Wednesday, March 29, 2023

ලංකාවේ තෙල් කර්මාන්තය නැතිකල සිරිමාගේ සමාජවාදය





රොහාන් මාසකෝරාළ

1961 අංක 28 දරන විධිවිධාන යටතේ සිරිමා බණ්ඩාරනායක රජය විසින් තෙල් සමාගම් සියල්ලම වන්දි ලබා නොදී ජනසතු කළේය. වන්දි ගෙවීමකින් තොරව පවරාගත් අමෙරිකානු සමාගම්වලට අයත් ඉන්ධන හල් ගණන 83ක් විය. මෙලෙස වන්දි නොගෙවීම නිසා 1964 දී ක්රියාත්මක වූ හිකන්ලුපර් සංශෝධනයට (විදේශ සහයෝගීතා පනතට) අනුව ලංකාවට එරෙහිව එය සම්මත වූ වසරේදීම ක්රියාත්මක කළේය. එය ක්රියාත්මක වූ පළමු හා අවසන් රට ද ලංකාව විය. මෙනිසා අමෙරිකානු රජය එවකට ලංකාවට දෙනු ලැබූ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාවද නතර කළේය.
1961 දී ලංකාව විදේශීය තෙල් සමාගම් වන ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල් මෙරටින් පන්නා දැමූ අවස්ථාවේ සිංගප්පූරුව රටට පැමිණෙන්නැයි ඒ සමාගම්වලට ආරාධනා කළේය. සිංගප්පූරුව තම පළමුවැනි තෙල් පිරිපහදුව ෂෙල් සමාගම සමග පටන් ගත්තේ 1961 ජූලි 26 වැනිදාය. මොබිල් සමාගමේ ලොකුම පිදුව තිබෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේය. මොබිල් සමාගමේ දෙවැනි ලොකුම පිරිපහදුව තිබෙන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ පවතින ඒ තත්වය නිසා එරට අද ලෝකයේ බලශක්ති කේන්ද්රයකි. සිංගප්පූරුව පිහිටා තිබෙන්නේද ලංකාව වැනි හොඳ නැව් මාර්ගයකය. නැව්වලට පහසුකම් සහ සේවා සැලසීම අතින් ලොව ඉහළින්ම සිටින රට සිංගප්පූරුවයි. සිංගප්පූරුව තමන්ට අවශ්ය බොරල්තෙල් ගෙන්වන්නේ මැදපෙරදිග රටවලිනි. දවසකට නැව් 300 ක් ලංකාව පසුකරගෙන යන බවට අපේ මිනිස්සු කයිවාරු ගසති.එහෙත් ඒ නැව් ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ සිංගප්පූරුවේ තරම් විශාල ව්යාපෘති සඳහා වන ආයෝජකයන් ලංකාවට නොපැමිණෙන නිසාය. ලංකාව පසුකරගෙන දවසකට යන නැව් 300 න් සියයට 60 ක් පමණම ඉන්ධන සහ ඉන්ධනවලින් කළ නිෂ්පාදන ප්රවාහනය කරන නැව්ය. ඇමෙරිකාවට අයිති දෙවැනි විශාලතම පිරිපහදුව තිබෙන්නේ සිංගප්පුරුවේය. නැව්වලට තෙල් සැපයීමෙන් ලොව පළමු තැන හිමිකරගෙන සිටින්නේද සිංගප්පූරුවයි. ගුවන් යානාවලට අවශ්ය තෙල් ද සිරගප්පූරුවේ නිෂ්පාදනය කරයි.ඒ රට වටා පිහිටි එරටට අයිති දුපත්වල තිබෙන පිරිපහදු ගුවනටත් කදිමට දිස්වෙයි.

සිංගප්පූරුවට වඩා හොඳට එය ලංකාවට කළහැකිව තිබිණි. ත්රිකුණාමලය ඊට සුදුසුම ස්ථානයයි. බ්රිතාන්යයන් ත්රිකුණාමලයේ තෙල් ටැංකි ඉදිකළේ එය ලොව පිහිටි හොඳම ස්වභාවික වරායක් නිසාය. අප ඒ තෙල් ටැංකි මළකඩ කෑමට ඉඩහැරියා මිස ඒවායෙන් ප්රයෝජනයක් ගත්තේ නැත. 2003 දී ඉන්දියන් තෙල් සමාගමට ඒ තෙල් ටැංකිවලින් යම් ප්රමාණයක් ලබා දුන්නත් ඊට ද ලංකාවේ අන්තවාදී වාමාංශිකයෝ විරුද්ධ වූහ. 1961 දී බණ්ඩාරනායක මැතිනියන්ගේ ආණ්ඩුව ගත් වැරැදි තීන්දුව නිසා ලංකාව අද වළක වැටී සිටියි. සිංගප්පූරුව පටන් ගත්තේ ලංකාව වරද්දා ගත් තැනෙනි. ලී ක්වාන් යූ දුරදක්නා නිවරැදි දැක්මකින් යුතු සැබෑ දේශප්රේමී නායකයෙකි. ඔහු ව්යාජ දේශප්රේමියෙකු නොවේ. ලී ජාතිය හා ආගම හුවා දැක්වීම ප්රතික්ෂේප කළ නායකයෙකි. ජාතිය හා ආගම විකිණීමෙන් රටක් දියුණු කරන්නට බැරි බව ලී මැනවින් දැන සිටියේය. සිංගප්පූරුව ද ලංකාව සේම මිශ්ර සමාජයක් තිබෙන රටකි. එරට ජනගහනයෙන් 70% ක් චීන සම්භවයක් තිබෙන හොංකොං ජාතිකයෝය. අනෙක් පිරිස මුස්ලිම් හා දෙමළය. එරට අවුරුද්දක ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 50,000 කි. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,600 කි. අපට 1948 දී නිදහස ලැබුණත් සිංගප්පූරුවට නිදහස ලැබුණේ 1965 දීය. ලංකාව පසුකරගෙන යන බොර තෙල් නැව්වලට සිංගප්පූරුවට යන්නට තවත් දවස් 4 ක් ගතවෙයි.
මැදපෙරදිග රටවල සිට ලංකාවට පැමිණෙන්නට නැව් වලට ගතවන්නේ දවස් හතර හමාරකි. ඉතින් ත්රිකුණාමලයේ තිබෙන ටැංකිවලින් ප්රයෝජනයක් ගෙන ලංකාවේ තෙල් පිරිපහදු දියුණු කළා නම් අප සිටින්නේ සිංගප්පූරුවට ඉදිරියෙනි. බලශක්ති කේන්ද්රය වන්නේ ලංකාව මිස සිංගප්පූරුව නොවේ. එය අදටත් කළ නොහැකි දෙයක් නොවේ. යුද්ධය දිනා දුන් හමුදාවත් බුදු පියාණන්ගේ පිවිතුරු ධර්මයත් සිවුරත් විකුණමින් අපයෝජනය කරමින් දේශපාලනයට කරන මිනිසුන්ට රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරිමට වුවමනාවක් නැති බව දැන් මැනවින් පැහැදිලිය. අබුඩාබි හා ඩුබායි යන රටවල්ද දියුණු වූයේ සිංගප්පූරුව ආදර්ශයට ගත් නිසාය. ඩුබාහිවල රැකියා කරන අයගෙන් 80% ක් පිටරැටියෝය. සිංගප්පූරුවේ රැකියා කරන අයගෙන් 40% ක් විදේශිකයෝය. දැනුම ප්රාග්ධනය, මුදල් තාක්ෂණය හා වෙළෙඳපොළ හිමි විදෙස් සමාගම් ලොව බොහෝය. එහෙත් ඔවුන් අයෝජනය කරන්නේ ඊට සුදුසු පරිසරයක් තිබෙන රටවලය. ලංකාවේ අද එවැනි පරිසරයක් නැති බව ජාත්යන්තරයේ පිළිගැනීමයි. ඉන්දියානු විරෝධයක් අදටත් ලංකාවේ පවතී. එහෙත් ඉන්දියන් ඔයිල් සමාගමක් අද ලංකාවේ නොතිබුණේනම් රට ගිනි ගනියි. තවත් තෙල් සමාගම් කිහිපයක් ලංකාවේ තිබුණා නම් අපේ ජනතාවට අද තෙල් පෝලිම්වල රස්තියාදුවීමටවත් තෙල් පෝලිම්වල සිටියදී මරණයට පත්වීමටත් සිදු නොවෙයි. ඒ නිසා දැන්වත් ලංකාව තම තෙල් වෙළෙඳපොළෙහි තරගකාරිත්වයක් ඇති කරගත යුතුය.

තරගකාරිත්වයේ වාසිය ලැබෙන්නේ රටේ ජනතාවටය. තරගකාරිත්වය ඇති වූ දාට නැව් හා ගුවන් සමාගම්වල තෙල් සැපයීමට ද අපට හැකිවෙයි. පිරිපහදුවල ආයෝජනයට සුදුසුවන්නේ විදේශීය සමාගය. අවශ්ය දැනුම, ප්රාග්ධනය, තාක්ෂණය හා වෙළෙඳපොළ පවතින්නේ විදෙස් සමාගම් සතුවය. නිදහස් වෙළෙඳ කලාපවල ආයෝජනය කර තිබෙන දෙදහසකට අධික පිරිසක් විදේශිකයෝය. ඔවුන් මෙරට ලක්ෂ ගණනකට රැකියා දී තිබේ. ඔවුන් තමන්ගේ ලාභය රටින් පිටට රැගෙන යන බව සත්යයකි. එය එසේ වන්නේ ලංකාවේ මූල්ය ක්රමයෙහි පවතින ප්රශ්න නිසාය. එහෙත් සිංගප්පූරුවේ එසේ නොවෙයි. එයට මූල්ය ක්රමය ඉතා ශක්තිමත්ය. ලොව පවතින ප්රමුඛ බැංකු හා මෙහෙයුම් කරන සමාගම් සියල්ල සිංගප්පූරුවේ පවතී. ඒ නිසා විදේශ නැව් සමාගමක් සිංගප්පූරුවේ ව්යාපාර කරන්නේ නම් ඔවුන්ගේ මුදල් තිබෙන්නේ සිංගප්පූරුවේමය. ඒ සමාගම් ඒ මුදල් තම රටවලට රැගෙන නොයයි. හේතුව තම රටවල බදු ඉහළ අගයක පැවැතීමය. අප දොරවල් සියල්ල වසාගෙන ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නේ වැල් බයිලාය. බංග්ලාදේශයේ මිනිස්සුත් අද ලාංකිකයන්ට සිනාසෙති. රට ඒ තත්ත්වයට ඇද දැමුවේ වර්තමාන පාලකයෝය.
බංග්ලාදේශයේ ඇගලුම් කම්හල්වල කළමනාකරුවන් ලෙස ගියේ ලාංකිකයෝය. අද බංග්ලාදේශයේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 50 කි. ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5 කි. ඉස්සර බංග්ලාදේශයට ගිය අපේ මිනිසුන්ට ගෞරවයකින් යුක්තව කතා කළහ. සැලකුහ. එහෙත් දැන් ඔවුන් අපට සිනාසෙන බව එහි සිටින අපේ මිතුරෝ කියති. අපට ඒ ඉරණම අත්වී තිබෙන්නේ ලංකාව බංගලාදේශයෙන් සිඟා කන නිසාය. අවුරුදු 2500 ක ඉතිහාසයක් ගැන පුරාජේරු කිව්වාට අද ජාත්යන්තර ප්රජාව ලාංකිකයන් ලෙස බලන්නේ හිඟා කන ජාතියක් දෙස බලන උසුළු විසුළු සිනාවෙනි. රටට එසේ වුණේ පාලකයන්ගේ වරදිනි. වියට්නාමය සිටියේද අපට පසුපසිනි. එහෙත් අද එරට වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 400 ක් පමණ වෙයි. වියට්නාමයට බෝම්බ දමා එරට වැසියන් ඝාතනය කළේ ඇමෙරිකානුවෝය. එහෙත් අද ඇමෙරිකන් සමාගම් 1000 ක් පමණ වියට්නාමයේ ආයෝජනය කරයි. ඒ ඇමරිකන් ආයෝජකයන්ට එරෙහිව වියට්නාමයේ ජනතාව උද්ඝොෂණය නොකරති. ආයෝජකයන්ට එරටට එන්නැයි ඔවුහු තව තවත් ඇරියුම් කරති. එහෙත් ලංකාවේ මෝඩ මිනිස්සු යල් පැනපු හණමිටි අදහස් කරපින්නාගෙන වැළලෙති.ලාංකිකයන් අදටත් ඉන්දියාවට විරුද්ධය. ආදානි සමාගමට සුළං බලාගාර ඉදිකිරීමට දුන්නාට ද විරුද්ධය. අපේ බලශක්ති ක්ෂේත්රය විකුණන බවට මොර දෙති. විකුණන්නට අපට තිල්ලෙන බලශක්ති මොනවාද? අප සිටින්නේ මුම්බායි නගර සභා පාලනය යටතේ සිටින ජනගහනයටත් වඩා අඩු ජනතාවක් සිටින රටකය. අපේ වෙළෙඳ ජනගහනය මිලියන 21 කි. මුම්බායි නගරාධිපති යටතේ සිටින ජනගහනය මිලියන 23 කි. දිල්ලි නගරයේ ජනගහනය මිලියන 25 කි. මුම්බායි නගරාධිපති ලංකාවේ ජනාධිපතිට වඩා වැඩි ජනගහනයක් පාලනය කරයි. අප ඒ සත්යය තේරුම් ගත යුතුය. අනතුරුව අපේ තෙල් වෙළෙඳපොළේ තරගකාරිත්වය වැඩි කිරිමට හැකියාව තිබෙන විදෙස් සමාගම්වලට ඇරියුම් කළ යුතුය.
ආර්ථිකමය වශයෙන් ලංකාව වැටී සිටින්නේ හතරගාතෙනි.මෙවැනි තත්වයක සිටියදී විදේශ ආයෝජකයන් පැමිණේවිදැයි කෙනෙකුට සැකයක් ඇතිවිය හැකිය. ඒ නිසා අප පළමුව කළ යුත්තේ රටක් ලෙස අපේතිපත්තිය ලෝකය හමුවේ කියාපෑමය. තෙල් ගෙන්වීම ගබඩා කර ගැනීම සහ අලෙවිය දෙස් විදෙස් සමාගම්වලට විවෘත කරන බව පළමුව ලෝකයාට පැවසිය යුතුය. අපනයනයේ නියුතු අපේ දේශීය සමාගම් සතුව විදෙස් සමාගම් සමග එකතු වී තෙල් ආනයනයට හා වෙළඳාමට පිවිසිය හැකිය. ඒ හැකියාව තිබෙන දේශීය සමාගම් කොතෙකුත් පවතී. රටේ පවතින නීති හා ප්රතිපත්ති කාලයට ගැළපෙන ලෙස වෙනස් කර මුදල් හා තාක්ෂණය සතු සමාගම් වලට තෙල් ආනයනයට හෝ පිරිපහදු කිරීමට ආරාධනා කළ යුතුය. එසේ කරමින් තෙල් වෙළඳපොළෙහි තරගකාරිත්වයක් ඇති කළ යුතුය. තරගකාරිත්වයකින් තොරව ජනතාවට සහනයක් නොසැලසෙයි. බනිජ තෙල් වෙළෙඳපොළට පිවිසෙන සමාගම්වලට ලංකාවේ මෙහෙයුම්වලින් ලැබෙන්නේ රුපියල්ය. ඒ රුපියල් ඩොලර් කර ගැනීමට රට ඇතුළේ ඩොලර් නැත. ඒ නිසා විදෙස් ආයෝජකයන් පැමිණෙන්නේ නැතැයි පිරිසක් බිය පළ කරති. හැමදේම හැමදාම එක ලෙස නොපවතියි.
රටේ ප්රතිපත්ති වෙනස් වෙයි. මිනිසුන් සිතන පතන හැටි වෙනස් වෙයි. අකැමැත්තෙන් හෝ හරි දේ කරන්නට යොමු වෙති. මිනිස් සමාජයේ ස්වභාවය එයයි. ලෝක ස්වභාවය එයමයි. ලංකා ආණ්ඩුව නිවැරැදි ප්රතිපත්තිමය තීරණයක් ගත්තොත් මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පැමිණෙන්නේ ඩොලර් ඕනෑ තරම් තිබෙන හෝ හොයා ගත හැකි දෙස් විදෙස් සමාගම්ය. ඒ සමාගම් කඩා නොවැටෙයි. ලංකාවේ තිබෙන්නේ ඉතාමත් කුඩා වෙළෙඳපොළකි. ලෝකයේ ධනවත් පුද්ගලයකුගේ ආර්ථිකය තරම්වත් ලංකාවේ ආර්ථිකය විශාල නොවේ. ඉතින් ලොව විශාල සමාගම්වලට ලංකාවට වැලිකැටයකි. ඔවුන් ලංකාට්ටේ ආයෝජනය කරන්නේ අනාගත සැලසුම් මතය. උදාහරණයකට ෂෙල් සමාගම ලංකාවට පැමිණෙතැයි කියා සිතමු. ෂෙල් සමාගම් නැව් හා ගුවන් යානාවලටද තෙල් විකුණයි. ඒවායෙන් ඒ සමාගමට ලැබෙන්නේ ඩොලර්ය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවේ සිටිමින් අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක තෙල් නැවලට සපයයි. ලංකාවේ තෙල් වෙළෙඳපොළට පිවිසෙන කොයි සමාගමත් එන්සේ ඉන්දියන් සාගරයේ විවිධ ව්යාපාරවලට පෙළඹෙයි. ඒ සමාගම් ලංකාවේ සිටීමෙන් අපට ලැබෙන ප්රතිඵලය මෙරට වෙළෙඳපොළේ තෙල් හිඟ නොවීමය. එසේම තරගකාරිත්වය නිසා සාධාරණ සහ යුක්ති සහගත මිලකට තෙල් මිලදී ගැනීමට හැකිවීමයි. එසේ ලංකාවේ භූගෝලීය පිහිටීම ප්රයෝජනයට ගනිමින් ලංකාවේ සිට වෙනත් රටවලට තෙල් සැපයීමටද ඒ සමාගම්වලට හැකි වෙයි. සිංගප්පූරුව අද කරන්නේ එයයි. ප්රංශයේ ටෝටාල් නමැති සමාගම එල්.එන්.පී. ගෑස් ගබඩා ඉදිකර තිබෙන්නේ සිංගප්පූරුවට අයත් දුපතකය. ඒ සමාගම නැගෙනහිර ආසියාවේ රටවලට එල්.එස්.පී. ගෑස් සපයන්නේ සිංගප්පූරුවේ තිබෙන තමන් සතු ගබඩාවලිනි. ඒ නිසා ජාත්යන්තර සමාගම්වලට ලංකාවේ ඩොලර් නැතිකම ප්රශ්නයක් නොවෙයි. තෙල් හා ගෑස් සමාගම්වලට ලංකාවෙන් ලැබෙන වාසිය රටේ පිහිටීමය. එමගින් ඔවුන්ගේ සැපයුම් ජාලය ලෙහෙසි පහසු වී බෙදා හැරිම සඳහා වන වියදම අවම වෙයි. තෙල් හා ගෑස් වෙළඳාමේ නියුතු සමාගම් බලන්නේ එසේය. ඔවුන්ගේ එකම ඉලක්කය ලංකාවෙ පුංචි වෙළෙඳපොළ නොවේ.මේ කොයික කිරීමටත් පාලකයන් මෙන්ම ජනතාවද බුද්ධිමත්ව ක්රියාකළ යුතුය. ඔවුනට දුර දක්නා නුවණක් තිබිය යුතුය. හමුදාව බුදුදහම සහ සිවුර විකුණන ව්යාජ දේශප්රේමිත්වයෙන් මිදිය යුතුය. එසේ ජනමාධ්ය ද සිව්වැනි පුරවැසියාගේ වගකීම එලෙසින්ම ඉටු කළ යුතුය.
-රොහාන් මාසකෝරාළ


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

14 comments:

  1. කාළීන ලිපියක්. අද ඉන්න බොහෝ අය, මේවා දන්නෙ නෑ. දන්න සමහරුට ගානක් නෑ. පොදු අදහස, ආයෙ ඉතිම් අපිට වෙන මොනවා වෙන්නද? වගේ අදහසක්. මේ ගැන කතා කරන එක වැදගත් ඒකයි.

    මේ ඉතිහාසයගත වැරදි තනිකරම දේශපාලකයොන්ගෙ විතරයි කියල මම හිතන්නෙ නෑ. මේක තමයි අපේ සමාජෙ තිබ්බ පොදු මානසිකත්වය. මේ මෑතක් වෙනතුරු, ආර්ථික බංකොලොත්භාවය ප්‍රතික්ෂේප කරපු, කාර්ගිල්ස් " ගෝට් චීස් සහ සැමන් ෆිලේ" ගැන උදන් අනපු චරිත. අපි බ්ලොග් වලත් දක්කා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් මේක උපුටා ගැනීමක්

      Delete
  2. හිරිකොතේ ලැගගෙන රනිල් හාමුගේ ඇටේ සුප්පු කරන එකෙක් කරන බ්ලොග් එකක්ද කොහෙද.

    ReplyDelete
  3. තිත්තයි ඇත්ත, කියවෙනකොට රිදෙන එක
    පොදු ධර්මතාවකි- ඒ ගැන නැතිය සැක
    ලොව තතු නොදන්නා ළිං තුළ හිටිය බක
    පණ්ඩිතයන්ගෙ වැඩ ඔහොමය මෙසිරිලක

    ReplyDelete
  4. ලංකාවේ පිරිස් පුද්ගලිකකරණයට විරුද්ධ වීමේ එකම හේතුව සම්ප්‍රදායික බව හෝ පැරණි මාක්ස්වාදී මත දැරීමම නෙමේ.අතීත පුද්ගළිකකරණ ක්‍රියාවලිය තුල ඔවුන් ලද කටුක අත්දැකීම්ද මෙයට හේතු වෙනවා.හොඳම උදාහරණය පොදු ප්‍රවාහනය පුද්ගලිකකරණය කිරීම.මේ ගැනත් ලිපියක් ලියමුද?

    ReplyDelete
    Replies
    1. Vipula,මම ලංගම බස් පමණක් තිබ්බ කාලේ ඉස්කෝල ගිය කෙනෙක්. ඒකාලෙ වින්ද පරිප්පු හොඳට මතකයි. පුද්ගලිකරණය කරල රජයට හරි මහජනයාට හරි කරදර වෙච්ච වෙන උදාහරණ තියෙනවද?

      Delete
  5. යුද්ධය දිනා දුන් හමුදාවත් බුදු පියාණන්ගේ පිවිතුරු ධර්මයත් සිවුරත් විකුණමින් අපයෝජනය කරමින් දේශපාලනයට කරන මිනිසුන්ට රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරිමට වුවමනාවක් නැති බව දැන් මැනවින් පැහැදිලිය. // 100% Agreed.

    ReplyDelete
  6. //ලංකාවේ තෙල් කර්මාන්තය නැතිකල//
    තේ පොල් රබර් වැවිලි කර්මාන්තයටත් ඒ වැඩේම කලානෙ

    ReplyDelete
  7. ඉයන් තමුසේ දැනගනින් දැන් මාලිමාවට තියෙනවා ඔය සේරටම වඩා ගොඩාක් දක්ෂ වැඩ පිලිවෙලක්, තොපි වගේ යූ එන් පී වහල් මීහරක් ම සහ අනෙක් පක්ෂ වලට රෙදි නැතුව කඩේ යන මීහරකුන් වගේ නෙවෙයි අනුර දිසානායක සහෝදරයා ප්‍රමුඛ මාලිමාව ආපු ගමන් තොපේ රනිල් හාමුගෙන් රාජපක්ෂ කාලකන්නි පාහර හැත්ත එකමිටට තියලා හොරු ඔක්කොටම අමතක නොවන පරිදි දැඩි දඩුවම් දෙනවා ඊට පස්සේ මහජන මුදල් එක සතයක් වත් හොරකම් නොකරන ශ්‍රේෂ්ඨ ජනතා ආන්ඩුවක් හදනවා එතකොට විදෙස් ප්‍රේශන ලංකාවට එන්න තියෙන නමුත් එන්නේ නැති ඩොලර් බිලියන 4ක් විතර තියෙනවා එක අවුරුද්දකට අපි ඒවා සේරම ගෙන්න ගන්නවා රටේ නීතිය 100% හරියට ක්‍රියාත්මක කරනවා ඉහළ සිට පහලට නීති ගරුක රටක් විනය ගරුක රටක් හදනවා එතකොට සංචාරකයන් ලක්ශ 40ක් වත් ගෙන්න ගන්න පුලුවන් තව ලංකාවේ රජයේ ආයෝජනය කරන්න ඕනතරම් විදෙස් ආයෝජන එනවාමයි මොකද හොරකම් වංචා දූෂණ නාස්ති නැති ආන්ඩුවක් තිබුනොත් තමයි විස්වාසයෙන් ආයෝජනය කරන්නේ අනික මාලිමාවට තියෙනවා හොද වැඩ පිලිවෙලක් අන්න ඒ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කලාම ඔයාලට හිතාගන්නවත් බැරි විදියට මේ රට ගොඩ නගනවා එදාට ඔය බොලා වගේ මොලේ කුරුවල් වෙලා තේරුමක් නැති රට බයිලා ගහන අමු මැටි කාලකන්නි මීහරකුන්ට ලැජ්ජා හිතෙයි දැනගනින් බූරුවා අපි ලගදීම මාලිමාවට ආන්ඩු බලය ලබා ගන්නවා එදාට පෙන්නන්නම් තොපි සේරටම පලවෙනි වතාවට හරියට රටක් කරන්නේ කොහොමද කියලා

    ReplyDelete
    Replies
    1. ඇයි නිර්නාමිකව එන්නේ. වසරකට බිලියන 4 ක් ප්‍රේශණ ගන්න අද ඉන්න අය වගේ හතර පස් ගුණයක් මැද පෙරදිග අරින්න වෙයි. ජේවීපී එකෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල අරින්න දෙන්නෙ නැති නිසා මැද පෙරදිග අරින එකයි ත්‍රිරෝධ රථ රස්සාවයි තමයි දුප්පත් නිසා උසස් අධ්‍යාපනයට යන්න බැරි අයට තියෙන්නේ. පුද්ගලික විශ්ව විද්‍යාල සහ සිසු ණය ක්‍රමය තමයි ඒකට විසඳුම. ලක්ෂ 40 ක් සංචාරකයින් ගෙන ගන්න තව අවුරුදු 30 ක් වත් යයි. අපි වගේ 4910% ගුනයක් විශාල ඉන්දියාවටත් සංචාරකයින් වසරට යන්නේ මිලියන 17. ජවිපෙ ආණ්ඩුවක් එන්න පුලුවන් තමයි. හැබැයි ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලාම වෙන්නේ ගොඨාභයට වෙච්ච දේ අනික් එක. බලාගෙන ඉන්න. හැබැයි ඊට පස්සේ ගෝඨාභයට ආයිමත් බලයට එන්න බැහැ වගේ ජවිපෙත් එතනින්ම ඉවරයි. මුල්‍ය අර්බුධයක ලක්වුන ග්‍රීසියේ වෙච්ච් දේ ගැන කියවන්න.

      Delete