Wednesday, August 10, 2022

(ජවිපෙ) අරගලය ගොයින් හෝම්




දින 125ක් පුරා ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන ආ විරෝධතාවය එම ස්ථානයෙන් ඉවත් වන බව එහි සංවිධායකයෝ කියා සිටියහ.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගාළු මුවදොර දී මාධ්‍ය වෙත කියා සිටියේ එම ස්ථානයෙන් ඉවත් වුවද අරගලය අවසන් නොවන බවයි.

භෞතිකව අරගල භූමියෙන් ඉවත් වුවද අරගලය අවසන් නැති බවත් ඇය සඳහන් කළාය.

අරගලය අවසන් කරන බව සඳහන් කරමින් ජන සුනාමියක් ලෙස කොළඹට පැමිණෙන්නැයි විවිධ සංවිධාන වලින් ඉල්ලා සිටිය ද එසේ ජනතාවක් අද ගාළු මුවදොර පිටියට රැස් වූයේ නැත.  (LankaCnews)



ෆොන්සේකා කියපු සෙනඟත් නෑ ෆොන්සේකාත් නෑ 


අද අවසන් අරගලය සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පැවසුවද මේ වන තෙක් සැලකිය යුතු ජන පිරිසක් කොළඹ කිසිම තැනකට ඒකරාශී වී නැත.

සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව ඉදිරියේදී විරෝධතාවක් පැවැත්වුනද ජනාධිපති මන්දිරය මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ පාර්ලිමේන්තුව යන අරගලකරුවන් ඉලක්ක වූ කිසිදු තැනක ලඟ මේ වන විට සැලකිය යුතු මට්ටමේපිරිසක් රැස්වී නැත.

මේ අතර ගාළු මුවදොර සිටින සුළු අරගලකරුවන් පිරිස ඊයේ දිනයේ කියා සිටියේ අද කොළඹ පැටලිමට ජනතාව පැමිණියේ නැතහොත් අරගලය අවසන් කරන්නට සිදුවනු ඇති බවයි.

මේ අතර අද දිනයේ විරෝධතා කිහිපයක් පැවැත්වීමට සූදානම් කර තිබීම හේතුවෙන් ගාලු මුවදොර හා ඒ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවයි. (LankaCNews)


සටහන


මම අප්‍රේල් 30 දින සිට ආරම්භ වුණ නිර්පාක්ෂික අරගලයට සහය දැක්වූවෙමි. මැයි 9 අරගලයට පහර දීම හේතුවෙන් මහින්දට ඉල්ලා අස්වන්නට සිදුවීම සහ පක්ෂ පාට නොබලා ජූලි 9 දින එක්වූ මහජනයා නිසා ගෝඨාභය ඉල්ලා අස්වීම රටට හොඳ බව මගේ අදහසයි. කලින් අරගල සම්ච්චල් කර එයට ඇති ජනප්‍රියත්වය දුටුකල එය පැහැරගත් සහ රාජපක්ෂවරුන් අස්වීමේ ක්‍රෙඩිට් එක බලෙන් ලබාගෙන තිබෙන ජවිපෙ සහ අන්තරය ඔවුන්ට අවශ්‍ය දේ දෙනතුරු අරගලය දිගැස්සවීමට උත්සාහ කිරීමට මම නොකැමතිය. එමෙන්ම ඔවුන්ගේ විදේශීය ජාලයන් උපයෝගී කරගෙන මුල්‍ය අරමුදලෙන් ලැබෙන සහයෝගය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන්නේ ඔවුන්ට බලය ලබා ගැනීමට එයින් අවාසියක් වන බැවිනි. මහජනයා කොමපණ කරද වින්ඳත් එය ඔවුන්ට ප්‍රශ්ණයක් නොවේ. 


අවුරුදු 74 ක රට වලපල්ලට යාමක් ගැන ඔවුන් කියයි. ධම්මික පෙරේරා මහතා කීපරිදි වසරකට ඩොලර් බිලියන දෙකක් පිටරටවල අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් රට වියදම් කරයි. 1989 සිට පෞද්ගලික විශ්ව විද්‍යාල නැතිකිරීමට ඔවුන් ක්‍රියාකල නිසා අද මුදලින්  ඩොලර් බිලියන 60 ක් පමණ රට පටවා ඇත. රටේ මුළු ණය ප්‍රමාණය ඩො. බිලියන 55 කි.  එමනිසා රට වැටී ඇති තත්ත්වයට ජවිපෙත් විශාල වශයෙන් වගකිව යුතුය. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

14 comments:

  1. අරගලයකින් හෝ මේ දූෂිත දේශපාලුවන් සියල්ලම පැන්නිය යුතු බව මා හිතුවා. එහෙම පටන් ගන්නා අරගලය රබර්වාගේ නොඇදී එක රැල්ලට ගසාගෙන ගිහින් අවසන්විය යුතුයි. මෙහෙම ඇදීම දුටුවාම හිතා ගන්න පුලුවන් ඊලගට මුන් ටික පස්සේ එන්නේ මර්දනය කියලා.. මා උපවාසයේ හුන් නිදි ලොක්කා වෙනුවෙන් ගොල්ෆේස් ගියා මිස අරගල සම්බන්ද නොවුනේ මින් එහාට තවත් රට වැටීම මිස ගොඩයෑමක් නොදැක්ක නිසා..

    ReplyDelete
    Replies
    1. රටේ ආර්ථික කඩා වැටීමට හේතුව වුණේ ගෝඨාභය විසින් කරන ලද විශාල බදු අඩුකිරීම, රුපියල් මුද්‍රණය සහ ඩොලර් එක රු 200 හිරකිරීමෙන් මාසිකව ලැබෙමින් තිබූ ඩොලර් මිලියන 800 ක ප්‍රේශණ මිලියන 200 කටත් අඩු ගාණකට කඩා වැටීමයි. ඊට අමතරව පොහොර නිකන් දීම වැනි ඉටුකල නොහැකි පොරොන්දුවක් දී එයින් බේරීමට කර කාබනික පොහොර බොරුව කෘෂිකර්මය කඩා දැම්මා. එමනිසා තමයි ගෝටාභය ගෝ යටතේ අරගලය පටන්ගත්තේ. ඉන් පසුව අරගලය පවත්වාගෙන යනවානම් කල යුතුව තිබුණේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන, විගණනය, හොරකම් වැලක්වීමේ ක්‍රියාමාර්ග වැනි දේවල් සඳහා අරගලයේ ඉල්ලීම් වෙන කිරීමයි. එසේ නොකර ජවිපෙට බලය ගැනීමේ අරමුණින් රනිල් එලවීමට උත්සාහ කිරීමෙන් ඔවුන් පාර වරද්දා ගත්තා. එයට හේතුව නිර්පාක්ෂික අරගලය වෙන කට්ටියක් පැහැර ගැනීමයි. එවැනි පාක්ෂික අරගල වලට එතරම් කල් පැවතිය නොහැකියි.

      Delete
  2. තවමත් මම පතමි සිදු වෙති යැයි වෙනසක්
    මේ යන විදිහෙ නැහැ මට නං කිසි ගැම්මක්
    ඒත් වෙනස ඕනා අපටද- විතරක්
    කට-බඩ ගැනම හිතුවම වෙයි නෙවේද සෙතක්?

    ReplyDelete
    Replies
    1. මීලඟ චන්දෙදී වෙන්නේ හොරකම් කරන විවෘත ආර්ථිකය පිළිගන්නා පිරිසක් සහ අවංක එහෙත් ලෝකේම අසාර්ථක වූ වමාංශික ක්‍රමයක් ගෙන එන කට්ටියක් අතර තෝරාගැනීමකුයි. ඊලඟ චන්දයට පෙර විවෘත ආර්ථිකය පිලිගන්නා අවංක කට්ටියක් ලැබුණොත් හොඳයි. නැත්තම් මේ ක්‍රමයම හෝ කියුබාවක් ඇතිවෙයි.

      Delete
  3. අරගල දියවුනාම... ආයේ කාක්කෝ ටික එයි උජාරුවට පුරුදු සද්දත් දමා ගෙන.
    අනාගතයේ එන ඕනෑම මැතිවරණයක දී මනාපය පලකළ යුතු කෙනා කවුරුන්දැයි... දෙතුන් වරක් නොව, අපමණ වාරයක් සිතා නුවණින් චන්දය පාවිච්චි කරන්න ඕන කාලයයි ඉදිරියට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ හර්ෂ, එරාන් වැනි අය අනිකුත් බුද්ධිමතුන් සමඟ වෙනම පක්ෂයක් ලෙස ආවොත් හොඳයි. එහෙම නොවුණොත් දැනට තිබෙන ඔප්ශන්ස් දෙකම දෙවිදියකින් නරකයි.

      Delete
  4. නිමල්ගෙ උපවාසයට ගිය වෙලාවෙ දැක්කා කවුද එහෙ ලීෆ්ලට් බෙදන්න ආවයි කියල බනින හා තර්ජනය කරන අරගලකරුවන්. මේ සිස්ටම් එකට
    මම කැමතිනෑ. ඒවගේම අන්තරේ සහ පෙරටුගාමී සිස්ටම් එකටත් මම කැමති නෑ. ජේවීපී එක ගැන තාම මට ඔපීනියන් එකක් නෑ. එනිසා දැනට IMF ගැන විතරක් බලාගෙන ඉන්නව

    ReplyDelete
    Replies
    1. අවංක නායකයින් සිටින කියුබාවක ජීවත් වීමට ජවිපෙට චන්දය දෙන්න.

      Delete
  5. මුලදි දැක්ක ලස්සන අරගලය නෙමෙයි, පහු වෙනකොට දැක්කෙ. කොහොමත් සහෝදරවරු පෙරමුණ ගත්ත හැම තැනකම වෙච්ච දේ මෙතනත් වුනා, එච්චරයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. රාජපක්ෂල ඉවත් වුනාම ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලීමට නොගොසින් එන එන එකා පැන්නීමට ගෙනිච්චේ ඒ කට්ටිය තමයි. අරගලය ඔවුන් කල හානිය සුළුපටු නැහැ.

      Delete
  6. ඉයන්,

    මීට වඩා ගොඩාක් සීරියස් විදියට හිතන්න ඕන කාරණයක් තියෙනවා මේ ගැනත් පෝස්ට් එකක් ලියලා පැහැදිලි කිරීමක් කරන්න.

    ලංකාවේ නව ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ජාතික ආරක්ෂාවට බලපාන ලංකාවේ සමාජ මාධ්‍ය වල හැසිරීම් පාලනය කිරීම සඳහා පනත් කඩිනමින් සකස් කරන ලෙස සහ තවත් පනත හතරක් කඩිනමින් සංශෝධනය කරන ලෙස ආරක්ෂක ප්‍රධානීන්ට ජනාධිපතිතුමා විසින් නියෝග කර තිබෙන බව ලංකාවේ මාධ්‍ය ගණනාවක් මගින් වාර්තා කර තිබුණා.

    මේ පිළිබඳව මීට වසර දෙකක් තිස්සේ හිටපු ජනාධිපති නන්දසේනටත් අධිකරණ අමාත්‍යංශ නිලධාරීන් විසින් දිගින් දිගටම දිගින් දිගටම දැනුම් දුන්නද එය සිදු නොවීමෙන් රටපුරාම නීති විරෝධී ක්‍රියාවන් වලට පෙළඹී ඇති තරුණ තරුණියන් වල්බූරු තකතීරු මර්දනකාරී ජඩ වැඩ වලට පුරුදු පුහුණු වී ඇති බවත් මෑතකදී අරගලකරුවන් රාජ්‍ය දේපල විනාශ කිරීමට ද සමාජ ජාල උපයෝගී කරගෙන ඇති කර ගත් බවද ඔවුන් පෙන්වා දී ඇත.

    සමස්ත ආසියානු කලාපය තුළ දුර්වලම නීති පවතින්නේ ශ්‍රී ලංකාව තුළ බැවින් වහාම ඒවා සංශෝධනය කළ යුතු බව කියමින් සමාජ ජාල වල පාලනය පිළිබඳව දැඩි ලෙස නියාමනය කිරීමටත් අසත්‍ය ප්‍රචාර තොරතුරු සහ රාජද්‍රෝහී ක්‍රියා සඳහා බරපතල අපරාධමය වැරදි සඳහා වන දඬුවම් පමුණුවිය හැකි සහ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමට කටයුතු කළ හැකි පරිදි නව ප්‍රොවිෂන්ස්ද ඉදිරිපත් කර එම සංශෝධන ක්‍රියාවට නැංවීමට අධිකරණ අමාත්‍යාංශය වෙත බලය පැවරීමට ද මෙහිදී තීරණය කර ඇත. ලංකාවේ සමාජ ජාල වල විශාල වශයෙන් වල්බූරු ලෙස පවතින විවිධ වර්ගයේ පේජ්, යූටියුබ් නාලිකා ආදිය දැඩි ලෙස නියාමනය කර අනවශ්‍යය සහ සමාජ විරෝධී පිරිස් වලට දඬුවම් ලබාදීම සඳහා එම ෆේස්බුක්, යූටියුබ්, වට්ස් ඇප්, ට්විටර් සහ වෙනත් සමාජ ජාල ආයතන වල හිමිකාරත්වය සමාගම් වලට නිල වශයෙන් දැනුම් දීමට රාජ්‍ය තාන්ත්‍රික පිරිවර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කිරීමට ලංකාවේ රජය සූදානම් වේ. මීට රාජපක්ෂ කල්ලියේ ද සහාය ලැබෙන බව ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා මෙහි ඇති භයානක තත්වයන් ගැන ලංකාවේ සමාජ ජාල වල ක්‍රියාකාරීන් දැඩි විරෝධය සහ විවේචන එල්ල කර තිබෙනවා මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. රජයකින් සමාජ මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කළොත් ඒක යහපත් දෙයක් නෙවෙයි. අනික අද තියෙන තාක්ෂණය එක්ක රජයකට එහෙම පාලනය කරන්න හැකියාවක් නැහැ කියලයි මම හිතන්නේ. සමහර පොහොට්ටුවොන්ට එහෙම දෙයක් ඕන වුණත් රනිල් එහෙම දෙයකට අනුමැතිය දීමක් නොවෙන බවයි මගේ විස්වාශය. සමාජ මාධ්‍ය වල ප්‍රකෝපකාරී දේවල් සහ දේපල සහ ජීවිතට හානි විය හැකි සාවද්‍ය දේවල් පැතිරීම මොන රටෙත් නීති විරෝධියි.

      Delete
  7. Exactly my thoughts. I think JVP and Peratugami parties did a great harm to the country (intentionally or unintentionally) more than 2 traditional parties by not letting a 3rd political movement to develop in this country (while repeatedly rejecting from people but forcing people that they are the 3rd option).

    ReplyDelete
    Replies
    1. Thank you for your response. When they started in the late 60's socialism was accepted by many countries in the world. The Vietnam war etc. made capitalism and the west a bad thing to believe in or to emulate. The USSR collapsed in 1991, and many left parties changed to center left. Good example is British labor party. After losing to conservatives under Margret Thatcher, Tony Blair made labor a center left party. JVP does not want to change. They think been honest can solve all the problems. They attract people who are arrogant and destructive. They however send their children for western education while blocking private universities in Sri Lanka. High time some known honest people form a center right party to counter them.

      Delete