Thursday, October 22, 2015

වාහන පාවිච්චියේදී වැදගත් කරුණු - A re post

පෝස්ට් පහක්ම ඔක්තෝබර් මාසේ දාපු නිසා අළුත් එකක් නොදා කලින් වැඩිය කියවීමක් නොවිච්ච එකක් රී පෝස්ට් කරන්න අවසර. මේක කරන්නේ ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතන නිසා. 






වාහන පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනවත් වන කරුණු කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ ප්‍රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.



සුළුවෙන් හෝ අඳුරු අවස්ථාවලදී ප්‍රධාන විදුලි පහන් දැල්වීම


ගොඩක් වාහන පාවිච්චි කරන අය අඳුරු වැටිලත් ටික වෙලාවක් යනකම් වාහන වල ප්‍රධාන විදුලි පහන් දල්වන්නේ නැහැ. සමහර විට ඒගොල්ලෝ හිතනව ඇති තමන්ට ඉතා හොඳින් ඇස් පෙනෙනවා කියන එක ප්‍රදර්ශණය කරන්න ඒක හොඳ අවස්ථාවක් කියලා. ගොඩක් රටවල් ඉර උදාවෙන් පැය භාගයක් යනතුරුත් ඉර බැසයාමට පැය භාගයකට පෙර සිටත් වාහන වල ප්‍රධාන විදුලි පහන් දැල්වීම අනිවාර්‍යයයි. ඒකට හේතුව අනික් වාහන වලට තමන්ගේ වාහනය පෙනීම මිසක් තමන්ට අනික් වාහන පෙනීම නොවන නිසයි. ගොම්මන් වෙලාවට පිටුපසින් එන විශේශයෙන් අඳුරු පාට වාහන ඉදිරියෙන් යන වාහනයට පෙනෙන්නේ නැහැ. ඔබ ප්‍රධාන විදුලි ලාම්පු දල්වා තිබුනොත් පසු පස බලන කන්නාඩිය හරහා ඔබගේ වාහනය ඉදිරියෙන් යන වාහනයේ රියැදුරාට පේනවා. මෝට බයිසිකල් වලට දවස පුරා ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන ධාවනය කරන්න කියල මෑතකදී පොලිසියෙන් ඉල්ලීමක් කළා. ටික දවසක් යනකොට ඒක නැවතුනා. මෙතනදි වෙන්නෙත් මෝට බයිසිකල් සමහර විට අනික් රියැදුරන්ට නොපෙනීම වළක්වාගැනීම. කරුණාකර මේක ඔබගේ දන්නා අදුණන වාහන පාවිච්චි කරණ අයත් එක්කත් බෙදා ගන්න. මෙය කළොත් ආලෝකය අඩු අවස්ථාවල සිදුවන අනතුරු ගොඩක් වලක්වාගන්න පුලුවන් වෙයි.


හැසඩ් ලයිට් භාවිතය


ඔබගේ වාහනේ වමට හැරවීම සලකුණු කිරීමට සහ දකුණට හැරවීම සලකුණු කිරීමට සිග්නල් ලයිට් (direction indicators) ඇත. ඊට අමතරව දෙපැත්තේම සිග්නල් ලයිට් එකවර පත්තු වීමට හැසඩ් ලයිඩ් එකක් තිබීමට පුළුවන. සමහර රියැදුරන් හතරමන් හන්දියකදී වමට හෝ දකුණට නොහරවා කෙළින් යන බව සඥා කිරීමට මෙම දෙපැත්තේම ලයිට් පත්තුවන හැසඩ් ලයිට් පාවිච්චි කරයි. එවැනි කිසිම පැත්තකට නොහරවා කෙළින් යන්නේ නම් කිසිම සඥා කිරීමක් භාවිතා නොකිරීම නිවැරදි ක්‍රමයයි . හැසඩ් ලයිට් වාහනයට සවිකර ඇත්තේ ඔබ වාහනය අනතුරකට පත්වී නතර වූ විට හෝ ඔබ හදිසි ලෙඩකු රැගෙන යන අවස්ථාවක් වැනි හදිසි ගමණක යෙදෙන බව අනිකුත් වාහන පාවිච්චි කරණ අයට දැන්වීමටයි.


අධිවේගී මාර්ග වලදී ධාවනය සහ ඉස්සර කිරීම


අධිවේගී මාර්ග ලංකාවට හඳුන්වාදී කාලයක් ගත උනත් ඒවා පාවිච්චි කරණ අන්දම ගැන රියැදුරන් දැනුවත් කිරීමක් එම මාර්ග භාර අධිකාරිය විසින් හෝ පොලිසිය විසින් තවමත් කරළ නැහැ.  විදේශ රටවල අධිවේගී මාර්ග පාවිච්චි කරල තියෙන අය මේ පිලිබඳව දැනුවත් උනත් මේ මාර්ගයක යන හැම වතාවකදිම වමේ මාර්ගය නිදහස්ව තිබුණත් දකුණු මාර්ගයේ ගමන් කිරීම, වෙට්ටු දමන ආකාරයෙන් ඉස්සර කිරීම සහ තරඟකාරී ලෙස පැදවීම දකින්නට ලැබෙනවා. ඔබ ඒ ගැන දැනුවත් නැත්නම් පහත කරුණු මතක තබාගන්න.


1. ඔබගේ වාහනය ඉතා හොඳ කාර්මික තත්වයේ නැත්නම් අධිවේගී මාර්ගයකට ඇතුළු කරන්නට එපා. එසේ කිරීමෙන් ඔබ කරන්නේ ඔබගේ ජීවිතය , ඔබගේ වාහනය සහ මාර්ගය පාවිච්චි කරන තවත් ජීවිත කිහිපයක් අවධානමකට ලක් කිරීමකි. තවද අධිවේගී මාර්ගයේ වේග සීමාව පැය කිලෝ මීටර සියය නම් ඔබගේ වාහනයට හෝ ඔබට එතරම් වේගයකින් ධාවනය කිරීමට නොහැකිනම් අධිවේගී මාර්ගය පාවිච්චි කිරීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබකරන්නේ පෙරමෙන් අනතුරකට අත වැනීමකි. 


2. සාමාන්‍ය මාර්ග වලදී ඉදිරි පස පමණක් සීට් බෙල්ට් පැලඳීම අනිවාර්‍යය වුනත් අධිවේග මාර්ගයකදී සියලුම මඟීන් සීට් බෙල්ට් පැලඳීම අනිවාර්‍යයෙන්ම කරන්න. තවද වාහනයේ ගෙන යා හැකි අනුමත ගණනට වඩා ගෙනියන්න එපා. අවුරුදු පහකට අඩු දරුවෙක් යනවානම් ඔහුට හෝ ඇයට බූස්ටර් සීට් එකක් අනිවාර්‍යයෙන්ම පාවිච්චි කරන්න. කිසිම විටක කුඩා දරුවෙකු ඉදිරියේ හෝ පසුපස හෝ උකුල උඩ හෝ ගෙනියන්න එපා.


3. අධිවේගී මාර්ග යනු ඔබගේ රේස් කාර් පැදවීමේ හැකියාවන් උරගා බලන ස්ථානයක් නොවේ. ඒ සඳහා රේස් ට්‍රැක් එකක් සොයා ගත යුතුය. ඔබ ආර්ත්මාර්ථකාමී ලෙස අධිවේගී මාර්ගයක් පාවිච්චි කිරීම කිහිප දෙනෙකුගේම ජීවිත නැතිකිරීමට ගන්නා උත්සාහයක් වැනිය. එය හේතුව අධික වේගයන්වලදී වාහනය හැසිරෙන ආකාරය වෙනස්වීමත්, වැඩිපුරම සාමාන්‍ය මාර්ග පාවිච්චි කරන මිනිසකුගේ ප්‍රතික්‍රියා කාලය අධි වේගයකදී ප්‍රතික්‍රියා දැක්වීමට මදි වීමත්, මනසක් නැති යකඩ ගොඩක් වන වාහන වල ක්‍රියා විරහිතවීමක් හෝ අනිසි ක්‍රියාත්මක වීමක් හදිසියේ සිදුවීමට ඇති අවකාශයත් යන හේතුය.


4. ඔබ ඉදිරියෙන් යන වාහනය අධිවේගී මාර්ගයට අදාල වේග සීමාවේ ගමන් කරන්නේ නම් එය ඉස්සර කිරීමට යන්න එපා. ඔබ එම වාහනයට වඩා වේගයෙන් යාමට අදහස් කරන්නේ නම් ඔබ මාර්ගයට අදාල වේග සීමාව උල්ලංඝනය කල යුතු වීම එයට හේතුවයි. ඔබ වාහනයේ කෘස් කන්ට්‍රෝල් ඇත්නම් එය අධිවේගී මාර්ග භාවිතය එය ඉතා පිටුවහලක් වෙයිවහින අවස්ථාවලදී සහ මාර්ගය තෙමී ඇති අවස්ථාවලදී කිසිම විටක කෘස් කන්ට්‍රෝල් පාවිච්චි කරන්න එපා. කිසිවිටකත් මාර්ගයේ දක්වා ඇතිවේග සීමාවට වඩා පැය කිලෝ මීටර 5 කට වඩා වේගයෙන් යන්න එපා.


5. ඔබ ඉදිරියෙන් යන වාහනයක් ඉස්සර කිරීමට බලාපොරොත්තු නොවන්නේ නම් ගමන් කළ යුත්තේ වම් පස තිබෙන මාර්ගයේ පමණකි. එවිට ඔබට පිටුපසින් එන වාහනයකට ඔබව ඉස්සර කර යායුතුනම් ඔවුනට දකුණු පස මාර්ගය භාවිතා කළ හැක.


6. රාත්‍රියේදී ඔබගේ ප්‍රධාන විදුලි පහන් හයි බීම් දමා ඇත්නම් වෙනත් වාහනයක් ඔබ පසුකරණ අවස්ථාවේදීම ඒවා අඩු කරන්න. ඔබ එසේ නොකළොත් ඔහුගේ පසුකණ්නාඩියෙන් පෙනෙන ඔබගේ විදුලි පහන් වල එලිය නිසා ඔහුට ඉදිරිය නොපෙනී ගිය හොත් එම වාහනය සමඟ ඔබගේ වාහනයත් අනතුරකට භාජනය වීමට ඉඩ ඇත.


7. ඔබ ඉදිරියෙන් යන වාහනය සහ ඔබ අතර තත්පර දෙකක දුරක් සැමවිටම තබාගන්න. මෙය අවශ්‍ය වන්නේ ඉදිරියෙන් යන වාහන හදිසියේ වේගය අඩුකළොත් ඔබට ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ඇතිතරම් වෙලාවක් ලබා ගැනීමටයි. මෙම තත්පර දෙක මණින ක්‍රමය නම් ඔබ ඉදිරියෙන් යන වාහනය මාර්ගයේ ඇති නිශ්චල කණුවක් පසුකර පසුව ඔබ එම කණුව පසුකිරීමට යන කාලය අතර ඔබට -වන් තවුසන්ඩ් ඇන්ඩ් වන් , වන් තවුසන්ඩ් ටූ -කීමට කාලය ඇත්නම් යැයි පිලිගැනේ. එසේත් නැත්නම් -වන් මිසිසිපි ,  ටූ මිසිසිපි- යන්න සිතින් කියා බලන්න. එය කියා අවසන් වීමට පෙර ඔබ එම නිශ්චල කණුව පසුකළොත් ඔබ වාහනය සහ එම වාහනයට ඇති පරතරය මදිය.


8. ඔබ ඉදිරියෙන් යන වාහනය ඉස්සර කිරීමට අදහස් කරන්නේ නම් දකුණට සිග්නල් දමා තත්පර තුනක් යනතෙක් වම් මං තීරුවේම ගමන් කරන්න. එවිට ඔබේ පසුපසින් එන වාහනයට ඔබ ඉස්සර කරන්නට යනවා යන අදහස සංනිවේදනය වීමට කාළයක් ලැබේ. තත්පර තුන මැනීමට කළින් මෙන් -වන් මිසිසිපි , ටූ මිසිසිපි , ත්‍රී මිසිස්පි  යැයි ගනන් කල හැක. ටික දිනක් යනවිට මෙම කාල මැනීම එසේ නොකියාම ඔබට දැනීමට පුහුණු වේවි. අදාල කාළයේදී ඔබට පිටුපසින් දකුණු මාර්ගයේ වාහනයක් ඔබව ඉස්සර කිරීමට පැමිණෙනවාදැයි දැක ගැනීමට කාලය ඇතිවේ. එසේ වාහනයක් පැමිණෙනවානම් කිසි දිනෙක එම වාහනයට කළින් ඔබගේ ඉස්සර කිරීම කරන්නට උත්සාහ කරන්නට එපා. එසේ කිරීමට යාම විශාල රිය අනතුරකට අතවැනීමකි. ඔබගේ දකුණු මාර්ගයේ වාහන නොමැතිනම් තත්පර තුනක් සිග්නල් කළ පසු ඔබගේ වාහනය දකුණු මාර්ගයට ගෙන ඉස්සර කරන්න. එසේ කරන අතර ඔබගේ දකුණට සිග්නල් දීම නවත්වන්න. මෙතැන් සිට ඔබ ඉස්සර කල වාහනයේ ඉදිරිපස, රාත්‍රී කාළයේදී නම් ඉදිරිපස ප්‍රධාන විදුලි ලාම්පු දෙකම ඔබහේ පසුපස බලන කන්නාඩියෙන් පෙනෙනතෙක් ඔබ දැන් සිටින දකුණු මාර්ගයේම ඉදිරියට යන්න. ඔබ පසුකළ වාහනයේ ඉදිරිපස පෙනුනු පසු වමට සිග්නල් කරන්න. එසේ සිග්නල් කර තත්පර තුනක් ගත උන පසුව පමණක් ඔබගේ වාහනය වම් මාර්ගයට ගන්න.


9. ඔබගේ වාහනය යම්කිසි කාර්මික දෝශයකට පත්වී නැවතුනහොත් එය හැකිතරම් වමට ගෙන පාරේ වැඩිපුර ඉඩ ඇත්නම් එසී අයින් කර වාහනයේම සිටින්න. ඔබගේ වාහනයේ හැසඩ් ලයිට් දල්වන්න.කිසිම විටක වාහනයෙන් බසින්න එපා. ඔබට පාලක මධ්‍යස්ථානය ඇමතීමට අවශ්‍ය නම් පමණක් සහ එයට පාරේ සවිකල ඇති දුරකථනයක් පාවිච්චි කිරීමට අවශ්‍යනම් ඉකමනින් එය කර නැවත වාහනය තුලටම වී සිටින්න. හුලං ගිය රෝද මාරු කිරීමට යන්න එපා. ආපදා රථ පැමේණෙන තෙක් සිටින්න. මාර්ගයේ ගමන් ගන්නා අනිකුත් වාහන නැවැත්වීමට උත්සාහ නොකරන්න.


10. ඔබ මාර්ග වියරුව (Road rage) ඇතිවන කෙනෙක් නම් අධිවේග මාර්ග පාවිච්චි කරන්න එපා. එසේ නැත්නම් ඔබට තරහ යන යමක් යම් රියැදුරෙක් කළොත් ඊට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න යන්න එපා. වියරුවට පත් රියැදුරන් එක් අයකුට හෝ දෙදෙනෙකුට ජීවිත ගණනක් වැනසීමට යන්නේ තත්පර කීපයක් පමණයි. කෙසේ හෝ ඉවසීම ජීවිත බේරා ගැනීමට ඉතා අවශ්‍යයි. 


ඔබ මෙම උපදෙස් අනුගමනය කරන්නේ නම් ආරක්ෂාකාරී ලෙස වේගයෙන් ඔබගේ ගමනාන්තය කරා පැමිණීමට හැකිවනු ඇත.

80 comments:

  1. ...//වාහන පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනවත් වන කරුණු කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි///...

    ඉදිරියේදි එකක් ගත්ත දවසකට හරි ප්‍රයෝජන් වෙයිනේ මචං..මම සල්ලි ටිකක් එකතු කරගෙන ඉන්නේ.පොඩි වාහනයක් බැලුවා ලක්ෂ 13 යි කිව්වා.තව දොලොස් ලක්ෂ අනු නවදහක් වගේ තමයි මදි පාඩුවකට තියෙන්නේ...ලිපියනම් කියවලා බැලුවා...

    ReplyDelete
    Replies
    1. ...//ඔබ ඉදිරියෙන් යන වාහනය සහ ඔබ අතර තත්පර දෙකක දුරක් සැමවිටම තබාගන්න.//...

      මේ ලගදි මම ගිය බස් එකක් ලොකු අනතුරකින් බේරුනා මේ වගේ පරතරයක් තියාගෙන වහනය අරගෙන ගිය නිසා.ඒ රියදුරා බොහෝම සැලකිල්ලෙන් බස්එක අරගෙන ගියේ.බස් එකේ සීයයකට ආසන්න පිරිසක් හිටියා.ඔහු සැලකිලිමත් නොවුනනම් එදා වෙන වාහනයක් අපි ගිය බස් එකේ ගැටිලා බස් එක අඩි දෙසීයක් විතර ලොකු ප්‍රපාතයකට පෙරලෙනවා...

      Delete
    2. කියන්න බැහැනෙ යාළුවෙකුගෙ හරි කාර් එකක් එලවන්න වුනොත් ප්‍රයෝඉජනවත් වෙයිනෙ. අනික තව ටිකයිනෙ මදි නේද?

      Delete
    3. මෙන්ඩා කතාකරලා කිව්ව මිනිහා එලවන්නේ රෝද තියෙන වාහන නොව කකුල් දෙකේ වාහන නිසා මේක අදාල වෙන්නේ නැහැ කියලා.

      Delete
    4. මෙන්ඩට කිවුවෙ නැද්ද හතර ගාතෙන් යද්දි "කෘස් කන්ට්‍රෝල් පාවිච්චි කරන්න එපා" කියල. අනික ඌ ඇදයට පාක් කරද්දි මූණ බිත්තිය පැත්තට හිටින්ඩ පාක් කරන්ඩ කියල.

      Delete
    5. වාහන නැතත් පාරේ යන අපිටත් මේක වැදගත්..වාහන හරියට පාරේ යනවද කියලා බලාගන්නත් පුලුවන්නේ බං...

      මචං කම්මලේ...
      අන්න ඒ උපදෙස් හැමෝටම එකසේ ප්‍රයෝජනවත්
      මෙන්ඩා ටිකක් වැඩිවුනාම සදු එක්ක කතා කරන්නෙත් Ian අර පෙනනලා තියෙන තත්පර දෙකක වචන පරතරයක් තියාගෙන..

      Delete
    6. මෙන්ඩා නං හයිවේ එකක ගියත් ෆෝ වීල් දාගෙන තමා යනවා ඇත්තේ. අපිටනං ෆෝවීල් දාන්න දෙන්නෙම නෑ රියදුරා බර වැඩියි කියලා. වලේ මෝටර් සයිකල් තමා පදිනවා.

      Delete
    7. මෙන්ඩා දෙකක් දාගත්තම ඇවිදගෙන යන්නේ ෆෝ වීල් දාගෙන තමයි

      Delete
    8. ආ..මල්ලිලා...
      මගේ ලැම්බෝගිනිය තවම ආවේ නෑ..ආවාම බලාගමු

      Delete
    9. උඹට ලැම්බෝගිනි
      අපිට බඩගිනි

      Delete
    10. ඇයි අපිට? අපිටත් බඩගිනියි... තියෙන දෙයක් ගනිං ඉක්මණට දෙසාබාන්ඩ...

      Delete
    11. පත්තර මල්ලි හොදයි වගේ ඩ්‍රෑකියටයි මනෝටයි වඩා

      Delete
  2. වටිනා ලිපියක්. මටනං මේක හරිම වටිනව. මමත් හෙට අනිද්ද ඉඳං කාරෙකක් පදිනවනෙ. ඇත්තට මේ ලංකාවෙ අධිවේගෙ මරුටි පදින්න බෑද?

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන්. ඒ උනාට ඒ වගේ පොඩි වාහන වේගයෙන් යනවිට හදිසි අනතුරටකට මුහුණ දුන්නම ඇතුලේ ඉන්න අයගෙ අරක්ශාව ගැන නම් කියන්න දන්නේ නැහැ.

      Delete
    2. වැඩි දෙයක් නෑ මරුටිය වගේම බෙලෙක්කයක් වෙයි එච්චරයි
      හැක්

      Delete
    3. මහේෂ් කියන එක ඇත්ත

      Delete
    4. සුභපැතුම් සුරංග... !!!

      වාහනයක් ගත්තම මුලිම්ම කරන්නෝනෙ, ආච්චම්මව වටවන්දනාවෙ ඉතුරු ටික එක්ක යන එක.

      Delete
    5. මම වගේ ලැම්බෝගිනියක් ගනින්

      Delete
  3. No. 8 is the most important advice to our fellow drivers....!!!!

    ReplyDelete
    Replies
    1. Yes Chefarchi. It is. I am sure you would have seen how some drivers do the overtaking in the motorway .

      Delete
  4. හොඳ උපදෙස් ටිකක්. ලංකාවේ වාහන එලවන්ට ගෙදරින් අවසර නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වාහන එලවන්න ඕන රියැදුරු බලපත්‍රයක් විතරයි. ගෙදරින් අවසර අවශ්‍ය නැහැ. ඔය ඉතින් ගෑණු අයට තියෙන ප්‍රශ්ණයක්නෙ. අවසර තියෙන දේවල් විතරක් කරනකොට ලයිෆ් එකේ කික් එකක් නැහැනේ. අපි තරුණ කාළේ නම් කරන්නේ අවසර නැති දේවල් විතරයි. පොඩ්ඩි බොහොම ස්තූතියි ඉඳල හිටල හරි මගේ බ්ලොග් එකට එනවට.

      Delete
  5. මම නං පොලිසියෙන් ඉල්ලීම කරපු දවසේ ඉදන් හෙඩ් ලයිට් දාගන තමයි බයික් පදින්නේ , කලාතුරකින් තමයි එහෙම තව කෙනෙක්ව දකින්නේ , ඒ මදිවට සමහරු හෙඩ් ලයිටි දාල කියල මට කියනවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. එහෙම අහන අයට කියල දෙන්න අටම් ඒකෙ තියෙන වැදගත් කම

      Delete
    2. //එහෙම අහන අයට කියල දෙන්න අටම් ඒකෙ තියෙන වැදගත් කම //

      මූ ඉගැන්නුවොත් එයින් හතර පස් දෙනෙක්වත් ICU නවත්තන්න වෙයි ..ඕ යේස්

      Delete
    3. බොහොම ස්තූතියි පත්තර මේ බ්ලොග් එක පැත්තේ ආවට. අටම්ට ඔය මෙශින් හදල පුරුදු නිසා ඔය සැත්කම් එහෙමත් දන්නව ඇති. මොනවහරි කරල හම ඇඳුම් මෙශිමක දාල හරි මහල දායි.

      Delete
  6. හොඳ උපදෙස් ටිකක්. මම දන්න හැමෝටම මේටික යවන්නද?

    ReplyDelete
    Replies
    1. කොපි පේස්ට් කරලා හැමෝම එක්ක බෙදාගන්න. කාගෙන්ද කොහෙන්ද ඕන නැහැ. මේව සාමන්‍යයෙන් දැන ගතයුතු දෙවල්. හැමෝම දැනුවත් වෙනවනම් හැමෝටම හොඳයි.

      Delete
  7. සමහර ගොපොල්ලු වහනේ යනගමන් හිස් බියර් කැන් විසිකරනවා හයිවේ එකට වාහනේ වෙගයත් එක්ක එහෙම විසිකරපු කැන් එකක් ඇවිත් වින්ඩ් ස්ක්‍රින් එකේ වැදුනා එක දවසක්

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇඩ් කරන්නම්.

      Delete
    2. ඇනෝ වේගයත් එක්ක බලපුවාම වින්ඩ්ස්ක්‍රීන් එකට හානි වෙන්න තියෙන අවස්ථාව වැඩී නේද..
      ඉයන් මං දන්නෑ මම තාර්කිකව හිතුවෙ නෑ ඒ ගැන ඒත් සමීප අත්දැකීමක් තියෙයි.
      සාමානයයෙන් ලංකාවෙ ට්‍රේන් වේගයෙන් යන්නෙ නැති වුණත් යන අවස්ථා තියේනෙ.. රාජ්ධානි එක්ස්ප්‍රස් එක ඔහොම ටිකක් වේගෙන් යන කෝච්චියක්. දවසක් ඕකෙ යන කවුරු හරි මොකක් හරි පොඩි දෙයක් විසික්ක අපි ඉන්න පැත්තට බොහෝ විට කඩල ඇටයක් වගේ දෙයක් වෙන්න ඕන. කරපු කෙනා ඒක කලේ විහිළුවට වුණත් ඒක වැදිල මගෙ මූන හිල් වුනා වගේ දැනුන ඒ තරම් පවර්ෆුල්. ඌ ඒකෙන් දමල ගැහුව නෙවී නිකං විසික්ක විතරයි..
      ඉතිං අර ඇනෝ කීව වගේ වැඩක් වෙනව නං විනිඩ්ස්ක්‍රීන් එක විනාසයි නේද

      Delete
  8. බොහොම වටිනා ලිපියක්. තව දෙයක් තමයි ට්‍රැෆික් එකක යනවනම් (slow moving traffic ) ඉස්සරහ තියන වාහනේ නොම්මර තහඩුව නොපෙනෙන මට්ටමට ලං කරන්න එපා කියන එක. අපි ඉන්නේ බෑවුමකනම් ඉස්සරහ තියන වාහනේ පසුපසට ඇවිත් අනතුරක් වෙන්න තියන ඉඩ වැඩියි එහෙම උනොත්.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. අර තප්පර දෙකේ වෙනස එහෙම නැත්නම් හෙමින් යනවිට ඉදිරි වාහනයේ පසුපස රෝද පෙනෙන දුරින් යන්න. ට්‍රැෆික් වල මෙය කල නොහැකි බව පිලිගනිමි.

      Delete
  9. වාහන එලවන්කොට නම් තරහා යාන එක හොඳ දෙයක් නෙවේ තමා , හැබැයි එහෙම නැතුව ලංකාවේ වාහාන එලවන්න්න ලයිසන් එකට කලින් භාවනා පන්තියකට ගිහින් එන්න වෙන්වාඅ , අපේ රියදුරන් ඒතරම් විනීතයි

    ReplyDelete
    Replies
    1. //"වහින අවස්ථාවලදී සහ මාර්ගය තෙමී ඇති අවස්ථාවලදී කිසිම විටක කෘස් කන්ට්‍රෝල් පාවිච්චි කරන්න එපා"// මෙහෙම කියන්න හේතුව මොකක්ද?

      Delete
    2. Cruising is at higher gears. Traction is less on wet surfaces. So, you need a lower gear and lower speed for more control???
      I'm no expert on mechanics or road safety ( in fact I'm considered unsafe behind a wheel by some :-D )
      I just assumed that the answer was simple. However, KM the Safenator should know much better than me. Even LoveCat the Driving Force knows more than me. So, now I'm having second thoughts as to whether these comments by both of them have a hidden meaning. hmmm

      Delete
    3. වැසි වෙලාවේදී හෝ පාරේ වතුර ඇතිවිට ක්‍රූස් කන්ට්‍රොල් පාවිච්චියෙන් වන Hydroplaning ගැන දැන ගැනීමට Cruise Control on Wet Road Hazard ගූගල් කර කියවන්න. ඉන් පසු අනික් අයත් දැනුවත් කරන්න.

      Delete
    4. ඔබ දිය මත බෑ හැකි සී ප්ලේන් එසේ බාන අවස්ථාවක් දැක ඇත්නම් එහිදී යානය නැවතීමට පෙර දිය මත ලිස්සා යන අයුරු දැක තිබෙනාවද්? වතුට ගොඩක් උඩ රියැදුරු පාලනයෙන් බාහිරව එන්ජිම ක්‍රියා කරන විට රෝදවල ඝර්ෂනය අඩු බැවින් රෝද එලෙස ලිස්සා ගොස් විශාල වේගයකින් වැටක හැපීමට පුළුවන. මෙවැනි Hydroplaning නිසා වූ අනතුරු වලින් වෙන රටවල බොහෝ දෙනෙක් ජීවිතක්ශයට පත්ව ඇත.

      Delete
    5. ඔය පැත්තෙත් එහෙමද ඉවානයෝ? මෙහෙත් එහෙමයි!
      මේන්න ප්‍රා ජේ අපි සේරටම ඉංග්‍රීසියෙන් බයිනෝ..............කොල්ලනේ වරෙල්ලා...............

      Delete
    6. කම්මල කියල තිබුනනෙ එයාගෙ බල්ල සිංහලෙන් බැන්නම ගාණක් නැතුව ඉඳල ඉංග්‍රීසියෙන් බැන්නම දවස් දෙකක් විතර කන්නෙත් නැහැ කියල. ප්‍රා ජේ එකයි ඔය ඉංග්‍රීසියෙන් බනින්නේ. කම්මලගේ බල්ලට තේරෙන්න.

      Delete
    7. හරි හරි උඔ හිටපන් මම කතා කරන්නම්.
      වට් ටෙකන්
      මෙනි පයින්
      වට්ඉස් දිස්
      වටාපිටා බියුටිෆුල්
      මෙනි ටෙකන්
      දොර විදුරැ
      මඩ් ගාඩ් වින්ස්ක්‍රින්...
      ටුවින්කල් ටුවින්කල්
      ලිට්ල්ස්ටාර්
      හව්වයි වන්ඩර් වට් කිව්වා
      අප්ප බවුද වර්ල් සෝ හයි
      ලයිකර් ඩයමන්ඩ් ඉන්දස් කයි

      අපිත් ඉංගිරිසි කතා කරන්න එපෑයි...

      Delete
    8. Three bags went up the hill Mr. Mendis

      pra jay

      Delete
    9. මට මෙතන ඉංග්‍රිසි වලින් හරියටම තේරුනේ මෙන්ඩා කියපු ඉංග්‍රිසි ටික විතරයි..මේවනේ යකෝ ඉංග්‍රිසි..පටන්ගමුකෝ බන් සක්විති වගේ ක්ලාස් එකක්.....pra jay තියාගමු ටික්කා විදියට

      Delete
    10. මේ ඇවිත් ඉන්නෙ ප්‍රා නෙමෙයි බං...ඌ මට මිස්ට කෑලි දාන්නෙ නෑ ඌග් අමාන්ත්‍රනය මිට වඩා හිතවත්..

      Delete
  10. බහුතරයක් මෝටර් රථ ඩ්‍රයිව් කරන රියදුරන් ඔබ ඔය කියල කාරණා පිළිබදව සැලකිලිමත් වෙනව අඩුයි. අඩු ගානෙ මේ වගේ ආචාරධර්ම පද්ධති තියා පාරෙ තියෙන නීති වත් තක්නෙ නෑ.
    ඒත් අර කතාවක් තියේනෙ පහත් තැනින් ගලා යයි ජලේ කියල වීල් ඩ්‍රයිව කෙනෙක් එහෙම ඕම කලා නං උෟ නන්න

    ReplyDelete
    Replies
    1. මහේෂ් අපිට මේ ජීවිතයේ වෙනස් කළ හැකි එකම පුද්ගලයා අපිම පමණයි. අපි මේවා පිළිපදිමු

      Delete
  11. මේ ටික නම් ඇත්තටම වටිනවා ඉයන් අයියා.

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කොච්චර මොනා කියවලා එළවන්න ඉදගත්තත් වාහන ගොඩාක් දැක්කම බය හිතෙනවා නෙ අනේ.
    ඒකත් ඉවසගෙන එළවන්න පුලුවන් අපේ අම්මා පිටිපස්සෙ සීට් එකේ ඉදන් වට පිට තියෙන වාහන ගැන කියවද්දි කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරි වෙනවා. ඒ නිසා වාහන එළවන්න ඇත්තටම මං නම් බයයි.

    ReplyDelete
    Replies
    1. NN බදුල්ල කෝච්චියේ නිරීක්ශණ මැදිරිය දැක තියෙනවානම්, වාහනයේ පිටිපස සීට් ටික අනික් පැත්තට හරවා සවි කරගන්න. එසේ කල විට අම්මා පිටිපස බලාගෙන යනවිට ඔබට නිදහසේ වාහනය පැදවීමට හැකිවේවි. ඇත්තටම නම් ඔක්කොම අම්මලා ඔහොම තමයි.

      Delete
    2. “සදු...පොල් බෑය තද කරලා අල්ලන්න එපා...පොඩ්ඩක් ඇලට අල්ලන්න...හා..එහම නෙමෙයි තද කරලා ගාන්න එපා...නෑ..නෑ ඔහම නෙමෙයි..හිරමනේ හරියට ඉදගන්න...පොල් බෑය තද කරලා අල්ලන්න එපා...පොඩ්ඩක් ඇලට අල්ලන්න...හා..එහම නෙමෙයි තද කරලා ගාන්න එපා.“

      “අයියේ..කට වහගෙන ඉන්නවද..ඔයා හිතුවද මම මේ පලවෙනි වතාවට පොල් ගානවා තියලා“

      “ඉතිං...ඔයත් හිතාගෙන ඉන්නෙ..මම ඡිවිතේ පලවෙනි වතාවට වාහනයක් එලවනවා කියලනේ“

      Delete
    3. මෙහෙමද උඹ සදු ගේ වාහන උපදෙස් නැවැත්තුවේ

      Delete
    4. පොල් ගෑම වාහන පැදවීම තරම්ම රිස්කි ජොබ් එකක් බවට සනාථ විය

      Delete
    5. ඒ වුනාට තවම නවත්තලා නෑ බං...මේ ලගදි පොඩි මෙන්ඩා එක්ක රන්ඩු වෙනවා ඉස්සරහා සිට් එකට..සදුට ඉස්සරහින් එන වාහන පෙනෙන්න ඔනලු..

      Delete
    6. ඩ්‍රැකියානි නං කරන්නෙ "හෙමිං යංංංංංං" කියන එක විතරයි. ඒ පැයට කිලෝමීටර් හතළිහ පනින කොට. එයාගෙ අම්මා තමයි හොඳම. බබා වගේ ඉඳගෙන ඉස්සරහ බලාගෙන යනවා. කිසිම කරදරයක් නෑ. අපේ අම්මා ඊට හතයි. හයියෙං යනකොට මාාාාර ආසයි.

      Delete
    7. @ ඉයන්
      අපේ අම්මාට සීට් එක අනිත් පැත්ත හරවල දුන්නොත් ඉස්සරහ බලන් යන්න ගිහින් බෙල්ල ට වෙදකන් කරන්නතත් වෙයි අයියා. ඒ තරම් එයා බයයි මං වාහන එලවනවට..

      @මෙන්ඩ

      ඒ අදහස නම් හොදයි අයියා.. හිකිස්

      @ ඩ්‍රැකී
      අනේ වාසනාවන්, එහෙම නැන්දම්ම කෙනෙක් ලබන්න ඩ්‍රැකී අයියෙ.

      Delete
  12. මට තියන ප්‍රශ්නෙ මං හිමින් එලවනකොට අවධානය අඩුයි. හයියෙන් යනකොට වැඩියි. මගෙ ඇක්සිඩන්ට් එකක් හැර අනිත් සියල්ල වෙලා තියෙන්නෙ මං හිමින් යනකොට -මගෙ වරදින් හෝ අනිත් එකාගෙ වරදින් .

    හයියෙන් යනකොට ඔය ඇක්සිඩන්ට් ටික වුනා නම් ඉතින් අපායෙ බ්ලොගර්ස්ලටනෙ දැන් මගෙන් මේ කරදරේ

    ReplyDelete
    Replies
    1. මෙය බොහෝ දෙනෙකුට වෙන දෙයක්. සෙමින් ධාවනය කරන විට පාර ගැන අවධානය අඩු වෙනවා. ස්තූතියි ප්‍රාජේ

      Delete
  13. අද උදේ බේස් ලයින් එකේ ට්‍රැෆික් ලයිට් එකක නවත්තගෙන ඉද්දි පිටි පස්සෙන් තිබුන වාහනේ එක පාරටම ඇවිත් වැඩුන. මොකද උනේ කියල ඇහුවම වෙන කල්පනාවක ඉද්දි අක්සලේටරේ පෑගුනාලු.
    මේක වටිනා පෝස්ට් එකක් මගෙ යාළුවෙකුට, ප්‍රින්ට් කරල යවන්න ඕනෙ. ගොඩක් දවසට ඌව high way එකේදි හම්බවෙනව මිනිහගෙ තියන කැත පුරුද්ද ඉස්සර කරද්දි වාහනේ ලගින්ම ඉස්සර කරල වෙට්ටු දාන එක කොච්චර කිවුවත් අහන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක වෙන්නෙ ස්ලෝ ට්‍රැෆික් වලදි ප්‍රාජේ වගේ සමහර ඩ්‍රයිවර්ස්ල ඉස්සරහ වාහනේ පස්ස දිහා නොබලා අහල පහල බවලතුන්ගෙ පස්ස දිහා බලාගෙන ඉන්න නිසා. ස්තූතියි කම්මල.

      Delete
  14. මමත් ගොඩක් වෙලාවට වාහන අතර දුර තියා ගන්න නම් සැලකිලිමත් වෙනවා... අර වන් තවුසන්ඩ් ඇන්ඩ් වන් , වන් තවුසන්ඩ් ටූ - කතාව නම් ඇහුවේ අද... හයිවේ වලදී වාහනෙන් බහින්න එපා කියන කතාව මගේ ඔළුවේ තිබුනේ නෑ.. සෑහෙන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම්, වන් තවුසන්ඩ් අන්ඩ් වන් වන් තවුසන්ඩ් ඇන්ඩ් ටූ, එක හෝ වන් මිසිසිපි ටූ මිසිසිපි එක ගොඩක් රටවල රියැදුරු පුහුණු පොත් වලත් තියෙනවා.

      Delete
  15. මමත් පුළුවන් තරම් මේ තරහ යන එක පාලනය කරගන්න තමයි බලන්නේ. ඒත් ලංකාවේ එලවනකොට බයික්, ත්‍රී වීල් සහ බස් කරන දේවල් දැක්කහම තරහ නොගෙන ඉන්න බැහැ. වෙනත් වාහන රියදුරෝ වැරදි නොකරනවා නෙවෙයි, ඒත් බහුතරයක් වෙන්නේ මේ අය අතින්. ත්‍රි විල් සහ බයික් රියදුරෝ බහුතරයක් පාරේ පැත්තකට හරවනකොට සිග්නල් දාන්නේ හරවලා ඉවර වෙලා. නැත්නම් සිග්නල් වැඩ කරන්නෙ නැහැ. සමහර වෙලාවට දකුනට සිග්නල් එක දාපුවාම කිලෝමීටර් ගානක් යනතුරු ඔෆ් කරන්නේ නැහැ. ඉතින් පස්සෙන් යන එක‍ාට ඉස්සර කරන්නත් බැහැ. වෙලාවකට යන්නේ පාරේ ලේන් දෙකක් තියෙනවනම් ඒ දෙකේ මැද.‍ බස් ගැනනම් වෙනම ලිපියක් ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සාමන්‍යය පාරවල් වල ඔය කොහොම හරි ශේප් වෙන්න පුළුවන්. අධ්වේගයකදි බැන අඬගැහිලි, වෙට්ටු ආදිය වලින් උත්තර දෙන්න ගියාම කොහෙන් නවතී ද කියන්න හරි ලේසියි. කෙලින්ම එක්කෙනෙක් දෙන්නෙක් එලොව.

      Delete
    2. කේ ඒ එස් කියන වාහන පන්ති වලට ගොඩක් අයට පහසුවෙන් පිවිසෙන්න පුළුවන්. මිල අඩුකම සහ බස් නම් රියදුරු විදිහට. හැබැයි හොඳට බලන්න යන විදිහෙන් ඒ මිනිහගෙ අධ්‍යාපන මට්ටම පවා කීවැකි. පාසලකින් ඇති කරන විනය වැදගත් වෙන්නෙ මෙන්න මෙතනදි. අපේ රටේ සාක්ෂරතාව මනින මිම්මෙ අවුලක් තියෙනවා.

      Delete
  16. ඉයන්
    මම Driving Instructor කෙනෙක් හැටියට වැඩ කරනවා හැබැයි ලංකාවෙ නෙමෙයි. ඔබේ ලිපියෙන් ඉතාම වැදගත් උපදෙස් ටිකක් දීල තියනවා කැමති කෙනෙකුට පිලිපදින්න.විශේෂයෙන්ම හයිවේ එකේ වාහන පදවන අයට.ඔය තප්පර දෙකේ නියමය අපි හැම පාරකදීම පිලිපදින්න කියල උගන්නනවා.ඔය 8 වෙනි කරුනේ කියන නැවත වම් පස තීරුවට ගැනීමේදී පසුකල වාහනයෙ හෙඩ් ලයිට් දෙක පෙනෙන තුරු සිට්ය යුතුයි කියන එක ලංකාවෙ කිසිම කෙනෙක් අහලවත් නැතුව ඇති. හැමෝම කරන්නෙ යන්තම් ඉස්සර කල වාහනය පහුවුන ගමන්ම ලේන් එක මාරුකරන එක. එතකොට පස්සෙ ඉන්න කෙනාට දෙයියො සිහිවෙන එක තමයිවෙන්නෙ.අපි පාරෙ යනගමන් ඉස්සරහින් යන වාහනය නතරකලොත් ඒක පිටිපස්සෙන් අපේ වාහනය නතර කරගන්න වෙනවනෙ.එතකොට වාහනදෙක අතර තියාගත යුතු ගැප් එක කොච්චරක්ද කියන එක විසඳගන්නෙ මෙහෙමයි.ඉස්සරහ තියන වාහනයේ පිටිපස්සෙ රෝද බිම ගෑවෙන එක පිටිපස්සෙ වාහනෙ ඩ්‍රයිව්ර්ට පේන්න ඕනැ.මේවාලියල උපදෙස් දුන්නට ඔබට බොහොම ස්තුතියි.
    ලංකාවෙ ලයිශන් තියන අයට මෙහෙ උගන්නන්න ගියහම හොඳ අත්දැකීම් ලැබෙනවා.සමහරුන්ට ලයිශන් තිබුනට කවදාවත් වාහනයක් එලවල නෑ.දකුනු පැත්තෙ තියන පාරකට හරවන්න කිව්වහම දාන්නෙ හරවන පාරෙ ඔන්කමින් ලේන් එකට.ඒක කරන්න ඕන මෙහෙමයි.අපේ වාහනයේ සයිඩ් මිරර් එක හරවන පාරෙ මැදට එනකම් ඉඳල හරවන්න.එතකොට වාහනේ ලස්සනට හරි ලේන් එලට ගන්න පුලුවන්.
    ලංකාවෙ වාහන අනතුරු වලින් දවසකට කී දෙනෙක් මැරෙනවද කියල ඇහැව්වහම පිස්සු හැදෙනවා.ඔබ තවත් වැදගත් දෙයක් කියල තියනවා.හයිවෙ එකේදි වාහනේ අබලන් වුනොත් ඇතුලටම වෙලා ඉන්න කියල .මෙහෙ දවසක් ටයර් එකක් මාරු කරන කෙනෙකුට උදව්වට ගිය කෙනෙක්ව මැරුනා තව වාහනයක රෝදයක් ගැලවිලා ඇවිත් වැදිලා.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි. ඔබ ලියල තියෙන ඒවත් ඇතුලත් කරල ලංකාවේ අය අතර ප්‍රචලිත් කරන්න උත්සාහ කරන්නම්. මේක ට්‍රැෆික් පොලිසියෙන් හෝ වාහන ලයිසන් දෙන දෙපාර්ථමේන්තුවෙන් කළ යුතු දෙයක්.

      Delete
  17. ඉයන්, උඹ කමියත් එක්ක නං මාරු කරගනිං...හැක්.
    උඹට පුළුවන්නම් සාමාන්‍ය මාර්ගවල වැඩිපුර දුවන අපිගැන අනුකම්පා කරලා මේ ලිපි පෙල දිගටම ලියපං. මාත් ෂෙයා කරනවා නොවැරදීම.
    උඹේ පරණ ලිපි ඩිංග කියවන්න බුක්මාක් කරං ඉන්නෙ. උඹ නොලියන එකටනං.... (මොකටද නිකං ලේ පුච්චගන්නෙ). කමක් නෑ බොට ඕනි වෙලාවක ලියහං. හැබැයි රෝලෙ පහලට වැටෙනකං නොඉඳ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධු. මේ සමහර ඒව සමාන්‍ය මාර්ග වලටත් පොදුයි. ඒ උනාට තව එකක් ලියන්නම්. බොහොම ස්තූතියි පරණ පෝස්ට් ටිකත් කියවනවට.

      Delete
  18. කිලෝමිටර් 440 ක් විතර දවස් තුනක් තිස්සේ එලවල අද තමයි Office එකට ආවේ...
    මම කැලයක් ඇතුලේ වාහනයක් එලේවත් නිතිරිති කඩ කරන්නෙ නෑ..ඉතිං මගේ වාහනයට අනිත් අය කරදර කරනකොට නම් ඉතිං මල පනිනවා..හැබැයි ඉතිං මගෙන් වැරදි වෙන්නෙ නැතුව නෙමෙයි එහම වෙන්නෙ නොදැනුවත්කම නිසා, ඒ නිසා මම මේ වගේ ලිපි හොද අවධානයෙන් කියවලා ඒ කරැනු හිතට ගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ ගේ ඇතුලෙ ඇවිදින්නෙත් සිග්නල් දදා කියල කව්ද කිව්ව මං අහගෙන

      Delete
  19. මගේ වාහනය පදවාගෙන යද්දී එයට බාධාවන අයුරින් ඉස්සර කිරීම, මා ප්‍රධාන මාර්ගයේ නිවැරදි තීරුවේ, නිවැරදි වේගයෙන් යද්දී, හරස් මාර්ග වලින් නොසැලකිල්ලෙන්, මට බාධාවන පරිදි වාහන ඇතුළු කිරීම, වාහන තදබදය අස්සේ සමහර රියදුරන් එම තදබදය තවත් වැඩිවන පරිදි රිංගන්නට උත්සාහ කිරීම වැනි අවස්ථා වලදී, කේන්තිය ඇතිවනවා.

    වාහන ධාවන වැරදි කරන අය, අවම වශයෙන්, එම වැරදි නිවැරදි කරන, රථවාහන පොලීසියේ උපදෙස් පන්ති එකකටවත් සහභාගි කරවීම සහ රථවාහන පොලීසියේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ධාවනයක යෙදෙන්නට සැළවීම සඳහා අධිකරණ නියෝග දීමේ ක්‍රමයක් සැකසිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි විචා. ලංකාවේ රියැදුරු පුහුණුව ගොඩක් දියුණු කරන්න ඉඩ තියෙනව වෙන රටවල් එක්ක සැසඳුවාම.

      Delete
  20. ඉතාම වටිනා ලිපියක් ඉයන්. මමත් පල්ලෙහාට ආවේ වැහි වෙලාවක කෘෘස් කන්ට්‍රෝල් පාවිච්චි කරන්න එපා කියන්නෙ ඇයි කියල අහන්න ඒත් උත්තරය දැනටමත් ලැබිලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අශාන්. ඔව් ඒක ලොකු අනතුරක් වෙන්න පුළුවන් දෙයක්

      Delete
  21. බොහොම වටිනා දැනුවත් කිරීමක් ඉයන්,බොහෝම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්.

      Delete
  22. ඉයන්ගෙ කමෙන්ට් දැකල තිබුනට බ්ලොග් එකට ආවෙ අද ද කොහේද! උපදෙස් ටික හොඳයි. මම නං බයික් පමණයි.
    මම නිරීක්ෂණය කරපු දේවල් ටිකක් මේ.
    1.සිග්නල් ගැන අවධානයක් නෑ. ඉස්සර කරල ඉවර වෙලත් සිග්නල් එක ද‍ාගෙනම යනව. අපිට හිතාගන්න බෑ මූ අමතක වීමෙන් යනවකද නැත්තං දකුණට හරවන්න යනවද කියල.
    2.දකුණට හැරවීමේදී මැදට නොගැනීම. මේකට දඩයකුත් තියනව සුළු. මම නං බය නැතිව කොච්චර වාහන තිබුනත් දකුණට හරවනව නං සිග්නල් එක දාල මැදට ගන්නව. එතකොට පස්සෙන් සහ ඉස්සරහින් එන අය දන්නව දකුණට හරවන්න යනව කියල. වමට හැරවීමේදී නං අවුලක් නෑ.
    3.සමහර ගම්බද ප්‍රදේශ වල (අපේ පැත්තෙ වගේ) කරන වැරැද්දක් තමයි දකුණු පැත්තෙ අතුරු පාරකට හරවද්දි ගොඩක් වේලාසන හැරවීම සහ අතුරු පාරෙ වැරදි පැත්තෙන් පාරට දැමීම. මෙහේ බයිසිකල් කරුවන් නං ඔය වැඩේ කරනවමයි. දවසක් හැපෙන්නත් ගියා.
    4.වේගය ගැන කතා කලාම මම නං යන්නෙ මධ්‍යස්ථ වේගයකින්. අනතුරක් සිදුවන්න තියන සම්භාවිතාව වැඩි වෙනව ආකාර දෙකකට. එකක් අපි ගොඩක් සෙමෙන් යනව නං අපිට ඉස්සර කරන වාහන ගනන වැඩියි. අනෙක අපි ගොඩක් වේගයෙන් යනව නං අපිට ඉස්සර කරන්න සිදුවන වාහන ගනන වැඩියි. මේ දෙකම අනතුරුදායකයි.

    මම නං සාමාන්‍යයෙන් මාර්ග නීති අකුරටම පිලිපදිනව. මොකද දඩ ගෙවන්න තියන අකමැත්ත සහ පොලිසියට නැවෙන්න තියන අකමැත්ත නිසා. ඒ වගේම මෑත කාලයේ මම දැකපු දෙයක් තමයි කලින්ට වැඩිය මිනිස්සු මාර්ග නීති පිලිපදිනව(දඩ වලට බයේ හරි). ඒක හොඳ දෙයක්. හැබැයි කියන්න කණගාටුයි, රජයේ වාහන තමයි වැඩියෙන්ම මාර්ග නීති කඩන්නෙ.(ප්‍රයිවට් බස් ඇරුනම)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ්. මම මේ චන්දෙ කාලේ බ්ලොග් කියවන්න ආවම ඉස්සෙල්ලාම කියවපු බ්ලොග් එක රාජ් ගෙ එක.

      Delete
  23. මේක හරිම වටිනා ලියවිල්ලක් ඉයන්... බොහොම දේවල් දැනුවත් උනා... දැන් ඉන්න කාලකන්නි වාහනයක් පිටිපස්සෙන් යනකොට ලයිට් ඩිම් කරන යන්න දන්නෙ නෑ.. පැති කණ්නාඩි වලින් ඇස් නිලංකාර වෙනව පිටිපස්සෙන් හෙඩ් ලයිට් ගහන එනකොට.. මට මාර්ග වියරුව ඇතිවෙන්නෙ ඒ වෙලාවට... ඌට ඉස්සර කරන්න දීල පස්සෙන් මම හෙඩ් ලයිට් ගහන් යනව...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සජ්ජා ආවට. පුලුවන් නම් එහෙම කරන එක නොකර ඉන්න. නූගත් අයත් ඉන්න එපායෑ

      Delete