Tuesday, May 28, 2019

ගෙදර එනතුරු





පාවී දුරක සිට ඉර අවරට යන්නා
රෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නා
බෑවී ඉවසීම මක, තරහක් එන්නා 
ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නා

ගිය පසු උදේ නැගිටල දඩි බිඩි ගාලා 
අපි මෙහෙ තට්ට තනියම අත හැර දාලා 
රෑ බෝ වෙලත් ගෙදරක් ගැන නොහිතාලා 
මක් කරනවද දන් නැහැ මෙච්චර වේලා 



 මේ කවි පේලියේ තව කවි හතර පහක් තියෙනව. සත්වයකුගේ සිතිවිලි හරිම තාත්ත්වික විදිහට ලියපු කවි පේලියක්. ලියල තියෙන්නේ දෙව්ලින්දි බ්ලොග් එකේ. Winnie the Pooh ගේ ලඟම ඥාතියෙක් වෙන,  විනීත පු නමින් කමෙන්ට් දාන කෙනා.   



 මෙතනින් ගිහින් බලන්න.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

16 comments:

  1. බොහොම ස්තුතියි ඉයන් මේ සටහනට! මෙය දුටු මොහොතේ සිතට ආ සතුට කිව නොහැකි තරම්.

    ReplyDelete
    Replies
    1. මේ කවියත් ඊට ඉස්සෙල්ල තිබ්බ මහණ වෙන සහෝදරයෙක් ගැන කවියත් දෙකම හරිම උසස් නිර්මාණ.

      Delete
  2. Replies
    1. ස්තූතියි යාත්‍රා

      Delete
  3. පුසෝ ගැනනම් එච්චර මනාපයක් නැහැ....එච්චර නෙමෙයි කොහමටත් නැහැ....මට පෙන්නන්න බැරි ජාතියක්....ඒ උනාට උන්ගේ සිතුවිලි අකුරු කරලා තියන හැටිනම් අපුරුයි

    ReplyDelete
  4. ස්තූතී ඉයන්...
    ගියා ඒ පැත්තෙ. හරි විනීත පූ-සෙක්...

    ReplyDelete
  5. ඉයන්, කාලෙකින් බ්ලොගයේ මොකුත් ලිව්වේ නැත්තේ ඇයි. මොනවා නමුත් ඔබ සුවෙන් සතුටින් ඇතැයි සිතමි.

    ReplyDelete
  6. කෝ බන් අයියන්ඩි උත්තර

    ReplyDelete