Friday, October 9, 2015

සිත් ඇදගන්නා ගීතයක්

එෆ් එම් නාලිකා හරහා කෘතිමව ගීත ජනප්‍රිය කරවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන අවධියක හොඳ ගීත වැඩි දෙනෙකුට නොඇසී යන්නට ඉඩ තියෙනවා. අහම්බෙන් අහන්නට ලැබිලා හිත පැහැරගත් නාමල් උඩුගමගේ අඳුරක් අඳුරින් ගීතය සහ කාලෝ ෆොන්සේකා ලියූ කොයිද කියා මන්ඳ කියා ගීත දෙක ගැන කළින් පෝස්ට් දෙකක් දැම්මා. 

මේ පෝස්ට් එකත් අවුරුදු නමයකට විතර පෙර ආපු ගොඩක් දෙනෙක් අහල නැති ගීතයක් ගැනයි . මට මේ ගීතය ලඟදි ඇහිලා එක පාරින්ම හිත ඇදිලා ගියා. මේ ගීතයේ වඩාත්ම සිත්ගන්නේ එහි පද රචනය. මේක ලියල තියෙන්නේ වෛද්‍යවරයෙක් වන රනිල් ජයසේන. ගොඩක් වෛද්‍යවරුන්ට විවිධ කලා හැකියා තියෙන බව මම දන්නා අය අතරින් එන්න පුළුවන් නිගමනයක්. බ්ලොග් කියවන්න පටන් ගත්තම තේරුණා ඉංජිනේරුවරුන්ටත් ඒ වගේම කලා හැකියා තියෙනවා කියල. කොහොම වුනත් මේක ලියල තියෙන්නේ දොස්තර රනිල් ජයසේන. ඔහු ලියපු ගී කිහිපයක් තිබුණත් මගේ හිත ගියේ මේ ගීතයට විතරයි.


මේ ගීත රචකයා යොදා ගන්නා උපමා ඉතාමත් අලංකාරයි. ගඟ රකිනා ඉවුර ගඟේම සැඩ පහර නිසා හානි වීම, කුණාටුවකදි වුනත් රුවල හැසිරීමෙන් යා හැකි වීම, සයුරක               අතරමංවූවන්ට ප්‍රදීපාගරයකින් විහිදුවන කුඩා එළියක්  පාර කීම, හීයක් බාධක හමුවේ ඉලක්කය වෙත යාම වගේ වගේ ඉතාම ලස්සන උපමා භාවිතා කරනවා. පොඩි පරහකට තියෙන්නේ අර ජෝතිපාල මහතාගේ ගී වල වගේ පෙම් මාළිගා තැනීමක් ගැන කියනවා. මම හිතන්නේ මේ පෙම් මාළිගා වෙනුවට වෙනත් පද යොදා ගත්තනම් හොඳයි කියල. 

කළින් කිව්ව වගේ මේ ගීතය ගායනා කරන්නේ රූකාන්ත ගුණතිලක. මේ ගීතයේ තවත් වෙනසක් තමයි රූකාන්ත ගුණතිලක තමන්ගේ සාමාන්‍ය ශෛලියට වඩා වෙනස් ආකාරයේ ගීතයක සංගීතය සැපයීම සහ ගායනා කිරීම. යුග ගායනය වෛද්‍ය රනිල් ජයසේනගෙ බිරිඳ වන මේධානී ජයසේන මහත්මිය.මේ ගීතත් පාරක් දෙපාරක් අහල බලන්න කොච්චර හදවතට සමීප වෙනවද කියල.  


ගීතයේ පදමාලාව

ගඟක් රකිනා ඉවුර බිඳිනට ගග දියම සැඩ පහර වී නම්
පෙමක් පුදනා සිතම පෙම්බර නපුරුවී තව හිත් බිඳී නම්
එවන් ලෝකෙක කෙලෙසදෝ අපි තනන්නේ පෙම් මාලිගා
තනන්නේ පෙම් මාලිගා

හසුරුවන්නට බැරි කුණාටුවෙ රුවල හසුරා යන්න හැකිනම්

අතරමං වූ මහා සයුරේ  පුංචි එලියක් මඟ කියයිනම්
එවන් ලෝකෙක අපට බැරි ඇයි තනන්නට පෙම් මාලිගා. 
තනන්නට පෙම් මාලිගා.

ඉලක්කය වෙත ඇදෙන හීයක් වදින තුරු ඒ දෙසම යානම්

ගලන ගඟුලට වේලි බැන්ඳත් සයුර හමුවන තුරු ගලයිනම්
එවන් ලෝකෙක අපට බැරි ඇයි තනන්නට පෙම් මාලිගා
තනන්නට පෙම් මාලිගා

ගායනය රූකාන්ත ගුණතිලක සහ මේධානී ජයසේන
සංගීතය රූකාන්ත ගුණතිලක
පද රචනය දොස්තර රනිල් ජයසේන


ගීතය රස වින්ඳානම් ඔබගේ අදහසත් ලියලාම යනමෙන් ඉල්ලමි.  



51 comments:

  1. මං සින්දු අහන එකෙක් නම් නෙවෙයි. ඒත් ඔන්න මේක නම් ඇහුවා. වැඩි දෙයක් කියන්න දන්නෙ නෑ. ඒත් රූකාන්තගෙ අනික් සින්දු වලට වැඩිය මේකෙ ගායන ශෛලියෙ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස නිසා සින්දුව තවත් ලස්සන වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැමා ඉක්මනටම ආවට. ඔව් රූකාන්තගේ අනික් සිංදුවලට වඩා වෙනස් ගීතයක් මේක.

      Delete
  2. ඉයන් මමනම් ඔය කැමා වගේ සින්දු අහන්නැති එකෙක්නම් නෙවෙයි. මේකත් ලස්සන සින්දුවක්. නිදහසේ විඳින්න පුලුවන්. නිකං රෑට වගේ හොඳටම දැනේවි.

    හැබැයි මට පොඩී අව්ලක් තියෙනවා. මේ සින්දුව පටන්ගන්න සංගීත කන්ඩය නොගැලපෙනවා වගේ දැනුනා. ඒක අන්තරාවලදි වෙනස් කරලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. මචං ඔය වීඩියෝ හදන උන් ඔයවගේ කෑල්ලක් දානවා. ඒක සිංදුවේ තනුව නෙමෙයි. ස්තූතියි මචං ආවට. දෙපාරක් විතර අහපං.

      Delete
    2. නෑ වීඩියෝ එක පටන්ගන්නකොටම යන කෑල්ල නෙවෙයි. ඒකෙන් පස්සෙ සින්දුව පටන්ගන්න මියුසික් කෑල්ල අහල බලන්න.

      Delete
  3. මේ කසුනයි කමයි මේකෙම පැලපදියම් වෙලාද මන්දා.. යකෝ සින්දුව අහලා එන ටිකට මුන් ඉස්සර වෙලානේ.. හැක හැක..

    හා..හා.. අපිට වෙරි නෑ බොස්.. ළඟටම වෙලා ඇහුවා හොඳට මතකයි.. අලුත් ගීතයක් නිසාද නැත්නම් වටේ පිටේ උන්ගේ කරච්චලේටද මන්දා එදා එච්චර කික් උනේ නෑ.. දැන් අහනකොට හැබෑම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මචං මේක මගේ එකක් නෙවෙයි. අවුරුදු නමයකට විතර ඉස්සර රූකාන්ත කියපු එකක්. උඹ හරි මේකෙ අමුතු ලගන්නා ගතියක් තියෙනවා. තෑන්ක්ස් කමි.

      Delete
    2. හෑ! ඒ කියන්නේ එදා රෑ අපි මේක ඇහුවේ නැද්ද? වෙන්න බෑනේ.. (ඒ කියන්නේ මට වෙරිද?)

      Delete
    3. ක.මි.
      අන්න දැක්කනෙ රවි අයියගෙ බ්ලොගට කලින් ගියාට මේකට එන්න බැරි උනානෙ. හූ හූ හූ.

      Delete
    4. කමියා ඉතින් හැඩ වෙලා එද්දි වෙලාව හරි... කමියා එක්ක මං තරහයි. ඒ පැත්තෙ එන්නෙ නෑ ඔලෑ...

      Delete
    5. නෑ..අපි මේ සිංදුව ඇහැව්වේ නෑ. එදා අපි අහපු සිංදු ටික මට හොදට මතකයි..ඇයි කමියෝ තෝ පුටුවේ ඉදගෙන හිටියා මම බිම ඉදගෙන උඔගේ කකුලට හේත්තුවක් දාගෙන හිටියා..
      අපි අන්තිමට ඇහැව්වේ ඉයන්ගේම අත්දැකිමක් කියපු සිංදුව..මම හරිද ඉයන්?

      Delete
    6. උඹ හරි මෙන්ඩා. ඒ කියන්නෙ උඹට කමියට තරම් වෙරි වෙලා ඉඳල නැහැ

      Delete
  4. රූකාන්තගේ ස්ටයිල් එක වොයිස් එක තවම කාටවත් අනුකරණය කරන්න බැරි උනා මගේ හිතේ.අමුත්ම විදියේ ආකර්ශණීය හැකියාවක් තියෙන ගායකයෙක් විදියට තමයි බොහෝ දෙනෙක් රූකාන්ත ගැන කියන්නේ.අරූකාන්ත කියන්නේ මමත් කැමති ගායකයෙක්.මේ සිංදුව ඩවුන්ලොඩ් කරගෙන අහලම බලන්නම් මචෝ.

    අහලා ඇතිනේද උපාලි රන්තිලකගේ "දුරකදු යාය මටයි නිල්ල නෙලන්නේ ඔබටයි කියන සිංදුව," වෙනස්ම පදගැලපුමක් තියෙන සිංදුවක් ඒකත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ. මම ඒ සින්දුව අහල බලන්නම්.

      Delete
  5. මේ ගීතය ඒ කාලේ ජනප්‍රිය වීගෙන ආවා. නමුත් රූකාන්තගේ වේග රිද්ම ගීත විතරයි FM නාලිකා වලින් ප්‍රචාරක කළේ.

    ReplyDelete
    Replies
    1. ඔව් විචා රූකාන්තගේ සමහර සිංදු ලස්සන වුනාට අන්තිමට කියපු දේකුත් නැඇ නොකියපු දේකුත් නෑ වගේ. මේකෙ තියෙනව අපි සිංදුවකින් බලාපොරොත්තුවන අර්ථ රසය, අනික් රස වගේම. ස්තූතියි පැමිණීමට

      Delete
  6. සිංදුව කවදාවත් අහල නැතිනිසා මොකුත් කියන්න් විදියකුත් නෑ...වීඩියෝ බලන්න ඩේටාත් නෑ..(බනින්න එපා දෙයියනේ..නයිට් පැකේජ් එකෙන් බලන්නම්)

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව පස්සෙ බලපන්. අල්ලල යයි සිංදුව. ස්තූතියි මචං ආවට.

      Delete
    2. ඇහුවා+බැලුවා..මොන අවුලකටද මංදා ලේඩි වොයිස් එක මට සෙට් උනේ නෑ..

      Delete
  7. මට නම් මේ ගීතය බොක්කටම වැදුනා...

    ඔහේගේ ටේස්ට් එකට මාතලන් මාර මනාපයි... මම හිතන්නේ ඔහේගේ ටැලන්ට් එක තියෙන්නෙත් එතන.. අර රනිල් කියන ඔහේ ලියපු ගීයත් දාන්න... ඒක වල්ලා පට්ට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්. ඔබ වැන්නකුගෙන් ලැබෙන අගය කිරීම ඉතාම වටිනවා. මම ලියපු රනිල් කියන සින්දුව මීට කලින් දාලා තියෙනවා. මෙතන. පසුව රිපීට් පෝස්ට් එකක් දමන්නම්

      Delete
    2. ඇත්තටම මචං මම ඒ වෙලාවේ විශ්වාස කරේ නෑ උඔ ලියපු සිංදුවක් රනිල් කියනවා කිව්වට..මම ඒ වෙලාවේ නැගිටලා උඔට ඩබල් සැලියුට් එකක් ගහන්න ඔනේ වුනා ඒ වුනාට බෑ..බල්ලට මචං කියන්න වැදිලා හිටිය නිසා.

      Delete
  8. මේ ගීතය මමත් මුලින්ම ඇහුවේ එදා , එදාම මේ ගීතය ගැන සිත බැඳුනා ... කෙල්ලෙක් හොයාගෙන කියන්න වටිනා සිංදුවක් ;)

    රූකාන්තගේ ගායන විලාසයට පොදුවේ අකමැති වුනත් ,සමහර ගීත තියෙනවා ඔහුගේ හදවතේ හැම කොනක්ම ස්පර්ශ කරන , මේකත් ඒ වගේ ගීයක්, ඔබගේ මේ ගීත රසිකත්වයට මමත් කැමතියි. මකාද මමත් වැඩිය කලබල නැති සංගීතය සහ ගීතයට කැමති කෙනෙක් නිසා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්. රූකාන්තගේ ගීත කිහිපයක් හැරුණු කොට අනික් ඒවායේ තියෙන්නේ මියුසික් හරඹ. මේ වගේ සින්දුවක් මම හිතන්නෙ එයා කියලම නෑ. බොහොම ස්තූතියි. ඔබ ගීතය රස විඳීම ගැනත් සතුටුයි.

      Delete
    2. මේ ඉන්නේ බ්ලොග් අවකාශයේ ඉංජො අතර ටැලන්ටඩ්ම එකා.. කරුමෙට මගේ සංසාරගත හතුරා !! ඕ යේස්

      Delete
    3. ඉවාන්: කෙල්ල හම්බුණ ගමන් සුටුස් ගාල ෆෝන් එකෙන් ප්ලේ කරන්න හරිද? බැරිවෙලාවත් කියන්න නම් හිතන්නවත් එපා. හාවා අර අහස කඩන් වැටෙනවා කියල බය උනා වගේ වෙයි.

      Delete
    4. මේ වලිය ඉතිහාසගත වලියක් සෙරිවානිඡ කච්චපුට කාලේ වලියක්

      Delete
    5. හි හි හි හි
      වලි ? මේ.. අපි හොර බොරු නෑ හරිද? වංචාව විතරයි..

      Delete
    6. පත්තරේ - මොනවා කිව්වත් උඹව නම් මරණ එක මරනවමයි.

      අඩෝ උපයා - උඹවත් ගහන්නේ උස්සල පොළොවේ .. ටින් කබලා

      Delete
  9. අදමයි ඇහුවේ......... ලස්සනයි...........

    ReplyDelete
    Replies
    1. ඔබ රස විඳීම ගැන ඉතා සතුටුයි

      Delete
  10. මමත් ඉතිං සිංදු අහන එකෙක් නම් නෙමෙයි.. හැබැයි ඒ වුනාට හොදට රසවිදින්න පුලුවන්.
    මෙහම උදව්වක් කරන්න පුලුවන්ද? මේ සිංදුව ඇහැව්වට පස්සේ පොඩි විස්තරයක් කියලා දෙන්න..ඊට පස්සෙ මට ආයමත් පාරක් අහන්න දෙන්න එතකොට ආය ඡිවිතයටම අමතක වෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. උඹ කාලා රිටක් වෙලා සිංදු අහන්නෙ නැහැ කියන එක පුදුමයි. මගේ සිංදු ගැන නම් පසුබිම් කථා කියන්න පුළුවන්. අනික් උන්ගේ කථා ඉතින් උන්ගෙන්ම තමයි අහන්න ඕනා :)

      Delete
  11. තමන් රසවින්ද පොතක්, සින්දුවක්, චිත්‍රපටියක්, නාට්‍යයක් ගැන තවත් ඒ වගේම කෙනෙක් එක්ක කතාබහ කරන එක ලෝකෙ තියෙන වින්දනාත්මකම දෙයක්.

    ReplyDelete
    Replies
    1. වචන දෙකක් නැහැ එකඟයි ඩූඩ්.

      Delete
  12. සින්දුව ලස්සනයි .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහිංසා. යාලුවෝ අතරත් බෙදාගන්න. රස දෙයක් බෙදාගෙන කන්න ඕනනේ

      Delete
  13. මට දැන් මතක නැහැ මොකද්ද චැනල් එක කියලා. නමුත් මේ සින්දුව මම ඒකෙ දවසකට කිහිප පාරක් අහලා තියෙනවා. පදරචනය හොඳම හොඳයි, මට නම් පොඩ්ඩක් මියුසික් අවුල්. දන්නේ නැහැ ඇයි කියලා.( මම මියුසික් දන්නේ නැත!) නැත්තම් මේ සින්දුව මීට වඩා හොඳට තව අයගේ හිතට යනවා.

    මේක අහපු මුල් දවසෙම මට පදරචනය මතක හිටියා. මේ වගේම තව සින්දු තියෙනවා අහපු පලවෙනි දවසෙම මුළු ඔක්කොම සින්දුවම කටපාඩම් වෙච්ච.
    සුනිල් එදිරිසිංහ - මල් පිපිලා එදා වගේමයි / නොම වේ පැරණි
    මාලනී බුලත්සිංහල - යාය පුරා සුදු මල් පිපිලා
    කසුන් කල්හාර - සඳ සඳ වගේ / ඔබ සිත මා සිත වෙන්කළ

    ReplyDelete
    Replies
    1. හේ උපේක්ශා බොහොම ස්තූතියි ගොඩ බැසීම ගැන. උඹ සඳහන් කරපු සින්දු ටික අහල ආයිමට් කමෙන්ට් කරන්නම්. මමත් සංගීතය දන්නෙ නැහැ. ටෝන් ඩෙෆ්. ඒ වුනාට රස විඳින්න පුලුවන්

      Delete
    2. ඔය සංගීතය නේද?
      මෙහෙමයි, මම මේ ළඟක් වෙනකල් හිතාන උන්නේ මමත් හෙනම සංගීත ප්‍රස්ථාරේ කියල තමයි. ඒත් එක්තරා දුක්බර වැහිබර දිනයකදී මගේ සින්දුවක් අහගෙන හිටපු උන් ටිකක් මගේ ඇසේ කඩතුරාව ඇරියා. ( නෑ නෑ ඇසේ සුද නෙවෙයි, හතලිස් අඳිරියත් නෙවෙයි) අනුන්ගේ සින්දු වලට පොර වගේ කොමෙන්ටු දාන්න යනවා මිසක් ඊට පස්සේ නම් පුතෝ කට අරින්නේ හරි පරිස්සමෙන්.
      මම ආස සින්දු බයිලා, ක්ලැසික් ජාති දෙකෙන්ම තියනවා. මියුසික් වලට මගේ ලොකු ආකර්ෂණයක් තියෙනවා. ඝෝෂාවට අකමැති නිසා වෙන්න ඇති ගොඩක්ම ක්ලැසික් වලට කැමති. රුකාන්තගේ මම කැමති අමුතු වොයිස් එකට. හෙම්බිරිස්සාව හැදිලා වගේ ඇහෙන චන්ද්‍රලේඛාගේ කටහඬටත් ආස ඒක වෙන්න ඇති. මේ සිංදුවේ ජිවය රුකාන්තගේ කටහඬේ වෙන්න ඇති. ඒ නිසා ගැහැණු හඬ 100% ක් මට හරි ගියේ නැති උනත් සිංදුව ලස්සනයි.

      Delete
    3. WOW උපේක්ශගෙන් කමෙට්ස් දෙකක් මගේ පෝස්ට් එකකට. කවදාවත් වෙලා නැහැ. ඔහොම අතාරින්න එපා, හැකියාවක් තියෙනවා නම් පොඩ්ඩක් ඉගෙන ගත්තම හරි. ඕනනම් එහෙම ගයිඩ් කරන්න පුළුවන් විශාරද කෙනෙක්ව සෙට් කරල දෙන්නම්. විහිළුවට නෙමෙයි.

      Delete
  14. ඉයන් කියන දොස්තර මහතා මෙයා වෙන්න ඕනා ...

    http://www.sarasaviya.lk/2011/08/11/_art.asp?fn=sa1108114&pn=04

    ReplyDelete
    Replies
    1. මචං සින්දු බොහොම ස්තූතියි. එයා තමයි. මම කැමති එයාගෙ රචනවලින් මේ සින්දුවට විතරයි.

      Delete
  15. මාත් පුරුද්දක් විදිහට සින්දු අහන එකෙක් නෙවේ. ඔහේ ඉන්න ගමන් ඇහෙනවා නම් ඒ ඇති. හැබයි පද මාලාව එක්ක කියවලා බලද්දී වෙනසක් තියනවා. ඒක නෙවේ රූකාන්තගේ පුරුදු විදිහට වඩා මේක වෙනස් කියලා මට තේරෙන්නේ නැත්තේ මම රුකාන්තගේ සින්දු උනත් වැඩිය අවධානයෙන් අහලා නැති හින්දා ද

    ReplyDelete
    Replies
    1. සමහර සිංදු වදින්නේ සංගීතය නිසා අර ගැන්ග්නම් ස්ටයිල් වගේ ඒවා, කැන්ඩි ලමිස්සි සිංදුව වදින්නේ සංගීතය නිසා. ඊට පස්සී පදමාලාවට බැඳෙනවා හින්දි සිංදු නොතේරුණත් භාශාව සංගීතාත්මක නිසා වදිනවා. භාශාව තේරෙන නිසා අපිට අර්ථ රසය විඳින්න පුළුවන් නිසා මේ සින්දු අර්ථය නිසා වදිනවා

      Delete
  16. මම ‍ෙමෙේ සින්දුවට ආස‍ො නැ

    ReplyDelete
    Replies
    1. එහෙම කට්ටියත් ඉන්න එපැයි. ස්තූතියි අටම් මේ පැත්තට ආවට

      Delete
  17. ඔබේ අගනා විවරණය රූකාන්ත නම් සංගිතඥයාගේ මියුුරු ස්වර රටා හා හඩ මේ උදැසන මාව අමුතුම ලෝකයකට රැගෙන ගියා. ඒ එක්කම එදා සැදැවත් යළි සිහිවුණා. ස්තුතිය ඉතින් අපේ අරයට.... නිමැවුම් කරු ට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන් මම දැනගෙන සිටියා උඹ මේකට කැමතිවෙන බව.

      Delete
  18. /* ගොඩක් වෛද්‍යවරුන්ට විවිධ කලා හැකියා තියෙන බව මම දන්නා අය අතරින් එන්න පුළුවන් නිගමනයක්. බ්ලොග් කියවන්න පටන් ගත්තම තේරුණා ඉංජිනේරුවරුන්ටත් ඒ වගේම කලා හැකියා තියෙනවා කියල. */

    තරමක් නිවැරදි නිරීක්ෂණයක් වුණත් වැරදි ඉදිරිපත් කිරීමක්.

    කලා කුසලතා සහ රැකියා අතර සහසම්බන්ධතාවක් තිබිය යුතුම නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේද? කලා හැකියාවන් පිහිටීම ඉන්න වෘත්තියට සම්භන්ධ නැහැ තමයි.

      Delete