Wednesday, November 26, 2025

කාඩ් මඟින් බස් ගාස්තු ගෙවන ක්‍රමය තව ඉදිරියට ගෙනියමු

POS terminal Use



බස් ගාස්තු ගෙවීමට කාඩ් හඳුන්වා දීම තාක්ෂණිකව බොහෝ පිටුපසින් සිටින රටේ ගමනා ගමන ක්ශේස්ත්‍රයේ විශාල ඉදිරි පිම්මක් බව මගේ අදහසයි. මේ සමඟම තවත් පහසු තවත් පියවර කිහිපයක් ගැන සටහනක් තමයි මේ.

මේ ක්‍රමය ඉතාම ලේසියෙන් දුම්රිය සේවයට සහ රථ ත්‍රිරෝද සේවාවලට ව්‍යාප්ත කල හැකියි. 

ඒවගේම කාඩ් පත් භාවිතයෙන් ලැබෙන දත්ත යොදා ගැනීමෙන් ගමනාගමන සේවා සඳහා වන ඉල්ලුම ගැන පහසුවෙන් අධ්‍යනය කිරීමෙන් සේවා දියුණු කිරීමට යොදාගත හැකියි. එමෙන්ම බස් හිමියන්ගේ අදායම තක්සේරු කිරීමට සහ බදු සඳහා ඒ දත්ත යොදාගත හැකියි. එය තව දුරටත් දියුණු කිරීමෙන් පාරිභෝගික ද්වාර (customer portal) ක්‍රමයක් හඳුන්වා දී එමඟින් බස් වල ආසන වෙන්කරවා ගැනීමට, දුමිරිය ටිකට් පත් සහ ආසන කලින් වෙන් කරවාගැනීමට ගැනීමට යොදාගත හැකියි. දුම්රිය ස්ථාන වල පිටවෙන දොරටු වලදී මෙම කාඩ් ක්‍රමයම යොදාගෙන ටිකට් නොමැතිව ගමන් කරන්නන් අඩු කරගැනීමට ක්‍රියා කල හැකියි.

ඒ සමඟම කාඩ් භාවිතය සඳහා බස් වලට ලබාදෙන විකුණුම් පර්යන්තයට (POS terminal) ඇති චිප් එක යොදාගෙන බස් ධාවනය කරන වේගය ගැන විස්තර ලබාගෙන අපරීක්ශාකාරීව රිය පැදවීම් ගැන දත්ත මත එවැනි ධාවන අවස්ථා සියල්ලටම දඩ නියම කිරීම කල හැකියි. මෙමගින් අපරීක්ෂාකාරී ධාවනය පැය විසි හතරෙන් නැති කල හැකියි.  නිතර එසේ ධාවනය කන වාහන වල බලපත්‍ර අහෝසි කිරීමට යොදා ගත හැකියි. අනතුරකදී රථය ධාවනය වූ වේගය වැනි තොරතුරු පොලිසියට ලබා ගත හැකියි. මෙම දත්තම යොදාගෙන බස් නැවතුම් සථාන වල ස්ථාපනය කරන ඩිස්ප්ලේ මඟින් මීලඟ බසය පැමිනීමට ඇති වේලාව ප්‍රදර්ශණය කල හැකියි.  බසය කොයි වේලාවේ පැමිනේවිදැයි ආතතියයකින් පසුවන මඟීන්ට මෙය විශාල මානසික සහනයකි. බොහෝ රටවල් මෙම ක්‍රමය දශක ගණනාවක සිට ක්‍රියාත්මක වේ. 

මෙම ක්‍රමය ගැන තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

එමෙන්ම මේ ගැන ප්‍රවාහන අමාත්‍යාංශය මෙන්ම ඩිජිටල් අමාත්‍යාංශයත් වැඩි උනන්දුවක් දැක්වුවහොත් තව වෙනත් කාර්‍යයන් සඳහා මේ ප්‍රවේශය යොදාගත හැකිවනු ඇත.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, November 16, 2025

ඉල් (ill) මහ විරුවන්

පැරාගේ පියා වූ දිවංගත කුලසේකර ජයසිංහ මැතිතුමා



පැරා ඉල් මහ විරුවන් අතර නොකියවෙන නම් ගැන ලියා තිබුණා. ඔහු ගේ විරුවා එවකට ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු නිසා ඔහුගේ දෙමව්පියන් (පියා) විඳි දුක් ගැනයි. විශේෂයෙන්ම ඔහුගේ පියාවූ අභවප්‍රාප්ත කුලසේකර ජයසිංහ මහතා ගැනයි. එය කියවීමෙන්  මට හැඟුනේ ජේවිපී අයගේ මෙන්ම ඔවුන්ගේ විරුද්ධ කණ්ඩායමේ (බොහෝ විට යූ එන් පී ක්‍රියාකාරී දේශපානයේ යෙදුණු අය ) ගේ දෙමව්පියන් කීදේ නාහන දරුවන් නිසා මොනතරම් කටුක කාලයෙක් ගෙව්වාද කියන එකයි.

එහි දැමූ මගේ කමෙන්ට් එක 

Sunday, November 9, 2025

විශ්මයජනක අයවැය

රට බංකොලොත් බවින් මුදාගත් අයගේ තනතුර අද හොබවන කෙනා



කලින් පෝස්ට් එකේ ජනාධිපති තුමා ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීමට ක්‍රෙඩිට් එක ගන්න කරන උත්සාහය ගැන ලිව්වාම මගේ මිත්‍රයා අජිත් ධර්මකීර්ති අයවැය විස්තර කරමින් පිළිතුරු කමෙන්ට් දාල තිබුණා. ඒ නිසාම මේ අයවැය ගැන මගේ අදහස මේ පෝස්ට් එකෙන්.

ඇත්තටම මේ අයවැය කිසිම නව චින්තනයක් පෙන්වන එකක් නෙවෙයි. තියෙන ආදායම් මාර්ග සහ වියදම් වලට අළුත් ඉලක්කම් ටිකක් දාපු කොල 68 ක් පමණයි.

ගෙදරටක හෝ ආයතනයක අයවැයක් හදනකොට ආදයම් වැඩි කරගැනීම සහ වියදම් අඩුකිරීම ගැන පුළුල් අධ්‍යනයක් කර ඒවාට අදාල වැඩ පිළිවෙලවල් වගේම ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උපායමාර්ගික සැලැස්මක් අඩංගු විය යුතුයි. 

රජයකින් විසඳුම් සෙවිය යුතු ශ්‍රීලංකාවේ ආකෘතික (structural) ප්‍රශ්ණ මේවායි.

Friday, November 7, 2025

ජනාධිපතිතුමා රටට කර ඇති සේවය




අද අය වැය කථාවෙදී මුදල් ඇමති සහ ජනාධිපති තුමා කියා සිටියා බංකොලොත් රටක් ගොඩ ගැනීමට අඩුම වශයෙන් වසර 10 ක් ගත වෙන බවත් එහෙත් ඔහුට එය මාස දොලහකින් කල හැකි වූ බවත්. මේ අදහස ගැන ෆේස්බුක් එකේ කිහිපදෙනෙක් අදහස් දක්වා තිබුනා. ඒවායින්  කීප දෙනෙක්ම කියා තිබුනේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ රටේ දියුණුවට විශාල වැඩ කොටසක් කර ඇති බවත්, එයින් රට බංකොලොත් බාවයෙන් මුදා ගැනීම ගැන පමණක් සඳහන් කිරීම ඔහුගේ නිහතමානිත්වය පිලිඹිබු කරන බවත්ය. ඔවුන් එම පෝස්ට් වල දක්වා ඇති පරිදි ගරු අනුර කුමාර ජනාධිපති තුමා රටට කර ඇති කාර්‍යභාර්ය අඩංගු ලැයිස්තුව මෙහෙමලු.


1) ලංකාවට නිදහස ලබා දුන්නේ මෙතුමා.
2) විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නෙත් මෙතුමා
3) නිදහස් අධ්යාපනය ලබා දුන්නේත් මෙතුමා
4) නිදහස් සෞඛ්ය සේවා ලබා දුන්නේත් මෙතුමා
5) වෘත්තීය කාර්මික විද්යාල හඳුන්වා දුන්නේ මෙතුමා.
6) අපේ රටේ විශ්වවිද්යාල ප්රමාණය වැඩිකර දුන්නේ මෙතුමා.
7) පිරිවෙන අධ්යාපනය ක්රමය හඳුන්වා දුන්නේ මෙතුමා.
😎 බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කිරීම මේතුමා.
9) මත්තල ජාත්යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කරේ මෙතුමා.
10) කොළඹ සහ මත්තල වරාය නිර්මාණය කිරීම මේතුමා.
11). සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්යා පීඨය නිර්මාණය කළේ මෙතුමා.
12) මහපොළ ශිෂ්යත්ව වැඩසටහන නිර්මාණය කෙරෙ මෙතුමා.
13) STF ( පොලිස් විශේෂ බලකාය) නිර්මාණය කළේත් මෙතුමා.
14) විවෘත විශ්වවිද්යාලය නිර්මාණය කළේත් මෙතුමා.
15) මහවැලි ව්යාපාරය නිර්මාණය කිරීම මෙතුමා .
16) ගල්ඔය ව්යාපාරය නිර්මාණය කළෙත් මෙතුමා.
17) වික්ටෝරියා / මහවැලි/ රන්දෙණිගල/ රන්ටැඹේ/ උඩවලව/වෙහෙරගල/ මොරගහකන්ද/ සේනානායක සමුද්රය/ වැනි මහා ජලාශ ව්යාපෘති නිර්මාණය කරේ මෙතුමා.
18) 30 අවුරුදු කිරුළු යුද්ධය නිමා කෙරෙත් මෙතුමා.
19) අධිවේග නිර්මාණ මෙතුමාගේමයි.
20) ත්රිපිටකය ලෝක උරුමයක් කෙරේ මෙතුමා.
21) සිංහරාජ වනාන්තරය ජාතික උරුමයක් කෙරේ මෙතුමා.
22). 1818 ජාතික නිදහස් සටනේ අපගේ මුතුන් මිත්තන් ජාතික වීරයන් වශයෙන් ගැසට් පත්රයකින් නම් කෙරේ මෙතුමා.

Saturday, November 1, 2025

පක්ෂ වාසි නොතකා මත්ද්‍රව්‍ය භාවිතය අඩුකරමු





රටින් මත්ද්‍රව්‍ය නැති කිරීමට අළුත් වැඩ පිළිවෙලක් ගැන අසන්නට ලැබෙයි. බොහෝ රටවල මෙන්ම වැඩි කථාවක් යොමුවන්නේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සහ බෙදා හරින්නන් ගැනය. වසර කීපයකට පෙර පිලිපීනයේ ගෙන්වන්නන් සහ පාවිච්චි කරන්නන් ඝාතනය කිරීමෙන් මෙම උවදුර නැති කිරීමට උත්සාහයක් ගන්න ලදී. එමෙන්ම සෑම දියුණු නොදියුණු රටකම මෙම උවදුර නැතිකිරීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ක්‍රම භාවිතා කරමින් පැවතුනත් ඒ කිසිම රටක එම උවදුර  සාර්ථක ලෙස පාලනය වීමක් දකින්නට නොලැබෙයි.

මගේ අදහස නම් මෙම උවදුර දීර්ඝ කාලීනව නැතිකිරීමට සාර්ථක ක්‍රමයක් තවමත් කිසිම රටක ක්‍රියාත්මක වී නොමැති බවය. බොහෝ රටවල මෙන් ලංකාවේද අද කථා කරන ක්‍රමයේ පාලක පක්ශයට ලකුණු දමා ගැනීම හැර විශාල වශයෙන් භාවිතය අඩු කිරීමක් ගැන උපායමාර්ගීක අධ්‍යයනයක් නැති බව මගේ හැඟීමයි.

එය පාලනය කිරීමට අවංක උවමනාවක් ඇත්නම් අවධානය යොමු කලයුතු වන්නේ සමාජයේ කොටස් දෙකක් එරෙහිය.

වඩාත් වැදගත් කොටස වන්නේ අද මත්ද්‍රව්‍ය භාවිත නොකරන එහෙත් අනාගතයේ ඒවාට ගොදුරු විය හැකි අය වෙතයි. වයස 12-15 කාලයේ පාසැල් තුලදීම ඒ පිලිබඳව දැනුම ලබා දීම ඉතා පහසුවෙන් කල හැක. සමාජයේ ජීවත් වීමට අවශ්‍ය දැනීම සහ දක්ශතා කිසිවක්ම ලබා නොදෙන අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස්වීම එක ක්‍රමයකි. අනික නම සිසුන් සහ තරුණයන් අතර මත්ද්‍රව්‍ය වලට පෙලඹීමට වැඩි ඉඩක් ඇති ඉගෙනීමට නොහැකියාව ඇති ලමුන්, දෙමව්පියන් ගෙන් අවශ්‍ය ආදරය නොලැබෙන ලමුන්, මානසික රෝග ලක්ෂණ පෙන්වන ලමුන් හදුනාගෙන සහ ඔවුන්ට අවශ්‍ය චිකිත්සාවන් ලබා දීමෙන් ඔවුන් මත්ද්‍රව්‍ය වලට පමණක් නොව අනිකුත් සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවීම අවම කරගත හැක.

Thursday, April 10, 2025

ට්‍රම්ප් රිවර්ස් වුනේ ඇයි?

ඇමෙරිකාව පැනවූ තීරු බදු දින 90 කට අත්හිටුවා තියෙනවා. ඒ වුනාට ඉතා දැඩි ස්ථාවරයක සිටි ට්‍රම්ප් ගේ හදිස්සි වෙනස් වීම නම් පුදුමයි. සමහර අය කියනවා ඒ වෙනස්  වීමට හේතුව බැඳුම්කර වෙලඳ පොල කඩා වැටීමක් නිසා කියල. තීරුබදු වැඩි කල ගමන්ම ඇමෙරිකානු කොටස් වෙලඳ පොල කඩා වැටුනා. සාමාන්‍යයෙන් කොටස් වෙලඳපොලින් මුදල් ඉවත් වෙනවිට බැඳුම්කර වලට ඇති ඉල්ලුම වැඩි වෙන බවත්, එහෙත් මේ අවස්ථාවේදී එහෙම නොවී බැඳුම්කර ඉල්ලුම විශාල ලෙස අඩුවී ගෙන ගිය බවයි ඔවුන් කියා තිබුනේ. එහෙම ඉල්ලුම විශාල ලෙස අඩු වුනානම් ඒ රටේ අදායම් සහ වියදම් අතර හිඟය පියවා ගන්නට භාන්ඩාගාරය අලුතින් නිකුත් කරන්න නියමිත බැඳුම්කර නොවිකිණී මුදල් සොයා ගැනීම අපහසු වීම ගැන ට්‍රම්ප්ව දැනුවත් කල පසු ඔහු අඩියක් පස්සට ගත්තා කියල යමෙක් කියා තිබුණා. ඒක ඇත්තනම් මගේ නම් අනුමානය ඒ තීරුබදු දින 90 කින් නැවත එන එකක් නැහැ කියලයි.

මේ තීරුබදු දැමීමේ අරමුණ ලෙස ට්‍රම්ප් කියා තිබුණේ ඇමෙරිකාවේ අඩු තීරුබදු නිසා අනික් රටවල් ඇමෙරිකාවට අපනයනය කර උපයා ගන්නා අදායම් අනික් රටවල් ඇමෙරිකානු භාණ්ඩ ආනයන කරන ප්‍රමාණයට වඩා අඩු නිසා කියලයි. මගේ පෞද්ගලික මතය නම් ඇමෙරිකානු සමාජය නාස්තිකාර පරිභෝජනයක් කරන නිසා ඔවුන්ගේ ආනයන වැඩියි කියලයි.

Thursday, April 3, 2025

ට්‍රම්ප් ගේ තීරු බදු ගැන ඉරේෂාන් සිරිවර්ධනගේ අදහස්

මම හිතන්නේ වර්තමාන රජය බලයට පත් වී ගත වූ මාස හයක කාලය තුළ ඔවුන්ගෙන් සිදු වූ විශාලම අතපසුවීම අද වාර්තා වුණා.
එය වැරදීමකටත් වඩා නොසලකා හැරීමක්, ගෝලීය දේශපාලනය පුරෝකථනය කර ගැනීමට නොහැකි වීම ඇති වූ තත්ත්වයක්.
ඩොනල්ඩ් ට්රම්ප් රජය බලයට පත් වී ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගණුදෙනු කරන රටවලට සමාන තීරුබදු පනවන බව ප්රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ.
ඉන්පෙර බලයට පත් වී පළමු සතියේදීම, ට්රම්ප් රටවල් තුනකට තීරු බදු පැනෙව්වා.
ඒ චීනය සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝව ඉලක්ක කරමින්.
දක්ෂ රාජ්යතාන්ත්රිකයෙකුට ට්රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්රමාණවත්.
ට්රම්ප් මෙලෙස තීරු බදු පනවන්නේ වෙනත් ඇමෙරිකානු රජයන් මෙන් දේශපාලනික කාරණා උදෙසා ප්රතිවාදීන් ඉලක්ක කර නොවෙයි.
ජනපති ට්රම්ප් ට පැහැදිලිව තිබෙන්නේ ආර්ථික උවමනාවක්.