Tuesday, August 23, 2016

මම නිවැරදිකරුය

ගරු විනිසුරුවරුනි

මා වෙත එල්ලවී ඇති සියළු චෝදනා වලට මම නිර්දෝශී බව ඔප්පු කිරීමටත් එම වරදට වගකිවයුතු වැරදිකරුවන් සමාජයට හෙළිදරව් කිරීමටත් මෙම දිවුරුම් ප්‍රකාශය ඔබ හමුවේ තබමි. බ්ලොග් ලියන්නන් 28 ක් සහ බ්ලොග් නොලියන එහෙත් කියවන අය තුන්දෙනෙක් විසින් ඒ අය කැමති ගීත ගැන පෝස්ට් සහ කමෙන්ට් දැමීමට පටන් ගැනීම කරන කොටගෙන  බටකොල යායට ගිණි තැබීම   මට එල්ලවී ඇති චෝදනාවයි. මේ චෝදනාව මාවෙත එල්ල කිරීම ද්වේශ සහගතව සිදුකරන එකක් බවත් මම ඒවාට කිසිසේත්ම වැරදිකරු නොවන බවත් මම කලේ එක බට කොලයකින් සිගරට් එකක් පත්තු කරගැනීම පමණක් බවත් බට යායට ගිණි තැබීම සිදුකලේ අන් අය බවත් මෙය කියවා අවසාන වන විට ගරු විනිසුරුතුමන්ලාට පැහැදිලි වනු ඇත. 



ගරු කල්‍යාණ මිත්‍ර මැතිතුමා

දවසකට හිට්ස් දෙක තුනක් වදින මගේ බ්ලොගයේ ලියන ලද පෝස්ට් එකෙන් සිදුකලේ මම කැමති ගීත 16 ක් දැමීමත් බ්ලොගය කියවන්නට පැමිණෙන දුසිමකට අඩු කිහිප දෙනාට ඔවුන් කැමති ගීතත් සඳහන් කර පෝස්ට් දමන ලෙස කරන ලද අහිංසක ඉල්ලීමක් පමණමයි. එදිනම හෝ පසුදින නෙළුම්යායේ ශ්‍රී ලංකා පාර්ශවයේ ප්‍රධාන සංවිධායක වූද, බ්ලොග් වසන්තයේ ශ්‍රී ලංකාවේ  නිත්‍ය නියෝජිත වූද, බ්ලොග්කරුවන් ගේ සමාජ සේවා ක්‍රියාවලීන් වල ප්‍රධාන සංවිධායක වූද, පසුපසින් යන්නන් (followers) කෝටි දෙකකට (ගණන් කලේ ගීතා කුමාරසිංහ) ආසන්න ප්‍රමාණයක් සිටින ගරු කල්‍යාණ මිත්‍ර නැමැති ජනප්‍රිය බ්ලොග් කරුවා මගේ පෝස්ට් එකට ලින්ක් එකක් සමඟ පෝස්ට් එක පළ කිරීම මෙම ගින්නට ප්‍රධාන හේතුව බව දිවුරා ප්‍රකාශ කර සිටිමි. මගේ පෝස්ට් එක කියවූ බොහෝ දෙනෙකුද එය කියවා තිබුණේ ගරු කල්‍යාණ මිත්‍ර මැතිතුමාගේ එම පෝස්ට් එක හරහා බව සාක්ෂි සහිතව ඔප්පු කල හැකිය.

ගරු කල්‍යාණ මිත්‍ර මැතිතුමා සිදුකලා යැයි එසේ සාධක සහිතව ඔප්පු කල හැකි මෙම ගිණි තැබීමට ඔහුගේ විදේශ හාම්පුතුන් ලෙස සැලකෙන එක්සත් රාජධානියේ පදිංචි කොලඹ ගමයා විසින් පෝස්ට් එක නෙළුම් යායේ පළ කිරීමෙන්  මෙම අපරාධය තවදුරටත් ව්‍යාප්ත වූ අතර ඔහු හෝ එම රටේ පදිංචි චන්දිම විතාන lankanewsweb  හි ද පළ කිරීම එය තවත් තීව්‍ර කරන්නක් විය.  එම පෝස්ට් එක පළ කිරීමට අමතර ගරු කල්‍යාණ මිත්‍ර විසින් සිතූට සහ හංසිටත් එම ගිණි තැබීම තවත් ව්‍යාප්ත කිරීමට අනුබල දුන් බව ඔහුගේ පෝස්ට් එකේ කමෙන්ට් වලින් ඔප්පු වේ. සිතූද මිනිසුන්ගේ දත් ගලවා අතට දීමේ ජාතික කර්තව්‍ය පසෙකලා පෝස්ට් පලකිරීමෙන් නොනැවතී අන් අයටද එසේ කරන ලෙස අනුබල දුන් බවටද පැහැදිලි සාක්ෂි ඇත.

මෙම ගින්න පැතිරීමට හේතුවත් ම  කිසිම සම්බන්ධයක් නැති එකකි. එකිනෙකාව මරා ගැනීමට මාන බලමින් සිටින ටොයියන් බයියන් වුවත් එකෙක් සිංහල සිංදුවක් කියන්න පටන් ගතහොත් සියළු දේශපාලන වාද භේද ඉවතලා එම ගීතය ගායනා කිරීමට එක් වීම සිදුවන්නේ නොදැනුවත්වමය.  කුමන දේශපාලන දර්ශණයක් විස්වාශ කලත් මරා පාලනයකට හෝ යහපාලනයකට කඩේ ගියත් සිංහලයන් වශයෙන් සිංහල සංගීතයට ඇති දැඬි බැඳීමේ වෙනස් කම් කිසිවක් නැත. එමෙන්ම වයස්ගත බ්ලොග්කරුවනුත්, මැදිවියේ සිටින බ්ලොග් කරුවනුත්, තරුණ බ්ලොග් කරුවනුත්, නව යොවුන් බ්ලොග් කරුවනුත් විවිධ යුග වල ගීත වලට අසීමිත ආසාවක් සහ ඇල්මක් දක්වන්නේ ඔවුන්ගේ ඇති කලාකාමීත්වය සහ සිංහල සංගීතයට ඇති ලැදියාව නිසාය. වයස අනුව අදාල බව වෙනස්වන අන් විෂයයන් මෙන් නොව සංගීතය සම්බන්ධ දෙයක් වයස් බේදයකින් තොරව හැමෝටම පොදු සහ හැඟෙන මාතෘකාවක් වීම සිදුවන්නෙ නිතැතින්මය. එවන් විවිධ වයස් කාණ්ඩ වල සිටින සිංහල බ්ලොග් කරුවන් ඔවුන් කැමති ගී 16 පෝස්ට්  කිරීමට පටන්ගත්තේ  හුදෙක්ම ඔවුන්ගේ රසිකත්වය සහ කලාකාමීත්වය නිසාම මිසක මම  කරන ලද අර්තාපල් ගෙඩියක්  (Solanum tuberosum) නිසා නොවන බව  ඉඳුරාම ප්‍රකාශ කර සිටිමි.  ඔවුන්ට ගීතයට සහ කලාවට එසේ දැඩි ඇල්මක් නොතිබුණා නම් එය සිදු නොවන බවත් කෙනෙක් පෝස්ට් එකක් දැමූ පමණින්ම අන් අය අනුගමනය කිරීමක පූර්වාදර්ශයක් නැති බවත් ගරු විනිසුරුතුමන්ලාට පැහැදිලි වනු ඇත.  

එමෙන්ම ආර්ථික විද්‍යාව ගැන විද්වතුන්, ඇමෙරිකාවේ විද්‍යාත්මක පරීක්ෂණ වල නිරත විද්‍යාඥයින්, දේශීය සහ විදෙස්ගත ඉංජිනේරුවන්, දන්ත වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් සහ විවිධ වෘත්තිකයින්ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද, ඔවුන් වෙනදා පළ කරන විෂයයන් මොහොතකට පසෙකලා ගීත 16 පළ කිරීමට උත්සුක වූයේද සියයට සියයක්ම සිංහල සංගීතය ගැන ඔවුන්ගේ ඇල්ම සහ රසාඥතාවය නිසා පමණක්ම බව ගරු විනිසුරුතුමන්ලාට පැහැදිලි වනු ඇත.

ඉහත සඳහන් කල වැරදිකරුවන්ට අමතරව දශක ගණනක සිට සිංහල සංගීතය පෝශණය කල සංගීතඥයන්, පද රචකයන් සහ අති දක්ෂ ගායන ශිල්පීන්ද, ඔවුන්ගේ ප්‍රයත්නයන් නිසාම සිංහල සංගීතයට තිලිනවුන  සිත් මන් මත් කරන ගී විශාල සංඛ්‍යාවද තමන්ගේ සිතේ පැල පදියම් වූ  ගීත පෝස්ටු පලකිරීමට බ්ලොග් කරුවන් පෙලඹවීමට කෙලින්ම වගකිව යුතුය.   

අවසන් වශයෙන් තමන් කැමති ගීත 16 ඉදිරිපත් කරමින් සහ සිංහල බ්ලොග් සමාජය තුල බෙදා ගනිමින් පෝස්ට් දැමූ හා තමන් කලින් නොකියවූ බ්ලොග් වලටත් යමින් එකිනෙකාගේ ගීත ගැන අදහස් දැක්වූ පහත නම් සඳහන් කර ඇති බ්ලොග් රචකයන් සහ රචිකාවියනුත්  මෙම  ගිණි තැබීමට අනියමින් සහය හා අනුබල දැක්වූ බවත් පෙන්වීමට පැහැදිලි සාක්ෂි  ඇති බව  ප්‍රකාශ කර සිටිමි. ඔවුන්ගේ නම් සමඟ ලින්ක් දමා තිබෙන්නේ ඔබ තුමන්ලාට ඒ ඒ පෝස්ට් වලට ගොස් නියම වැරදි කරුවන් කවුරුදැයි සැක හැරම දැනගනු පිණිසමය. 

කල්‍යාණ මිත්‍ර, , හංසි,  නිර්මාණි , අටම්පහුර සොමියා සිතූ,  ගස් ලබ්බාරවී වීරසිංහ,  කොලඹ ගමයා,  පොකුරු වැහි ,  කසුන්, නිම්නයක තනිවී,  සාරස තුමා,  තිලක සිතශානි කාව්‍යා,  විචාරක, සිතුවිලි සිත්තටම නැගෙනා කවි පොත,  ප්‍රභාත්,  විභීශණ,  තුශාණි, ඉකොනොමැට්ටා, වැසි දැරියකෙන්කියුෂා , උන්මත්තකකවිඳුසින්බෑඩ්, ලොකු පුතා, කටුසු හදවත

එම නිසා මෙම ගිණි තැබීම ගැන ඇති චෝදනාවට මම සම්පූර්ණයෙන්ම නිවැරදි කරු බැවින් මා නිදොස් කොට නිදහස් කරන මෙන අයැද සිටිමි. 



113 comments:

  1. කෙලෙසක කීවත් ඔබ නිවැරදියි කියා
    සිත පිලිගන් නැ ඉයන්තුමෝ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉහල උසාවියකට එපීල් කරන්න වෙනවා. ස්තූතියි චතූ

      Delete
    2. අහම්බෙන් හම්බුනේ,මේ ගීවල පද මතක නැනේ අග සිට මුලට, හොයා ගන්න ලේසි වෙවි මේ තැන් වලින්..
      ගී පැදුර

      ගී පද.com.

      Delete
  2. මම මේ බට කැලේට ගිනි තැබීම සම්බන්දයෙන් ඉයන්ට ස්තූති කරන්න හිටියට ඒක මඟ හැරුනා. ඒ ගිනිගැනීම කළේ මං බොහොම කාර්‍යබහුල අවධියක. ඉතින් මට බොහොම ලස්සන ගීත ගනනාවක් පහසුවෙන් අහන්න ඉඩ සලසලා කිසිම ආතතියක් නැතුව නිවී සැනසිල්ලේ මගේ වැඩේ සාර්ථකව අවසන් කරගන්න ලැබුණ නිසා ඔය පෝස්ට් පළ කළ (මං හැම එකම නං බලලා නෑ ) කලණ ගෙන් පටන්ගෙන කෙන්කියුෂගෙන් අවසන් කළ සියළු දෙනාටත්, ගින්න ආරම්භ කළ ඉයන්ටත් බොහොම ස්තූතියි!

    මං ඔය අස්සෙ පොඩි සමීක්ෂණයකුත් කරගත්තා මං කැමතිම ගී 16 ක් මුලින් කොලේක ලියලා ඒවා තියෙන තැන් හොයලා.
    රවී-8
    තිලක සිත-2
    නිම්නයක/ඉකොනොමැට්ටා -1
    සාරස 1 යි
    ඉතිරි හතර තාම නෑ. සමහරවිට මං නොබැලුව ඒවගෙ ඇති

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න සඳ වියමන් පෝස්ට් එක කියවල නැහැනෙ. ඕකට මගේ සම්බන්ධයක් නැහැ කියලනෙ මම කියල තියෙන්නේ. ගීත අටක්ම සැසඳීම ගැන රවී මොකද කියන්නෙ කියල බලාගෙන ඉන්න වෙනවා.

      Delete
    2. සඳ වියමන්,

      ප්‍රියතම ගීත දහසය තේරීමේදී මඟ හැරුනු එහෙත් මසිත තදින්මැ බැඳුනු තවත් ගීත සොළසක් පිළිබඳව සටහන් පෙළක් ලිවීමට අපේක්ෂා කරමි. ඒ ගීත සොළස තුල ඔබ ප්‍රියකරන අනෙක් ගීත අට ඇතුලත් වනු ඇත.

      Delete
    3. ඒ කියන්නේ ඉකොනොමැට්ටට තව දාසයේ ලිස්ට් පහළොවක් දාන්න වෙනවද?

      Delete
    4. ඒ කියන්නේ සඳ වියමන් මගේ සින්දු වලට කැමති නැහැ. හිතට මොකද්දෝ වුණා . :(

      Delete
    5. රවී,
      තව අටක් නෑ හතරයි තියෙන්නෙ. මොකද තව තුන් හතර පොළක තව හතරක් තිබ්බා. ඔන්න ඉතිරි හතර

      1. සැන්දෑ අහස වගේ
      2. මහ වරුසාවට පසුව නැගෙන සද
      3. නා මල් පිපිලා
      4.ඔබ මලක් වෙලා

      අජිත්,
      මට ඔයාගෙ පෝස්ට් එක සම්පූර්ණයෙන් බැලුවද මතක නෑ. ඒක බලන්න ගත්තෙ උදේ ට්‍රේන් එකේදි. ගමන විනාඩි තුන නිසා බොහෝවිට එතනින් ඉවර වෙන්න ඇති.
      මම අකමැතියි කියලා නෙවෙයි කිව්වෙ. මම මතක් කරගෙන ලියාගත්තු 16 තිබ්බ ගීත අනෙක් ලිස්ට් වල තිබ්බෙ නෑ කියලා.

      Delete
  3. ලියන්න ත්‍රිල් එකක් මොකක් හරි මගුලකින් ලැබෙනවා නම් එයම වේ සැප.. ජය වේවා ඉයන්. උඹ එකක් පත්තු කරන කොට අනිත් උන් සිගරට් පැකට් ගණං පත්තු කරන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දේශා මේ මටම වැරැද්ද දාන එක අසාධාරණයිනේ

      Delete
  4. /මම කලේ එක බට කොලයකින් සිගරට් එකක් පත්තු කරගැනීම පමණක් බවත් /
    /උඹ එකක් පත්තු කරන කොට අනිත් උන් සිගරට් පැකට් ගණං පත්තු කරන්නේ- දේශකයා/
    අතේ මාට්ටු. දුම්කොළ සමාගමේ කුමන්ත්‍රණයක්!

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණ විශාරද ගරු වීරවංශ ගෙන්ම අහන්න වෙනවා ඉකොන්

      Delete
  5. සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමි..))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වැසි. ඔයා විතරයි සාධාරණයට පෙනී හිටින්නේ. අනාගතයේ නඩුකාරවරියක් වීමට ප්‍රාර්ථනා කරනවා.

      Delete
  6. 'නෝනවරුන්නේ මහත්වරුන්නේ'
    'ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්' 'දහසක් මල් පිපිලා' 'බොල් පිණි වෑහෙන හෝරාවේ' 'මේ ඉර හද යට' 'කතරක තනිවී' 'සිහින ගගේ පීනා පීනා' 'හීනයක් වගේ ඔබ ( ඉයන් )ආවා'
    'ඉතින් ඊට පස්සේ' 'ඔබට වරම් නැති' 'දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්' 'අපි හැගුම්වලට ඉඩ දී මොහොතක්' 'අයන්න කියන්න ලොවටම ඇහෙන්න' ඉයන්ට
    'ආරාධනා' කරමු. 'අපි කතා නොකර ඉමු'

    'වාසනා වේවා'!!!

    ReplyDelete
  7. බටකොල යායට ගිණි තැබීම ?????

    ReplyDelete
    Replies
    1. විචාරක තමයි එලෙස චෝදනා කලේ.

      Delete
    2. හ්ම්........නඩුත් කියලා, නිදහසට කරුනුත් කියලා, මහජනතාව රවට්ටලා පැනලා යන්නයි යුෂ්මතා හදන්නේ. එව්වා කොහෙද අපි ඉන්නකල්.

      ලියන්න දෙයක් හොයා හොයා ඉන්න අතරෙදි, කෙටුම්පත් කීපයක වැඩ කරමින් ඉන්න අතරෙදි, සින්දු කන්දරාවක් ඇදලා අරන්,

      (මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක් දැනං හිටියේ නෑ ඉයනො - මගේ හිතේ මෙයාකාර පරණ මතක තිබුණු වගක් දැනං හිටියෙ නෑ)

      අපේ ඔලුව වල්පල් කරලා, පරණ සින්දු හොයා හොයා, පාරක් පාරක් ගානේ යනවා වගේ, ජාලය පුරා හිඟන්නකු සේ ඇවිද්දවන්න කටයුතු කලේ, යුෂ්මතා සහ යුෂ්මතාගේ නැවියා නොවෙයිද?

      එක ලිපියක් මදි කියලා හිතිලා දෙකක්ම ලියන තරමට අපිට ගීත අබිං කැව්වේ, යුෂ්මතා සහ යුෂ්මතාගේ නැව් සගයා නොවෙයිද?

      එබැවින් යුෂ්මතුන් දෙදෙනාම මේ චෝදනාවට වරදකරුවන් කරන අතර, කොමෙන්ට් කරුවන්ගේ ජූරිය විසින් දඬුවම තීරණය කරනු ඇත.

      Delete
    3. මේක හරි කෙළියක්නේ යකෝ.. හුප්..

      Delete
    4. ඔන්නොහෙ නැව් සගයාට විතරක් දඬුවම් කරන්න විචාරක තුමා.

      Delete
  8. ඉයන්තුමා ට ජයවෙවා

    ReplyDelete
    Replies
    1. සාරස තුමාටත් ජයම වේවා.

      Delete
    2. දැන් දෙන්නා හරියට මෛත්‍රි,රනිල් දෙන්නා වගේනේ....:D

      Delete
  9. වරදක් කලත්
    සිතකින් නොවෙයි....
    රිදවන්නේ පලිගන්නේ ඇයි......

    හොඳ වෙලාවට ඉයන් තුමාට මගේ නම අහුවෙලා නැහැ කමෙන්ට් දාපු ලිස්ට් එකට

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ තව විත්තිකරුවෙක් , හැමතැනම ගිහින් ගිණි තියපු. ස්තූතියි නයනේ

      Delete
  10. මේ වගේ තවත් බට ගාලක් ඉක්මනින් ගිනි තියන්න ඉයන්තුමාට මම නියෝග කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔය බට කොළ යායවල් එකපාරක් පත්තු වුණාට හැම දාම ඇවිලෙන්නේ නැහැනෙ නිර්මාණි

      Delete
  11. කෙලෙසද කිව මැන,
    බටකොළ යායට ගිනිතැබු සුරතට,
    සමාව මා දෙන්නේ....

    බටකොළ යාය ගැන තව සිංදු දෙකකුත් තියනව නේද?

    1.බටකොළ යායේ සඳ උතුරාගෙන හිතට දුකක් ගලනා වේලේ,

    2.බටකොළ යායට සඳපායන කොට.....

    ReplyDelete
    Replies
    1. මේ ගීත වල 'බටකොළ' කියන්නේ 'බට' නිපදවීමට යොදාගන්නා කොළ කියන අර්ථයෙන්ද?

      Delete
    2. බට කියන ශාකයේ පත්‍ර විය හැකියි.

      Delete
    3. දැනටමත් පෝස්ට් තුනක් දැමීමට රවී ත් 'වැරදිකරුවෙක්'

      Delete
  12. ඇත්තටම කිසිම ගෝ එකක් නැතිව තිබුන බ්ලොග් කලාවට නව පනක් ගෙන ඒම ගැන ඉයන්ට අනේක වාරයක් ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ඔය මම කියල තියෙන හේතු නිසා වෙච්ච දේට මම ක්‍රෙඩිට් එකක් ගන්නෙ කොහොමද මාතෙ

      Delete
  13. බට කැළයට ගිනි තැබීම සම්බන්ධයෙන් ඉයන් ඉදිරිපත් කරන නිදහසට කරුණු ප්‍රමාණවත් නැහැ විනිසුරු තුමනි. ඔහුගේ ප්‍රකාශය තුළින්ම බට කොළයක් දල්වා ගිනි ඇවිල වූ බව හෙලිවෙනවා. ගිනි පෙට්ටියක් හරි ලයිටරයක් අරගෙන කැළයට ගියේත් එහදී සිගරට් දැල්ලුවෙත් ඔශමු බව කියවෙනවා. අපි තවම ආසා ගීතවලින් 16 ක් තෝරගන්න බැරුව දඟලනවා. ලොකුම අබග්ගය වෙලා තියෙන්නෙ විචාරකතුමාට බව හොඳටම පෙනෙනවා ඒහින්ද සම්පූර්ණ වරද ඉයන්ගේ බව පැහැදිලිවම ඔප්පුවෙනවා.

    ReplyDelete
    Replies
    1. දාන්න පහක් ගුණසිංහ මහත්තයෝ.

      Delete
    2. ඇත්තම කියලත් නඩුව දිනන්න බැරි කොට කුම් කරම්ද?

      Delete
  14. කෙසේ වෙතත් කාලයත් එක්ක අමතකම වෙලා ගිය සමහර ගීත අහන්න ලැබුනා මේ ගිනි තැබීම නිසා. එ නිසා ස්තුතියි ඉයන්. දාසයක් තෝරන එක තමා අමාරුම වැඩේ. ඒ නිසා තාම හිතනවා . කොහොම වුනත් ඉතාම සතුටක් වින්ද පෝස්ට් ගනනාවක් වැටිච්ච කාලයක්. තැන්කු වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං

      Delete
  15. ගිණි තැබීම හා පැතිරවීම යනු කරුණු දෙකක්ම බව ගරු උසාවිය විසින් තීරණය කොට නැවියා තුමා ගිණිතැබීමේ චෝදනාවෙන් නිදහස් කරන අතර ගින්න පැතරවීම පිළිබඳ නැවියාට අධිචෝදනා ඉදිරිපත් කිරීමේ හැකියාව සොයාබලන ලෙස යෙටී සහ නිට්ටෑවෝ නීතීඤ්ඤ සමාඟමට පවරන්නට තීරණය කරනවා.
    ගීයක් අසා තමාගේ හුදු ස්වයං ආතල් කලාපයෙන් මිදී රටවැසියා සමඟින් තමුන්ගේ ආටල් බෙදාගැනීම සඳහා ඉයන් විසින් චේතනාන්විතව කටයුතු කරනු ලැබ ඇති බව උසාවිය විසින් සාධාරණ සැකයකින් තොරව පිළිගන්නා අතර සෑම මසකම එකක් හෝ බැගින් ගීත රසවින්දන ඉදිරිපත් කිරීමට නියෝග කරනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි විනිසුරුතුමනි

      Delete
  16. මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්
    https://sinbadgeadawiya.blogspot.co.uk/2016/08/16.html
    මගෙත් කිසිම සම්බන්ධයක් නැහැ මේ වැඩේට. සෙනසුරාදා තේ බෝතල් දෙකකුත් වො** බෝතල දෙකකුත් අවසන් විත් අපට තීරණයකට එන්න බැරිවුනා. කුමන්ත්‍රණයක් වුනත් මේකනම් සාර්ථක කුමන්ත්‍රණයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Ajith
      සින්බෑඩ් ගෙ ලිස්ට් එක ඇඩ් කරන්නම්

      Delete
  17. අපි නම් අහුවෙයි ඕවට.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට රසික, මේක තමයි ඇත්ත

      Delete
  18. ආවා ආවා... ඉයන් සමග ඉයන් සින්දු 16 අංක දෙක ආවා... 📢📢📢,,,🎶💥.. පිළිගන්න... ලංකන් ඉයන්ගේ සංගීත දහසය අංක දෙක... "මොකටද කාසි බාගෙ හොයා තියා .. යනකොට ගෙනියනවද අනේ ඔයා.. 🎶🎶🎶🎶"

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් තිලාන්. බොහොම ස්තූතියි

      Delete
  19. මම චාම මේක චේරුම් ගන්ඤ බැරුව ඉන්ඤේ

    ReplyDelete
  20. Don't worry Ian. We can 'bend' the law for you.

    ReplyDelete
  21. අහම්බෙන් හම්බුනේ,මේ ගීවල පද මතක නැනේ අග සිට මුලට, හොයා ගන්න ලේසි වෙවි මේ තැන් වලින්..


    ගී පැදුර
    ..



    ගී පද.com.

    ReplyDelete
  22. බටකොළ යායෙන් සිගරට් පත්තු කරන්න ගොස් හෝ මෙසේ වැඩේ පත්තු වීම ගැන මටනම් තියෙන්නේ මාර හැපි එකකි.අවුරුදු හතරක් වසා තිබ්බ මගේ බ්ලොගයට ම්මිට ටික දවසකට කලින් කවියක් දමා යාන්තම් ගොඩ ගන්න උත්සහයක් ඉන්නකොට මේ ගිනි තිබීම නිසා ගොඩේ ගොඩ ගියා වගේ. ඒ ගැන ඉයන් තුමාට මගේ බලවත් ඉස්කෝතුව.

    ReplyDelete
    Replies
    1. තව අය අනික් අයට මේ අභියෝගය කර බවට එක් සාක්ශියක් තමයි ශනි. බොහොම ස්තූතියි ඔබ තුමිය ගත්ත උනන්දුවට.

      Delete
  23. අයුතු ජන රාශිය යටතේ චෝදනා කරන්න පුලුවන් වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ මේක 'කිරිමේල්' කරන්න එපා

      Delete
  24. දැං ඉතිං කමිය තුමාව අර නැගල ඉන්න ටවර් එකෙන් බස්සල FCID එකට ගෙනියන්න තමයි තියෙන්නෙ.

    එතකොට ඩයලොග් එකත් එක්ක එකතුවෙලා හුදී බ්ලොග් ජනතාවගේ මෝබයිල් ඩේට හොරා ගැනීමේ මහා මෙහෙයුමක් දියත් කළාය කියන චෝදනාවට ඔබ නිවැරදි කරු ද?

    ReplyDelete
    Replies
    1. ඩයලොග් නම් ඉතින් බස්සි තමයි. හෙහ් හෙහ් ප්‍රසන්න

      Delete
  25. මං සින්දු දන්නෙත් නෑ , බටකොල ආච්චිව දන්නෙත් නෑ.
    අනේ අර ඉස්සර තරඟෙ දිනපු මනුස්පයන්ට තෑගි මුදල් ගන්නෙයි කියන්න ( සෙන්නා නම් එපා කිව්වා ) ඉක්මනට.
    නැත්නම් මං මහා සමාජ ශෝධක ..සොරි සේවක කල්යාණමිත්‍ර මැතිතුමාට ඔක්කොම දෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් ඊලඟ පාටියට ලික්විඩ් රිෆ්‍රෙශ්මන්ට් ඒකෙන් මං අරං එන්නම්

      Delete
    2. සල්ලි ටික බොරැල්ලෙ ' ඇපෙක්ස් ' එකට බාරදන්න . කමියයි මමයි එතනින් ලික්විඩ් ටික ගන්නම්. ප්‍රාජේ මොකද කියන්නෙ ? සෙන්නගෙ ගානත් අරන් එනවද ?

      Delete
    3. අහල නැති තැනක්. හොඳයිද එතන?

      Delete
    4. එතන එතරම් හොද තැනක් නෙමේ. අපි හදිසියේ දවස් දෙක තුනක් ගියපු තැනක්. කට්ටියට ගෙදර යන්න ලේසි වීම අනික් හේතුව

      Delete
    5. බුදු අම්මෝ එථණ ථියෙණ ඝෝෂාව...

      Delete
  26. කැකිල්ලේ උසාවිය හොඳයිනේ යකඩෝ.. බල බල ඉඳල හරියන්නේ නෑ.. ඉක්කනට නිදහසට කාරණා ඉදිරිපත් කරන්න වෙනවා 'නිතිඤ්ඤ' මහත්තැන් කෙනෙක් අල්ලාගෙන.. අනේ මාත් ඉඳල ඉඳල බ්ලොග් පොස්ට් එකක් දැම්ම මදැයි.. මේවා නම් ආප්ප කාල පස්ස දොරෙන් යනවට එහා ගිය කුමන්ත්‍රණ හැබෑට..

    ReplyDelete
    Replies
    1. මම දන්න නීතිඥ මහත්තයෙක් ඉන්නව උඹට අල්ලල දෙන්න විදිහක් නෑ එයා ආද වගේ ලෙස්සල යනව.

      Delete
  27. ලේසියෙන් අතඅරින්ඩ බෑ යුෂ්මතාව , අපිව ඩයලොග් එකට ණයකාරයො කරන්ඩ කුමන්ත්‍රණය කරපු පලවෙනි සැකකරු.

    ReplyDelete
    Replies
    1. සිංගල් මෝල්ට් එකක් ගහමු විනිසුරු තුමනි. ඕක අමතක කරන්න හෙහ් හෙහ්

      Delete
    2. හරි..හරි ඕව ප්‍රසිද්ධියේ කියනවද ? අත යටින් ,අත යටින්

      Delete
    3. වීදුරුවක් හරි මටත් තියපිය

      Delete
  28. මාත් මගේ ගීත 16 ලියන්න හිත හිතා ඉන්නවා තාම වෙලාවක් ආවේ නෑ අප්පාහ්

    ReplyDelete
    Replies
    1. දුකා ගෙ 16 අහන්න ආසාවෙන් ඉන්නවා

      Delete
  29. නිවැරදි කරු වෙන්නේ කොහොමද 16 ට සීමා කරලා අපේ හිත අවුස්සලා, උගුරු වෙනකම්ම ආපු අනික් ගීත අපි කාට කියන්නද​?

    සමාවක් දෙන්ට බැරි තදබල වරදක් කර ඇතත් සොඳුරු අතීතයට ආපසු යන්නට පාර කැපූ නිසාම, අවවාද කරලා නිදොස් කර නිදහස් කරනවා........

    ReplyDelete
    Replies
    1. අපෝ ඇති බොහොම ස්තූතියි ස්වාමිනී. ආයිමත් මේවගේ වැරදි නොකරමි

      Delete
  30. නිදොස් කොට නිදහස් කරන්නේ කොහොමද යුශ්මතාව මේ තරම් වැරැද්දක් කරලා තියෙද්දී ...

    වැඩ පැත්තක තියලා ගීත ගඟුලේ පීන පීන සිංදු තෝරන්න ගිහින් තව ඩිංගිත්තෙන් මාව ඔපීසියෙනුත් එලවනවා. එහෙම කරපු එකේ යුශ්මතාව නිදහස් කරලා කොහොමද ?

    අහ් ... ඒත් එකම නැව් සගයා අල්ලන්නත් වරෙන්න්තු නිකුත් කරන්න ඕනෙ..



    ReplyDelete
    Replies
    1. ගැත්තාට අනුකම්පාව දක්වන්න තුශාණි විනිසුරුතුමියනී. නැව් සගයා නේවි නිසා ඔය දඬුවම් විඳල පුරුදු ඇති. එයාව නම් එල්ලමු. හෙහ් හෙහ්

      Delete
  31. ඔහොම නිදහසට කරුණු කියලා විතරක් හරි යන්නේ නැහැ.චෝදනා කරපු අයට මිරිස් අඹරලා,පොල් ගහලා,නුවර ඉඳන් කොළඹටවත් පයින් එන්න ඕන නට නටා අපි නිවැරදිකාරයෝ කියමින්.

    කොහොම වුනත් සොඳුරු ගීත සහා සටහන් කිහිපයක්ම රසවිඳින්න,අහන්න සලසාන්න දොරගුළු විවර කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කැමර නැති වෙලාවට යන්න ඩෙෆෙන්ඩර් නැහැනෙ අපිට

      Delete
  32. හැක්.. මට ගින්න මග ඇරුන ඉයන්.

    ReplyDelete
    Replies
    1. දැන් වුණත් කැමති ගීත 16 ක් පෝස්ට් කළොත් අපි එන්නන් හොඳ නරක කියන්න

      Delete
  33. ඉයන්තුමා බටකොළේකින් සිගරට් එකක් පත්තු කළාට ඒකෙන් තමයි මුළු බටකොළ යායම ලැව්ගින්නකට අහු වුණේ. එහෙම නෙවෙයි කිව්වට වැඩක් නෑ, ඒක එහෙමම තමයි. හැබැයි ඒක මල් වැස්සක් වගේ බොහොම සුන්දර, ආදරණීය ගින්නක්. සොඳුරු අතීත මතක අවුස්සාපු, බ්ලොග් යායම ගී වැස්සකට තෙමාපු ගින්නක්. මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම කමෙන්ට්ස් වැටුණ පෝස්ට් එක වුනෙත් ඔබතුමාගේ ඒ ගී වැස්සට මම පළ කරපු ගීත එකතුව තමයි. ඒ හැමදේකටම ඔබතුමාට ආයෙමත් බොහෝම ස්තූතියි! :)

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ කියල තියෙන විදිහට මේක ඉබේ වෙච්ච දෙයක්. මම හිතා මතා කරපු දෙයක් නෙමෙයි. ඒවුණත් ඔබට බොහොම ස්තූතියි.

      Delete
  34. අර පින්තූරෙ ඉන්න එකා හොඳයි තමා අලියට පාගන්න දාන්න.. :D

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි මමත් කිව්වෙ.

      Delete
  35. මේවා මෙහම නිකන් අමුවට විබාග කොරන්න පුලුවන් නඩුද ? දෙකක් දාලා තමයි තීන්දුව දෙන්න වෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඔය පින්චෙර් ඉන්න එක්කෙනා වැරදිකාරය කරනවනම් සිංදු වතුර මගෙ ගාණෙ. හෙහ් හෙහ්

      Delete
  36. දැනට 12ක් වෙනකන් ලිවුවා.ඉතුරු 4 ගැනත් ලියලා ජාත්‍යන්තර ආධාර අරගන ඉක්මනටම පබ්ලිශ් කරන්නම්....

    දැන් එතකොට අර පින්තූරේ ඉන්න එකාව මරන්නේ උල තියලද? වෙඩි තියලද?

    ReplyDelete
    Replies
    1. nymphomanic ගෑනු දොලොස් දෙනෙක් එක්ක කාමරයකට දාල දවස් 10ක් තියල

      Delete
    2. කවුරුත් කලබල වෙන්න එපා.. මම තමයි වැරදිකරු!!!

      Delete
  37. මොකද මේ ආපහු පබ්ලිෂ් කළේ?

    ReplyDelete
    Replies
    1. පොඩි වැරදීමක්. අලුතින් එන ගී 16 ඒ වා ඇඩ් කරන්න එඩිට් කරනකොට පොඩි අප්සෙට් එකක් වුනා

      Delete
  38. සැලෙන්න එපා. ඒ බටකොළ යායේ ගිනි පුපුරු දිහා බලන් අපිත් හොරෙන්ම සන්තෝස උනා. (පොස්ට් එකකුත් ලියල හංගන් හිටිය හිටං)

    ReplyDelete
    Replies
    1. හංගන් ඉන්නෙ මොකටද ඔන්න ඔහෙ පබ්ලිශ් කරලා දාන්න

      Delete
  39. මෙතන කමෙන්ට් එකක් කෙටුව කියල මතකයේ තිබුනට එහෙම එකක් නැහැනේ...
    කවුරුහරි ඒක හොරකන් කරලවත්ද...
    මොනා උනත් මේ සීන් එකට ඉයන් වැරදිකාරය වෙන එක වළක්වන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා පොඩි ශේප් එකක් කරගන්න බැරිවෙයිද? කමියා විතරක් හිරේ අරිමු

      Delete
  40. දත් ගලෝල අතට දෙනවට වඩා පිස්සු හැදෙන වැඩක් තමයි ඔන්න මේක! මම සින්දු 16ක් තෝරන්න කිව්වා සමහර අය මාව කන්න හදනෝ 16ක් තෝරන්නේ කොහොමද කියල.

    කොහොම වුනත් වැඩේ නම් මරු!

    ReplyDelete
    Replies
    1. සිතූ පොඩ්ඩක් හිතන්න ඕනනේ. කොහොමද මෙච්චර සිංදු තියෙද්දී සිංදු 16 ක් තෝරන්නෙ. සිතූ කරපු දේ හරි අසාධාරණයි. හැක්

      Delete
  41. අැත්තටම මම අවුරුදු විස්සකට අාසන්න කාලයක් විවිධ ශෙෙලීන්ගෙන් ලේඛන කටයුතුවල යෙදුනට මේ වගේ රස වින්දනාත්මක වියමනක් කරන්න පෙළඹුණු ප්‍රථම අවස්ථාව මේක. ඉයන්ගේ අභියෝගය, මට මේ ලිවීමේ ශෙෙලිය අත්හදාබැලීම සඳහා අපූරු අභ්‍යාසයක් වුණා. නැවතත්, 'ස්තූතියි, ඉයන්' කියා ඉයන්ට, දෙකක් කියන්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රභාත්. ඔබේ බ්ලොග් එකත් මේක නිසා ෆොලෝ කරන්න ලැබුණා

      Delete
  42. ඉයන් ඔබතුමාට එහෙම කියල ගැලවෙන්න බැහැ...මට බ්ලොග් පොස්ටුවක් ලියන්නත්, අනිකුත් බ්ලොග් වල කමෙන්ටු දැමීමටත් බොහෝ විට ඇත්තේ සති අන්තේ පමණයි...තව බ්ලොග් බාගයකට වඩා ඉතිරියි ගීත අහන්න...සති අන්තය මදි ඒ සියල්ලටම...ඔබට වරදෙන් යම් කිසි ප්‍රමාණයක් බාර ගන්නම වෙනවා...

    පුදුම සුන්දර ගීත රැසක මතකය අලුත් කරගන්නත්, කලින් අසා නැති ගීත අහන්න ලැබුන නිසාත්, කවදාවත් බ්ලොගයට නාපු අය ගීත අහන්නට ගොඩවූ නිසාත් යන කරුණු පදනම් කරගෙන ඔබට ඔබේ දඩුවම් කාලය අඩු කරන්න පුළුවන් බව කියන්න කැමතියි... :)

    කොහොම උනත් ඉයන් බොහොම ස්තුතියි මේ වගේ සංකල්පයක් අපි හැමෝගෙම හිත් වලට ඇතුල් කලාට...බොහොම සුන්දර දෙයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොකුරු වැහි වැඩ කොච්චර තිබ්බත් කැමතී ගීත බෙදාගත්තට

      Delete
  43. ඉයන්,

    බට කැලේ තාම ගිනි ගන්නවා. හැට්ටර්ගේ 16ත් ඔන්න ඊමේල් කළා. පුළුවන් නම් කොහෙට හරි දාන්නකෝ.

    තැන්කිව් කිව්වා එහෙනම්.

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. රාජ්. තිබෙන අර්බුධ වලට උල්පන්දම් දීමට හෝ අඩපණ කිරීමට මගේ කැමැත්තක් හෝ ඕනෑ කමක් නැත. මගේ පොස්ට් එක මෛත්‍රිය ගැන ලියවුණ එකක්. එය ලිව්වේ හේතුවක් ඇතිව. එයින් බලාපොරොත්තු වුන දේ නොව වෙන යමක් වෙන්න යන බව සිතුන නිසා එය ඉවත් කලා.

      මෙම පෝස්ට් එක ගීත 16 ගැන ලියවුණ එකක්. එම නිසා මේ ගැන කථාව මේකෙන් නවත්වන්නට සහය දෙන්න.

      Delete
    2. ඉයන් , එකා එකා පොන්නය, බූරුවා කියල බැනගන්න කොට,ඔයාට පොස්ට් එක ගිය අත හොඳයි. ඇත්ත ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා එකේ මුලට එනකොට පෝස්ට් එක යන අත හොඳ නෑ . පෞද්ගලික සම්බන්දතා ලොකුයි පොදු යහපතට වඩා. මහින්ද ඕක කරනකොට අපි ඔක්කොම උන්නැහෙට විරුද්ධ උනා. දැන් මේ මර්දනයට විරුද්ද වෙන්නේ කවුද? අපි මේ මාෆියාවට යටවෙලා.
      ඔයා මකපු පොස්ට් එකේ අහපු ප්‍රශ්න වලට උත්තර නැති උනාම තමයි ඒව මකන්න කියල ඕර් ඩර් එක එන්නේ. ආයිත් ඒ කොමෙන්ට් එක කියවල, ඔයාගේ හර්දසාක්ෂියෙන් අහල බලන්න.

      Delete
  45. Finally Ian has come out of the closet ! By deleting an entire post he proved he is one of those described in Maathalan's posts/coments.
    What was that word..? it starts with Pon, or something.....

    ReplyDelete
    Replies
    1. Yes Ano. May be I am one. Don't know how that can be any concern of yours.

      Delete