Sunday, February 1, 2026

කෘතිම සාමාන්‍ය බුද්ධිය Artifical General Intelligence නිසා සමාජයේ මොනවගේ වෙනස් කම් වෙයිද?





කෘතිම බුද්ධිය (Artificial intelligence) ගැන වෙනත් රටවල බොහෝ සාකච්චා තිබුණත් තවම ලංකාවේ ඒ ගැන සංවාදයක් දැක්කේ නැහැ. 

ඇත්තටම තව අවුරුදු 10 ඉකින් නැත්නම් 20 කින් කෘතිම බුද්ධිය නිසා සමාජයේ මොනවගේ වෙනස් කම් වෙයිද? කෘතිම බුද්ධිය අද පවතින මට්ටමේ තිබ්බොත් ජීවිතය ගොඩක් පහසුවෙයි. අද අවශ්‍ය කරන වාර්ථාවක් වගේ එකක් ලියන එක විනාඩි ගාණක වැඩක්. දැන් අවුරුදු පහකට පෙර ඒක පැය ගාණක වැඩක්. ඒ අතින් කෘතිම බුද්ධිය ජීවිතය හිතපු නැති විදිහට පහසු කරල තියෙනවා.

ඒ වුනාට අද කෙරෙන පරීක්ෂණ අනුව නම් ඒක එතනින් නවතින පාටක් නැහැ. මේ සංවර්ධනයේ ඊලඟ කඩඉම කෘතිම සාමාන්‍ය බුද්ධියයි (Artifical General Intelligence). AGI වල නිර්වචනය සමාන්‍ය පුද්ගලයෙකුට කල හැකි ඕනැම බුද්ධිමය කාර්යයක් තේරුම් ගැනීමට, ඉගෙන ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකි පරිගණක පද්ධති කියන එකයි. මේ මට්ටමේ දී සාමාන්‍ය මිනිසෙකු කරන ඕනෑම කාර්යයක් කිරීමට එයට හැකිවෙනවා. ඒ කියන්නේ සේවා යෝජකයින්ට AI Agent (Agentic AI) කෙනෙක්  හයර් කිරීමෙන් මිනිසුන් විසින් අද රැකියා ලෙස කරන කාර්යයන් කරගත හැකි වෙනවා.

ඔබ සේවකයින්ගේ සේවා ලබාගන්නා සේවායෝජකයෙක් නම් සාමාන්‍ය මිනිසෙකුගේ වේගය මෙන් කිහිප ගුණයක් වැඩියෙන් වැඩකල හැකි, පැය 24 ම සේවයකල හැකි, නිවාඩු අවශ්‍ය නොවන, වර්ජන නොකරන කෙනෙක්ගේ සේවය ලැබෙනවා නම් තවදුරටත් මිනිසුන් සේවයට ගන්නවාද? සමහර අයගේ අදහස අනුව Agentic AI කෙනෙකුට කල නොහැකි කාර්යයක් නොමැති තරම්. දොස්තර වරුන් ගේ සිට බොහෝ රැකියාවල් තව අවුරුදු කිහිපයකින් නැතිවෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. අදටත් මෘදුකාංග ඉංජිනේරු රැකියා විශාල ලෙස නැතිවෙනවා.

සමහර අය හිතනවා රැකියා නොමැති ප්‍රමාණය සමාජයේ විශාල ප්‍රතිශතයක් වුනොත් රජයයන් විසින් හැමෝටම දීමනාවක් (Universal Basic Income) ගෙවන තත්ත්වයට සමාජය වෙනස් වෙයි කියලා. මේ ගැන මගේ හිතේ පැන නැගුන ප්‍රශ්ණ මේ වගේ.

1. ලංකාව වගේ රටකට එහෙම හැමෝටම ආදායමක් දෙන්න (අස්වැසුම වගේ) රජයට ආදායම් ලැබෙන්නේ කොහොමද? හැමෝටම එකම ආදායමක ලබනකොට සමාජයේ ඉහලම තර වල අයට හැර අනික් අයට භාණ්ඩ සහ සේවා සඳහා ඉල්ලුම් කරන්න බැහැ. එතකොට වාහන වලට ගහන බදු, අනෙක් භාණ්ඩ සහ සේවා වලට ගන බදු රජය නැතිවෙනවා. ආදායම් බදු විශාල ලෙස අඩුවෙනවා. එහෙම තත්ත්වෙක ජනගහණයෙක් 70-80% කට මාසික දීමනා දෙන්න රජයකට පුලුවන්ද?

2. අද විවිධ ක්ශෙත්‍ර වල උසස් අධ්‍යාපනය ලබන සහ පාසැල් වල ඉගෙන ගන්නා දරුවන් අනාගතයේ කරන්නේ මොනවාද?රැකියාවක් සොයාගෙන, ගෙයක් හදාගෙන, විවාහයක් කරගෙන දරුවන් හදන දාමයේ රැකියාවක් නොමැති වුනාම ඒ දාමය නවතිනවා නේද? ඒ කියන්නේ ගෙදරට නාකි වෙන පරම්පරාවන් ඇතිවෙයිද? මවිපියන් ගෙදරටම වෙලා ඉන්නකොට දරුවන් හැදීම තව වැඩි වෙයිද? 

3. තමන්ගේ ආහාර තමන්ම වවාගෙන මුදල් සම්බන්ධ නොවී ආහාර සහ වෙනත් දේවල් හුවමාරු කරගන්නා ආර්ථිකයක් නැවත එයිද? ඒවගේම මුදල් තියෙන ඉහල ස්ථර වල ඉන්න අයට බොහොම සුළු මුදලකට අන් අයගෙන් බැලමෙහෙවර කරගන්නා කාලයක් එයිද?

4. අනාගතයේ මෙවන් කාලයක් එනවානම් අද තියෙන මුදල් අයෝජනය කරන්නේ මොනවාගේද? අද කොටස වෙලඳපොලේ අයෝජනය කරන කෙනෙක් නම් කොටස් වෙලඳපොලේ තියෙන සමාගම් වලින් කීයක් කුඩා අදායම් ඇති අයට භාණ්ඩ සේවා සපයන ආයතනද? සුපෝඛභෝගී භාණ්ඩ නිශ්පාදනය කරන සමාගම් වැසී යයිද? එවන් කාලයක බැංකුවේ මුදල් තබා ගැනීමෙන් ප්‍රයෝජනයක් වෙයිද? එහෙම නැත්නම් ගෙවල් දොරාවල් හදන එක හොඳද? කෘශිකාර්මික ඉඩම් තබා ගැනීම හොඳද? 

මොනව වුනත් ලෝකයේ සමහර ප්‍රශ්ණ වලට නම් මේකෙන් පිලිතුරු ලැබෙනවා. ඒ තමයි මෑත කාලයේ ගොඩක් කථා වුන කාලගුණික ප්‍රශ්ණය ඒවගේම සම්පත් අධිපාරිභෝජනය වගේ ප්‍රශ්ණ නම් ඉබේම විසඳෙයි.

ඒක ගොඩක් විස්තර ලිවිය හැකි විශාල මාතෘකාවක්. එහෙම ලියන්න මට මේ ගැන ගැඹුරු දැනීමක් වත් එහෙම ලියන්න ඉවසීමකුත් නැකැ. මේ සාරාංශය ඒ ගැන විස්තර ඔබම හොයාගෙන ඒ ගැන ඔබගේම අදහසක් ඇතිකර ගැනීමට කෙනෙරන පිටිවහලක් පමණයි.

ඔබ මේ ගැන දැනුවත් නැත්නම් යූටියුබ් මඟින් Articial General Intelligence  ගැන තියෙන සාකච්චා, පොඩ්කාස්ට් එහෙම අහලා ඔබගේ ක්ශෙත්‍රයට සහ පොදුවේ සමාජයට විය හැකි දේවල් ගැන දැනුවත් වෙන්නයි ආරාධනය.

මේ 'දියුණුවේ' ඊලඟ මට්ටම කෘතිම සුපිරි බුද්ධිය (Artifical Super Intelligence) කියල කියනවා. ඒ ගැන කියන දේවල් බොහොම භයානකයි. එම පරිගණක වල පැවැත්ම සඳහා මිනිස් වර්ගයා විනාශ කිරීමට තරම් බුද්ධියක් සහ හැකියාවක් තියෙන මට්ටමක් තමයි ඒ . ඒත් ඒ ගැන දැන ගැනෙම පසුවට තබා Artifcial General Intelligence ගැන වත් දැනුවත් වෙන එක හොඳයි.



   

    









මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

33 comments:

  1. හොඳ වැදගත් පෝස්ට් එකක් ඉයන්, ඇත්තටම AI (කෘත්‍රිම බුද්ධිය) කියන්නේ හරියට එක වැඩක් කරන්න විතරක් පුහුණු කරපු "ස්මාර්ට්" මැෂින් එකක් වගේ. උදාහරණයක් විදියට Chess ගහන්න හදපු AI එකකට ලස්සන කවියක් ලියන්න බැහැ.
    ​හැබැයි මේකේ ඊළඟ පියවර තමයි AGI (Artificial General Intelligence). ඒකෙදි වෙන්නේ මැෂින් එකකට මිනිහෙක් වගේම ඕනෑම දෙයක් ඉගෙන ගන්න, තේරුම් ගන්න සහ තනිවම තීරණ ගන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ AGI එක වෙලාවක ලෙඩක් ඩයග්නෝස් කරන්නත්, ඊළඟ මොහොතේ රටක ආර්ථිකය ගැන ප්ලෑන් එකක් ගහන්නත් පුළුවන්. මේක ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කරන විප්ලවයක්

    මේක ලංකාවට වැදගත් ලංකාව තියෙන තත්ත්වයෙන් ගොඩගන්න තියෙන ලොකුම ආයුධය තමයි මේ තාක්ෂණය.

    රජයේ ඔෆිස්වල තියෙන පෝලිම් සහ රතු පටිය නැති කරන්න AI පද්ධතියකට පුළුවන්.

    ​අපේ ගොවියන්ට කවදාද වහින්නේ, මොන පොහොරද ඕනේ කියලා හරියටම කියන්න පුළුවන්.

    ​විශේෂයෙන්ම ලෝකේ හැම රටක්ම මේ පැත්තට හැරෙද්දී, අපි තාමත් පරණ විදියටම හිටියොත් අපේ තරුණයන්ට ලෝකේ ඉහළම තැන්වලට යන්න තියෙන අවස්ථාව නැති වෙනවා.

    ​ආණ්ඩුව ගත්තොත් දැන් තියෙන ගොබ්බ තකතීරු NPP ආණ්ඩුව ගැන බැලුවොත්, ඇත්තටම එයාලා තාම ඉන්නේ මෝඩ තකතීරු පරණ දේශපාලන මානසිකත්වයක බව පැහැදිලිවම පේන්නේ. ලෝකය AGI ගැන කතා කරද්දී, එයාලා තාම සාම්ප්‍රදායික බහුබූත විකාර ගැනම විතරක් පම්පෝරි ගහන එක හරිම කණගාටුදායකයි.

    ​දැක්මක් නැතිකම සහ තාක්ෂණය ගැන දැනුමක් තියෙන මිනිස්සුන්ට තැනක් දෙනවා වෙනුවට, පරණ පක්ෂ දේශපාලනයම කර කර ඉන්න එක රට අගාධයට ඇද දමන "පිස්සු වැඩක්".

    ​ප්‍රමුඛතා නොවරදවා ලෝකේ වෙනස් වෙන වේගය එයාලට තේරෙන්නේ නැති එක ලොකුම ප්‍රශ්නයක්. තාක්ෂණික ප්‍රතිපත්තියක් නැතුව රටක් දියුණු කරන්න හදන එක හරියට ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි නොකර අනාගතය දකින්න හදනවා වගේ වැඩක්.
    ​කෙටියෙන්ම කිව්වොත් ඉයන්, ආණ්ඩුව "ස්මාර්ට්" වෙන්න කලින් එයාලගේ සිස්ටම් එක "අවුට්ඩේටඩ්" වෙලා ඉවරයි. ලෝකේ එක්ක හැප්පෙන්න නම් අපිට ඕනේ දේශපාලන සටන් පාඨ නෙවෙයි, අනාගත තාක්ෂණය එක්ක යන දියුණු දැක්මක්.

    කොහොමත් මේ දවස් වල තිරගතවෙන පිස්සෙක් රජ උනා ෆිල්ම් එක. ඒකේ බජට් එක ගොඩාක් ලොකුයි. කැබ් වල බජට් එක, අගල් අඟුරු වල බජට් එක, සමලිංගික මොඩියුල් බජට් එක. බාල බෙහෙත් බජට් එක. අල්ලපු රටත් එක්ක ගහපු හොර ගිවිසුම් හන්ගන බජට් එක,කලින් කිවුව පට්ටපල් බොරු අතේ පැළවෙන බජට් එක, පැලවත්ත පෝසත් කරන බජට් එක. තව එකී නොකී ගොඩක් බජට් නිසා වියදම අදිකයි. එක නිසා මුහුරත් උලලේ බොරුවට රගපාලා දීපු චෙක් ටික් රියන් වෙලත් එක්ක. අවුරුදු ගාණක් කිවුවනේ අරක හොරකන් කරා මේක හොරකන් කරා කියලා. දැන් පිස්සා රජ උනා තිරගත් වෙලා අවුරුදු 2 ආසන්නයි. දිලීර පොඩි පුතු ඉස්සරහට දමාගෙන ගොන් පාට් නොදා පුලුවන් නම් හරියකට එක නඩුවක් දාලා පෙන්නපන් කියලා මම මාලිමා ඩෝබි ගූහරක්ට අභියෝග කරනවා 🤪

    ReplyDelete
    Replies
    1. චන්න බොහොම ස්තූතියි. දැනටමත් සිංදු ලිවීම, සංගීතය සහ ගායනයත් AI වලින් කරනවා නේද? AGI වලින් නම් ඒකට ඉගෙනීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙන නිසා එකිනෙකට වෙන්ස දේවල් කරන්න හැකියාව තියෙයි කියල තමයි කියන්නෙ. අද ලංකාවේ දේශපාලනය ගැන නම් කථා කරන එක තේරුමක් නැති වැඩක්. Joseph de Maistre කිව්ව වගේ every country has the government it deserves කියල හිත හදාගන්න තියෙන්නේ.

      Delete
  2. හරියටම කියන්න අමාරුයි. මගේ හැඟීම නං, "අද නෙමෙයි හෙට" සෙල්ෆ් ඩ්‍රයිවින් කාර් වගේම AI කියන්නෙත් බුබුලක් බවයි.
    What Went Wrong With Microsoft and Why Its Down Big Today

    AGI, අඟහරු ලෝකෙ ජනාවාස වගේ එව්වා පෙන්න තියෙනවට වඩා බොහෝ දුරයි වගේ නේද? ජාත්‍යන්ත්‍ර අභයවකාශ මධ්‍යස්ථානෙත් අභාවයට යන පාටයි වගේ නැත්ද? යම් පමණක දියුණුවක් වේවි, ඒත් ඔය කියන තරම් නෙමෙයි කියන එකයි මගේ අදහස. අනික ඒ දියුණුවෙත් වැඩි වාසිය ලැබෙන්නෙ මෙගා කෝපරේෂන් වලට. ඒ අවුවස්සෙ ඊලොන් මාස්ක් මෙහෙම කියනවා:

    Elon Musk says saving for retirement is irrelevant because AI is going to create a world of abundance: ‘It won’t matter’

    එතකොට රයිගම මෙහෙම කිව්වා:
    සුරංගනා කතා තවත් නොකියනු මැන මට

    ReplyDelete
    Replies
    1. බස්සා. ඇත්ත. මහ අහපු ප්‍රෝග්‍රැම්ස් වල විවිධ අදහස් කියනවා. AGI එන්න තව අවුරුදු 2 ක් සිට 10 ක් කියන එක තමයි මම අසා තියෙන්නේ. මගේ පෞද්ගලික අදහසත් AI වලින් ජීවිතය පහසු වුනාට ඒක AGI දක්වා දියුණු කර ජන ජීවිතය කඩාකප්පල් කිරීම නොකල යුතු දෙයක් කියලයි. ඒ වුනාට මේවට මුදල් වියදම් කරන්නේ ධනවතුන් සහ හාම්පුතුන් නිසා ඔවුන්ට වාසි වෙන දෙයක් ගැන පර්යේශන කිරීම නවතින්නේ නැහැ. ඔවුනුත් අනතුරු අඟවන්නේ ඒක ASI දක්වා දියුණුවීම පැවැත්මට හානි කරයි කියල විතරයි

      Delete
  3. //අදටත් මෘදුකාංග ඉංජිනේරු රැකියා විශාල ලෙස නැතිවෙනවා.
    // මෘදුකාංග ඉංජිනේරු රැකියාවක නියත කෙනෙක් ගෙවත ජ්‍යෙෂ්ඨ දත්ත විශ්ලේෂක කෙනෙක් හැටියට රැකියාව කරන මට ඕකට එකඟ වෙන්න බැහැ . එහෙමනම් අපේ වගේ කම්පැනි එකක රැකියා වලින් දොට්ට දාන්න ඕනේ . එහෙම නෙමේ වෙන්නේ . මගේ වැඩ ලෙහෙසියි දන . ඉස්සර මම කෝඩ් එකදවස් ගානක් ලියල ඊට පස්සේ අනලයිස් කරන්න යන එක දැන් පැය දෙකෙන් කරත හැකි . AI ජාති තුනක් කම්පැනි එකෙන් දීල තියනව . ක්ලවුඩ් , කෝ පයිලට් සහ ඩෙවින් කියල . කෝඩ් හදන්නේ ඩෙවින් එකෙන් දැන් . ඉස්සර මට කෝඩ් වැරදුනහම ප්රෝග්‍රමර් කෙනෙක් හොයන්න ඕනේ . දැන් අවශ්‍ය නැහැ . කාර්යක්ෂමතාවය වැඩියි . වෙලා තතියෙන්නේ ඉස්සරහට එන ජොබ් මාකට් එක වෙනස් වෙච්චි එක . , දැන් තව දුරටත් ප්රෝග්‍රමර්ස් ලා ජොබ් එකට ගන්නේ නැහැ , AI පුළුවන් අය ගන්නවා . අන්න ඒ වගේ .

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය කතාව වැඩිපුර විශවාස කරන්නේ නැහැ ඉයන් . AI එලියට දාල අස් කරලා කියලයි හිතන්නේ . ඒ අයව වෙන ජොබ් වලට අනුයුක්ත කරන්න පුළුවන් ඕනෙම නම් . අපේ කම්පැනි එකේ එහම් කරනවා . ඕන තරම් වෙන වැඩ තියෙනවා සෙනග මදි . ඒ අයට නොමිලේ පුහුණුව දෙනවා

      Delete
    2. ඔව් Ano අද වෙනදේ එහෙම තමයි පේන්නේ. AGI තවම ඇවිල්ල නැහැ. ඒකට තව අවුරුදු කීපයක් යයි කියලනෙ කියන්නෙ. මගේ කුතුහලය ඊට පස්සෙ වෙන දේ ගැන.

      Delete
  4. අපි මෙපමණ කල් ෆයිට් කලේ මිනිසුන්ට වඩා නිදහස දෙන්න . යුනිවර්සල් ඉන්කම් එකක් දෙන්න . වඩා විවේකය දීල සතුටට එන වැඩ කරන්න . ඉස්සරහට වෙනත් ග්‍රහ ලෝක ජනාවාස කරන්න . , ඒවාට මිනිස්සු ඕනේ . ඊළඟ විප්ලවය එතනින් එයි . මතකද අස්ස කෝච්චි තිබ්බ ඉස්සර එංගලන්තේ . වාෂ්ප එන්ජිම ආවහම අස්ස කරත්ත කරුවෝ kaa ගැහුවා ජොබ් නැතිවෙනවා කියල . එන්ජින් ඩ්‍රයිවර් ජොබ් එක ආව . නව දේවල් ඉගෙන ගන්නේ නැති අය පරිණාමවාදය අනුවම නැතිවෙලා යනවා .

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අජිත් පරිගණක ක්ශේත්‍රයේ ඉන්න නිසා මට වඩා දන්නවා ඇති. මම ලිව්වේ මේ ගැන කථා කරන අය කියන එක. AI වලින් අද තියෙන වලින් වැඩ පහසු වෙනවා. ඔබම කියනවා අද ඔබට ප්‍රෝග්‍රැමර් කෙනෙක් නැතුව කෝඩ් එකක් ලියා ගන්න පුලුවන් කියලා. ඒ කියන්නේ ප්‍රොග්‍රැමර් ලට අවස්ථා අඩුවෙනවා කියන එක නේද? මම කිව්වේ AGI ගැන. මේක තවම ඇවිල්ල නැහැ. මට හැඟෙන විදිහටනම් එයිද කියන එකට වඩා කවදද එන්නේ කියන තැන තමයි ලෝකය තියෙන්නේ කියලා.

      Delete
    2. සොරි උඩ ලින්ක් එක වැඩ කරන්නෙ නෑ මහිතේ.
      https://www.nytimes.com/2026/01/30/technology/tech-ice-facial-recognition-palantir.html

      Delete
    3. ඒ ලිපිය කියෙව්වා බසු තුමා. ඒ තාක්ෂණයෙන් වාසි සහ අවාසි ගොඩක් තියෙනවා. මෙතෙන්දි එක protesters ලව හඳුනගන්න පාවිච්චි කරන එක ටිකක් අවුල්. ඇත්තටම නීතිය කඩන අය හඳුන ගන්න පාවිච්චි කරන්න හැකි වීම හොඳයි. ඕනම තාක්ෂණයක් රජයයන් සහ බලධාරීන් මර්ධනයටත් යොදාගන්නවා.

      Delete
    4. ඉයන්

      මේකත් බලන්න

      https://www.youtube.com/watch?v=vIK-zj7MDUk

      ඇත්තටම ලංකාවේ ටෙන්ඩර් පටිපාටිය වගේ දේවල් මේ නවීන තාක්ෂණය යොදාගෙන පාලනය කළොත් රටේ ජනතාවට විනිවිදභාවය සහිතව හොඳම සේවාවක් ලබාගත හැකි වේවි, ඒත් ලංකාවේ දූෂිත දේශපාලකයන්, විශේෂයෙන්ම දැනට පවතින අන්ත දූෂිත අසික්කිත මාලිමා චෞර රෙජීමයෙන් මේ දේවල් කිසිසේත්ම ක්‍රියාත්මක කරන්නේ නෑ මොකද ඔවුන්ගේ හොර ජාවරම් දූෂණ කරගන්න බැරිවෙන නිසා, නමුත් ජනතාව රජයට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කර බලෙන්ම මේවා රජයේ ටෙන්ඩර සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමට එක් කරන්න වෙනවා බලෙන්ම හරි. එහෙම නේද?

      Delete
    5. ප්‍රතිසම්පාදන සඳහා වූ ප්‍රොග්‍රැම්ස් අදත් තියෙනවා. ඒකට ඕන නැහැ. සැපයුම් කරුවන් සිස්ටම් එකේ ලියාපදිංචි වුන විට ඒ අයට ඊමේල් සහ එස් එම් එස් මඟින් දැනුම්දුන්නාම ඔවුන්ට මිල ගණන් ඉදිරිපත් කල හැකියි. එම මිලගනන් ටෙන්ඩරය වහන වෙලාව වෙනතෙක් කිසිවෙකුට පේන්නේ නැහැ. විවෘත කල පසු අවම මිල කෙනාගෙන් ගන්නේ නැත්නම් ඒකට හේතු දක්වන්න ඕන. එවිට තමයි ඊලඟ මිල ඉදිරිපත් කිරීම පෙනෙන්නේ. විගණනය කරන්න ලේසියි. නමුත් මේ වගේ මෘදුකාංග රාජ්‍ය ආයතන පාවිච්චි කරනව අඩුයි. ඇත්තටම සියළු රාජ්‍ය ආයතන, පලාත් පාලන ආයතන වල රජය සතු මධ්‍යගත සිස්ටම් එකක් හරහා කල හැකියි. එම දත්ත යොදාගෙන අනවශ්‍ය මිලදී ගැනීම්, අනවශ්‍ය ප්‍රමාණයන් මිලදී ගැනීම් වගේ දේවල් එලි කර ගන්න පුලුවන්. ඇනික මේ වගේ සිස්ටම් වලින් අතර මැදියො නැතුව නිශ්පාදකයන්ම ලියා පදිංචි කරගන්න පුළුවන්. ඩිගිටල් අමාත්‍යාංශ තියෙන්නෙ මේවට තමයි.

      Delete
    6. දැන් තවත් වැඩක් අපි සැලසුම් කරගෙන යනව . දැනට AI ඩෙවින් වගේ අය අපි දුන්න ඉන්ස්ට්‍රක්ෂන් වලට අපට අවශ්‍ය කෝඩ් එක දෙනවා වගේ වදානේ කරන්නේ . මැෂින් ලර්නින් කියල එකක් තියනව . අපි කරන්නේ මසින් එකට පුරුදු කරනවා පි වෙනුවට තීරණ ගන්න . ඒ කියන්නේ දැන් මම සාම්පල් ඩේට දීල කෝඩ් එක දෙනන් මේකේ අනලයිසිස් එකට - ඉදිරි තත්වය , ලයිස්නස් ප්‍රශ්න ආදිය ගැන පිවොට් ටේබල් හදනවට වඩා මැෂින් එකටම් කියනව ඒවත් තමන්ම කල්පනා කරලා කියන්න කියල . මම දෙන්න මැතමැටිකල් මොඩල් එක හෝ කන්සෙප්ට් එක විතරයි . දැන් මෙන් මේ ලිපිය ම්මකලේ එහෙම . කන්සෙප්ට් එක සහ දත්ත ප්‍රමාණයක් තියෙන තැන කියල එයාගේ විශ්ලේෂනය ඉල්ලුව . ඉදිරියේදී අධිරාජ්‍ය හතරක් හැදෙනවා කීව .- https://quantumchecks.blogspot.com/2026/01/new-empires-in-making-end-of-post-war.html

      Delete
    7. Thank you; I read that article.

      Delete
    8. @ ඉයන්

      මේ පොඩි ක්ලිප් එක බලන්න

      https://www.youtube.com/watch?v=tpTtRwSG5q8

      මේක ටිකක් විනෝදාස්වාදය දනවන එකක් නිසා ටිකක් හිනාවෙන්නත් පුළුවන් වෙයි.

      Delete
    9. ගිය සැරේ නන්දසේන ගෝඨාභයට ඡන්දේ දීපු අයගෙන් පිටිසර හිඟන පවුල්වල ඉපදුන මෝඩ නූගත් බහුතරය මේ සැරේ දුන්නේ අනුර කුමාරට.

      එහෙම පවුල් වල ඉපදිච්ච අයගෙන් අතිබහුතරයකට හීනමානය සහ සමාජ වෛරය තියෙනවා.

      එසේ හීනමානය සහ සමාජ වෛරය තියෙන ලාංකිකයන් සදහා හදපු පක්ෂ දෙක තමා නිල් (පොහොට්ටුව) සහ රතු (මාලිමාව) කියන්නේ.

      ඒකයි කාලයක් රාජපක්ෂලව වීරයෝ වෙච්ච අයට දැන් අනුරව වීරයෙක් වෙලා තියෙන්නේ. උන් ආයේ අනුරව එපා උනාම නාමල් රාජපක්ෂ වගේ එකෙකුට කතිරේ ගහයි.

      Delete
  5. හොඳ ලිපියක් ඉයන්. මම හිතන්නෙ යම් ප්‍රමානයක් ජොබ් නැතිවෙයි. ඒ වගේම අලුත් ජොබ් ඇතිවෙයි. මතකනෙ කම්පියුටර් හඳුන්වා දෙනකොට තිබුන හාහෝව? මේක ඊට වඩා තදින් බෝට්ටුව හොල්ලයි. නමුත් පිච් එක වෙනස් වෙනකොට හැඩගැහෙන්න පුලුවන් ප්ලෙයර් ලා ස්කෝර් කරයි, අනිත් උන් බිංදුවට යයි. අද ඉගෙන ගන්න දරුවන්ට උනත් කියන්න තියෙන්නේ කඩ පාඩං කරලා විභාග ගොඩදාගන්න ස්ටයිල් එකෙන් ගියොත් නං පුතේ හොඳම එකෙන් ඇන ගන්න වෙනවා කියන එක තමයි. ඉගෙන ගන්නෙ මොනවද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඉගෙන ගන්නෙ කොහොමද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් කෞශල්‍ය බොහොම ස්තූතියි. පරිගණක එනකොට මේ විදිහටම බයක් ඇතිවුණා. පරිගණක වලින් බොහෝවිට වුනේ වැඩ පහසුවෙන් සහ ඉක්මනින් කරන්න. ඒකෙන් මෘදුකාංග, හාඩ්වෙයාර්, නෙට්වර්කිං, වගේ අංශ වල විශාල රැකියා ගණනක් ඇතිවෙච්ච එක වුනා. පරිගණකයට වැඩ කරන විදිහ කියන්න මිනිස්සු ඕන වුනා. AGI වලින් වෙන්නේ මිනිහෙක් ගේ තර්කානුකූලව සිතන කොටසත් පරිගණක ගත කරන එක. AGI වලදි ඒකට ඉගෙනගෙන යමක් කරන්න පුළුවන්. එතනින් එහාට කරන්න තියෙනදේට යොදවන්න එතරම් මිනිසුන් ගනනක් ඕන වෙන්නේ නැහැ.

      Delete
  6. @ ඉයන්

    මේක නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා නේද? හැබැයි මේ වර්තමාන ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ජනතාවට දෙන ගොන් ආතල් නෙමෙයි ඇත්තටම රටේ අධ්‍යාපනය නවීකරණය කරන්න ඕන මේවට හරියන්න, නමුත් වර්තමාන අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිනියට ඒ ගැන කිසිම අවබෝධයක් නැති බොරුවට පුම්බපු හිස් චරිතයක් බව පැහැදිලියි.

    හබැයි පහුගිය ඉතිහාසය පුරාවට ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොඳට කළා, විශේෂයෙන්ම හතළිහ දශකයේ කන්නන්ගර ඩී එස් සේනානායක යුගයේ සිටම ලංකාවේ අධ්‍යාපන ප්‍රමිතිය හොඳට තිබ්බා, විශේෂයෙන්ම අසූව දශකය තුල ලංකාව ඉතාමත්ම රැඩිකල් විදියට නවීකරණය කළා, සමහර දේවල් විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ධවල පත්‍රිකාව වගේ දේවල් කරගන්න බැරිවූණේ තකතීරු මෝඩ වාමාංශික දේශපාලන ව්‍යාපාර නිසා, ඒ කාලයේ තිබ්බ ජවිපේ වගේ මෝඩයෝ කඩාකප්පල් නොකරා නම් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉතාමත්ම සාර්ථකව මේ ගැන පර්යේෂණ කරනවා අපට දැකගත හැකිව තිබුණා

    ලංකාව පහුගිය දශක ගණනාවකදී නිදහස් අධ්‍යාපනයෙන් හොද දොස්තරලානම් හැදුවා. උන් රටේ වැඩ. සෞඛ්‍ය නිර්ණායක කියුබාව ගානටම ගෙනල්ලා තියෙන්නේ.

    ඒ වගේම හොද ඉංජිනේරුවෙන්ද ගොඩක් හැදුවා. නමුත් උන් බහුතරය රට.

    වෙන උන්නම් එකෙක් හදලා නැහැ.

    දේශපාලනයෝනම් ගන්නම දෙයක් නෑ. කියවිල්ල විතරයි. දැන්නම් තනිකරම නිකමුන්ගේම ආණ්ඩුවක් ඊට හපන් ආර්ථික හසුරුවන්නන්. රටේ භාණ්ඩාගාරය බිංදුවට බහිනකල් උන් දන්නෙත් නෑ. කෘෂිකර්මය මෙහෙයවන්නන් සමහර දොස්තරල කිව්ව තාලෙට සැලසුමක් නැතුව කාබනික වගාව කරන්න ගිහින් තාපොඩ්ඩෙන්.......

    ඔය පුංචි රටේ අවුරුද්දට මාර්ග අනතුරු වලින් 2500 වඩා මැරෙනවා. ලදරන් කෝච්චි. ටකරන් බස්. කොලබ ඉදලා අවිස්සාවේල්ලට 50km යන්න පැය 3යි.

    ටවුමක යන්න වැසිකිලියක් නැහැ. ගන්දස්සාරේ සංසාරේ බැහැ. ටොයිලට් එකකට හරියට වතුර ගහන්න ක්‍රම යක් නැහැ. තිබ්බත් ගහන්නෑ. බුලත් කෙල හැම තැනම.

    කොටුවේ පාවෙන මාකට් හදනවා. මිනිස්සු ඒකට කුණු දානවා. ඒක සුද්ද කරගන්න නගර සභාවට බැහැ. බේරේ වැව කොලබ මැද එකම වැව. ඒක ගන්දස්සාරේ බැහැ. ඉතින් වෙන උන්ගේ වැඩ ගැන මොන කතාද? කියවිල්ල විතරනේ.

    ඉතින් උන්ට දීපු නිදහස් අධ්‍යාපනය.

    හැබැයි උන් ඔක්කොම එකතුවෙලා යමක් වෙන සෞඛ්‍යයට/දොස්තරලට උපදෙස් දෙන්න එනවා. හරි විනෝදයි ඒ අතින් නම් 😃

    ReplyDelete
    Replies
    1. රට අච්චාරුවක් වෙලා ඉවරයි. ඉන්දියාව වගේ රටවල් වේගයෙන් ඉස්සරහට යනවා. ලඟදී යුරෝපයට නිදහස් වෙලඳ ගිවිසුමක් අත්සන් කලා. ඒකෙන් ලංකාවේ අපනයන වලටත් වදිනවා. ලෝකයේ වෙන දේවල් එහෙමම තියෙද්දි සිල්ලර දේවල් මත නායකයො තෝරන ඒ නායකයො ලිං ගෙම්බො වගේ රට පාලනය කරන තත්ත්වෙට ඇවිල්ලා. අපිටත් ඔන්නොහෙ ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නැහැ.

      Delete
  7. දැනගන්නට කරුණු ගොඩක්
    තියෙන හොඳම post එකක්
    හිතුණා මට කාරණයක්
    AI නං කසකරුවෙක්
    පෙරහැරෙ වේවිද අවුලක්?

    ReplyDelete
  8. ඇත්තටම ඉයන් මම මේ අවුරුදු තිහක මගේ ජීවිත අත්දැකීම් සහ දශකයක් පමණ වන වෘත්තීය ජීවිතේ දැකපු තාක්ෂණික වෙනස්කම් එක්ක බලද්දී, මේ AI විප්ලවය කියන්නේ නිකම්ම රැල්ලක් නෙවෙයි; ඒක මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවන බරපතලම තාක්ෂණික පිම්ම.

    තොරතුරු තාක්ෂණය මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රය ගත්තාම මම මේ ක්ෂේත්‍රයේ ගොඩක් අංශ වල අධ්‍යාපනය ලබමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනයක් අරගෙන, කෝඩ් ලයින් ලක්ෂ ගාණක් ලියලා, සිස්ටම් දහස් ගණක් එක්ක ඔට්ටු වෙලා ගෙවුණු අවුරුදු ගණනාවක් දිහා ආපහු හැරිලා බලද්දී මට හිතෙන්නේ, අපි අද ඉන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක කියලා. ඇත්තටම පරිගණක විද්‍යාව කියන එක දැන් සම්පූර්ණයෙන්ම කණපිට ගැහිලා ඉවරයි.

    අපි ඉස්සර මෘදුකාංගයක් හදනවා කියන්නේ හරියට ගෙයක් ගඩොලින් ගඩොල තියලා හදනවා වගේ වැඩක්. අපි පරිගණකයට හැම දේම අතින් කටින් අල්ලලා කියලා දෙන්න ඕන වුණා. උදාහරණයක් විදියට 'A අකුර ගැහුවොත් මේක වෙන්න, B අකුර ගැහුවොත් අරක වෙන්න' කියලා අපි තමයි නීති හැදුවේ. මේකට අපි කියන්නේ 'Rule-based Programming' කියලා. හැබැයි මීට දශකයකට විතර කලින් ආපු මැෂින් ලර්නින් (Machine Learning) ආවට පස්සේ මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් අපි පරිගණකයට නීති උගන්නන්නේ නෑ; අපි උගන්නන්නේ දත්ත හරහා ඉගෙන ගන්න විදිය. හරියට පොඩි ළමයෙක්ට ලෝකේ ගැන කියලා දෙනවා වගේ. අපි දත්ත කන්දරාවක් මැෂින් එකට දීලා කියනවා, 'මේ දත්ත ඇතුලේ තියෙන රටාව (Pattern) උඹම හොයාගනින්' කියලා. එතකොට ඒ මැෂින් එක ගණිතමය සමීකරණ සහ ආටිෆීෂල් ස්නායු ජාල (Neural Networks) පාවිච්චි කරලා, මනුස්සයෙක්ට කවදාවත් දකින්න බැරි සියුම් රටා හඳුනාගෙන තීරණ ගන්න පටන් ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි සරලවම මැෂින් ලර්නින් කියන්නේ.

    එතකොට කෘත්‍රිම බුද්ධිය (AI) කියන්නේ මේ මැෂින් ලර්නින් වල ප්‍රතිඵලය. ඒක නිකම්ම ගණන් හදන කැල්කියුලේටරයක් නෙවෙයි. මීට වසර පහකට විතර පෙර ආපු AI එකක් කියන්නේ පරිසරයෙන් දත්ත අරගෙන, ඒ දත්ත විශ්ලේෂණය කරලා, ඊට අනුරූපව බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්න පුළුවන් පද්ධතියක්. උදාහරණයකට ගත්තොත්, සාම්ප්‍රදායික මෘදුකාංගයකට පුළුවන් රෝග ලක්ෂණ ටිකක් දැම්මම පොතේ තියෙන විදියට ලෙඩේ නම කියන්න. හැබැයි දියුණු AI එකකට පුළුවන් එක්ස්රේ (X-ray) දහස් ගණනක් බලලා, විශේෂඥ දොස්තර කෙනෙක්ටවත් පේන්නේ නැති පිළිකා සෛලයක මුල් අවස්ථාව හඳුනාගන්න. ඒක තමයි මේකේ තියෙන සැබෑ බලය.

    දැන් අපි කතා කරමු මේ පෝස්ට් එකේ ලොකුම මාතෘකාව වෙලා තියෙන AGI (Artificial General Intelligence) ගැන. අද අපි දකින ChatGPT, Self-driving cars වගේ දේවල් තාම අයිති වෙන්නේ 'Narrow AI' නැත්නම් පටු බුද්ධියට. ඒ කියන්නේ ඒවා පුහුණු කරලා තියෙන්නේ එක වැඩක් හෝ වැඩ කිහිපයක් කරන්න විතරයි. හැබැයි AGI කියන්නේ මනුෂ්‍ය මොළයට සමාන හෝ ඊට එහා ගිය බුද්ධියක්. AGI මට්ටමේ සිස්ටම් එකකට පුළුවන් වෙන්න ඕන තමන් කලින් නොදන්නා අලුත්ම ගැටලුවක් ආවම, තමන්ගේ පරණ දැනුම පාවිච්චි කරලා, තර්ක කරලා (Reasoning), අලුත් විසඳුමක් හොයාගන්න. සරලවම කිව්වොත්, මනුෂ්‍යයෙක් වගේම 'හිතන්න' පුළුවන් මට්ටම තමයි AGI කියන්නේ. අපි තාම 100%ක් එතනට ඇවිල්ලා නැහැ, හැබැයි අපි එතනට යන වේගය හිතාගන්න බැරි තරම් භයානකයි සහ විස්මිතයි.

    ReplyDelete
    Replies
    1. මෙතනදි අපි මගේ වෘත්තීය ක්ෂේත්‍රය වෙන මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) ඇතුලේ මේක දැන් ලොකු පිපිරීමක් කරමින් යන්නේ. ඉස්සර මම දවස් ගාණක් දුක් විඳලා ලියපු සංකීර්ණ ඇල්ගොරිතම (Algorithms), අද AI එකකට තත්පර ගාණකින් ලියන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මනුස්සයා 'කෝඩර්' (Coder) කෙනෙක් කියන තැනින් මිදිලා 'නිර්මාණකරුවෙක්' (Architect) කියන තැනට පත් වෙන එක. මෘදුකාංග ඉංජිනේරුවාගේ රස්සාව දැන් කෝඩ් ලියන එක නෙවෙයි, AI එක ලවා හරියට කෝඩ් එක ලියාගන්න උපදෙස් දෙන එක සහ ඒකේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන එක බවට පත් වෙලා.

      හැබැයි ඉයන්, දැනට මේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවා ව්‍යාපාර කරන ව්‍යවසායකයෙක් සහ ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥයෙක් විදියට මම දකින ලොකුම අභියෝගය තමයි මේ තාක්ෂණයේ තියෙන 'නොපෙනෙන පැත්ත' (Black Box nature). සමහර වෙලාවට AI එකක් යම් තීරණයක් ගත්තේ ඇයි කියන එක ඒක හදපු ඉංජිනේරුවාටවත් පැහැදිලි කරන්න බැරි අවස්ථා එනවා. අන්න එතනදී තමයි මේකේ සදාචාරාත්මක සහ ආරක්ෂක ගැටලු මතු වෙන්නේ.

      කොහොම වුණත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ AI විප්ලවය නවත්වන්න කාටවත් බැහැ. වසර 30ක ජීවන අත්දැකීම් එක්ක මම කියන්නේ, අපි මේ තාක්ෂණයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වුණොත්, අපිට පුළුවන් මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම ප්‍රශ්න වෙන ලෙඩ රෝග, දේශගුණික විපර්යාස, නවීන තාක්ෂණය ආර්ථිකය කළමණාකරණය වගේ නොයෙක් දේවල්වලට විසඳුම් හොයන්න. හැබැයි අපි මේක පාලනයකින් තොරව අතහැරියොත්, ඒකේ ප්‍රතිවිපාකත් බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව මේ දිහා බලන එක තමයි වැදගත්ම දේ. නමුත් එහෙම බලන්න තරම් බුද්ධියක් ඇති අය රටේ තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන දේශපාලන ක්ෂේත්‍රයේ නෑ, අද රටේ පාලනය කරන NPP මෝඩ රැලට නම් කිසිම දෙයක් අදහසක් නෑ කියලා පැහැදිලිවම පේනවා, ඒ වගේ මෙලෝ රසක් නැති මෝඩ මීහරක් වහන්සේලා විසින් මොළේ තියෙන මිනිස්සු පවා පාලනය කරන අමුතුම රටක් ලෙස ලංකාව ඉතිහාසයට එක්වෙලා ලොවටම උදාහරණයක් වේවි, අසාර්ථක රාජ්‍යයක් විදියට නැත්නම් සරලව කිව්වොත් Failed State එකක් විදිහට.

      Delete
    2. තොරතුරු නොදත්තෙකු ලෙස
      එනමුදු සොයන්නෙකු ලෙස
      සහ blog පාඨකයෙකු ලෙස
      හැඟෙයි මෙය හොඳ විමසුමක් ලෙස!

      තුති!

      Delete
    3. බොහොමත්ම ස්තූතියි ඇනෝ. මම පෝස්ට් එක ලිව්වෙ පිටත ඉඳන් මේක දකින කෙනෙක් විදිහට. ඔබ මේක ඇතුලෙන් දකින කෙනෙක්. මෙව්වන් පෙර නොවූ විප්ලවයක් වෙනකොට ඒකට මූන දෙන්න රට, ඉගෙන ගන්න අය, මේක කෙලින්ම බලපාන ක්ශෙත්‍ර වල ඉන්න අයට අනතුරු අඟවන්න, මඟ පෙන්නන්න, හෝ වෙන්න පුලුවන් දේකට ලෑස්තිවෙන්න දර්ශණයක් හෙ හැකියාවක් නැති පාලනයක අපි ඉන්නවා කියන එක පැහැදිලියි. ඔබගේ විරුද්ධත්වයක් නැත්නම් ඔබගේ කමෙන්ට් එක මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදිහට පලකලාට කමක් නැත්ද. ඔබගේ නම තිබ්බොත් වඩා හොඳයි. ඒකට ඒත් ඔබගේ කැමැත්ත.

      Delete
    4. @ Ano, Ian @ all

      මමත් මේ උඩ ඇනෝ කියන කතාවට බෝහෝ දුරට එකඟ වෙනවා.

      මේක ගැන අපේ හිතමිතුරු විකියා YouTube එකේ වීඩියෝ එකක් දාල තිබ්බා ළඟදී

      මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න ඉයන් ඔයාට වෙලාව තියෙනවා නම් මේක හොඳ වීඩියෝවක්

      https://www.youtube.com/watch?v=2OodvoMYzrA

      හැබැයි ඕකේ තව පැත්තක් තියෙනවා නේද ඉයන්

      මයි POV, එක අනුව "රැකියා සුරක්ෂිතතාවය" කියන මතය / සන්කල්පය ලංකාව රටේ විනාශයට තවත් එක් හේතුවක්.

      මිනිස් උවමනාවන් කාලීනව වෙනස් වෙනවා. එතකොට ව්‍යාපාරත් වෙනස් කරන්න වෙනවා. වයාපාර වෙනස් කරන්න තියෙන ලොකුම බාධාවක් තමයි සියල්ල අස්ථිර ලෝකේ ස්ථීර රැකියා හොයන මිනිස්සු. ලංකාවේ විශේෂයෙන්ම රජය පාඩු ලබලා රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය ආයතන පාඩු ලැබීම. ඒවා වෙනස් කරන්න බැරි ස්ථීර රැකියා හොයන සමාජවාදී වෘත්තීය සමිති නිසා.....

      රටේ කම්කරු නීති හදලා තියෙන්නේ මේ වෘත්තීය සමිති සාමාජිකයන්ගෙ චන්ද ගන්න බලාගෙන....
      ඔය නීති නිසා ආයෝජකයො රටට එන්නෙ නෑ. ආපු ආයතනතත් අසරණ වෙනවා.

      දියුණු රටවල මිනිස්සු සියලුම රැකියා වලට එකවගේ ගරු කරනවා. ඒ මිනිස්සුන්ට රැකියා අතර මාරුවීම සුලු දෙයක්. ජීවිතයේ ඒකාකාරීත්වයෙන් මිදෙන්න ඒක පාවිච්චි කරනවා. ඒ රටවල ආයතන වලට වෙනස් වෙන්න පහසුයි. මිනිස්සු ලොකු ප්‍රතිරෝධයක් දක්වන්නේ නෑ. ඉතින් ඒ රටවල් නූතනත්වයෙන් දියුණුවට පත්වෙනවා. මේක මගේ පුද්ගලික මතය පමණයි ඔයා සහ ඔයාගේ පාඨකයෝ සමග මේකට විරුද්ධව බුද්ධිමය සංවාද කරමු, නැතුව දෙකයි පණහේ මාලිමා කාරයෝ වගේ කුණුහරුප කිය කිය වලව් වල වහලෙක් කියාගෙන මට බැනගෙන එන්න නම් එපා ප්ලීස් ලංකාව තවමත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාලනය වන භාෂණයේ නිදහස බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත රටක් බව මතක තියාගන්න ඕනේ.

      Delete