දියුණු රටවල මට්ටමට ආසන්න මට්ටමක ඇති සන්නිවේදන තාක්ෂණය යොදාගෙන රටේ ප්‍රශ්ණකාරී අංශ නිවැරදි කිරීමට යෝජනා කිහිපයක් ඔබලාගෙ අදහස් සඳහා කොටස් වශයෙන් ඉදිරිපත් කරමි.
තාක්ෂණය යොදාගෙන රජයේ ආයතන, පලාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු මධ්‍යගත කිරීම
ස්ථාන කිහිපයක ශාඛා ඇති ආයතන සහ ආයතන කීපයක් ඇති සමූහ ව්‍යාපාර
ඔවුන්ගේ ගෙවීම් මධ්‍යගත කිරීම මඟින් නාස්ති සහ හොරකම් බොහෝ දුරට අඩුකරගෙන ඇත.
දුරකථන ජාල හරහා ශාඛා සහ ආයතන සම්බන්ධ කිරීමටත් අධි වේගයෙන් දත්ත යැවීමටත් හැකි මේ
කාලයේ මෙම Shared Services ක්‍රමය රජයේ ආයතන වලට හඳුන්වා
දීමෙන් විශාල නාස්තියක් වලකා ගත හැක. රජය විසින් මධ්‍යගත ගෙවීම් දෙපාර්තමේන්තුවක් (Central
Payments Dept) ආරම්භ කිරීම සහ ඊට අනුබද්ධව විගණකාධිපති
දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ස්ථාපනය කරන්නේ නම් රටේ විවිධ ස්ථානවල දැනට කරන සියළුම
ගෙවීම් කටයුතුව ගෙවීමට පෙර විගණනයක් සිදු කිරීම කල හැක.