Wednesday, August 17, 2016

බ්ලොගර්ස් චොයිස්


තනියම ඉන්න විටක මුමුණන හෝ රසවිඳින ගීත සමහර විට අපේ ආත්මයේ කැඩපතක් වගේ කියන්න පුළුවන්. ඒ කැඩපත විවෘත කරන්න අභියෝග කලත් භාරගන්න කිසිම චකිතයක් නැති අය ගැවසෙන සමූහයක ඒවගේ අභියෝගයක් නිසා බිහිවූ ගී පවුරක් එක පිටුවකට ගැනීමක් තමයි මේක. 


1. කල්‍යාණමිත්‍ර තෝරපු ගී 16             2. හංසි තෝරපු ගී 16


3. නිර්මාණී තෝරපු ගී 16                     4. අටම්පහුර තෝරපු ගී 11 සහ තවත් ගීත


 5. තරිඳු ( සොමියා ) තෝරපු ගී 16     6. සිතුවිලි සිතූ තෝරපු ගී 16



7. ගස් ලබ්බ තෝරපු ගී 16                  8.1 රවී (නිදහස් සිතුවිලි ) තෝරපු ගී 16 -Part 1



9. කොලඹ ගමයා තෝරපු ගී 25        10. පොකුරු වැහි තෝරපු ගී 16



11. කසුන් තෝරපු ගී 16                         12.  නිම්නයක තනිවී තෝරපු ගී 20                  


13. සාරස තුමා තෝරපු ගී 16            14. තිලක සිත තෝරපු ගී 16


 15. ශානි ශෂී තෝරපු ගී 16             16.  විචාරක තෝරපු ගී 16



8.2  රවී (නිදහස් සිතුවිලි) තෝරපු ගීත 16 - Part 2                  17. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත තෝරපු ගී 16



18. ප්‍රභාත් (ගොඩයාගේ අඩවිය) තෝරපු ගී 16       19. විභීෂණ තෝරපු ගී 16      


20. තුශානි තෝරපු ගී 16                      21. ඉකොන් තෝරපු ගී 16  


 22. වැසිදැරිය තෝරපු ගී 16           23. කෙන්කියුෂා තෝරපු ගී 12    


24.උන්මත්තක තෝරපු ගී 16          25. ඉයන් තෝරපු ගී 16




සම්බන්ධ  ලිපි






67 comments:

  1. මම මේ අනිත් අය තෝරපුව හොයන්න බ්ලෝග අවකාශය පීරන ගමන්. මගේ හිත කියෙව්වා වගේ ඉයන්. විභිෂන ගේ හා එකොන් ඒවා මිස් වෙලා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එකේ දැම්මේ මම කැමති සිංදු වුනත්, කැමතිම සිංදු නෙමෙයි. තෝරාගැනීම් ගැන කතා කරන සිංදු. මේක දැක්කමනම් වැඩේට අත ගහන්නත් හිතෙනවා. හැම ලිස්ට් එකම බැලුවේ නැහැ. අජිත්ගේ සහ රවීගේ ලිස්ට් වල තියෙන සිංදු බොහොමයක් මම ගොඩක් කැමති සිංදු. සමහර විට අප ඉපදුණු හා සිංහල සිංදු වැඩිපුර අහපු කාල ආසන්නව සමාන නිසා වෙන්න ඇති. බලාගෙන ගියාම රැල්ලට කරන සමහර වැඩ නරකම නැහැ.

      Delete
    2. අජිත් ඒක හොයාගන්න බැහැ ලින්ක් එක දෙන්න

      Delete
    3. ඉකොන් ගෙ ලිස්ට් එකත් දාන්න.

      Delete
    4. මේක https://sonduruminisa.blogspot.co.uk/ මේ විභීෂණ නෙමේ මට වැරදුන. සොඳුරු මිනිසා. එකොන් ඒ කටහ්ව ඇත්ත රවීගේ සෙට් එක බැලුවම අපි එක කාලේ නිසා ඒ ගතිය එනවා. කසුන් ගෙයි පොකුරු වැහි ගෙයි බලපුවහම ඊට පස්සේ පරපුරේ ජනප්‍රිය ගීත තියෙන්නේ. ශානිකාගේ වගේ.

      Delete
    5. තරිඳු කිවේ ඒකටනේ. සමාවෙන්න

      Delete
    6. කොළඹ ගමයා තෝරපු ටික කියල ලිව්ව නම් බ්ලොගේ නමනේ

      Delete
  2. බ්ලොගර්ස් චොයිස්නම් මාරම මාරයි....දොලොස් දෙනාගෙන් අතාරින්නනම් කවුරුවත් නෑ.කෙනෙකුට කෙනෙක් පරයා නැගීයන ගීතාවලියකින් අභියෝගයට මුහුණ දිල තියෙන හැඩයි...උපරිමයෙන් රසවිඳින්න පුළුවන් රසඥතාවයෙන් කෙළපැමිණි ගී සමූහයක්...හැබැයි මට නම් මේ එක ගීයක්වත් ගායනා කරන්න බැරි එකනං මටම ලැජ්ජයි. මොනව කරන්නද මේ සිංදුවලින්වත් එකක් කොහොමහරි පුරුදුවෙන්න ඕනෙ ජාම බේර ගන්ඩ...ඒත් මටනං සුවර් නෑ ඇත්තටම අටං අයිය මේ කියන සිංදු ඔය කියන තරමටම රස විඳිනවද කියල....හැක් හැක්..පට්ටම පට්ටයි ඔක්කොම නියමාායි

    ReplyDelete
    Replies
    1. ඇ ආපු වෙලාවක බලාපං කොම්පීතරේ තියන සින්දු ටිකයි , ඩෙක්ස් ටොප් එකට කොපි කරගන නිතර ප්ලේ කරන ටිකයි . ජීබි 33 තුනක් තියනවා පුතා දැනට . කලින් ඔයිට වඩා තිබුනා , ගැරම් පොන් සින්දු හිටං තිබුනා හරිය , එවා කෙල වෙලා ගියා හාඩ් එකත් එක්ක , පවන , කම්ලන , සා , හොයාගන්ඩ බැරි පරන සින්දු ගොඩක් ඔක්කොම ඉවරයි ...ඔහොම අකරතැබ්බක් සින්දු ඇනෝටත් වෙලා තිබුනා

      Delete
    2. හෙහ් කියාගෙන එනකොට මං හිතුවෙ සින්දු ගාන මාවත් පරද්දල යයි කියලනෙ. 33GB මදෑ. මාලඟ 200GB විතර කලෙක්ෂන් එකක් තියෙයි. ගොඩක්ම හද්දා පරන ඒවා.

      Delete
    3. දවසක මං හාර්ඩ් එකත් අරගෙන එන්නම්. හීනියට මොනවහරි කරල අර උඹ දාල තිබුනු සින්දුටිකත් කියමු.

      Delete
  3. අන්න සිහින දකින්නිත් එකක් දාල

    ReplyDelete
    Replies
    1. නිම්නයක ගෙයි සාර්ස තුමා ගෙයි ඒව ඇඩ් කලා

      Delete
  4. මේ විදිහට ගියොත් තව සෑහෙන්න දෙනෙක් මේ අබියෝගෙ බාරගනී. ඒ කියන්නෙ අපි සින්දු අහයි. ඒ කියන්නෙ අපේ බිල වැඩි වෙයි. ඒ කියන්නෙ කොම්පැනි කාරයො පෝසත් වෙයි. ඒ කියන්නෙ අපි? හුටා.

    දැන් දාපු දෙකත් බලන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නෙ අපේ බිල වැඩි වෙයි. ඒ කියන්නෙ කොම්පැනි කාරයො පෝසත් වෙයි. ඒ කියන්නෙ අපි? හුටා.//

      ඒකත් ඇත්ත කසුන්

      Delete
  5. මේකනම් හරිම අපූරු වැඩක්.බ්ලොග් ලෝකෙ පන ගහලා ඇවිල්ල වගේ මේ වැඩේ නිසා. කොටින්ම ඉස්සර වගේ ලියන්න වෙලාවක් නැති කමට කවියක් දාලා නිකන් ඉන්න මම පවා පන දාගෙන සින්දු හොයනවා කොහෙ තිබ්බ වෙලාවක්ද මන්දා .. හි හී

    ReplyDelete
  6. අපේ මේ පෝස්ටු මේ කළාකරුවන් දැක්කනම් කොච්චර සතුටු වෙයිද... මොකද බලාගෙන යනකොට හැමෝගෙම සිංදු ලයිස්තු සමානයි.. එහෙම නැත්නම් එකම ගායකයාගේ, ගායිකාවගේ වෙනස් වෙනස් සිංදු තමයි තියෙන්නේ.... ඒ උනාට ඒ සිංදු දැන් ප්‍රචාරය වෙන්නෙත් නැති තරම්... ඒත් අපේ හදවත් තුළ තියෙන්නේ ඒ සිංදු...

    රුචිකත්වය පරීක්ෂා කරන්න ඉයන් භාවිත කළ ක්‍රමය විශිෂ්ඨයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණී +++++

      Delete
  7. හොඳම 16 ක් තෝරනවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක් ඉයන්.. ඒ නිසයි මේ අයිනක් අල්ලාගෙන බලාගෙන ඉන්නේ..සොරි වෙන්න ඕන..

    ReplyDelete
  8. මම බ්ලොග්කාරියක් නොවෙමි. හුදු කියවන්නියක් පමණි. එද මා රුචි ගී මේ කොමෙන්ටුවේ ලිවීමට සිතුවෙමි. කොම්පියුටර් ජිල්මාට් නොදන්නා නිසා ඒවා අසන්නට සැලැස්වීමට පින් කැමැ ත්තකුගේ පිහිට පතමි!
    1.දමා යන්නට නොහැකි මිහිමත -සෝමතිලක ජයමහ
    2ඇසට පෙනෙන දුරක සිටින්නම් -චන්ද්‍රලේඛා
    3සඳ පිනි දියේ -රූකාන්ත
    4ඔබට මතක නෑ -නන්දා මාලනී
    5සියාතුවේ මා මිතුරේ -සුනිල් එදිරිසිංහ
    6සුවඳ රෝස මල් නෙළා - සුනිල් ශාන්ත
    7. දෑ ස වසා ගමි ඔබ නොපෙනෙන්නට - ඉන්ද්‍රාණි බෝගොඩ
    8.රතු ගුරු පාරේ හැ න් දෑ වේ - ලතා සමග

    ධම්මිකා වල්පොල

    9ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන - අමරදේව

    10ඔබ දුටු ඒ මුල් දිනේ - ජිප්සීස්
    11. මල් පිට මල් -අමල් පෙරේරා
    12.මේ නගරය..-මර්වින් පෙරේරා

    13ඔබ දකින දකින දිනක මහද..-එම් .එස් . පෙරේරා
    14.පෙර කාලේ බාලොලි බාලේ - අතුල සහ නෙලූ අදිකාරී
    15. කවිය ඔබ..දීපිකා
    16. සුදු ඇත පොව්වෙක් ...-නිරෝෂා

    ReplyDelete
    Replies
    1. indumathie adiikariAugust 18, 2016 at 9:49 AM

      ps.-16 සුදු ඇත් පොව්වෙක් සුදු පියුම අරන් ..නිරෝෂා විරාජිනී

      Delete
    2. බොහොම ස්තූතියි ඉන්දුමතී. දාගන්න විදිහක් බලන්නම්

      Delete
    3. 7,9,12,15 සින්දු වලට මගෙත් මනාපය. විශේෂයෙන් ඇසෙ මතුවන කඳුළු බිඳු ගෙන. ජයවේවා.

      Delete
  9. ඉයන් ගේ රැල්ලෙන් මට නැවත වැටහුණු දේ නම්, අප එකිනෙකා කොයි තරම් වෙනස් ද යන්නයි!

    ReplyDelete
  10. Replies
    1. බොහොම ස්තූතියි රසික, කියෙව්වා

      Delete
  11. මේ වැඩෙන් කලින් අහපු නැති සිංදු වගේම කලින් කියවපු නැති බ්ලොග් එහෙමත් සෙට් උනා.. සංතෝසයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස් :)

      Delete
  12. ඉයන් පටන් ගත්තු රැල්ල නම් නියමයි. මේ ඔක්කෝගෙම එව්වා හෙමි හෙමීට කියවන්න ත් සින්දු ආයේ ආයේ අහන්නත් ඕන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුකා

      Delete
  13. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත තෝරපු ගී 16 එකතුකලා

    ReplyDelete
  14. වැඩේ නැගල යනව වගේ. හැක්..

    අර කිවුවත් වගේ මේකෙන් අහල නැති ගොඩක් සින්දු අහන්න චාන්ස් එකක් ලැබුන.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න මටත් අහපු නැති ඒවත් හම්බුවුණා. බොහොම ස්තූතියි

      Delete
  15. ඉයන් තුමාට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සාරස තුමාටත් ජයවේවා

      Delete
  16. ඉයන් තුමාට ජයවේවා x 2 :D

    ReplyDelete
    Replies
    1. සොමියා තුමාටත් ජයවේවා

      Delete
  17. ඉයන් තුමාට ජයවේවා! x3

    ReplyDelete
    Replies
    1. සිතූ තුමියටත් ජයවේවා

      Delete
  18. අපි කොමෙන්ට් කරුවෝ බැවින් මගේ චොයිස් ටික අනුන්ගේ සින්දු පොස්ට් කිහිපයක දමන ලදී. ඉයන් ට ජය වේවා. සින්දු පොස්ට් අවෝඩ් එකට නම් කරමි එකෙන්ම. 👊🏽

    ReplyDelete
    Replies
    1. ඔබගේ ලිස්ට් එක මේකේ කමෙන්ට් එකක් ලෙස දාන්න. බොහොම ස්තූතියි Thilan

      Delete
    2. Just ctrl+c ctrl+v check thanks Ian ayya I did

      Delete
  19. නියම වැඩක් ඉයන්, ස්තුතියි ඔබට..

    ReplyDelete
  20. ඉයන්,මග‍ේ ගීත ලයිස්තුව ම‍ෙතැන ඇත.

    http://godayage-adaviya.blogspot.com/2016/08/blog-post_19.html

    ReplyDelete
  21. ජෝතිපාල මහත්තයාගේ "දිය කිදුරියසේ" , ක්ලැරන්ස් "ඈත එපිට හිම කන්දෙන්", ජය ශ්‍රී "පිය මැන්නේ", ක්ලැරනස්‌ "දේවතාවන් හිතන දේවල්", අජිත් "ග්‍රීස් ගහේ මම උඩට ගිය". 👊🏽 🎶🎶🎶

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලාන්

      Delete
  22. ඉයන්, මේක හොඳ රැල්ලක්. ඒත් මේ රස්නෙ ගියහම ලියන්නං මම අහන්න අකමැතිම ගී දහයක් පාළහක් ගැන. පරක්කු කරන්න අනික් හේතුව තමා සමහර සින්දු යූ බටේ නැති වීම. ඉතින් එව්ව හොයල ඕකට දාන්න එපාය මුලිම්ම.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒකත් මරු

      Delete
  23. තුශාණිත් අපූරු ගී 16 ක් ම තෝරලා

    ReplyDelete
  24. මේ වැඩෙත් බොහොම වටිනවා. හැමෝගෙම සිලෙක්ෂන් එකම පිටුවක දකින්න ලබෙන එක හැමෝටම පහසුවක්.

    ReplyDelete
  25. හප්පේ.. අපි හිටපු නැති දවස්වල වෙලා තියෙන දේවල්.. මං මේ එකක් ලියන ගමන්..))))

    ReplyDelete
  26. බ්ලොග් ලිවීමට ඔබ හා අරුණ ගෙන ආ යෝජනාව පිළිගත්තා මෙන්ම, ගීත තොරණ යෝජනාවද පිළිගෙන ගීත 12ක් පමණ තේරුවෙමි. එහි සබැඳිය මෙහි දක්වමි.

    ReplyDelete
  27. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

    ReplyDelete
  28. ඔක්කොම එකම තැන නියමයි...

    ReplyDelete
  29. අපි ඉතිං දැන් බ්ලොග් ලියන්නෙ නැති නිසා, ඔන්න මෙතන දැම්මා මගේ සිංදු 16. විශේෂයෙන් කියන්න තියෙන්නේ මගේ තෝරාගැනීම් වලට මූලික වෙන්නේ ගීතයේ සංගීතය කියලා. ඒ නිසා මේ ගීත වල තේරුම් නම් හැමවිටම මගේ ජීවිතය හා සම්බන්ධ ඒවා නෙවෙයි. නමුත් මේ ගීත මුලින්ම අහ්හන ලැබුණු ආකාරය හෝ හිතේ තැම්පත් වෙන්න බලපෑ ආකාර ගැන කතා නම් තියනවා. ඒත් මේ ඒකට තැන නෙමෙයි. එක ගායකයාගෙන් එක ගීතයයි කියල කොන්දේසියකුත් මම ම දාගත්තා.

    01. ආරාධනා - අමරදේව
    02. ගඟ අද්දර - විජය කුමාරතුංග
    03. පිය සටහන් - ගුණදාස කපුගේ
    04. මුතු කුඩ ඉහලන - රෝහණ වීරසිංහ
    05. අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ගනේ
    06. දුරස් වන්නට මේ ලෙසින් - දයාරත්න රණතුංග
    07. නාලිනී එන්න - සුනිල් එදිරිසිංහ
    08. පෙම්බර මධූ මගේ - වික්ටර් රත්නායක
    09. නිල් නුවන් පෙඟෙන - එඩ්වඩ් ජයකොඩි
    10. ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පීරිස්
    11. මේඝයක් සේ හුදෙකලා වී - නන්දා මාලිනී
    12. එදා මෙදාතුර - සනත් නන්දසිරි
    13. මල් මල් මල් වරුසාවේ - සුමිත් ප්‍රියංකර
    14. හුදෙකලා වූ පෙම්වතාණෙනි - දීපිකා ප්රියදර්ශනී
    15. කවි සීපද ඇහෙන රෑට - චන්දන ලියනාරච්චි
    16. බිසරුලියන් මැද - සමන් ජයනාත් ජිනදාස

    ReplyDelete
    Replies
    1. මගේ ලිස්ට් එකේ දෙක තුනකුත් තිබෙනවා. "දුරස් වන්නට " කැමතිම සින්දුවක්.

      Delete
  30. මේ සොඳුරු ගීත එකතු වෙන්න පාර හදලා දුන්නාට වාගේම, ඒ එකතු වලට යන මාර්ග සලකුණු මෙහෙම එකම තැනකට එකතු කරලා දුන්නාටත් ඔබතුමාට බොහොම ස්තූතියි. :)

    ReplyDelete
  31. Coming soon. ..

    Jayawewa

    ReplyDelete
  32. මේක හොඳ social experiment එකක්. සෙනසුරාදා යහළුවෝ දෙතුන් දෙනෙකුට එන්න කියා සින්දු අහන්න පටන් ගත්තා . අන්තිමට සාජ්ජය ඉවර වුනේ උදේ තුනට. ප්‍රශ්න කිහිපයක් තියෙනවා. සින්දු වල lyrics හොයන්න ගියහම වෙලා යනවා. බ්ලොග් කිහිපයක් තිබුනත් ඒවල නම් අමතක වුණා. සින්දු ගැන කතා කරන කොට හොඳ සාමාජිය දේශපාලන සංවාදයකුත් ඇති වුණා . මොකද සමහර සින්දු වලින් එවැනි කාරණා මතු කරන නිසා. අලුතින් එකතු කරපුවා බලන්න (අහන්න) වෙලාව මදි කම නිසා බැරිවුණා . වැඩේ හොඳයි ඉයන්. .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්. දැන් නන් බෝරිං වේගෙන එන්නෙ නේද?

      Delete
    2. ඕනෑම රැල්ලක පීක් එකක් ඇවිල්ල බැස යනවනේ ඉයන්.

      Delete
  33. ඉයන් ඔන්න අපිත් තේරුවා ranwanmakara.blogspot.com/2016/11/blog-post_26.html

    ReplyDelete