Monday, May 6, 2019

පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද?


නරක දේවල් හොඳ අතට හරවා ගැනීමේ වගකීම අපිටමයි

පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.

බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන අවස්ථා 4 ක් ගැන උගන්වා තියෙනව. ඒවා නම් ;

1. ආයුක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ආයුෂ අවසන් වීම.
2. කම්මක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ජීවත්වීමට ඇති කර්ම ශක්තිය අවසන් වීම.
3. උභයක්කය - ආයුෂ සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම.
4. උපච්ඡේදක මරණ - හදිසි කර්ම විපාක නිසා සිදුවන මරණය.


ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් 'විප්ලවයෙන්' පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ.

Tuesday, April 30, 2019

මේක ලැබුණොත් නම් ඔක්කොම හරි

දුවල හති


අපි බොහෝ දෙනෙක් හැමදාම ජීවිතය ගෙවන්නේ නුදුරින් ඇති යමක් ගැන සිතමිනුයි. මේක තමයි මට අවශ්‍යම දෙය, ඒක ලැබුණාම මගේ ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ ජීවිතේම සතුටෙන් ඉන්න පුළුවන් කියල හැඟීමක් තමයි අපිව ලඟම තිබෙන ඉලක්කෙට දුවවන්නේ. ඒත් එහෙම වෙනවද?    

පහේ ශිෂ්‍යත්වය සමත් වුනොත් ඔක්කොම ප්‍රශ්ණ විසඳෙයි කියල අවුරුදු දහයක ළමයෙක් හිතනවා. එහෙත් සමත් වුණායින් පසුව තිබෙන ප්‍රීතිය ටික කාලයයි. ඒකෙන් පස්සෙ වෙන පාසැලක් ලැබුණොත් එතන ඉන්න ශිෂ්‍යත්වය සමත් වුණ අනික් අය දකින කොට තමන් උසස් කියල හිතපු සතුට ඉවරයි. ආයිමත් සාමාන්‍ය පෙළ විභාගෙ ලං වෙනකොට කලින් වෙච්ච දේ අමතකයි. OL ඒ 10 ක් ගත්තොත් ජීවිතේ එතනින් පස්සෙ ඔක්කොම හරි කියල හිතනවා. 

උසස් පෙළ විභාගය, සරසවියට තේරුණාම, කෙල්ලෙක් දාගත්තම,  ඩිග්‍රිය ඉවරවුනාම, රැකියාවක් ලැබුනම, විවාහවුණාම, ළමයෙක් ලැබුණම, ගෙයක් හදාගත්තම, වාහනයක් ගත්තම, ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවල නුදුරින් තියෙන ඉල්ලක්කයක් දිහා බලාගෙන යන ගමනක් තමයි බොහෝ දෙනෙක් ගේ ජීවිතය.  ඔබගේ ජීවිතයේ මේ වගේ කඩයිම් ගැන ඒවා ලබාගන්න පෙර හිතුවේ කොහොමද? අද ඒ පරණ ඉලක්ක ගැන අද හිතනකොටත් ඒවගේම වටිනාකමක් දැනෙනවද?  

Wednesday, March 27, 2019

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට

Dear Cupid, next time hit both

බන්දුල නානයක්කාරවසම් ලියල තියෙන ශාන්ත බුලේගොඩ ගයන මේ සිංදුව අහල ඇති. මට නම් මේක අහන්න ලැබුණෙ මේ ලඟදි. මේකෙ අදහසට වගේම, පදමාලාවට, සංගීතයට සහ ගායනයට මම වශී වුණා.

මේවගේම අත්දැකීමක් මට නම් නැහැ. ඒත් හොඳම මිතුරෙකුගේ ආදරවන්තියකට ඇතිවුන එක් පාර්ශවීය ආදරයක් නම් තිබුණා වගේ මතකයි.