Sunday, February 3, 2019

නිදීගෙ පන්චතන්තරේ




නිමල් දිසානායක තමන්ගේ ජීවිතයේ අත්දැකීම් සමඟ ලියන නිදීගෙ පන්චතන්තරේ බ්ලොග් එකෙන් ඉගෙන ගන්න දේවල් සහ පුළුවන් නම් අත්හදා බලන්න දේවල් බොහොමයක් තියෙනවා. ඒවගේම එකකට එකක් නොදෙවෙනි පෝස්ට් සියයක් පමණ ඔහු ලියා තිබෙනවා. සුමානයකට අඩුම ගණනෙ එක පෝස්ට් එකක්වත් එහි පලවෙනවා.

ඒවයින් ප්‍රයෝජනයක් ගන්න ඒ බ්ලොග් එක අන් අය අතර බෙදාගන්න කියල  මෙහෙම ඔහු ඉල්ලීමක් කරල තියෙනවා.

"මා ලියන ‘පංච තන්තරේ’  හැකිතාක් වැඩි පිරිසක් කියවනවාට මං කැමැතිය. ඊටත් වඩා කැමැති රසික ඔයාලා ඒ කියවන දේවලින් පල-ප්‍රයෝජනත් ගන්නවා නම්ය. "


 අපිටත් අනාගතයේ මුහුණ දෙන්න වෙන්න ඉඩ තියෙන අමිහිරි අත්දැකීමකට මුහුණ දෙමින් එම අත්දැකීම් සහ ඔහුගේ ජීවිතයේ අනිකුත් අත්දැකීම් සමුදායක්ම අන් අය සමඟ බෙදාගමින් ඔහු කරගෙන යන සේවයෙන් අපිත් ප්‍රයෝජනයක් ගනිමු. 

ගියාම ඒකේ පරණ පෝස්ට් ටිකත් කියවලාම බලන්න.



ඒ බ්ලොග් එකට මෙතනින් පිවිසෙන්න පුළුවන්.

සින්ඩිකේටර් වලටත් මේ බ්ලොග් එක එකතු කරගන්නා ලෙස ඉල්ලමි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

12 comments:

  1. ඉයන්, ගොඩක් ස්තුතියි කළ සත්කාරයට. ඒ අනුග්‍රහය 'නිදිගෙ පංච තන්තරේට' වගේම බ්ලොග්ස් කියවන හිතාදර රසික කැලටත් කෙරුණු සංග්‍රහයක්! ඉයන්ගේ අඩවියත් දිනේවා!

    ReplyDelete
  2. නිදිගේ පංචත‍්‍රන්තරේ මුල ඉදලාම කියවලාම නිමල් අයියා දැන් හොද හිත මිතුරෙක් වෙලා. හොද බ්ලොග් අඩවියක් ජිවිතයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මොනවද දැන් ඉගනගෙන තියෙන්නෙ එතකොට?

      Delete
    2. ඔං ඇහැව්වා පුරස්නයක්. දැන් ඉතිං දිපල්ලාකෝ මේවාට උත්තර.
      දුක ජය ගැනිම. මහරගම පමුනුව ඉතිහාසය. තව තියෙනවා

      Delete
    3. නිමල් ලඟදීම ප්‍රා ජේ ගෙ ඉතිහාසයත් ලියන්න බලාපොරොත්තු වෙනවලු lol

      Delete
  3. කියවන්න උනේම නැති බ්ලොග් එකක්.. ස්තුතියි ඔත්තුවට..

    ReplyDelete
  4. බ්ලොග් මිතුරන් අතරින් මුන ගැසෙන්නට ලැබුනා හතර වැන්නා.

    ReplyDelete