Friday, December 21, 2018

ඉන්දියාව සහ බහුතරය

මහින්ද සහ 'නීතීඥ' නාමල් නරේන්ද්‍ර මෝඩි සමඟ

ලියන්න මාතෘකා සප්ලයි එක වැඩිම කාලක වුණත් ලියන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. රටේ පාලනයේ ලඟකදි සිද්ධ වෙච්ච සිද්ධි ගැන විවිධාකාර මත පළවෙලා තිබුණත් ඒකෙන් ඇත්තටම වුන දේ මට පේන විදිහට ලියන්න හිතුණා. ඒකට හේතුව වැඩි දෙනෙක් ගේ විග්‍රහ වල මේ සිද්ධීන් වලට යටින් තියෙන  geopolitics ගැන දක්වා   තිබෙන අඩු අවධානය.

කවුරු මොනව කිව්වත් ලංකාව වගේ ඉතා කුඩා, එමෙන්ම ඛනිජ තෙල් වැනි ලෝකයට වටිනා දේවල් නැති රටකට ලෝකයේ තනිවම ජීවත් වෙන්න බැහැ. සමහර අය දේශපාලන වේදිකාවල බටහිරට සිංහලෙන් බැන්නට, යුරෝපය, ඇමෙරිකාව, වගේ බටහිරට අවශ්‍ය නම් මාස දෙක තුනෙන් මේ රට ඉතියෝපියාවට එහා තත්ත්වයකට ඇද දාන එක සුලු දෙයක්. ඒකට එක හේතුවක් තමයි දැන් ඉතියෝපියාව  විශාල ලෙස දියුණුවෙමින් පැවතීම. තව වසර කීපෙකින් රටකට ඉතියෝපියාව වෙන් පල්ලෙහාට යන එක සුළු දෙයක් වෙයි.ඉතියෝපියාවේ ආශ්චර්‍යය ගැන නම් කියවන්නම වටිනවා. රටක් ගැන ආදරයක් තියෙන නායකයෙක් ලැබීම තමයි ඒකට හේතුව. ඒ අයගෙයි ලංකාව ආසියාවේ අච්චාරුව කරපු අයගෙයි වෙනස එතකොට වැටහෙයි.    

Wednesday, September 19, 2018

කියවලම බලන්න


එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු (Theoretical Physicist) වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate වූ ජෝ සමඟ උත්සාහයක් දරනවා. පැය තුනක් ගතවුණත් ඔවුනට එම සමීකරණය විසඳීමට හැකිවෙලා නැහැ. අවසානයයේ ඔවුන් තීරණය කරනවා මුළු Princeton University එකේම එවකට දක්ෂසිසුවා ලෙස සැලකූ වෙනත් සිසුවෙක්ගෙන් එය විසඳීමට උදව් ඉල්ලීමට.

තුන්වන ලෝකයේ රටකින් විශ්ව විද්‍යාලයට පැමිණි එම දක්ෂ සිසුවා ඔවුන් දෙදෙනාට විසඳිය නොහැකිවූ සමීකරණය දෙස විනාඩි තුනක් පමණ බලා සිට පිළිතුර ප්‍රකාශ කරනවා. එම පිළිතුර ගත් ආකාරය පැහැදිලි කිරීමට එම දක්ෂ සිසුවා පිටු තුනක් පුරා සමීකරණ ලියමින් ඔවුන්ට පහදා දෙනවා. එතරම් අසීරු සමීකරණයක් ඒ දෙස බලා සිටීමෙන් පිළිතුර ප්‍රකාශ කිරීමත් ඔහු එම සමීකරණය විසඳන ආකාරය කියාදීමත් ගැන මවිත වන ඇමෙරිකන් සිසුවා සහ ඔහුගේ මිතුරා ජෝ අසන්නේ එවන් සංකීර්ණ සමීකරණයක් මනෝමයෙන් විසඳුවාද යන්නයි.

Saturday, September 15, 2018

සිලෝන් ටකරන් බස් (CTB)

ලංගම ලාංජනය



තට්ටයාගෙ කොලමෙ තිබ්බලංකා ගමනාගමන මණ්ඩලය ගැන අතීත ආවර්ජනයක්
කියෙව්වම තමයි මේක ලියන්න හිතුනෙ.

බස් කර්මාන්තය ජනසතු කරපු අය ඒකට නම තිබ්බෙ ලංකා ගමනාගමන මණ්ඩලය කියලයි. මම හිතන්නේ ඒ නම පමණමයි ඒ සම්බන්ධයෙන් හරියට කරපු එකම දෙය. ඒ කියන්නේ ලංකා බස් මණ්ඩලය හෝ ලංකා බස් සංස්ථාව කියල නම නොතිය ගමනාගමන මණ්ඩලය කියල නම දැම්මේ. කාලෙන් කාලෙට එන දේශපාලන නායකත්වය මොකක් වුණත් ලංගමේ සේවකයින්ට සහ නිලධාරීන්ට ඒ නම යොදාගෙන බොහෝ දුර යන්න තිබුණ.

උපායමාර්ගී කළමණාකරණ ගැන දේශාණාවක් නොකර ලංගම ඔවුන්ගේ වටිනාකම සහ කල හැකි සේවය තේරුම් ගත්තනම් හෝ ඇත්තටම ලංගමට ආදරය කරපු වෘත්තීය සංගම් එහෙම තිබුණනම් ඔවුන්ට ඒ ගමනාගමනය කියන කර්මාන්තය බස් වලට සීමා කරගන්නේ නැහැ.


හැම ඩිපෝවකම වගේ බස් රථ අළුත්වැඩියා කල හැකි විශාල ගරාජ තිබුණ. ඒවා යොදාගෙන ඔවුන්ට වාහන අළුත්වැඩියා කර්මාන්තයට යන්න තිබුණ. සංස්ථා අරක්කු, සංස්ථා සිමෙන්ති වගේ දේවලට තිබ්බා වැනි නමක් ලංගම ගරාජ වලට අත්කරගන්න තිබ්බා. ඔවුන්ගේ විශාල ස්ථායී වියදම් ප්‍රමාණයක් බස් අංශය මඟින් කවර් වෙන නිසා සාධාරණ මුදලකට වගකීමේ සහතිකයක් එක්ක අළුත්වැඩියා සේවය ඇරඹුවා නම් එමඟින් විශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න තිබුණා. ඉහල තත්ත්වයට සේවයක්, දිවා රාත්‍රී සේවයක් මඟින් ඉක්මනින් සහ සාධාරණ මුදලකට සපයා දුන්නානම් එය අදවෙනකොට පෞද්ගලික අංශයට ලබා දිය නොහැකි මට්ටමේ තත්ත්වයකට ගෙන එන්න තිබ්බා. ඔවුන්ගේ ඩිපෝ යොදාගෙන අඩුම තරමේ වාහන සේවා කිරීමේ ජාලයක් වත් ක්‍රියාත්මක කලේ නැහැ.