Thursday, March 23, 2017

සොඳුරු සඳවතී ගේ වික්ටර් ගී අභියෝගය


සොඳුරු සඳවතී වික්ටර් රත්නායක ගායනා කරපු ඇය කැමතිම ගීත 10 ක් දාල අපිට අභියෝග කරල අපි කැමති ඒවත් දාන්න. මෙන්න මගේ කැමතිම වික්ටර් ගීත 10.



වික්ටර් කියන්නේ මට නම් විශේශ ගායකයෙක්. ඒකට හේතුව තමයි මම කැමති වෙච්ච පළමුවෙනි සිංහල ගීතය ඔහුගේ ගීතයක් වීම. එක කාලයක රැල්ලට යමින් ABBA , BoneyM ගීත වල හිරවෙලා හිටපු මට ඉස්සෙල්ලාම ආස හිතුනේ වික්ටර්ගේ නීළ බිඟු කැල ගීතය.

1. නීළ බිඟු කැල



නීල බිඟු කැළ තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

මාරුතේ මතුරා යතේ
සුරඹුන් නැගූ මුකුළු
මාවතේ අතුරා එතේ
සුරඹුන් නෙළු කැකුළු

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී



පද රචනය  -කේ.ඩී.කේ. ධර්මවර්ධන





2. ඒ සින්දුවත් එක්ක වික්ටර්ගෙ ගීත අහනකොට ඊලඟට අල්ලලා ගියේ අඳුර බිඳින්නට රැයක් දවාලූ ගීතය.


අඳුර බිඳින්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා…
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා...

මතකය නම් වූ මළ පොත පෙරළා
මළ ගිය ඊයේ සිහිපත් කළ මැන..
පැතූ පැතුම් අත්මිට මොළවා ගත්
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන..
එහි මොනවද ඇත්තේ...
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ.....

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ..
හිස් වන හද විත සපුරා ලන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත...
අරුමෙකි පැවසෙන්නේ...
එපමණයි
පිළිසරණය වන්නේ....


පද රචනය -ප්‍රේමකීර්ති ද අල්විස්





3. මේ ගීතවල බටහිර සංගීතය යොදා ගැනීම මට ආකර්ෂණයක් වුණා කියලා හිතෙනවා. උඩ දෙක තරම්ම නැතුවත් පාවේ වලා කියන ගීතයටත් ටිකක් හෝ කැමති වීම එසේ සිතෙන්නට හේතුවයි.


පාවේ වළා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා...

කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ පහන් පෙම දිලේ...

හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැඟෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ පහන් පෙම දිලේ...

පද රචනය - මීගොඩ විල්සන්
සංගීතය - මර්වින් පෙරේරා




4. ගීතයක අරුත පැත්තෙන් මම ආසම වුනේ වික්ටර් ගේ මාලිනියේ ගීතය. ඒ කාලයේ තිබ්බ ගීත අතරින් ඒක තාක්ෂණයෙන් ඉහල ගීතයක් කියල තමයි මට හිතුනෙ.  

මාලිනියේ ඉන්ද්‍රජාලය, මා මනසේ අන්ධකාරය

මා දැස සොයනා ඔබ දැස නැත
රැව ඇදුනා  මාලිනියේ ,නොරැවටෙන්

මංගල පොරුව මස්තකයේ අමන ත‍රුනය
මම ඇය අත ගනිමි
සිපිරිගෙය ඔය ත‍රම් සොදුරුද

පතිවත රකිනා කුලකුම‍රි ,අරුම පුදුම්ය
මම ඔබ රැක ගනිමි
ව‍රදෙ නොබැදෙන ලදුන් ලොව නැත



පද රචනය : සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක





5. ඊලඟට මම කැමති වික්ටර්ගෙ නිවන් දුටු හිමි ගීතයට.


නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේපිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහළ මැනවි බුදු බණ මහා කරුණාවෙන්....

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා....

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ.....






6. අර්ථ රසය නිසා මෝහෙන් මුලා වෙලා ගීතයටත් මම කැමතියි.


මෝහෙන් මුලා වෙලා……
මානෙන් උදම් වෙලා...
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ....
මිනිහා කොහේද මේ....

රත්තරන් කෙණ්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ...
එය රැකීම අප උරුමේ..වේ...

කේලම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්........
උඩින් මිතුරු වී යටින් හතුරු වී..
උගුල් අදින්නා යයි දියවී...
බොරුවෙන් රට පිරිහේවී..............

මා හරි උගතා..මා හරි ජගතා..
සිතනා මිනිහා මෝඩයෙකී....
අනුන් හෙළන්නට වලක් කපන්නා..
ඒ තුළ වැටිලා මිය යන්නා..
කළ දේ පල දේ එලෙසේ...

පද රචනය සිරිල් ඒ. සීලවිමල
සංගීතය  ආර්. ඒ. චන්ද්‍රසේන




7. දෙව්රම් වෙහෙරේ ගීතයත් හරිම අර්ථවත්


දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...

ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

ගායනය - වික්ටර් රත්නායක 
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් 





8.  වේග රිද්මයකින් ශ්‍රීමතී තිලකරත්න සමඟ කියන ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී ගීතයත් මම කැමති ගීතයක්.


ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු...
මල් වැල් වන විල් පිරී ගියේ සෙවණ දෙවන්නලු
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ අපට බලන්නලු
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ පෙමට අඬන්නලු...


මී වද මී පැණි පිරී ගියේ දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ ලොවම පිනන්නලු
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ ඔබව ලබන්නලු
ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික් මලු...


පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක
සහාය ගායනය - ශ්‍රීමතී තිලකරත්න




9. සෝක සැනසුම් ගීතයත් මගේ ප්‍රියතම ගීතයක්.



සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල්
ජීවිතේ මතු වාසනා

වීණාවෙ තත් මැද ගී ගයන්නේ
පෑ සෙනෙහෙ හද මිහිර මවා
රන්කේලි බඳිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ

ගේය පද - මීගොඩ විල්සන්
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක




10. තවත් බටහිර සංගීතය යොදාගත්ත අඩවන් දෑසින් ගීතයත් මගේ ප්‍රියතම ගීතයක්.


අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි..ඉගිලී යයි..
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මී විත උතුරා යයි...උතුරා....

අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
රඟනා රංගන නොනවත්වනු මැන...
ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි..සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ...
හෙට දින එය මිය යයි..මිය යයි...



පද රචනය    -මහගම සේකර
සංගීතය    සෝමදාස ඇල්විටිගල




37 comments:

  1. සොඳු සඳ වතියගේ ලිපිය මම තවම දැක්කේ නැහැ ඒක බලන්න ඕනේ.
    ඇත්තෙන්ම ඉයන් ඔබගේ ගීත තේරීම් හරිම් අපූරුයි.
    වික්ටර් කියන්නේ මගේ ප්‍රිය ගායකයන් අතර සුවිශේෂීම තැනක තියන්න පුළුවන් ගායකයෙක්.
    බොහෝ දෙනාගේ අවධානයට ලක් වී නැති එතුමාගේ

    මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී... දේ දුන්නක් උඩු අතට නවා බිඳ..
    කියන ගීතයට මම ඉතාම කැමතියි. එහි අර්ථය ගායන විලාශය යන සියල්ලම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නයනේ

      Delete
  2. ඉයන් මමත් මේ ගීත සියල්ලටම වගේ කැමතියි ! මගේ ලිස්ට් එක පසුව දමන්නම්

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්නවා චන්දනගෙ කැමැත්ත මොකද්ද කියල බලන්න.

      Delete
  3. ඉයන්.
    ඉයන්ව බ්ලොග් පැත්තේ දැක්කේ නෑ කාලෙකින්.
    මෙතන 4 , 5 ගීත දෙකට කැමැත්තක් තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී. 4 ඒ කාලේ හැටියට හොඳ පරීක්ෂණයක්.

      Delete
  4. සොඳුරු මත්බවකින් පිරුණු රැයක් වින්දනීය ලෙසින් ගෙවන්නට වික්ටර්ගෙ ගී පමණක් යොදාගත්තත් ඒත් ඇතිවෙන්නෙ නෑ.එතරම් විවිධත්වයක් සහ කථා සාගරයක් ඔහුගේ ගීත ගොන්නේ තියනවා.රසවත් තේරීමක්.
    ජයවේවා..!!

    ReplyDelete
  5. අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    දිනෙක හිටු බැස යන වෙලාවක
    පෙම් රස වෑහෙන
    එපා හිරු පායන්න
    අහිමි උනත් ඔබ ලඳේ
    අඳුර බිඳින්නට
    සිහිල් සුලන් රැල්ලේ
    අපි ඈතට ඈතට පා නගලා
    පාවෙ වලා
    ගිගිරි ගීත රාවේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලහිරු. අපි දෙන්නම කැමති එකක් තියෙනවා.

      Delete
  6. අඩියක් ගහල ඉන්න වෙලාවක කියවන්න ඕනි පෝස්ට් එකක්.. සිංදු ටිකට තව මත් වෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. සිංදු වතුර සහ සිංදු එකට යන්නම එපැයි. ස්තූතියි කමී

      Delete
  7. අන්න ඒකනේ මේ තියෙන්නේ වැඩ. මෙයාලව බ්ලොග් වලට කැන්ද ගන්න මෙහෙම දෙයක් කරන්නම වෙනවා.ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී මමත් ප්‍රිය ගීතයක් ඒක 10 වෙනි තැනට ලිස්ට් එකට ගනන්ත් හිතුවා. ඒත් රූකඩ මඩු යාග පොලේ ලිස්ට් එකේ තියෙනන් ඕනෙ වගේ දැනුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අභියෝගයට කාව්‍යා

      Delete
  8. මේ ගීත ටිකටත් මං කැමතියි.. තරමක වේග රිද්ම ගී ටිකක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරුරසී.

      Delete
  9. පාවේ වලා.............. වලා.......???????

    ReplyDelete
    Replies
    1. යාළුවෙක්ගෙ නමක් දැම්ම. ඔන්න හැදුවා. :)

      Delete
  10. Good choice, hope to see more people taking Sandawathis's lead.

    ReplyDelete
  11. අඩියක් ගහලා ඉන්න වෙලාවක නිල බිගු කැල සිංදුව එල ද බ්‍රා

    ReplyDelete
  12. වික්ටර් රත්නායකගේ බොහොමයක් ගීත වල ගායනය විතරක් නෙමේ සංගීතය ගී පද පවා අපුරු ගැලපීම් එකතු කරනවා.මා බොහෝ රස විඳින ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්

      Delete
  13. වික්ටර්ගේ සින්දු 10ක් තොරන්න බෑ. හැම එකක්ම හොදයි. කොටින්ම මුළු ස ප‍්‍රසංගෙටම ගායනා කරපු සිංදු ටිකම හොදයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතී කොලම්, අසනීපයි කියා කොහෙ හරි දැක්කා. ඉක්මන් සුවය පතනවා.

      Delete
  14. ගැයුම වගේම වික්ටර් සාර්ථකවෙන්න ඔහුට හිමි වෙච්ච ගේය පද සහ මිහිරි තනු උපකාරී වුණා කියලයි මට හිතෙන්නේ........

    ඔබගේ තේරීම මගේ තේරීම හා බොහෝදුරට සමානයි.....

    තවත් එක සින්දුවක්.........එක කුඩයක් යට ගෑවී නොගැවී දවසක හැන්දෑවේ.........ඇත්තටම මං වැහි දවසක බස් එකේ හවස ගෙදර එද්දී ඕක ඇහුණා ......ඒ පළවෙනි වතාවට......පුදුම හිතුණා ගීතයක් කොච්චර දුරට සජීවී යන වග දැනිලා.....

    විශේෂයෙන් කියන්න ඕනේ වික්ටර් ගේ සින්දු හැම එකේම වගේ..... වයලින් කවුටර් පාර්ට්ස් හරිම මිහිරියි....විටෙක ඒවා ගී පද ලුහුබඳිනවා......තවත් විටෙක මෙලඩි එක හාර්මොනයිස් කරනවා......විකෘති ස්වර ටච් කරනවා....ඒවගෙන් ගීතයේ ෆීලින් එක උච්ච ස්ථානයකට ගේනවා.....අවසන් ප්‍රථිපලය සමස්ත ගීතයම රසවත් වීමයි......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමරින් දීර්ඝ කමෙන්ට් එකට.

      Delete
  15. වික්ටර් රත්නායකයන්ගේ සිංදු නිවී හැනහිල්ලේ අහන්න ඕනේ..එතකොට තමයි නියම ..බාබර පාදමින් අහන්නත් මරු..හැබැයි තනියම

    ReplyDelete
    Replies
    1. //බාබර පාදමින් අහන්නත් මරු.//

      බඹර පදම ඔක්කොමලා ගායකයෝ කරනවානෙ නේද? බොහොම ස්තූතියි සුමුදු

      Delete
  16. අපුරු ගීත ටික ඉයන්. මම කැමතිම ගීත කිහිපයක්ම තියෙනවා. ඔන්න එහෙනම් ඉයනේ 100 වන පස්සෙන් එන්නා මමයි. ශතකයට සුභපැතුම්. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ෆිලෝ . 100 වන follower ලෙස සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  17. ඔක්කොටම කැමතියි

    ReplyDelete