Friday, January 8, 2016

ජනවාරි 8 විප්ලවයේ වීරයා කවුද


ජනවාරි 8 විප්ලවයේ පියවරු බර ගණනකි. හැමෝම ඒ සඳහා ක්‍රෙඩිට් එක ගැනීමට උත්සාහ කරති. මම දන්නා කරුණු අනුව මෙම විප්ලවයේ වීරයා මාදුලුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේය. පෙර ගමන්කරු  යුධ ජයග්‍රහණයෙන් පසු උමතුවූ රාජපක්ෂ වරුන්ගේ අපරාජිකත්වයට (invincibility) මුලින්ම අහියෝග කළ ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාය. පොදු අපේක්කයෙකු සොයාගැනීම සහ මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා පොදු එකඟතාවයකින් ඉදිරිපත් කිරීම පිටුපස සිටින්නේ තව දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මෑතකදී පිස්සු වැඩ කීපයක් නිසා මඩ කෑ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නය. අනෙක් පුද්ගලයා සිතාගත නොහැකි ආකාරයේ අවදානමක් ගෙන කටයුතු කල වැඩි දෙනෙක් නොදන්නා ආචාර්‍යය කපිල රණසිංහය. ඊට අමතරව ඔවුන්ගේ සහයට සහ එක්සත් ජාතික පක්ශය ඒ සමඟ සම්බන්ධිකරණය සඳහා කටයුතු කළ කොමර්ශල් බැංකුවේ හිටපු සභාපති දිනේශ් වීරක්කොඩිය. එමෙන්ම අන්තිම මොහොතේ ඇතිවූ ප්‍රශ්ණයක් විශිශ්ඨ ලෙස සමනය කල අතුරලියේ රතන හිමියන්ද මෛත්‍රීපාල මහතාට ශක්තියක් වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගැනද කිවයුතුමය.  

නොවැම්බර විසි එක් වැනි දිනෙන් පසුව තවත් විශාල ප්‍රමාණයක් වීරයන් බිහිවිය. බ්ලොග් කරුවන්, මුහුණු පොතේ ක්‍රියා කාරීන්, ගුටි කමින් පාරට බැසි කලා කරුවන්, සිවිල් සංවිධාන, පක්ශ ක්‍රියා කාරීන්, මේ සියළු දෙනාම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ කොන්දට සහ නිර්භීත කමට පින්සිදුවන්නට ජනවාරි 9 දින සැනසුම් සුසුමක් හෙලූහ. 

විප්ලවයේ වැදගත්කම

මෙම විප්ලවය නොවන්නට අද වන විට ශ්‍රී ලංකාව පත්වීමට තිබුණ අවධානම බියකුරුය. 2015 මාර්තු මස රැස්වීමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ආර්ථික සම්භාධක පැනවීමට සියලු කටයුතු සූදානම්ව තිබුණි. මෙම කවුන්සිලයේ චන්ද විමසීමේදී නිශේධ බලය යෙදීමට කිසිම රටකට අවසර නැත. ඊට අමතරව මානව හිමිකම් කවුන්සලයේ ක්‍රියා මාර්ග වලට අමතර ඇමෙරිකාව සහ යුරෝපය ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කල ආකාරයේ ඒක පාක්ෂික සම්භාධක යෙදවීමට සැලසුම් කරමින් තිබිණි. අපගේ තේ, ඇඟළුම්, මෘදුකාංග අපනයනයන්ගෙන් 75-80% ක් පමණ ගන්න ඇමෙරිකාව සහ යුරෝපය ජාත්‍යන්තර මුදල් සංසරණයේදී ලංකාව අතරමං කිරීමට මාන බලා සිටියහ. ඉරානය සම්භන්ධයෙන් ඔවුන් ගත් මෙම මුදල් සංසරණ තහනම ක්‍රියාත්මක කර එහි සඵලතාවය (effectiveness) පිලිබඳව දැඩි විශ්වාශයක් ඔවුන්ට තිබිණි. 

මෙම දේවල් සිදුවූවානම් අද රටට අවශ්‍ය තෙල්, ඖශධ, ආහාර ආදිය ගෙන ඒමට මුදල් හෝ ජාත්‍යන්තර බැංකු ගෙවීම් ක්‍රම වල සහය නැත. මැද පෙරදිග ශ්‍රමිකයන් එවන් මුදල් රටට හෝ යැපෙන්නන්ට ලබා ගැනීමට ක්‍රමයක් නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෝමාලියාවේ සිදුවූවාක් මෙන් ආහාර සඳහා සොරකම් , මරා ගැනීම් ඖශධ නොමැතිකමින් ලෙඩුන් මියයාම්, අතිවිශාල ලෙස රැකියා අහිමිවීම් වලින් ශීග්‍ර ලෙස ජීවන මට්ටම් පහල යාම ආදිය සිදුවීමට තිබුණි. ආහාර යම් ප්‍රමාණයක් රටේම නිශ්පාදනය කල හැකි වුවත් ඒවා ප්‍රවාහනය කිරීමට ක්‍රම නොමැතිකමින් විනාශ වී යාමට ඉඩ තිබුණි. චීනය හෝ අන් රටක් ඔවුන්ගේ වියදමින් යම් ක්‍රමයකට ආහාර ආදිය ලබා දීමට ඉඩ තිබුණත් එය කෙතරම් දුරට සාර්ථක ක්‍රමයක් දැයි සිතා ගත නොහැක. හිටපු ජනාධිපතිවරයා 2015 මාර්තු මසට පෙර ජනාධිපතිවරණය පැවැත්වූයේ නක්ශත්‍ර හේතුවක් නිසා නොව මෙම අවධානම ගැන හොඳින් දැන සිටි නිසාය.

භෞමික අඛන්ඩතාවය

මාර්තු මස මානව හිමිකම් කවුන්සිලයේ තීරණයට සමගාමීව රටේ ඒකීය භාවයට නැවත වෙනස් කල නොහැකි මරුපහරක් එල්ල වන්නට තිබිණි. එල් ටී ටී යී යුද්ධය පරාජය වන බව වටහාගත් දෙමළ බෙදුම්වාදීන් ඊලඟ ජවනිකාව ක්‍රියාත්මක කලේ  2009 අප්‍රේල් මාසයේ පමණ සිටය. ඊට ප්‍රථම ඔවුන්ගේ අදහස වූයේ කුමන ආකාරයේ දරුණු අවස්ථාවක් පැමිණියත් ජාත්‍යන්තර සහ ඉන්දියාවේ මැදිහත්වීමකින් නැවතත් 'සාම සාකච්චාවක්' කරා ගොස් එවකට තිබූ තත්ත්වය එලෙසම පවත්වාගත (maintain the status quo)  හැකි බවය. මේ සඳහා අවශ්‍ය තත්ත්වය ජාත්‍යන්තර එල් ටී ටී යී ජාල මඟින් කැනඩාවේ, එක්සත් රාජධානියේ, ඉන්දියාවේ, ඔස්ට්‍රේලියාවේ, සහ යුරෝපයේ නිර්මාණය කරමින් තිබිනි. කරුණානිධි සහ ජයලලිතා යන දෙදෙනාගේම දැඩි බලපෑම් හමුවේත් ක්‍රියාත්මක වූ ඉන්දියා රජයේ නොසැලෙන ස්ථාවරය නිසා අප්‍රේල් මස පසුවන විට එල් ටී ටී යී පරාජය පැහැදිලි වෙමින් තිබිණි. එයට තවත් හේතුවක් වූයේ සිය ගණන් හමුදා ජීවිත නැති වෙත්දීත් ඉදිරියටම ගිය හමුදා සෙබළුන්  නැවැත්වීමට ශ්‍රී ලංකා රජය කෙලින්ම නවත්වන ලෙස අණ දුන්නත්  හැකියාවක් නොතිබුණ බැවිනි. 

එවිට සිදුවූයේ ජාත්‍යන්තර දෙමල බෙදුම්වාදීන් ප්‍රභාකරන් අතහැර ඊලම පිහිටුවීමේ වෙනත් වැඩ පිලිවෙලකට එනම් සුඩානය කඩා දකුණු සුඩානය ඇතිකිරීමට උපයෝගී කරගත් ක්‍රමයට අවතීර්ණ වීමයි. එනම් යුධ අපරාධ චෝදනා ඔප්පු කිරීම හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය හා අධීක්ශණය යටතේ සිදුකරණ ජනමත විචාරණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය දේවල් සූදානම් කිරීමයි. යුධ බිමේ සිටි රජයේ මාධ්‍යවේදීන් හරහා මේ සඳහා ක්ශණික වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබිණ. මෙය විශාලතම බාධාවක් වූයේ ශ්‍රී ලංකාව යුධ අපරාධ ගැන වන රෝම ප්‍රඥ්ඥප්තියට එය සම්මත කල කාලයේ බලයේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අත්සන් කර නොතිබීමයි. මෙම බාධකය ඉවත් කරගැනීමට ඔවුන් ඉතාම කෛයිරාටික ලෙස ක්‍රියා කළහ. ඔවුන් කළේ යුද්ධය අවසාන වූ වහාම අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට පෙර බැන් කී මූන් හරහා, ඒවා පිලිබඳව කිසිම දැනීමක් නොතිබූ මහින්ද රාජපක්ෂගෙන්  එක්සත් ජාතීන්ගේ පරීක්ශණයකට ශ්‍රී ලංකාව එකඟ වන බවට ලියවිල්ලක් අත්සන් ගැනීමයි.  චැනල් 4, ජාත්‍යන්තර ක්මා ආයතනය වැනි බෙදුම්වාදීන් මුදල් ගෙවා සහය ලබා සිටි ආයතන හරහා යුධ අපරාධ චෝදනා එල්ල කලේ  එයින් පසුය. එක්සත් ජාතීන්ගේ පළමු පරීක්ශණයට එරෙහිව ලෙමන් පෆ් උපවාසය කල උපවාස කරු මෙම පරීක්ශණ දාමයට දොර විවෘත කල රාජපක්ෂට විරුද්ධව මන්චි නයිස් උපවාසයක් කළේ නැත. කල එක දෙය පරීක්ශණ වලට හේතුව රනිල් හෝ බටහිර රටවල් යැයි කියමින් සලාක ක්‍රමයට මාස දෙකෙන් දෙකට චන්ද පැවැත්වීමයි. බෙදුම්වාදීන්ගේ උගුල ගැන හෝ යටි කූට්ටු ක්‍රියාමාර්ග ගැන කිසි අවබෝධයක් නොතිබූ රාජපක්ෂ වරුන් සිතුවේද එය බටහිර කුමන්ත්‍රණයක් ලෙස සිංහල ජනතාව නොමඟ යැවීමට පමණකි. වෙන දෙයක් සිදුවූවානම් සිදුවූයේ භෞතික සංවර්ධනයක් පෙන්නා මෙතෙක් නොසිතූ විරූ ලෙස රටේ ඉඩම් සම්පත් සහ දේශීය සහ විදේශීය මුදල් මංකොල්ල කෑම සහ සදාකාලික පාලනයකට ඒකාධිපති 18 වන සන්ශෝධනය නීති විරෝධීව සම්මත කර ගැනීම පමණි . 

දෙමල බෙදුම්වාදීන්ගේ වැඩ පිළිවෙලේ කූටප්ප්‍රාප්තිය සඳහා සියල්ල සූදානම් ව තිබුණේ මාර්තු මාසයටයි. කලින් මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාව බේරාගත් ඉන්දියාවත් රාජපක්ෂ වරුන් චීනය පෙන්නමින් ඔවුන් අවුස්සාගෙන සිටිනිසා අපට විරුද්ධව ඊට පෙරත් චන්දය පාවිච්චි කර තිබීමෙන් සියල්ල ඔවුන්ට අවශ්‍ය ආකාරයට සිදුවී තිබිණි. එකම බලාපොරොත්තුව වූයේ සම්පූර්ණ නිදහස් දෙමල රටක් ඇතිවීමට ඉන්දියාවේ තිබූ අකමැත්ත මත අවසාන මොහොතේ හෝ ඊට යම් ප්‍රාමාණයක් අඩු 'ස්ටේට්' ක්‍රමයකකින් නැවතීමට තිබුණු ඉඩ කඩයි.

එම නිසා ජනවාරි 8 විප්ලවයෙන් රටට වුන සේවය ලෙහෙසියෙන් වටහා ගත නොහැකි තරමේ අතිවිශාල බේරීමකි. එදිනට පෙර 1948 සිට දෙකට කැඩූ සියළුම රටවල් කැඩූ ඇමෙරිකාව සහ යුරෝපය දුන් සහයෝගය දෙමල බෙදුම්වාදීන්ට නොලැබී ගොස් ඇත. ඔවුන් විසින් ඇතිකල යුධ අපරාධ සුලි සුලඟ ඔවුන්වම බිලිගෙන ඇත. 

ඔවුන් සැමදා වීරයන්ය 

තම දේශපාලන ජීවිතය, සහ තවත් නොයෙකුත් දේ බිලි දෙමින් ඉදිරියට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කුමන්ත්‍රණයකින් බලය නොදී තබා ගැනීම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ගේ දුරකථන පණිවිඩයක් හරහා අඩපණ කිරීමට සමත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, තම දිවි නොතකා අරලියගහ මන්දිරය වැටලීමට තකහණියේ ඉදිරිපත්වූ අතුරලියේ රතන හිමියන් වැනි අය නොවන්නට අද වනවිට ශ්‍රී ලංකාවේ වංශ කථාවේ ඉතාමත් අඳුරු යුගයක් වන්නට තිබිණි. 


විප්ලවයේ තවත් වීරයන්



76 comments:

  1. මා ඔබේ ලිපියේ අන්තර්ගතයට එකඟ නොවන නමුත් එම ලිපිය වටිනා කරුනු කාරනා ආශ්‍රිත දත්තයන් ලෙස ගෙන ඉතා අගනා ලෙස ලියා ඇති බව මතක් කිරීමට කැමැත්තෙමි!

    A diamond has many facets.......

    ReplyDelete
    Replies
    1. සා රස ඔබට බොහොම ස්තූතියි

      Delete
    2. hondha lipiyak, habai ethin lipiye adangu samahara karunu wala sathya asathya thawaya gana pahadeemak naha,
      mokada meeta pera ema karunu wenath source ekakin asaa kiyawaa nothibu nisa.
      habai ethin loku hethuwak nathiwa rajathuma lehesiyen sinhaasane daala noyana bawanam dannawa.

      (samahara wita mata ema sahamaha karunu maga haruna wenna puluwan)

      Delete
    3. බොහොම ස්තූතියි සෙනරත්

      Delete
    4. Two factual inaccuracies here.
      1. Even if he had wanted Ranil cannot sign for the Rome statute because he never was head of the state. Only the head of the state could sign that. Since 1978 the President has been the head of the state and the status cannot be delegated under any circumstances. This is one of the the biggest lies RW uttered in parliament. Of coutse some ppl like Ian has bought it (cheaply)

      2. There is no such clause in the MOU signed between MR and Banki-moon where GOSL agreed for an international investigation. This was clearly mentioned by quite a few renowned legal experts including Prf. G.L Peris. None other than PC Ladduwahetti who appeared for SF in White Flag case also published a series of articles analyzing that agreement on a daily English paper. There he had shown the clause that RW misinterpreted to Sinhala in the parliament. Those who just reapeat what their leaders say continue to build more arguments based on that fallacy.

      I would like you to point out/qoute if there is any such clause.

      Delete
  2. ජයග්‍රහණයට පියවරු බොහෝමය... ඉතා වටිනා ළිපියකි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතේ

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි විදානේ

      Delete
  4. ඉතාම සරුසාර ලිපියක් ඉයන්.බොහෝ දේ දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති හැලපේ. පුළුවන් තරම් කෙටිකර ලිව්වේ. හමුවූ දිනක තවත් විස්තර කියන්නම්.

      Delete
  5. වැදගත් කරුණු වලින් පෝෂණය වෙච්ච ලිපියක්.. මෑත කාලීන ශ්‍රී ලංකා දේශපාලනයේ බොහොම ලොකු පෙරලියක් සිදුවෙච්චි ජනවාරි 8 පහුවෙලා අවුරුද්දක් පහු උනාට රටක් විදිහට නියම සංවර්ධනය කරා යන්න පුළුවන් වෙයිද කියන එක සැක සහිතයි මේ තියන තත්වය උඩ. බහුතරය තියාගෙන ආණ්ඩුව කකුල් දෙකෙන් හිටවගෙන තියාගන්න මුළු ශක්තියම යොදනවා ඇරෙන්න රට කකුල් දෙකෙන් නැගිට්ටවන්න පුළුවන් වෙයිද කියන එක සැකසහිතයි ඉදිරි වසර කිහිපය තුලත්. කිහිපදෙනෙක් ඇරෙන්න යහපාලන ආණ්ඩුවේත් දැන් වෙනකොට ඉන්නේ කලින් පිරිසම නිසා ජනවාරි අට ජනවරම පුස්සක් වේගෙන යනවා කියල මට දැනෙනව. මගේ කමෙන්ට් එකෙන් මම අදහස් කරන්නෙ නැහැ නැවත කලින් හිටපු උදවිය බලයට පත්විය යුතුයි කියන එක.

    ReplyDelete
    Replies
    1. සංවර්ධනය කියන්නේ භෞතික සංවර්ධනය පමණක් නම් ටිකක් කාලය ගතවෙයි. චීනයේ 8% පොලී ණය දෙන්නේ ඔවුන්ගේ අතිරික්ත මුදල් වැඩි පොලියට ආයෝජනය කරන්න පුලුවන් නිසා. ඔවුන්ට පාරිසරික හානි, ණය යොදාගෙන කරන ව්‍යාපෘති වලින් රටට වන යහපත් ආදිය බලන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරන්නේ සංවර්ධන ආධාර. ඒ සඳහා පාරිසරික වාර්ථා, ව්‍යාපෘතියකින් වෙන වාසිය පිලිබඳ වාර්ථා සකසා ලබා ගත් යුතුයි . ඒවා ලැබෙන්නේ 0.5% පොලියට හෝ පොලී රහිතව.

      අනික් සංවර්ධන වැඩ, එනම් රැකියා ඇති කිරීම, අධ්‍යාපන අවස්ථා ඇතිකිරීම, වාරිමාර්ග සහ කෘශිකර්මය මඟින් ආහාර නිශ්පාදනය, අපනයන මාර්ග සංවර්ධනය වැනි වැඩ විශාල ප්‍රමාණයක් කෙරී ගෙන යනවා. ඒ සමඟ හොරාපක්ශ පිටිපස්සෙන් ඉඳන් කරන කුමන්ත්‍රණ වලින් ගැලවෙන්න මහජනයා පත්කල ආර්ථමාර්තකාමී දේශපාලකයින්ම රජය ස්ථාවර කරගන්න ඒ පැත්තට ගැනීමත් සිදුවෙනවා. හිරු, දෙරණ වැනි රාජපක්ශ සට්ටැඹියන්ගේ මාධ්‍ය වලට පෙනෙනෙනේ පසුව කියූ දේවල් පමණයි

      Delete
    2. බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ඉයන්. රනිල්, මයිත්‍රී, මහින්ද තුන්කට්ටුව බලය වෙනුවෙන් අරගලයක යෙදිල ඉන්නවා කියන එක පැහැදිලියි. එතනිනුත් පහුගිය කට්ටිය බලයට පොරකන්නේ රට සහ ජනතාව ගැන හිතල නෙවෙයි කියන එකත් හොඳින්ම පැහැදිලියි. රනිල්ගේ සහ මයිත්රීගේ පරමාර්ථ පැහැදිලි අපැහැදිලි තත්වයේ තවම තියෙන්නේ.

      ඒත් කුමනාකාරයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක උනත් එව්වා ගැන තීන්දු තීරණ ගන්න ඉහලින්ම ඉන්නේ අද්යාපනයක් නැති බුද්ධියක් නැති පිරිසක් නිසා ඔය කියන ව්‍යාපෘතිවල සාර්ථකත්වය කොයිතරම් දුරට මිනිසුන්ට ලැබෙයිද කියන එක සැක සහිතයි. මේ සියලු අරගල අතරේ කොටි පාක්ෂිකයින් , මුස්ලිම් අන්තවාදීන් සහ සිංහල අන්තවාදීන් තමුන් කැමති පාලනය ගොඩනගාගන්න බොර දියේ මාළු බාමින් සිටිනවා. මේ ඇතිවෙලා තියන තත්වයේ හැටියට මෙතනින් වාසියක් වෙන්නේ බොර දියේ මාළු බාන්න දක්ෂ උදවියට විතරයි කියලයි මට හැඟෙන්නේ.

      පක්ෂ බේදයකින් තොරව ලංකාවෙන් පිට ඉඳල ලංකාවේ තියෙන දේශපාලන තත්වය දිහා බැලුවාම මට හිතෙන්නේ යන විසිහට ගොඩ ඒමක් නැහැ කියලයි..

      Delete
    3. ඉයන් ඔබගේ අදහස මෛත්‍රී සැලසුම් සහගතව මහ බයියාගේ චරිතය රඟනවා කියාද?

      Delete
    4. ඇණයා නැහැ. මගේ අදහස විප්ලවයේ ප්‍රධාන පරමාර්ථය ඉටුවී අවසන් කියන එකයි. එනම් රටට අත්වීමට තිබූ නැවත හැරවීමට නොහැකි විය හැකි භයානක තත්ත්වවයකින් රට බේරා ගැනීමට විප්ලව කරුවන් සමත් වුන බවයි.

      Delete
    5. ඉයන් කියන දේ හරි.. විප්ලවයේ ප්‍රධාන පරමාර්ථය ඉටුවී හමාරයි.. ඒත් රට ඉහලට යන මාර්ගයක් පාදාගන්න නම් මම හිතන්නේ දෙවැනි විපලවයක් අවශ්‍යයි කියන එකයි..

      Delete
    6. ඇත්තටම ඔව්. තමන්ගේ පඩි වැඩි කරගන්න පාර්ලිමේන්තුවට ඇති බලය, බලය තියෙන අයට චෝදනා ආවාම පරීක්ශණ පරක්කුවෙන ක්‍රමය වෙනස් කරන්න ඒවගේ දේවල් ඒගොල්ලන්ගෙ අතින් අහකට අරන සිවිල් සමාජය අතර පත් කරන්න විප්ලවයක් කල යුතුයි.

      Delete
  6. එතකොට කිසිම පුද්ගලික වාසියක් ගැන බලාපොරොත්තුවක් නැතුව වෙනසක් සඳහා පමණක් ඡන්දෙ දුන්නු මිනිස්සු..
    මම හිතන්නෙ ඒගොල්ලො තමා ලොකුම වීරයෝ ...
    ඔය උඩින් කියල තියන ඔක්කොම තමන්ගෙ වාසිය තමා මුලින් බලන්නෙ කියන එක දැනටම ඔප්පු වෙලා ඉවරයි....

    ReplyDelete
  7. තිරයෙන් පිටුපස සිටි බොහෝ දෙනෙක් ගැන ඉයන්ට අවබෝධයක් තිබුනේ නැතුව වත්ද? චතුරට කලින් එතන හිටි තවත් කීප දෙනෙක්ම සිටිය කියල. රාජිත ට හෝ චතුරට මරණ තර්ජන තිබුනේ නැත යන්න මගේ වැටහීමයි. කෙසේ වුවද රාජාණ්ඩු/ඒකාධිපති ක්‍රමයකට යෑම නැවතීමත් ශ්‍රී ලංකාව බෙදීමකට තිබූ අවස්ථාවක් නැවතුනු බවත් කියන ඔබේ අදහසට එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. අජිත් දිග වැඩි වුන නිසා කපල කොටල පොඩි පැහැදිලි කිරීමක් මඟ හැරිල. ඉහත අය සම්බන්ධ වුනේ පොදු අපේක්ශකයා ඉදිරිපත් කරන්න සහ යූ එන් පී චන්ද ඒකට එකතු කරන්න. 2010 දී පොදු අපේක්ශකයා ඉදිරිපත් කලායින් පසුව මෙවර රනිල් ඉදිරිපත් වීමට සිටියේ. ඒකට හේතුව සජිත් (මම හිතන විදිහට රාජපක්ශ වරුන් ගේ අනුදැනුම මත ) රනිල් ඉදිරිපත් නොවුනොත් ඔහු ඉදිරිපත්වන බව කියා තිබුණා. එසේ වූවානම් ජයග්‍රහණයක් ලබන්න බැහැ. ජනාධිපතිවරණය කැඳවන වෙලාවේ රාජපක්ශවරුන්ට ලොකු විශ්වාශයක් තිබ්බා රනිල් ඉදිරිපත් වන බවට. අනික එක්සත් ජාතික පක්ශයේ සහයෝගය නැත්නම් මෛත්‍රීපාල මහතා ඉදිරිපත්වෙන්නේ නැහැ. මම ඉහත සඳහන් කල අය ක්‍රියාත්මක කලේ එම කාර්‍ය භාරය. ඊට පෙර තව බොහෝ දෙනෙක් විශාල වැඩ කොටසක් කල බව මම දන්නවා.

      Delete
  8. වැදගත් ලිපියක් ගොඩක් දේවල් දැනගත්තා කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්

      Delete
  9. නව් හීරෝ බිකේම් සීරෝ
    බ්ලහ්..
    දැං දැං පෙන්න මූණ වල හැටියට විප්ලවේ කාටවත් පොදු අරමුණක් තිබිල නෑ ඊටත් විප්ලවයක් කියල එකක් ති්බද කියලත් සැකයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්. විප්ලවයේ පොදු අරමුණ වන ලංකාව වැටීමට ගිය අගාධයෙන් බේරා ගැනීම, පවුලක් වෙනුවෙන් නීඑති විරෝධීව 'සම්මත' කරගත් 18 වන සංශෝධනය අයින් කිරීම, නැවත ඒකාධිපතියෙකු බිහිවීම වැලැක්වීමට අවශ්‍ය කරන පාර්ලිමේන්තුවට බලය පවරන ව්‍යවස්ථා සංශෝධන ආදිය දැනටමත් වී හමාරයි. පසුගිය ආණ්ඩුව රජය වශයෙන් සහ කවදාවත් සිදු නොවූ අන්දමින් ආන්ඩුවේ බැංකු හරහා රජයට විදේශ ණය සියයට 8 ක වැනි ගිනි පොලියට ගෙන, ඒනය යොදාගෙන ණය පොලියවත් නොලැබෙන මත්තල, සූරියවැව වැනි ව්‍යාපෘති වලට නාස්තිකර ඇතිවට එම ණය උගුලෙන් බේරීමට උත්සාහ කරමිනුයි ඉන්නේ. අයවැයේ මොන ප්‍රශ්ණ තිබුණත් එම මුදල් අවශ්‍යයි රටේ ණය පියවන්න. තව මාස කිහිපයක් දී බලන්න.

      Delete
  10. ඉයන් පැහැදිලි කරනා පරිදි මහින්ද මාමා බලයේ සිටියොත් සිරි ලන්කාවට සියලු අතුරු ආන්තරා ඇතිකිරීමට මාන බලමින් සිට ඇත්තේ අමෙරිකාව, යුරෝපය සහ ඔවුන් ගේ බලකඳවුරේ අනෙක් කස්ටිය ය.

    වීරවන්ස ලොක්ක කීව දේ (ජාත්‍යන්තර කුමන්ත්‍රන සහ ඇඟිලි ගැසීම්) ඇත්ත බව ඉයන් ගේ ලිපිය කියෙවුවාම පැහැදිලි වෙයි!

    ReplyDelete
    Replies
    1. ස රස තුමා වීරවංශ වගේම වැරදි කොනෙන් අල්ලගත්ත. ලංකාවට කරදර කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ බෙදුම්වාදීන්ට. ඔවුන් ඊට කලින් සයිප්‍රසය බිහිවූ විදිහට ඊලම ලබා ගන්න ඉන්දියාව ලවා කරදර කලා. රාජපක්ස ඔවුන්ට ඒසඳහා බටහිර රටවල් යොදාගන්න ඕන කරන එල්ලෙන වැල් ටික අනවබෝධය නිසා සාදා දුන්නා. එකක් බැන් කී මූන් සමඟ අත්සන් කල ලියවිල්ල. ඊට පස්සේ බටහිර රටවල් දේශීය පරීක්ශණයක් තබන් ලෙස ඉල්ලනකොට ඒ සඳහා පියවර නොගැනීම. බලපෑම් වැඩිවන විට එල් ආර් ආර් සී කොමිසම පත්කර, පසුව එහි නිර්දේශ වන ස්වාධීන කොමිසම් ප්‍රතිශ්ඨාපනය, රජයේ රැකියා සඳහා දක්ශකම් මත බඳවා ගැනීම් වැනි සුළු නිර්දේශ පවා ක්‍රියාත්මක නොකිරීම. රට තුල පරීක්ශණයක් පවත්වා වැරදි කර ඇති අයට දඬුවම් දෙන එක නොකිරීම ( මීට කලින් කුමරස්වාමි දූශණය ආදී වැරදි වලට අසුවූ අයට නඩු අසා දඬුවම් දී තිබෙනවා. )

      මේ දේවල් කලින් පොරොන්දුවී නොකරන විට පමණයි ඊලඟ පියවර වලට බටහිර රටවල් සහ ඉන්දියාව අවතීර්ණ වුනේ. රාජපක්ෂ බෙදුම්වාදීන් ගේ යටි කූට්ටු වැඩ ගැන අනවබෝධය සහ යුද්ධය අවසන් වීම ලංකාව බෙදීමේ 1922 සිට තිබූ ව්‍යාපෘතියේ එක් කොටසක් පමණක් බව තේරුම් නොගැනීම, නිසා බෙදුම් වාදීන් බටහිර රටවල පැත්තට තල්ලු කලා.

      19 වන ශතවර්ශයේ නෙමෙයි අපි ජීවත් වන්නේ. අපිට ලෝකය පාලනය වන නීති හා චාරිත්‍ර වෙනස් කරන්න බැහැ. අපි අපේ රට රැකගන්නනම් ඒවා තුල පරිස්සමින් ඉදිරියට යායුතුයි. ඒවාට බිරුවාම ලංකාවේ මෝඩයෝ චූන් වුනාට රටට දීර්ඝ කාලීනව හානිකරයි.

      Delete
    2. //ස රස තුමා වීරවංශ වගේම වැරදි කොනෙන් අල්ලගත්ත.//

      ලිපියේ අන්තර්ගතේ නොපිලිගත්තාට ඉහත වැකිය නම් සීයට සීයක් ඇත්ත... :)

      Delete
    3. //sarcasm? :)//

      Having fun bro.... hope U don't mind....

      Delete
    4. ඒ කියන්නෙ බැන්කි මූන් එක්ක ගිවිසුම් අත්සන් නොකර රටේ අභ්යන්තර පරීක්ශයක් තියල අහුවෙන කාටහරි දඩුවම් දුන්නම හරි කියලනේ? එතකොට ගොන් වාහේ දෙමලුන්ට විරැද්ධව සිංහලු අපරාධ කලා කියලා ලංකාන්ඩුව පිලිගත්‍ත වෙනව නේද? දෙමලු ඊට පස්සෙ ඒක දඩමීමා කරගෙන වෙනම රාජයක් ඉල්ලන එකට තුරැම්පුවක් කරගන්න‍ව නේද? උඹලගේ ගොන් මොල වලට මේවා තේරෙන් නැද්ද?

      Delete
    5. යුධ අපරාධ කියන්නේ වෙන දෙයක්. ඔබ පාවිච්චි කරන වචන අනුව ආකල්පය පැහැදිලියි. එවන් කෙනෙකුට යමක් විස්තර කිරීම කාලය නාස්ති කිරීමක්. එහෙත් එක දෙයක් කිව යුතුයි යුධ අපරාධ (war crimes) සහ දමිල ජනයාට විරුද්ධව අපරාධ (Genocide claims) යන දෙකේ වෙනස වටහා ගත යුතුය. දමිල ජනයාට එරෙහිව අපරාධ ගැන එල් ටී ටී යී ක්‍රියාකාරීන් ප්‍රචාර ගෙන ගියත් ඒවාට පිලිගැනීමක් ලැබුණේ නැහැ. අභ්‍යන්තර පරීක්ශණයක් නොතිබීම නිසා තමයි එල් ටී ටී යී ක්‍රියාකාරීන් කියන දේවල් වලට උල්පන්දම් දෙන දරුස්මාන් වාර්ථාව වගේ දේවල් බෙදුම්වාදීන්ගේ අනාගත ප්‍රයෝජනයට ඇතිවෙලා තියෙන්නේ.

      උදාහරණයකට සෙබළුන් කාන්තාවන් දූශණය කලොත් ඒ පිලිබඳ පරීක්ශණ කර දඬුවම් කිරීම සාමන්‍ය දෙයක්. (උදා ක්‍රිශාන්ති කුමාරස්වාමි දූශණය/ඝාතනය ) එවන්නක් රජයක් ඕනෑකමින් පැහැර හැරියොත් එය රජයේ අනුග්‍රහයෙන් කෙරුනු එකක් ලෙස පිලිගැනෙනෙන්න ඉඩ තියෙනවා. එවන් දේවල් බෙදුම්වාදීනට අනාගතයේ ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

      Delete
    6. සෙබලුන් කාන්තාවක් දූශනයක කලා කියන්න හරි සමූල ඝාතනය කලා කියන්න හරි සාක්කි තියෙන්න ඕනි. යු‍ද්දේ අන්තිම කාලේ කවුරැ මොනා කලාද කියල කොහොම හොයන්නද? දෙමළ මිනිස්සු තේරැන් ගන්න ඔ්නි ඒ කාරණාව.

      අනික ආන්ඩුව මොන පරීක්ශනය කලත් ජාතයන්තර දෙමළ ප්රජාව, ලන්කාවේ දෙමළ ප්රජාව ඒක පිලිගනී කියලා අපිට 100% විස්වාස කරන්න පුලුවන්ද? අභයන්තර පරීක්ශනය හරි නෑ කියල වෙනම ජාතයන්තර පරීක්ශනයක් ඉල්ලන්නත් ඉඩ කඩක් තියෙනවා කියල අපි මතක තියා ගන්න ඕනි.

      Delete
    7. ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවටවත් ලංකාවේ දෙමළ ප්‍රාජාවටවත් ඕන දේවල් කරන්න අපිට බැහැ. ඒගොල්ලන්ට ඕන රට කඩා ගන්න. අපි කරන්න ඕන ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන්ම 1948 ඊශ්‍රායලය ඇතිකිරීමේ සිට කොසොවෝ, දකුණු සුඩානය වගේ රටවල් ඇති කරපු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බෙදුම්වාදීන් ගෙන් වෙන්කර අපේ පැත්තට නමා ගන්න ඕන කරන දේ විතරයි. සාක්ෂි නැත්නම් කරන්න දෙයක් නැහැ. ඒ වුනාට ඒ අය එලියට දාපු වීඩියෝ එහෙම ගැන සාක්ශි නැහැ කියන්න බැහැ කියල තේරුම් ගත යුතුයි. ලන්කාවේ චන්ද ගන්න බටහිරට බැනීම, චීනය පෙන්නා ඉන්දියාව ඔරොප්පු කිරීම වගේ ගමේ චන්ඩි වැඩ වලින් වෙන්නේ ඔවුන් බෙදුම්වාදීන් පැත්තට සහයෝගය දැක්වීම. ඒකෙන් වෙන්නේ ටිකෙන් ටික රට කඩන පැත්තට ගොඩ එකතුවීම.

      අනික ලංකාවේ පාරදෘශ්‍ය පරීක්ශනයක් කලාට පස්සේ දෙමල ප්‍රජාවට ජාත්‍යන්තර පරීක්ශණ කරන්න කියල ඉල්ලන්න හැකිවන ජාත්‍යන්තර නීතියක්/හැකියාවක් නැහැ. එබැවින් ඔබ කියන දේට නෛතික පදනමක් නැහැ.

      Delete
    8. ඉතින් දෙමලු මොන වීඩියෝ එළියට දැම්මත් අපි ඒවා පිලිඅරගෙන පරීක්ශන කරන්න ඔිනි? එහෙමද? ඉල්ලන කෑමක් වෙන්නෙ කියලා තේරෙන්නෙ නැද්ද? බටහරි රටවල් තමයි යුද්දෙ කරන්න වත් එපා කියපු අය. උන්ට බනින්නෙ නැතුව වෙන ‍මොනා කරන්නද? අනික චීනේ අපිට ණය දෙන රට ඔිනි වෙලාවක. එහෙම රටක් නික්න ඉන්දියාවට ඕනාවට පැත්තකට කරලා ති‍යන්න පුලුවන්ද? ඉන්දියාවට, බටහිරට ඕනි දේ කරලා අපිට ගොඩයාමක් නෑ. 1986 දීද කොහේද ජේආර් ලොක්කා කියනවා ලන්කාවට ජාතයන්තර මිතුරන් නැත කියල. ඒ බටහිරටයි, ඉන්දියාවටයි නොසෑහෙන්න කඩේ ගිහින් කර ගත්තු දේවල්... අද උනත් ඒ ටිකම තමා වෙන්නේ.

      ලන්කාවේ පරීක්ශනව පාරදුශයයි කියල බටහිර ප‍ිලිනොගත්තොත් මොකද කරන්නෙ? ජාතයන්තර පරීක්ශයනකට යනවාද?

      Delete
    9. යමක් දැන ගැනීමට අවශ්‍ය අයකුට ඉහත විස්තර සෑහෙන බව මගේ මතයයි. ඔබට ස්තූතියි.

      Delete
  11. වීරයෝ උනා හෝ නොවුනා,ජනවාරි අටවෙනිදා විප්ලවයෙන් ලැබූ ජයග්‍රහණය රැක ගන්න බැරි විදියට ආණ්ඩුව කටයුතු කිරීම ඒ විප්ලවයේදී තමන්ගේ ජන්දය වෙනසක් වෙනුවෙන් භාවිතා කරපු ජන්දදායකයින්ට කරන අවමානයක්.අපිට අවශ්‍ය නැහැ පරණ පාරේම මේ ආණ්ඩුවත් යනවා බලන්න.නමුත් අවසනාවට දැන් වෙන්නේත් එක වගේ.

    ReplyDelete
    Replies
    1. යුධ ජයග්‍රහණයෙන් පසු සිදුවූ බොහෝ දේවල් නිවැරදි කිරීම සහ සැමදා බැටකෑ 1978 ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සෑදීමට උත්සාහ කරන තාවකාලිකව පවතින සම්මුති ආණ්ඩුවක ඇති වෙනස සහ ඇතිවන ගැටළු තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

      Delete
  12. ඉයන් අවංකවම මේ කියන්නෙ. වැරදියට තේරුම් ගන්න එපා.දේශපාලන පෝස්ටු මම කියවන්නේ බොහොම අමාරුවෙන්.ඒ මාතෘකා කියවන්න කැමැත්තක් නැහැ ඒ ගැන කියන්න වැඩිය දන්නෙත් නැහැ .කලිනුත් දේශපාලන ගැන ලියපු පෝස්ටුවක් මම දැක්ක කමෙන්ටුවක් නොදැම්මේ මොනවා ලියන්නද කියල තේරෙන්නේ නැති නිසා..නව වසරට සුබ පැතුවේ නෑනේ ..සුබ නව වසරක් .. :)

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි හංසි , ලංකාවේ දේශපාලනය කියන්නේ නරා වලක්. ඒ ගැන කරදර නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ. අකමැත්තෙන් හරි කමෙන්ට් එකක් දාල ගිය එකට බොහොම ස්තූතියි. හන්සියාටත් 2016 තෘප්තිමත් ලෙස ගෙවීයන, විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සාර්ථකව කෙරෙන වසරක් ලැබෙන බව විශ්වාසයි

      Delete
  13. මේ ජයග්‍රහණයත් යුධ ජයග්‍රහණය වගේම තමයි. වීරයෝ ගොඩයි.

    ReplyDelete
  14. ස්තූතියි ඉයන්..හොඳ ලිපියක්....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවී

      Delete
    2. Thanks Ian,
      Oya replies walin saralawa pahadili karala deela thiyanawa mata thibuna prasna kihipayakatath pilithuru.

      Delete
    3. සෙනරත් මහත්මයාට තව යමක් අපැහැදිලිනම් එය ගන විස්තර කල හැකියි. වෙලාවක් ඇතිවිට මගේ 2009 පෝස්ට් ටික කියවන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
  15. දේශපාලනයේ තිරෙන් එහා කතාව.. තව නොකී කතාත් බොහොමයක් ඉයන් ගේ දැනුමේ තියෙනවා කියලා හිතෙනවා.. සමහරවිට.. මෙහෙම කියන්න බැරි ඒවා.. හම්බ උණු වෙලාවකවත් අහගන්නම්. :) අගේ ඇති පොස්ටුවක් ලොක්කා.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමියෝ, ඔබතුමාල රට රැකගන්න කල පරිත්‍යාග ගැන ඔබගේ පෝස්ට් වල කියවලා තිබෙනවා.

      Delete
  16. Replies
    1. බොහොම ස්තූතියි අජිත් :)

      Delete
  17. ඇත්තටම එදා ජනාධිපතිවරණයේදි මෛත්‍රි දිනුවට වඩා මහින්ද පැරදුනා කීවොත් හරි කියලයි මට හිතෙන්නේ.මහින්දගේ පරාජය කරන් බලවේග කිහිපයක් එකතු වුනා.සෝභිත හාමුදුරුවෝ එතන ප්‍රධාන වුනා.එ වටා අනෙත් පිරිසි හිටියා.මේ සියලු දෙනාගේ කැප කිරිම මතයි කිසි සෙත්ම පරාජය කල නොහැකිය කියලා හිතපු මහින්ද පරාජය වුනේ.ඒ පරාජය මෛත්‍රිට ජය අත් කරදුන්නත් ලැබු ජය දිගින් දිගටම පව්ත්වාගෙන නොයන බවක් තමයි පෙන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උඩ කිව්ව අවදානම් ටික ඉවර වුනා. කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක් නොකරපු බලය අඩු කිරීම කලා. ස්වාධීන කොමිසම් පත්කලා. තොරතුරු පණත පරක්කු වීම ගැන නම් සැකයි.

      Delete
  18. මට නම් මේක විප්ලවයක් හැටියට පේන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ බලය අත හැරලා ගියෙනේ. අනික ගිය සැරේ හිටි කුජිත නිලධාරී ටික එහෙමම ඉන්නවා. මහින්ද ගේ කාලේ ගසා කෑව එවුන් රැලක් නවතැහැ එකතු වෙලා ඉන්නවා. ඒ අතරේ හොඳ වැඩ කීපයකුත් වුන. සුදුවන් නැතිවීම. අදහස් පල කිරිමිමේ නිදහස, පළාත් චන්ඩි අඩු වීම (හිරුනික හැර ) ශිෂ්‍යන්ට ගැහුවට ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිසියට වග කියන්නට වීම හා සිසුන්ට වන්දි ගෙවීමට එකඟ වීම, පිටරටවල ආයෝජකයන් පැමිණීම වගේ දේ. හැබැයි මේක හොන්දට පවත්වා ගෙන යන්න අපි ක්‍රියා කරනවා මදි.

    ReplyDelete
    Replies
    1. වෙන කරන්න යමක් නොවුන නිසා ගියා තමයි අජිත්. ඔබත් දන්නවනේ එදා වෙච්ච දේවල්.

      Delete
  19. උඹ මේ නිකමට කියනවා වෙන්න බෑනෙ මේවා.
    නූලෙන් බේරුණු බවනම් දන්නවා හොඳටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුවෝ

      Delete
  20. Replies
    1. //// ඉහත ක්‍රියාදාමයේ ප්‍රධාන සාධකයක් වූ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් වරයාගේ ඇස් ඇරවීම ක්‍රියාත්මක කළ කපිතාන් සේනක පෙරේරා සහ තුසිත හල්ලොලුව දෙදෙනාට යහපාලන ආණ්ඩුව කෘත ගුණ සලකා තිබෙන ආකාරය නම් කියන්න ලැජ්ජා සිතෙන තරම් ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තුසිත හල්ලොලුව දැරූ ටෙලිකොම්හි අධ්‍යක්ෂක ධූරයෙන් ඔහුව එළවා දමා රාජපක්ෂලා සමග අමු අමුවේ මහජන මුදල් මංකොල්ලා කෑ ලාෆ් වෑගපිටිය ඒ වෙනුවට පත් කරන ලදී. කපිතාන් සේනක ද සිල්වාට එළවා දැමීමටවත් තනතුරක් දුන්නේ නැත. අඩුම ගණනේ පසුගියදා දේදුනු විප්ලවයට වසරක් සම්පූර්ණ වූදා පැවැති උත්සව කිසිවකට ඉහත කී දෙදෙනාට ආරාධනා පත්‍රයක් හෝ නොඑවීමට තරම් යහපාලකයන් දුර්ජනයන් වී තිබිණ.////
      :)

      Delete
  21. ඉයන්...............

    මචං මං මෙහෙම දෙයක් කියන්නම්.... අැත්තට ම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවට අවශ්‍ය විදිහට රට පාලනය කිරීමයි. ලංකාව ගත්තා ම ඉතිහාසයේ සිටම තමන්ට අවශ්‍ය විදිහට රට වෙනස් කරගත්තු අවස්ථා බොහොමයක් තියෙනවා... අපි හිතුවාට මිනිස්සු හරි මෝඩයි කියලා ප්‍රායෝගිකව තත්වය වෙනස්.... ඔබ කියනවා වගේ පැවති අාණ්ඩුව වෙනස් නූනානං අපි ජාත්‍යන්තර ව ලොකු ගැටලු ගොඩකට මුහුණ දෙනවා.... ඒ අවස්ථාවේ දී රටේ දේශපාලනය ජනතාව විසින් වෙනස් කරගන්නවා...... යුද්ධය වෙලාවේ අවශ්‍ය විදිහට වෙනස් කරගන්නවා.... මේක ලංකාව කියන්නේ දේශපාලනික අතින් බුද්ධිමත් (සමහර විට නිසි වෙලාවට නැගිටින පිරිසක් විසින් ජනතාව අවදි කරවා හරි මගට ගන්නා) මිනිසුන් ඉන්නා රටක් කීමට හොද සාක්ෂියක්.....

    මොනවා වුණත් උඹේ පැහැදිලි කිරීම අපි නොදන්නා කරුණු රාශියකින් පිරුණු ඒකක්....... සුපිරියි

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක නම් සහතික ඇත්ත. මම දෙවියන් ගැන විශ්වාශයක් නැති කෙනෙක් වුනත් ලංකාව නම් අනූනමයෙන් බේරිච්ච අවස්ථා කීපයක් කියන්න පුළුවන්. ලංකාවට ඒ වගේ වාසනාවකුත් තියෙනවා. මම හිතනවා ඒකට හේතුව සපේක්ශව වැඩි පිරිසක් ගෙවන ධාර්මික ජීවිත.

      Delete
  22. ඉතා වැදගත් ලිපියක්. අන්තර්ගතය සමග බොහෝ දුරට එකඟයි. තුසිත හල්ලොලුව මගහැරුනවත්ද? දැන් දැන් My3 ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බලන විට මහින්දගේ ජනප්‍රියත්වය නැවතත් අළු ගසාදමා නැගිටින බවක් පෙනෙනවා. එහෙම බැලුවොත් පැරදිලත් මෙතරම් ජනප්‍රිය මහින්ද ජනවාරි 8 විප්ලවයේ සැබෑ වීරයාද?

    ReplyDelete
    Replies
    1. උදය පැමිණියාට ස්තූතියි. විප්ලවයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව එක්සත් ජාතික පක්ෂය වෙනම තරඟ නොකොට පොදු අපේක්ශකයෙකු ඉදිරිපත් කිරීමට හැකිවීම. මෙය මුළු ක්‍රියාදාමයේම ඉතාම අපහසුවෙන් සිදුවූ කාර්‍යය හැටියට මා දකිනවා. හේතුව පක්ෂය තුල තිබූ තත්ත්වය තුල රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තිබූ දැඩි ස්ථාවරය. අනික ශ්‍රී ලංකා නිදහස් පක්ශයට සම්භන්ධ අය ( චන්ද්‍රිකා , මහින්ද වැන්නවුන්) තේරීපත්වීමට පෙර එකඟවූ කොන්දේසි දිනූ පසු කඩකිරීමේ ඉතිහාසය නිසා තිබූ අවිස්වාශය. තිබූ වාතාවරණය යටතේ එකිනෙකා මුණ ගැහීමේ තිබූ විශාල අවදානම. මේ සියල්ලට මුහුණ දී ප්‍රතිපලයක් අත්කර ගත් සිද්ධිය තමයි මේ පෝස්ට් එකට පසුබිම. තව විශාල දෙනෙක් කාලයක් තිස්සේ සහ පොදු අපේක්ශකයා ඉදිරිපත් වූ පසුවත් කල සම කළ නොහැකි කාර්‍යයන් කිසිසේත් අවතක්සේරුවක් අදහස් නොකෙරේ.

      Delete
  23. මේ තරම් වීරයෝ නඩත්තු කරන්න වෙන මහජනයා පවු

    සබරේ

    ReplyDelete
    Replies
    1. වියදම ගොඩක් අඩුයි මොකද මම මුලින් සඳහන් කරල තියෙන දෙදෙනෙක් කිසිම තනතුරක් හෝ වාසියක් ලබා නොගත්තු තම තමන්ගේ වත්කම් වලින් හෝ ආදායම් වලින් යැපෙන අය.

      Delete
  24. විග්ග්‍රහය අපුරුයි, නමුත් තවම මේ කුමන්ත්රණය ඉවර නෑ

    ReplyDelete
    Replies
    1. මේ දේ තේරුම් ගැනීම අති වැදගත්

      Delete
  25. මහාවීර සුමනදාස !

    ReplyDelete
    Replies
    1. මහා වීර ප්‍රා ජේ

      Delete
    2. //හිටපු ජනාධිපතිවරයා 2015 මාර්තු මසට පෙර ජනාධිපතිවරණය පැවැත්වූයේ නක්ශත්‍ර හේතුවක් නිසා නොව.//
      මේ ඉයන් කියන්නේ නම් සුමනේ අයියා මහාවීරයෙක් නෙමේ කියලා හිටං..:D

      Delete
    3. මහා වීර සුමනේ ඒ මාස දෙක තුන අතරින් දවසක් තෝරාදෙන්න ඇති. වසර දෙකකට ඉස්සරලා ඡන්දෙ තිබ්බෙ එයා නිසා නෙමෙයි.

      Delete
  26. ඉයන්ගෙ විග්‍රහය එක පැතිකඩක් නිරූපණය කරනවා. ජාත්‍යන්තර දේශපාලනික පැත්ත. ස්තූතියි. මං ගූගල් එකේ ෂෙයා කරනවා.

    ReplyDelete