Thursday, September 8, 2016

මටත් වයින් දෙන්න



පින්තූරයෙන් කියවෙන්නේ මට ලෝකයේ වෙනස් කල හැකි දේවල් වෙනස් කිරීමට කෝපි ලබා දෙන ලෙසත් වෙනස් කල නොහැකි දේවල් එලෙසම පිළිගැනීමට වයින් ලබාදෙන ලෙසත් දෙවියන් ගෙන් කල ඉල්ලීමකි. (ස්තූතියි නිර්මාණි )

මේ ලෝකයේ මට වෙනස් කල හැකි එකම පුද්ගලයා මම විතරක්ය යන්න ජීවිතයේ යම් අවධියක වටහා ගැනීම ජීවිතය පහසු කිරීමට විශාල පිටුවහලක් විය. අර්බුධකාරී විවාහයක් සහ ගල් කුළු සමඟ පොරබදන්නාක් වැනි වූ තනතුරක විශාල කාලයක් සිටීම මෙම වටහා ගැනීමට හේතුව විය. ජීවිතය පහසු කරගැනීමට උදව් වූ අනෙක් කාරණය වූයේ මගේ දුර්වල කම සහ දක්ෂකම් ගැන පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට මඟ පෙන්වූ මගේ වෘත්තීය ඉගෙනීමයි.

මෙම කරුණු දෙක කීවේ ඊයේ මෙම බ්ලොගයෙන් ඉවත් කරන ලද පෝස්ට් එකක් ගැන තවත් බ්ලොගයක දක්වා ඇති අදහසක් නිසාය. යම්කි සිවෙකුගේ හෝ එතන තිබූ වචන වලින් කියනවානම් යම්කිසි මාෆියාවක බලපෑමෙන් මම එම පෝස්ට් එක ඩිලීට් කර ඇත. 

අවුරුද්දකට ටිකක් වැඩිවූ මගේ සිංහල බ්ලොග් දිවියේදී අන්වර්ථ නමකින් පෙනී සිටියත් මම විශ්වාස කරන ප්‍රතිපත්ති, දේශපාලන දර්ශණය සහ හැසිරීම මගේ සාමාන්‍ය දිවියට කිසිසේත්ම වෙනස් නැති බව මගේ විශ්වාසයයි. මගේ වෘත්තීය ජීවිතය ගැන හොඳින් දන්නා එක්කෙනෙකු සිංහල බ්ලොග් අවකාශයේ සිටින බැවින් මම අසත්‍යයක් ප්‍රකාශ කරනවාද යන්න ඔහු හෝ ඇය දන්නවා ඇත.

දෙදෙනෙකු අතර ඇතිවන ආරවුලකදී එය සමනය කිරීමට උත්සාහ කිරීම බොහෝ දෙනෙක්ගේ මෙන්ම මගේත් පුරුද්දයි. එලෙස සමනය නොවන මට්ටමේ ආරාවුල් වලට පැති ගැනීම, පෙට්‍රල් වත් කිරීම, මම කිසිදා නොකරමි. දින කිහිපයකට පෙර ඊමේල් මඟින් මෙම ආරවුල ගැන සාකච්චා කල බ්ලොග් සගයන් කිහිප දෙනෙකුගේ තීරණය වූයේ ආරාවුල සම්බන්ධ කිසිම පෝස්ට් එකක කමෙන්ට් නොකර සිටීම සිංහල බ්ලොග් ක්ශෙත්‍රයට වඩා සුදුසු බවයි. එම තීරණය මමද පිළිගත් බැවින් එය අනුගමනය කළෙමි. 

පින්තූරයේ කියන්නාක් මෙන් වෙනස් කල නොහැකි දේවල් පිළිගැනීමට වයින් ඉල්ලා සිටීම මෙන් මගේ දේශපාලන දර්ශණය, අදහස් ආදියට එකඟ වන නොවන ඕනෑම කෙනෙක් සමඟ සතුටු සාමීච්චියේ යෙදීමට මත්පැන් පානය කිරීමට ලැබෙන අවස්ථාවල් වලදී කරන මුත් එසේ හමුවන කිසිවෙකුත් බ්ලොග් වල මම ලියනදේ වෙනස් කිරීමට හෝ පැති ගැනීමට හෝ පෝස්ට් ඉවත් කිරීමට කිසිදා බලපෑමක් එල්ල වී නොමැති බව පරම සත්‍යයයි. එසේම එලෙස සාදවලට හමුවන අය ඔවුනොවුන්ට බලපැම් එල්ල කරන හෝ අන් අයගේ බලපෑම් වලට යටවෙන කොටසක් බව මම විශ්වාස නොකරමි. එලෙස හමුවීමට පූර්ව කොන්දේසි නැති අතර එලෙස පූර්ව කොන්දේසි ඇති වුණහොත් එම සමාජයෙන් ඉවත්වීමට මට හැකියාව ඇත.

මෛත්‍රීයේ වටිනාකම ගැන බ්ලොග් ලියා ගී ලියා ඇති මට මෙම ආරාවුල සම්බන්ධ කරගෙන මෛත්‍රීය ගැන පෝස්ට් එකක් දැමුවේ එය භාවිතාකරමින් බෞද්ධාගමේ ප්‍රධානම ඉගැන්වීමක් ගැන මතක් කරදීමට පමණි.  

මගේ වෘත්තිය ගැන දන්නා බ්ලොග් සගයා දන්න පරිදි වසර කීපයක් තිස්සේ කරගෙන ආ ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය පසුගිය දින කිහිපයට යෙදී තිබිණි. එම කාලයේ එහෙන් මෙහෙන් පැමිණ වෙන බ්ලොග් කිහිපයක කමෙන්ට් දැමීමත් මගේ බ්ලොගයේ මුල් කමන්ට් කිහිපයකට පිළිතුරු දීමත් හැර වෙන යමක් නොකරන ලදී. කමෙන්ට් වැටුණු විට දැනගැනීමට ඊමේල් ඇලර්ට් ක්‍රියාත්මක කර නැත්තේ එයින් මගේ ඊමේල් ගිණුමට ඇලර්ට් වැටීම එදිනෙදා කටයුතු වලට කරදරයක් නිසාය. මගේ සගයාද දන්න පරිදි (7) බදදා දහවල් ඉහත සඳහන් කාර්‍යයේ අවසන් අදියරක් නිමවිය. එම අවසන් අවස්ථාවට ඔහුගේද සහය ලැබුණු නිසා එය ඔහු වඩාත් හොඳින් දනී. දහවල් කාලයේ පෝස්ට් එකේ ඉතිරි කමෙන්ට් වලට පිළිතුරු ලිවීමට සිතා පැමිණි විට දුටුවේ මෛත්‍රිය ගැන කථාකල පෝස්ට්එක ද්වේශය තවදුරටත් ව්‍යාප්ත ආකාරයේ වෙන කථාබහක් සිදුවී ඇති බවයි.

එම නිසා එම පෝස්ට් එක ඩිලීට් කර දැමීමට සිදුවුණි. එය මගේ ප්‍රතිපත්ති සහ කැමැත්ත මත සිදුවූවක් විනා කිසිවෙකුගේ බලපෑමකට කල දෙයක් නොවන බව දන්වා සිටිමි. 

මෙම පෝස්ට් එකට කමෙන්ට් නොදමන මෙන් ප්‍රොෆයිල් මහත්වරුන් සහ මහත්මීන් සහ ඇනෝ මහත්ම මහත්මීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කියවූවාට ස්තූතියි. 



16 comments:

  1. Why no comment? I comment because I like to comment...My car my petrol..who to what what? ...:)

    ReplyDelete
  2. ///COFFEE%2BWINE
    පින්තූරයෙන් කියවෙන්නේ මට ලෝකයේ වෙනස් කල හැකි දේවල් වෙනස් කිරීමට කෝපි ලබා දෙන ලෙසත් වෙනස් කල නොහැකි දේවල් එලෙසම පිළිගැනීමට වයින් ලබාදෙන ලෙසත් දෙවියන් ගෙන් කල ඉල්ලීමකි./////

    කළ යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන සතුට සහ ස්තුතිය පල කර සිටිනවා...
    සමා වෙන්න ඒක කියන්නම ඕනි නිසා කොමෙන්ට් කළා...

    ReplyDelete
  3. " Dear God, grant me the courage to change the things I can; the serenity to accept the things I cannot ; ;
and more importantly the wisdom to know the difference."

    ReplyDelete
  4. බරෝසා වැලී?
    හන්ටර්?
    මාග්‍රට් රිවර්?
    මාල්බරෝ?

    ReplyDelete
  5. දෙදෙනෙකු අතර ඇතිවන ආරවුලකදී එය සමනය කිරීමට උත්සාහ කිරීම බොහෝ දෙනෙක්ගේ මෙන්ම මගේත් පුරුද්දයි. එලෙස සමනය නොවන මට්ටමේ ආරාවුල් වලට පැති ගැනීම, පෙට්‍රල් වත් කිරීම, මම කිසිදා නොකරමි/////////////// ++++++++++++++++

    ReplyDelete
  6. අපිත් පැස්ටෝල් කාරයෝ නොවෙමු, ඒත් සකසම් කියල නුහුගුණයක් ඇති නිසා නොහිතාම කෙනිත්තෙන එක නවත්තා ගන්න බැහැ නෙව. ජේවීපී නුහුගුණයත් ඇති නිසා තහනම් තැන් වල පොස්ටර් ද අලවන්නෙමු.

    ReplyDelete
  7. වයින් නං බිව්වත් කමක් නැ , තේ කෝපි නං ඔහොම බොන එක රහමෙරටත් වඩා නරකයි මචෝ

    ReplyDelete
    Replies
    1. සිරාවට.... ඇයි අයිස් කැට....ඒවත් ඇගට හොදම නෑ

      Delete
  8. තේ කෝපි බොමු. වයින් අතහරිමු. වයින් බොන්න සිදුවෙන වෙලාවේදි නිහඩව ඉමු.

    ReplyDelete
  9. එපා කියල තියන හිංදම මොනවා හරි ලියල යන්නෝන..
    හෙහ් හෙහ් හෙහ් හේ..
    ජයවේවා..!!

    ReplyDelete
  10. ඇවිත් ගියෝ...

    (ප.ලි. : කමෙන්ට් කරන්න එපා කියල කිව්වට උඹ දැනගන්න එපැයි අපි ඇවිත් ගියපු බව. ඒකයි වචනයක් දෙකක් කෙටුවේ. හෙහ් හෙහ්...)

    ReplyDelete
  11. ඔන්න මමනම් කියුව වගේම කොමෙන්ට් කරන්නේ නෑ.. අපි කියන දේ අහන හොඳ ළමයි.. බොන්නෙත් කෝපි විතරයි..

    ReplyDelete
  12. ඉයන් , යමක් කල පසු එය අතීතයට එක් වේ.. කිසිදිනක එය කාටවත් නැවත එසේ වුනේ නැතැයි කියා අතුරුදහන් කල නොහැක. "පනින්න පෙර සිතා බලනු" කියන්නේ ඒකනේ....:) ගනන් ගන්න එපා...නැව ගිලුනත් coffee බොමු.

    ReplyDelete