Tuesday, August 23, 2016

මම නිවැරදිකරුය

ගරු විනිසුරුවරුනි

මා වෙත එල්ලවී ඇති සියළු චෝදනා වලට මම නිර්දෝශී බව ඔප්පු කිරීමටත් එම වරදට වගකිවයුතු වැරදිකරුවන් සමාජයට හෙළිදරව් කිරීමටත් මෙම දිවුරුම් ප්‍රකාශය ඔබ හමුවේ තබමි. බ්ලොග් ලියන්නන් 28 ක් සහ බ්ලොග් නොලියන එහෙත් කියවන අය තුන්දෙනෙක් විසින් ඒ අය කැමති ගීත ගැන පෝස්ට් සහ කමෙන්ට් දැමීමට පටන් ගැනීම කරන කොටගෙන  බටකොල යායට ගිණි තැබීම   මට එල්ලවී ඇති චෝදනාවයි. මේ චෝදනාව මාවෙත එල්ල කිරීම ද්වේශ සහගතව සිදුකරන එකක් බවත් මම ඒවාට කිසිසේත්ම වැරදිකරු නොවන බවත් මම කලේ එක බට කොලයකින් සිගරට් එකක් පත්තු කරගැනීම පමණක් බවත් බට යායට ගිණි තැබීම සිදුකලේ අන් අය බවත් මෙය කියවා අවසාන වන විට ගරු විනිසුරුතුමන්ලාට පැහැදිලි වනු ඇත. 



ගරු කල්‍යාණ මිත්‍ර මැතිතුමා

Wednesday, August 17, 2016

බ්ලොගර්ස් චොයිස්


තනියම ඉන්න විටක මුමුණන හෝ රසවිඳින ගීත සමහර විට අපේ ආත්මයේ කැඩපතක් වගේ කියන්න පුළුවන්. ඒ කැඩපත විවෘත කරන්න අභියෝග කලත් භාරගන්න කිසිම චකිතයක් නැති අය ගැවසෙන සමූහයක ඒවගේ අභියෝගයක් නිසා බිහිවූ ගී පවුරක් එක පිටුවකට ගැනීමක් තමයි මේක. 


1. කල්‍යාණමිත්‍ර තෝරපු ගී 16             2. හංසි තෝරපු ගී 16


3. නිර්මාණී තෝරපු ගී 16                     4. අටම්පහුර තෝරපු ගී 11 සහ තවත් ගීත


 5. තරිඳු ( සොමියා ) තෝරපු ගී 16     6. සිතුවිලි සිතූ තෝරපු ගී 16



7. ගස් ලබ්බ තෝරපු ගී 16                  8.1 රවී (නිදහස් සිතුවිලි ) තෝරපු ගී 16 -Part 1



9. කොලඹ ගමයා තෝරපු ගී 25        10. පොකුරු වැහි තෝරපු ගී 16



11. කසුන් තෝරපු ගී 16                         12.  නිම්නයක තනිවී තෝරපු ගී 20                  


13. සාරස තුමා තෝරපු ගී 16            14. තිලක සිත තෝරපු ගී 16


 15. ශානි ශෂී තෝරපු ගී 16             16.  විචාරක තෝරපු ගී 16



8.2  රවී (නිදහස් සිතුවිලි) තෝරපු ගීත 16 - Part 2                  17. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත තෝරපු ගී 16



18. ප්‍රභාත් (ගොඩයාගේ අඩවිය) තෝරපු ගී 16       19. විභීෂණ තෝරපු ගී 16      


20. තුශානි තෝරපු ගී 16                      21. ඉකොන් තෝරපු ගී 16  


 22. වැසිදැරිය තෝරපු ගී 16           23. කෙන්කියුෂා තෝරපු ගී 12    


24.උන්මත්තක තෝරපු ගී 16          25. ඉයන් තෝරපු ගී 16




සම්බන්ධ  ලිපි






Tuesday, August 16, 2016

ඡන්ද ප්‍රතිඵලයක්





මීට කලින් පළ කල ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් පෝස්ට් එකට ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම බොහොම ස්තූතියි. 


ගීත තුනක් නම් කිරීමේ අභියෝගයට ප්‍රතිචාර දැක්වූ කල්‍යාණ මිත්‍ර, සෙන්නා, ඉවාන්, රසික, මාතලන්, ප්‍රසන්න, කසුන්, ගිම්මි, පත්තර මල්ලි, අටම්පහුර  දුකා, හංසි, කම්මල, කපිල වස්තු, ලොකු පුතා, නිම්නයක තනිවී, X  porter, නිර්මාණි, තිලක සිත, විචාරක, දුමින්ද, ඉන්දුමතී, තරිඳු, ගස් ලබ්බ, පොකුරුවැහි යන මිතුරු මිතුරියන්ටත් ගීත නම් නොකොට අදහස් දැක්වූ ඉකොන්, කවිඳු, සා රස, ලිඛිතා, සින්දු ඇනෝ, ආදී මිතුරු මිතුරියන්ටත් බොහොමත්ම ස්තූතියි. 

තමන් කැමති ගීත 16 ක පෝස්ට් එකක් පළ කිරීමෙ අභියෝගය  භා ගත් සියළු දෙනාටත් දැනටමත් පෝස්ට් දැමූ කල්‍යාණ මිත්‍ර ,  හංසි,   නිර්මාණි    අටම් සහ තරිඳු ( සොමියා ), සිතුවිලි සිතූ, ගස් අබ්බ, රවී (නිදහස් සිතුවිලි ), අජිත් ( කොලඹ ගමයා ) ටත් සුබ පැතුම් සහ ස්තූතිය.