ලඟදී ගාල්ලට යාමට අධිවේග මාර්ගය පාවිච්චි කිරීමට සිදුවුණා. බොහෝ
රියැදුරන් එය භාවිතා කරන විදිහ දුටුවාම මට හිතුණේ විශාල අනතුරු ප්රමාණයක් එහි සිදු නොවීම අරුමයක් බවයි. මීට කලින්
දෙවතාවක් මෙය පෝස්ට් කරත් නැවතත් එය පෝස්ට් කරන්නේ වාහන පදවන ඔබගේ මිතුරන් හා මෙය
බෙදා ගන්නා ලෙස ඉල්ලමින්.
විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත්
ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට
පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ
ප්රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.


