මේ දවස් වල තාත්තලා ගැන පෝස්ට් කීපයක් කියවන්න ලැබුණා. මස් රොටි ඉල්ලලා ගේ දෙවනත් කරමින් අඬපු තිලක සිතටත් මස් රොටිය ලැබුණේ තාත්තා නිසා. මගේ සිත් ගත් තව කථාවක් තමයි ගුරුවරයෙකු නොවුනත් ගුරුවරයෙකුට එහා ගිය දැනීමක් ලබා දුන් තාත්තා කෙනෙක් ගැන Dude ගේ මේ පෝස්ට් එක. තව එකක තිබුණේ ගෙදර එනකොට ටොෆී ගේන්න අමතක වෙලා තාත්තා ආපහු හැතැක්ම දෙකක් ආපහු පයින්ම ගිහිල්ලා ටොෆී අරගෙන එන එකක් ගැන. කොයි බ්ලොග් එකද කියල මතක නැති නිසා හම්බුවුනාම ලින්ක් දාන්නම්. අපි හැමෝම ඒ අතින් වාසනාවන්තයි. අපේ ළමා කාලයේදී අතේ එල්ලිල යන්න නැත්නම් අර බස්සි වගේ ඇඟිල්ලක එල්ලිලා යන්න, තරුණ කාළයේදී අපි කරන පිස්සු වැඩත් එක්ක ඔට්ටු වෙන්න, අම්මලාගෙන් එන ගෝරි වලින් අපිව ශේප් කරල දෙන්න ආදී වශයෙන් අපේ ජීවිතේ තාත්තා කෙනෙක් හිටපු නිසා එක එක සුන්දර අත්දැකීම් තියෙනව. මගේ තාත්තත් මගේ ක්ශේත්‍රයට සම්බන්ධ ක්ශේත්‍රයක හිටපු නිසා මම රස්සාව කරන්න පටන් ගන්න කාළේ මාව ගොඩක් දෙනෙක් දන්නෙ 'අහවලාගෙ පුතා' හැටියට. මමත් ඉතින් පිස්සු වැඩ කරල අහුවුණාම බේරෙන්න ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත.
සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි.
Monday, September 21, 2015
Thursday, September 17, 2015
මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු
නිදහස් සිතුවිලි බ්ලොග් එකේ රවි, චෙටන් භගට් ගේ 2 States - Story of My Marriage පොත පරිවර්ථනය කරමින් ලියන කථාවේ පන්ජාබි තරුණයෙකු සහ තමිල් බ්‍රහ්මින් තරුණියක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියවෙනවා. කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්.
Tuesday, September 8, 2015
තමන්ගේ සතුට අනුන්ට භාරදීම
මට මේක ලියන්න හිතුනේ ඔමායාගේ හීන බ්ලොග් එකේ Why don't my children ever call me? පෝස්ට් එක කියෙව්වමයි.
ඔමායාගේ පෝස්ට් එකේ තිබුණේ තමන්ගේ දරුවන් තමන්ට කාලෙකින් කථා නොකිරීම නිසා දුකට පත්වූ පියෙක් ගැන. මේ වගේ කථාවලින් අපිට අපේ දෙමව්පියන්ට කථා කරන්න මතක් වෙන එක බොහොම හොඳයි. අපට මතක් වියයුතුම අනික් කරුණ වන්නේ අපිත් තව ටික කාළෙකින් ඔය තත්ත්වයට පත්වෙනවා කියන එක.
Subscribe to:
Posts (Atom)