Friday, April 22, 2016

ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +


මේ පෝස්ට් එකට ඉන්ස්පිරේශන් එක නුවර කුමාරිගේ  පෝස්ට් එකක්. ඒක මම කථාකරන්න අදහස් කරන මාතෘකාවට පොඩ්ඩක් වෙනස්. එකේ කියවුනේ කුඩා කාලයෙදී තාවකාලිකව ඇතිවන සමලිංගික ආකර්ෂණයන් ගැන. හැමෝටම ඒවගේ අත්දැකීම් ඇති. බොහෝ දෙනෙකුට ඒවා පාසිං එපිසෝඩ්ස් විතරයි. ඒ වුණාට කුඩා ප්‍රතිශතයක් වැඩිහිටි වයසේදීත් සමලිංගික වෙනවා. මේ වගේ Sexual orientation එකෙන් ඔයගොල්ලනට වඩා වෙනස් වන අය ගැය ඔබගේ ආකල්පය කුමක්ද කියා සිතන්න සහ අවශ්‍යනම් නැවත සලකා බලන්න පෙලඹවීමක් තමයි මෙම පෝස්ට් එකේ අරමුණ.

බොහෝ බටහිර රටවල සමලිංගික අයට හැංගිලා ඉන්න ඕන නැහැ.  මොකද ඒක ලෙඩක් හෝ බිය විය යුතු හෝ සමාජයෙන් කොන් කල යුතු කොට්ඨාශයක් කියල හිත අය  රටවල අඩුයි. ගොඩක් නොදියුණු රටවල් වල සමාජ වල ගෝත්‍රික මනස් ඇති අයගේ ඊගෝ එක සතප්පවන්න  එල්ලෙන්න මොනව හරි වැල් ඕන නිසා ආගම, ජාතිය වගේ දේවල එල්ලෙනවා.  ඒ වගේම එවන් අය සමලිංගික සහ අනිකුත් වෙනස් ලිංගික හැසිරීම් ඇති අය කොන් කිරීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිකරන්නත්  ඉක්මනින්ම ඉදිරිපත් වෙනවා. මෙවන් ක්‍රියා හීනමානයෙන් පෙලන අයට  "අනික් වුන්ට වඩා මම හොඳයි හෝ මම උසස්" කියන හැඟීමට  හොඳ තල්ලුවක් (boost) නැත්නම් සහයක් දෙනවා. ඇමෙරිකාව වගේ දියුණු යැයි අන් අය සිතන සමාජ වලත් සමහරුන් සමලිංගික විවාහ නීතිගත කිරීමට විරුද්ධව විශාල සටනක් ගෙනියනවා. තමන් හරි යැයි සිතන දේ අනෙක් අයත් හරියැයි සිතිය යුතු බව පිළිගන්නා ගෝත්‍රික ගතිය බොහෝ දෙනෙක් තුල අවාසනාවකට තවමත් තියෙනවා. මේ අතින් යුරෝපයේ රටවල් බොහෝ ඉදිරියෙන් .

සමාජයේ ජීවත් වීමට අවශ්‍ය කර ලිංගික අධ්‍යාපනය තවමත් ව්‍යුහගත විදිහකට ලබා නොදෙන නිසා වෙනස් ආකාරයේ ලිංගික හැසිරීම් ගැන සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එම නොදැනීම නිසාම එවන් වෙනස් ආසාවන් ඇතිවන අය තමන් රෝගීන් යැයි සිතා මානසිකව පීඩා විඳිනවා. සමාජයෙන් හැංගී සිටිනවා. ඔවුන් මෙන් සිතන අය තව ලක්ෂ ගණනක් ලොව පුරා සිටිනා වග ඔවුනට වැටහෙන්නේ නැහැ. එම නිසා තමන්ගේ ආශාවන් හෙළි නොකර සඟවාගෙන සිටිනවා.
 

Heterosexuals සහ homosexuals ඇරුනම bi-sexual කට්ටියකුත් සිටිනවා. ඔවුන්ට විරුද්ධ ලිංගිකයින් මෙන්ම සමලිංගික අය සමඟත් ජීවත් විය හැකියි. මෙවන් අයට අවස්ථාව අනුව වෙනස්වීමට හැකි නිසා ප්‍රශ්ණ අඩුයි. මේවට Sexual deviations  කියා කියනවා. homosexuals සහ bi-sexual අයට අමතරව තමන්ගේ නිරුවත අනුන්ට පෙන්වීමට කැමති අය (Exhibitionism), අන් අයගේ නිරුවත රහසින් බැලීමෙන් ලිංගික සතුටක් ලබන අය (Voyeurism), සපත්තු, හම් වර්ග වැනි මනුශ්‍ය නොවන දේවලින් ලිංගික සතුටක් ලබන අය (Fetishism), තමන්ගේ අවයව අනික් අයගේ ඇඟේ අතුල්ලා එමගින් ලිංගික සතුටක් ලබන අය (බස් වලදී ඇඟවල් වල හේතුවීම) (Frotteurism), කුඩා ළමුන් සමඟ ලිංගික ඇසුර පැවත්වීමට කැමති අය (Pedophilia), මානසිකව සහ ශාරීරිකව වද වේදනා විදීමෙන් ලිංගිකව සතුටු වන අය (Sexual masochism), අන් අයට මානසිකව හෝ ශාරීරික වද වේදනා දීමෙන් ලිංගිකව සතුටුවන අය (Sexual sadism),   විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳීමෙන් සහ එලෙස හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය (Transvestic_fetishism), සතුන් සමඟ හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය ( Zoophilia), මෘත දේහ සමඟ හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය (Necrophiliaවශයෙන් විවිධ ආකාරයේ වෙනස් ලිංගික ආශා තියෙන පුද්ගලයින් අපි අතර සිටිනවා.සමහර රටවල තමන්ට homosexuals, BDSM, දේවල් වලට කැමති අයට ගැලපෙන අය සොයාගන්න එවන් අය සඳහා වෙන්වුන සමාජ ශාලා, වෙබ් අඩවි පවා තිබෙනවා.

මෙයින් Pedophilia වැනි deviations සමාජයට ඉතා අහිතකරයි. Frotteurisme, exhibitionist, voyeurism වැනි deviations සමාජයට කරදරයක්. අනික් අය ඔවුනගේ වෙනස් වීමට ගැලපෙන අය සමඟ පමණක් එසේ හැරෙනවා නම සමාජයට එයින් වන හානියක් නැහැ. උදාරණයකට අන් කෙනාට මානසිකව සහ ශාරීරිකව වද වේදනා දීමට කැමති (sadist) අයකුත් එලෙස මානසිකව සහ ශාරීරිකව වද වේදනා විඳීමට කැමති (
masochist) අයකුගේත් ඇසුර හෝ විවාහය ඒ අයට ගැලපෙනවා. නමුත් masochist නොවන අයකු sadist අයකු සමඟ විවාහ වුවහොත් එක්කෙනෙක් මහත් අසීරුවට පත්වෙනවා.ඒ වගේම තමයි heterosexual කෙනෙකු homosexual කෙනෙක් සමඟ විවාහ වුණත්. වෙනත් රටවල ඇති එකිනෙකා දැන අඳුනගෙන කලින් එකට ජීවත්වී (living together) කෙරෙන විවාහ වලදී එසේ නොගැලපෙන දෙදෙනෙකු එක්වීමට ඉඩ නැහැ. එහෙත් විවාහයට පෙර ගැහැණියකගේ 'පිරිසිඳු බව' virtue එකක් ලෙස සලකන ආගම, කුලය, නිලය, වත්කම් පමණක් සසඳා කරන විවාහ වලදී මෙවන් වෙනස් කම් පමණක් නොව sexual incompatibility වැනි ප්‍රශ්ණද පැන නැඟීමට ඉඩ තිබෙනවා. මෙවැනි දේවල් ගැන එලිපිට කථා නොකිරීමෙන් සහ එක ලෙස සිතන අයට එක් වෙන්න අවස්ථාවල් නැති කිරීමෙන් වෙන තව හානියක් තමයි ඔවුන්ගෙන් සමහරක් ඔවුන්ගේ අශාවන් සන්තර්පනය කර ගත හැකි රැකියා සොයා ගැනීම සහ එවන් අය අසු නොවීම. සමහර සමලිංගිකයන් හමුදා. කැඩෙටිං ආදී තැන්වලත්, pedophilia සහ sadists අය ගුරු වෘත්තියත්, තව සමහර අය 
sadist අය පොලිසියත්,necrophilia අය අවමංගල්‍ය ආයතන හෝ රෝහල් වල ආදී වශයෙන්. මෙයින් සමහරක් සමාජයට ඉතා අහිතකර තත්ත්ව උදාකරනවා.

මා හිතන විදිහට ඉහත දැක්වූ sexual deviations අතරින් වඩාත්ම ප්‍රචලිත සමලිංගිකයින්. ඔවුන් ඔවුනට ගැලපෙන අනිකුත් සමලිංගිකයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම, ආදරය කිරීම, විවාහ වීම අනික් අයට කරදරයක් වන්නේ කොහොමද? මම විද්‍යාත්මක පැත්ත ගැන ලියන්න තරම් රිසර්ච් කරල නැහැ. ඒවුණාට මම හිතනවා ඒක කැමැත්තෙන් ලබාගන්න දෙයක් වත් කැමතිනම් වෙනස් කරන්න පුළුවන් දෙයක් වත් නෙමෙයි කියල. එතකොට කෙනෙක් සමලිංගික වෙන්නෙ එයාගෙ කැමැත්තෙන් නෙමෙයි නම් ඒ කෙනාව කොන්කරන එක, ඒ අයට නිග්‍රහ කරන එක හරිද?

මැද පෙරදිග සමහර සමාජ වල ඒ අයට දඬුවම් කිරීමටත් නීති සකසා තියෙනවා. දඬුවමක් දෙන්නෙ හිතා මතා කරන වැරැද්දකට. එමෙන්ම දඬුවමක් දෙන්න ඕන වෙනස් කරගන්න පුළුවන් හැසිරීමකට. මේ දෙකම බැරිනම් ඒක අසාධාරණ කොන් කිරීමක් හෝ වෙන් කොට සැලකීමක් (discrimination) නේද? දකුණු අප්‍රිකාවේ 1994 ට පෙර කළු මිනිසුන්ට වෙනස් කොට හා පහත් කොට සැලකීමක් තිබුණා. ඒකට කිව්වෙ apartheid කියලා. එතෙන්දිත් කළු මිනිසුන් වුවමණාවෙන් එලෙස ඉපදුනේ නැහැ. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය වුණත් ඔවුනට සුදු වෙන්නත් බැහැ. එවන් වෙනසක් ගැන අසාධාරණ ලෙස සලකන එකට විරුද්ධව මුළු ලෝකයම නැගී සිටියා. ඔබත් එලෙස එයට විරුද්ධ වෙන්න ඇති. එහෙම නම් ඇයි ඔබත් ලෝකයත් ඒ හා සමාන අවස්ථාවක හිරවී ඉන්න සමලිංගික අය වෙනුවෙන් වෙනස් විදිහකට හිතන්නේ?.


බටහිර සමාජයේ ඔවුන්ට තමන් ආදරය කරන කෙනා සමඟ ප්‍රසිද්ධියේ එහෙ මෙහෙ යන්න පුළුවන්. සමහර රටවල ඔවුන්ට විවාහ වෙන්නත් ළමයින් හදා ගැනීමට ගැනීම හෝ දායක (surrogate ) මාපියන් ක්‍රමයෙන් තමන්ගේම ළමයින් හදා ගන්නත් පුළුවන්. එමෙන්ම නීතියෙන් ඔවුන්ගේ දේපල අනිකුත් විවාහ වලදී වගේ එකෙකුගේ මරණයකදී අනෙකාට යාම ආදී සෑම ආරක්ශාවක්ම තියෙනවා. 


සමලිංගිකයන් වශයෙන් ජීවත් වන අය සමාජයේ කොන්වීමට අමතරව තවත් බොහෝ දේවලින් පීඩා හෝ විඳිනවා. ආසියානු හෝ පසුගාමී සමාජවල ඔවුන් බොහෝවිට සිටින්නේ සමාජයෙන් හැංගිලයි. ඊටත් අමතර පවුල් වලින් හෝ සමාජයෙන් එන පීඩනය නිසා තමන් අකමැති ලිංගයේ කෙනෙකු හා විවාහ වීමට සිදුවන අය ගැන හිතා බලන්න. 


ඔබට සමලිංගික සහෝදරයෙක්, සහෝදරියක්, දියණියක් හෝ පුතෙක් සිටින කෙනෙක් යැයි මොහොතකට සිතන්න.  ඔබ විරුද්ධ ලිංගයක අයට ආකර්ෂණය වෙන කෙනෙක් නම් ඔබට බලයෙන් සමලිංගික අයකු සමඟ එකට නිදා ගැනීමට, සංසර්ගයේ යෙදීමට සැලැස්වුවහොත් හෝ සිදුවුවහොත් ඔබ පත්වන ජුගුප්සාජනක තත්ත්වය  ගැන මොහොතකට හිතන්න. සමලිංගික අයෙක් සාමාන්‍ය විවාහයකට බලයෙන් තල්ලු කිරීමෙන් ඒ අයට මුහුණ පාන්න වෙනෙනෙත් ඒ හා සමාන දේකට නේද? එවිට ඔබගේ සහෝදරිය, ඔබගේම දියණිය එවන් තත්ත්වයකට පත් කරන්නේ ඔබම නේද යන්න කියා සිතා බලන්න.  


ඔවුනට පාලනයක් නැති මෙවන් වෙනස්කම නිසා පවුලෙන් සමාජයෙන් හැංගෙන, කොන්වෙන කෙනෙක් දුටුවොත් ඒ අයට මානසික සහනයක් වෙන්න සමාජයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එය තමයි ඔබට කල හැකි අවමය..


කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ගහක මල් පිපිලා ගීතය සමලිංගික ආදරයක් ගැන ලියවුණු ගීතයක් බවට සමහර අය අතර මතයක් තිබෙනවා. සිංහල සාහිත්‍යයේ මෙම මාතෘකාව ගැන ලියවුණු මම නොදන්නා තවත් ගීත, කථා ආදිය තියෙන්න පුළුවන්. සමාජයේ අනිකුත් බොහෝ කාරණා වලදී මෙන් සමලිංගිකයන් අතරත් කාන්තාවන් වඩාත්ම පීඩාවට පත් වෙනවා යැයි මම විශ්වාස කරනවා. පිරිමින්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ සමාජයේ බලකිරීම නොසලකා ඉන්න තිබෙන ශක්තිය සහ හැකියාව වැඩියි. මෙලෙස කොන්වන, හිරිහැර වලට, අපහසුතාවයන්ට පත්වන කාන්තාවන් වෙනුවෙන් කලකට පෙර මා රචනා කල ගීතයක් පහල තියෙනවා. මෙම ගීතය සංගීතඥයෙන් දෙදෙනෙකුට පෙන්නුවත් එය ගායනා කිරීමට ගායිකාවන් අකමැති වේවි යන උපකල්පනය නිසා එය තවම ගීතයක් වුණේ නැහැ. එවන් කරදර වලට පත්වන සමලිංගික කාන්තාවන් වෙනුවෙන් මෙම ගීතය පිදෙනවා.


ආදරවන්තයො අත්පටලාගෙන

ආදරවන්තයො අත්පටලාගෙන යන දෙස බලමින් සිනා සැලූ
ඇගෙ ආදරයෙක් සිහිවී වාගේ නෙතඟට කඳුලක් මෝදුවෙලා
නුහුරු නොතේරුණු හැඟුමන් පිබිදී ඇගෙ සිත ඇය වෙත ගිය දවසේ
සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ

ඇගෙ සිතෙ තෙරපෙන ආදර හැඟුමන් කියාගන්න බැරිවී සිරවී
සෙනෙහස හමුවූදා ඇය ඉන්නේ සම්මත හොරුගෙන් එය හංගා
මිනිසුන් විවිධයි ආදරෙ විවිධයි සම්මත නැති බව පිළිගන්නා
දිනයක් ලඟදී එනබව දන්නා බව ඇගෙ මදහස පවසන්නා. 

ආදරවන්තයො අත්පටලාගෙන යන දෙස බලමින් සිනා සැලූ
ඇගෙ ආදරයෙක් සිහිවී වාගේ නෙතඟට කඳුලක් මෝදුවෙලා
නුහුරු නොතේරුණු හැඟුමන් පිබිදී ඇගෙ සිත ඇය වෙත ගිය දවසේ
සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ


ගායනය : තවම නැත
සංගීතය : තවම නැත
පද රචනය : මම

184 comments:

  1. ගීතය ඕනේ එකෙන් පොස්ට් එකේ වටිනාකම වැඩි වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා

      Delete
    2. මේක කියන්න ඕනේ ගායිකාවක් නේද

      Delete
  2. මට හොඳ කම්මුල් පාරක්....හේතුව පුද්ගලිකව කියන්නම්..බුදු අම්මෝ මං සම්බන්ධ දෙයක් නම් නෙමෙයි

    හිතල බලන්න ඕන දෙයක්....ඒත් සම්මතයෙන් ඔබ්බට යන එක හරිද වැරදිද?අනේ මංදා..

    ReplyDelete
    Replies
    1. සම්මත කියන්නේ මිනිසුන් හදා ගත්තු දෙයක්. මේවා ජාන විකෘති සහ වෙනත් හේතු නිසා මිනිසුන්ට වෙනස් කරන්න බැරි දේවල්. එහෙම හිතුවොත් හරි.

      Delete
    2. ඉස්සර සමහර අඩු කුලවල අයට උඩට අඳින්න බැරි එකත් සම්මතයක්.
      ගැහැණුට කලිසම් අඳින්න බැරි එකත් සම්මතයක්

      සම්මතවලින් ඔබ්බට නොගියානම් අපි තාම ගල් ගුහාවල

      Delete
    3. මට නම් සම්මතය කියන්නෙම අසම්මතයක්....සම්මතය කියන්නේ හොටු පිහිදාන්න තියාගෙන ඉන්න ලේන්සුවක් වගේ. ජරාව පිහිදලා ආපහු සාක්කුවේ දාගන්නවා. පිහිදලා අහක දාන ටිශු කෑල්ලක් කොච්චර හොඳද...


      Delete
    4. //සම්මතය කියන්නේ හොටු පිහිදාන්න තියාගෙන ඉන්න ලේන්සුවක් //

      අනර්ඝ උදාහරණයක් අරූ. මෙවන් දේවලට සම්මත දෙයක් තියෙන්න බැහැ. පාරේ යද්දී වමෙන් රිය පැදවීම සම්මතයක් වන්න පුළුවන්. එයින් කාගෙවත් පෞද්ගලික ආශාවනට හානියක් නැහැ. බහුතරයක් විරුද්ධ ලිංගික වූ පලියට එය සම්මතයක් කිය්ල කියන්න බැහැ. ඒකට හේතුව අන් අය සමලිංගික වීමෙන් අන් අයට හානියක් වෙන්නෙ නැහැ. එමෙන්ම සම්මතයක් තිබූ පමණින් සමලිංගිකයන්ට විරුද්ධ ලිංගිකයන් හා හැසිරෙන්න ඕනකමක් හෝ හැකියාවක් නැහැ. එවන් දේකට සම්මත්යක් එකඟ වෙන්න බැහැ

      Delete
    5. ඉස්සර සමහර අඩු කුලවල අයට උඩට අඳින්න බැරි එකත් සම්මතයක්.
      ගැහැණුට කලිසම් අඳින්න බැරි එකත් සම්මතයක්

      සම්මතවලින් ඔබ්බට නොගියානම් මම තාම ජොබ් එකක් නැතුව

      Delete
  3. මිනිස්සු හදාගත්ත සම්මුති වල හිරවෙලා ඉන්න ආසයි. තමන් හරිම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් බව සමාජයට පෙන්නන්න, ඒ තුලින් වන්දනීය ප්‍රතිරූප ගොඩනගා ගන්න ආසයි. ඒ නිසාම සමහර වෙලාවට සිතට එකඟව කලයුතු දේ පැත්තක තියල අර සමාජ සම්මුති වලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. එත් පස්සේ කාලෙක ඒ හිරවීම දරාගන්න් බැරුව පුපුරලා යන අවස්ථාත් නැතුව නෙවේ .

    කොහොම වුනත් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාත්රුකාවකුත් නෙවේ

    ReplyDelete
    Replies
    1. //තමන් හරිම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් බව සමාජයට පෙන්නන්න, ඒ තුලින් වන්දනීය ප්‍රතිරූප ගොඩනගා ගන්න ආසයි. ඒ නිසාම සමහර වෙලාවට සිතට එකඟව කලයුතු දේ පැත්තක තියල අර සමාජ සම්මුති වලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා.//

      ඒ වුණාට ඇතුලෙන් පීඩා විඳිනවා, නැත්නම් නිත්‍යානුකූල නොවන දේවල් හරහා එම ආශාවල් ඉශ්ට කරගන්න උත්සාහ කරනවා. බොහොම ස්තූතියි ඉවාන්

      Delete
  4. මෙයින් Pedophilia වැනි deviations සමාජයට ඉතා හිතකරයි///
    කුඩා ළමුන් සමඟ ලිංගික ඇසුර පැවත්වීමට කැමති අය (Pedophilia)///

    Pedophilia අය සමාජයට හිතකර වෙන්නෙ කොහොමද ඉයන්... ඒක ටිකක් විතර අවුල් වගේ නැද්ද

    ReplyDelete
    Replies
    1. මළ කෙලි දෙකයි. තව ටිකෙන් හිරේ යන්න වෙන්නෙ. බොහොම ස්තූතියි මහේෂ්. ඒක හැදුවා.

      Delete
    2. මයියෝ හරි ඒක වෙනස් කරා මේ ගැන උබගේ කෙමෙන්ටුව කොටපන්

      Delete
  5. ගහක මල් පිපිලා ගීතය එවන් අත්දැකීමක් වෙනුවෙන් ලියාවුණා කියල මං දැනගත්තෙ මීට සතියකට විතර උඩදි ඉයන්. ලිපිය කියෙව්වා. ඒත් 'මේ කාරණාව සම්බන්ධව' සම්මතයෙන් පිට පනින1 ගැන මට තියෙන්නෙත් ඩබ්. කේ. ගෙ විචිකිච්චාවමයි. ෆීලින්ග් අනේ මන්ද....

    ReplyDelete
    Replies
    1. ඉයන් මෙයාව බ්ලොග් රෝලට එල්ලන්න මෙයාගේ බ්ලොග් ඒක හොයා ගන්න අමරුයි

      Delete
    2. http://lepataheena.blogspot.com

      Delete
    3. ගීතය ඕනෑම මානයකින් රසවිඳීම රසිකයාගෙ අයිතියකි.නමුදු පදරචකයාගෙ,ගායකයාගෙ හා තනු නිර්මානකරුගේ දෘෂ්ටියට අනුව ගහක් මල් පිපිලා ගීතය සමලිංගික ආදරයක් වටා ගෙතුනු ගීයක් නොවෙයි.මෙය සංවාදයට බොහෝවරක් බඳුන්වූ ගීතයක්.

      Delete
    4. ////ගීතය ඕනෑම මානයකින් රසවිඳීම රසිකයාගෙ අයිතියකි.නමුදු පදරචකයාගෙ,ගායකයාගෙ හා තනු නිර්මානකරුගේ දෘෂ්ටියට අනුව ගහක් මල් පිපිලා ගීතය සමලිංගික ආදරයක් වටා ගෙතුනු ගීයක් නොවෙයි.මෙය සංවාදයට බොහෝවරක් බඳුන්වූ ගීතයක්.////////

      ඔව් මේ ගීතය පමනක් නොවේ මෙවන් ගීත බොහොමයක් ගැන බ්ලොග්ස් තුල පවා රසවත් සංවාද ඇතිවුනා. මනෝෂ් එවායෙදි ක්‍රියාකාරි සංවාද ගොඩ නැගුවා.

      Delete
    5. යමුනා මාලිනිය එවන් අදහසක් කියූ බව තමයි මට මතක. නමුත් මට තහවුරු කරල කියන්ටනම් බෑ මට ඒ කතාව කිව්වෙ මිතුරියක් මිසක මමම ඒක නොඅහපු නිසා.
      //ගීතය ඕනෑම මානයකින් රසවිඳීම රසිකයාගෙ අයිතියකි.//මනෝෂ් ඔබේ අදහස පිළිගන්නව මම.

      Delete
    6. //සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරැ කැටයම්
      හිරැට පෙම්බැඳි එකද තරැවක් සිටිය නොහැකිද යම්//

      මේ පේලි දෙකෙන් නම් වෙන වෙනසක් ගැන කියනවා යැයි මට නම් හිටෙන්නේ නැහැ.

      Delete
  6. //මෙයින් Pedophilia වැනි deviations සමාජයට ඉතා හිතකරයි. Frotteurisme, exhibitionist, voyeurism වැනි deviations සමාජයට කරදරයක්.// මේක අවුල් නේද? කුඩා ළමුන් එක්ක ලිංගික ක්‍රියා වලට කැමති වීම හිතකර වෙන්නේ කොහොමද? අනිත් දෙක කෙසේ වෙතත් Voyeurism වලින් කාටවත් 'ලොකු' කරදරයක් වෙන්නේ නෑ කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. මළ කෙලි දෙකයි. තව ටිකෙන් හිරේ යන්න වෙන්නෙ. බොහොම ස්තූතියි. ඒක හැදුවා.

      Delete
  7. අපි අහලා තිබුණා ගැනු පිරිමි මාරු කරගන්නවා කියලා , තමන්ව පටියකින් බැදලා කෙල්ලගේ කකුල් ලෙව කන්න කියනවා කියලා , ඔය වගේ ගොඩක් කතා අහලා තිබුනට මම විස්වාස කරේ නැහැ එහම අය ලංකාවේ ඇති කියලා. මගේ යාලුවෙක් දවසක් කිව්වා "මචං මම සිංගර්ස් පාර්ටි එකක් ලැහැස්ති කරනවා" "මට එකට උදව් කරන්න විශවාස යාලුවෙක් ඕනේ වරෙන් " කියලා.
    මම ඒක දැක්කා එතනට කපල් 12ක් ආවා . කපල් මරු උනා ඒක කාමරේ හිටියා. පාර්ටිය ඉවර වෙලා මම මගේ යාලුවගෙන් ඇහැව්වා මේ ගැන ඌ මට කිව්වේ
    "මචෝ මෙතනට ආපු හැම කපල් එකක්ම ඔරිජිනල් මැරිඩ්' මම මේ පාර්ටිය ලැහැස්ති කරේ එයාලගේ ඉල්ලීමට" "ගැනිට හොරෙන් මිනිහා යනවා මිනිහට හොරෙන් ගැනී යනවට වඩා මෙහම අවබෝදයක් තියන ඒක හොද නැද්ද?" කියලා .
    සමලිංගික සමබන්දයෙන් මම දරන්නේ මෙහම මතයක්
    "ඒක එයාලගේ කැමැත්ත අපි ඒක නොකරා කියලා එකට ගරහන්න අපිට අයිතියක් නැහැ"

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ ස්වින්ගිං (swingining) කියලා. ඒක deviations වලට අදාල එකක් නෙමෙයි. Monogamy එනම් එක පාර්ට්නර් කෙනෙක් සමඟ විතරක් ලිංගිකව හැසිරීම සහ polygamy හෙවත් පාර්ට්නර්ස් ලා වැඩි දෙනෙක් සමඟ එසේ හැසිරීමට අදාල වෙන දෙයක්. සමහර කපල් කීප දෙනෙක් එකතුවෙලා මේක කරනවා. ඒඅය සියළු දෙනාම එකතැනකට එකතුවී තමා පැමිණි වාහනයේ යතුර එක වැහුණු භාජනයයට දමනවා. බිරින්ඳන් වාහනයේම නැවතී සිටිනවා. එක් එක් කෙනා අතදමා එක යතුරක් තෝරාගන්නවා. එසේ තෝරාගත් ගත් යතුරට අයත් වාහනය සහ එහි සිටින කාන්තාව සමඟ පිටත් වෙනවා. පසුව නැවත හමුවී වාහනය සහ බිරින්ඳන් විවාහ සහතික අනුව ආපහු යනවා.

      ඒක නෙමෙයි උඹේ යාළුවාගේ කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද ? හැක්. අමතක වුණා. අපි ඕවට නෑනේ අපිට දැන් බෑනේ. හෙහ් හෙහ්

      Delete
    2. https://www.facebook.com/wifeswapping

      Delete
    3. I am going to get married again. Just to join this clus, tka PraJay :)

      Delete
    4. https://web.facebook.com/couplepartymountlavenea/?fref=ts

      Delete
    5. මගේ යාළුවා කියන විදිහට ඒ පාර්ටි ලැහැස්ති කරන එකම එකා ඌ.
      1983 ගල්කිස්සේ තිබුනලු 80 club කියලා එකක් එකේදී තමයිලු ඔය කාර් වල යතුරු මරු කරන ක්‍රමය තිබුනනේ. මේ පාටි එකේදී කාර් වලින් නෙමයි ත්‍රි විල් වලිනුත් කපල් ආවා මාව තමයි ඒ එන අයව පිළිගන්න දාලා තිබුනේ. ඊටපස්සේ එයාල ඔක්කොම උඩම තට්ටුවේ ඕපන් ඒරිය රෙස්ට්ටුරන්ට් එකට එක්කරගෙන ගියා පොඩි අඩියකින් පස්සේ එයාල තම තමන්ව අදුන්නලා දුන්නා ඊට පස්සේ පොඩි පොඩි ගේම්ස් ටිකක් තිබුණා පස්සේ කට්ටියම කාමරයට ඇවිත් ඕපන් සෙක්ස් සෙෂන් එකක් තිබුණා. එතනට ආපු කපල් වලට ඒක පොදු කාරණයක් තිබුණා එයාලා කසාද බැදපු අය එත් ඒක කපල් එකක් ලෙවින්ග් ටු ගේදර්

      Delete
    6. ඌ එහම කරපු තුන්වෙනි පාර්ටියලු ඊට වඩා වෙනස් විදිහේ පාටියක් ගැනත් ඌ මට කිව්වා, උබ අවසර දෙනවනම් මම ඒවා කෙමෙන්ට් එකක් විදිහට කොටනවා.
      අර පාර්ටි එකේදී ඌ ට නම් අවස්තවක් ආවා මමනම් බයටම ගල්ටික් වෙලා හිටියේ. ඒක බලන්න වටිනා වැඩක් මචෝ එතනට ආපු හැමෝම මම හිතන විදිහට හොද ජොබ් කරන දැන උගත් අය උන් අතර තිබුණා හිතවත් කම මට අදත් හිතාගන්න බැහැ

      Delete
    7. මගේ අම්මෝ ලංකාවේ වෙන ඒවා. කොටට ඇඳන් යන්වටයි කට්ටිය විරුධ්ධ,.

      Delete
    8. ගෑණු කොටට අඳිනවට විරුද්ධ ගෑණු අය පමණයි. අපි විරුද්ධ වෙයි ඕවට. රෙදි ඉතුරු කරගන්න කරන ඒවනෙ. ඉතින් පිරිමි ඕවට සපෝට්. හෙහ්

      Delete
    9. අජිත් අයියට කියන්න මම ඕක විස්වාස කරේම නැහැ ඒ නිසාමයි මගේ යාළුවා මට අවස්ථාවක් අරගෙන දුන්නේ එතනට සහබාගි වෙන්න හැබයි එතනට ආපු කිසි කෙනෙක් කැමරා, පෝන් මුකුත් අරගෙන ආවෙ නැහැ
      මමත් ඕවට විරුද්ද නැහැ සදුට උනත් මම කියන්නේ "ඔයාට වෙන මිනිහෙක් එක්ක යන්න ඕනෙනම් මට කියලා යන්න" ආයා ඒක වෙන තැනකින් ආරංචි වෙනවට වඩා මාව දැනුවත් කරලා යන්න. ගැනී හරි මිනිහා හරි යනවනම් යනවමයි ආයා ඒක නවත්තන බැහැ

      Delete
  8. //මෙයින් Pedophilia වැනි deviations සමාජයට ඉතා හිතකරයි// ??
    මම හිතන්නෙ මෙතන අහිතකරයි වෙන්න ඕන නේද​?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඒක හැදුවා.

      Delete
  9. ගහක මල් පිපිලා ගීතය සමලිංගික අර්ථයක් තියනව කියන්න තියන සාධක මොනාද? සිංදුවෙ වචන වලින් මට එහෙම දෙයක් තේරුම් ගන්න බෑ. ටිකක් පැහැදිලි කරන්න.

    ReplyDelete
  10. හිස් අහස සදරු කතාවක් ලියලා ගිහින් එන්න

    ReplyDelete
    Replies
    1. යන්නම් යන්නම් තැන්ක් යූ

      Delete
  11. මේක කතාකරලා ඉවරකරන්න පුළුවන් මාතෘකාවක් නෙමේ. මිනිස්සු නිදහස්ව හිතන්න පුරුදුවුන දවසට මේවා සාමාන්‍යකරණය වේවි. මට මතකයි කාලෙකට කලින් රවී අපුරු කෙටි කතාවක් ලියා තිබුණා සමලිංගික තරුණියන් දෙදෙනෙක් ගැන.

    ගහක මල් පිපිලා ගීතය සමලිංගික ආදරයක් ගැන ලියවුණු ගීතයක් බව දැන ගත්තේ අද. නැත්නම් මේකත් අර රුවක් ඇදෙනවා ගීතය ගැන තිබුණා වගේ කතාවක් විතරද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය. ගහක මල් පිපිලා කියන සිංදුව ගැන එහෙම මතයක් මම අසා තිබෙනවා. හරි වැරැද්ද දන්නෙ නැහැ.

      Delete
    2. රුවක් ඇදෙනවා ගීතය ගැන කතාව මොකක්ද

      Delete
    3. @මෙන්ඩා
      http://sinduwagemiyasiya.blogspot.com/2014/02/gay.html

      Delete
    4. ඔව් යෙස්ස් මටත් ඇහිලා තියනවා කපු "ගේ"යි දිවුල්ගනේ "ගේ"යි කියන බසිංදුව
      ඒක එල ද බ්‍රා පොස්ට් ඒක

      Delete
  12. ඩෙසිටේශන් එකට රිසර්ච් 2 ක් කළා ඒවා තමයි.
    1. පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය.
    2. සමලිංගිකත්වය.
    දෙකෙම නිගමනේ උනේ ගොඩක් දෙනාට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නැ. සමලිංගික සබඳතා වලට ගොඩක් අය යොමු වෙලා තිබුනේ නො දැනුවත්කම නිසා. ලංකාවේ පාසල් අද්‍යාපනයෙන්වත් පවුලෙන් හෝ සමාජයෙන්වත් නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ.

    වැදගත් කාරණයක් තියනවා. ලංකාවේ බාලක බාලිකා පාසල් වල වලට අමතරව සිරමැදිරි, පුනරුත්තාපන මධ්‍යස්ථාන වල සමලිංගිකයන් දකින්න පුලුවන්. විශේෂයෙන් බාලිකා පාසල්වලට යන ගැහැණු ළමයි ගැන මේ කාරණය නිසා සමාජයේ තියෙන්නේ වැරදි ආකල්පයක්.
    “ආ කොන්වන්ට් ද“
    කියලා හිනා වෙනවා.. මේ මිනිසුන්ගේ තියන ආකල්ප නිසා දෙයක් කරන නො කරන හැම කෙනෙක්ම අසරණ කරනවා.

    මනෝ විද්‍යාෙව් සමලිංගිකත්වය අසාමාන්‍ය චර්යාවක් විදිහට හඳුන්වනවා. ඒත් ඔව්න් කොන් නො කර ප්‍රතිකාර කළ යුතුයි කියන්නේ..
    ඇතැම් විදේශ රටවල සමලිංගික පිරිස අන් අයට ඒ බව දැනුම් දීමට විවිධ සංකේත සඥා භාවිත කරනවා කියනවා...
    උදාහරන එක කනකට කරාම්බු දැමීම ඉන් එකක් කියනවා.


    මේ කාරණා ගොඩක් දැන ගන්න ලැබුනේ මං කියපු රිසර්ච් වලින්... තව ගොඩක් දේ තියනවා ඉයන්...
    ගහක මල් පිපිලා කියන සිංදුව ගැන මේ ලඟදී මේ වගේ කතාවක් අහන්න ලැබුනේ හරිද නැද්ද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි. ඔබ එහෙනම් ගොඩක් මේ ගැන හදාර තිබෙනවා. රිසර්ච් එක අධ්‍යන කටයුතු වලට සීම නොකර එය වැඩි දෙනෙක් අතට පත්වන විදිහක් බලන්න. අඩුම තරමේ අධ්‍යාපන අමාත්‍යාංශයටවත්.

      Delete
    2. වැඩක් වෙයිද ඉයන් අධ්‍යාපන අමාත්‍යාංශයට දුන්නට අන්තිමට වෙන්නේ නිර්මනිත් ආප්ප කෙස් එකක් කියලා ඒ කෙල්ලගෙන් අයුතු ප්රෝය්ප්ජන ගන්න බලන ඒක විතරයි.
      පුදුමයි තවම උබට කොලු කාරයෙක් හරි අස්වබවික ලිංගික ආශාවන් තියන එකෙක් කියලා ඇනෝ කෙනක් ගැහැව්වේ නැති ඒක මේ ලිපිය නිසා

      Delete
    3. මෙන්ඩා මම විශ්වාස කරන දෙයක් තමයි අපි කරන දෙයින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙයි හෝ නොලැබෙයි කියල හිතලා යමක් නොකර සිටීමට වඩා අපිට කල හැකි උපරිම ප්‍රමාණය කල යුතුයි කියන එක. එවිට අපිට අනාගතයේදී යමක් නොකිරීම ගැන කණගාටු වීමට අවස්ථාවක් නැහැ.

      මම මෙහෙම දෙයකුත් කියන්නම්. කලකට පෙර අධ්‍යාපනය ගැන කල යුතු දෙයක් ගැන මම කෙනෙකුට කීවා. ඔහු කියන නිසා ඔහු දන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ පුද්ගලයෙකුව මුණගැහුණා. මම ඒ ගමන ගියේ මේ ආණ්ඩුවේ සේවකයෙක් සමඟ කථා කිරීමට යොදවන මගේ කාලේ අපරාදේ යැයි සිතමින්. ඔහු හා කථා කරන්න ගත් පසු මට පුදුම හිතුනා. ඔහු පෞද්ගලිකවත් ඔහු අයත් ඒකකයත් මම කියන අංශය ගැන කොතරම් උනන්දුවක් දක්වා ඇතිද කොතරම් දේවල් සිතා ඇත්ද කියා. සමහර දේවල් ගැන මම කියනවාටත් වඩා දුරට ඔවුන් සිතා තිබුණා. එවකට සිටි දේශපාලන අඳබාලයන්ගේ පුහු වැඩ වලට යෙදෙන අතරේ මෙම නිලධාරීන්ගේම උනන්දුවෙන් අනිකුත් ප්‍රායෝගික සහ පළදායී වැඩ ගැන කොතරම් උනන්දුවක් අරගන්නවාද කියන එක මට තේරුණා. පොදුවේ රාජ්‍ය අංශය ගැන තිබෙන අදහස කුමක් වුවත් ඒවගේ මසුරන් නිලධාරීන් කොතෙකුත් සිටිනවා.

      Delete
  13. සංකීර්ණ මානව හැඟීම් චිත්ත සංවේදනා රාමුකරන්න,සීමා කරන්න, තහනම් කරන්න බෑ.වෙන්න ඕනි එකම දේ මිනිසා මිනිසාට කරදරයක් නොවී ජීවත්වීමයි.ඒ කීවෙ කැමැත්ත.විරුද්ධ ලිංගික කමෙන්වත්, ස්මලිංගික කමෙන්වත් අවුලක් නෑ ඒකෙන් තව කෙනෙක්ට හිරිහැරයක් නොවෙනවානම්. කැමැත්ත අකමැත්ත තමන්ට අදාල දෙය්ක්.සරලව ගත්තොත්,කෙනෙක් චීස් වලට කැමතියි,බටර් ව්ලට අකමැතිවෙයි.එහෙම කියල බටර් කන කෙනා අවුල් වෙලා වැඩක් නෑ.දෙන්න එකිනෙකාට බලපෑම් නොකර පාඩුවේ කැමති දෙයක් කාල ඉන්නෝනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝශ්. අන් කෙනෙක්ගේ කැමැත්තට හෝ අකමැත්තට බලපෑම් කරන්න කාටවත් අයිතියක් තියෙන්න බැහැ.

      Delete
  14. ඉන්දියානු ෆයර් ෆිල්ම් එකේ වගේම, I Love You Philip Morris ඇමරිකානු ෆිල්ම් එකෙත් මේ ගැන කතා කරනව. ෆයර් ඇසුරින් ලංකාවෙ හදපු එක ගැන නං ඉතං කතා කරන්න ඕන් නෑනෙ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩ්‍රැකී. මොකද්ද ලංකාවේ හදපු ෆිල්ම් එක?

      Delete
    2. මමත් ගැහැණියක්!

      Delete
  15. LGBT = lesbian, gay, bisexual, and transgender.
    අයිතිහාසික LGBT අයගේ ලයිස්තුවක් :-

    http://www.algbtical.org/2A%20PEOPLE.htm

    ReplyDelete
    Replies
    1. පැනමා ලිස්ට් එක වගේ එකක්ද?

      Delete
    2. අර මගේ යාළුවා හදුනන තව කෙනක් ඉන්නවා මිනිහා කියන විදිහට මිනිහා Dr කෙනක් එයාගේ තියනවා LGBS කියලා සංගමයක් එකෙන් එයා ඔය සම්බන්ද කැමති අයගේ විස්තර එකතු කරනවා. ඔයඑස් අකුරේ තේරුම මොකක්ද

      Delete
  16. ඊයා ඔයාලා ඔක්කෝම වල් වෙලා... එකෙක් ලැස්බියන් ගැන ලියලා.. තව එකෙක් කොලු කාරයෝ ගැන ලියලා.. හත් අවුරුද්දකට පස්සෙ ලියන්න ආපු එකෙක් කැරි කන රිලව් ගැන ලියලා.. ඒකටත් එක්ක මෙයා ඔක්කෝම ගැන ලියලා...

    ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන්නේ එයා බලයට ආවොත් ට්‍රාන්ස්සැක්සුවල් අයට ඕන ටොයිලට් එකකට යන නීතී ගේනවය කියලා... මට ඒ යකා ගැනත් සැකයි..

    ReplyDelete
    Replies
    1. //ඊයා ඔයාලා ඔක්කෝම වල් වෙලා//

      හෙහ් හෙහ් මාතෙ, මේ උපේක්ශ තමයි හැමෝම වල් කරන්නෙ . බොහොම ස්තූතියි.

      Delete
    2. හඃ ? මම වල් කළා කිව්වා? ඉඳහල්ලා මම වල්නාශකේ ගහන්න...

      Delete
    3. ඊලඟ පොස්ට් එක suicides ගැන ලියලම ගහන්න හැක්

      Delete
    4. උපේක්ෂා උබට මගේ සැලුට් ඒක බැමි කඩාගෙන එලියට ආපු එකට

      Delete
    5. ගෞරවය යායුත්තේ උපේක්ශාට. මම එය ඇතිකරපු උනන්දුව උඩ ගියේ.

      Delete
    6. ඒ කියන්නේ උපේක්ශා "came out "

      Delete
  17. මම නම් බ්ලූ බලන කොට ලැස්බියන් ඒවට තමයි කැමති... මොකෝ බඩු දෙකක් තුනක්ම බලා ගන්න පුළුවන්නේ...

    ReplyDelete
    Replies
    1. //මොකෝ බඩු දෙකක් තුනක්ම බලා ගන්න පුළුවන්නේ//

      ලෙස්බියන් ලයිව් ශෝස් වලටත් පිරිමි ගොඩක් යනවා කියලා අහලා තියෙනවා. ඔය හේතුවටම වෙන්න ඕන. ස්තූතියි මාතෙ.

      Delete
  18. ගහක මල් පිපිලා ගීතය සමලිංගික ගීතයක් කියන එක ගීත රචකයා විසින්ම ප්‍රතික්ෂේප කරපු කාරණයක්. ඒකෙ කියවෙන්නේ එකිනෙකාට බොහෝ වෙනස් ( බොහෝවිට වෙන් වෙන් අයට විවාහවුනු දෙදෙනෙක් හෝ වෙනස් පරිසර දෙකක ඉන්නා දෙදෙනෙකුගේ අතිශය සියුම්, ගැඹුරු ආදර හැඟීමක් ගැන.) ' මහවැස්සක පෙර නිමිති' ගීතයත් මේ ජාතියේ කියල කියනකොට ගීත රචකයා පවා තෘෂ්නිම්භුත වෙලා උන්නා. මට මතකයි මම අහම්බෙන් කියෝපු පත්තරක් තිබ්බ X කණ්ඩායමෙන්ද කොහෙද කරපු. ඒකෙ හැටියට අම්මත් එක්ක යහගතවිමත් ඉතාම සාමාන්‍ය හැඟීමක්. හිතන විදියේ අවුලක් කියන එක නම් පැහැදිලියි. අපේ තියෙන ගතියක් තමයි ඔය වගේ අදහසක් කියපු ගමන් පැණි මුලක් දැකපු කුඹි වගේ ඒක වටේ පොදිකන එකත් ඒ සංකල්පය නිසා ඌ පොරක් වීමත්. ඕනේ තරම් උදාහරණ කියන්න පුළුවන්.

    සමලිංගික කියන්නේ ඉස්සර වගේ පිළිකුල්සහගත දෙයක් කියලා 'දැන්' පිළිගන්නේ නැහැ. නමුත් තාමත් මිනිස්සු තුල අර ප්‍රතික්ෂේප කිරීම තියෙනවා. බටහිර කරන ඕනෙම දෙයක් ෂෝයි කියල හිතන අයට පොඩ්ඩක් උගුර පැටලෙනවා.

    සමලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ගේ ජිවිතේ නෙවෙයි. ඔවුන්ගේ ජිවිතේ එක තේරීමක් වන ලිංගිකත්වයේ පමණක් තේරීමයි. එයින් සියල්ල වෙනස් වන්නේ නැහැ. එය අතිශය පුද්ගලික තේරීමක්. ඒකත් කැමති කෑමක්, කරන්න කැමති රස්සාවක් වගේ දෙයක්. නමුත් මට පෙනෙන විදියට බොහෝ අයට ඇත්තේ ඒ පිළිබඳව විකෘති මානසික තත්වයක්. ස්වභාවයට වඩා අස්වාභාවික චර්යාවක්. ලිංගික ආකර්ෂණය එකම ජාතියේ අය අතර ඇතිවෙනවා කියන්නේ සාමාන්‍යයි. හිතන්න සමහරුන්ට ඒ හැඟීම එන්නේ අජීවී වස්තුන් කෙරෙහි විතරමයි. ඉතින් ඒකත් විකාරයක් නේද ඒ හා සමානවම?

    බුද්ධ ධර්මයේ සමලිංගික සේවනය 'තහනම්' කරලා නැහැ. ගිහියන්ට කියලා තියෙන්නේ අවිවාහක නම් 'කුමර/කුමරි බඹසර ' රකින්න කියලත්, විවාහක නම් පරදාර සේවනය නරකයි කියා සහ එහි විපාක. පැවිදි අයගේ ඒවා ගැන මට කියන්න තරම් දැනුම මදි කියා මට හිතෙනවා.

    මම කවුන්සලින් කරනකොට ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා මේ ගැන.

    ස්තුතියි ඉයන්.

    ReplyDelete
    Replies
    1. //සමලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ගේ ජිවිතේ නෙවෙයි. ඔවුන්ගේ ජිවිතේ එක තේරීමක් වන ලිංගිකත්වයේ පමණක් තේරීමයි. එයින් සියල්ල වෙනස් වන්නේ නැහැ. එය අතිශය පුද්ගලික තේරීමක්//

      බොහොම ස්තූතියි උපේක්ෂා. ඔබගේ පෝස්ට් එකටත් නැවත්ත් තුති. ඔබ කියන දේ අති වැදගත් දෙයක්. මේවා ජීවිතයේ එක පැත්තක් පමණයි. කලා ක්ශේත්‍රයෙන්, විද්‍යාවෙන් සමාජයට විශාල සේවයක් කරපු අය ඉන්නවා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ විවිධ orientations තියෙන. ඇත්තටම මිනිසෙක් දිහා බලනකොට සම්පූර්ණ මිනිසා දිහා බැලීම කියන එක අති වැදගත්. පාට, ජාතිය, ආගම සහ මේ වගේ දේවල් දිහා නොබල.
      බොහොම ස්තූති.

      Delete
    2. බුද්ධාගමේ කොහොමෙයි අනේ සමලිංගිකත්වය තහනම් කොරන්නේ... ඒවයෙ උපත තියෙන්නෙත් බුද්ධාගමේම වන කොට.. පන්සල් කියන්නේ පස්ස පැත්ත බොහෝම අමාරුවෙන් බේරාගන්න ඕන තැනක්.. දැන් නම් දහම් පාසැල් වලටයි උපාසිකාවන්ටයි පින් අත් වෙන්න කොල්ලෝ පොඩ්ඩක් බේරිලා ඉන්නවා.. නැත්නම් ඉතින් පුක නෑ...

      Delete
    3. හෙහ් හෙහ් මාතෙ, මෙවන් දේවල් කතෝලික සෙමිනරීස් වලත වෙන බව අසා ඇත්තෙමි.

      Delete
    4. මාතලන් කුමන ආගමක් ධර්මයක් අදහන්නෙක්ද යන්න වැදගත් නැහැ. එහෙත් ඔහු ඉතා බරපතල ලෙස බුදු දහම හා වෛරයකින් පසුවන්නෙක්.
      මේ වගේ හරවත් වැදගත් සාකච්චාවක් මැදින් පැන ඒකත් යොදාගෙන බුදු දහමට ගරහන්න තැත් දරන්නේ අන්න ඒ උමතු මානසිකත්වය නිසයි.
      ලේකඛයෙක් බ්ලොග් කරුවෙක් ලෙස මීට වඩා සාධාරනව සිතිය හැකි මනසක් ඔහුට ලැබිය යුතුයි.

      Delete
    5. උපේක්ෂා, ඔබ බුදු දහමේ නොදන්නා තැන ගැන ප්‍රකාශ නොකිරීමට ප්‍රවේසම් වීම ඉතා හොඳ ගුනයක්. මම දැකලා තියෙනවා ඇතැම් අය බුදු දහමේ සම ලිංගිකත්වය ගැන කථා කරල නැහැ තහනම් කරල නැහැ වගේ අදහස් පවා ප්‍රකාශ කරනවා.
      ඒත් ඇත්තටම, සම ලිංගික හැසිරීම් දක්වපු භික්ෂූන් ගර්හාවට ලක් කරමින් බුදු හිමියන් එයට එරෙහි වූ විනය නීති පනවලා තියෙනවා. මා විසින්ම විනය පිටකය පරිශීලනය කිරීමෙන් දන්නා කරුනු මත පදනම්වයි මම මෙහෙම කියන්නේ. සියළු ආකාරයේ පිනවීම් හා ආශ්වාදයන් බුදු හිමියන් භික්ෂු සමාජය උදෙසා බැහැර කොට තිබෙනවා. නොයෙකුත් ආකාරයේ සමලිංගික හැසිරීම් බුදුන් දවසත් වාර්ථා වී තිබෙන බවනම් විනයට අනුව සත්‍යයක්.

      Delete
    6. බොහොම ස්තූතියි සිතුවිළි සි. විනය පිටකය අදාල වන්නේ භික්ශූන්ට පමණක් නේද? පැවදි නොවූ අය ගැන එවන් ඉගැන්වීමක් ගැන ඔබ අසා තිබෙනවාද? ඔබ මේ ගැන වැඩි විස්තරයක් කළොත් ප්‍රයෝජනවත් වේවි.

      Delete
    7. Budu dahama ekka mage Kisi awlak ne. Mama hoda bawddayek. Eth hora sangayo ekka Mata gemak thiyenawz

      Delete
    8. මටත් පැටලුනා මේ කවුද කියලා.. පැටලෙන්නෙ නැති විදියට මං නම මාරු කරගත්තා ඉතින්.. :)

      Delete
    9. බොහොම ස්තූතියි අජිත් :)

      Delete
    10. ඔව් ඉයන්,
      බුදු දහමේ විනය නීති පනවා ඇත්තේ භික්ෂූන් උදෙසා කියන එක කවුරුත් දන්නවානේ. භික්ෂු විනය යටතේ විසම ලිංගික හැසිරීම් ඇවැත් ලෙස දැක්වූ විට ඇතැමුන් සම ලිංගික, වැඳිරියන් ආදී සත්ත්වයන් සමග ආදී ලෙස විව්ධ ආකාරයෙන් ලිංගික තෘප්තිය සොයා ඇති බවයි විනය පිටකය කියන්නේ. එහිදි ඉතාම පැහැදිලිව බුදු හිමියන් මිනිස් ගැහැණුන් හෝ පිරිමින් සමග, තිරිසන් ගැහැනුන් හෝ පිරිමින් සමග, අමනුෂ්‍ය ගැහැණුන් හෝ පිරිමින් සමග අභ්‍යන්තර ලිංගික එක්වීමක් පරාජිකා ඇවැතක් ලෙසත්, භාහිර ලිංගික තෘප්තියක් ලැබීම සංඝාධිසේස ඇවැතක් ලෙසත් ගර්හාවට ලක් කොට තිබෙනවා.
      මෙහි අමනුශ්‍ය කියන කොටස ගැන මගෙන් අහන්න එපා මට එය වැටහෙන්නේ නැහැ.
      ගිහියන්හට බුදු හිමියන් කිසිදු තැනෙක කිසිදු විනය නීතියක් පනවා නැහැ. ඉහත උපේක්ශා දක්වා ඇති කාරනා පවා බුදු හිමියන් ගිහියන්ට අනුමත කොට ඇත්තේ සමාදන් විය හැකි සීලයක් ලෙසයි. එනම් ඔබ කැමතිනම් එසේ පිළිපදින්න ඔබට යහපත් ප්‍රථිපල ලැබෙයි වශයෙනුයි.
      මිනිසුන්ගේ විවිද වූ විශම වූ පැවැත්මවල් බුදු දහම සමග ගැටෙන්නේ නැහැ. එය ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවය මතම පවතින තත්වයක් මිස කිසිවෙකුට වෙනස් කල හැකි හෝ වෙනස් කල යුතු තත්වයක් නොවෙයි.
      එහෙත් අනෙකෙකු මත බලපෑමක් එල්ල කිරීම නම් තමා විසින්ම ත්මාගේ වල කපා ගැනීමක්. බුදු දහම අනුව මෙය විග්‍රහ කල හැක්කේ එලෙසයි.

      Delete
    11. මාතලන්,
      ඔබ බෞද්ධයෙකු එස ඔබව හඳුන්වා ගැනීම නිසා මම මෙහෙම කියන්නේ,
      සංඝ කීවිට එයින් කියැවෙන්නේ අගසව් දෙනමගේ සිට අද දක්වා සිටි හා සිටින සෝවාන් ආදී මාර්ඝ හා ඵල ලැබූ පැවිදි බුද්ධ පුත්‍රයන් වහන්සේලායි. අවශේශ භික්ෂූන් කරන නොහික්මුනු කම් හා ඇතැම් භික්ෂූ වේශධාරීන් කරන අමන කම් වලට සංඝයාට ගැරහීම නොකල යුතුයි.
      සංඝයා හා භික්ෂු වේශ්ධාරී අමනයින් අතර වූ වෙනස නුවණුන් දකින්න. ඔබ සිතන මිනිසෙකු ලෙස මා කී දෙය ඔබ වටහා ගන්නවා නියතයි.

      සිතූ,
      මා ඔබව අපහසුවට පත් කිරීමට කිසිසේත්ම සිතුවේ නැහැ. මේ බ්ලොගය හොඳ මාතෘකා සාකච්චාවට ගන්නා තැනක් නිසා මම එය කියැවීමට ආවා. එපමණයි.

      Delete
    12. සිතුවිලි සිතූ බොහොමත්ම ස්තූතියි. ඔබෙන් යමක් ඉගෙනගත්තා.

      Delete
    13. අයියෝ ඉයන්, මම සිතූව අපහසුවට පත් කරන්නේ නැහැ කියලා ඉවර කරන්නත් කලින් ඔබ මට සිතුවිලි සිතූ කියා අමතලා.

      "සිතූ" මේක මගේ වරදක් නෙවෙයි.

      Delete
    14. සමාවෙන්න සිතුවිළි සි. හෙහ් හෙහ් . වයසක අපිට මේ වගේ වැරදීම් වෙනවා.

      Delete
  19. හොඳට හිටි ඉයන් තුමා චන්දෙකට තරඟකොරන්න යන පාටයි!

    ReplyDelete
    Replies
    1. එහෙම කිසිම අදහසක් කවදාවත් ඇතිවී නැහැ. ඉදිරියට ඇතිවන්නෙත් නැහැ. මගේ හැකියාවන්ගේ සීමිත බව ඉතා හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. බොහොම ස්තූතියි සාර ස තුමා.

      Delete
  20. වැඩිය කතා නොකරන වහලා තියෙන මාතෘකාවක්........... ඒත් අපි හිතනවාට වඩා පොඩි කාලයේ හෝ පසු ව හෝ සමලිංගික අත්දැකීම් අවස්ථාවක් ලැබූ අවස්ථාවකට ආරාධනාවක් ලැබූ අය බැලුවොත් ගොඩක් වැඩිවේවි... නමුත් මේ මාතෘකාව ගැන කතා කරන්නේ අඩුවෙන්.....

    මෙහෙම දෙයක් තියෙනවා ඉයන්.... මේක බොහොමයක් ආගම් වලට අනුවත් වරදක් විදිහටයි සදහන් වෙන්නේ. ඒකට හේතුව විදිහට මම නං දකින්නේ මිනිස්සු කියන ජාතියත් ජීවීන් විශේෂයක් නිසා වර්ගයා බෝ කිරීම කියන්නේ ජීවීන්ගේ මූලික ම කාර්යයක්. ඒ නිසා මේකට සීමා පැනවීම සමාජය විසින් ම සිදු කිරීමක් වෙනවා ඇති. නමුත් අපි එංගලන්තය ගත්තොත් සමලිංගික විවාහයන් නීත්‍යානුකූල කරලා අර කියන වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාවය පිරිමහන්න තුන්දෙනෙකුගේ සම්බන්ධ කිරීමකින් දරුවන් හැදීමට පවා නීති හදලා තියෙනවා..... ඒ කියන්නේ මිනිස්සු තුළ ඇතිවිය හැකි වෙනස් වූ කැමැත්තට අවස්ථාව සලසා දෙමින් අනික් පැත්තට විද්‍යාව සහ තාක්ෂණය අරගෙන එයින් වෙන අඩුව පිරිමහන්න හදලා තියෙනවා......

    නමුත් මේ ගැනත් තවත් සමාජය ඇස් ඇරගෙන ඉන්න වෙන හේතු ගොඩක් තියෙන්නට හැකියි....... මොනවා වුණත් හොද සංවාදයක්..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. //මිනිස්සු තුළ ඇතිවිය හැකි වෙනස් වූ කැමැත්තට අවස්ථාව සලසා දෙමින් අනික් පැත්තට විද්‍යාව සහ තාක්ෂණය අරගෙන එයින් වෙන අඩුව පිරිමහන්න හදලා තියෙනවා//

      වැදගත් අදහසක් කු.ගා.ගී.ප. මිනිසුන් දියුණු වෙනවා කියන්නේ තිබෙන ප්‍රශ්ණ වලට විසඳුම් සොයාගෙන ඉදිරිය යාමයි. අවාසනාවකට බොහෝ විට වෙන්නේ තව ප්‍රශ්ණ ඇතිකරමින් යාමයි. අද පවතින ISIS ප්‍රශ්ණය, ලඟදී පටන් ගත් යුද්ධ ආදිය දිහා බැලුවොත් සියවස් ගණනකට පෙර තිබී ආගමික යුද්ධ, සුන්නි - ශියයිට් වැනි කුල වාදී යුද්ධ සහ යුක්‍රේනයේ මෙන් පිල් වාදී යුද්ධ ආයිමත් ඇවිල්ලා. බොහොම ස්තූතියි.

      Delete
  21. බොහෝ දේ ගැන එකඟයි. ඒත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා නේද
    හැමදේම රැල්ලක් වෙන ලංකාවේ සමලිංගිකත්වයත් රැල්ලක් වෙලා. ගැහැණු අය ගැන නම් වැඩිය දන්නේ නැහැ. නමුත් පිරිමි අය නම් දැකල තියෙනවා. ඔවුන් හැසිරෙන්නේ ඕනෙම තැනක කැපිල පේන විදියට. කාන්තාවන් යන සැලුන් වලත් මෙහෙම හැසිරෙන අය ඉන්නවා. ඔවුන් නම් එහෙම ඉන්නේ එතකොට පාරිබෝගිකාවෝ බයක් සැකක් නැතිව එන නිසාය කියලත් අහල තියෙනවා. ලංකාවෙත් ඉන්න ගොඩක් ගෑණු අයට හරි පිරිමියෙක්ගේ අතක් පයක් වැරදිලා හරි වැදුනත් හිතන්නේ තමුන්ව දුෂණය කරන්න ආව කියලනේ. කතාව කැලේ පැන්න ඔන්න..
    කියන්නේ ගියේ මේකයි. ඔය කියන කට්ටිය ඔය විදියට සමාජයේ ඉස්මතු වෙලා පේන්න පටන් ගන්න කොට (මම කියන්නේ සමලිංගික හැම කෙනා ගැනම කියල වරදවා වටහා ගන්න එපා), මොනවා කරලා හරි කැපිල පේන්න ඉන්න ආස වයසේ (අවුරුදු 17-19 වගේ) ඉන්න දරුවෝ ඕක වැරදි විදියට තේරුම් ගන්නවා. කොහොමත් ලංකාවේ ඔය වයසේ ළමයෙකුට ලිංගිකත්වය ගැන හරි අවබෝධයක් නැහැ. (නිසි වයසේදී නිවැරදි ලිංගික අවබෝධයක් දරුවන්ට ලබා දීම හොඳයි. හැබැයි ඇට්ටර ළමයෙකුට ඕක වැරදි විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඕකෙන් අහිංසකයෝ අමාරුවේ වැටෙන්නත් පුළුවන් (අර අන්කල් මාව අල්ලන්න ආව. ඈ..ඈ..ඈ) ඒ නිසා දෙමව්පියන් බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ)
    කොහොමහරි ඔහොම කැපිල පේන්න හිතාගෙන, නැත්නම් ට්‍රෙන්ඩ් එකට, යාළුවො කියන නිසා වගේ නොයෙකුත් හේතු හින්ද ඔය තත්වෙට විහින් පත්වෙන ළමයිනුත් අනන්තවත් ඉන්නවා. අන්න ඒක ස්වභාවික නැහැ. ඒ නිසා තමුන්ගේ ලිංගිකත්වය තමුන් ලඟම තියාගන්න එක බොහොම හොඳයි ඒක ප්‍රදර්ශනය කරන්න යන්නේ නැතිව

    අනෙක් අතට විවාහයට පෙර ඇසුරු කිරීම හොඳයි. හැබැයි යම් සීමාවක් ඇතුව. ඔන්න රස්සාවක් කරගෙන තමුන්ගේ නඩත්තුව තමුන්ම කරගන්න පුළුවන් අයට නම් කිසි ප්‍රශ්නයක් නැතුව ලිවින් ටුගෙදර් ඉන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න ළමයි ඕවා වැරදියට පාවිච්චි කරන්න ගිහින් අන්තිමට ළමා මව්පියන් වැඩිවෙලා රටට බරක් වෙන එක තමයි වෙන්නේ. 15-20 වයස කියන්නේ කොහොමත් අලුත් අත්දැකීම් වලට යොමුවෙන වයස
    සමලිංගිකත්වය, ද්විලින්ගිකත්වය වගේ දේවල් ස්වාභාවික යි, ඒ වගේ අය දිහා සමාජය සාමාන්‍ය විදියට බලන්න ඕනේ කියන එක ගැන මම හොඳටම එකඟයි. ඒ දේවල් තම තමුන් ළඟ ඔහේ තිබිච්චාවේ. ඕවා ගැන වැඩි කතාවට ගිහින් ඉස්මතු කරන්න කරන්න ගිහිල්ල අන්තිමට මොන ලිංගිකද කියලා හොයා ගන්න බැරි සෙට් එකක් බිහිවෙන්න පුළුවන් (එහෙම වෙලා තියෙන එකෙක් මම දන්නවා)

    ReplyDelete
    Replies
    1. මචං උඹ කියන දේට තරමක් දුරට එකඟයි. සමලිංගිකත්වයට ඇබැහිවීම අවන් අධ්‍යාපනයක් නොතිබුනා කියල අඩුවීමක් නැහැ. ලංකාවේ සමලින්ගිකයන්ගේ ප්‍රතිශතය එසේ ලිංගික අධ්‍යාපනය පාසැල් වලදී ලබා දෙන රටවලට වඩා අඩුයි කියල ඔප්පු කරන්න දත්ත නැහැ. සමාජය ගැන නොදන්නා අය සමාජයට මුදා හරිනවට වඩා ඒවා ගැන තරුණ පරපුරට අධ්‍යාපනයක් දීම වැරදියි කියන්න බැහැ. එමෙන්ම තමන්ට වඩා වෙනස් අයට ගැරහුම් නොකර ඒඅයත් සමජයේ කොටසක් කියල පිලිගන්න තත්ත්වයකට සමාජය ගේන්න එවන් අධ්‍යාපනයක් අවශ්‍යයි. මත්ද්‍රව්‍ය වලට ඉතා විශාල වශයෙන් තරුණ ලමයින් අබ්බැහි වීමක් තියෙනවා. මෙයට හේතුව ඒ ගැන ඔවුන්ට අධ්‍යාපනය දීමද? එසේ නැත්නම් එම දෙන දැනුවත් කිරීමේ දුර්වලතාවයක්ද? තවත් එකක් තමයි අළුතෙන් අය සමලිංගික වෙයි කියල ඉන්න සමලිංගිකයන්ට ගැරහීම ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිකිරීම ආදිය කරන්න සමාජයකට බැහැ. මේ ලිපියේ අනික් අරමුණ තමයි තනගේ දරුවන් සමලිංගිකනම් ඔවුන්ව සමාජයයීය හේතු නිසා සාමාන්‍ය විවාහ වලට තල්ලු කරන්න එපා කියන එක.

      Delete
    2. ඒ දැනුවත් කිරීමේ දුර්වලතාවය මචං. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ කොතැනක හරි පට්ට විදියට වරද්දල තියෙනවා. මම කියන්නේ ලිංගිකත්වය ගැන ළමයින්ව දැනුවත් කරන්න ඕනේ. හැබැයි නිවැරදි විදියට. ඒ දැනුවත් කිරීම නිසා ළමයා බක පණ්ඩිතයෙක් නොවෙන විදියට
      උඹට කතාවක් කියන්නං. මං දන්නා පොඩි කොල්ලෙක් ඉන්නවා. උගේ අම්ම හෙන පණ්ඩිතයි. ළමයින්ව දැනුවත් කරන්න ඕනේ කියල ඒකා ඉපදිච්ච දා ඉඳල කියෝ කියෝ හිටියේ
      මේකට අවුරුදු පහක් විතර කාලේ අපි කට්ටියක්ම මුණගැහුණු වෙලාවක, මුගේ අම්ම කිව්ව අනේ මට නම් කන්න බැහැ මගේ බඩ රිදෙනවා කියල. මූ හෙණම ගැම්මෙන් ෆුල් සද්දේ දාල ඇහුවේ නැද්ද 'ඇයි අම්මට අද මෙන්සස් ද ' කියල.
      ඔන්න ඔය වගේ තමයි බන්. අධ්‍යාපනය දෙන්න ඕනේ තමුන් කරන්නේ මොකද්ද කියල හරියටම දන්න කෙනෙක්. සාමාන්‍ය විෂයන් උගන්වන ගුරුවරු බොහෝමයකුත් තමුන් කරන්නේ මොකද්ද කියල නොදැන වැඩ කරන මේ රටේ ඕකට කරන්න ඕනේ මොකද්ද කියන එක නම් මටත් ප්‍රශ්නයක්
      // මේ ලිපියේ අනික් අරමුණ තමයි තනගේ දරුවන් සමලිංගිකනම් ඔවුන්ව සමාජයයීය හේතු නිසා සාමාන්‍ය විවාහ වලට තල්ලු කරන්න එපා කියන එක.//
      උඹ මේ බයිලා ගහනවා. අපේ දෙමව්පියන් බොහොම දෙනෙක් හිතන් ඉන්නේ ළමයින් ඉන්න ඕනේ තමුන් කියන විදියටමයි කියල. සිස්සත්තේ ඉඳලම පොඩි එකා නටන්න ඕනේ ඒ පදෙටම තමයි. කොන්දක් තියෙන සමහරු ඔය කියන දේවලින් ගත යුත්ත අරන් ඉතුරු ටික අයින් කරනවා. ඌව හිතුවක්කාරය කියල පට්ට ගහල හණ ගහල තියෙනවා. කසාදෙ ගැන මොන කතාද? එතනින් ගියාම " මම සමලින්ගිකයි, මට ආදරේ හිතෙන්නේ කොල්ලෙක්ටමයි කිව්වොත් ........"

      Delete
    3. අප කුඩා කාලයේ මතක විදිහට අවුරුදු 15 දී පමණ ප්‍රජනන පද්ධතිය ගැන සෞඛ්‍ය විෂයයට ඉගෙන ගත්තා. එවිට ඊට වෙනස් දේවල් තිබෙන බව ඉගැන්නුවේ නැහැ. එම කාළයේ හෝ ඊට පසුව අනිකුත් දේවල් ගැන දැන ගැනීම සුදුසුයි කියල මගේ විශ්වාශයයි. නොදැනුවත් කම නිසා දරුවන් අමාරුවේ වැටෙන්නත් පුළුවන්. උදාහරණයකට ලිංගිකත්වය කියන්නේ විරුද්ධ ලිංගිකයන් අතර දෙයක් පමණයි කියා සිතන ළමයෙකු වැඩිහිටියෙකු අතින් ලිංගික අපචාරයයකට ගොදුරු වෙන්න පුළුවන්. එම දරුවා සහ මව්පියන් එවන් අවදානම් ගැන දැනුවත් වී ඇත්නම් යම්කිසිවෙකුගේ අසාමාන්‍ය හැසිරීමකින් ගැලවීමට එය ප්‍රමානවත් වෙනවා.

      ඔබ කියන උදාහරණයේ අවුරුදු 5 ක ළමයෙකුට එවන් දේවල් කියා දීමේ තේරුම මට වැටහෙන්නේ නැහැ. එම දරුවාට එම දේවල් කියා දීම නිසා එවන් ප්‍රශ්ණයක් ඇසුවත් එහි ඇති බැරෑරුම් කම හෝ සංවාදයට නුසුදුසු කම ගැන තේරුමක් නොමැතිවීම ඔබ කියන අපහසුතාවයට පත්වීමට හේතුවයි.

      සමලිංගිකත්වය ගැන එලිපිට කථාවෙන සමාජයක ජීවත් වන දරුවෙකුට එසේ නොවන සමාජයක දරුවෙකුට වඩා ඒ ගැන දෙමව්පියන්ට කීමට ඇති හැකියාව වැඩි වෙනවා. එමෙන්ම සමලිංගිකත්වය ලෙඩක් හෝ සුවකලයුතු දෙයක් යැයි සිතන සමාජයකට වඩා එය තවත් පිළිගත් ජීවන ක්‍රමයක් ලෙස තිබෙන සමාජයක දරුවෙකු බලයෙන් නොගැලපෙන විවාහයකට තල්ලු කිරීමට දෙමව්පියන් පෙලඹවීම අඩුවීම සහ එසේ පෙලඹවීමකට එරෙහිව සමාජයේ අනික් අයගෙන් වෙන්න බලපෑම වැඩියි.

      Delete
    4. රොටිය කියන කතාවේ යම් කිසි පැත්තක් තියනවා නිකන් හිතහන් පොඩි මෙන්ඩ කවදා හරි කිව්වොත් අම්මේ මම අර පිරිමි ළමයට ආදරෙයි කියලා එදාට අපේ ගෙදර තුන්වෙනි ලෝක සංගර්මයෙන් බාගයක් බලා ගන්න පුලුවන්

      Delete
    5. එච්චර දුර ඕනේ නැහැ සදු බ්ලොග් බලන්න පුරුදු වෙලා හිටියනම් හෙට ඉදලා නවතින්න බෝඩිම් කාමරයක් හොයා ගන්න වෙනවා

      Delete
    6. උඹට කියන එක හරිද මන්දා, අපේ එකෙක් උඹ දාන කමෙන්ට් ප්‍රින්ට් කරල සඳුට පෝස්ට් කරනවා. හෙහ් හෙ හ්

      Delete
    7. එහනම් උබලට මාව හොරිවිල වේද මහත්තයා ලගට අරගෙන යන්න වෙනවා මගේ කැඩුන කකුල් දෙක හදන්න

      Delete
  22. තනුවක් දාන්න බැලුවා හරිගියේම නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා උඹ විතරමයි පද රචනය ගැන යමක් කිව්වෙ.

      Delete
  23. ගීත ගායනයට කෙල්ලෙක් නැති එකෙන් සමලිංගික්ත්වය ගැන අපේ සමාජයේ තියන මැනීම හොදින්ම පේනව.ඔවුන් පිස්සු විකාර මහපජාත සෙට් එකක්...මම ඔය සම්භන්දව පොඩි වාර්තාවක් හැදුව..එක තව ඉවර නෑ...ඉක්මන්ටම දාන්ඩ ඕනෙ..එක්ස්සෑම් හින්ද කල් යනව..මේ ලිපියත් වැදගත්....නොදැන හිටිය කාරනා ගොඩක් දැනගත්ත...

    ReplyDelete
    Replies
    1. //ගීත ගායනයට කෙල්ලෙක් නැති එකෙන් සමලිංගික්ත්වය ගැන අපේ සමාජයේ තියන මැනීම හොදින්ම පේනව//

      හරියට හරි රසික. මේවගේ ගීතයක් ගායිකාවක් කිව්වොත් එම තැත්තිය සමලිංගික කෙනෙක් කියල කථා හැදෙනව. එහෙම කථා හැදෙන්න පුළුවන් කියල ගායිකාවොත් දන්නව. ඒ කියන්නේ සමාජයේ තියෙන prejudices.

      Delete
  24. අපේ පැත්තෙත් ඉන්නවා සැලූන් එකක් කරන Gay අයියල කීප දෙනෙක්... බලන් ඉන්න උන් උන් දිහා බලල හිනා වෙනවා... ඒත් උන්ගෙ සැලූන් එකට ගහ්න්න වැඩ දන්න එකෙක් ඒ පලාතක නෑ... ඔය සීන එක වෙන්නෙ හෝමෝන වෙනස් වෙලා කියන්නෙ ඇත්තද ඉයන්?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොහාන්. මේකේ විද්‍යාත්මක පැත්ත ගැන කියන්න මගේ දැනීම මදි. ජාන ගැන දන්න කෙනෙක් එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව හදාරපු කෙනෙක් ගෙන් තමයි ඒ ගැන අහන්න වෙන්නේ. මෙහෙම එකක් නම් තියෙනවා. සමහරුන්ගේ මතයක් තමයි තරුණ කාලේ ඇසුරු කිරීම වලිනුත් අත්දැකීම වලිනුත් ඒවගේ දේවල් වෙනවා කිඅයලා. ඒ වුණාට එක හා සමාන අත්දැකීම් වලට ම්හුණ දුන්න කෙනෙක් එහෙම වෙන්නත් අනිකා එහෙම නොවෙන්නත් හැකියාව තියෙනවා. එතකොට අතනින් එහා ගියා ජාන වලින් එන දෙයකුත් තියෙන්න ඕන කියල හිතන්න පුළුවන්. කලින් කිව්ව වගේ මේ ගැන මම හදාරලා නැහැ. එම නිස උපකල්පනයක් පමණයි.

      Delete
    2. හෝමෝනවල බලපෑමක් තියෙනවා. ජාන විකෘතියක් ( ලිංගය තීරණය කරන වර්ණදේහ වල විභේදනයේදී වන විකෘතියක්) නිසාත් ඇතිවෙනවා. දෙවැන්න ටිකක් දරුණුයි. ඒ කියන්නේ සමහර වෙලාවට බාහිරින් පවා වෙනස්. උපතින්ම 'අමුතු' ජාතියේ. ලංකාවේ මෙය සුලබ නැහැ. නමුත් පිලිපීනය, ඉන්දියාව වැනි රටවල් වල හරිම සුලබයි. ඉන්දියාවේ මොවුන්ට ලොකු බලයක් තියෙනවා.

      Delete
    3. ////ලංකාවේ මෙය සුලබ නැහැ.////
      ඉස්සර බම්බලපිටිය හන්දියේ, තුම්මුල්ලේ, ඩික්මන්ස් රෝඩ් එකේ සුලබයි.:D

      Delete
    4. කටුනායකත් හිටියා බර සෙට් එකක්.18 කණුවෙ. මෙණ්ඩ නම් හොඳට දන්නව ඇති.සැන්ඩ්‍රා,නෙළුම්,සමන්මලී වගේ නම් තියෙන්නෙ... රෑට රේල්පාරෙ තනියම බෝඩිමට යන කොල්ලන්ව ටෝක් කරනවා... රසකතා ගොඩයි.. හෙහ් හෙහ්

      Delete
    5. පන්සල පිට්පස්සේ රේල්පාර අයිනේ බෝඩිම් වල හිටියේ රාණිව දන්නවා

      Delete
  25. මේ පෝස්ට් එක තුල බොහෝ දේ කතාවී තිබෙනවා. fetishism ගැන බොහෝ කරුණු අඩංගු ඩොකියුමෙන්ට්‍රීස් බැලුවාම පේනවා නියපොත්තේ සිට කුස්සිය,වැසිකිලිය හරහා මෝචුඅරියටත් යන කතා. මම ඩොකියුමෙන්ට්‍රියක් බැලුවා .ඒකේ තියෙන්නේ ශාරීරික ආබාධ ඇති අය හරහා ලිංගික උත්තේජනයක් ලබන අය ගැන. ferishismවලට ස්ත්‍රී, පුරුෂ කියලා බේදයක් නැහැ.

    මේ පෝස්ට් එක ගැන තව පෝස්ට්ස් කීපයක් ලියන්න කාරනා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ. ඒක ඇත්ත මේක මහා පලල් මාතෘකාවක්. අව්ශ්‍ය වුණේ නම් අපි අතරෙ ඉන්න අයගෙවත් තියෙන්න පුළුවන් වෙනස් අය පිලිගැනීමේ මැලි බව ගැන හා තමන්ගේම දරුවන්ට හෝ දන්න අයට හානියක් වෙන්න පුළුන් තීරණ ගැනීමේදී හිතන්න පොලඹවන්න.

      Delete
    2. මේවා ලංකාවේ මෙන්ම දැඩි ලෙස මුස්ලිම්කරණය වීගෙන යන එංගලන්තයේත් කතා කල යුතු දේවල්. (සමවෙන්න මම සුළු ජාතීන්ට විරුද්ධ නැත )

      Delete
  26. ඕක ගැන ගස්ලබ්බට තියෙන්නෙ ඕන එකක් අනුන්ට කරදරයක් නැතුව කියන අදහස.ඒත් වෙන්නෙම අනින්ට කරදර ම නෙ.අනික සමස්ථ ජීවිත පිටින් නාස්තිවෙන අවස්ථා තියෙනවා නිසි අවබෝධයක් නැති වල්මත්වීම් නිසා.. ඒ ගැන මම පෝස්ට් එකකිනුත් කියන්න හැදුවා.. හැමතැනම වගේ මෙතනත් ලින්ක් එක අලවන්නම්කො..
    http://gaslabba.blogspot.com/2015/03/blog-post_8.html
    තව දේවල් වලට කට කහනවා.. වැදගත් විදිහට ගිය පෝස්ට් එක නිසා ඔන්න කට වහගත්තා.. හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සමාජයට, එහි අයකුට හෝ තමන්ට එයින් හානියක් වනවානම් හැර 'සම්මත' වගේ පදනමක් නැති දේවල් යොදාගෙන තමාට වඩා වෙනස් අයට ගැරහීම, වෙනත් කරදර කිරීම වගේ දේවල් කරන්න පෙලඹවෙන අය ඉන්නවනම් ඔවුන්ට ඒ ගැන නැවත හිතන්න පෙලඹවීමක් පමණයි. බොහොම ස්තූතියි ගස්.

      Delete
  27. ඉයන් බොහෝ දෙනා කථාවට අකැමැති මාතෘකාවක් අරගෙන තියෙන්නේ.
    මම නම් දකින්නේ මේක සත්ත්වයාගේ විවිධ වූ මනස් ස්වභාවයන් නිසා විව්ධ අවස්ථානුකූලව ඇතිවෙන මානසික තත්වන් හැටියටයි. මේක මිනිසා නොදියුනු යුගයේදීත් මෙහෙම වෙන්නට ඇති ඒත් එදා එවන් අයත් එක් මොහොතක විරුද්ද ලිංගිකයන් හා සම්බන්ධ වන්නට ඇති නොයෙකුත් හේතු නිසා ඇතැම් විට බලහත්කාරය නිසා. ඒ වගේම නොදියුනු සමාජයක මෙවැන්නන් ලේබල් කිරීමක් නැති නිසා ඔවුන්ම ඔවුන්ව එලෙස දකින්නේ නැහැ. අද ප්‍රශ්නය ඔඩු දුවන්නේ මෙන්න මේ ලේබල් කිරීම නිසා බවයි මගේ හැඟීම. මේක තව බොහෝ දුරට සාකච්චා කල හැකි මාතෘකාවක්.
    ගහක මල් පිපිලා ගීතය කිසි ලෙසකින්වත් සම ලිංගික ආදරයක් බව මට පෙනෙන්නේ නැහැ. එය සමාජ සම්මතය තුල නොගැලපෙන සහකාරියකට සිතින් බැඳුනු ප්‍රේමයක් ගැන කියැවෙන අපූරු ගීතයක් ලෙසයි මම දකින්නේ ටිකක් විතර වියපත් බඹරා ගීතය මෙන්. ඒත් වියපත් බඹරා ගීතය ඉතාම ඍජු ප්‍රකාශනයක් නිසා එහි මෙතරම් වූ රසයක් නැහැ.

    ඔබේ පද රචනය තෙවැනි පාර්ශවයක ප්‍රකාශනයක් ලෙසිනුයි කියැවෙන්නේ. එය "ඇය" ගැන කියන නිසා ගායකයෙකු ගැයුවත් වරදක් නොමැති බවකුයි මට පෙනෙන්නේ. ඔබේ ගීතයේත් අරුතෙහි ඍජු ප්‍රකාශනයක් වන නිසා එය රසයට යම් බාධාවක් ද කිය මට සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සමාජයේ පවතින සමහර දැඩි මත කලාව හරහා නැවත සලකා බැලීමට ලක් කල හැකියි. මෙවන් ගීතයක් අවසන් කලත් ප්‍රසිද්ධ මාධ්‍ය වල ප්‍රචාරය වීමක් වෙන්නේ නැහැ. එම නිසා කෙලින්ම කිව්වම පණිවිඩය යවා ගන්න පහසුවක්. ඔබේ අදහසේ නිවැරදි තාවයකුත් තිබෙනවා. මෙම ගීතය ලිවීමේ අරමුණ ගීතය ජනප්‍රිය කරවා ගැනීමට නොව හිතන්න මිනිසුන් තල්ලු කිරීමයි. බොහොම ස්තූතියි සිතුවිලි සි

      Delete
  28. ගීතයට තව අන්තරා කොටසක් එක්කලා නම් කොහොමද ඉයන්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා හැලපේ. මෙය නිශ්පාදනය වෙන තත්වයටක යනවා නම්. තව උත්සාහයක් කරන්නම්. බොහොමත්ම ස්තූතියි හැලපේ.

      Delete
  29. මිනිසාගේ අවශ්‍යතාවය අනුව මිනිසා වාසය කිරීම අනිත් අයට ගැටළුවක් නැත්තන් විසදුම හරි.

    ReplyDelete
    Replies
    1. අන්න එය තමයි වියයුත්තේ බොහොම ස්තූතියි සලිත. සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  30. ඉයන් මචෝ මේ ගැන තව අත්දැකීම් තියනවා මගේ අර පාටි යාළුවා හරහා ලැබුන කෙමෙන්ට් එකක් විදිහට ලියන්නද (කොටු දාලා ලියන්නද අතපය දිග ඇරලා ලියන්නද?)

    ReplyDelete
    Replies
    1. උඹට කැමති විදිහකට ලියන්න නිදහස තියෙනවා.

      Delete
    2. මොන කොටුද මෙන්ඩෝ, පෝස්ට් එකක් හැටියට ලියන්න ඉයන්ට දීපං.

      Delete
  31. සමලිංගිකත්වය එච්චර සීරියස් ගන්න දෙයක් නෙවෙයි ඇත්තටම. ඒකත් ස්වාභාවික මිනිස් චර්යාවක්. ඒත් වැඩේ අපේ මිනිස්සුන්ට ඔය පොඩ්ඩ තේරුම් ගන්න කොච්චර කල් යයිද කියන එකනෙ.

    මමත් ඔය විෂයය ගැන එක පාරක් කෙටි කතාවක් ලිව්ව. ඇත්තටම ඒක බ්ලොග් එකක පලකරපු මගේ මුල්ම නිර්මාණය...:)

    ReplyDelete
    Replies
    1. //ඒත් වැඩේ අපේ මිනිස්සුන්ට ඔය පොඩ්ඩ තේරුම් ගන්න කොච්චර කල් යයිද කියන එකනෙ//

      තමන්ගේ වැඩ නොව අනුන්ගේ වැඩ හොයන අය ඉන්නකන් ගොඩක් කල්යයි වගේ රවී. උඩ උදයත් කිව්වා ඔබගේ පෝස්ට් එක ගැන. හොයාගෙන කියවන්නම්.

      Delete
  32. මේක සම්මතයි කියලා කොටු කරලා තියෙන්නෙත්,මේක අසම්මතයි කියලා වැට බැඳලා තියෙන්නේත් අපිම තමයි.

    සමලිංගිකයින් දිහා මෙයට වසර කිහිපයකට පෙර මම බැලුවෙත් වපර ඇසකින්.එත් දැන් එහෙම නැහැ.ඒ අය දිහා වපර ඇහැකින් නොබලා කටයුතු කරන්න මේ විදියේ ලිපිත් හේතු වුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්. බියක් ලැජ්ජාවක් නැතිව ඔවුන්ට ජීවත් වීමට ඉක්මනට කාලයක් පැමිණේවා

      Delete
  33. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන තාක් වෙන කෙනෙක් ගේ පෞද්ගලිකත්වය ගැන වද වෙන්න අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නෙ. ලංකාවෙ ඔය ගැන තියෙන දැනුම මදි. ඒ වගේම නිසි වයසෙදි ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ලබා දෙන්න පුළුවන් නම් හරිම වැදගත් වෙයි ඒක හැමදේටම..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. බොහොම ස්තූතියි සිතූ

      Delete
  34. මේ කුමන ආකාර ලිංගික ආශාවක් වුණත් ජීව විද්‍යාත්මක කාරණා නිසා ඇති වන ස්වාභාවික අවශ්‍යතා. මානුෂිකව මේ තත්වයන් තේරුම් ගැනීම අවශ්‍යයි.

    නමුත් අහිංසක දරුවන් විනාශ කරන, සමාජයට අහිතකර විදියට බලපාන ලිංගික ක්‍රියාකාරකම්වලට නම් එරෙහි විය යුතුයි. එවැනි අවස්ථාවල පාලනයෙන් තොර වීම කියන්නෙ ඒක මනුෂ්‍යත්වය ගැනත් ප්‍රශ්නයක්. සමහර විට මානසික ගැටලුත් හේතු වෙන්නට හැකි... බොහෝ විට මේ ලිංගික අපරාධවලට පෙළඹෙන අයගෙ ළමා වියේ, පවුල් පසුබිමේ, අධ්‍යාපන මට්ටමේ ප්‍රශ්න තියෙන බව එවැනි සිද්ධි අධ්‍යයනයෙදි පැහැදිලි වෙනවා..

    ඉතින් අවසානයේ දුෂකයන්, මිනිමරුවන් බිහි කරන්නෙත් සමාජය විසින්ම තමයි. සාහිත්‍ය, කලාව, ආගමික ආයතන, සමාජ සේවා මේ සියල්ලම එකතු වෙලා අධ්‍යාත්මිකව පොහොසත් සමාජයක් ගොඩනඟන්න වෙහෙසෙන්න ඕන මේ නිසයි කියල මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරු. ඔබ හරියට හරි. සමාජය එරෙහි විය යුත්තේ සමාජයට හානියක් වන හැසිරීම් වලට පමණක්මයි. අනික් දේවල් වෙනස් කම් ලෙස පිළිගෙන සමාන මනුශ්‍යයින් ලෙස සැලකීම ඉතා වැදගත්.

      Delete
  35. කියෙව්වා, බොහෝ කොමෙන්ට් සමගින්ම, ගොඩක් දේ ඉගෙනගත්තා, මා ලඟදී ලියූ පෝස්ට් එකකට හිතවතෙක් යොදා තිබුනා nostalgic voyeurism? කියල, ඔබගේ පෝස්ට් එක කියෙව්වම තමයි මට හරියට තෙරුනේ, ඕක ලඟ හිටිය නම් කියල හිතුන. මේ පෝදා කථාවත් කියවන්න
    http://dayal-bathee.blogspot.com.au/2016/04/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. එම කථා යළිත් කියවන්නම්. බොහොම ස්තූතියි දයාල්

      Delete
  36. මේ විස්තරය හමුදා සෙබළුන් සහ සෙබළියන්ට දේශනයක් වශයෙන් ලබාදිය හැකිනම් හොඳයි කියා හිතෙනවා. නමුත් හමුදාවේත් තවම සාම්ප්‍රදායික චින්තනයේ ඉන්න අය වැඩියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා. මේවා පාසැල් අධ්‍යාපනයට එකතු කොලොත් හමුදා සේවයට යන අය ඇතුළුව හැමෝටම මුහුණ දෙන්න වෙන සමහර ප්‍රශ්ණ වලින් බේරෙන්න ඒවගේම වෙනස් අයට නිග්‍රහ නොකර ඉන්න වැදගත් වෙයි.

      Delete
  37. ඉයන්, ගීතයේ මැද පද හතර තව මටසිලුටු විය හැකියි...විශේෂයෙන්ම ගීතයේ පනිවිඩය ගැන හිතුවාම....

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරල බලන්නම් චෙෆා. උඹ හොයන්නෙම මටසිලුටු ඒවා නේද දැන්.

      Delete
  38. විස්වාස කරනවද ලංකවේ ඉන්නවා කියලා නිරුවත් කරලා තමන්ව පටියකින් බැදලා කොටුවකින් ගහනවට කැමති පිරිමි. එහම නැත්නම් ඇදට තියලා ගැට ගහලා නිරුවත් කරලා වද දෙන මහතයෙක් ගාව ගෙදර නැවතිලා වැඩ කරන්න කැමති කෙල්ලෝ
    ඉන්නවා ..මොකද මම එහම කැමැතයි ගැහණු ළමයි එක්කත් කතා කරලා තියනවා පිරිමි අය එක්කත් කතා කරලා තියනවා ඒ මගේ අර යාළුවා හරහා මිනිහ කරන්නේ ඒ අය වෙනුවෙන් පාටි වලදී ඒ අය මුණ ගසන්න ඒක ඌ ඒක කරන්නේ කිසිම ලාබයක් නැතුව යන වියදම ඒ එන අය බෙදා ගන්නවා. ඒ නිසාම මගේ යලුවට ලංකාව වටේම යාලුවෝ ඉන්නවා.
    අනිත් කාරණේ ඔයාල හිතන්නේ ස්වින්ගිං (swingining) කියන දෙය එහම නැත්නම් අපි කතා කරන අනිකුත් වෙනස් ලිංගික හැස්රීම් තියෙන්නේ කොලබ ඉහල පැලැන්තියේ විතරක් කියලද නැහැ.
    කහටගස්දිගිලියේ රත්නපුරේ අම්පාරේ ගාල්ලේ නිකවැරටියේ ඉදලත් අවා .
    බිස්නේස් කරන, ගුරුවරු, බැංකුවල වඩා කරන වගේම අම්මා තාත්තගේ සල්ලි වලින් ජිවත් වෙන අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. Menda...ගැහැනු සහ මිනිසුන් ජීවත්වෙන ඕනෑම වටපිටාවක ඕවා වෙන්න පුලුවන්. අද ලංකාවේ ඕවා ගැන ටිකක් ප්‍රසිද්ධියේ වුනාට ඒ කාලෙත් වැඩේ ගියා. ලිංගික සංතෘප්තිය කියන්නේ අත්හදා බැලීම් තුලින් ගමන් කරන්නක්. ඕක මැදිවියත් එක්ක ඇතිවෙන කුතුහලයක්.

      The top 55 most common sexual fantasies for both men and women
      Read more at http://www.craveonline.com/site/784291-top-55-common-sex-fantasies-revealed-common#fdV4C6VGbEyg4qsV.99

      Delete
    2. අරූ මට උඹ ගැන බියක් සිතේ. අද හවසම එඩ්මන්ටන් පන්සලට වරෙන් භාවනා කරන්න. බීම තහනම්. අමරාවතියට වුනත් කමක් නැහැ. මේ ඉයන්ලා එනම් මනම් ලියල හොඳට ඉන්න එවුනුත් නරක් කරනවා.

      Delete
    3. අජියා....භාවනා කරන්න තිබුනා උඹ එන ගමන් "වජිර" හම්බවෙලා එනවානම්. :D

      Delete
    4. පැරා ශාස්තෲ පොතේ කියනවා වගේ දිව්‍යපූජා පවත්වන්න වගේ අරූත් හදන්නෙ..

      Delete
    5. අරූ මෙන්න මෙතනදී මට කෙමෙන්ට් එකක් එකතු කරන්න වෙනවා එතනට ආපු ඒක කපල් එකයි හිට්යේ අවුරදු 50කට ආසන්න උන අනිත් අය හැමෝම තරුණ අය හැබයි ඒ කපල් එකටත් හොද ඉල්ල්ලුමක් තිබුණා .

      Delete
    6. මේ සම්බන්දව ලොකු සංවාදයක් යන නිසා මම මගේ යාළුවව දුරකතනයෙන් සම්බන්ද කරගෙන මේ ලිපිය ගැන ඌට කියලා මේ ගැන විස්තර ටිකක් ඉල්ලුවා කෙමෙන්ට් එකක් දාන්න.
      ගිය සැරේ ස්වින්ගිං (swingining) පාර්ටි එකට එන්න හදපු ගොඩක් අය නවතන්න උනාලු ඒ අය නියම විවාහක අය නොවන නිසාත් සමහර අය අයට බිරිද නැති නිසා සමහර අයගේ සැමියා මේකට සහබාගි වෙන්න අකමැති නිසා ඒ නිසා ඒ අය වෙනුවෙන් ලැහැස්ති කරන අලුත්ම පාර්ටි ඒක තව මාස දෙකකින් තියනවලු..
      අජිත් අයියන්ඩි අරූ අය්යියන්දී ලගදි ලංකාවට එන්න කල්පනවක් නැහැ නේද ? මොකද කියන්නේ පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා යමුද?

      Delete
    7. මේ පාටි මේ රටවල ඕගනයිස් වෙන හැටි, ඒවායේ තිබෙන උන්ම හදාගත් රීති සම්ප්‍රදා එහෙම තියෙන බීබීසී ඩොකියුමෙන්ට්‍රි සීරිස් එකක් ගියා. හරි ඉන්ටරෙස්ටින්ග්. ඒ නිසා තමයි මමත් දන්නේ. නැත්නම් තොපි හිතයි මාත් ඔය ගෲප් එකක මෙම්බර් කෙනෙක් කියලා.

      ////අජිත් අයියන්ඩි අරූ අය්යියන්දී ලගදි ලංකාවට එන්න කල්පනවක් නැහැ නේද/////

      අජියා එක්ක ආවොත් බ්ලොග් ගල් ගහන්නයි, පොත් වඩම්මන්නයි තමයි මටත් දුවන්න වෙන්නේ.:D මම එන්නේ ආතල් එකක් අරන් යන්න.

      ////මොකද කියන්නේ පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා යමුද?/////
      ඕවා වැඩක් නැහැ....මාව කෙලින්ම ප්‍රැක්ටිකල්ස්වලට දාපන් :D

      Delete
    8. මේ ලිපිය කියවහන් දීප්තිගේ. මන්ගල ගැන. පොඩ්ඩක් මේ කතාවම යනවා.
      http://sathhanda.lk/feature/1880-pork#jacommentid:104
      අරූ උඹට හිතෙන්නේ නැත්ද ඉයන් දැන් අජිත් පැරකුම් හා මාතලන් පසු කරමින් සංවාද ශීලි මාතෘකා ගැන ලියනවා කියල.

      Delete
    9. මෙන්ඩා අර උඹේ යාළුවාගේ ලිස්ට් එකට මාවත දාපන්. වයිෆ් කෙනෙක් පංචිකාවත්තෙන් වත් ගන්නම් හෙහ්.

      Delete
    10. ලිපිය කියවන්න ඕන.

      අජියා....මාතලා, පැරාලා, වගේම ඔය බ්ලොග්ස් ලියන බොහෝම දෙනෙක්ගේ ලිපි, හරි තැනින් අල්ලගෙන සංවාද ගොඩනගන්න පුලුවන් බව මම ප්‍රායෝගිකව දන්නවා. ඔය හැම ලිපියක් ඇතුලෙම එක් එක් කියවන්නා දකින සබ් ටොපික්ස් තියෙනවා. කමෙන්ට්කරුවා ලිපිය අල්ලා ගන්න තැන ඉඳලා තමයි සංවාදය හසුරවන්නේ. ඒක හරි වැදගත්. සංවාදයක් හෝ මත ඉදිරිපත් කිරීමක්/ගැටුමක් ඇතිවීම හෝ අති කිරීම තමයි බ්ලොග් පෝස්ට් එකක් හරහා සිදුවිය යුත්තේ. එහෙම නැතුව අගෙයි, මනරම්, එල වශයෙන් කරනාවු පිට කසා ගැනීම් නොවේ. එහෙම වුනොත් බ්ලොග්ස් තුල අපි වැනි කමෙන්ට්කරුවන් රැඳී හිටියි. නැත්නම් බ්ලොග්ස් යනු හුදු සාම්ප්‍රදායික ලියවිලි සේ ගොන් චූන් බවට පත්වේ. මම නම් බොහෝ විට කමෙන්ට්ස් තුලින් බ්ලොග් සංවාද ප්‍රානවත් කිරීමට උත්සාහ දරනවා. ඒවා ඉදිරියට ගෙන යාම බ්ලොග්ස් ලියන්නා සතු කාරියක්. මෙවන් සංවාද කක්කා පැකට් ලෙස අවසන් වීම ගැන ඇත්තේ විශාල කනගාටුවක්. මගේ පෞද්ගලික අදහස නම් ....බ්ලොග්ස් පුරවැසි මාධ්ය භාවිතාවක් සේ ඉදිරියට ගෙන යාමට නම් මෙවන් ජීවමාන සංවාද ඇතිවිය යුතුයි. ෆේස්බුක් වර්දනය වුනේ ඔය අයුරින් කියා මට හිතේ. කලකට පෙර ෆේස්බුක් සාමජිකයෙක් වූවත්, බ්ලොග්ස් තුල වඩාත් සංවාදශීලි විය හැකි බව මගේ මතයයි.

      බ්ලොග්ස් තුල උලුප්පා ගත යුත්තේ සම්මාණ නොව සංවාද බවද කියමින්, තවත් ස්ංවාදයකට මුල්ගල් තබමින්, සඳුදා තෙක් නිහඬ වෙමි!!!!!

      මේ සියල්ලක්ම මගේ පුද්ගලික ගොන් අයිඩියාස් බවත් කියා තබමි. බ්ලොග්ස් තියෙන්නේ අපේ පෞද්ගලික අදහස් ලියා තැබීමට නොවේද? බ්ලොග්ස් ලියන්නාට සේම මා වැනි කමෙන්ට්ස් කරුවන්ටත් ඒ සඳහා පූර්ණ අයිතියක් ඇති බවද මම සිතන්නෙමි.

      Delete
    11. අරූ ඔබගේ දීර්ඝ හරබර අදහස් හැම එකකටම බොහොමත්ම ස්තූතියි. අවුරුදු 4 ක් පමණ පන්ති දෙකක එහා මෙහා වුන් අපි දෙන්නට එකිනෙකාගේ මුහුණු මතක නැති වුණත් අජිත් සමඟ හෝ තනියම ලංකාවට ආපු දවසක හමුවිය යුතුමයි. බෝතලයක් ඇසුරේ තවත් අදහස් බෙදා ගන්නට.

      Delete
    12. //බ්ලොග්ස් තුල උලුප්පා ගත යුත්තේ සම්මාණ නොව සංවාද බවද කියමින්// සම්මාන දීමේ ක්‍රියාවලියේදී බ්ලොග් ගැන කතිකාව වඩා පුළුල් ඕඩියන්ස් එකකට ගියා. වෙන්න ඕන දෙයින් තරම්ක් දුරට යම් දෙයක් වුනා. සංවාද වඩා ඇතිවන බ්ලොග් වලට සම්මාන සඳහා ලකුණු ලැබෙන බවක් නේ කීවේ. ඔය දෙක අතර සම්බන්ධය එපමණයි.

      Delete
    13. අරූ අයියන්ඩි
      මමත් ඕවා කරා හෝ නොකරා ඒ ඒ වගේ දේවල් හොයන්න කැමති. එදා පාර්ටි එකේදී මම සේවා සපයන්නෙක් විතරයි.
      මේ පාර ආවම මෙන්ඩාව කෙන්ටක්ට් කරන්න බ්ලොග් ගල් ගහන එකයි , පොත් වඩම්මන්න එකයි වගේද මේ වගේ අති උතුම් පුන්නාක්රිය්වකට සම්බන්ද වෙන ඒක ජාති ජාති පිං පල දෙන දෙයක්
      ජත්න්තන්ත්රව ක්‍රියාත්මක වෙන වෙබ් එකක් ගැන ඌ කිව්වා "ඇඩෙල් හබ්" වගේ නමක් තියන්නේ.
      කොහමත් යනවනම් මටයි ඉයන්ට්යි අරූටයි එනවනම් අජිත් අයියටයි ඉතින් ගෙදර ඒවා අරගෙන යන්න බැහැනේ මගේ යාළුවටම තමයි කියන්න වෙන්නේ හතරක් හොයාගෙනම එන්න කියලා (හස්බන්ඩලා අරගෙන එන්න බැරි අයත් එන්නේ නැතැයි)
      ඉයන් මම නම් උබලට වඩා ගොඩක් බාලයි මට තවම 24යි ඒ උනාට අජිත් සමඟ හෝ තනියම ලංකාවට ආපු දවසක හමුවිය යුතුමයි. බෝතලයක් ඇසුරේ තවත් අදහස් බෙදා ගන්නටමටත් කතාකරපන්.
      අජිත් අයියන්ඩි සම්මාන දීමට මම නම් එකෙන්ම අත් දෙක උස්සලා කැමතයි. මොනවා උනත් එකෙන් වෙන්නේ තමන් ලියපු දෙය අගය කිරීමක්.
      අරූ කියනවා වගේ සමහර වෙලාවට කෙමෙන්ට්ර් අල්ලගන්න සබ් ටොපික් එකකින් සංවාදය ඇදගෙන යනවා මතකද ඉයන්නුයි මමයි අර වශී ගුරුකම් ගැන ඇදගෙන ගිය කෙමෙන්ට් ටික.

      Delete
  39. සමලිංගික චර්‍යාවන්ට මම අකමැතියි..ඒත් ඒකට කැමති අයට මගෙ විරුද්ධත්වයක් නෑ.. !!!

    ReplyDelete
    Replies
    1. එකනේ උබ අර අහිංසක ජයකොඩි සර්ට පලු යන්න බනින්නේ

      Delete
    2. පත්තරේ උඹේ ස්ථාවරය ඉතා හොඳයි. එය තමයි පරිණත අයකුගේ ස්ථාවරය විය යුත්තේ.

      Delete
  40. //ඔබට සමලිංගික සහෝදරයෙක්, සහෝදරියක්, දියණියක් හෝ පුතෙක් සිටින කෙනෙක් යැයි මොහොතකට සිතන්න. ඔබ විරුද්ධ ලිංගයක අයට ආකර්ෂණය වෙන කෙනෙක් නම් ඔබට බලයෙන් සමලිංගික අයකු සමඟ එකට නිදා ගැනීමට, සංසර්ගයේ යෙදීමට සැලැස්වුවහොත් හෝ සිදුවුවහොත් ඔබ පත්වන ජුගුප්සාජනක තත්ත්වය ගැන මොහොතකට හිතන්න. සමලිංගික අයෙක් සාමාන්‍ය විවාහයකට බලයෙන් තල්ලු කිරීමෙන් ඒ අයට මුහුණ පාන්න වෙනෙනෙත් ඒ හා සමාන දේකට නේද? එවිට ඔබගේ සහෝදරිය, ඔබගේම දියණිය එවන් තත්ත්වයකට පත් කරන්නේ ඔබම නේද යන්න කියා සිතා බලන්න. //

    මේ ගැන කලින් හිතලා තිබුණෙ නෑ. ඔබේ ලිපිය සිතන්න ටබොහොම දේ ඉතිරි කළා. හරිම මානුෂවාදී සටහනක්. මේ සොඳුරු ගීතයත් ඉක්මනටම අසන්න ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. මෙතූ ඔබට බොහොම ස්තූතියි. ඔබ දන්නා කෙනෙකු එවන් අවස්ථාවකට මුහුණ පෑවොත් අදාල අයට පැහැදිලි කිරීමට එම තර්කය ප්‍රයෝජනවත් වේවි.

      Delete
  41. හ්ම්ම්. නුවර කුමාරිගේ කතාව කියවද්දී නම් මගෙත් බඩ පපුව මොකක්ද වුනා වගේ ටිකක්. ගෙදර ගිහින් ටිකක් දිග උත්තරයක් ලියන්න ඕනේ. ඉයන් ලියල තිබුන මෙට සබදුනු ලිපියක්. ලංකාවේ නම් පාසල් වයසේ අය අතර සමාන ලිංගික ආකර්ෂණය ජාන නිසා වෙනවා කියල මම හිතන්නේ නැහැ. අපේ ඉස්කෝලේ එහෙම හිටපු එහෙම අය ගොඩක් දැන් විවාහ වෙලා ඉන්නවා. උන් සතුටින් පවුල් ජීවිත ගත කරන බවත් පේන්න තිබෙනවා. සමාන ලිංගිකයන් අතර ආකර්ෂණ වෙන්නේ ජානමය හේතු නිසාමයි ඒ නිසා ඔවුන්ව එයින් මුදවා ගැනීමට නොහැකි; කියන ඉයන්ගේ මතයට සුහද අභියෝගයක් කරන්න මම කැමතියි. හැබැයි ඒක ඔවුන්ගේ කැමත්ත බව මමත් පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. එලෙස මුදවා ගැනීමට හැකිනම් එය ඉතා හොඳයි. 100% ක් සාර්ථකව එය කල හැකි දෙයක් නම් ඒ ගැන මීට වඩා සමාජය දැනුවත් වී තිබිය යුතුයි නේද? මම වෛද්‍ය වරයෙකු හෝ මේ ගැන විද්‍යාත්මකව දන්න කෙනෙකු නොවන නිසා ඔබගේ අදහස් දැන ගැනීමට කැමතියි. බොහොම ස්තූතියි ඇනෝ

      Delete
    2. ජාන විද්‍යාත්මක තත්වයක්ද කියා කියන්න අමාරුයි නේද? උපන්ගෙයි සමලිංගිකයින් කියා කොටසක් නැහැනේ. මොනවා උනත් ස්ව කැමත්තෙන් තොරව වෙනස්කිරීම් සිදුනොකල යුතුයි. කාලයක් ගේ අය පසුව ස්ට්‍රේට් වෙලාත් ඉන්නවා. චීනය සහ ඇමෙරිකාවට අදාල මේ ඩොකියුමෙන්ට්‍රිස් දෙක බලන්න.

      gay conversion China

      gay to straights

      Delete
    3. හිට්ලර් සමලින්ගිකයෝ මැරුවේ සහ අයිඑසඅයිඑස් එකේ මුස්ලිම් අන්තවාදීන් සමලිංගිකයන් මරන්නෙයි ඔය කතාව කියලා. ඒක නිසා මේ වගේ අදහසක් පරිස්සමින් තමයි හිතල බලන්න ඕනේ.
      Being Gay Not a Choice: Science Contradicts Ben Carson
      http://www.livescience.com/50058-being-gay-not-a-choice.html
      http://www.slate.com/articles/health_and_science/science/2013/06/biological_basis_for_homosexuality_the_fraternal_birth_order_explanation.html
      මේකේ ගොඩක් විස්තර තිබෙනවා.
      http://www.samesexattraction.org/biological-causes-homosexuality.htm

      Delete
    4. බොහොම ස්තූතියි අරූ සහ අජිත්

      Delete
    5. ජාන විද්‍යාත්මක තත්වයක්ද කියා කියන්න අමාරුයි නේද? උපන්ගෙයි සමලිංගිකයින් කියා කොටසක් නැහැනේ. මොනවා උනත් ස්ව කැමත්තෙන් තොරව වෙනස්කිරීම් සිදුනොකල යුතුයි. කාලයක් ගේ අය පසුව ස්ට්‍රේට් වෙලාත් ඉන්නවා. චීනය සහ ඇමෙරිකාවට අදාල මේ ඩොකියුමෙන්ට්‍රිස් දෙක බලන්න.

      gay conversion China

      gay to straights

      Delete
    6. හ්ම්ම්.
      ඇත්තටම මේකේ ජානමට සම්බන්ධය ගැන පර්යේෂණාත්මක පැත්ත ගැන අපි කතාකිරීම එතරම් පලක් ඇතෙයි කියල මම හිතන්නේ නැහැ. සිරගෙවල් වගේ තැන්වල සිරකරුවෝ සම ලිංගික ක්‍රියා කරන්නේ කාන්තාවෝ නැති කම නිසා මිසක් ඔවුන් ජාන මය වශයෙන් සමලිංගික නිසා නෙවෙයි. බලල ස්වයං වින්දනය කරන්නවත් කාන්තා පුළුටක් දකින්න නැති තැනක ඔවුන් සමලින්ගිකයෝ වීම පරසරය මත සිදුවෙන දෙයක්. ඉස්සර දීර්ග කාලයක් මුහුදු නැවු වල ගමනේ යෙදෙන නාවිකයන් සමලින්ගික්යන් බවට බවට පත්වීම ගැන වුනත් එක හේතුවක් වෙන්න පුළුවන්. අවුරුදු 13-15 වැනි වයසේ ළමයින්ට තිවෙනවා අනෙක් යාළුවෙක්ව වීරත්වයෙන් පුදන හෝ සමහර අය එසේ පිදුම් ලබනවා. ඒවගේම ඒ ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය පාලනය කරන්න අපහසු කාලයක්. මේ කලේ ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට එක්වී ලිංගික ක්‍රියාවන් කිරීමේ නිදහසක් අපි වැනි ගතානුගතික සමාජවලින් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කලෙත් වැඩි වශයෙන් සමලිංගික සම්බන්ධ කම් ඇතිවෙනවා. බාලිකා පාසල් වල කොන්ඩේ කපල කොල්ලෝ වගේ ඉන්න ක්‍රීඩිකාවන්ට පිස්සු වටිනා ඉන්න නංගිලා කොයි තරම් ඉන්නවද ? නමුත් ඒ අවුරුදු 16 වගේ වෙනකම් පමණයි බොහෝවිට. මගේ ඒ වයසෙදිත් මම මුහුණ දීපු අත්දැකීම වගේම ගැහැණු පිරිමි යාළුවොන්ගේ අත්දැකීම් අනුව එහෙමයි.

      විෂම ලිංගික සම්බන්ධයක් පහසුවෙන් ඇති කරගන්න පුළුවන් ඇමෙරිකානු හෝ බටහිර සමාජයේ ඉන්න සමලිංගිකයන් යම් ජාන හේතු නිසා එහෙම වුන අය වෙන්න ඇති. "එත් ඒ පර්යේෂණ ප්‍රතිපල දකුණු ආසියාවේ වෙනත් සමාජීය පරිසර තත්වයන්ට විස්තීරණය කිරීම ඉතා කල්පනාවෙන් කල යුතු වැඩක්." සමලිංගික සම්බධකම් ගැන සමාජීය පරිසරයේ බලපෑම ගැන තවත් කඩින නිදසුනක් තමයි ජපානය. ජපානයේ ඔන්සෙන් හෙවත් උණුවතුර උල්පත් දිය නෑමේදී පොදු ස්ථාන වලදී නම් ගැහැණු පිරිමි වෙනම ස්ථාන දෙකක නිරුවතින් තමයි ස්නානය කරන්නේ. කුඩා කල සිටම සමාන ලිංගිකයන්ගේ නිරුවත් ශරීර දැකීම ජපන් ජාතිකයන් අතර සමලිංගික සම්බද්ධතා අවම වීමට එක ප්‍රධාන හේතුවක් ලෙස පිලිගන්නවා. එත් ජපානයේ ස්මලින්ගික්යන් කුඩා ප්‍රමාණයක් සිටිනවා, ඒ අය සමහරවිට ජානමය හේතු නිසා එහෙම වුන අය වෙන්න ඇති.

      සමාජීය කාරණා මත වීෂම ලිංගික සම්බන්ධතාවක් ඇති කරගැනීමට නොහැකිවීම නිසා සමලිංගික වුන අය තමයි ලංකාව ඉන්දියාව වැනි රටවල බහුතරයක් ඉන්නේ. සිංගල් අපාර්ට්මන්ට් තමුන්ට ඕනේ විදියට ජීවත් වෙන වල ජීවත් වෙන තරුණ සමාජයක් සහ දෙමවුපියගේ නිවෙස් වල හෝ බෝඩිම් කාමරවල ගජේ ගහන තරුණ සමාජයක වෙනස බොහෝ දෙන අමතක කරනවා.

      පහසුවෙන් විෂම ලිංගික සම්බන්ධතා ඇතිකර ගත හැකි සමාජයක කල පර්යේෂණයන් ඊට හාත්පසින් වෙනස් සමාජීය පරිසරයකට විස්තීරණය කිරීම තමයි ඔබ ඇතුළු මේ කාරණාව ගැන කතාකරන බොහෝ දෙනක්ට සිදුවන ලොකුම අතපසුවීම. භෞතික විද්‍යාත්මක රසායන විද්‍යාත්මක පර්යේෂණ ලෝකේ කොතනටත් එකසේ වලංගු වුනාට සමාජවිද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ඊට වඩා සංවේදී කාරණාවන්.

      ජානමය හේතු නිසා එහෙම වුන අය අපේ රටෙත් ඇති, නමුත් අතලොස්සක්. ඒ වගේම තවත් පුද්ගලිකත්වයේ සීමාව තුල කැමැත්තෙන් කරන ලිංගික ක්‍රියා ඔවුන්ගේ පුද්ගලික නිදහසක් යයි මම හිතන්නේ. අජිත් කිව්වා වගේ පුද්ගලිකත්ව සීමාව තුල, මුදල් මත පදනම් නොවී කැමැත්තෙන් කරන ලිංගික ක්‍රියාවන් කෙනෙකු මරාදැමීමට හෝ දඩුවම් කිරීමට කාටවත් අයිතියක් නැති බවයි මම හිතන්නේ. මුදල් මත පදනම් වෙන සම හෝ විසම ලිංගික ඝනිකා හැසිරීම වෙනම කතා කලයුතු කතාවක්.

      Delete
    7. ස්තූතියි ඇනෝ දීර්ඝ විස්තරයට. මේ අතර bi-sexual කට්ටියක් කොහොමත් ඉන්නවා නේද්? සමලිංගික කියන එක නිර්වචනය විය යුත්තේ අනෙක් ලිංගයේ අය සමඟ හැසිරීමට අකමැති තමන්ගේම ලිංගයේ අය සමඟ හැසිරීමට කැමති කියන එක නේද?

      Delete
    8. ඔවු ඔබ බොහොම හරි මම හිතන්නේ නිර්වචනය ගැන බැලුවොත්. සමාන ලිංගික අය අතර ආකර්ෂණය සහ එසේ හැසිරීම ගැන තමයි ඇත්තටම මට කතා කරන්න ඕනේ වුනේ. එසේ හැසිරෙන්නේ ජානමය හේතු නිසාම නොවෙන වෙනත් මුලින් ඇතිවූ ඇබ්බැහිවීම වීම නිසා වැනි සමාජීය හේතු නිසා බවත් මතක් කරන්න ඕනේ වුණා.

      සමාන ලිංගික අය සමහ හැසිරෙන අයත්, ඔබ නිර්වචනය කරන සමලින්ගිකයොත් හරි හැටි වෙන්කරලා හදුනා ගැනීමට පුළුවන කමක් තියෙනවා නම් මගේ අදහස ශුන්‍ය වෙනවා. එහෙම අමාරුයි කියන එක තමයි මට මතුකරන්න ඕනේ වුනේ.

      අරුණ පෙරේරා කියන විදියට පසුව ඔවුන් ස්ටේර්ට් වෙලා තියෙන බව ඇත්තක් නම් ඔබේ "අනෙක් ලිංගයේ අය සමඟ හැසිරීමට අකමැති තමන්ගේම ලිංගයේ අය සමඟ හැසිරීමට කැමති' කියන නිර්වචනයත් ශුන්‍ය වෙන නිසා ඔබට "තාවකාලික සමලිංගිකත්වය" වගේ අලුත් නිර්වචනයක් ඉදිරිපත් කරන්නත් වේවි සමහරවිට.

      තව දෙයක් මතක් කරන්න ඕනේ. ස්වෙච්ච්තාවය හෙවත් autism වැනි තත්වයන් ලෝකේ පුරාම වැඩිපුර වාර්තා වීගෙන එනවා දැන් දැන්. සමහරවිට, හැගීම් මත පදනම්ව තීරණ ගන්න මිනිසුන් තර්කනය මත පදනම් වී තීරණ ගන්න කොටසක් ලෙස වෙනස් වෙන පරිනාමයේ මීලග පියවර දැනට ආරම්භවීමේ පෙර සඥාවක් ද කියන සතුවිල්ලත් ඒ එක්කම ඇති වෙනවා. මිනිස්සු කියන්නේ තේරුම් ගැනීමට නොහැකි කොටසක් ලෙස මම හිතන්නේ. මිනිසුන්ගේ ලිංගික චර්යාවන් හදුනා ගැනීම සහ ඒවාට හේතු දැක්වීමට ඉතා අපහසු අදුරේ අතපත ගෑමක් වැනි දෙයක් පමණයි දැනට කරන්නට පුළුවන්. නිරපේක්ෂ සත්‍යය අපි දන්නේ නැති නිසා අපිට හරිය කියන තැනින් නැවතීම තමයි නුතන විද්‍යාවේ සීමාව මම හිතන්නේ.

      Delete
    9. ඔබ කියන දේට ප්‍රති විරුද්ධ තර්කයක් ගොඩනගන්න අපහසුයි. ඔබට යමක් ඉතා නිරවුල්ව විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ බ්ලොග් ලියන්නෙක්ද? එසේ නැත්නම් එය පටන් ගන්න ලෙස ඉල්ලා සිටීමට කැමතියි.

      Delete
    10. ඔබ autism ගැන කිවූ දේ එනම් එය පරිණාමයේ සංධිස්ථානයක් යන්න ගැන වැඩිපුර දැන ගැනීමට කැමතියි. ඒ පිලිබඳව ලියවිලි තිබෙනවානම් ඒවායේ ලින්ක් එකක් දෙන්න, පුළුවන්නම්.

      Delete
    11. දීර්ඝ පිළිතුරක් ලිව්වත් එය මැකී ගිහින් වගේ. සමහරවිට ස්පෑම් ලෙස ඇති.

      http://www.ted.com/conversations/11849/is_autism_or_some_types_of_au.html

      ඇත්තටම මම autism ගැන එසේ ලිවේ මගේ අදහසක් ලෙස වුනත් තවත් සමහර අය එම අදහසම දරන බව ඔබේ යෝජනාවට අනුව සොයා බැලීමේදී පෙනී ගියා.

      පිළිගත් ජර්නල වලත් තිබේද යන්න මම සොයා බලන්නම්.

      ලිවීම ගැන අගය කිරීමට ස්තුති. ඒ ලොව ප්‍රමුඛ විවිධ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුම යටතේ වසර ගණනාවක් පර්යේෂණ පත්‍රිකා ලිවීමෙන් ලැබූ පුහුණුව නිසා ඔවුන්ට ඒගැන පින්සිදු විය යුතුයි.
      සගවුන ලියන්නෙක් ලෙස සිටීමට ප්‍රිය කරත් සිංහලෙන් බ්ලොග් ලිවීමට සුදුසු කාලය පැමිණ ඇති බව සිතනවා.

      Delete
    12. ////අරුණ පෙරේරා කියන විදියට පසුව ඔවුන් ස්ටේර්ට් වෙලා තියෙන බව ඇත්තක් නම් ඔ/////

      @ඇනෝ......ඔබේ කමෙන්ට්ස් මා ඉතා උවමනාවෙන් කියවනවා. හරවත් සංවාදකරුවෙක් කියා කිවයුතුයි. මෙවැනි තත්වයන් මා අසා තිබෙනවා. මේ තත්වයද situational sexual patterns කියන්නේ?

      Delete
    13. Anonymous has left a new comment on the post "ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +":
      @ඇනෝ..... මම මේ පෝස්ට් එකේ කමෙන්ට්ස් ෆොලෝ කරන නිසා ඔබේ කමෙන්ට් එක මම දැක්කා. ඒකට මොකද වුනේ කියන එක මාත් හිතුවා. එහි වැදගත්කම සලකා, මේ මගේ බ්ලොගය නොවුනත් මම එය මෙහි පළකරනවා. ඉයන් සහ ඇනෝ මට කමත්වා!!!!
      //////ස්තුතියි.
      මුලින්ම, මම බ්ලොග් ලියන්නෙක් නොවෙයි. සිංහලෙන් යමක් ලිවීමේ ආශාවක් පැවතුනත් සැගවුන ලියන්නෙක් (ghost writer) ලෙස ලිවීමට මම වඩාත් ප්‍රිය කරනවා. මෙහි ලියු දේ පැහැදිලි විස්තරයක් ලෙස මහන්සිවී ලිවීමට වෙලාවක් නොතිබුනත්, ඔබට එහි අදහස නිරවුල් වීම ගැන සතුටු වෙනවා. එසේ නිරවුල්ව යමක් ලිවීමේ හැකියාවක් මට ඇතිනම්, එය ලොව ප්‍රමුඛ පෙලේ මහාචාර්ය වරුන් කිහිප දෙනෙකු සමග වසර කිහිපයක්ම පර්යේෂණ පත්‍රිකා ලිවීමෙහි ලා සිසුවෙකු වශයෙන් ලබාගත් අසීරු පුහුණුව නිසාම විය හැකි බව මම සිතනවා.

      පසු කාරණය ගැන, එනම් autism ගැන කිවූ දේ එනම් එය පරිණාමයේ සංධිස්ථානයක් යන්න පැවසුවේ මගේ සිතුවිල්ලක් ලෙස පමණයි. නමුත් ඒ ගැන දැනගැනීමට වැඩිදුර කැමැත්තක් ඇති බවට ලියවුනු ඔබේ යෝජනාව නිසාම මම ඒ ගැන විපරම් කිරීමේදී පෙනීගියේ එය මගේ අදහස පමණක් නොවෙන බවයි. පහත දැක්වෙන්නේ එවැනි නිල නොවන ලියවිල්ලක සබැදියයි.

      http://www.ted.com/conversations/11849/is_autism_or_some_types_of_au.html

      මෙහි සම්බන්ධිත කතිකා 4 මම බැලුවේ නැහැ වෙලාව හිග කම නිසා. ඔබට කාලය ලැබුනොත් බලන්න.

      ඔබ මේ ගැන උනන්දු නිසා මේ පිලිබඳ පිළිගත් ජර්නල වල ලියවිලි තිබේද යන්න මම සොයා බලන්නම්. මේ ගැන අසා දැනගැනීමට සුදුසු ක්ෂේස්තරයේ පතාක යෝදයෙක් බ්ලොග් අවකාශයේ සිටියත්, මේ දිනවල ඔහු අන්තරජාලයේ නොමැති බවක් ද ඔහුගේ බ්ලොගය බැලූ විට පෙනී යනවා.

      අවසානයේ, ඔබ වැනි අය සමග සංවාදයෙන් ඉගෙන ගත හැකි දේ බොහොම බව මා හට ඒත්තු යාමටද මේ autism සම්බන්ධ කාරණාව වැදගත් වුනා. මා සිතන්නේ, ඔබගේ යෝජනාව ගවරයෙන් පිළිගනිමින් බ්ලොග් ලිවීමට පිවිසීමට මා හට සුදුසුම කාලය මේ බවයි. ////////////////////

      Delete
    14. /////මා සිතන්නේ, ඔබගේ යෝජනාව ගවරයෙන් පිළිගනිමින් බ්ලොග් ලිවීමට පිවිසීමට මා හට සුදුසුම කාලය මේ බවයි.//////////

      @ ano....මේ වසන්ත කාලයයි.....ඔබ ලියන්න....ඔබට ජයවේවා!!!!

      Delete
    15. ඇනෝ....ඔබේ දීර්ඝ පිලිතුර මා දුටුවා. එය කොපි පේස්ට් කර මම එය ඔබේ කමෙන්ට් එකක් ලෙස මෙහි උපුටා දැක්වූවා. ඒක මෙතනට වැටෙන්නේ නැහැ.ඉයන්ගෙන් තමයි අහන්න වෙන්නේ. it is a valuable comment indeed.

      Delete
  42. ස්තුතියි.
    මුලින්ම, මම බ්ලොග් ලියන්නෙක් නොවෙයි. සිංහලෙන් යමක් ලිවීමේ ආශාවක් පැවතුනත් සැගවුන ලියන්නෙක් (ghost writer) ලෙස ලිවීමට මම වඩාත් ප්‍රිය කරනවා. මෙහි ලියු දේ පැහැදිලි විස්තරයක් ලෙස මහන්සිවී ලිවීමට වෙලාවක් නොතිබුනත්, ඔබට එහි අදහස නිරවුල් වීම ගැන සතුටු වෙනවා. එසේ නිරවුල්ව යමක් ලිවීමේ හැකියාවක් මට ඇතිනම්, එය ලොව ප්‍රමුඛ පෙලේ මහාචාර්ය වරුන් කිහිප දෙනෙකු සමග වසර කිහිපයක්ම පර්යේෂණ පත්‍රිකා ලිවීමෙහි ලා සිසුවෙකු වශයෙන් ලබාගත් අසීරු පුහුණුව නිසාම විය හැකි බව මම සිතනවා.

    පසු කාරණය ගැන, එනම් autism ගැන කිවූ දේ එනම් එය පරිණාමයේ සංධිස්ථානයක් යන්න පැවසුවේ මගේ සිතුවිල්ලක් ලෙස පමණයි. නමුත් ඒ ගැන දැනගැනීමට වැඩිදුර කැමැත්තක් ඇති බවට ලියවුනු ඔබේ යෝජනාව නිසාම මම ඒ ගැන විපරම් කිරීමේදී පෙනීගියේ එය මගේ අදහස පමණක් නොවෙන බවයි. පහත දැක්වෙන්නේ එවැනි නිල නොවන ලියවිල්ලක සබැදියයි.

    http://www.ted.com/conversations/11849/is_autism_or_some_types_of_au.html

    මෙහි සම්බන්ධිත කතිකා 4 මම බැලුවේ නැහැ වෙලාව හිග කම නිසා. ඔබට කාලය ලැබුනොත් බලන්න.

    ඔබ මේ ගැන උනන්දු නිසා මේ පිලිබඳ පිළිගත් ජර්නල වල ලියවිලි තිබේද යන්න මම සොයා බලන්නම්. මේ ගැන අසා දැනගැනීමට සුදුසු ක්ෂේස්තරයේ පතාක යෝදයෙක් බ්ලොග් අවකාශයේ සිටියත්, මේ දිනවල ඔහු අන්තරජාලයේ නොමැති බවක් ද ඔහුගේ බ්ලොගය බැලූ විට පෙනී යනවා.

    අවසානයේ, ඔබ වැනි අය සමග සංවාදයෙන් ඉගෙන ගත හැකි දේ බොහොම බව මා හට ඒත්තු යාමටද මේ autism සම්බන්ධ කාරණාව වැදගත් වුනා. මා සිතන්නේ, ඔබගේ යෝජනාව ගවරයෙන් පිළිගනිමින් බ්ලොග් ලිවීමට පිවිසීමට මා හට සුදුසුම කාලය මේ බවයි.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වල තිබුණා

      Delete
    2. මුල හරියට පිලිතුරක් පසුව. ඔබ කියා ඇති පරිදි කරුණාකර සිංහල බ්ලොග් ලියන්න ඉක්මනට එන්න. පලමු ලිපිය ලිවූ පසුව ලින්ක් එකක් මෙතන් දාන්න. content, clarity of thought and presentation අතින් ඉහල අපට එම තුන් පැත්තෙන්ම ඉගෙන ගත හැකි බ්ලොග් එකක් වන බව නම් දැන්මම කිව හැකියි. සුභ පැතුම්

      Delete
  43. Replies
    1. ඉතාමත්ම ස්තුත්යි ඉයන් සහ අරුණ මහත්වරු දෙදෙනාටම.
      ඔබේ සබැඳියේ ඇති මහාචාර්ය මාක්රම් ගේ අදහස සවසට කියවන්නට බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. අරක්කු ටිකක් බොන්න දෙනවා නම් මමත් එනවා හවසට ඕක කියවන්න

      Delete
  44. How many of parents & adults are able to explain directly to the child about sexual things? How many of them talking radical way follow all the traditional things to own daughter? I have witnessed when its comes to own life or the real life so many of them behavior excatly other way of own believes...still we are in cages.. not free as I feel.

    ReplyDelete
    Replies
    1. Chathu, there should be a way for the young adults to know of facts of life. The best way is to provide them the insights by way of education on sexual issues. This will then reduce or eliminate the need of parents having to face an awkward situation. Thank you for your comment

      Delete
    2. yes Iyan, But my point is parents/related adults are the most important part of child's life, most of decisions are made by parent + child. whatever child got from outside learning will not be full effective if the parent can't accept the change & adjust to it. Then it will lead to rise more problems within the relationship of parent + child. As you said there should be more effective way to raise the knowledge.

      Delete
  45. Autism ගැන හැදැරිම අපි හැමොටම සංවාද , සම්බන්ධතා හරියකාරාව පවත්වා ගන්න ඕන කරන දොරටු බොහොමයක් විවර කර ගැනිමක්. බොහෝ වෙලාවට මට හිතෙනවා මේ ලොකේ හමතැනම තියන ගැටලු වලට හොඳම පිළියමක් මේ ක්‍රම හැදැරිම තුලින් ලබා ගන්නා අවබෝධය කියලා. අපි බොහොම ලේසියෙන් කතා කලාට , අනිත් අය එක්ක සංවාද කලාට , අනිත් කෙනාට ගැලපෙන විදිහට කතාව ගෙන ගියාට මේ දේවල් මොන තරන් සංකිර්ණ ද කියලා හොදින් වටහා ගන්න පුලුවන් වෙන තැනක් Autism සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම හැදැරිම. මිනිස් හැඟිම් ඇති විම , කතාව , අන් අය හා සම්බන්ධවිමෙ බරපතල ගැටලු තියන මෙහි මිනිස් මොළය කියන්නේ මොන තරන් පුදුම සහගත දෙයක් ද කියන දේ හිතා ගන්නත් අමරුයි. ඒ වගෙම මේ තරන් අමාරුවෙන් ඇති වෙන හැඟිම් , කතා කිරීමෙ හැකියාව , අනුන් තෙරුන් ගැනිම මොන තරන් අයථා විදිහට යොදා ගන්නවද කියල පෙනෙද්දි මොන විදිහකින් හරි ඒ අපතේ යන හැකියාවන් Autism තියන අයට ඇතුල් කරන්න විදිහක් ඇත්නම් කියල හිතෙනව. ඒ තරන්ම සංකිර්ණයි අපි මේ සරලව කරන කතා කිරිම. පුලුවන් විදිහට ඉදිරියෙදි හැමොටම වැදගත් වෙන ඉතා සරල හැබයි බොහොම ඵලදායි විදි කිපයක් ගැන ලියන්න හිතන් ඉන්නවා. මෙහි එන ඇනො බොහොම හොදින් ඒ ගැන දන්න බව පැහදිලියි.

    ReplyDelete
  46. මේ පොස්ටුව දෙස බැලුවම මෙහි භෞතික ලිංගිකත්වය, ලිංගික මනෝමය ගැටළු සහ ලිංගික දිශානතිය යන කාරනා පටලවාගෙන. ලිංගිකත්වය යනු භෞතිකයක්. එනම් තම ශරීරයෙන් තමාට ලැබෙන දෙයක්. නමුත් ලිංගික දිශානතිය කියන්නේ මානසිකව එය දෙස බලන ආකාරයන්. ලංකාවේ වගේ රැල්ලට යන ලිංගික දිශානති වෙනම මනෝ විකාරයක්. ඒවා ලිංගික දිශානති නොදැන ගොස්, නොසොය ගොස් අතරමන් වූවන්ගේ මානසික ගැටළු බොහෝවිට. ඒවා වාණිජ සහ වෙනත් පරමාර්ථ වලින් ඇතිකරන දේවල්.

    නමුත් ලිංගික දිශානතිය යන්න ඉතා ගැඹුරෙන් බැලිය යුතු කරුණක්. එය බොහෝවිට අත්දැකීම මත පදනම් වන දෙයක්. මේවා වෙනම ලිවිය යුතු කරුණු මා කෙටියෙන් කීවේ. ඕනෑම ලිංගික දිශානතියක් කරදරයක් විය හැකියි එය සමාජගත වන විදිහ හෝ කරන විදි අනුව. ඔබට රිසි පරිදි ඒවා ගොඩවල් වලට දාන්න බැහැ හොඳයි නරකයි කියා. මෙතන දී තිබෙන අර්ථකතනත් බොහෝ සරල කරුණු විනා සත්‍ය කරුණු වල සම්පූර්ණය නොවේ. මේවා බොහෝවිට මානසික ගැටළු ලෙස වර්ගකර තිබෙනවා. ඔබ කියන සමලිංගික කියන එක බොහෝ පුළුල් හැඳින්වීමක්. එය දිශානුගත වන ආකාරයක් එනම් දිශානතියක්. එල්සේ දිශානුගත වන ආකාර අනුව heterosexual, bi-sexual, homosexual, bi-curious ආදී වර්ගීකරණයක් තිබෙනව. මේ දිශානති ඇති අය ඕනෑම කෙනෙක් ඉතත කියන ගැටළු වලින් එකක් හෝ කීපයක් උරුම කරගත් හෝ එසේ නොවන එකක් විය හැකියි.
    මේ පොස්ටුවේ මේ දෙක සම්පූර්ණයෙන් මැ පටලවල, විකෘති කොට තිබෙනවා.

    එමනිසා ඒ දෙස වෙනතත් කෝණයකින් බලන්න ඕනේ. කෙසේවුවත් මේ කාරණා අලුත් දේවල් නොවේ. එකම ගැටලුව ඉහත කී මානසික ගැටළු සාමාන්‍ය දෙයක් ලෙස සහ රැල්ලක් ලෙස සමාජගත කිරීමේ වාණිජ ප්‍රයත්න. අනෙත් කරුණ කැමැත්තෙන් එසේ වන්නේ නෑ කියන එක පිළිගන්න අපහසු කරුණක්. කරුණාකර මේ සම්බන්ධ විද්‍යාත්මක හැදෑරීමක් කරන්න. උපතින් කෙනෙක් ලින්ගිකත්වයක් ගෙනාවත් දිශානතිය එකහෙලාම ගෙනෙන්නේ නැහැ. ඒ සම්බන්ධ කරුණු අන්තර්ජාලයේ තිබෙනව. මේ ඕනෑම කරුණක් අරබයා ගීත වුවත් ලියවිය හැකියි. නමුත් අද දිනයේ බොහෝ බටහිර සහ පෙරදිග ගීත අර්ථ විකෘත වලට මුහුණ දී තිබෙනවා එහි ලිංගිකත්ව සොයන්නට යාමෙන්. බ්ලොග් කරණයේ යෙදෙන බොහෝ අය ගැඹුරු මාතෘකා ගන්නේ බ්ලොග් එක ප්‍රචාරය කරන්නද, පෙන්වන්නද නැත්නම් අවංකව හැදෑරීමක් කරලද කියන එක බොහෝවිට මට ගැටළුවක් ලංකාවේ බ්ලොග් කරණය දෙස බැලුවම. මේ ඔබට කෙරෙන පෞද්ගලික අපහාසයක් ලෙස නොගන්න. පොඩි විවරණයක් පමණි.
    :D

    හොඳයි කොහොමවුනත් ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Epoxy Ethane . මේ පෝස්ට් එකේ අරමුණු මේවායි.

      බොහෝ දෙනෙකු නොදන්නා ඩීවියේශන්ස් ගැන නමින් හඳුන්වා ඒ ගැන වැඩි පුර කියවීමට යොමු කිරීම ( ලින්ක් දී ඇත්තේ ඒ නිසාය ). මෙහිදී දැනුම දීමට උත්සාහ කිරීමකට වඩා කල ඇත්තේ ඒ ගැන උනන්දුව හෝ කුතුහලය ඇතිකිරීම පමණයි.

      ලිංගික අවශ්‍යතා වල විවිධත්වය සහ වීම නොවීම නොදන්නා මුත් තමුන්ට වෙනස් එහෙත් සමාජයට අහිතකර නොවන එවන් හැසිරීම් ඇති අය සාමාන්‍ය අය ලෙස පිළිගැනීමට යොමු කරවීම (ඒ ගැන දැනුම සොයා යන්නාට පෙලඹවීමෙන් )

      මෙවන් වෙනස් හැඟීම් ඇතිඅය කියවන්නන් අතර ඉන්නවා නම් ඔවුන් සමාජයේ තනි වී ඇතිඅය නොවන බව වැඩිපුර කියවීම් හරහා පැහැදිලි කරගැනීමට යොමු කිරීම.

      ඒ හැර ඒවා ගැන විද්‍යාත්මක සංවාදයක් ඇතිකිරීමට මට එතරම් දැනීමක් හෝ අරමුණක් නැහැ. එමෙන්ම මෙහි කිසිම වානිජ අරමුණක් නැහැ.

      ඉහත සඳහන් කල අරමුණු ඉටුවී ඇත්නම් පෝස්ට් එක සාර්ථකයි. නැත්නම් නැහැ.

      Delete