Thursday, April 12, 2018

නිකං ලැබුණු බූරු ඇඳ - ආත්මීය හිඟනකම.




සල්පිටියේ ධම්මදස්සී හිමි

ලංකා ඊ නිව්ස් - 2018.අප්‍රේල්.12, ප.ව.8.20) මේ දිනවල ITN එකේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සහෝදරයා හි එන දෙබසක් වෙයි. එහි සඳහන් වන්නේ අපේ රටේ ජීවත්වන මිනිසුන්ගෙන් බහුතරයක් හිඟන්නු බවයි.
සැබවින්ම මේ හිඟනකම කියන්නේ ආර්ථිකමය වශයෙන් ජීවිතය පවත්වාගෙන යාමට බැරිකම නිසා හෝ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ දී පවතින අපහසුතා නිසා ඇතිවන හිඟනකම නොවේ. එම ටෙලිනාට්‍ය යෙන් කියන්නේ අපේ රටේ මිනිසුන්ගෙන් බහුතරයක් ආත්මීය හිඟනකමෙන් පෙළෙන බවයි.

මොකක්ද මේ ආත්මීය හිඟනකම...
මගේ මිතුරෙක් දිනක් "මේ ආණ්ඩුව සමරිසි නැතහොත් සමලිංගික සේවනය නීතිගත කිරීම සදහා කටයුතු කරමින් සිටින බව ඇත්තක් දැ"යි මගෙන් විමසීය...
"ඒක ගැන නම් මං දන්නෑ... හොඳයි එහෙම කරනවා නම් ඒකේ වරදක් තියෙනවාද..?"
"වැරදියි නේන්නම්.. අපේ සංස්කෘතිය... අපේ හැදියාව... අපේ ඉතිහාසය.. ඒකට මොකද වෙන්නේ... "
“එතකොට පබාලා වාගේ අනර්කලීලා වාගේ නිළියන් පාර්ලිමේන්තුවට මහින්දගේ කාලේ ගෙන ආපු එක හොඳයිද..? කාන්තාවෝ 150ක් දූෂණය කළ සාරුවා සුනිල්, 150වැනි කාන්තාව දූෂණය කිරීමේ සතුට සැමරීම සදහා සංවිධානය කළ උත්සවයට රටේ ජනාධිපතිවරයා සහභාගි වෙන කොට ඒක සංස්කෘතියට හොඳයිද..? මං දන්නැති හින්දයි ඇහැව්වේ" මම කීවෙමි.
"ඒක කමක් නෑනේ.. ගෑනු දුෂණය වුනාට කමක් නෑනේ.. ගෑනු හදලා තියෙන්නේ ඒකටනේ... ඒක කමක් නෑනේ... ගෑනු වගේද, මේ පිරිමිනේ..".යි මගේ මිතුරා "හික්.... හික්.." ගා සිනාසෙමින් කීවේය. සැබවින්ම ඔහු නුගත් අයෙක් නොවේ. උගත් සමාජ අවබෝධයක් ඇති පුද්ගලයෙකි.
මම ඔහුට කිසිදු පිළිතුරක් නොදුන්නෙමි.
(මොහුට දිය යුතු පිළිතුර කුමක්දැයි මට තවමත් සිතාගත නොහැකිය. කරුණාකර මෙම ලිපිය කියවන පාඨකයින් සුදුසු පිළිතුර සටහන් කරනු ඇතැයි මම අපේක්ෂා කරමි..)

Monday, February 26, 2018

හැලුප් !! හැලුප් !!

Help

පොඩි පහේ හැලුප් එකක් ඉල්ලන්නයි මේ පෝස්ට් එක. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ අඩුම වශයෙන් පැය දෙක තුනක් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට තමයි. වෙන මලදානයක් හොයනකොට අහම්බෙන් යූටියුබ් එකේ වීඩියෝ එකක් බැළුවා. ඒක කොත්මලේ කුමාර කස්සප කියල ස්වාමීන් වහන්සේ නමක් සිඩ්නි වලදි කරන දේශණයක්. මම මේක කීප වතාවක්ම ඇහුවත් තේරුම්ගන්න අමාරුයි. ඒකට හේතුව එක්කො මගේ උපන් මෝඩ කම එහෙම නැත්නම් මගේ බෞද්ධ නොවන පසුබිම වෙන්න පුළුවන්. මේ දේශණය අහන අයට නම් ඔක්කොම තේරෙනවා වගේ තමයි මට හැඟුණෙ. සමහර විට මේක සිඩ්නි වලට ගිහින් ඇහුවොත් මට වැටහෙයිද දන්නෙ නැහැ. ඒවුණාට දැන් එහෙ යන බෝට්ටු සේවය නැහැනෙ.


අන්න ඒ නිසයි ඔබ තමුන්නාන්සේලාගෙන් (copyright - JR/Ravi.W) උදව්වක් ඉල්ලන්නේ. මේක තරඟයක්ම නොවුනත් මේක අහලා ඒ කියන දේ තමන්ගෙම  වචන වලින් වෙන උදාහරණ යොදාගෙන සාරාංශයක් වශයෙන් (වචන 1,500 හෝ උපරිම 2,000 ක්) පෝස්ට් හැටියට දාන පස් දෙනෙක්ට රුපියල් 5,000 ගාණෙ තෑගි දෙන්න පුළුවන්. ඊට වඩා කට්ටිය දැම්මොත් ඒ අයටත් යමක් දෙන්න පරිත්‍යාගශීලියෙක් හෝ දෙන්නෙක් හොයා ගන්න මම උත්සාහ කරන්නම්. සමහර විට වගුවක් එහෙම යොදාගෙන මේක ඊට වඩා අඩු වචන ගණනකින් විස්තර කරන්න පුළුවන් වෙයි. ඒ වුණාට මෝඩ මට සහ ඒවගේ අනික් අයට තේරෙන්න ලියන්න ඕන.

මෙන්න වීඩියෝ එක. මේකේ 18.30 ඉඳල 1.32.00  විතර පැයකුත් විනාඩි දහයක පමණ කොටස තමයි ඔබේ පෝස්ට් එකට යොදාගත යුත්තේ. 





කොහෙ හරි අන්තර්ජාලයේ තියෙන එකක් කොපි පේස්ට් කරල දාන්න එපා.  මෝඩයා වුනාට plagiarism අල්ලගන්න ටිකක් දන්නවා. මේක අහලම ඔබට තේරෙන විදිහට ලියන්න. ඒ ලියන දේ මේ කියන දේට ගැලපෙනවද කියල බලන්න මට තේරෙන්නේ නැති නිසා ඒකට තව කෙනෙක් හොයා ගන්නම්. 

පෝස්ට් එකක් විදිහට දාන්න බැරිමනම් පමණක් ඊමේල් එකක් විදිහට එවන්න.  අනේ පින් අයිති වෙයි මාර්තු 5 ට පෙර මේ හැලුප් එක කරන්න. 



අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Thursday, February 1, 2018

ජනපති සිරිසේන මොකාටද එන්නේ?



ගොඩ දෙනෙකුට ජනපති සිරිසේනගේ මැතිවරණ කථා නිසා අළුත් දේශපාලන උණුසුමක් දැනිල. ඒකත් එක අතකින් හොඳයි. හැමදාම කථා කරන්න දෙයක් දෙනවාමයි දේශපාලන කට්ටිය.

වෙන වෙනම පක්ෂ දෙකක් ලෙස තරඟ කරන එක්සත් ජාතික පක්ෂයේ අයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටත් එක එකාට බැණ ගන්නේ නැතුව මේ මැතිවරණයට මුහුණ දෙන්න බැහැ. එකට ආණ්ඩු කරනකොට මැතිවරණයකදි ආණ්ඩුවේ වැරදි අනික් පාර්ශවයටත් හොඳ තමන්ගේ පාර්ශවයටත් දාල කථා කිරීම සාමාන්‍ය දෙයක්. මේ වගේ අවස්ථාවක් ලංකාවෙ ඇතිවුණ පලමු අවස්ථාව වුණත් වෙන රටවල මේදේ වෙලා තියෙනවා.