Wednesday, November 23, 2016

සමාව ඉල්ලා එපා යදින්නට




දේශපාලන කථා වලින් මිදෙන්න විදිහක් ලැබුණා.  මම ලියපු මගේම අත්දැකීමක් වෙන මගේ පලමු ගීතයම තමයි මගේ මුල පෝස්ට් එක. ඒකට ක්‍රියේශී අනුරාධී කියන කමෙන්ට්කාරිණියක් පිළිතුරු පදමාලාවක් දාල තිබ්බා. ඇයගේ අවසරය අරගෙන එම පදමාලාව ගීතයක් කරන්න හැකිවුණා. මේ උඩ තියෙන්නේ ඒ ගීතය. 

ගීතය ක්‍රියේශි ගෙන් ඉල්ලගත්තෙ 2015  සැප්තැම්බර්  දවසක. ඒකට සංගීතය සපයගන්න මාස 8 ක් විතර ගියා. විශාරද රෝහණ වීරසිංහ සගීතඥයා මේ ගීතයට සංගීතය සැපයූවේ. එතුමා මීට කලින් මම නිෂ්පාදන කරපු වර්ණ කුලකය ලියපු අජන්තා පීරිස් ගායන කරපු මේ සිංදුවටත් සංගීතය සැපයූවා. නෙළුම්යාය උත්සවේදි අජන්තා පීරිස් මේ ගීතය සජීවීව ගායන කලා.




නැවතත් ක්‍රියේශි ලියපු ගීතයට. මගේ මුල් ගීයට සම්බන්ධ මගේ ආදර සම්බන්ධය කැඩිල ගියේ වෙනස් හේතුවක් නිසා. ඒ ගැන එම සිංදුව දාපු පෝස්ට් එකේ මම කියල තියෙනව. මේ ගීතයේ පදමාලව සහ අදහස තනිකරම ක්‍රියේශිගේ නිසා මගේ සම්බන්ධෙ කැඩුණ හේතුවත් ඉහත ගීතයේ කියැවෙන කථාවත් වෙනස්. ඒකෙන් කියවෙන්නේ තරුණියක් හැරගිය තරුණයෙක් එම තරුණිය එම දුකෙන් මිදී වෙන තරුණයෙක් සමඟ ගියයින් පසුව  අර පළමු තරුණයා නැවත ආදරය ඉල්ලන විට ඔහුට කියන ඇගේ හැඟීම්. 


ගීතයේ පදමාලාව


මා හෙළු කඳුලක සුසුමක උණුසුම නොදැනුණු ඔබේ මුවින්
මතකයි මගෙ හිත තලා පෙලන්නට  කිව් නපුරු වදන්
 සමාව ඉල්ලා එපා යදින්නට දැන් මා අන්සතු වී
 හැඬුවත් හිත මඟෙ විදගන්නම් එය යලි ඔබ නොපතන්නෙම්.

ලොවට පෙනෙන්නට සිනහ නැගූවත් මගෙ ලොව අඳුරු ඉමේ 
 තව හිනැහෙන්නෙමි ඔබට පෙනෙන්නට එය නම් ඔබ පැතුදේ

මා හෙළු කඳුලක/

ඔබ වූවත් හිරු ඔහුයි මගේ සඳු රැය හිමි හිරුට නොවේ 
ඔබෙන් දැවුණු සිත සැනසූ ඔහුවම යලි පතනෙමි සසරේ


මා හෙළු කඳුලක සුසුමක උණුසුම නොදැනුණු ඔබේ මුවින්
මතකයි මගෙ හිත තලා පෙලන්නට  කිව් නපුරු වදන්
 සමාව ඉල්ලා එපා යදින්නට දැන් මා අන්සතු වී
 හැඬුවත් හිත මඟෙ විදගන්නම් එය යලි ඔබ නොපතන්නෙම්.


ගායනය :   චන්ද්‍රකාන්ති මුණවීර
සංගීතය :  රෝහණ වීරසිංහ
පදරචනය : ක්‍රියේෂී අනුරාධි 
නිෂ්පාදනය : ඉයන් ලින්තොට

පුංචි කැකුළු මල් ලියන තුශාණි ගෙ ගීතයක් තව තියෙනවා නිශ්පාදනය කරන්න. ඒක ඊලඟට.



74 comments:

  1. පොඩි කාලෙ මං හිතුව මට සිංදු කියන්න පුළුවන් කියල. ඒ හින්ද මම සින්දු ලිව්ව. කවදහරි මියුසික් ඉගෙනගෙන මමම මියුසික් දාල මමම කියන්න.
    සිංදු කියන්න බෑ කියල දැනගත්තම ගීත සාහිත්‍යයට මහඟු මෙහෙවරක් කරමින් මම සිංදු ලිවිල්ල අතෑරියා.
    දැන් කාලේ ගී පද රචකයන් නැහැ. ගායකයො ඉස්කෝලෙ යන කාලෙ ලියපු ලව් ලෙටර් තාලෙකට කියල වීඩියෝවක් කරල හිට් වෙනව.
    ඒව අස්සෙ මේ වගේ පදරචන දැක්කම සතුටුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උඩුවා. ක්‍රියේශි ගේ සංකල්පනාව ඉහල තත්ත්වෙක තියෙනවා කියලා සංගීතය ගැන දන්න කෙනෙකුත් කිව්වා. ඇය ඔබ වගේම හැකියාවන් ඇති තවත් තරුණ පරම්පරාවේ කෙනෙක්. ඔබ වැනි සමාජයම දත් අයකුගේ අගැයීම ඇයට ලොකු මෝටිවේශන් එකක් වේවි.

      Delete
    2. බොහොම ස්තුතියි උඩුවා.. 😊
      ඇත්තටම ඒක මට ලොකු සතුටක් සහ මෝටිවේශන් එකක් ඉයන්.. ස්තුතියි..

      Delete
  2. බොහොම ස්තුතියි ඉයන් මම වගෙ කෙනෙක් ලියපු චූටි සින්දුවක් මේ තත්වයට ගෙනාවට..

    ReplyDelete
    Replies
    1. **පද පෙලක් wenna oni sinduwak nemi

      Delete
    2. එහෙන් මෙහෙන් පොඩි එඩිටිං ටිකක් විතරයි මම කලේ ක්‍රියේශි. සංකල්පනාව සම්පූර්ණයෙන්ම ඔබේ.

      Delete
    3. ක්‍රියේශි කියන නමේ තේරුම කුමක්ද?

      Delete
    4. //ක්‍රියේශි කියන නමේ තේරුම කුමක්ද?//

      මේකට උත්තර දෙන්න ඕන ක්‍රියේශි. මමනම් හිතන්නේ නිර්මාණශීලී (creative) කියන වචනෙට සම්බන්ධයක් ඇති.

      Delete
    5. ම්ම්ම්ම්... ගොඩක් අය අහන මම අමාරුවෙ වැටෙන ප්‍රශ්නයක්.. 😊😊 නම මගෙ අම්මා දාලා තියෙන්නෙ තේරුම හරියටම දැනගෙන නෙමෙයි.. ඒත් නම හිතට ආවෙ පත්තරයක "ක්‍රියේශන්" කියල තියෙනවා දැකලාලු..sinhala දැන්වීමක..ඇය එහි තේරුම දැනගෙන ඉදලා නම් නැහැ.. ☺

      Delete
    6. //එහෙන් මෙහෙන් පොඩි එඩිටිං ටිකක් විතරයි මම කලේ ක්‍රියේශි. සංකල්පනාව සම්පූර්ණයෙන්ම ඔබේ.//
      බොහොම ස්තුතියි ඉයන්..

      Delete
    7. Pra , why aren't you commenting on the song?

      Delete
    8. ///nice name//
      Thank you Pra & love to hear a comment on the song aswell. 😊

      Delete
    9. @ I and K,
      OK, since you ask I will. And, I will be frank.
      What I think doesn't really matter because I'm totally ignorant of music. I'm neither a fan nor a critic of music. So, I avoid commenting on songs. However, if you insist on having my extremely limited and crippled knowledge on the subject, I would say the song too is nice like the name.

      Delete
    10. I'm sorry for requesting a feedback on the song..☺ & thank you Pra wasting your time for a thing that you didnt love.. Ah thank you for the comment....

      Delete
  3. ක්‍රියේශිගේ ගීපද රචනාව ලස්සනයි ඉයන්. ඒ වගේම තුශානිගේ ගීතයත් කරනකන් තමයි බලන් ඉන්නේ. මොකද තුශානිගේ පදවලට මාත් පදරචනාවක් ලිව්වානේ..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ලියපු පදමාලාව දැක්කෙ නැහැ. ඊමේල් කරනවද?

      Delete
    2. //ක්‍රියේශිගේ ගීපද රචනාව ලස්සනයි ඉයන්.//
      ස්තුතියි දුමින්ද..

      Delete
    3. ඉයන්ගේ 2016-9-9 දිනැති පෝස්ටුවේ 5වෙනි ගීපද රචනාව මගේ තමයි.

      2016-9-11 මගේ බ්ලොග් පෝස්ටුවෙත් ඒ පද රචනාව තියෙනවා.
      dumimda.blogspot.com/2016/09/blog-post_11.html?m=1

      Delete
  4. මට මේ මුල් ගීතය ගැනත් මතකයි. ක්‍රියේශිගෙ සින්දුවත් අහන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුන්

      Delete
    2. පුලුවන් වෙලාවක අහලා හොදද කියන්න කසුන්.. ස්තුතියි..

      Delete
  5. monawada oi me gon sindu. thamuseta eka paarakuth kiwwa neda oya wede thamuseta hariyanne ne kiyala.

    ReplyDelete
  6. // දේශපාලන කථා වලින් මිදෙන්න විදිහක් ලැබුණා //

    ආමේන්! :)

    ඉයන්ට වෙනත් ආරක ලිපිත් හොඳට ලියන්න පුළුවන් කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බස්සා. ඇත්තටම දේශපාලනය ගැන ලියනකොට සහ කමෙන්ට් දකිනකොට හිතට එන තරහවට වඩා වෙන ලිපි ලියන එක හොඳයි කියල හිතිල තියෙනවා.

      Delete
  7. සින්දුව ලස්සනයි ඉයන්/ක්‍රියේෂි. නෙළුම් යායට දාමු මේකත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්. ඊලඟ නෙළුම්යායට මේ ගායිකාවත් ගෙන්නල දෙන්නම්.

      Delete
    2. බොහොම ස්තුතියි අජිත්..

      Delete
  8. දේශපාලන කථා වලින් මිදෙන්න විදිහක් ලැබුණා.

    උම්මා...උම්මා ....උම්මාමාමාමා...ආආ

    ReplyDelete
    Replies
    1. උඹ මේ රචිකාවියගෙ ගීතය ගැන මොනවත් කියල නෑනෙ.

      Delete
  9. මේක පිළිතුරු ගීතයක් නේද?
    දේශපාලන ලිපි ලියලා වෙන පොස්ට් එකක් ලියනකොට අගය වැඩි වගේ ..(අටමා උම්මත් දීලා )..
    විෂුවල් එකක් එහම කරනවානම් ..අපේ බ්ලොගේර්සලා ඉදි ඕන තරම් රගපාන්න ..
    (හොරෙන් කනට කරලා ...හිමිහිට ...) මටත් පොඩි කැල්ලක රගපාන්න දෙන්න

    ReplyDelete
    Replies
    1. කවද හරි කරනවනම් උඹව ගන්නම් :)

      Delete
    2. ඔව් මෙන්ඩා.. ලිව්වෙ පිලිතුරක් විදිහට තමයි... ස්තුතියි..

      Delete
  10. දැන් තමා සින්දුව ඇහුවෙ. තනුව වචන ගැන මට කියන්න දෙයක් නෑ. ගායිකාවගෙ ගායනය ගැනත් කියන්න දෙයක් නෑ. ඒත් මේ වචන ටික ටිකක් සියුමැලි හඬකින් තිබුනනම් හොඳ නැද්ද? මන්දා මට හිතෙන හැටි. බොහෝ දෙනාට එහෙම නොවෙන්න පුලුවන්. එහෙමනම් සමා වෙන්න.

    අර ජගත් මියුසික් කරපු ගයිඩ් එක තවම රීප්‍රඩියුස් කරේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ තේරෙනවා. ඔබ කියන්නෙ සෙව්වන්දි රනතුංග වගේ කටහඬක් නේද? නැහැ කසුන් ඒ වැඩ ටිකක් අතපහු වෙලා. බොහොමත්ම ස්තූතී ඔබට.

      Delete
  11. ඔය ගීතය ගායනා කරන අජන්ත පීරිස් මහත්මය සමග මම වැඩ කරලා තියෙනවා ලංකාවේ ටෙලිකොම් සම්බන්ධ ආයතනයකදී. ඒ මම හිතන කෙනා නම්. වර්ණ කුලකය බ්ලොග් එක ලියන්නේ ඒ මහතා ද? සිංදු ටික දැන් අහන්න විදියක් නෑ.. ගෙදර ගිහින් අහන්නම්. දේශපාලනේ වැඩක් නෑ.. මේවා ලියන්න.

    ReplyDelete
    Replies
    1. අජන්ත පීරිස් ලංකා බෙල් ආයතනයේ Head of IT.

      Delete
    2. හෙහ් හෙහ් එහෙනම් එයා තමයි. වර්ණ කුලකය ලියන්නේ අජන්ත මහත්තයද?

      Delete
    3. වර්ණ කුලකය ලියන්නෙ නුවන් වර්ණකුලසූරිය. ගඟ නුඹට මා පෙම්කලා ගීතය ලිවුවේ එයා. අජන්ත බ්ලොග් වලට තාම ඇවිත් නැහැ. අජන්තා ගායනා කරපු මම ලිවු ගීත දෙකක ලින්ක් පහල.

      මගේ සෙනෙහසින්

      බැළුවෙමි මතකයේ

      Delete
    4. අජන්තට සිංදු කියන්න පුළුවන් කියල මම දැනගෙන හිටියේ නෑ.. ගෙදර ගිහින් අහල බලන්නම්. හම්බ වුනොත් මතක් කළා කියන්න. නමින් මාව තාම මතක ඇති.. :)

      Delete
    5. ඔබත් එම ආයතනයේ රස්සාවත් පරස්ථාවත් දෙකම කලා කියන්නෙ ඇත්තද? හෙහ් හෙ

      Delete
  12. හරබර විදිහට අගය කරන්න මම දන්නේ නැ, ඒ නිසාම සරළවම මගේ හිතට දැනෙන විදිහට කිව්වොත් හිතට දැනෙන ලස්සන සින්දුවක්...

    තවත් මේ වගේ නිර්මාණ කරන්න ක්‍රියේෂි ටත් ඉයන්ටත් හැකිවේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බුද්ධිකා

      Delete
    2. බොහොම ස්තුතියි බුද්දිකා..

      Delete
  13. ඉයන් මමත් ගීත ලියන වැඩේට පොඩ්ඩක් උනන්දුයි. මට මේ ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න බැරිද. ලොකු උදව්වක්.

    ReplyDelete
    Replies
    1. ඔබ ලිවූ පදමාලා දෙකක් විතර ඊමේල් කරන්න

      Delete
  14. දේශපාලන කතා වලින් මිදිලා මෙහෙම පෙස්ට් එකක් දාපු එකනම් වටිනවා. මේ ටිකේම මම මේ බ්ලොග් එකේ පෝස්ට් කියවන්න ඇවිත් ආපහු හැරිලා යනවා මොක්ද ඔය දේශපාලනය මට අප්පිරියාසගහතම මාතෘකාවක් නිසා. ඉයන් තුමෝ මේ වැඩේනම් හරිම සුන්දරයි. මගෙත් හීනයක් තියෙනවා කවදා හරි මම ලියපු එකක් ගීතයක් කරන්න.හැබැයි ඒ ගැන මට අවබෝධයක් නෑ ඔබතුමාට පුලුවන්ද මට මඟපෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. පුලුවන්, ඔබ ලිවූ පදමාලා දෙකක් විතර ඊමේල් කරන්න

      Delete
  15. මුලින්ම දේශපාලනයෙන් මිදිලා ලියපු එක ගැන නන් ගොඩක් සතුටුයි.මොකද ඒවට කමෙන්ට් එකක් දාන්න තියා කියවල තේරුම් ගන්නවත් මට තේරෙන්නෑ...
    පළවෙනි සිංදුව මන් ආස කරන සිංදුවක්,ඒවගේම දෙවනි සිංදුවත් ලස්සනයි...හදවතින් සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිම්මි. ඔබගේ ප්‍රසංශාව හිමිවියයුත්තේ ක්‍රියෙශිට. ඇය මෙය දකියි.

      Delete
    2. බොහොම ස්තුතියි ගිම්මි..

      Delete
  16. මුලින්ම දේශපාලනයෙන් මිදිලා ලියපු එක ගැන නන් ගොඩක් සතුටුයි.මොකද ඒවට කමෙන්ට් එකක් දාන්න තියා කියවල තේරුම් ගන්නවත් මට තේරෙන්නෑ...
    පළවෙනි සිංදුව මන් ආස කරන සිංදුවක්,ඒවගේම දෙවනි සිංදුවත් ලස්සනයි...හදවතින් සුභ පතනවා...

    ReplyDelete
  17. අන්තිම වාක්‍ය දැක්කහම පුදුම සතුටක් දැනුනේ... පොස්ට් එක කියවගෙන යනකොට නම් හිතුනා ඒක අමතක වෙලා වත්දෝ කියලා...

    බොහොම ස්තුතියි ...

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. හැබැයි කල්යනවා. බොහොම ස්තූතියි තුශානි.

      Delete
  18. පද රචනය, සංගිතය, ගායනය සියල්ලම සොඳුරුයි...ලස්සන වැඩක් ඉයන්...සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. මම කලේ සම්බන්ධීකරණයක්. ඒකට ප්‍රසංශාව භාරගන්නම්. බොහොම ස්තූතියි පොකුරු. ක්‍රියේශි විසින් අනික් ඒවට ස්තූති කල යුතුයි. :)

      Delete
    2. බොහොම ස්තුතියි පොකුරු...
      ඉයන් ඔබට ස්තුතියි අත දුන්නට මට.. ඔබ නැතිනම් මෙය නිකන්ම කමෙන්ට් එකක් විතරයි...

      Delete
  19. මේ හැකියාවන් අත නොහැර ඉදිරියට යන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා ක්‍රියේශිට ඒ උපදෙස දීම ගැන. මමත් හිතනවා ඒ හැකියාව අපතේ යාමට දීම සුදුසු නැහැ කියලා.

      Delete
    2. බොහොම ස්තුතියි විචාරක.. මම හරිම සතුටුයි ඔබෙන් මෙවැනි උපදෙසක් ලැබීම ගැන..

      Delete
  20. නවකයකුට අතදීපු එක කොපමණ දෙයක්ද ? ජය ඔබ දෙපලටම ්‍්‍ඉදිරියටම යන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උපේක්ෂා. ඔබගේ ලිපි ඉතා අනර්ඝයි. මේ පැත්තටත් ආවාට බොහොම ස්තූතියි.

      Delete
    2. බොහොම ස්තුතියි උපේක්ෂා.. ඇත්තටම ඔව් ඉයන් සැබෑ නිහතමානී සහ නවකයන්ට අත දෙන ප්‍රවීනයෙක්..

      Delete
  21. වොයිස් එක ගැන කසුන් එක්ක එකඟයි.
    (චන්ද්‍රකාන්තිගේ හඬ නරකයි නොවේ.නමුත්...)
    පදරචනය මනරම්..! සංගීතයත් ගැලපෙනවා.
    මේ අතදීම් සැබෑ ශක්තියක් වේවි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගස් ලබ්බා.. ☺
      අත දීම සැබවින්ම ශක්තියක්..

      Delete
  22. http://sinhalajanakatha.blogspot.com/2016/11/blog-post.html

    ReplyDelete
  23. අැහෙන සින්දු අතරේ අහගෙන ඉන්න පුළුවන් සින්දුවක්.
    පද මාලාව සරලයි වගේම සංගීතයක් සරලයි.කනට වධයක් නෙවෙයි.
    තවත් ගීත රචනා කරන්නට සුබ පැතුම් ක්‍රියේෂි !
    ඉතිං ඉයන්ටත්, කියන්ට දෙක තුනක් තිබේ.
    'හොඳ වැඩක් ඉයන්'

    ReplyDelete