ඇමෙරිකාව පැනවූ තීරු බදු දින 90 කට අත්හිටුවා තියෙනවා. ඒ වුනාට ඉතා දැඩි ස්ථාවරයක සිටි ට්‍රම්ප් ගේ හදිස්සි වෙනස් වීම නම් පුදුමයි. සමහර අය කියනවා ඒ වෙනස් වීමට හේතුව බැඳුම්කර වෙලඳ පොල කඩා වැටීමක් නිසා කියල. තීරුබදු වැඩි කල ගමන්ම ඇමෙරිකානු කොටස් වෙලඳ පොල කඩා වැටුනා. සාමාන්‍යයෙන් කොටස් වෙලඳපොලින් මුදල් ඉවත් වෙනවිට බැඳුම්කර වලට ඇති ඉල්ලුම වැඩි වෙන බවත්, එහෙත් මේ අවස්ථාවේදී එහෙම නොවී බැඳුම්කර ඉල්ලුම විශාල ලෙස අඩුවී ගෙන ගිය බවයි ඔවුන් කියා තිබුනේ. එහෙම ඉල්ලුම විශාල ලෙස අඩු වුනානම් ඒ රටේ අදායම් සහ වියදම් අතර හිඟය පියවා ගන්නට භාන්ඩාගාරය අලුතින් නිකුත් කරන්න නියමිත බැඳුම්කර නොවිකිණී මුදල් සොයා ගැනීම අපහසු වීම ගැන ට්‍රම්ප්ව දැනුවත් කල පසු ඔහු අඩියක් පස්සට ගත්තා කියල යමෙක් කියා තිබුණා. ඒක ඇත්තනම් මගේ නම් අනුමානය ඒ තීරුබදු දින 90 කින් නැවත එන එකක් නැහැ කියලයි.
මේ තීරුබදු දැමීමේ අරමුණ ලෙස ට්‍රම්ප් කියා තිබුණේ ඇමෙරිකාවේ අඩු තීරුබදු නිසා අනික් රටවල් ඇමෙරිකාවට අපනයනය කර උපයා ගන්නා අදායම් අනික් රටවල් ඇමෙරිකානු භාණ්ඩ ආනයන කරන ප්‍රමාණයට වඩා අඩු නිසා කියලයි. මගේ පෞද්ගලික මතය නම් ඇමෙරිකානු සමාජය නාස්තිකාර පරිභෝජනයක් කරන නිසා ඔවුන්ගේ ආනයන වැඩියි කියලයි.