එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු (Theoretical Physicist) වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate වූ ජෝ සමඟ උත්සාහයක් දරනවා. පැය තුනක් ගතවුණත් ඔවුනට එම සමීකරණය විසඳීමට හැකිවෙලා නැහැ. අවසානයයේ ඔවුන් තීරණය කරනවා මුළු Princeton University එකේම එවකට දක්ෂතම සිසුවා ලෙස සැලකූ වෙනත් සිසුවෙක්ගෙන් එය විසඳීමට උදව් ඉල්ලීමට.
තුන්වන ලෝකයේ රටකින් විශ්ව විද්‍යාලයට පැමිණි එම දක්ෂ සිසුවා ඔවුන් දෙදෙනාට විසඳිය නොහැකිවූ සමීකරණය දෙස විනාඩි තුනක් පමණ බලා සිට පිළිතුර ප්‍රකාශ කරනවා. එම පිළිතුර ගත් ආකාරය පැහැදිලි කිරීමට එම දක්ෂ සිසුවා පිටු තුනක් පුරා සමීකරණ ලියමින් ඔවුන්ට පහදා දෙනවා. එතරම් අසීරු සමීකරණයක් ඒ දෙස බලා සිටීමෙන් පිළිතුර ප්‍රකාශ කිරීමත් ඔහු එම සමීකරණය විසඳන ආකාරය කියාදීමත් ගැන මවිත වන ඇමෙරිකන් සිසුවා සහ ඔහුගේ මිතුරා ජෝ අසන්නේ එවන් සංකීර්ණ සමීකරණයක් මනෝමයෙන් විසඳුවාද යන්නයි.