා කියල.එහෙම මුද්‍රා හතක් දැනට හොයාගෙන තියනවලු. මේ පිළිමෙ තියෙන්නෙ මින් පෙර හොයා නොගත්ත අලුත්ම මුද්‍රාවක්ය කියල තමයි එයාල කිව්වෙ. ඔය කොට්ටෙ වැඩේ ගැන තමයි ඒ ගොල්ලන්ටත් හිතාගන්න බැරි.පරණ ලිපි ලේඛන පුස්කොල පොත් එහෙම බලල මේ මුද්‍රාවට කියන නමක් ගැන හොයල මට කියන්නම්ය කියලත් කිව්ව ඒ අය. " 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

49 comments:

  1. A standard round of golf consists of 18 holes

    ReplyDelete
    Replies
    1. Yes ! Thanks Prabath. Many seems have not noticed that one.

      Delete
  2. එල ඩ බ්‍රා ...මට කිව්වට උබත් හොද විහිලු කතා දන්නවනෙ ...

    ReplyDelete
  3. මේ කතාව මීට කලින් ජනමාධ්‍යයක පලනොවුන එකක්

    මීරිගම ගම්උදා සැනකෙලි භූමිය ඉදිවන අයුරු පරික්ෂා කරන්න ප්‍රේමදාස මහත්තයා සවස්කාලයක ගියා.
    ගම්උදා භුමියේ තොරන දිහා බලන් ඉඳලා ඒක හදපු බාස්ලා කැඳවා මේ තොරණ ඇදයි කීවා.
    බාස්ලා ප්‍රේමදාසත් එක්ක කතා කරන විදිය දන්නෙ නෑ. ඒ නිසා ඔවුන් සර් මේක ඇද නෑ කිව්වා.
    ප්‍රේමදාස මහත්යාට තරහ ගිහින් ප්‍රධාන ඉංජිනේරුවෙන්ව කැඳෙව්වා. ඔහුගෙන් මේක ඇදද කියා ඇහුවා.
    ඉංජිනේරුවා, සර් මේක අංශක තුනක් විතර ඇදයි කීවා. ප්‍රේමදාස බාස්ලා කිවා. දැක්කද මම කිව්වා. දැන් උඹලා හෙට එලිවෙන්න ඉස්සර මේක සම්පූර්ණයෙන්ම ගලවලා නැවත හදපියව් කියලා.
    ප්‍රේමදාස ගියාට පස්සේ බාස්ලා ඉංජිනේරුවගෙන් ඇහුවා ඇයි සර් ඔහොම කිව්වේ කියලා.
    ඉංජිනේරුවා කිව්වා මම තොරණ ඇද නෑ කිව්ව නම් මගේ රස්සාව ඉවරයි. කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඊට පස්සෙ ඉන්ජිේරැවා තොරන ලග තිබ්බ ඇල පොල්ගහ කපල දැම්මලු. ඊට පස්සෙ තොරන කෙලින් ලු..

      Delete
    2. මිනින්දෝරුවො ඉඩං වල මායිම් කෙලින් කරන්නෙත් විදානෙය කියල තියන විදියට වෙන්ටැ. හැක්..

      Delete
    3. ඒකත් මරු ජගත්. ස්තූතියි විදානෙ & ප්‍රසන්න

      Delete
  4. මේක ටිකක් පරණ කතාවක්.
    ඒ කාලේ JR අගමැති. ප්‍රේමදාස ඇමති කෙනෙක්. JR සවසට නිදහස් චතුරශ්‍රයට යනවලු ව්‍යායාම සඳහා. එයා හැමදාම D S සේනානායක ප්‍රතිමාවට ආචාර කරනවලු. ඒ ආචාර කරන හැම වෙලාවකම D S අශ්වයා පිටින් වැටි මැරුණු එක මතක් වෙනව. දවසක් D S ප්‍රතිමාව JR ට බොහොම සැරෙන් කතා කරලා,

    "JR මට ඉරිදට අශ්වයෙක්ව අරන් එනව" කියල.

    JR මේකට ටිකක් කලබල වෙලා, ඒ තොරතුර ප්‍රේමදාසට කියල. ප්‍රේමදාසටත් මේ ගැන ආස හිතිලා සෙනසුරාදා සවස JR
    යනකොට එයත් එක්කම ගිහිල්ලා. එදා ප්‍රතිමාව කිට්ටුවට යනකොටම කලින් දවසටත් වැඩිය සැරෙන් ප්‍රතිමාව කතාකරල මෙහෙම කියලා.
    "JR මම තමුන්ට කිව්වේ ඉරිදා සවසට අශ්වයෙක් ගෙන්න නේද? " කියන කොටම ප්‍රේමදසත් බයෙන් වගේ එකත්පස්ව ඉඳලා.
    ප්‍රතිමාව තවත් සැර වැඩි කරලා "මම තමුන්ට කිව්වේ ඉරිදට අශ්වයෙක්ව ගෙන්න කියල නේද? අද මේ සෙනසුරාදාම බුරුවෙක්‌ අරන් ආවේ මොකද?" කියා අහලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයාවී මහත්මයා. මමත් අහල තියෙනව ඒ කථාව.

      Delete
    2. පේමදාසට හිතුණලු මේ පුදුමෙ ප්‍රිය බිරිඳ හේමාවටත් පෙන්වන්න ..පහුවදා එයාවත් එක්කන් ගියාලු..ඒ පාර ඩී. එස්.ප්‍රතිමාව කියනවලු ඈ බං මේ පාර ගොනෙකුවත් එක්කන් ආවද කියල

      Delete
    3. බොහොම ස්තූතියි වීරක්කොඩි මහත්මයා. ඒකත් මරු. හේමා ප්‍රේමදාස ගැනත් මේවගේ සීරීස් එකක්ම තිබුණා මතකයි. එකක් අර චන්ද්‍රලේඛා ගේ සින්දුවක් වන 'මට මුළු ලොවම ඔබයි' කියන එක.

      Delete
  5. මෙච්චර වේගයෙන් පෝස්ට් දැමීම හෙලා දකින්න ඕනේ සමහර ඒවා මේ බලල ආයේ බලනකොට ඩිලීට් කරලත් එක්ක

    ReplyDelete
  6. කතා ටිකයි කොමෙන්ට් වලින් එකතු උණු ටිකයි මරු!

    මේකෙන් මට කාලයක් තිස්සේ හිතිලා තිබ්බ දේකුත් ඔප්පු උනාද කියල හිතෙනවා.. ජේවීපී උන් දැන් 'මහත්වරු' වෙලා දේශපාලනයට 'උගත්කම/ වැදගත්කම' මාකට් කරන්න හැදුවට ඉස්සරම හිටපු 'උගත්/ වැදගත්' බොහෝ මිනිස්සු දේශපාලනයෙන් ඉවත් උනේත් ඒ වෙනුවට 'ඇහැට ඇහැ- දතට දත' කියල මැරෑටියෝ දේශපාලන පොරපිටියේ පිනුම් ගහන්න ගත්තෙත් මේ ජේවීපී කාරයෝ වපුරපු භීෂණයේ අතුරු ඵලයක් විදියට නෙවෙයිද? :/

    ReplyDelete
    Replies
    1. මටත් එක පාරට තේරුණේ අන්න ඒ දේ...
      දැන් ඇල්වතුරත් නිමල බොන ගානට කතා කලාට බලාගෙන ගියාම උන් තමයි මැරයින්ට දේශපාලණයට එන්න පාර කපල දීල තියෙන්නේ...

      Delete
    2. ජවිපෙ සහ කොටින් නැතිකරපු සිංහල සහ දමිල බුද්ධිමත් දේශපාලකයින්ගේ ගනන අතිවිශාලයි.

      Delete
  7. හිනා යනවා වගේම ඉගෙන ගන්න දේකුත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් කුරහන් ස්තූතියි

      Delete
  8. ජයවේවා

    ReplyDelete
  9. ඉයන් මහත්තයෝ හොඳම කතාවක් තියනවා. ප්‍රේමදාස මහත්තයටයි ,ජේ ආර් මහත්තයටයි එංගලන්තෙ මහරැජිණ කෑමකට අරාධනා කළා. ඒකට ආවේ ඔක්කොම රාජ්‍ය නායකයෝ හැඳි ගෑරුප්පු සේරම රත්තරන් . මේක දැක්ම දෙන්නටම හොරකම් කරන්න ආස හිතුනා . මුලින්ම ජේ. ආර්. හැන්දක් අරන් සාකුවේ දාගත්තා මෙයා ලඟම තමයි ප්‍රේමදාසත් ඉන්දග්ට්ඨේ එයා මේක දැක්කා. ඊට පස්සේ මෙයා හැමෝගෙම අවධානය අරන් කිවුවා නෝනාවරුනි මහත්වරුනි මම දැන් පොඩි මැජික් එකක කරන්නයි යන්නේ . මම මේ රන් හැන්ද මගේ සාකුවට දාලා අපේ ජේ ආර් මහත්තයාගේ සාකුවෙන් ගන්නවා කියලා. මිනිහා තව හැන්දක් සාකුවට දාගෙන ජේ ආර් හොරකම් කළ හැන්ද එලියට ගත්තලු . ඒ වෙලාවේ ජේ ආර් කිවුවලු උඹ මගෙන් ඉගනගෙන මටම කෙලියා නේද ? කියලා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක දියණිය. ඔව් මම ඒ කථාව අහලා තියෙනවා. ඒකත් මරු.

      Delete
    2. මේ නෝනා ගිය තැන නානවා සබන් නැතිවම. අපිනම් එහලා තියෙන්නේ ඕකේ අනිත් පැත්තට

      Delete
  10. හෙක්... අගේ ඇති කතා ටික. ප්‍රේමදාස මහත්තය අර ඔරලෝසු හදපු එවුවන්ට තාමත් ශාප කරනව ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න. එයා ඉතින් සාපකරනව ඇත්තේ අනික් ආත්මෙ ඉඳන්.

      Delete
  11. සල් ලි රටේ වැඩි කරාලු
    කොල් ලො කෙල්ලො ජොබ් කරාලු
    රැල් සෙලවෙන මැයි ආවලු
    කිල් ලට ඔහු අහු වුනාලු.....


    ජයවේවා!!!

    ReplyDelete
  12. රණසිහ පෙම්දස් ලොක්ක පිං අතේ වැඩ වලටත් බෝම කැමතියි..මේ එතුමා අගමැති කාලෙ කරපු මහත් පල මහානිසංස පුන්නිය කරුමයක් ගැන අවුරුදු පහකට වගෙ ඉස්සරවෙලා මම ලියපු සටහනක්....

    179. වාං පතුල් කතාව තව දුරටත් - විමලේගෙ භාණ්ඩ තත්ව පරීක්ෂා උපක්රම සමඟ බුද්ධ ප්රතිමා නඟා සිටුවීම

    ReplyDelete
    Replies
    1. ඒ කථාවත් මරු පෝස්ට් එකට ඇඩ්කලා. ස්තූතියි රවී.

      පුරා විද්‍යා දෙපාර්තමේත්තුවට ඒ මුද්‍රාවට හේතුව හොයාගන්න ටිකක් කල් ගියාලු. පස්සෙ කිව්වලු බුදු හාමුදුරුවන්ගේ කාලේ සෙල් ෆෝන් තියෙන්න ඇති. ඒක බුදු හාමුදුරුවෝ කෝල් එකක් ඉරියව්ව කියල.

      Delete
  13. ගොල්ෆ් පිටියක සිදුරු 18ක් තියනවලු.

    ඔය පිළිම නගා සිටුවන කතාව උපහාසාත්මක එකක් නේ, නමුත් අපට එක පාරක් active thinker සහ passive thinker ගැන උගන්නන කොට, active thinker විදියට ගනිපු උදාහරණ වලින් එකක් තමයි, ප්‍රේමදාස ජනාධිපති තුමා. එතුමාගේ පාලන කාලෙ මට එහෙමට මතක නෑ, හරිම පොඩියි. නමුත් ඔහු සංචාරය කරන හැම විටම වාඩිවෙන පුටුවක් ගෙදර ඉඳන්ම අරගෙන ගියා කියල නම් අහල තියනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මානවී. ඔක්කොම කථා උපහාසාත්මක ඒවා තමයි. ඔහු micro manager කෙනෙක් වීම කල හැකි වැඩ ප්‍රමාණයට බලපෑවේ නැහැ. ඒ ඔහු උදෑසන 4 සිට දවසේ වැඩිම කාලයක් රටේ වැඩ වලට කාලය යෙදවූ කෙනෙක් නිසා.

      Delete
  14. පව්. ඉයන් බබා... ගෝල්ෆ් කෝස් එක ගැන දන්නෙම නෑ නේ?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී දන්නව වුනාට මේකෙ ලියන්න බැරි නිසා තමයි ඔහොම දැම්මේ. හෙහ් හෙහ්

      Delete
  15. අර අන්තිම කතාවෙ බුද්ධ ප්‍රතිමා මුද්‍රාව ඇවිල්ල, “සැලියුට් මුද්‍රාව“

    ReplyDelete
    Replies
    1. සැලියුට් මුද්‍රාව හෙහ් හෙහ්. නියමයි. ඒක රවී කලින් ලියපු පෝස්ට් එකක තිබ්බ එකක්. ඒකේ ලින්ක් එක රවී ගේ කමෙන්ට් එකේ.

      Delete
  16. මලාලි ගුරෙක් කිව්වලුනෙ ප්‍රේමදාසගෙ අත බලල, විජේ කෙනෙක් තමයි උන්නැහැට මාරකේට හිටන්නෙ කියල...

    ඉතිං ඕං විජය කුමාරණතුංග නාඳුනන ත්‍රවක්කු කරුවෙක් ගෙ වෙඩි පහරින් මියගියා.

    ඒත් මලයාලි ගුරා කියන්නෙ කලිං කිව්ව කතාවමයි. පස්සෙ වැලට ගියා රෝහණ විජේවීර, විජය විමලරත්න, රන්ජන් විජේරත්න...

    අන්තිමේ ප්‍රේමදාස මැරුණට පස්සෙයි නියම විජේ එලියට ආවෙ... ඩී. බී. විජේතුංග

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී. පටන් ගත්තේ උපාලි විජේවර්ධන ගෙන්ලු.

      Delete
  17. පොස්ට් එකේ වගේම කමෙන්ට් වල තිබ්බ කතාත් මාරු. ජේවීපී ප්‍රේමදාස මහත්තය මැරෙන කාලේ අපි හිච්චන් කිතර පොඩි ඇවුන්. හැබැයි දේශපාලනය ගැන කිසිම අවබෝදයක් මට නැති උනත් ප්‍රේමදාස වැඩක් කළා කියල හිතෙනව.
    👊🏽

    ReplyDelete
    Replies
    1. ඔව් ටික්කා. එයා ජනාධිපති වෙලා හිටියේ අවුරුදු 3 යි. අගමැති වෙලා හිටපු කාලෙත් නිවාස, මහාමාර්ග, දුප්පත්කම නැතිකිරීම වගේ ව්‍යාපෘති විශාල ගණනක් කලා. අද තියෙන සමෘද්ධි කියන එක ජනසවිය කියල එතුමා පටන් ගත්ත වැඩ සටහන. දුප්පත් දරුවන් සඳහා කල කැපකරු මාපිය ක්‍රමයත් ඔහුගේ දෙයක්. බොහොම ස්තූතියි.

      Delete
  18. අර ඝාතනයක් කරන්න යන ෆොටෝ එකේ ඊට පස්සෙ සෑහෙන වෙලාවක් කෑගහද්දි ඝාතනය කරනවා නේද .

    ReplyDelete
  19. ගොල්ෆ් කෝස් එක කොච්චියා ගේ සිත් ගත්තේය

    ReplyDelete
  20. මුද්‍රාව නෙමෙයි, නිද්‍රාව

    ReplyDelete