Friday, October 16, 2015

මිනිසත් බවය මිනිසෙකු ලෙස ගෙවාපන්

මෙන්ඩ අර පාලම දිගේ ඉන්දියාවේ සිංදු ගේන්න පටන්ගන්න ඉස්සර මගේ සිංදුටික දාල ඉවරයක් කරන්නත් ඕන. ඒක නිසයි සති අන්තයේදී අහන්න මගේ සිංදුවක් දෙන්නයි මේ පෝස්ට් එක. මේක මම 2013 දි විතර ලියපු එකක්. සංගීතය සහ ගායනය විශාරද ජගත් වික්‍රමසිංහ ගෙන්. තේරුම් ගන්න අමාරු නොවන සිංදුවක් නිසා වැඩි විස්තර ලියන්න දෙයක් නැහැ. ඔෆිස් වලදි සිංදු අහන්න බැරි නෝනා වරු මහත්වරු කරණාකරලා සති අන්තයේදී ගෙදරදී අහල කැමතිනම් කමෙන්ට් එකකුත් දාලම ගියොත් තමයි හොඳ.




කිරිදුන් මවගෙ, මස් කෑ දා, දවසක්ද
අන්සතු දෙයක්, අරගත් දා, දවසක්ද 
කම් සැපෙ ගිලී, ගතකල දා, දවසක්ද
මුසා දොඩා ලොවදිනු දා, දවසක්ද

Wednesday, October 14, 2015

පාලම නම් එපා




ඉන්දියාව ලංකාව යාකරල පාලමක් දාන්න යෝජනා කරල තියෙනව කියල උඹලා දන්නවා ඇතිනේ. පොඩ්ඩක් ඉක්මනට හිතල බලාපල්ල මේකෙන් වෙන්න යන විනාසේ. 

ඔය පාලම දැම්මොත් ඔය වෑන් හයර් කරගෙන යාපනේ ගිහින් එන උන් ඊට පස්සෙ වෑන් වලින් මෝටර් සයිකල් වලින් වියට්නාමයට, බුරුමයට, පකිස්ථානයට විතරක් නෙමෙයි ඔය ස්වීඩන් රටට, ෆින්ලන්තයට, ස්පාඥ්ඥයට, ජර්මනියට උනත් යයි. එතකොට ලොකු ගණන් ගෙවල රට රටවල් වලට ප්ලේන් එකේ යන අපිට තියෙන තත්ත්වෙ හෑල්ලු වෙනවනෙ. බලාගෙන යනකොට ඔය ඇමෙරිකාවටයි, ජපානයටටයි ඔස්ට්‍රේලියාවටයි ඇරුනම ඔය අනික් හැම රටකටම වගේ රෝද හතරෙන් එහෙම නැත්තං කෝච්චියේ ගිහින් හරි යන්න පුලුවන් වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.


ඔය දැන් කීප දෙනෙක් දස දහස් ගණන් ගෙවල දඹදිව වන්දනාවේ ගිහිල්ල ආවම බලන්න එපෑයේ උන්ගෙ තියෙන උජාරුව. කිසි වැඩකට නැති පාළමක් දාල දහ දාස් ගණන් ගෙවන්න බැරි උනුත් වෑන් කබලකින් දහ දොලොස් දෙනා හැම පෝයකටම දඹදිව ගිහින් එන්න පටන් ගත්තොත් එහෙම පිටරට ගියෙ නැති එකෙක් හොයාගන්න බැරිවෙයි. එතකොට අපේ පොල් ගහකට හරි අරින්න කෙනෙක් ඉතුරුවෙයිද? අනික ඉන්දියාවට එන සංචාරකයොන් ගෙන් සියයට එකක්වත් දැන් ලංකාවට නොඑන එකේ ව්‍යාපාරිකයො ඉන්දියාවයි ලංකාවයි එකට මාකට් කරල එහාට එන උන් පාරවල් දිගේ හරි කෝච්චියේ හරි මෙහාට ගෙන්න ගත්තොත් උතුර පැත්ත දියුණු උනොත් දකුණෙ අපිට මොකද වෙන්නේ. අනුරාධපුරට සීගිරියට එන එවුනුත් පාර දිගේ ආවොත් ඒ පැති දියුණු වෙන්න තියෙන ඉඩ වැඩියි. මේක කොහොමටවත් වෙන්න දෙන්න හොඳ නැහැ කියල තේරෙනවනේ.


අනික ඉන්දියාවට වඩා ලංකාවේ නිශ්පාදන කර්මාන්ත දාන්න ලොකු කොම්පැණි කැමති උනාට ලංකාවේ හදන දේවල් පිටරට අරින්න පුලුවන් නැව් හරි ප්ලේන් වලින් විතරක් නිසා වියදම වැඩියි කියලනෙ උන් ඒව මෙහෙ දාන්නෙ නැත්තෙ. අනික ලංකාවේ ලෝකල් මාකට් එක පුංචි වැඩියි උන්ට බේසික් වොලියුම්ස් දෙන්න. ඔය පාලම නිසා දකුණු ඉන්දියාව වගේ පැතිත් ලෝකල් මාකට් එක වගේ වෙනවනේ. ඔය ලොකු කොම්පැණි මෙහෙ ෆැක්ටරි දාල ඔය රස්සාවල් නැති එව්වො රස්සාවල් අරගෙන උඩ යනකොට අපිට වෙන්නෙ මොකද? 



Monday, October 12, 2015

සංසාර ආදරේ හඳුණාගන්නේ කොහොමද?

භවයක් භවයක් පාසා හමුවෙනවා කියලා ආදරවන්තයො කියනව අහලත් ඇති. මල් කැඩීම ගැන හොඳ අවබෝධයක් තියෙන අය ඇත්තටම හෝ ප්‍රෝඩාවට වගේ දෙතුන් දෙනෙකුට මෙහෙම කියලත් ඇති. සමහර අය බලාගෙන ඉන්නවානෙ පතාගෙන ආව කෙනා එනකන්. ලඟකදි කොහෙදි හරි කියෙව්වා 'පතාගෙන ආව නම් ඔතාගෙන යනව' වගේ කතාවකුත්. මේ සංසාරගත ආදරයන් ගැන විවිධ කථා මමත් අහලා තියෙනවා. 

ඔය විදිහට සංසාරගත ආදරය කරන කෙනා හමු වුවහොත් අඳුනගන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද? කවුරුවත් භවයෙන් භවය එක වගේ පෙනුමට ඉන්නවනං සහ පහුගිය භවයේ කෙනාගේ හැඩරුව මතකනම් ඉතින් අඳුණගන්න එක ප්‍රශ්ණයක් නැහැ. අපිට තියෙන හඳුනා ගැණීමේ ආයතන තියෙන්නෙ ඇස්, කන්, නාසය, රස, ස්පර්ශය සහ විඥ්ඥාණය කියන ඒවනේ. පෙනුම වෙනස් වෙන නිසා ඇස් වලින් බැහැ, අර බල්ලන් හොයනව වගේ සුවඳින් හොයන්නත් ටිකක් අමාරුයි මොකද විවිධාකාර සුවඳ විලවුන් නාන නිසා, ස්පර්ශ කරල හොයන්න වෙන්නැති සමහර අය බස් වලදි කාන්තාවන්ගේ ඇඟේ ගෑවෙන්නේ, විඥ්ඥාණය කියන එක ගෑණු පරාණයක් දැක්කම වාශ්ප වෙලා යනවනේ. 


ඔය අඳුන ගන්න විදිහ ගැන මම විහිළුවට වගේ උපකල්පනයක් කරොත් අඳුණ ගන්නේ කට හඬින් කියලා. කීදෙනෙකුට විතර හිනා යයිද දන්නේ නැහැ. මේ උපකල්පනයට පසුබිම් කථාවක් තියෙනවා. ඔය බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල රජකෙනෙක් රජකම් කරන සංදියේ මගෙත් ආදර කථාවක් තිබුණනේ. ඒ ආදර අන්දරය 'අති සාර්ථක' වෙලා එයා වෙන කෙනෙක් එක්ක විවාහ වුනානේ. ඒ දෙන්න විවාහවෙලා මාස කිහිපයකින් විදේශ ගත වුනා. ඊලඟ අවුරුදු හතක විතර කාළෙදි එයා ගැන කිසිම විස්තරයක් දැනගන්න අද තියෙන ක්‍රම සහ විදි තිබුණේ නැහැ. ආදරේ කරල තියෙන අය දන්නවනේ ඉතින් ඔය කාළයක් නොදැක නොඇසී හිටියට ඔව්ව ලේසියෙන් අමතක වෙන්නෙ නැහැනේ.