Tuesday, December 30, 2025

හිමිකාරිත්වය සහ මෙහෙයුම් වෙන් කිරීම පොදු බස් ප්‍රවාහන පද්ධතිය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇත




රට තවමත් සංවර්ධිත රටවල මට්ටමට ළඟා වී නොමැති ක්ෂේත්‍රවලින් එකක් වන්නේ පොදු ප්‍රවාහන පද්ධතියයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එහි ව්‍යුහයේ මූලික දෝෂය සැලසුම්කරුවන් විසින් හඳුනාගෙන නොමැති වීමයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලික බස් රථ හිමියන් 10,000ක් සිටින අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (CTB) ද පවතී. පුද්ගලික අංශයට අයත් බස් රථ 16,000ක් ඇති අතර, CTB සතු බස් රථ 3,000–4,000ක් පමණ ඇත. CTB සහ පුද්ගලික හිමියන් දෙපාර්ශ්වයම බස් සේවා මෙහෙයවයි.

මෙම ගැටලු සඳහා විසඳුම වන්නේ අයිතිය (ownership) සහ මෙහෙයුම් වගකීම (operation) වෙන් කිරීමයි. එහිදී එක් භූගෝලීය ප්‍රදේශයකට එක් මෙහෙයුම්කරුවෙකු පත් කළ යුතුය. එම මෙහෙයුම්කරුවන් බොහෝ දුරට පළාත් මට්ටමේ ආයතන වනු ඇත. රට පුරා මෙහෙයුම්කරුවන් නවයක් සිටින අතර, එක් එක් පළාත තුළ බස් ප්‍රවාහනයට ඔවුන් වගකිව යුතුය. දසවන මෙහෙයුම්කරුවෙකු අන්තර් පළාත් මාර්ග සඳහා වගකිව යුතුය. මෙම සියලු පළාත් ප්‍රවාහන අධිකාරීන් (මෙහෙයුම්කරුවන්) පළාත් සභා යටතේ ක්‍රියාත්මක විය යුතුය.

උදාහරණයක් ලෙස, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය (හෝ WPC සතු සමාගමක්) බස්නාහිර පළාතේ බස් සේවා සඳහා වගකිව යුතු මෙහෙයුම්කරුවා වේ. මෙම මෙහෙයුම්කරුවා ඉල්ලුම් (demand) කාලවල ගමන් අවශ්‍යතා මත පදනම්ව කාලසටහන් සකස් කරනු ඇති අතර, වහාම ලාභ නොලැබුණද ගමන් වාර ක්‍රියාත්මක වන බව සහතික කරනු ඇත. (උදාහරණයක් ලෙස, 176 මාර්ගයේ උච්ච කාලවල (peak time) මිනිත්තු 5කට වරක්, සාමාන්‍ය කාලවල මිනිත්තු 20කට වරක්, මධ්‍යම රාත්‍රී සිට පෙ.ව. 5 දක්වා මිනිත්තු 40කට වරක් බස් රථ ධාවනය කළ හැක.) ඉල්ලුම අනුව මෙම කාලසටහන් ක්‍රමයෙන් වෙනස් කළ හැක.

Wednesday, November 26, 2025

කාඩ් මඟින් බස් ගාස්තු ගෙවන ක්‍රමය තව ඉදිරියට ගෙනියමු

POS terminal Use



බස් ගාස්තු ගෙවීමට කාඩ් හඳුන්වා දීම තාක්ෂණිකව බොහෝ පිටුපසින් සිටින රටේ ගමනා ගමන ක්ශේස්ත්‍රයේ විශාල ඉදිරි පිම්මක් බව මගේ අදහසයි. මේ සමඟම තවත් පහසු තවත් පියවර කිහිපයක් ගැන සටහනක් තමයි මේ.

මේ ක්‍රමය ඉතාම ලේසියෙන් දුම්රිය සේවයට සහ රථ ත්‍රිරෝද සේවාවලට ව්‍යාප්ත කල හැකියි. 

ඒවගේම කාඩ් පත් භාවිතයෙන් ලැබෙන දත්ත යොදා ගැනීමෙන් ගමනාගමන සේවා සඳහා වන ඉල්ලුම ගැන පහසුවෙන් අධ්‍යනය කිරීමෙන් සේවා දියුණු කිරීමට යොදාගත හැකියි. එමෙන්ම බස් හිමියන්ගේ අදායම තක්සේරු කිරීමට සහ බදු සඳහා ඒ දත්ත යොදාගත හැකියි. එය තව දුරටත් දියුණු කිරීමෙන් පාරිභෝගික ද්වාර (customer portal) ක්‍රමයක් හඳුන්වා දී එමඟින් බස් වල ආසන වෙන්කරවා ගැනීමට, දුමිරිය ටිකට් පත් සහ ආසන කලින් වෙන් කරවාගැනීමට ගැනීමට යොදාගත හැකියි. දුම්රිය ස්ථාන වල පිටවෙන දොරටු වලදී මෙම කාඩ් ක්‍රමයම යොදාගෙන ටිකට් නොමැතිව ගමන් කරන්නන් අඩු කරගැනීමට ක්‍රියා කල හැකියි.

ඒ සමඟම කාඩ් භාවිතය සඳහා බස් වලට ලබාදෙන විකුණුම් පර්යන්තයට (POS terminal) ඇති චිප් එක යොදාගෙන බස් ධාවනය කරන වේගය ගැන විස්තර ලබාගෙන අපරීක්ශාකාරීව රිය පැදවීම් ගැන දත්ත මත එවැනි ධාවන අවස්ථා සියල්ලටම දඩ නියම කිරීම කල හැකියි. මෙමගින් අපරීක්ෂාකාරී ධාවනය පැය විසි හතරෙන් නැති කල හැකියි.  නිතර එසේ ධාවනය කන වාහන වල බලපත්‍ර අහෝසි කිරීමට යොදා ගත හැකියි. අනතුරකදී රථය ධාවනය වූ වේගය වැනි තොරතුරු පොලිසියට ලබා ගත හැකියි. මෙම දත්තම යොදාගෙන බස් නැවතුම් සථාන වල ස්ථාපනය කරන ඩිස්ප්ලේ මඟින් මීලඟ බසය පැමිනීමට ඇති වේලාව ප්‍රදර්ශණය කල හැකියි.  බසය කොයි වේලාවේ පැමිනේවිදැයි ආතතියයකින් පසුවන මඟීන්ට මෙය විශාල මානසික සහනයකි. බොහෝ රටවල් මෙම ක්‍රමය දශක ගණනාවක සිට ක්‍රියාත්මක වේ. 

මෙම ක්‍රමය ගැන තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

එමෙන්ම මේ ගැන ප්‍රවාහන අමාත්‍යාංශය මෙන්ම ඩිජිටල් අමාත්‍යාංශයත් වැඩි උනන්දුවක් දැක්වුවහොත් තව වෙනත් කාර්‍යයන් සඳහා මේ ප්‍රවේශය යොදාගත හැකිවනු ඇත.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, November 16, 2025

ඉල් (ill) මහ විරුවන්

පැරාගේ පියා වූ දිවංගත කුලසේකර ජයසිංහ මැතිතුමා



පැරා ඉල් මහ විරුවන් අතර නොකියවෙන නම් ගැන ලියා තිබුණා. ඔහු ගේ විරුවා එවකට ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු නිසා ඔහුගේ දෙමව්පියන් (පියා) විඳි දුක් ගැනයි. විශේෂයෙන්ම ඔහුගේ පියාවූ අභවප්‍රාප්ත කුලසේකර ජයසිංහ මහතා ගැනයි. එය කියවීමෙන්  මට හැඟුනේ ජේවිපී අයගේ මෙන්ම ඔවුන්ගේ විරුද්ධ කණ්ඩායමේ (බොහෝ විට යූ එන් පී ක්‍රියාකාරී දේශපානයේ යෙදුණු අය ) ගේ දෙමව්පියන් කීදේ නාහන දරුවන් නිසා මොනතරම් කටුක කාලයෙක් ගෙව්වාද කියන එකයි.

එහි දැමූ මගේ කමෙන්ට් එක