Wednesday, October 14, 2015

පාලම නම් එපා




ඉන්දියාව ලංකාව යාකරල පාලමක් දාන්න යෝජනා කරල තියෙනව කියල උඹලා දන්නවා ඇතිනේ. පොඩ්ඩක් ඉක්මනට හිතල බලාපල්ල මේකෙන් වෙන්න යන විනාසේ. 

ඔය පාලම දැම්මොත් ඔය වෑන් හයර් කරගෙන යාපනේ ගිහින් එන උන් ඊට පස්සෙ වෑන් වලින් මෝටර් සයිකල් වලින් වියට්නාමයට, බුරුමයට, පකිස්ථානයට විතරක් නෙමෙයි ඔය ස්වීඩන් රටට, ෆින්ලන්තයට, ස්පාඥ්ඥයට, ජර්මනියට උනත් යයි. එතකොට ලොකු ගණන් ගෙවල රට රටවල් වලට ප්ලේන් එකේ යන අපිට තියෙන තත්ත්වෙ හෑල්ලු වෙනවනෙ. බලාගෙන යනකොට ඔය ඇමෙරිකාවටයි, ජපානයටටයි ඔස්ට්‍රේලියාවටයි ඇරුනම ඔය අනික් හැම රටකටම වගේ රෝද හතරෙන් එහෙම නැත්තං කෝච්චියේ ගිහින් හරි යන්න පුලුවන් වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.


ඔය දැන් කීප දෙනෙක් දස දහස් ගණන් ගෙවල දඹදිව වන්දනාවේ ගිහිල්ල ආවම බලන්න එපෑයේ උන්ගෙ තියෙන උජාරුව. කිසි වැඩකට නැති පාළමක් දාල දහ දාස් ගණන් ගෙවන්න බැරි උනුත් වෑන් කබලකින් දහ දොලොස් දෙනා හැම පෝයකටම දඹදිව ගිහින් එන්න පටන් ගත්තොත් එහෙම පිටරට ගියෙ නැති එකෙක් හොයාගන්න බැරිවෙයි. එතකොට අපේ පොල් ගහකට හරි අරින්න කෙනෙක් ඉතුරුවෙයිද? අනික ඉන්දියාවට එන සංචාරකයොන් ගෙන් සියයට එකක්වත් දැන් ලංකාවට නොඑන එකේ ව්‍යාපාරිකයො ඉන්දියාවයි ලංකාවයි එකට මාකට් කරල එහාට එන උන් පාරවල් දිගේ හරි කෝච්චියේ හරි මෙහාට ගෙන්න ගත්තොත් උතුර පැත්ත දියුණු උනොත් දකුණෙ අපිට මොකද වෙන්නේ. අනුරාධපුරට සීගිරියට එන එවුනුත් පාර දිගේ ආවොත් ඒ පැති දියුණු වෙන්න තියෙන ඉඩ වැඩියි. මේක කොහොමටවත් වෙන්න දෙන්න හොඳ නැහැ කියල තේරෙනවනේ.


අනික ඉන්දියාවට වඩා ලංකාවේ නිශ්පාදන කර්මාන්ත දාන්න ලොකු කොම්පැණි කැමති උනාට ලංකාවේ හදන දේවල් පිටරට අරින්න පුලුවන් නැව් හරි ප්ලේන් වලින් විතරක් නිසා වියදම වැඩියි කියලනෙ උන් ඒව මෙහෙ දාන්නෙ නැත්තෙ. අනික ලංකාවේ ලෝකල් මාකට් එක පුංචි වැඩියි උන්ට බේසික් වොලියුම්ස් දෙන්න. ඔය පාලම නිසා දකුණු ඉන්දියාව වගේ පැතිත් ලෝකල් මාකට් එක වගේ වෙනවනේ. ඔය ලොකු කොම්පැණි මෙහෙ ෆැක්ටරි දාල ඔය රස්සාවල් නැති එව්වො රස්සාවල් අරගෙන උඩ යනකොට අපිට වෙන්නෙ මොකද? 





ඔය ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට එහෙම් ඕන අමුද්‍රව්‍ය එහෙම ඉන්දියාවෙන් චීනෙන් කෝච්චියේ හරි ට්‍රක් වල ලාබෙට ආවොත් අපිට ආයිමත් ඉන්දියාව බංගල දේශය වගේ රටවල් එක්ක තරඟ කරන්න පුළුවන් වෙයි. එතකොට ඔය සද්දෙ වහල ඉන්න මෙන්ඩල වගේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය එහෙම තවත් ලොකු උන් වෙයි. 
බොරුනම් බලපන් කමෙන්ට් කියවලා මෙන්ඩ මේ පාලම ගැන දැනගෙන දැම්ම අපිව නැතිකරන්නයි කථාව. ඌ පාලම ආවම ලැම්බ්‍රොගිනි අරගෙන අපේ කාර් වල හුලං අරිනවලු. අනික පොඩ්ඩක් හිතල බලපන් ඉන්දියාවේ මරුති කාර් එහෙම පාලම හරහා අවොත් කොච්චර ලාභ වෙනවද? එතකොට පොල් කඩන එවුනුත් කාර් ගන්න බලයි උඹල අපේ තත්ත්වේ ඉවරෙටම ඉවරයි.

අද මේ කොලඹ දියුණුවෙලා තියෙන්නේ වරායයි එයාපෝට් එකයි මේ පැත්තේ තියෙන නිසානෙ. නැත්තං කිසිම ලබ්බක් නැති මීගමුවට සංචාරකයො එන්නෙ මොකටද ?  ඉන්දියාවෙ ඉන්න ඔය තරමක් සල්ලි කාර උදවිය තමන්ගෙ රටේ  එක එක ප්‍රාන්ත වල සංචාරය කොරනවලු. උන්ගෙ සංචාරක කර්මාන්තේ භාගෙට භාගයක් තියෙන්නෙ රට ඇතුලෙ වෙන සංචාර නිසාලු. නිකමට හිතපල්ල උන් පාලම නිසා ලංකාවටත් එන්න පටන් ගත්තොත් ඔය දැනට වේලි වේලි ඉන්න උන්ට රස්සාවල් ලැබිල බිස්නස් කොරල එහෙම දැන් පොඩියට ඉන්න උන් දියුණු උනාම වෙන්න යන විනාසේ තේරුම් ගනිල්ලා.  


ඔය පාලම හදන්න යන්නේ තනිකර ඉන්දියාවේ වියදමින්ලු. කිසිම වියදමක් නැතුව ලංකාවට ලෝකෙ ජනගහණයෙන් සියයට හැත්තෑ පහකට වඩා ඉන්න ආසියාවටයි, රුසියාවටයි, යුරෝපෙටයි, ආසියාන් කලාපෙටයි රට ගොඩබිමින් මූට්ටු කලාම මේ රට දියුණු උනොත් දැන් මේ ලොක්කො වගේ ඉන්න අපිට තව ටිකක් කල් යනකොට තැනක් තියෙයිද? 
අනික රට දියුණු උනාම ඔය දැන් පිටරට ඉන්න රවී වීරසිංහලා , රසිකලොජිස්ට්ලා, පොඩි කුමාරිහාමිලා, අජිත් ධර්මකීර්තිලා, හැලපෙලා වගේ වැඩ කාරයෝ ආපහු ලංකාවට ආවහම අපි වගේ වැඩ බැරුවත් ශේප් එකේ ඉන්න උන්ට යන කළ දසාව මොකද්ද?

කොහොම හරි මේ පාලම දාන එක වළක්වන්න මම හොඳ බොරු ටිකක් ගොතල තියෙනව. විමල් වීරවංශ වගේ උත්තමයෙක් අල්ලගෙන රට වටේ රැස්වීම් තිබ්බල හරි මේක වලක්ව නොගත්තොත් අපේ නම්බුකාර ජීවිතේ ඉවරෙටම ඉවරයි. උඹලත් පුළුවන් නම් මේ බොරු ටික කියවල ප්‍රචාරය කොරපල්ල තත්ත්වෙ තියාගන්න ඕනනම්.  

ඔය ඉන්දියන් කාරයෝ මෙහෙ ඇවිල්ල අපේ ගෑණු බැඳගෙන පුරවැසිකම ගත්තොත් සිංහල ජාතිය සුළු ජාතියක් වෙන්න පුළුවන් කියල කියපල්ල . කවුරු හරි ඇහුවොත් පිටරටක පිරිමි කෙනෙක් ලංකාවේ ගෑණු කෙනෙක් බැන්ඳොත් පුරවැසි කම ලැබෙන්නෙ නැහැ නේද කියල, ප්‍රශ්ණෙ තේරුන් නැති විදිහට මොනව හරි වැල් වටාරම් ටිකක් කියපල්ල. 


දකුණු ඉන්දියන් කාර දෙමළු පාලම දිගේ ඇවිදගෙන ඇවිත් මෙහෙ පදිංචි කොරන්න පිටරට ඉන්න එල් ටී ටී යී කාරයෝ ක්‍රියා කොරයි කියලත් බය කරපල්ල. දැනටත් ඉන්දියන් කාරයන්ට වීසා නැතුව කටුනායකින් ගොඩබහින්න පුළුවන් එකේ  ඕන නම් ඒක දැනුත් කරන්න පුළුවන් නේ කියල කවුරුහරි කිව්වොත් ඌට දේශ ද්‍රෝහියා කියල බැනපල්ලා.


ඔය පාලම දිගේ එන එවුන් අපේ ඉඩම් ටික ඔක්කොම සල්ලිවලට ගනියි කියලත් බය කොරපල්ල. ඒ උනාට ලංකාවේ නීතිය  අනුව පිටරට මිනිස්සුන්ට ලංකාවේ සින්නකර අයිතියට ඉඩම් ගන්න බැහැ කියල කවුරුහරි කිව්වොත් ඌට අල්ලගෙන තඩිබාපල්ල. 


කියපල්ල ඉන්දියාවේ බඩු ඔක්කොම මෙහෙ එවල අපේ නිශ්පාදන ඔක්කොම නැතිවෙයි කියල. දැණුත් වැඩිහරියක් බඩු එන්නේ ඉන්දියාවෙන් හරි චීනෙන් හරි කියල හරි දැන් මෙහෙ හදන ලබ්බක් නැහැ කියල කියන එකෙක් හිටියොත් හිමීට මඟ ඇරපල්ලා. පාලමක් දැම්මට ඔය ඕන ඕන එකාට එන්න බැරිවෙන්න ආගමන හා විගමන දෙපාර්තමේන්තුවයි ඕන ඕන බඩු එවන්න බැරිවෙන්න රේගුවේ කට්ටියයි  ඇතුල්වෙන තැන ඉන්නව කියන එක ඔය මෝඩයන්ට තේරෙන්නෙ නැහැ. 


ඉන්දියාවට පාලමක් හරහා සම්බන්ධ වෙන එක ලංකාවේ ආරක්ශාවට ලොකු තර්ජනයක් කියල බය කොරහල්ල. ඉන්දියාව හදල තියෙන අග්නි මිසයිල් එක ඉන්දියාවේ උතුරු කොනේ ඉඳන් විද්දත් ලංකාවට ගහන්න පුළුවන් කියල ඔය ගොඩක් දෙනෙක් දන්න එකක්යැ.


ඉන්දියාවේ ඉන්න රස්සාවල් නැති එවුන් ඔක්කොම මෙහෙට ඇවිදගෙන ඇවිල්ල අපේ රස්සා ටික නැතිවෙයි කියල ඔය කලා උපාධි එහෙම කරන විශ්ව විද්‍යාල ළමයි ටික පාරට බස්ස ගන්න බලපල්ල. ඔය ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ පිටරට කෙනෙක්ට ලංකාවේ රස්සාවක් කරන්න නම් වර්ක් පර්මිට් ගන්න ඕන කියල. අනික ඒ වර්ක් පර්මිට් දෙන්නේ මෙහෙ ඒ රස්සාවට මිනිස්සු නැහැ කියල ඔප්පු කරාම කියලත් උන් දන්නෙ නැහැ.


ඉකොනොමැට්ටා මහතාත් මේ පාලම් පිස්සුවෙන් සිද්ධ වෙන්න පුළුවන් තවත් අවාසි කමෙන්ට් කරල තිබ්බා. ඒවා ටිකත් මම දාන්නම් උඹලට උදව්වට. පාලමේ යන එවුන් කාලා ඉතුරුවෙන ඒවා මුහුදට විසිකළාම ඒ පරණ පාන් කලා මාළුන්ට බඩ ගියාම  අතිවිශාල පරිසර දූශණයක් වෙනවා, ඒවගේම ටොයිලට් පාවිච්චිය ගැන එච්චර මනාපයක් නැති ඉන්දියන් කාරයෝ පාලමේ ගැට්ටේ ඉඳගෙන අර වැඩේ කළාම, ඒවට රහ වැටිලා දකුණු මුහුදේ ඉන්න මාළු උතුරට පීනලා ගියාම දකුණේ ධීවර ප්‍රජාවට යන එන මං නැතිවෙනවා, අනික අපේ හාමුදුරුවරු කෝච්චියේ නැගලා ඉන්දියාවට ගිහිල්ල බණ කියන්න ගත්තොත් දානෙකට බණකට හාමුදුරු නමක් වත් හොයා ගන්න බැරිවෙනවා. ඒ බණ අහල ඉන්දියාවේ ජනගහණයෙන් සීයට දෙකකට වඩා බුද්ධාගමට හැරුණොත් ථෙරවාදී බෞද්ධයන් වැඩියෙන්ම ඉන්න රට හැටියට අපිට තියෙන තත්ත්වය නැතිවෙනවා. භයානකම දේ තමයි රට බෙදෙන්න පුලුවන් පාලමෙන් යට සහ පාලමෙන් උඩ කියලා. මේ අතිරේක අවදානම් ටික මතක් කරල දුන්නට ඉකොනොමැට්ටා මහත්තයට හැමෝගෙම ස්තූතිය හිමිවෙන්න ඕන.


මේක සුළුවට අරං අපේ මේ ඉන්න තත්ත්වෙ නැති වෙන එකනම් වෙන්න දෙන්න එපා  


96 comments:

  1. Replies
    1. මෙන්ඩා බොහොම ස්තූතියි. මෙන්න බලපන්කො දැන් ලොකු ලොකු බ්ලොග් වල වගේ මේ සුට්ටි බ්ලොග් එකටත් පලවෙනි කමෙන්ට් එකට ඩිමාන්ඩ්.

      Delete
    2. මම තුන................... හැක්

      Delete
    3. මේ ලිපිය වෙනස් විදිහක එකක්...ඉදලා හිටලා මේ වගේ එකක් ලියපන්..

      Delete
  2. Replies
    1. 99.9999 න් දෙක වෙලා
      පොහ

      Delete
    2. මම ලිපිය කියවලා ඉවර වෙනකොම තමයි දැක්කෙ NO Comments ටුක් ගාලා දැම්මා.පස්සේ පහල ලොකු කමෙන්ටුවක් දැම්මා බලලා වරෙන්..
      මේක තනිකරම මගේ ගේමක් උඔලා බහින්න එපා ..
      අඩෝ...ඊයම් වරෙන් එලියට මරාගෙන මැරෙනවා යකෝ..අද තුනෙන් එකක් බලාගන්නවා..
      එක්කෝ උඔ ඒක්කෝ මම ...(හුටා එතකොට ඉතුරැ එක)...ආ..පාලම

      Delete
    3. අප්පද බොල හෙන ලොකු කේස් එකක්නේ..ඊයම් උඹේ පෑන්ට්යක්වත් ඉස්සුවද ?

      දැන්ම මරාගන්න එපා.අපිට නිවාඩු ලැබෙනකම් හිටපියව්.

      Delete
    4. මචං මරාගෙන මැරිල වැඩක් නැහැ බං. මේක ලංකාවනෙ. කාව හරි මරල අපි හොඳින් ඉම්මු.

      Delete
    5. මනෝ...
      මට ලැම්බ්‍රොගිනියක් ගන්න තැනක් බලපන්...
      ඉයන්
      බෑ..බෑ..මම ඉල්ලුම් පත්‍රයකුත් දැමමා පාලම හැදිම සම්බන්ද “ඡනාධිපති උපදේශක තනතුරට“..

      Delete
  3. කියල තියෙන කතාවට එකඟයි කියන්න පුලුවන් වෙන්න තිබ්බ මේක ඒකපාර්ශ්වික නොවුණ නම්. දෙපැත්තම යම් තාක් දුරට බැලන්ස් කරන්න හොදටම ඉඩ තිබ්බ නෙහ්.
    හිතා මතාම මෙහෙම ලීවෙ කන්ද කෙන්ද කරන කෙන්ද කන්ද කරන ඈයන්ට හින්ට්එකක් විදියට විතරද
    හැබැයි ඉයන් කියනප වගේ දිය කොරහෙ කිඹුල්ලු දකින එකේ තේරුමක් නෑ...
    ඒත් හූණු පැටවුණුත් කිඹුල්ලු කොරන කාලයක් මේක

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං. හැබැයි ලංකාවට බලපාන ආගමන විගමන , ආනයන අපනයන් නීති දාන්න හරි පාලම නිසා ඕනනම් ඒ නීති තව තද කරන්න පුළුවන් කියන එක කට්ටියට කියන්න යන්න එපා. ඒතකොට අපේ වැඩේ අප්සෙට් යයි.

      Delete
  4. අපිත් දන්න දන්න අයට කියන්න පාළම එපා කියලා..
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හරියට හරි බං. ඔක්කොටොම කියල විමලයවයි ගම්මන්පිලවයි පාරට බස්සමු. දිනූ අරව එක අනතුරේ.

      Delete
    2. වර්න
      පාලමට විරැද්ද වෙන්න එපා බං ..මම උඔව ලැම්බ්‍රොගිනියේ වටයක් පද්දවනවා..

      Delete
    3. ලැම් බ්‍රා ගිනියෙද?

      Delete
    4. එළ ද බ්‍රා ගිණියක්.

      Delete
  5. බැහැ බැහැ .. කොහොමටවත් ඉඩ දෙන්න බෑ.. ඕනිමනම් සේතු සමුද්‍රම් හදන්න ගිය හරියෙන් උස වැටක් ගහල අපේ සිමාව වෙන් කර ගමු..

    ReplyDelete
    Replies
    1. යකෝ...ඊලග පාටියට ඉන්දියන් කෑල්ලක් අතේ එල්ලගෙන එන්න කැමති නැද්ද?

      Delete
    2. වැටක් ගහල මදි බන්. තව සී සී ටී වී කැමරා දාල, ලොකු ස්පොට් ලයිට්ස් දාල නිදාගන්නෙ නැතුව මුර කරමු. "රන් වැටක් ඇත සිව් කොනේ" කියල නම් කියන්න බයයි, අරුන් ටික ඇවිල්ල වැට රත්තරන් කියල කපන් යයි.

      Delete
  6. අම්මට සෝරෑ...එල ද බ්‍රා
    Buying Office එකක් දාලා දෙනවා වටේම ප්‍රැක්ට්‍රි වලට පෑන්ටි ඔඩරස්...
    ගන්නවා ලැම්බෝ ගිනියක්..
    චෙෆාට කතා කරලා පාටියක් ලැහැස්ති කරනවා..
    ඉන්දියාවට ගිහින් අරගෙන එනවා අඔ රසැති අරක්කු
    ඉයනයාගේ වාහනේ හුලං අරිනවා පාටිය දවසට
    ලැප් එක ගෙනල්ලා හින්දි සිංදු දානවා..ඉයනයාගේ එක සිදුංවක් අහන්න දෙන්නෙ නෑ අනිත් එවුන්ට
    කැබරේ ඩාන්ස් එකකට මධුරි හරි රායි හරි එක්කරගෙන එනවා.
    බිලා ඉවර වෙලා “ඉයන් මචං මම උඔව ගිහින් දාන්නම්“ කියලා..ඉයනයාව රාඡගිරිය හන්දියට මෙහා පාලු පාරක දාලා යනවා..

    සහෝදරවරැනි ඉයන්ගේ කුමන්ත්‍රනයට අහුවෙන්න එපා...අපි ඡිවිත පරිත්‍යගයෙන් මේ පාලම ඉදිකල යුතුයි..
    මේ පිලිබද මගේ කටහඩින් සහ රංගනයෙන් යුක්ත ඔබ දැනුවත් කිරිමේ විඩියෝ ඉදිරිපත් කිරිමක් බලාපොරොතු වන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් මම මේ අපේ රැස්පට් එක තියාගන්න කරන මේ අහිංසක උත්සාහය උඹ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් අප්සෙට් කරන්න හදනවනේ. බයවෙන්න එපා උඹට මම ලංකාවේ ගෑණුන්ගෙන් බැරිනම් මිනිස්සුන්ගෙන්වත් බ්‍රා ඕඩර්ස් හොයල දෙන්නම් මේ වැඩේට සප් එක දීපන්.

      Delete
    2. රායි කියන්නෙ ප්‍රියා රායි වෙන්ටැ
      හොදා හොදා
      බ්‍රා බිසිනොස් එකක් න් කරගත්තැකි. ඒ අස්සෙං ජම්ගි ටිකක් ඕනනං හුරේනි අක්කව අල්ලං මා කටින් පාරකුත් දාමු.
      හැක්

      Delete
    3. අර ඉස්සර මෙන්ඩා පින්තූරේ බලබලා *තේ ගහපු ඉන්දියාවේ ආශ්චර්‍යය කරපු රායි වෙන්න ඇති.

      Delete
    4. චෑ..අපේ කෙල්ලෝ වගේද.. ආශ්චර්‍යය හොද කෙල්ල..ඇස් දෙක පියාගෙන ලගට ගෙන්න ගත්තාහම කිසි දෙයකට බෑ කියන්නෙ නෑ..හැරෙන්න පෙරෙලේන්න..ඔන දෙයකට ඔට්ටුයි..

      Delete
    5. මධුරි / ආශ්චර්‍යය දෙන්නවම සක්ක්‍ර දෙයියෝ දර කපන පොරට ගෙනල්ලා දුන්න කතාව දන්නවද?

      Delete
  7. කෙලිම්ම ඔට්ටේලියාවට පාලමක් ගැහුවනම් ඉවරනේ

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම කියපන් කට්ටියට විචා. මොඉකද උන්ට තේරෙන්නෙන් නැහැ ඔස්ට්‍රේලියාවයි ලංකාවයි අතර තියෙන ගැඹුරු මුහුදේ ඔහොම පාලම් ගහන්න බැහැ කියල. අනික ඔස්ට්‍රේලියාවෙම ඉන්නෙ මිලියන් විස්සයි ඒ උනාට ආසියා ගොඩමිබ් කොටසේ බිලියන හතරකට කිට්ටු වෙන්න ඉන්නවා කියන එක උන්ට තේරෙන්නේ නැහැ. අපි කියමු ඉස්සෙල්ලා ඔස්ට්‍රේලියාවට පාලමක් හැදුවොත් විතරක් ඔය පාලමට කැමති වෙනව කියල. එතකොට ඕක මේ කපේදි කෙරෙන්නේ නැහැ.

      Delete
  8. ඔය පාලම ඉදි කලොත් පාලමට උඩින් කොක්කු යයිද බං ?

    ReplyDelete
    Replies
    1. පාලම නැති උණත් අපේ වැඩි හරියක් ලංකාවේ ඉන්නෙ පාලම් කොක්කු නිසා කොහොම හරි අපේ ප්ලෑන් එක හරියයි.

      Delete
    2. ඇයි බං
      පන නැති කොක්කූ
      පට කොකා

      Delete
  9. අයියේ නොදන්න කමට අහන්නේ...

    පාලමේ හයි ඉස්පීඩ් අල්ලන්නේ මෙහේ ටැපික් එකෙන්ද එහේ ටැපික් එකෙන්ද... මොකෝ සල්ලි ජාති දෙකක් අරගෙන යන්න වෙනවා.. මැද්දෙදි ඇල්ලුවොත් හෙම..

    අනේ අයියේ ලයිසන් එක තියාගෙන දඩ කොල නම් දෙන්න එපා කියන්න.. ආයේ වීසා ගන්න වෙයි නේද...?

    කරුණාකර දැණුම්වත් කරන්න අයියේ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි මල්ලියේ ඕකත් කියත ඇහැකි. අපි කියමු ලංකාවේ ලයිසොං එක ඉන්දියන් කාරය අරගෙන ඒකට ඉන්දියන් උසාවි දායි කියල. උන්ට තේරෙන එකක් නැහැ අර ඔටෝමොබයිල් අසෝශියේශන් එකෙන් ලංකාවේ ලයිසන් එකට ඉන්ටනැශනල් ලයිසොං එකක් දෙනවය ඒකෙන් පිටරවල් ඔක්කොමගේ වගේ අවුරුද්දක් වාහන එළවන්න පුළුවන් කියල. ඕනන්ම් කියමු පාලමේ හයි ස්පීඩ් අහුවුනොත් කාර් එකත් එක්ක මූදට දානවා කියලත්

      Delete
  10. අවාසි ගොඩක්ම පෙන්නල දීල නිසා එකතු කරන්න වැඩිදෙයක් නැහැ. එතකොට ඔය පාලම දිගේ ට්‍රිප් යන අය කෑම කාල ඉතුරුවෙන ඒවා මුහුදට දැම්මහම වෙන පරිසර දූෂණය. ටොයිලට් පුරුදු නැති ඉන්දියන් කාරයෝ (පුහ්! අපි උන්ට වැඩිය කොයිතරං දියුණුද?) පාලම දෙපැත්තේ ඔය වැඩෙත් කරන්න බැරි නෑ. ඕවට රහවැටිල දකුණු මුහුදේ මාළු ඔය පැත්තට පීනුවොත් දකුණේ ධීවරයින්ට හුලං තමයි. අපේ හාමුදුරුවරු කෝච්චියේ ඉන්දියාවට වැඩලා බණ කියන්න ගත්තොත් අපිට හදිස්සියකට බණකට දානෙකට හාමුදුරු කෙනෙක් හොයා ගන්නත් අමාරු වෙනවා. ඔක්කොටම වැඩිය මේකෙන් රට බෙදෙන්නත් පුළුවන්. පාලමෙන් උඩ පැත්තයි යට පැත්තයි කියල. (පාලමේ ඉර දිගටම නැගෙනහිර වෙරළටම දික් කළානම් ලංකා සිතියමේ දෙපැත්තට පාට දෙකක් දාල ෆේස්බුක් එකේ ෂෙයා කරන්නත් තිබුණා!)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං මේ ටික මතක් කරාට. ඒ ටික වැදගත් නිසා ඒවා පෝස්ට් එකට එකතුකලා.

      Delete
  11. වැඩක් නෑ ඉයන් කතා කරලා... මේක ඇවිත් අම්මට සිරි ලංකාව.. ඒ හින්දා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න තැනට මිනිස්සු පත්වෙලා...
    අර මෙන්ඩට මොකෑ වෙලා තියෙන්නෙ? එදා අඹ වැඩි වෙලා තාම මතේද..?

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ ඔය පාලම ගැන හිතල දැන්ම හිටන් හීනෙනුත් ලැම්බ්‍රොගිනි වල යනවා පේනවා. ඒක නිසා අර රඹුටන් ගහේ කථාව වගේ මිනිහා දැම්මම අපිට චැලේන්ජ් කරනවා. නිකමට හිතපන් පාලම ආවොත් ඕක අපිට ඉන්න දෙන්නෙ නැහැ. අර හිටපු රජ පුතාට හපන් වෙන්න පුලුවන්.

      Delete
    2. මගේ පැක්ට්‍රිස් වල ෆිටෝන් කරන ඒවාගේ පෝටො ගහන්න කැමාව ගන්නවා..
      ඔකා කෙල්ල ඉස්සරහා ලෑඡ්ඡාවෙන් ඈඔරෙන හැටි මැවිලා පෙනෙනවා...
      මම ලැම්බ්‍රොගිනියේ යනකොට කැමාට හෝන් එකක් ගහලා පාරේ දාලා යනවා..

      Delete
    3. මේවා විජාතික කුමන්ත්‍රණ...

      Delete
    4. මෙන්ඩ දන්නෙ නැහැ ලැබ්‍රොගිනි වල හෝන් එකක් නැහැ කියල.

      Delete
  12. කොරලා බලමු කියලා තමා ඉතින් කියන්න වෙන්නේ......................

    ReplyDelete
    Replies
    1. ඔව් මචං කොහොම හරි අපේ තත්ත්වෙ බේර ගන්න සහයෝගය දීපන්

      Delete
    2. දැන් කොයිකද කරලා බලමු කියන්නේ?
      Buying Office එකක් දාලා දෙනවා වටේම ප්‍රැක්ට්‍රි වලට පෑන්ටි ඔඩරස්...?
      ගන්නවා ලැම්බෝ ගිනියක්..?
      චෙෆාට කතා කරලා පාටියක් ලැහැස්ති කරනවා..?
      ඉන්දියාවට ගිහින් අරගෙන එනවා අඔ රසැති අරක්කු...?
      ඉයනයාගේ වාහනේ හුලං අරිනවා පාටිය දවසට...?
      ලැප් එක ගෙනල්ලා හින්දි සිංදු දානවා..ඉයනයාගේ එක සිදුංවක් අහන්න දෙන්නෙ නෑ අනිත් එවුන්ට...?
      කැබරේ ඩාන්ස් එකකට මධුරි හරි රායි හරි එක්කරගෙන එනවා....?
      බිලා ඉවර වෙලා “ඉයන් මචං මම උඔව ගිහින් දාන්නම්“ කියලා..ඉයනයාව රාඡගිරිය හන්දියට මෙහා පාලු පාරක දාලා යනවා..?

      Delete
    3. එහෙම කියල බෑ කුරුටු. ඔය මෙන්ඩා සද්ද නැතුව තියන්න ඕන නම් මේ පාලමට කොහොම හරි විරුද්දව පාරට බහිමු. ඔය පාලම හැදුවොත් ඌ අපිටත් බ්‍රාස් අඳලා තමයි පස්ස බලන්නේ.

      Delete
  13. මේ දාන්න යන්නේ ඉන්දියාවෙන් ලංකාවට පාලමක් ද? ලංකාවෙන් ඉන්දියාවට පාලමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹට තේරුණා. ඔය පාළම දාල ඒක වන් වේ කරන්නලු නරේන්ද්‍ර මෝඩියා හදන්නේ කියලත් ප්‍රචාරය කරමු. එතකොට ඔක්කොම ඉන්දියන් කුණු ලංකාවට එවන්න තමයි කියල මිනිස්සු බය කරමු.

      Delete
  14. අනික ඔය ඉන්දියා‍ෙවෙේ ඒඩ්ස් කාර‍ෙයෙොෝ හරියට ඉන්නව ඒකල ඔය පාලම දි‍ෙගෙේ ඇවිත් අපිට ඔව්වා ‍ෙබෙොෝකරන්ඩත් ඉඩ තියනය

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙන් බෝ වෙන්න ඉස්සර උඔට ලෙඩේ කම්මලයාගෙන් බෝ වෙලා..

      Delete
    2. ඔන්න බලපන් උඹට තේරුණා. දැන් ලංකාවේ ඒඩ්ස්, ඩෙන්ගු, කුකුල්ගුණ්යා, හරක්ගුණ්යා, වගේ ලෙඩ කිසි එකක් නැති එකේ, ඔය ඔක්කොම ලෙඩ ටික ලංකාවට එන්න පුළුවන් මේ පාලමෙන්. හරිනං අපි කටුනායක එයා පෝර්ට් එකයි කොළඹ වරායයි දෙකම වැහුවනන් අපිට ඉහෙන් බහින ලෙඩක් නැතිවෙයි ඔය ඉඳල හිටල වැරදිල හැදෙන ගොනෝරියා පාරක් හැරෙන්න.

      Delete
  15. අනික ඔය ඉන්දියා‍ෙවෙේ ඒඩ්ස් කාර‍ෙයෙොෝ හරියට ඉන්නව ඒකල ඔය පාලම දි‍ෙගෙේ ඇවිත් අපිට ඔව්වා ‍ෙබෙොෝකරන්ඩත් ඉඩ තියනය

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙන් බෝ වෙන්න ඉස්සර උඔට ලෙඩේ කම්මලයාගෙන් බෝ වෙලා..

      Delete
  16. භුතයක්ගෙන් පාලමක් ඉල්ලපු කතාවක් තියනවා මතක් කරපන්

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොටම වගකියන්න ඕන රනිල් බූතයා. අනේ අපේ අප්පච්චි. උන්දෑ හිටියනං අපිට මෙහෙම බය වෙන්න ඕන නැහැනේ. අමුඩ ලේන්සුව පේන්න සරම කැපට ගහගෙන ඔබාමට ඔහ් නෑ නෑ මෝඩිට ටෙලිෆෝන් එකෙන් දෙකක් කථා කරල. ගොඩක් වෙලාවට එහෙම කරන්නේ බැටරිය නැති ෆෝන් එකකින්. බලං ඉන්න උන් ඕව දන්නවයෑ?

      Delete
  17. ඕනේ නම් ඔය දැනට තියෙන ආදම්ගේ පාලම හරහා ඇලක් කපලා සේතු සමුද්‍රම් කරන්න කියමු , ලංකාව වටේ යන්නේ නැතුව ෂෝට්කට් ගහලා නැව් වලට යන්න තියෙන පාර අවහිර කරන පාලම හැදීම වහා වලක්වමු, වේස හිතෛශීනි හුටා වැරදුනා දේශ හිතෛශීනි වහා එක්වව්

    ReplyDelete
    Replies
    1. පාලම හදපුවාම මම ලැම්බ්‍රොගිනියේ ගිහින් බයිට් එකට වැඩිපුර වඩේ මුරැක්කු අරගෙන එන්නම්..ඒ හින්දා උඔ මේ පාලම හදනවට විරැද්ද වෙන්න එපා..
      අනික බං ඉයනයා ලියපු කන්කරච්චල් සිංදු වගේද හින්දි සිංදුවක් අහනකොට ඇගට දැනෙන සනිපේ..

      Delete
    2. මචං ඉවාන් අර සේතු සමුද්‍රම් ප්‍රොජෙක්ට් එක ආවම විසාකාපට්නම් වගේ වරායවලින් කොළඹ වරාය නැත්තටම නැතිවෙනවා තමයි. එතකොට තව රස්සාවල් ටිකක් නැතිඋනාම රස්සවල් ටියෙන අපිට තවත් හොඳයිනේ. මේ පාළම ආවොත් කරුණානිධිගේ ඒ ප්‍රොජෙක්ට් එක සුනේ සුන්. ඒකනිසා අපි කරුණානිධි උත්තමයාට කරන උදව්වක් වශයෙන්වත් අපි පාලමට විරුද්ධ වෙමු

      Delete
  18. ඔය පාලම හදන එක ගැන ලොකු අවබොධයක් තවම නැති නිසා ඒ ගැන ලොකු අදහසක් දක්වන්න තවම හරියකට බැහැ.නමුත් මට හිතෙන්නේ ඕකේ හොඳත්,නරකත් දෙකම තියන්නේ පුළුවන් කියන එකයි.මේ ගැන තාමත් හරි සංවාදයක් රටේ ඇති වෙලා නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මනෝජ්. අපිට තියෙන්නේ කොහොම හරි කටුනායක එයා පෝට් එකයි, කොළඹ වරායයි දෙකමත් වස්සවන්න. කොච්චර රටට වාසිද. අපිට අල බතල මඥ්ඥොක්කා ටිකක් කාල රා කළයක් බීලා, සින්දුවක් කියාගෙන ඉන්න පුළුවන්නේ.

      Delete
  19. ඔය නිකන් දෙන දේවල් වල මොනා හරි නූල් සූත්තර තියේ කියලනේ කියන්නේ...මොන නූල් සූත්තර තිබ්බත්, ඉයන් ගොයියා ලියල තියෙන හොඳ කාරනා ටික ඉස්ට සිද්ධ වෙනෝ නම් මරුනේ....
    ඔහොම පාලමක් තියෙනවා සවුදි දහරාන් නගරයයි බහරේන් රාජ්‍යයයි සම්බන්ධ කරන...ඒක හැදුවේ මොකද කියල දන්න අය මේ ගැනත් එහෙම හිතුවොත් හොඳා...
    කරුමේ කියන්නේ අපේ මල ඉලව් දුකටපත් කම නිසා හැම මලදානේම (විදානගේ ඇරෙන්න ) මොකා හරි දන් දෙනකන් ඉන්න වෙන නිසා අපිටමය කියලා දෙයක් කොරගන්න විදියක් නැති හැටි හැබෑට...

    ReplyDelete
    Replies
    1. ඒකනේ චෙෆාකි. නිකන් දෙන අස්සයා මරාගෙන කන්නෙ නැතුව ඩෙන්ටිස්ට් ගාවට අරිනවා වගේ නේ. ඔය පාලමට සපෙඔට් කරන මෙන්ඩලා එහෙම කියනවා ඔය පාලම දාගෙන මොකක් හරි ප්‍රශ්ණයක් ආවොත් ඇතුල්වෙන ගේට්ටුව වහල දාන්න පුළුවන්ලු, එහෙමත් බැරිනම් අර හොර එල් ටී ටී ඊ එක දාල කොටසක් පුපුරවල දාන්න හරි පුළුවන්ලු. මූ නම් හරිම ජාතික පොළේ ද්‍රෝහියෙක්.

      Delete
    2. එල් ටී ටී ඊ එක දාල කොටසක් පුපුරවල දාන්න හරි පුළුවන්ලු. මූ නම් හරිම ජාතික පොළේ ද්‍රෝහියෙක්.//
      එහනම් මටත් ඇමතිකමක් ලැබෙයි..

      Delete
  20. කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
    එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
    ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා - පාරුව ඇතුලට
    ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
    කවුරුවත් නැ කවුරුවත් නැ...

    දවසින් දවසම පාලම හැදුනා
    පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
    කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
    ගම හැරදා යන්න ගිහින්...

    කවුරුවත් නැ කවුරුවත් නැ....//

    දෑතේ අතැගිලි හබලට ගෙවුනා
    ගෙනියන්නට බැරි මහ බර තිබුනා
    මෙතුවක් නොම ගිය බර අද දවසේ
    මට හිනැහීගෙන යනවා රහසේ

    කවුරුවත් නැ කවුරුවත් නැ....//

    ගායනය - අමරසිරි පීරිස්
    ගී පද : හේමසිරි ගුණතුංග
    සංගීතය : ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සින්දුඇනෝ. මම හිතුව සින්දුවක් හොයා ගන්න බැරි මාතෘකාවක් ලිව්වයි කියල. එව්ව කොහෙද නේද?

      Delete
  21. ටොයිලට් පාවිච්චිය ගැන එච්චර මනාපයක් නැති ඉන්දියන් කාරයෝ පාලමේ ගැට්ටේ ඉඳගෙන අර වැඩේ කළාම, ඒවට රහ වැටිලා දකුණු මුහුදේ ඉන්න මාළු උතුරට පීනලා ගියාම දකුණේ ධීවර ප්‍රජාවට යන එන මං නැතිවෙනවා

    මම නම් මාළු කන්නෙම නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. මචං මමත් ඉකොනොමැට්ට ඕක ගැන කියනකං හිතාගෙන හිටියේ ඔය අපේ මාළු උදේට කෝන් ෆ්ලේක්ස්, දවල්ට ඇපල් ගෙඩියක් හරි කෝපරෙට් ෆන්ක්ශන් එකක් තිබ්බොත් ෆඉව් ස්ටාර් බුෆේ එකක් කාල, රෑට කෝසස් කාල ඉන්න ජාතියක් කියලනේ. බලපල්ලකො අපි මෙච්චර කල් කාල තියෙන ජාති. මගේ ඇඟේ මාළුත් නටනවා (හින්දි ටියුන් එකකට).

      Delete
  22. අපොයි පාලම් නම් එපා. එපාමයි.

    //ඉන්දියාවේ ඉන්න රස්සාවල් නැති එවුන් ඔක්කොම මෙහෙට ඇවිදගෙන ඇවිල්ල අපේ රස්සා ටික නැතිවෙයි කියල ඔය කලා උපාධි එහෙම කරන විශ්ව විද්‍යාල ළමයි ටික පාරට බස්ස ගන්න බලපල්ල. ඔය ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ පිටරට කෙනෙක්ට ලංකාවේ රස්සාවක් කරන්න නම් වර්ක් පර්මිට් ගන්න ඕන කියල. අනික ඒ වර්ක් පර්මිට් දෙන්නේ මෙහෙ ඒ රස්සාවට මිනිස්සු නැහැ කියල ඔප්පු කරාම කියලත් උන් දන්නෙ නැහැ//.

    මේක නම් සහතික ඇත්ත.

    අපේ මිනිස්සු සෑහෙන්න බය වෙලා තියෙන්න වෙන මොකටවත් නෙමේ. ඔන්න ඔය රස්සවල් ප්‍රශ්නය ගැන තමා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔක්කොම රස්සාවල් නැතිවෙනවා. ඊට වඩා ප්‍රශ්ණේ වෙන්නේ රස්සාවල් කරන වුන් ඔක්කොම හින්දි වලින් කථා කරන කොට අපිට ෆුල් හොල්මන් වෙයි. අපි ඉතින් දන්නෙ "ලාම්පුරේ පෙයාර්කරදේ" වගේ හින්දි වචන පොඩ්ඩනේ.

      Delete
  23. බෑ බෑ. ඉයන් මොනව කිව්වත් පාලම නොහද බෑ. කොල්ලනේ, කෙල්ලනේ වරෙල්ලා මේ ඉයනයාට විරුද්දව කෑ ගහපල්ලා. මෙන්ඩෙ මෙන්න නියම ජාතිද්‍රෝහියෙක්. පාලම හැදුවම කාටද හොඳ? අපිටත් ඉන්දියාවට ගිහින් ඔය පොඩි ෆන් එකක් අරගෙන එහෙම එන්න බැරියැ. හැබෑටම මුන්ට මේව තේරෙන්නෙ නැති හැටි.අපිටත් ඉන්දියාවටම ගිහින් අඩු ගානට වාහනයක් පැදගෙන එන්න තියෙන එක නේද මේ නැති කරන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹ අහසින් එන එකා. උඹට පාලමක් මොකටද? උඹට තියෙන්නේ සුරුස් ගාල හරි බ්‍රූම් ගාල හරි උඩින් ගිහින් ඕන ෆන් එකක් ගන්න එකනේ. ඔය පාලම නිසා රට බෙදෙන්න පුළුවන් කියලා තේරෙන්නෙ නැද්ද? අනික මෝඩියට ඕනනම් ඔය පාලම අපේ අති උත්තම රජතුමා ඉන්න කාලේ කිව්වනම් චීනෙන් ගිණි පොලියට අරගෙන මුළු පාලමම දාල දෙනවනේ. මදි නම් අපේ ගානේ ඉන්දියාවේ හයි වේ එකකුත් හදල දෙනවනේ. අපේ කට්ටිය ලෝස් නැතුව ඔය ණය පරම්පරා පණස් හතරකින් ගෙවල දානවනේ. මොකටද එයා සෙත්තපොච්චි වෙනකන් හිටියේ

      Delete
    2. ඔයාගේ මේ අළුපාට කමෙන්ට් බොක්ස් එකේ අකුරු ෆෝන් වලින් කියවනකොට .හරියට ඇහැට පේන්නැ ඉයන් මහත්තයෝ, අපට අනුකම්පා කරල හදමුකෝ

      Delete
    3. මටනම් ඔය ඕන එකක්. ඒත් අනිත් මිනිස්සුන්ට? තව ටික දවසකින් වාහන ගිනි ගනන් ගියහම ඉන්දියාවට පුස් බයිසිකලේ ගිහින් ඒකත් ලොකු වාහනේක දාගෙන ආයෙ එනවා. නැත්නම් දැන් රෝද හතරක් තියෙද්දි රෝද දෙක මොකටද කියලා ඔය අටමගලෙ විසිකරල එනවා. මේ පාලමේ ප්‍රයෝජනේ මේ ඉයනයා දන්නැතිහැටි. හැබෑටම මූට අමු කැවිලද? ඔව් ඔව්. නැත්නම් මේකට අකමැති වෙයිද?

      Delete
    4. මචං මම දන්නෙ නැතුව නෙමෙයි. ඔයා පාලමෙන් රට දියුණු වෙලා ලංකාවෙන් උඩ භාගෙටත් සංවර්ධනය ඇවිල්ලා රස්සාවල් එහෙම වැඩි වුණාම අපිට තියෙන තැන නැතිවෙනවනේ. එකයි මම මේකට බොක්කෙන්ම, මුළු උන්ඪුක පුච්චයෙන්ම , ඒ කියන්නෙ එක හෙලාම, විරුද්ධ. ඕක ඔය මෙන්ඩලාට එහෙම කියන්න එපා.

      Delete
    5. අහසෙන් එන්නා
      එල ද බ්‍රා කොල්ලෙක්..
      ගහපන් මචං..ෂෝට් එකක්..මේවා ඉන්දියාවෙන් ගෙනාපු ගල් අරක්කු..
      මරැටි හතරක් ගෙනල්ලා ඉයනයාගේ වාහනේ හතර පැත්තෙන් පාක් කරනවා ඌගේ වාහනේ ගන්න බැරිවෙන්න..

      Delete
    6. //ගහපන් මචං..ෂෝට් එකක්..මේවා ඉන්දියාවෙන් ගෙනාපු ගල් අරක්කු..//
      නෙදකින් තොපි තමයි අර යස අගේට තිබුන "ගල් බලකාය " ඉතාලි කුමන්ත්‍රණ වලින් නැති කලේ .දැන් මෙතැන ඉන්දියන් ගල් අරක්කුත් ගෙන්න යනවා ....ඉන්දියාවෙන් වෙන මොනා හරි ගල් ගෙනාවත් උඹ අපේ ජාතික පානය ගෙන ඒමට උත්සහ දැරීම ගැන බලවත් මෙව්වා එක ප්‍රකාශ කරනවා .මිට වඩා හොදයි හිඟුරාන රවුන්ඩප් ගහනවා .. ගල් බලකාය ප්‍රතිසංවිධානය කරන්න කාලේ හරි වාගේ .........අලුතින් සාමාජිකයන් බඳවා ගනු ලැබේ .

      Delete
    7. සින්දුවා, ඔය දැන් තියෙන ගල් බලකායේ අර කැඳවුම්කරුද මොකාද කියන මෙන්ඩා, ජාතික පොලේ ද්‍රෝහියෙක්. අහපං චෙෆාකි ගෙන් මූ බොන්නෙ මොනවද කියලා. එදා කමියගෙ පිටිපස්සෙන් ඉඳගෙන ඌ බිබී හිටපු සිංගල් මෝල්ට් එක බිව්වෙ. මූව දාන්න තියෙන්නෙ ගල් බලකායට නෙමෙයි සිං'ගල්' බලකායට

      Delete
    8. එහෙනම් මෙන්ඩො චියර්ස් කිව්වා. ගහමු අද නැතිවෙන්න. ගල් අරක්කු නෙවෙයි ඉන්දියාවෙන් ගේනවනම් වහ කුප්පියක්හරි බොනවා. ඉයන්ගේ වාහනේ හතරපැත්තෙන් හතරයි උඩින් එකයි මරුටි ගහමු.ඇයි ඩේවිඩ් පීරිස්කාරයට සල්ලි නොදී කෙලින්ම ඉන්දියාවෙන් බයික්, ත්‍රීවීල් ගේමු. තව ගාමන්ට් දාලා ඉන්දියාවෙ ගෑනුන්ටත් බ්‍රා අන්දමු.

      Delete
    9. කසුන් ඔය මෙන්ඩ වගේ නෙමෙයි උඹ හොඳ එකානෙ. එක මරුටියක යතුර කටේ තියපං, මම ඒක අරන් යන්නං

      Delete
  24. පාලම හදපුහාම ඉන්දියාවට යන්න පාස්පෝට් වීසා ඔ්න්නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ මොනවත් ඕන නැහැ. වෙන එකක් තියා යන වාහනේට පෙට්‍රල් ගහන්න ඕනත් නැහැ. ඒ කියන්නෙ ඩීසල් වාහන වලට

      Delete
    2. අවංක
      බලපන් ඩිසල් වාහනයකට පෙට්‍රල් ගහන්නේ නැතුව යන්න පුලුවන් කියන එකම මදෑ මේ පාලම හදන්න..

      Delete
  25. ලංකාව දියුණු කරන්න අමාරු ඕක තියෙන තැන හන්දා. ඕක ඉන්දියන් සාගරේ නැතුව අත්ලාන්තික් සාගරේ හරි පැසි‍ෆික් සාගරේ හරි තිබුනා නම් මෙලහකට අපි සෑහෙන ඉස්සරහින් ඉන්නේ.

    මම නම් කැමති ඉන්දියාවෙන් තව ටිකක් ඈතින් තිබුනනම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. ඒ වුණාට ඕව වෙනස් කරන්න බැරිදේවල්නෙ. කොහොමද ලංකාව මැද පෙරදිග අර පලස්තීනෙට අල්ලල තිබුණනම්.

      Delete
    2. Hey Dude, I was just kidding.

      Delete
  26. ඔයාගේ මේ අළුපාට කමෙන්ට් බොක්ස් එකේ අකුරු ෆෝන් වලින් කියවනකොට .හරියට ඇහැට පේන්නැ ඉයන් මහත්තයෝ, අපට අනුකම්පා කරල හදමුකෝ

    ReplyDelete
    Replies
    1. මචං දැං හරිද?

      Delete
    2. ඔකට කියන්නෙ හතලිස් ඇදිරිය..
      අටමා...මයේ කොල්ලෝ උඔ පාලම හොදයි කියපන් ඒතකොට මම උඔට ඉන්දියාවෙන් ඇපල් හරි පෙයාර්ස් ෆෝන් එකක් ගෙනත් දෙන්නම්..

      Delete
  27. ඒකතමයි. තුන්ලෝකෙම අල්ලගෙන හැම කලාවම හැම විජ්ජාවම විශ්වයටම ඉගැන්නුව හෙලම හෙල රාවණා අදිරාජයාවත් පාලම් හැදුවෙ නෑ. සීතව ඉස්සුවෙත් දඬු මොණරෙන්. ඒකනෙ ඔය අපිට වගේ උඩින් යන්න බැරි නොදියුණු ඉන්දියන් කාරයො හනුමට කියල ගල් බ්‍රිජ් එකක් හැදුවෙ.

    අනිත් එක බටහිර කුමණ්ත්‍රණ කාරයො විදුලි පුටුව පාලමෙන් ගේයිද දන්නෙත් නෑ. අපොයි එපා පුලුවන්නම් රට වටකර වැටක් ගහල කට ඇරගෙන බක බක ගාල ලිඳේම ඉම්මු

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රාජේ , අර මහා රාවණා කියල කියන කොට ඒ ගමන්ම ශ්‍රී දඩ බඩං !! කියල මොකක්ද එකක් කියන්න ඕන නේද? රවී තමයි ඒක දන්නේ. ඇත්තටම ලිඳ කොච්චර කූල්ද. ඒ සී ඕනත් නැහැ. ඔන්න ඔහෙ සෙවල ටිකක් කාල, සෙවට ටිකක් හලල, දෙයියනේ කියල ඉන්න එකනෙ. ලිඳ හිඳෙනකන් වත්.

      Delete
    2. ආ ඔව්. රවි කියනව "ශ්‍රී සපත්තු සිල්ලරට" කියල. ඒක රාවණා කාලෙ දණ්ඩුමොනරෙ බාන්න බැරි තැන්වලට ටෙලිපෝර්ට් කරනකොට යෙදුන පාස් වර්ඩ් එකක් කියල තමයි රවියාණන් කියන්නෙ.
      "Beam me up Scotty" වගේ.

      Delete
    3. විහිළු පැත්තක උඹේ නිර්මාණ හැකියාව සුපර්.

      Delete
    4. "ශ්‍රී සපත්තු සිල්ලරට"

      Delete
  28. ඕකුන් ඔය හදන්නෙ හදපු ගමන් වාහන මෙහෙට එවන්ඩ , එතකොට අර හම්බන්තොට වරාය වහන්න වෙනව. මේව කුමන්ත්‍රණ තමයි

    ReplyDelete
    Replies
    1. තනිකරම කුමන්ත්‍රණ අන්න එහෙම තමයි අපි කියන්න ඕන. මේ සිංහලට වචනෙට මෙච්හර පිළිගැණීමක් සහ බලයක් ලබා දුන්න වීර සංගිලි උතුමාට තවත් උප්පැන්න සහතිකයක් ලැබෙන්න වාසනාව ලැබෙන්න ඕන. පාලම තිබුණොත් ඔය කවදහරි දවසක මෙහෙ වාහන හැදුවොත් ඒවා එහාටත් යවන්න පුළුවන් නේද කියල ඇහුවොත් කියන්න තියෙන්නෙ හදන්නෙ වන් වේ පාලමක් කියල.

      Delete
  29. මෙතන ඇමරිකින් ඩොලර් කුට්ටි තීනවා ඔව්....ඒම කියල කොමෙන්ට් එකක් දාලා දැක්කේ නෑ වගේ යන්න ඕනි

    ReplyDelete
  30. අපිට වාරනාසි යන්න ඒ ඇත්තන්ට සීතාව හිරකරන් හිටිය කියල තැනක් හදල හෝ අවුරුදු පතා ලස්ස සංඛ්‍යාත ඉන්දියානුවො ගෙන්නගන්න ආදී වශයෙන්...

    ReplyDelete