Wednesday, April 6, 2016

ගැණු නැත්තං අපි කපෝති


පිරිමි අපි විහිළුවට වගේ ගෑහැණුන්ව අවතක්සේරු කරල කථා කරනව සමහර වෙලාවට. ඒක පිරිමින්ගේ ජාතික විනෝදාංශයක් (National pastime) . ඒ වුණාට නක්කියට වගේ එහෙම කලාට මම දන්න ගොඩක් පිරිමි කාන්තාවන්ට ගරු කරනවා. ඒවගේම චෙෆාකි වගේ අය බිරින්ඳෑ වරුන්ට ඉතා ඉහලින් ගරු කරනව. කොච්චර ගරු කරනවාද කිව්වොත් ලඟින් යනකොට චෙෆාකිගේ දණිස් දෙක වෙවුලනවා කියල තමයි කට්ටිය කියන්නෙ.

ඒවගේම රටේ ආර්ථිකය පැත්තෙන් ගත්තත් කාන්තාවන් නැත්නං මේ රට කපෝතියි කිව්වට වරදක් නැහැ. ඒ අදටත් රටේ විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන මාර්ග තුනම රඳා පවතින්නේ කාන්තාවන් නිසා. විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායමෙන් විශාල ප්‍රතිශතයක් එන්නේ කාන්තා ශ්‍රමිකයන්ගෙන්. දෙවෙනි විශාලතම ආදායම් මාර්ගය වන ඇඟළුම් කර්මාන්තයෙත් ලොකු ප්‍රතිශතයක් සේවය කරන්නේ කාන්තාවන්. පාරම්පරික අපනයනයන්ගෙන් ප්‍රධානතම අපනයනය වන තේ නිෂ්පාදනයේ සියයට හැත්තෑවක් විතර උර දෙන්නේ කාන්තාවන්. මෙම කාන්තාවන්ගේ මහන්සියෙන් උපයන විදේශ විනිමයෙන් තමයි ඔය දේශපාලකයින්, දොස්තරලා වගේ අය සුඛෝපබෝගී වාහන ගෙන්න ගන්නේ සහ ඒවට ඉන්ධන එහෙම පිටරටින් ගෙන්න ගන්නේ. 

සිරිමාවෝ බණ්ඩාරණායක
තව අතකින් බැළුවොත් ක්‍රිකට් ක්‍රීඩාව ඇරුණම අන් ක්ශේත්‍ර වල ලංකාවට කීර්තියක් අත්කරල දීල තියෙන්නෙත් කාන්තාවන්. ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහිවුණේ ශ්‍රී ලංකාවෙන්. ඒ 1960 ජූලි 21 වෙනිදා. ඇමෙරිකාවේ කාන්තා විමුක්ති ව්‍යාපාර බිහිවෙන්නත් කලින්. ලෝක රූප සුන්දරී තරඟ වලින් එක් වතාවක් දෙවෙනි තැනත් 1985 දී පවත්වපු පලමුවන විවාහක රූප සුන්දරී තරඟයෙන් පලමු වන
රෝසි සේනානායක
සථානයත් ලබාගත්තේ
ශ්‍රී ලාංකික කාන්තාවන්. මේවගේ තත්ත්වයේ ජයග්‍රහණයක් ලබා ගන්න පිරිමි පාර්ශවයට තවම හැකිවෙලා නැහැ. 

කලා කටයුතු ගත්තත් එහෙමයි. උදාහණයකට අර අසෝකයි, ක්ලියෝපැට්‍රයි, අනන්‍යායි, ගුරුවරියයි නැතුව පුවක් විතරක් තිබ්බනං රවියගේ බ්ලොග් එකට කවුද යන්නෙ. ඒක රවී ඇරෙන්න අනික් ඔක්කොම දන්නවා. 

බටහිර රටවලටත් කලින් යම් යම් ක්ශේත්‍රවල කාන්තා නියෝජනයක් ලැබූ ශ්‍රී ලංකාව තුල තවමත් කාන්තාවන්ට නිසි තැනක් ලැබෙන්නේ නැත්තේ ඇයි? මේකට වග කියන්න ඕන පිරිමි තමයි නේද? මගේ අදහස නම් ඉහල නිලයන් දරණ කාන්තාවන්ගේ ප්‍රමාණය අඩු එකට වග කිව යුත්තේ කාන්තාවන්මයි කියලයි. උදාහරණයකට දේශපාලනයේ කාන්තා නියෝජනය 25% කරන්න පිරිමින් කොතරම් උත්සාහ කලත් ඉදිරිපත් වන්න කාන්තාවන් නැත්නම් ඒක වෙන්නෙ නැහැ. ඒවගේම කාන්තාවන්ට අවශ්‍යනම් පිරිමින්ගේ කිසිම සහයෝගයක් නැතුවම ඕනෑම ක්ශේත්‍රයකින් ඉදිරියට එන්න ලංකාවේ බාධාවල් නැහැ. (මධ්‍යම ආණ්ඩුකාර පදවිය ගැන සංඝ රත්නයේ මතය සහ භික්ෂුණී සාසනය ඇති නොකිරීම වගේ ප්‍රශ්ණ අත හැරියොත්).

පෙරටුගාමීන් කියා ගන්නා කෛරාටිකයින් ආරක්ෂා කරගන්න හදන 93% ක් එලියට හැලෙන උසස් අධ්‍යාපන ක්‍රමයත් එක හේතුවක් වන්න පුළුවන්. විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න බැරි වුනාම සමහර පහල මධ්‍යම පන්තියේ අය හෙද සේවාවට,  පිරිසිඳු කිරීමේ අංශයට, මැද පෙරදිග සේවයට වගේ දේවල් වලට යොමුවුණාට මුදල් තිබුණත් ගැහැණු ළමුන් උසස් අධ්‍යාපනයට යොමු නොකිරීමට සමහර දෙමව්පියන් කටයුතු කරනවා. මීට වඩා ලංකාව තුලම උසස් අධ්‍යාපන අවස්ථා ඇතිවෙනකන් ඒක විසඳෙන්නෙ නැති වුණත් සමහට කාර්මික අධ්‍යාපන අවස්ථාවලට කාන්තාවන් ගේ ඉදිරිපත් වීම පහල මට්ටමක තියෙනවා. ඒවා ගෑණු අයට සුදුසු රැකියාවන් නෙමෙයි කියල අයින් වෙනවනම් මොන නීති ගෙනාවත් ඒව හරිගස්සන්න බැහැ. අද යාන්ත්‍රික උපකරණ භාවිතය නිසා ශරීර ශක්තිය අවශ්‍ය කරන කාර්මික ක්ශේත්‍ර ඉතිරිවෙලා තියෙන්නේ ටිකයි. 

මට පෙනෙන තව හේතුවක් තමයි විවාහ වීම ජීවිතයේ ප්‍රධානතම අංගයක් වශයෙන් සිතීම. පිරිමියෙක් හොයාගන්න බැරි වෙයි කියල සමහර අංශවලට යොමු නොවන කාන්තාවන් ඉන්න පුළුවන්. ඒවගේම සමහර කාර්‍යාලීය රැකියා සඳහා එන අය තමන්ගේ රැකියා ක්ශේත්‍රය (career) තුල දියුණු කර ගැනීම  වෙනුවට මුල් තැන දෙන්නේ  පිරිමියෙකු සොයා ගැනීමටයි. ඒ අවශ්‍යතාවය සපුරා ගත්ත ගමන් ඒගොල්ලන්ගේ ජීවිත අපේක්ෂාවන් සියල්ලම වගේ ඉටුවෙලා ඉවරයි.  ටික කලකින් පසු විවාහ දිවියට ඇතුලත් වෙලා ළමයෙක් හදාගෙන රැකියා ක්ශෙත්‍රයෙන් ඉවත් වෙන එක හරිය චෙෆාකි උයනකොට පාවිච්චි කරන රෙසිපි එකේ තියෙන දේවල් වාගේ ඒවිදිහටම ගොඩක් අය කරනවා.

සාද වලදිත් බොහෝ විට පිරිමින් සංතෝස වන විට කාන්තාවන් කුස්සියක සිට සහයෝගය දෙනවට වඩා හොඳ නැත්ද පිරිමින් සමඟ එකතුවෙලා සහභාගී වෙන එක? ඒකට මත්පැන් පානය කරන්නම අවශ්‍ය නැහැ. පෞද්ගලික අංශයේ සාද වලදී මත්පැන් නොබොන කාන්තාවන් බොහෝ දෙනෙක් එසේ සහභාගී වනවා මම දැක තියෙනවා. ලඟදි තිබ්බ නෙළුම් යාය උත්සවයේ ආෆ්ටර් පාටි එකට මම හිතුවා කාන්තා සහභාගිත්වයක් තියෙයි කියලා. එම සාදයේ සිටියේ එකම එක කාන්තාවක් පමණයි. කාන්තාවන් සහභාගී වන අවස්ථාවලදී බොහෝ විට මත් පැන් පානයත් අඩුයි ඒවගේ ගොඩක් පිරිමි වඩා සංවරව සහභාගී වෙනවා. සමාජයේ පෙරමුණට ඒම, සම තැන ගැනීම, ආදිය බන්දේසියක තියල කවුරුවත් ගෙනත් දෙන්නේ නැහැ. එහෙම ගෙනත් දෙන්නත් ඒ අයට බැහැ. එය ලබා ගත යුත්තේ තම ඉදිරිපත්වීමෙන්, ආත්ම විශ්වාශයෙන් සහ අධිශ්ඨානයෙන්, කාන්තාවන් විසින්මයි. 

එක දේකින් නම් කාන්තාවගේ තැන කාටවත් ගන්න බැහැ. ඒ තමයි උතුම් මව් පදවිය. බොහෝ දෙනෙකුගේ ජීවිත වල සාර්ථකත්වය පිටුපස වගේම මගේ ජීවිතයේ සාර්ථකත්වය පිටුපසත් ඉන්නේ මගේ මවයි. මව් වරුන් ඇතුළු සියළුම ලාංකික කාන්තාවන්ට මට දිය හැකි තිලිණයක් තමයි මේ ගීතය. මගේ ගොඩක් රචනා වගේම මේ ගීතයත් සංගීතවත් කර ගායනා කලේ විශාරද ජගත් වික්‍රමසිංහ. මේ ගීතය නෙළුම්යාය දින ලබා දුන්න සී ඩී පටය ඇහුවනම් මුලටම තියෙන ගීතය වශයෙන් ඔබලා අහලා ඇති. 

මේ ගීතය පිදෙන්නේ මගේ මව ඇතුළු සියළුම මව්වරුන්ට සහ විවිධ කාලවල මගේ ජීවිතය වර්ණවත් කල සියළුම කාන්තාවන්ට. 

දැන් ලඳුන් සිංහාසනේ

සිවි සැටක් වූ මායමින්හැඳි මිටක් දිග ණුවනකින්
පින තියෙන්නේ දොර කොනේ, කිවූ කාලය දැන් ගිහින්.
ලේවලින් පෙවු කිරිවලින්, දරු රැකී ගෙදරැති බුදුන්
තොටිලි පැදවූ අනුහසින්,  දැන් ලඳුන් සිංහාසනේ

අකුරු කියවූ ගුරු මවුන්ඇදුරියන් සරසවි බිමේ.
දූවරුන් රැකි මව් වරුන් , රට මුදල් සෙවූ දූවරුන්,
රණ බිමේ යුධ සෙබලියන්, ගුවනෙ සරිසරු නියමුවන්
රටට බත දුන් ගෙවිලියන්,  ලකම ජයගත් බව කියයි.

කතුවරුන් හා කිවිඳියන්, කලා කෙත බැබලූ ලියන්,
පහන ගෙන දිවි රැකි කතුන්, දළු නෙලා තේ දුන් ලඳුන්
පථය දිනු ජයසිංහයන්කිරුළු දිනු රූ රැජිනියන්,
අගමැතිනියක් ලක් දෙණින්ලොවම දන්නා බව කියයි.

සිවි සැටක් වූ මායමින්………හැඳි මිටක් දිග ණුවනකින්
පින තියෙන්නේ දොර කොනේ, කිවූ කාලය දැන් ගිහින්.
ලේවලින් පෙවු කිරිවලින්, දරු රැකී ගෙදරැති බුදුන්
තොවිලි පැදවූ අනුහසින්,  දැන් ලඳුන් සිංහාසනේ..



ගායනය සහ සංගීතය : විශාරද ජගත් වික්‍රමසිංහ
ගී පද : ඉයන් ලින්තොට 







ලොකුපුතා පල්ලෙහා කියල තියෙනවා සිංදුවේ මුල හරියේ මියුසික් අප්සෙට් කියලා. මේ සිංදුවේ ගයිඩ් එක මෙතන තියෙනවා. ඒකේ නම් ජගත් බොහොම ලස්සනට පලමුවෙනි වර්ස් එක කියලා තියෙනවා. එකම දේ අනික් හරිය පැහැදිලි නැහැ. වචන වලත් පොඩි වෙනස්කම්. ඒ වුණාට සංගීතය රස විඳිනවනම් මේක උඩ එකට වඩා හොඳයි. 






145 comments:

  1. http://maathalan.blogspot.com/2013/03/womens-day-not-for-ladies-only.html

    ReplyDelete
  2. //ගැණු නැත්තං අපි කපෝති //

    මං මේ කල්පනා කලේ කපෝති එකේ හොඳ එක මොකක්ද කියල

    නැති නිසා වෙන එකද? ඉන්න නිසා වෙන එකද?

    ReplyDelete
    Replies
    1. දෙකට දෙක කැපුණම බිංදුවයි …
      හිටිය වාගෙම තමා .… ඕ යේස් :D

      Delete
    2. එහෙයි.

      ශොපින් බෑග් උස්සාගෙන කුඩ අල්ලාගෙන දාඩිය දාගෙන පිටුපසින් යාම වගේ ෆන් ක්‍රියාකාරකම්වත් නැද්ද එතකොට ආයිබොවං ?

      Delete
    3. සැමියා බිරිඳගේ … ? :D

      Delete
    4. Thank you නිවුස්පේපර් බ්‍රදර් :)

      Delete
    5. මම නම් මේවට උත්තර ලියන්නේ නෑ.
      මම වෙනුවෙන් නියෝජිතයෙක් පත්කරලා ඉන්නේ...
      හික්ස්...
      අඩෝ පත්තරේ මෙහේ වරෙන්...

      Delete
  3. නිවුස්පේපර් බ්‍රදර්ස්, චෙෆ්ස්, ආකිටෙක්ට්ස් වැනි නිර්භීත පුරුෂ ආදිපත්තියද මොකක්ද එක සමග තම අණසක පතුරා සිටින උතුමන් මෙහි කමෙන්ට් කරන තෙක් බලා සිටිමි

    ReplyDelete
    Replies
    1. බත් පිඟානටත් කෙළවෙන වැඩ මේ යකා කරන්නෙ… ඕ යේස් !! :D :D
      හරි බිසි අයියෝ මෙ ටිකේ.හැක්

      Delete
    2. මට මගේ පාඩුවේ එයාට වාතේ නොවී වැඩ ටික කරගෙන ආතල් එකේ ඉන්න දෙන තාක් ඇය මගේ දෙවියාය. දිවියෙකුට සේ නොව දෙවියකුට සේ සැලකුම් ලබා ගැනීම ඇය සතු කාරියකි. තවමත් ඇය මට දෙවියකි. වාතයක් නම් වෙන්න එපා දෙවියනි!!!!Aru

      Delete
    3. අරූ මහත්මයා, මේ බ්ලොග් එකේ දැකපු පලමුවෙනි පාර. අපි පාසැල් කාලයේදී හමුවී තිබෙන්න පුළුවන්. මම හිටියේ ඔබගේ පන්තියට පන්ති දෙකක් මෙහා. (BS2)

      Delete
    4. මචං ඉයන්......BS2 එකේ හිටියා මාත් එක්ක පොඩි කාලේ ඉඳන්ම හිටිය එවුන්. මට හරියටම ඒ පන්තියේ අය නම්වලින් මතක නැහැ. මහේෂ් පද්මපෙරුම මතකයි.BS4 වන අපේ පන්තියේ ගොඩාක් මතක එවුන් හිටියේ BS5 එකේ. අපේ BS4 එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.Aru.

      Delete
    5. මහේෂ් පද්මපෙරුම ලංකාවට පැමිණෙනට හැම අවස්ථාවකදීම අපේ BS2 ගැන්සිය හම්බුවෙනවා. ඔහුගේ ඊමේල් ලිපිනය ඔබට දන්වන්නම්

      Delete
  4. කාන්තාවන්ට නිසි තැනක් නොලැබෙන්න පිරිමින්ට වඩා කාන්තාවන්ම හේතු වෙනවා කියලා හිතෙන්නේ මට විතරද මන්ද.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් ඒකමයි

      Delete
    2. ලංකාවේ මුලු ජනගහනයෙන් 51.75% ඉන්නේ කාන්තාවන්....එහෙම බැලුවම පිරිමින් මයිනොරිටි එකක් නිසා ඔටෝමැටිකලි පිරිමින් වෙන්න ඕනි පරමාධිපත්‍ය සොයා සටන් වදින්නේ..නමුත් ගතානුගතික පැවතුම් නිසා ගැහැනිය තමන් විසින්ම පහල ස්ථානයක තැන්පත් කරගන්නවා ඇති ඇයගේ සමාජ තලය...
      ස්වාධීනත්වය ගැහැනියකට අවශ්‍ය වන්නේ ඈ අවිවාහකව ජීවත්වෙන්න හිතාගෙන කටයුතු කලාම නේද..? දෙන්නෙක්ගේ සංස්ථාවක සමානාත්මතාවය ලැබෙන්නේ ස්ව්භාවයෙන්ම කරුනා කාරනා දන්නා ඇත්තා, වැඩියෙන් හම්බකරන්නා, උස මිටි බව, ඇඟේපතේ හයිය හත්තිය වගේ දෙවල්වලින් දෙපොලම එක සමානනම් නේ...නැත්නං ආදරේ නිසා දෙන්නා බෙදා හදාගෙන එකා වගේ ඉන්න තැනුත් ඇති...

      Delete
    3. මගේ වෘත්තීය අත්දැකීම් තුල කිරි පැණි වගේ සිටි බොහෝ කාන්තාවන් අවස්ථාව ලද විගස අනෙකා කපාගෙන ඉදිරියට ගිය (විශේෂයෙන් ව්‍යපෘති අවස්ථා, උසස්වීම් වලදි වගේ) අවස්ථා ගණනක් මම දැක තිබෙනවා. පිරිමින්ගේ මේ තත්වය සාපේක්‍ෂව අඩු බවයි මගේ අත්දැකීම. කොහොම උනත් මෙවැනි එක් දෙයකින් පමණක් කාන්තාවන් හෝ පිරිමින් මැනීම සාධාරණ නොවන්න පුළුවන්.

      //දෙන්නෙක්ගේ සංස්ථාවක සමානාත්මතාවය ලැබෙන්නේ ස්ව්භාවයෙන්ම කරුනා කාරනා දන්නා ඇත්තා, වැඩියෙන් හම්බකරන්නා, උස මිටි බව, ඇඟේපතේ හයිය හත්තිය වගේ දෙවල්වලින් දෙපොලම එක සමානනම් නේ...නැත්නං ආදරේ නිසා දෙන්නා බෙදා හදාගෙන එකා වගේ ඉන්න තැනුත් ඇති...// හරිම අපුරු අදහසක් :)

      Delete
    4. උදය ඔබ කියන දේ මම දැක තියෙනවා. ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන කාන්තාවන් බොහොමයක් එසේ ඉදිරියට යන්නේ වටේ පිටේ ඉන්න අයව පෙරලගෙන. ඒ අයගෙන් වැඩි පුරම පීඩා විඳින්නේ ඔවුන්ට අනාගතයේදී තරඟයක් විය හැකි යයඉ සිතන කාන්තාවන්. මෙසේ ක්‍රියා කරන පිරිමින්ද ඉන්න මුත් සාපේක්ෂව අඩුයි කියා මට හැඟිලා තියෙනවා.

      Delete
  5. //උදාහණයකට අර අසෝකයි, ක්ලියෝපැට්‍රයි, ගුරුවරියයි නැතුව පුවක් විතරක් තිබ්බනං රවියගේ බ්ලොග් එකට කවුද යන්නෙ. ඒක රවී ඇරෙන්න අනික් ඔක්කොම දන්නවා.// අද ලිපියේ වැදගත්ම කොටස :)

    ReplyDelete
    Replies
    1. අනන්‍යාව මිස් වුණා.

      Delete
    2. Udaya Dissanayake:
      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      ///අනන්‍යාව මිස් වුණා.///
      දැන් හරි දාමු...

      Delete
    3. දැම්මා දැම්මා ලොක්කා

      Delete
  6. // ආරක්ශා කරගන්න හදන 93% ක් එලියට හැලෙන උසස් අධ්‍යාපන ක්‍රමයත් එක හේතුවක් වන්න පුළුවන්. විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න බැරි වුනාම සමහර පහල මධ්‍යම පන්තියේ අය හෙද සේවාවට වගේ දේවල් වලට යොමුවුණාට මුදල් තිබුණත් ගැහැණු ළමුන් උසස් අධ්‍යාපනයට යොමු නොකිරීමට සමහර දෙමව්පියන් කටයුතු කරනවා. //

    පිස්සු කතා කරනවා ඉයන් තුමා....

    අපේ බැච් එකේ බෑචියෝ හතලිහ ට බැචා ලා දහ අටයි....
    ඔලුව පාත් කොරන් තමා ඒ අවුරුදු හය ම ගෙවුවේ...

    ReplyDelete
    Replies
    1. උඩ ඔළුවද? යට ඔළුවද? දෙවෙනි එක පාත් වෙන්න නම් තියෙන්නෙ වෙන හේතු කියලයි අපි දන්නෙ. හැක්.

      Delete
    2. \\අපේ බැච් එකේ බෑචියෝ හතලිහ ට බැචා ලා දහ අටයි....///

      හපොයි ඒකට අපේ..බැච් එකේ හතලිහෙන් 33ක් කොල්ලෝ ..බැචියො 7යි..පුදුම කට්ටක් කාලා තමයි එකක් බා ගත්තේ....

      Delete
    3. ///හපොයි ඒකට අපේ..බැච් එකේ හතලිහෙන් 33ක් කොල්ලෝ ..බැචියො 7යි..පුදුම කට්ටක් කාලා තමයි එකක් බා ගත්තේ....///
      ඒ ඉස්සර, දැන් ආකි ෆැකල්ටි එක සුරපුරයක් වගේ...
      ඒ ලෙවල් ලකුණු වලින් විතරක් නෙමෙයිනේ, ඇතුලෙන් තියන විභාගයක් සහ තව මොන මොනවාදෝ හරහා ගන්න නිසා දැන් නොපිට ගැහිලා තියෙන්නේ...

      ඒකට අපේ ෆැකල්ටි එක...
      576 ක්ද කොහෙද හිටපු බැච් එකේ කෙල්ලෝ උන්නේ 54 ක් හෝ 57 ක්...

      Delete
    4. //හපොයි ඒකට අපේ..බැච් එකේ හතලිහෙන් 33ක් කොල්ලෝ ..බැචියො 7යි..පුදුම කට්ටක් කාලා තමයි එකක් බා ගත්තේ.... //

      ඔහෙලගේ සේවා වනිතා එකකකේ නලලේ තියන් ඉන්න ඇති ... අන්තිම දුකයි!

      Delete
    5. // 576 ක්ද කොහෙද හිටපු බැච් එකේ කෙල්ලෝ උන්නේ 54 ක් හෝ 57 ක්... //

      දුර්බික්ශ කියන්නේ ඔයවගේ තත්වයන් තමා!

      Delete
    6. සාර ස ටමයි වෙන්නේ

      Delete
  7. සුපිරි අදහසක් සහ හොද පදරචනයක්..... ගීතයත් ලස්සනයි ඉයන්..... කොහොමත් ඔබ තුළ හොද සුපිරි කවියෙක් ඉන්නවා කියලා අපි දැනගත්තේ අර සීඩී එකේ සින්දුටික ඇහුවාමයි...... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු

      Delete
  8. මගේ පෞද්ගලික ජීවිතය මෙසේ පාර දිගේ ලිහීම ගැන බලවත් මෙව්වා එක.....විහිලුවට අනේ කිව්වේ..
    මට තාම මතක් වෙන්නේ ඉයන් තුමා විසින් දේශනා කරනලද සහසක් බණ වලින් සදා අමතක නොවන එක දෙයක්.... ඒ තමයි...එක දවසක් ඉයන් තුමාත්, අර ලෝයර් තුමාත් මහරෑ දොලහත් පහුවෙනකන් සතුටු සාමීචියේ බිබී ඉන්නකොට කීව බණක්..
    මචං මේ උඹේ ගේ ඇතුලේ තියෙන දේ ගොඩාක් අයට නෑ..මේක රැකගනින්ය කියන එක...
    ඇත්ත ආයතන කීපයක තීරණ ගැනීමේ කෙරුවාව බාරවෙලා තියෙන මම වගේ කෙනෙකු කාන්තා පක්ෂය වෘත්තිමය පැත්තෙන් ඉහලට ගෙන ඒමට පාන්දර හිටං වැඩ කරලා තියෙනවා, ඉදිරියටත් කරනවා...
    අවුරුදු 23කට පසු ලංකා වෘත්තිමය සමාජයට එක්වුන මා හා මා බිරින්දෑ අත්දැකපු හිතට තදින් වැදුන දෙයක් තමා, ලාංකීය සමාජයේ ගැහැනියට අත්වී ඇති ස්ථානය ඉතාම පහත් බව...
    මේ ගැන මම එක වරක් ලිව්වා අත්දැකීමක් පාදක කරගෙන මෙතනින් ඒ පෝස්ට් එක ඕනිම නම් බලතෑකි
    අපි අම්මා ගැන සිංදු ලියලා ජගත් වික්‍රමසිංහ තුමාට කියල ගායනා කරලා හිත හදාගෙන එකට වැඩ කරන ගෑල්ලමෙකුට කෙල හලන එක නේ කරන්නේ...
    මම තාමත් මගේ අවුරුදු 37කට කලියෙන් හමුවූ ගැහැනියට කාර් එක අලුත් උනත් දොර ඇරලා දෙනවා...ඇයට අම්මා කෙනෙකුට වගේම ගෞරව කරනවා...ඒ වගේම තාමත් රෑට තුරුල් කරන් නිදාගන්නවා...අන්න ඒ නිසා ඉයන් තුමා පෙන්නාදුන් අර ගේ ඇතුලේ ඇති සංයමය මට තව දුරටත් තියාගන්න හැකි වේවි...
    ඒ නිසාම මට ගැහැනුන් ගැන ඇත්තේ ගෞරවයක්...ඊටාමතරව මම නම් හැම ගැහැනියකටම පුදුමාකාර ආකාරයට ආදරෙයි..ඇත්තටම....

    ReplyDelete
    Replies
    1. අර උඩ තියෙන කෑල්ල දැම්මේ අටමාගේ බලවත් ඉල්ලීම පරිදි බව සලකන්න.

      Delete
    2. // මම නම් හැම ගැහැනියකටම පුදුමාකාර ආකාරයට ආදරෙයි//

      නැතුව නැතුව අපි නොදන්නවැයි

      Delete
    3. කීදෙනෙක් ඒක රිටර්න් කරනවාද කියලත්......නෑ ඕනෙ නෑ

      Delete
    4. මම නම් හිතන්නේ අපි නොදන්න අයගෙන් පවා චෙෆාට රිටර්න් හම්බුවෙනවා. ඔය කම් ඕ ගෝ මූඩ් එකේ ඉන්නෙ ඒකයි.

      Delete
    5. එකෙන්ම රෙෂ්ප්ට් චෙෆා , අපි ඒකනෙ හැන්දෙන් ගැහුවත් මීක් නැතිව ඉන්නෙ.

      Delete
    6. මේක තමයි ගැහැණු පිරිමි භේදයක් නැතිව වියයුත්තේ...
      මාත් මේ ජාතියේ කෙනෙක්.

      Delete
    7. චෙෆා කරන්නේ මෙහෙමයි. එයාට තියෙනවා ලේටස්ට් රේන්ජ් රෝවර් එකක් සහ තව වාහන හැට හුටා මාරක්. එයාගේ බිරිඳ සි... නගින වාහනේ ඩ්‍රයිවර් ගෙන් කලින් දැනගෙන වෙන වාහනේක දොර අරිනවා. ඉතින් සි... කියනවා "අනේ අ.. ඔයා හරි ස්වීට් අනේ !!! තාමත් අපි කෝටින්ග් කරන කාලෙ වගේමයි, ඇයි ඩාලිං දන්නෙ නැද්ද අද මම මේ වාහනේ නෙ යන්නේ"" කියලා. ඔන්න ඔහොමයි ඕක වෙන්නෙ කියල මට කිව්වෙ අටමා තමයි. ඔය තුරුල් කරගෙන නිදාගන්නෙත් වෙන හේතුවකට. චෙෆා රෑ හීනෙන් බයවෙනවා. ඒකට බයේ සි...ව තුරුල් කරගෙන හිටියම සි... හිතන්නෙ වෙන හේතුවක්. හැක්

      Delete
    8. FCID එකෙන් එයි යකෝ....!

      Delete
    9. FCID එකෙන් එයි යකෝ....!

      Delete
    10. FCID එක වහාම අහෝසි කරනු !!!

      Delete
  9. අපේ ගෙදර නම් අම්මා දවසක් එහෙ මෙහෙ උනොත් අපි අනාතයි.. හොඳම උදාහරණය එදා සම්මාන උළෙල දවසෙ අපේ අම්මත් මා එක්ක ආවා... අපි ආපහු ගෙදර යනකොට ‍රැ 1.30 විතර උනා... එදා හවස ලයිට් කපල තිබුණ හින්දා අපේ අප්පොච්චා ඉටිපන්දම පත්තු කරල... ඒක පත්තු කරල තියෙන්නෙ උණු වතුර බෝතලේ උඩ... වෙනදට අම්මා ඒක උඩ පත්තු කරනවා... ඒත් අඩු වෙනකොට නිවනවා... එදා යනකොට බෝතලේ බඩු බනිස්!!!!!

    ReplyDelete
    Replies
    1. අම්මා කාටද බැන්නෙ? තාත්තාටද රොහාන්ටද? හෙහ්

      Delete
    2. දෙන්නගෙන් එක්කෙනෙකුටවත් බැන්නෙ නෑ!!!!!!!!!!!!

      Delete
    3. පුතාගෙ දක්ෂකම් වලින් අම්මා සතුටු වෙච්ච දවසක් නිසා තාත්තා ශේප් වෙන්න ඇති.

      Delete
  10. එකඟයි ඉයන්...

    සිංදුව හොඳයි විශේෂයෙන්ම තේරුම සහ අරමුණ, නමුත් ආරම්භයේ මියුසික් වල පොඩි නොගැලපෙන බවක් හිතුනා...

    ReplyDelete
    Replies
    1. මෙතනින් අහල බලන්න . මේකේ පලමුවෙනි වර්ස් එක ලස්සනට කියල තියෙනවා

      Delete
  11. ලස්සන සටහනක් ඉයන් .. මේ video එක මේ සටහනට ආදාළ වෙයි කියල හිතනව.මේක මට මුහුනුපොතෙන් හම්බුනේ

    https://www.facebook.com/Microsoft/videos/10153529161318721/

    ReplyDelete
  12. පෙරටුගාමින් ආරක්ශා කරන්නට හදන අධයාපනයේ ඇති අඩුපාඩු පිලිබන්දව කතා කරන ඔබ ඇමතිවරයාගේ ගමේ ළමයකුට පාසලක් දීමට බැරිවු ඇමති වරයා පිලිබන්දව කිසිවක් පවසා නැත. ගාල්ලේ පාසලක විදුහල්පතිවරිය පවතින නීතී රීතී වලින් බැහැරව මාරුකර, වෙනත් විදුහල්පතිනියක් ගෙන එම පිලිබන්දව මගහැර යනවාය. කටපාඩම් කිරීම සහ කලින් තීරනය කර තිබෙන උතරයක් බලාපොරොත්තුවෙන් ප්‍රස්න අසන අධයාපනයක් සකස්කර තිබෙන්නෙ පෙරටුගාමින් නොවෙය. එය වෙනස් කිරීමට උවමනාවක් නැත්තේද පෙරටුගාමීන්ට නොවේය. ඔබ පෙනි සිටින ආණ්ඩුව අධයාපනය වෙනස් කිරීමට කර තිබෙන්නේ මොකක්ද අද දක්වා කිසිම ජොජනාවක් ඉදිරිපත්කර තිබෙනු මා දැක්කේ නැත.

    ඔබගේ අදහස් එක් තැනක ලියා තිබුනද තවමත් ඔබගේ එජාප ආණ්ඩුවට පලමු වසරට ළමුන් ගැනිමට ක්‍රමයක් ඇති කිරීමට නොහැකි වී ඇත.

    මා දන්නා තරමට ලන්කාවේ කැම්පස් ළමයින්ගෙන් බහුතරයක් ගැනු ළමයින්ය. රජයේ සේවයේද බොහෝ තැන්වල එසෙමය. බොහෝ අමාතයන්ශ සහ දෙපර්තමෙන්තුවල සිටින ඉහලම නිලධාරින් වැඩි පිරිසක් කාන්තාවන්ය. කාන්තාවන් දේශපාලනයේනම් බොහෝම අඩුය. ඉන්නා කට්ටියගේන්ද බහුතරයක් දෙශපාලනය කරන්නේ තාත්තා හෝ ස්වමිපුරුශයා නිසාය.

    කාන්තාවන්ට නිසිතැන ලබා දීමට , සේවා ස්තනයේ, බස්‍රියේ, දුම්‍රියේ සහ නිවසේදි මෙන්ම තමන් සම්බන්දවන සැම තැනකදීම පිඩාවට පත්වන කාන්තාවන් එම පිඩනයෙන් ගලවා ගැනීමට එජාපය යනමගේ හෝ මහින්ද යනමගේ ගොස් හැකිවේයැයි මම සිතන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. //බස්‍රියේ, දුම්‍රියේ// මේ කියන්නේ බස්සිගේ නවාතැනයි දුමීගේ කටකහන කතා ගැනයි ද

      Delete
  13. ...//මම දන්න ගොඩක් පිරිමි කාන්තාවන්ට ගරු කරනවා//...

    මගේ අදහස නම් එය එසේ විය යුතුයි කියලයි. කාන්තාවකට ලැබිය යුතු ගෞරවය නිසි පරිදි ලැබෙන්න ඕන. ඒ ගෞරවය ලබාගන්න ආරක්ෂා කරගන්න ඔවුනුත් ක්‍දැනගත යුතුයි.

    සිංදුව බාගෙනම අහන්නම් මචෝ...

    ReplyDelete
    Replies
    1. අර සී ඩී එක නැතිවුණාද? මේ ඒකේ පලමුවෙණි සිංදුව

      Delete
  14. ඕන්න මාත් ආවා.
    අගය කළ යුතු විග්‍රහයක්. ඒ වගේම ලස්සන පද පෙළක් ඉයන්...
    මං මේ පෝස්ටුවේ කැමතිම පේලිය “කාන්තාවන් සහභාගී වන අවස්ථාවලදී බොහෝ විට මත් පැන පානයත් අඩුයි ඒවගේ ගොඩක් පිරිමි වඩා සංවරව සහභාගී වෙනවා."
    එහෙම වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්..
    දැන් වෙනකොට අධ්‍යාපන අංශයෙන් ඉදිරියෙන් ම ඉන්නේ කාන්තාවෝ කියලා තමයි කියන්නේ ඉයන්... අපේ බැජ් එකේ ගැහැණු 570 කට පිරිමි 120 හිටියේ. දැන් 1 year එකේ ගැහැණු 780 කට පිරිමි 110 විතර ඉන්නේ. මේ ආට් එකේ. දැන් දැන් සයන්ස් මැනේජ්මට් වගේ ෆැකල්ටි වලත් එහෙමයි.

    තව අවුරුදු කීපයක් යන කොට පරිපාලන අංශයේ කාන්තා නියෝජනය වැඩි වෙන්න ඉඩ වැඩි.
    පහුගිය කාලේ දුන්න සංවර්ධන පත්වීම්වලත් කාන්තා නියෝජනය වැඩි....

    ReplyDelete
    Replies
    1. බැජ් එකේ නෙවෙයි බැච් එකේ

      Delete
    2. කාන්තාවන්ට නිසි තැන නො ලැබෙන්න පිරිමින්ගේ සමහර ආකල්ප බලපානවා වගේම කාන්තාවන්ගේ ආකල්පත් බලපානවා.
      සමහර කාන්තාවන්ට අදෘෂ්‍යමාන විදිහට පුර්ෂාධිපත්තිය ක්‍රියාත්මක වෙනවා...
      උදාහරණයක් ගත්තොත් සමහර පිරිමි ළමයි ගැහැණු ළමයි ජොබ් කරනවාට කැමති නෑ, ඩ්‍රයිවින්කරනවාට කැමති නෑ... මේ වගේ දේවල් ගන්න පුලුවන්.
      සමහර කාන්තාවන් සමාජයට සංස්කෘතියට බයයි. ඒකත් කාන්තාවට නිසි තැන නොලැබෙන්න බලපානවා...

      කොහොමත් මගේ පිලිගැනීම මේකයි..
      සෑම සාර්ථක පිරිමියෙක් පිටුපස සාර්ථක ගැහැණියක් ඉන්නවා වගේම සාර්ථක ගැහැණියක් පිටුපස සාර්ථක පිරිමියෙකුත් ඉන්නවා....

      Delete
    3. බොහොම ස්තූතියි නිර්මාණී. සාදරයෙන් පිළිගන්නවා. විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන කාන්තාවන්ට වඩා එසේ ඇතුලත් නොවන පිරිස ගත්තොත් ඒඅතර ඉන්න කාන්තාවන් පිරිමින්ට වඩා පහල මට්ටමකට වැටෙනවා. රියැදුරු වගේ රැකියාවලවත් කාන්තාවන් ගේ සහභාගීත්වය අඩුයි. මෝටර් රථ අළුත්වැඩියාව වගේ කාර්මික අංශයත් පිරිමි ප්‍රමාණය වැඩියි. විශ්ව වොද්‍යාල වලට ඇතුලත් වන්නේ 7% පමණ නිසා ඉතිරි 93% න් වැඩි ප්‍රමාණයක් අතරින් කාන්තාවන්ට සුදුසු යැයි සැලකෙන රැකියා අඩුයි. එතනදි තමයි කාන්තාවන් පහලට තල්ලු වෙන්නේ. එම කාන්තාවන්ම තමයි පිරිමින්ගේ ආධිපත්‍යට යටවීමට ඉඩ ප්‍රස්ථා වැඩි වෙන්නෙත්.

      Delete
    4. //////කොහොමත් මගේ පිලිගැනීම මේකයි..
      සෑම සාර්ථක පිරිමියෙක් පිටුපස සාර්ථක ගැහැණියක් ඉන්නවා වගේම සාර්ථක ගැහැණියක් පිටුපස සාර්ථක පිරිමියෙකුත් ඉන්නවා....//////
      දරුවෝ... ඔතනදි ඔය සාර්ථක කියන එකෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?Aru

      Delete
    5. මෙහෙමයි ඇනෝ...
      මිනිස්සු ජීවිතයට මොකක් හරි ඉල්කයක් තියාගෙන වැඩ කරන්නේ. එතකොට ඒ ඉලක්කයට හොඳ මග පෙන්වීමක් ඕනෙ වෙනවා. ශක්තියක්, දෛරියක් ඕනෙ වෙනවා. ඒ ශක්තිය දෛරිය ගැහැණිය විසින් පිරිමියාටත්, පිරිමියා විසින් ගැහැණියටත් දෙනවා. ඒ ශක්තිය දෛරිය නොලැබෙන කොටසකුත් ඉන්නවා. ඒ අය තමන්ගෙ උත්සහයෙන් නැගිටින්නත් පුලුවන්.
      මං සාර්ථකත්වෙ කියුවේ ඉලක්කය සම්පූර්න කර ගැනීම. එතකොට තමන්ගේ උත්සහය වගේම හොඳ සහකරුවෙක් හරි සහකාරියක් හරි ඉන්නවා නම් ගොඩක් වටිනවා නේද? එතකොට උඩ කියපු දේ වෙන්න පුලුවන් නේද?

      Delete
    6. //එතකොට තමන්ගේ උත්සහය වගේම හොඳ සහකරුවෙක් හරි සහකාරියක් හරි ඉන්නවා නම් ගොඩක් වටිනවා නේද? එතකොට උඩ කියපු දේ වෙන්න පුලුවන් නේද?//

      ඇත්තක් තියෙනවා නිර්මාණී. මම නම් වැඩිපුර දැකලා තියෙන්නේ විවාහයෙන් පස්සේ කාන්තාවගේ ස්වාධීන අරමුණු , ඉලක්ක වගේ දේවල් ඒ ගොල්ලො දරුවන්ගේ සහ ස්වාමියාගේ අරමුණු සහ ඉලක්ක වලට වඩා ඉතා පහල ප්‍රමුඛතාවයකට දාන එක. ඒක බොහෝ විට කරන්නේ කාන්තාවන්මයි. එහෙම නැත්නම් සැමියාගේ හෝ නැන්දම්මා ගේ බලපෑම් වලට යටවීම නිසා. එමනිසා ඉලක්ක සහ අරමුණු වලට යාම විවාහයට පෙර ආරම්භ කිරීමත් එම ඉල්ලක්ක සහ අරමුණු වලට යාමට බාධාවන් කල හැකි වර්ගයේ ස්වාමියන් සොයා නොගැනීමත් කියන එක වැදගත්. ඒවුණාට එක්තරා වයසකින් පසු කාන්තාවන් ඉස්සෙල්ලම අහන එකාට කැමති වෙනවා මිනිහෙක් නැතිවෙයි කියන බයට.

      Delete
    7. නිර්මාණිගේ පැහැදිලි කිරීමට ස්තුතියි!!Aru

      Delete
  15. ඉයන් හරි වැඩක් තමයි කරල තියෙන්නෙ අරුත්බර ගීය ඇරුනාම හරබර ලිපියකුත් ලියල කාන්තාවන් තමන්ගෙ වටිනාකම ගැන තේරුම් නොගන්නාතාක් අපටයි වාසි.

    ReplyDelete
    Replies
    1. //කාන්තාවන් තමන්ගෙ වටිනාකම ගැන තේරුම් නොගන්නාතාක් අපටයි වාසි.//

      ඒක නං ඇත්ත ගුණසිංහ මහත්මයා.

      Delete
  16. ලොකුම විහිලුව තමයි සමහර සාද වලදී කාන්තාවන්ට මත්පැන් බොන්න වෙනම තැනක් සැකසීම. එයින් පෙන්වන්නේ අපේ තියන බොරු සදාචාරය. හමුදා කඳවුරු වලදී එවැන්නක් නැහැ. කාන්තාවන්ගේ ගෞරවය කෙලෙසෙන්නේ නැහැ මහත්වරුන් කොපමණ බිව්වත්.

    ජනනී කියන වචනයෙන් හඳුන්වන මව හැකි සෑමවිටම සෑම කාන්තාවක් තුලින්ම දකින්නට උත්සාහ කිරීමත් වැදගත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා සහ ඇණයා.

      Delete
    2. ඉයන් ගේ දේශපාලන පොස්ටු වලට වඩා මේවා රසවත් වගෙයි :)

      Delete
    3. බොහොම ස්තූතියි ඇණයා. Backhanded compliment එකකට හොඳම උදාහරණයක් හෙහ්.

      Delete
    4. වූ, Backhanded compliment කියන්නේ මොනවද කියලා හොයන්න ගිහින් ගොඩක් දේ ඉගන ගත්තා, මම ඇණයක් වෙලා තියෙන්නේ ඔය වගේ ගුණ නිසයි. බොහොම ස්තූතියි ඉයන්.

      Delete
    5. හෙහ් හෙහ් ඇණයා , උඹ ඇණයක් නෙවෙයි, ඒවගේ දෙයක් කියන්න දක්ෂතාවයත් තියෙන්න ඕන. බොහොම ස්තූතියි මචං

      Delete
  17. / කලා කටයුතු ගත්තත් එහෙමයි. උදාහණයකට අර අසෝකයි, ක්ලියෝපැට්‍රයි, ගුරුවරියයි නැතුව පුවක් විතරක් තිබ්බනං රවියගේ බ්ලොග් එකට කවුද යන්නෙ. ඒක රවී ඇරෙන්න අනික් ඔක්කොම දන්නවා. /

    කතාව සම්පූර්ණ ඇත්ත. ඔය තුන්දෙනෙක් විතරනෙ. තව ඉන්නව.අනන්‍යා, අහල්‍යා, චුට්ටි, සුජාතා, චුට්ටි මැණිකෙ,රමණි අක්කා,අනෝමා,..අම්මප බලාගෙන ගියාම වැඩිපුරම මම ලියල තියෙන්නෙ බබලත්තු ගැනනෙ....

    මගේ ජීවිතේ ආධිපත්‍යය මම මම සම්පූර්ණයෙන්ම එතුමියට බාරදීල තියෙන්නෙ. මට ඔය පොතක් පතක් මැච් එකක්, ටෙලි චිත්‍රපටියක් බලාගෙන හවසට පොඩ්ඩක් විතර අරගෙන නිවී සැනසිල්ලෙ ඉන්ට දෙනවනම් ඒ ඉහටත් උඩිං.

    ReplyDelete
    Replies
    1. ////මගේ ජීවිතේ ආධිපත්‍යය මම මම සම්පූර්ණයෙන්ම එතුමියට බාරදීල තියෙන්නෙ. මට ඔය පොතක් පතක් මැච් එකක්, ටෙලි චිත්‍රපටියක් බලාගෙන හවසට පොඩ්ඩක් විතර අරගෙන නිවී සැනසිල්ලෙ ඉන්ට දෙනවනම් ඒ ඉහටත් උඩිං. /////////

      රවී...කට ඇරපන් බං සංස්ථා ගල් කාලක් දාන්න කට ඇතුලට.Aru

      Delete
    2. බොහොම ස්තූතියි, රවී

      Delete
    3. රවී අය්ය , ආයෙ මොනාද ඒ ටික නිදහසේ කරන්න දෙනවනම් ඉහටත් උඩිං.

      Delete
  18. ඉයන්.....ඔබේ පදරචනය සුමටයි. අගෙයි!!

    මමත් ජීවිතය වඩාත් සුමටව වටහා ගත්තේ ආච්චි, අම්මා, බිරිඳ,දුව යන චරිත තුලින්. ඔවුන් වඩ වඩාත් ඇගයීමට ලක් විය යුතුයි. තාරුන්‍යයේ එක් එක් අවඩ්ධියන්හී හමුවුනු වීදි ලඳුන් තුල පවා, ඔවුන්ට නොහැඟෙන, නමුත් මා දුටු අනර්ඝත්වයක් තිබුනා. මේ සියලු මිනිස් දියනියන් පිලිබඳ මට ඇත්තේ අප්‍රමාන ගෞරවයක්.Aru

    ReplyDelete
    Replies
    1. //තාරුන්‍යයේ එක් එක් අවඩ්ධියන්හී හමුවුනු වීදි ලඳුන් තුල පවා, ඔවුන්ට නොහැඟෙන, නමුත් මා දුටු අනර්ඝත්වයක් තිබුනා. //

      මගේ අත්දැකීමත් ඒකමයි අරූ. බොහොම ස්තූතියි.

      Delete
  19. ඔය ලින්තොට කියන මනුස්සයගේ සීඩී එකක් හම්බුනා සජ්ජා ගාව තිබිලා මේ දවස්වල ඒක අහනවා

    ReplyDelete
    Replies
    1. ලින්තොට කියන මනුස්සයා මහ එපා කරපු එකා. හෙහ්. ස්තූතියි අටමෝ

      Delete
  20. ලිපිය දාල තියෙන්නේ ගැලපෙන දවසක...
    ඔන්න අද සිරිමාවෝ මැතිනියගේ සිය වන ජන්ම දිනය කියලා කියන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒක මම දැනගෙන හිටියේ නැහැ. බොහොම ස්තූතියි සා රස. ඇයගේ ආර්ථික ප්‍රතිපත්ති වලට එකඟ නොවුනත් මම ගරු කරන කාන්තාවක්.

      Delete
  21. මේ ලිපිය වගේම පද රචනයත් අපූරුයි <3

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමා

      Delete
  22. ගැහැණිය හා පිරිමියා කියන වෙනසට පෞද්ගලිකව මම කැමති නෑ. එහෙම වෙනසක් ඕනේ නෑ කියන මතයෙයි මම ඉන්නේ.දෙගොල්ලන්ගෙම සිතුම් පැතුම්, අවශ්‍යතා, දුර්වලතා, ඔක්කොම එකයිනම් මොන මගුලටද බෙදීමක්.හැබැයි අර ස්ත්‍රී ලාලිත්‍ය කියන තැනදීනම් එහෙම වෙනසක් තියෙන්න ඕනේ කියලා මම හිතනවා.පිරිමි අපි වැඩක් කොච්චර කලත් ඒ වැඩේට ඩෙප්ත් එකක්, කන්ට්‍රාස්ට් එකක් එකතුවෙන්නේ කාන්තාවක් එතන්ට සම්බන්ධවුනොත් විතරයි.

    ReplyDelete
    Replies
    1. //පිරිමි අපි වැඩක් කොච්චර කලත් ඒ වැඩේට ඩෙප්ත් එකක්, කන්ට්‍රාස්ට් එකක් එකතුවෙන්නේ කාන්තාවක් එතන්ට සම්බන්ධවුනොත් විතරයි.//

      මේ කසුට්ටා නම් පිරිමි සංහතියම පාවා දෙන්නෙක්. ඇත්ත වුණත් ඕව ප්‍රසිද්දියේ කියන්න හොඳ නැහැ බං.

      Delete
    2. දිය යතු තැන වටිනාකම දී අනිත් වැලවාටාරම් වලට නැවතීම තිත තියන්න පුළුවන් මේ වගේ අදහස් තියන අයත් එක්ක මොනවද කරනන් බැරි.. නියමයි කටුසු ඔබේ මේ අදහස නම්.

      Delete
  23. ඔබ ගැහැණිය පිරිමියාට වඩා මෙතරම් වෙනස් ඇයි කියන පොත කියවලා තියනවද?

    ගැහැණිය තරම් ලොවේ දුක් විදින කෙනෙක් තව කොහෙන්ද ගැහැණිය තරම් ලොවේ සුන්දර යමක් කොහිද තේරුම් ගැනීමට බොහෝ දේ ඔබ අපට ඉතිරි කර ඇත http://topnetsystem.blogspot.com

    ReplyDelete
    Replies
    1. කියවන්නම්. බොහොම ස්තූතියි උෂාන්

      Delete
  24. ගැහැණු පිරිමි වෙන්න කලින් අපි හැමෝම මනුස්සයෝ.ඒ ඇති කියන එකයි මගෙත් මතය.කටුස්සට එකඟයි.
    ඒ වගේම.. අපිත් එක්ක එකට ඉගෙනගත්ත කාන්තා පාර්ශවේ ප්‍රධාන අරමුණ උනේ විභාග පාස් වීම.එතකොට හොඳ මට්ටමේ හබියෙක් හොයා ගැනීම.පැටියෙක් හදනකන් ජොබක් කිරීම.ඉන්පසු පැටව් බලා හදාගෙන නිවසට වී සිටීම.
    අපිව ප්‍රැක්ටිකල් වලින් එලව එලව වැඩ කරපු කෙල්ලො දැන් ගෙවල් වලට වෙලා නියෝ නියෝ ඉන්නවා..
    ඒ අවස්ථාව කොල්ලෙකුට ලැබුන නම් ඌ පවුලක් නඩත්තු කරනවානෙ.
    සීමිත සම්පත් තියෙන අපි වගේ රටක කාන්තාවන් කැතම විදිහට සම්පත් නාස්ති කරන අවස්ථාවක් ඒක.(ඉගනීමේ අවථා අහිමි කිරීම නෙමෙයි විසඳුම හොඳේ.. හෙහ් හෙහ්)
    මේක තමා යතාර්ථය.
    ඒ වගේම ඉහල තනතුරු දරන කාන්තාවන් 'පොතේ' විදිහටම තීන්දු තීරණ ගැනීම බහුලවම දකින්න පුළුවන් වගේම සේවකයන් කලකිරෙන අවස්ථාත් වැඩියි.
    ඒ මොනව උනත් කාන්තාවන් සේවාස්ථානයේ ඉන්නවා කියන්නෙ පුදුමාකාර ආලෝකයක් නං තියෙනවා..
    ආ... මට ලංකාවෙ කාන්තා ත්‍රීරෝද රථ ධාවිකාවන්,කොන්දොස්තර වරියන් එහෙම හම්බෙලා තියෙනවා.
    බොරු මෝඩ චූන් අතෑරලා ඔවුනුත් 'මිනිසුන්' ලෙසින්ම හැසිරීම ඇරඹිලා තියෙන්නෙ.
    ගීතය ලස්සනයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //අපිත් එක්ක එකට ඉගෙනගත්ත කාන්තා පාර්ශවේ ප්‍රධාන අරමුණ උනේ විභාග පාස් වීම.එතකොට හොඳ මට්ටමේ හබියෙක් හොයා ගැනීම.පැටියෙක් හදනකන් ජොබක් කිරීම.ඉන්පසු පැටව් බලා හදාගෙන නිවසට වී සිටීම//
      මේ කතාවනම් සහතික ඇත්ත​. ඇයි දන්නවද එහෙම වෙලා තියෙන්නේ.

      1. විභාග පාස් වීම - එහෙම නැත්නම් කවදහරි දවසක මෝඩ ගෑණියක් කියලා අහන්න වෙන නිසා කොහොමහරි පාඩම් කරලා විභාග පාස් කරනවා.
      2. හොඳ මට්ටමේ හබියෙක් හොයා ගැනීම - ගොඩක් ගෑණුන්ගෙ මූලික අරමුන ඒක​. තමන් මොන රස්සාව කලත් කොච්චර හම්බ කලත් එයාලා කැමතියි හබී තමන්ගෙ හැම දේකටම වියදම් කරනවනම්. පිරිමි තනියම පවුල නඩත්තු කරන්න ඕන කියන අදහස තමයි තියෙන්නේ...
      3 පැටියෙක් හදනකන් ජොබක් කිරීම - නැත්නම් යාළුවොත් එක්ක නිදහසේ රවුමක් ගහලා ජොලියෙන් ඉන්න අවස්තාවක් ලැබෙන්නෙ බොහොම අඩුවෙන්නේ...
      4. පැටව් බලා හදාගෙන නිවසට වී සිටීම - ළමයි ඉන්නකොට වැඩ වඩියි. හබී හැම දෙයක්ම තනියම බලාගන්නවනම් මොන් එකකට දුක් විදගෙන ජොබ් එකකට යන්නේ පැටව් බලා හදාගෙන ගෙදරට වෙලා ඉන්නවා...

      ඒක සමාජයක් විදියට එච්චර හොඳ දෙයක් නොවුනට ඒ වගේ ගෑණු ගොඩක් වෙලාවට සතුටින් ඉන්නේ. එයාලා ජීවිතේ බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ ඉන්න​.

      Delete
    2. //ඒක සමාජයක් විදියට එච්චර හොඳ දෙයක් නොවුනට ඒ වගේ ගෑණු ගොඩක් වෙලාවට සතුටින් ඉන්නේ. එයාලා ජීවිතේ බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ ඉන්න​.//

      බොහොම ස්තූතියි ගස් සහ Ima S අපිට නොතේරුණාට Ima කියන එක ඇත්ත වෙන්න පුළුවන්. ඕන එකක අවසාන අරමුණ වියයුත්තේ පෞද්ගලික සතුට. Ima ඔබව බොහොම සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  25. ගෑනු කියන්නේ මල්ලියේ නොගෑවෙනූ කියල කවියක් තියනවා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දොස්තර මහත්තයා, දාන්නකො කවිය

      Delete
  26. සින්දු ලිව්වට පොඩි අවුලකුත් තියේ එහෙනං.. හැක්

    ReplyDelete
    Replies
    1. ඔය අවුල් නැත්තේ ප්‍රා ජේ වගේ කීප දෙනෙකුට විතරයි හෙ හෙ. ස්තූතියි දේශක

      Delete
  27. ඔව් ඉයන් ඒකත් ඇත්ත... කැම්පස් එකේ සමහර cores වලට ගැහැණු ළමයි ගන්නවා අඩුයි.. හැබැයි දැන් කොහොමත් කාන්තාවෝ තමන්ගේ උත්සහයෙන්ම ගොඩක් දේ කරනවා. බස්, ලොරි, විශේෂයෙන් ත්‍රීවීලර් පදවනවා... අපේ පැත්තේ ගරාජ් එකක් කරන කාන්තාවකුත් ඉන්නවා. මේ වගේ අය හැම කාන්තාවකටම ආදර්ශයක්...

    සමහර පිරිමි අය තමන්ගේ බිරිඳ නැත්නම් පෙම්වතිය රැකියාවක් කරනවාට කැමති නෑ...
    ඉයන් මොකද හිතන්නේ ඒ ගැන?

    ReplyDelete
    Replies
    1. නිර්මාණී, රැකියාවක් කිරීම කියන එක බලපාන්නේ ආදායමට පමණක් නෙමෙයි. කාන්තාවගේ ආත්ම විශ්වාශයට, ස්වාධීන කමටත් ඒකෙන් බලපෑමක් තියෙනවා. දත්ත නැති වුණත් දික්කසාද, ගෘහ ප්‍රචන්ඩත්වය වගේ දේවල් රැකියාව කරන කාන්තාවක් ඉන්න පවුලක අඩු වෙන්න පුලුවන්. බිරිඳ රැකියාවක් කිරීමේ නොකිරීමේ තීරණය ගත යුත්තේ සැමියා නොව කාන්තාව විසින්. ප්‍රධානම දේ මේ වගේ දේවල් විවාහ වෙන්න ඉස්සෙල්ල එකඟතාවයකට ඇවිල්ල තියෙනනම් වඩා පහසුයි. බොහොම ස්තූතියි නිර්මාණි.

      Delete
    2. [දත්ත නැති වුණත් දික්කසාද, ගෘහ ප්‍රචන්ඩත්වය වගේ දේවල් රැකියාව කරන කාන්තාවක් ඉන්න පවුලක අඩු වෙන්න පුලුවන්.] මම හිතන්නේ ඒකෙ අනික් පැත්ත.ඒ කියන්නේ ඉගෙනගත්ත කාන්තාවන් එහෙම නොවෙන අය වගේ 'බැඳගත්ත බෙරේ ගහන' තත්වයේ අද නැහැ. නිසා බය නැතුව තීරණයක් ගන්නවා.

      Delete
    3. උපේක්ෂා (කවදාවත් නැතුව,:)) හරි. මම අදහස් කලේ පුරුෂ ආධිපත්‍ය, ගෘහස්ත ප්‍රචන්ඩත්වය, වගේ දේවල් උගත් රැකියාවක් කරන කාන්තාවක් ඉන්න පවුල් වල අඩු වෙනවා ඇති කියන එකයි.

      Delete
    4. මම නම් තාමත් බොහෝ විට දැක තිබෙනවා බැද ගත්තට බෙරේ ගහන අය , අනිත් අය ගහන්නේ නැති කොට එය හෙලා දකින අය, මං හිතන්නේ පරිනාමිකවම වෙනසට තියන අහේතුක බය වෙන්න ඇති හේතුව, හරියටම නම් දන්නේ නැ හොදේ :) :)

      Delete
  28. මේ සිංදුව ඇහුවා . කතා කරන්න කරන්න ඉවරයක් නැති මාතෘකාවක් ආවේ, තාම අපේ හිරුවා මේක දැකලා නෑ වගේ .

    ReplyDelete
    Replies
    1. ගෑනු නැති තැනක කථා කර්මු හෙහ් හෙහ් . බොහොම ස්තූතියි ඉවාන්

      Delete
  29. අපේ රටේ කාන්තාව තමන්ට හිමි තැන වෙනුවෙන් පෙනි ඉන්නේ නැහැ.හොඳම උදාහරණයක් තමයි දේශපාලනය කියන විෂය ගැන කාන්තාව දක්වන අලස බව.කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි ඉන්න පිරිමින්ට සිදු වෙලා තියෙන්නත් එක හේතුවක් තමයි එක.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්. තමන්ගේ ප්වර්ධනය තමන් සකසා ගත යුතුයි. එය ලබා නොගැනීම ගැන නොසිතා සමාජයටයි, පිරිමින්ටයි බැන බැන ඉන්න තාක් කිසිම දෙයක් වෙන්නේ නම් නැහැ. එය තීරුම් ගත යුත්තේ කාන්තාවන් විසින්මයි.

      Delete
  30. පළමු ව මේ ලිපිය සම්බන්ධයෙන් ඔබට ගරු කරනවා.බොහෝ වෙලාවට බටහිර රටවල ගැහැණුන් පිරිමින් සම සමව ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරනවා.ඒත් ලංකාවේ තියෙන ඇතැම් විකාර මතවාදත් එක්ක ගැහැණුන් ව පහත් කරලා සලකන්න පිරිමි විතරක් නෙවෙයි ඇතැම් ගැහැණුත් පුරුදු වෙලා ඉන්නවා.අපිට අවශ්‍ය පුරුෂෝත්තමවාදී හෝ ස්ත්‍රීවාදී සමාජයක් නොවෙයි.. ලිංග භේදයකින් තොර ව මනුෂ්‍යයන් අගය කරන සමාජයක්.

    මේ ගීය මීට පෙර අසා තිබුණා.මතකය අලුත් කළාට ස්තූතියි..

    නැවත වතාවක් ඔබට මගේ ආචාරය..!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි වැසි .

      ඒ සමාජය හැදීමේ ප්‍රාධාන වගකීම ඇත්තේ කාන්තාවන් අතේ. ඔබගේ බ්ලොග් පෝස්ට් වලින් ඔබ ගැන තේරුම් අරන් තිබෙන තරමින් කියන්න පුළුවන් ඔබ සමාජයේ ඉහලටම යා හැකි පරිණත බුද්ධියක් ඇති කෙනෙකු බව. ඒ ගමන යන ගමන් තවක් කාන්තාවන් කිහිප දෙනෙක්වත් ඇදගෙන ගියොත් එයින් සමාජයේ අඩු වරප්‍රසාද මට්ටමට ඔවුන් වැටෙන එක වලක්වන්න පුළුවන්. ඒවගේ දෙයකට මූලිකත්වය දෙන්න ඔබට හිතුණොත් මේ පොස්ට් එකෙන් හිතපු නැති තරම් ප්‍රයෝජනයක් වුණා කියල සතුටු වෙන්න පුළුවන්.

      //මේ ගීය මීට පෙර අසා තිබුණා.//

      මේ බ්ලොග් එක හරහා නැතුව මගේ සිංදු අහපු කෙනෙක් දැකපු පලමුවෙනි වතාව. ඒ ගැනත් ඉතාමත් සතුටුයි.

      Delete
    2. අපි හැමෝම එකතු වෙලා සමාජය වෙනස් කළ යුතු කාලයක් මේක.. මේ පෝස්ට් එකෙන් ලැබුණු දිරිමත් කිරීමටත් බොහොම ස්තූතියි.ගැහැණුන් පහත් ජීවින් කොටසක් නොවේය කියලා හිතන අපි දිහා ඇතැමුන් බලන්නෙ ස්ත්‍රීවාදීන් දිහා බලන විදියටයි.ඒ අතරෙ මෙවන් පුළුල් දැක්මකින් යුතු ඔබ වැනි අය තව තවත් මේ අදහස් සමාජගත කළ යුතුයි කියා හිතනවා.

      මේ ගිතය අහම්බෙන් යූටියුබ් එකේ තිබිලා දැක්කෙ.. මෑතකදි ඇහුණ විශිෂ්ට ම ගීතයක්.. තව තවත් හොඳ නිර්මාණ කරන්න ඉයන්ට හැකි වේවා කියන සුබ පැතුමත් මේකට එකතු කළ යුතු ම යි..!!

      ජය වේවා!

      Delete
    3. //ගැහැණුන් පහත් ජීවින් කොටසක් නොවේය කියලා හිතන අපි දිහා ඇතැමුන් බලන්නෙ ස්ත්‍රීවාදීන් දිහා බලන විදියටයි.//

      වැසි අපිට අන් අයගෙ සිතිවිලි පාලනය කරන්න බැහැ. අපේ ආත්ම විශ්වාසය වගේ දේවල් ඉහලට ගැනීම පමණයි අපට කරන්න පුළුවන්. ඒක නිසා කාන්තාවන්ට ඔවුන් ගැන අව තක්සේරු කරගැනීම නැවැත්විය යුතුයි. තම ජීවිතය පිළිබඳ දේවල් තීරණය කිරීමේ අයිතිය දෙමව්පියන්ට, යාළු වෙලා ඉන්න කොල්ලාට, සැමියාට බාර නොදීමට ශක්තිමත් විය යුතුයි. විවාහ වන්නට පෙර තම ජීවිතය සහ තමන්ගේ අරමුණු, ඉලක්ක, ආදිය ගැන පිරිමියා සමඟ එකඟතාවයකට පැමිණිය යුතුයි. එමෙන්ම තම සතුට නැති හෝ එය නොසලකා හරින හෝ අඩන්තේට්ටම් සිදුවන විවාහ වලින් ඉවත්වීමට ශක්තිය දිය යුතුයි. සමාජය මෙහෙම හිතාවි ආදී තමන්ට පාලනයක් නැති හේතු ගැන බියවීම තේරුමක් නැති දෙයක් බවට වටහා ගත යුතුයි. ඔව් ඔබ කියන විදිහට සමාජය හෝ එසේ නොවන්නේ නම් කාන්තාවන් එකතුවී කාන්තාවන් ශක්තිමත් කල යුතුයි.

      ගීතය අගය කිරීම ගැන නැවතත් ස්තූතියි වැසි. :)

      Delete
    4. තව එකක් වැසි, පවුල් ආරවුල් අඩන්තේට්ටම් නිසා මානසිකව වැටුණු අයට ආත්ම විශ්වාසය දෙන එක කල යුතු වුණත් විවිධ හේතු නිසා අමාරුයි. එමනිසා එය කළ යුත්තේ අවුරුදු 12-18 වගේ කාලයේ පාසැලේදීමයි. එවිට එම පරම්පරාවල් වඩා දැනුවත්ව වැඩිහිටි දිවියට යයි.

      Delete
    5. ගැහැණු පිරිමි දෙගොලන්ගේම උදව් ඕනේ කියල හිතෙන්නේ. තවමත් STEM ක්ෂේත්‍ර වල බොහෝ වෙලාවට ගැහැණු කෙනෙක්ට යමක් කරන්ඩ / පිළිගැනීමක් ඇතිකර ගන්න නම් පිරිමි කෙනෙක්ට වඩා වැඩිපුර මහන්සි වෙන්න ඕනේ.
      අත්දැකීමෙන් කියන්නේ- කිසි වෙනසක් නොකරන ඉතාම හොඳ පිරිමි & ගැහැණු අය වගේම 'ගෑනුන්ට ගණන් බෑ - ගෑනු එක්ක වැඩ කරන්න බෑ' වගේ ආකල්ප තියෙන පිරිමි & ගැහැණු අයත් සැහෙන්න හමු වෙලා තියෙනවා!

      යම් ක්ෂේත්‍රයක වැඩිපුර නියෝජනයක් තියෙන කොට ඉබේම වෙන දෙයක් අනිත් කොටස් වලට එතෙන්ට එන අවස්ථා නැති වෙන එක. ඒක සමහර විට අර බහුතර නියෝජනය කරන කට්ටිය හිතල කරන දෙයකුත් නෙමෙයි.

      Delete
    6. //පිළිගැනීමක් ඇතිකර ගන්න නම් පිරිමි කෙනෙක්ට වඩා වැඩිපුර මහන්සි වෙන්න ඕනේ//

      නිරෝ , ඒක ඇත්ත වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. මගේ තර්කය නම් එසේ වැඩි පුර මහන්සිවී හෝ එම තත්ත්වය ලබාගැනීම එම තත්ත්වය අනෙක් පාර්ශවයෙන් ඉල්ලා සිටීම සහ දෙනතෙක් බලා සිටීමට වඩා ප්‍රායෝගිකයි කියන එකයි.

      Delete
    7. ///.ඒත් ලංකාවේ තියෙන ඇතැම් විකාර මතවාදත් එක්ක ගැහැණුන් ව පහත් කරලා සලකන්න පිරිමි විතරක් නෙවෙයි ඇතැම් ගැහැණුත් පුරුදු වෙලා ඉන්නවා.///

      //ඒ ගමන යන ගමන් තවක් කාන්තාවන් කිහිප දෙනෙක්වත් ඇදගෙන ගියොත් ///

      /// එසේ වැඩි පුර මහන්සිවී හෝ එම තත්ත්වය ලබාගැනීම එම තත්ත්වය අනෙක් පාර්ශවයෙන් ඉල්ලා සිටීම සහ දෙනතෙක් බලා සිටීමට වඩා ප්‍රායෝගිකයි කියන එකයි. ///

      අති විශිෂ්ඨ කියමන් , මම ගොඩක් වෙලාවට බලන්නේ දෙයක් ලිව්වේ කව්ද කියල නෙමේ ,ලියල තියන දෙය මොන තරමක් ස්වාධීන ද ? සමබර ද ? පවතින දෙයට මොන තරමක් ලගද දුර ද වගේ කාරණා... :)

      Delete
  31. සිංහල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ..
    ගෑනුන්ටත් සිදාදියේ නටන්න ලැබුනේ...

    හායි !

    ReplyDelete
    Replies
    1. ඇද පොළොවක් තියෙන නිසා
      නටන්න බැරි අපි
      පාටි වලින් බොරුවක් දා
      ශේප් වෙනව අපි

      හායි

      Delete
  32. මම සිංහල ජාතිවාදියෙක් හැටියට කියන්නේ මෙච්චරයි. සිංහල ගෑනු හැකිතාක් අසමත් කල යුතුයි. ඒ වගේම සිංහල නොවන ගෑනුන්ට සිංහල ගැහැනියගේ අවස්ථාව උදුරා ලබාදිය යුතුයි. ඒක කෙටිකාලීනව සිංහලයාට පාඩු වුවත් දීර්ඝ කාලීනව අපිට වාසියක්.

    ReplyDelete
  33. ලිපිය වගේම, කොමෙන්ට් ටික වගේම අර සින්දුවත් හරවත්.
    ඒත් අනුං පිට දාල ලිවුවට ඔහෙත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අහුවෙලා වගෙයි.
    මොකද කියන්නෙ විචා මාමල උදයල එකතුවෙලා හදන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පිරිමින් බේරාගැනීමේ විශේෂ කාර්යසාධක ස්වේච්ඡා බලකායට එකතු වෙනවද?

    ReplyDelete
    Replies
    1. එකතු වෙමු එකතු වෙමු. ඒ වුණාට මචං මම දෙවෙනි පාරටත් තනිකඩයෙක් වෙච්ච කෙනෙක් :)

      Delete
  34. ලංකාවේ කාන්තා නියෝජනය බොහොම ඉහලයි නේද රජයේ හා පෞද්ගලික අංශයේ?
    මගේ යහළුවන් හා දන්න කියන අය ලීඩ් කරම බොහෝ තැන් තියෙනවා.

    ඒත් අර කීවත් වගේ කාන්තාව කොච්චර ඉහලට ගියත් මොකක්දෝ අඩුවකුත් තියෙනවා එහේ කියලා මටත් හිතෙනවා. ටිකක් ශෝට් මයින්ඩඩ් වගේ ද මන්දා. කොච්චර නෑ කීවත් හිටිගමන් අර සංස්කෘතියයි අරවයි මේවයි ඔළුවට ගහනවා. ඔය බීම එකක් ඉස්සරහා හෙම නිකම් සංස්කෘතික භාණ්ඩ වෙනවා. ඒත් ඉස්සරට වඩා දැන් ටිකක් හොඳයි කියලයි මට හිතෙන්නේ. තරුණ පරපුරේ කාන්තාවන් බොහෙඔ ඉදිරියෙන් වෙන්න ඕනේ.
    අර කීවත් වගේ මට එහෙම කියන්නත් පුළුවන්ද මන්දා මම ආශ්‍රය කරන්නේ බොහොම ලිමිටඩ් පිරිසක් හින්දා.
    මොනවා වුනත් කාන්තාව තමන්ගේ තැන හොයාගන්න ඕනේ තමන් විසින්මයි. නමටහරි ලංකාව ප්‍රජාතාංත්‍රික රටක් නෙව.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ කාන්තා නියෝජනය බොහොම ඉහලයි නේද රජයේ හා පෞද්ගලික අංශයේ? //

      රංගි බොහොම ස්තූතියි. ඔව් උසස් අධ්‍යාපනයට යොමු වෙන සහ ඉහලට යන අයට මේ ප්‍රශ්නය අඩුයි. ඒ වුණාට පොඩුවේ උසස් අධ්‍යාපනයට යොමු වන ප්‍රමාණය 10% කට වඩා අඩු නිසා එතනින් ගොඩක් අය හැලෙනවා. මුදල් තියෙන අය පෞද්ගලික පාඨමාලා, විදේශ අධ්‍යාපනයට යොමු වෙනවා. එතෙන්දිත් පිරිමි ලමයෙක්ව එසේ යොමුකිරීමට දෙමව්පියොයොමු සැම විටම යොමු වුණාට සමහර ගැහැණු ළමයින්ට ඒ අවස්ථාව නැතිවෙනවා. මුදල් නැති පිරිස වැඩි නිසා එම පවුල් වල ගැහැණු ළමයින්ට තිබෙන අවස්ථා අඩුයි. එහිදී තමයි මැද පෙරදිග සේවය, පිරිසිදු කිරීම වැනි විවිධ අතවර අඩන්තේට්ටම් සිදුවිය හැකි පැතිවලට කාන්තාවන් යොමුවෙන්නේ.

      Delete
  35. මේ පුරුෂ මූලික සමාජය තුළම ලැග සිටින ජීවියකු ලෙස කාන්තාවන් ගැන සත්‍යය පැවසීම ගැනද සියල්ලටම වැඩියෙන් පිරිමි වැරදි පිළිගැනීම ගැනද ඉයන්ට මගෙන් මල් මිටක් !!!

    ReplyDelete
    Replies
    1. //පිරිමි වැරදි පිළිගැනීම ගැනද //
      කවුද? මේ මම? කවදද? කොහේදිද? මෙතුවා පෝස්ට් එක කියවල නැහැ වගේ. හෙහ් හෙහ්

      Delete
  36. ඉයන්, ඔබගේ ගීතය ඇසුවා.
    මා ඉයන් නමින් ගීත රචකයෙකු ගැන දැන සිටියේ නැහැ. ඒ ගැන ඔබ කනගාටු විය යුතු නැහැ මොකද මම අළුත් ගීත ඉතාමත් අඩුවෙන් අහන කෙනෙක් නිසා.
    කොහොම වුනත් ඔබගේ ගීතයට ඔබ යොදාගෙන තියෙන තේමාව බොහෝම ධනාත්මකයි. විශේශයෙන්ම ඒක අහන ස්ත්‍රී පාර්ශවයේ කෙනෙකුට ඒක දිරිය වඩවන ගීතයක්. ඇත්තටම පිරිමි කමක් ඇති පිරිමියෙක් ගැහැනුන් දිහා බලන්න ඕඅනේ මෙන්න මේ ඇහින් තමයි කියලයි මම හිතන්නේ.
    මේ තාත්තා කෙනෙක් බුදු වුනු බුද්ධෝත්පාද කාලයකජීවත් වෙන අපි, ගැහැණුන්ට ගෞරවයට කියන "අම්මා බුදු වේවා" කියන කියමන යොදාගෙන "අමාවරුන් විතරද මතු බුදු වන්නේ" කියලා කියන නෝක්කාඩු ගීත ජනප්‍රිය වෙන කාලයක (ගීතය ලියා ඇත්තේ ගැහැණියක විසින්ම නිසා ඇයට පිරිමියෙකු සතු පිරිමි කමේ හැඟීම් නොදැනීම ගැන සමාව දිය හැකියි ) සැබෑ දැක්මකින් ලියෑවුනු ඔබේ ගීතයට මම සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. සි.සි.
      ඔබේ අදහසට තක්කෙටම ගැලපෙන විග්‍රහයක් මෙන්න.

      Delete
    2. ඔය ඉයන් කියන එකා ගීත රචකයෙක් නෙමෙයි. කොහෙද යන පිස්සෙක්. ඒක නිසා එයා ගැන දන්නෙ නැති එක ගැන හිතන්න එපා. ඒ පිස්සාගේ තව ගීත අහන්න ඕකැමැත්තක් තියෙනවනම ian linthota නම ෆේස්බූක් එකේ සර්ච් කරලා රික්වෙස්ට් එකක් එවන්න.

      ගීතය ගැන ඔබගේ අදහස් දැක්වීමට ඉතාමත් ස්තූතියි.

      අම්මා සඳකි කියන ගීතයට මම නම් ඇළුම් කරනවා. ඒකට හේතුවක් තියෙනවා. ආදි කාලේදී යෝජිත විවාහයකින් පසු සංක්‍රමනය වීමට ගත් මෝඩ තීරණයක් නිසා සහ ඊට අදාලව ඇතිවූ සංකීර්ණ තත්ත්වයක් නිසා මුලදී සුමානයකට සැරයක්, තවත් කාලෙක මාස තුනකට සැරයක්, තවත් කාලෙක මාසෙකට සැරයක් විතරක් මගේ දරුවන් දෙන්නාව දකින්න ලැබිච්ච කාලයක් තිබ්බා. ඒ කාලේ මම ගොඩක් සංවේදී වෙච්ච ගීතයක් ඒක. උපේක්ෂා link එක දුන්න පෝස්ට් එකත් මම කියෙව්වා. ඕනම හැඟීමක් එක එක විදිහට ඔවුන්ගේ personal circumstances මත එකිනෙකාට දැනෙන්න පුළුවන්. ටී එම් ජයරත්න කියන්නේ සංවේදී කලා කාරයෙක්. සමහර විට ඔහුගේ බිරිඳ ඔහු අත්විඳිනවා යැයි දුටු හැඟීමක් ගීතයකට ලියන්න ඇති.

      සිතුවිලි, මේ බ්ලොග් එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා. දීර්ඝ ලෙස අදහස දැක්වීමටත් බොහොම පිං. link එක දාපු පික්ශු-පේක්ෂා ටත් බොහොම ස්තූතියි.

      Delete
    3. ඉයන්,
      අම්මා සඳකි ගීතය මම දකින්නේ මටම ආවේනික විදියකට වෙන්න පුළුවන්, ඒත් මම ගීත සම්මතයෙන් බැහැරව විමසන කෙනෙක්. ඒක නිසා මගේ අදහස වෙනස් ඇති. යොමුවක් දීලා තියෙන උපේක්ෂා ට මා ඔහුගේ බ්ලොගයේදීම පිළිතුරු සැපයූවා. ඒ එම සාකච්චාවට සුදුසුම තැන නිසා. මමත් ටී එම් ගේ ගීත වලට ගොඩක් ප්‍රිය කරනවා ඒත් කොන්දේසි විරහිතව පක්ෂපාත වෙන්නේ නම් නැහැ.
      ඉඩ ලැබෙන හැටියට ඔබේ බ්ලොගය තවත් කියවන්නම්.

      Delete
    4. බොහොමත්ම ස්තූතියි සිතුවිළි සි , නැවත ඇවිත් පිලිතුරක් දුන්නාට.

      //ඉඩ ලැබෙන හැටියට ඔබේ බ්ලොගය තවත් කියවන්නම්.//

      බොහොමත්ම ස්තූතියි

      Delete
  37. මං ඒ ලෙවල් වලට මැත්ස් කරන්න ආසාවෙන් ඉන්නකොට, මට අක්කා කෙනෙක් කිව්වා ඉන්ජිනියර් කෙනෙක් වෙන එක ගෑණු ළමයෙක්ට එච්චර සුදුසු නෑ නේද කියලා.. මං ඔය වගේ ඒවා එච්චර ගණන් ගන්නෙ නැති වුණත් ඒක ඇහුවාම මට හිතුනේ ගෑණු ළමයිම ගෑණු ළමයින්ට එච්චර සීමා පනවගෙන එන්නෙ එයි කියලා..

    සින්දුව ඇහුවා.. ලස්සනයි... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතුවිලි. එක වගේ නම් තියෙන දෙන්නෙක්. ඉහත කමෙන්ට් එකත් සිතුවිලි කෙනෙක්ගේ.'ලි' සහ 'ළි' වෙනසක් පමණයි

      ඔබගේ සහෝදරිය එක්කෝ කාන්තාවන් අවතක්සේරු කරන කෙනෙක් එහෙම නැත්නම් තමන්ට වඩා ලඟ ඥාතියෙක් සමාජයේ ඉහල යනවට අකමැති කෙනෙක්. එම නොමඟ යැවීමට අසු නොවී ඉදිරියට යාමට හැකියාව තිබීම ගැන මගේ ප්‍රසංශාව.

      ඔබගේ බ්ලොග් එකටත් ගියා. මගේ බ්ලොග් රෝලේ එල්ලා ගත්තා.

      Delete
    2. උඩ තියෙන කමෙන්ට් එක නම් කාගෙද දන්නෙ නෑ. මං නම් නෙවෙයි.. :)

      පස්සෙ මට තේරුම් ගියා මං ඊට වඩා ජීව විද්‍යා විෂය ධාරාවට කැමතියි කියලා. ඉතින් මම ඒ අංශෙන් ඉහළට ඉගෙන ගත්තා..

      ගොඩක් ස්තූතියි ඒ පැත්තෙ ආවාට.

      Delete
    3. ඔව් සිතුවිලි සිතූ,
      ඔබත් මාත් එක වගේ නම් යොදා ගැනීම හුදු අහම්බයක්ම තමයි.
      මම මේ සිතුවිළි කියන නම දැනට වසර ගනනාවක සිට ලංකා සී නිව්ස් වැනි පුවත් අඩවි වල ප්‍රථිචාර දැක්වීම සඳහා යොදාගත් නමයි. මා බ්ලොග් කරුවකු නොවෙයි.
      එකල මගේ වැටහීම වූයේ සත්ත්වයා යනු සිතුවිල්ලක්ම පමණක් බවයි අන්න ඒ අදහසිනුයි මා මේ නම යොදා ගත්තේ. මා බොහෝ විට සහභාගී වූයේ දහම් කරුණු ගැන වූ සාකච්චා වලටයි.

      ඔබත් මාත් යොදාගන්නා නම් වල යම් සමාන කමක් වූවත් අදහස් වල ස්වාධීන තාවයක් ඇති නිසා එය කිසිවෙකුට බාධාවක් නොවේවි.
      ඔබේ ඉන්ජිනේරු සිහිනයට බාධා පැමිනීම ගැන කනගාටුයි, මගේ දියණියනම් මගේ පූර්ණ ආශිර්වාදය ඇතිව ඉන්ජිනේරු වරියක්.

      Delete
    4. ඔව් සිතුවිලි සිතූ සහ සිතුවිළි සි ඔබ දෙදෙනාටම ස්තූතියි

      Delete
  38. එදා නෙලුම් යායේදී හම්බ උනාට පස්සේ කතා කරන්න වත් උනේ නැහැ නෙ, අපුරු ලිපිය, ඒ වගේම ගී පද රචනයත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොමියා

      Delete
  39. පද රචනය නියමයි ඉයන් මාමේ... මම කැමති ඔබතුමාගේ මේ ලියන මධ්‍යස්ත විදිහට... ජය!

    ReplyDelete
    Replies
    1. මම මධ්‍යස්ථ කිව්වොත් සාර ස තුමා කැමති වෙන එකක් නැගැ. හෙ. බොහොම ස්තූතියි කිඹුලී

      Delete
  40. ඒක දවසක් බිබී ඉන්න කොට එතන හිටපු යාලුවෙක් ගාමන්ට් කෙල්ලෝ වේසියෝ කියලා බනින්න ගත්තා මගේ ඇගේ ලේ රත් වෙන කතාවක් මු කියන්නේ කිව්වට නවත්ත්නෙම නැහැ මම යාලුවට අබියෝග කරා පලුවන්නම් ඒක දිගට පැය 8ක් පුටුවක ඉදගෙන වැඩ කරලා පෙන්නන කියලා .
    ගැනු ළමයින්ගේ හැකියාවන් මම ඕන තරම් දැකල තියනවා (ඒ හැකියාවන් නෙමයි) මහන්න බැහැ යවන්න බැහැ කියලා අයින් කරපු ශිප්මන්ට් අපි එකතුවෙලා දාලා තියනවා
    මම කයිවාරු ගැහව්වට ළමයි 1612 ක් පාලනය කරනවා කියලා මට වඩා හොදට ගෙදර සදු පාලනය කරනවා කියන ඒක මමත් පිලිගන්නවා
    ඇයි මචෝ මේකට ලස්සන විඩ්යෝ එකක් කරන්නේ නැත්තේ
    වික්ටර්ගේ අපි ගැන කියන සින්දුවට අපි හෙන අදරයි උබ මේකට video එකක් කරොත් ඒක හිට් වෙයි වගේම ඒක අපිට ආඩම්බරයක්.
    සිංදුව ඇහැව්වා එල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා

      Delete
  41. //කොච්චර ගරු කරනවාද කිව්වොත් ලඟින් යනකොට චෙෆාකිගේ දණිස් දෙක වෙවුලනවා කියල තමයි කට්ටිය කියන්නෙ//
    /උදාහණයකට අර අසෝකයි, ක්ලියෝපැට්‍රයි, අනන්‍යායි, ගුරුවරියයි නැතුව පුවක් විතරක් තිබ්බනං රවියගේ බ්ලොග් එකට කවුද යන්නෙ//
    //පෙරටුගාමීන් කියා ගන්නා කෛරාටිකයින් ආරක්ෂා කරගන්න හදන 93% ක් එලියට හැලෙන උසස් අධ්‍යාපන ක්‍රමයත් එක හේතුවක් වන්න පුළුවන්.// චෙෆාකිට , රවියාට හා පෙරටුගාමින්ට කරන දරුණු විවේචන හෙලා දකිමි. තුන් ගොල්ලම එක සංගමයක බව මේ ලිපියෙන් දැන ගතිමි.

    ReplyDelete
    Replies
    1. තුන් ගොල්ලම එක සංගමයක බව මේ ලිපියෙන් දැන ගතිමි.

      හෙහ් හෙහ් අජිත්, එකම වෙනස රවියා සහ චෙෆාකියා සුන්දර මින්සුන්

      Delete
  42. සින්දුව ලස්සනයි ඉයන්. අර මුල් කොටසේ මියුසික් ප්‍රශ්නයක් නම් තේරුනේ නැහැ.

    තරහ ගන්නේ නැත්නම් මේ ටිකත් ලියන්න කැමතියි.
    මට අර කවි එකට ගැලපිල කියවෙන්න වගේ ඕන හින්දද දන්නේ නැහැ මෙහෙම හිතෙනවා.
    හැබැයි මම මේ බිමේ - බිමින් "කියයි" කියන කොටස කියන් කියල වෙනස් කරන්න කැමතියි.


    අකුරු කියවූ ගුරු මවුන්, ඇදුරියන් සරසවි "බිමින්" .
    දූවරුන් රැකි මව් වරුන් , රට මුදල් සෙවූ දූවරුන්,
    රණ බිමේ යුධ සෙබලියන්, ගුවනෙ සැරිසරු නියමුවන්
    රටට බත දුන් ගෙවිලියන්, ලකම ජයගත් "බැව් කියන්" .

    සහ
    අගමැතිනියක් ලක් දෙණින්, ලොවම දන්නා බැවි කියන් .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්, මේ ටික වෙනස කරන්නම්

      Delete
  43. ////මට පෙනෙන තව හේතුවක් තමයි විවාහ වීම ජීවිතයේ ප්‍රධානතම අංගයක් වශයෙන් සිතීම. ///// මෙන්න මේක නම් වෙනස් විය යුතුම දෙයක් විදිහටයි මමත් දකින්නේ.. මේ වෙනස්වීම පටන් ගන්න ඕන ගැහැණු දරුවෙක් උපතේ සිට සමාජයේ හදන විදිහේ සිට. ඉයන් ඔබගේ අදහස් බ්ලොග් ලෝකයට සීමා නොවී මුළු ලංකාවටම ඇහෙන්න කියන්න විදිහක් නැද්ද ??? :)

    ReplyDelete