පහසුවෙන් ගලා යන විදිහට ලියන එක අමුතුම දක්ෂකමක්. ඒවගේ ලියවිලි කියෙව්වට දිග වුණත් කියවීමේදී මහන්සියක් දැනෙන්නේ නැහැ. සමහර ලියවිලි කියෙව්වම සමහර විට ඒකෙ තිබ්බ දෙබස් මතක හිටිනව. එහෙම නැත්නම් කථාව මතක හිටිනව. ඊට අමතරව ලියවිල්ලෙ ආකෘතිය මතක හිටින ලියවිලි හරිම දුලබයි.
මේ ලක්ෂණ දෙකම මට දැනිච්ච පෝස්ට් එකක් මෙතන තියෙනවා. ඉහත ලක්ෂණ දෙකම නැතිවුනත් කියවීමේ පහසුව සහිත පෝස්ට් කීපයක් තියෙන බ්ලොග් එකක් ඒක. බ්ලොග් ලෝකයට අමුත්තෙක් වුණත් මේ තැනැත්තා ලිවීම අතින් අති පරිණත බව පැහැදිලියි. කීප දෙනෙක් ගිහින් තිබ්බත් වැඩි දෙනෙක් දැකල නැහැ කියල හිතන නිසා මෙතන දැම්මේ.
වෙලාවක් තියෙන විට ගිහින් බලන්න.
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.


