Thursday, December 28, 2017

ඇයි පිරිමින්ට මෙහෙම වෙන්නේ?

අළුත විවාහවූ ජෝඩුවක්

'බඳිනවා' කියන එක බොහෝ ලාංකිකයන්ගේ ජීවිතේ කල යුතු දේවල් වල තිබෙන ප්‍රධානතම අංගයක්. ඒකේ තර්කානුකූල පැත්ත ගැන තමයි මගේ කුකුස. බොහෝ දෙනෙක් කිරි ආහාර වර්ග වලට කැමතියි. අද සුපර් මාකට් එකෙකට ගියොත් විවිධ රසැති කිරි, කිරි වලින් තැනූ චීස්, බටර්, යෝගට් වැනි නිශ්පාදන, යෝගට් ගත්තත් විවිධ රසැති යෝගට් ආදී වශයෙන් කිරි ආහාර වර්ග හැටහුටාමාරක් තියෙනවා. එහෙම තියෙද්දී තමන්ගේම කිරි පරිභෝජනයට එළ දෙනෙක් ගන්න හිතන කෙනෙක් ඉන්න පුළුවන්ද?    


විවාහවීම එළ දෙනෙක් ගැනීමට සමාන කිරීම ගැන අමනාප වෙන්න එපා. ආදරය, ආදරය කරන දෙදෙනෙකුගේ එක්වීම වගේ දේවල් වල අලංකාරයක් තියෙන බව මම පිළිගන්නවා. මේ පෝස්ට් එකේදි මම හිතුවේ එවන් එක්වීමක තිබෙන දීර්ඝ කාලීන තර්කානුකූල බව පමණමයි. එම නිසා හදවතින් නොව ඔළුවෙන් සිතා ප්‍රතිචාරයක් දක්වන මෙන් ඉල්ලා සිටිනවා. 

එක් මානවිකාවක් බ්ලොග්කාරිණිය ලියන මිනිසුන් අතර බ්ලොග් එකේ සංවාදයක්  නිසා තමයි මේක ලියන්න හිතුණේ. පහල තියෙන කොටස ඒකේ මම දැම්ම කමෙන්ට් එකක්. ඒකට කිසිම ප්‍රතිචාරයක් නොලැබිච්ච නිසා මෙතන ඒ ගැන ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් මෙතන පෝස්ට් කරනවා.

මිනිසුන් ඇරුනාම ජීවිත කාලයක් එකට ඉන්න බලාගෙන විවාහ වෙන වෙන සත්ව කොට්ඨාශයක් නැති නිසා එයින් ඔප්පු වන්නේ විවාහය සමාජීය අවශ්‍යතා සඳහා මිනිසා විසින් අටවා ගත් ස්වභාව දහමට අනුකූල නොවන දෙයක් බවයි. ගැහැණු - පිරිමි ආකර්ශණයට ප්‍රධානම හේතුව ස්වභාව ධර්මයා විසින් වර්ගයා පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ඇති වී ඇති දෙයක් බව රසහක් නෙමෙයි. එවන් ආකර්ශණයක් ටික කාලයකදී නැතිවෙනවා. මුලදී කොතරම් ආස වුණත් එකම කෑම වර්ගයක් එක දිගටම කනකොට ඒක එපා වෙනවා වගේ. එවන් අවස්ථාවල විවාහයෙන් පිට වෙනත් අයට ආකර්ශණයන් සහ සම්බන්ධතා ඇතිවීම සමාජය කොපමණ ගැරහුවත්, ස්වභාවික දෙයක්.

ස්කැන්ඩනේවියානු රටවල විවාහයන් කියන්නේ දුලභ දෙයක් බව අසා තිබෙනවා. එයට ප්‍රධානම හේතුව තනි මව්පිය පවුල්, සහ දෙමපියන් සමඟ ජීවත් නොවන දරුවන් රැකබලා ගැනීමට ආයතන බහුලව තිබීම. එසේ නොවන රටවල් වල දරුවන් නිසාම දෙමව්පියන් සිටීමේ අවශ්‍යතාවය නිසා විවාහය කියන එකට වැදගත් කමක් ලැබීමත් විවාහයකින් අයින් වීම අපහසු වන විවිධ නීති තිබීමත් සිදුවී තිබෙනවා. උදාහරණයකට ලංකාවේ දරුවන් නැති විවාහයක් වුවත් දෙදෙනාගේ කැමැත්තෙන් අවසන් කරන්න බැහැ. ඒ නිසා දෙදෙනාගේම එකඟත්වයෙන් ද්වේශ සහගත අතහැරයාම වැනි හේතුවක් එක් කෙනෙක් අනිකාට දාල තමයි සිය කැමැත්තෙන් වුනත් වෙන්වන්නේ.

රැකියාවක්, වාහනයක්, නිවසක් වැනි දෙයක් තමන්ට අකමැති නම් අයින්වී හෝ විකුණා දමන්න පුළුවන් වුණත් ඒහා සමාන 'ලබා ගැනීමක්' වන විවාහය එක් කෙනෙකුගේ කැමැත්තෙන් අවසන් කරන්න බැහැ. කලින් කිව්වා වාගේ දෙදෙනාගේම කැමැත්තෙන් වුවත් බොරු කියා අවසන් කල යුතුයි. එවන් සංකීර්ණ දේකට තවමත් මිනිසුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නේ ඇයි? කාන්තාවන් යම් කෙනෙක්ගේ රැකවරණය ලබා ගැනීමට, සමාජයෙන් කොන්වීම මඟ හරවා ගැනීමට වැනි හේතු නිසා වෙන්න පුළුවන්. එතකොට පිරිමින්? ඔවුන්ටත් සමාජ හේතු වෙන්න පුළුවන්. විවාහ නොවුන කෙනෙක් සමලිංගිකයෙක් වැනි ලේබල් කිරීම් ලංකාව වගේ පසුගාමී රටක දුලභ නැහැ. ඒ නිසාද? එහෙම නැත්නම් කෑම ඉවීමට, ගෙදර දොර අස් පස් කරගැනීමට කෙනෙකු අවශ්‍ය නිසාද? එහෙම නැත්නම් 'නිත්‍යානුකූලව' ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමටද?

දරුවන් ගේ ආර්ථික, මඟපෙන්වීම් සහ ආරක්ෂක අවශ්‍යතා නිසා විවාහයක කියන එක අවශ්‍යතාවක් බව පිළිගත්තත්. තවම ඉපදී නැති කෙනෙකුගේ අවශ්‍යතා නිසා බොහෝ සීමා වීම් බලපාන, ආපසු හැරවීමට ඉතා අපහසු බන්ධනයකට කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ මිනිසුන්ගේ ඇති masochist tendencies නිසාද?


හදවතින් නොව ඔළුවෙන් සිතා පිළිතුරක් දෙන මෙන් නැවතත් ඉල්ලා සිටිනවා.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

68 comments:

  1. උබ කියන කතාවෙ ඇත්තක් නතෙම නැහැ ..
    එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. සඳූ ගෙනුත් අහපන්

      Delete
    2. අර අටමා කියනවා වගෙ තනිකරම ඉල්ලගෙන කැමක් ...අපේ ගැනි උඩ පනලා කැමති උනොත් මොකඩ කරන්නෙ ...
      (තිස්තුන් කොටියක් ඩෙවි ඩෙවතොවො බලලා එහම්වත් වෙනවනම් ) .
      මමත් සම්හර වෙලවට කියන්වා හැම මගුලටම කල් ඉකුත් විමෙ ඩිනායක් තියන්වා විවාහ සහතිකයට විතරයි නත්තෙ කියලා...මෙවා පුරුවෙ කල අකුසල කර්ම් මචො

      Delete
    3. විවාහ සහතිකයට තියෙන්න ඕන This expired in 10 years but renewable by mutual consent කියල වගන්තියක්. එතකොට ඩිවොර්ස් වීමකුත් නැහැ, ප්‍රශ්ණත් අඩුවේවි.

      Delete
    4. අම්මා පල්ල සහතික ඇත්ත..ඒ කතාවට උබගෙ කටෙ ගල් කාලක් වක් කරන්න ඔනී

      Delete
  2. මට තාමත් තියෙන ප්‍රශ්නේ ඇයි අපි ඔය දේවල් ගැන ඕනවට වඩා හිතන්නේ . එහෙම හිතන්න ඕනෙද ? මගේ තියරිය වෙන්න තියෙන දේවල් වෙයි . ජීවිතේ හැම දේම ප්ලෑන් කරන්න හොඳ නෑ . අහම්බෙන් දේවල් සිද්ධ වෙනකොට තමා ජීවිතේ රස වෙන්නේ හෝ තිත්ත වෙන්නේ . වෙනදෙයක් බාරගෙන ඔලුව කුරුවල් කරගන්නේ නැතුව ඉන්න ඕන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්. එහෙම හිතන එක අනිවාර්‍යය නැහැ. ඒ වුණාට හිතන්න බාධාවකුත් නැහැ. අපි ජීවිතයේ අනික් දේවල් ගැන එහෙම හිතනවානම්, ඇයි මේ ඇනත් නොසිතන්නේ. පරමපරාවේ නිවස නිසා එය නොවිකුණන, කාලයක් පාවිච්චි කල නිසා පරණ හෝ අබලන් වූ වාහනයක් තවම පාවිච්චි කරන, ආර්ථික වශයෙන් හෝ අන් කරුණු වලින් වඩා හොඳ රැකියාකට මාරු නොවී බැඳීම නිසා එම රැකියාවේම ඉන්න අය සමාජයේ ඉන්නවා. මේවා දිහා වෙනස් විදිහට බලන අයත් ඉන්නවා.

      රැකියාව, නිවස වගේ දේවල් එක්ක සසඳන කල විවාහය කියන්නෙත් ජීවිතයේ අංගයක් මිසක් මුළු ජීවිතයම නෙවෙයි. එවන් දෙයක් ගැන තර්කානුකූලව සිතා බැලීම හොඳයි. එසේ සිතා බලා තර්කාණුකූල නොවන වෙනත් හේතු නිසා විවාහ වීම වරදක් නෙමෙයි. ජීවිතයේ දේවල් හැම දෙයක්ම තර්කයක් මතම තීරණය කරන්න බැරි බව මම පිළිගන්නවා. ඒ වුණාට තර්කාණුකූලව සිතීමට එය බාධාවක් නෙවෙයි.

      Delete
    2. නෑ, මං කියන්නෙ නෑ හිතන්න එපා කියලා. විවාහයක් ගැන හිතනවනං ඒ විවාහ වෙන පුද්ගලයා එක්ක ජීවත් වෙන්න පුලුවං විදිහේ අනොන්‍ය අවබෝධයක් ඇතිකරගන්න පුලුවං මට්ටමේ බුද්ධියක් තියෙන කෙනෙක්ද. රැකියාව සමාජ මට්ටම් වගේම අනික් මානුශීය ගුණාංග ගැලපෙනවද බලන්න ඕන
      . රැකියාව සමාජ මට්ටම කියන එකෙන් අදහස් කලේ, සමහරු හිතනවනෙ ආදරේ විතරක් ඇති අනික් ඒවා ප්‍රශ්න නෙවේ කියලා . ඒත් අන්තිමට ප්‍රශ්න වෙන්නෙ ආදරේ නෙවේ අනික් දේවල් ඒකයි.

      මම ප්‍රශ්න කලේ ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේවල් නොහිතා ඉන්න එක ගැන නෙවේ.
      එතනින් එහාට ගිය ගැඹුරු සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක් කරන්න අවශ්‍යතාවක් තියෙනවද කියන එක.

      Delete
    3. ඉවාන් ස්තූතියි නැවතත්. බොහෝ විවාහ වෙන්නේ ඔබ කියන ගැලපීම් ගැන බලලයි නේද? කවුරුවත් මෙයත් එක්ක ජීවත් වෙන්න බැරිවෙයි කියන දැනීම හෝ උපකල්පනය සමඟ විවාහ ජීවිතයකට ඇතුලත් වෙන්නේ නැහැ නේද? එහෙමනම් එවන් විවාහ වල දික්කසාද ප්‍රමාණය බිංදුව වෙන්න ඕන නේද? එකට ඉන්න බැරුව දික්කසාද වෙන එක පවුලකට එකට ඉන්න බැරුව එහෙත් දික්කසාද නොවන පවුල් තුනක් වත් ඇති යන්න මගේ අදහස. එතරම් වැඩි ප්‍රමාණයක් අසතුටෙන් ඉන්න දෙයක් වෙන විවාහයකට පුද්ගලයන් ඇතුලත් වෙන්නේ කුමන හේතුවක් තර්කයක් නිසාද යන එක තමයි මගේ ගැටළුව.

      Delete
    4. මට හිතෙන විදිහට එතන තියෙන්නෙ සෑහීමකට පත්නොවීමේ ගැටලුව. ඉයන් අහල තියෙනවා නේද ඉරිඟු හේනේ කතාව. අහල නැත්තං කියන්නං. මං හිතන්නෙ ඒක තමා හේතුව

      Delete
    5. ස්තූතියි ඉවාන්. ඉරිඟු හේනේ කථාව මම අහල නැහැ. kiyanna.

      Delete
    6. ළමයෙක් තමන්ගේ ගුරුවරයා ලඟට ගිහිං ඇහුවා

      ළමයා - ගුරුතුමණි ආදරය කරන්න කෙනෙක් තෝරාගන්නේ කොහොමද?
      ගුරුතුමා - එන්න මා එක්ක
      එහෙම කියලා ගුරුතුමා ලමයව ඉරිඟු හේනක් ලඟට එක්ක ගියා . ගිහිල්ලා මෙහෙම කිව්වා
      ගුරුතුමා - ඔයා දැන් මේ ඉරිඟු හේන ඇතුලට යන්න ඕන. ගිහිල්ලා ඔයාට හොඳයි කියලා හිතෙන ඉරිඟු කරලක් කඩාගෙන එන්න . හැබැයි ඒක කොන්දේසියක්. පහුවෙච්ච ඒවා කඩන්න ආපහු හැරෙන්න බෑ. ඉස්සරහට විතරයි යන්න පුළුවන් ,

      කොන්දේසියට එකඟ වෙලා ළමයා ඇතුලට ගියා . ගියාම දැන් ළමයට පේනවා ඉස්සරහට යන්න යන්න ඉරිඟු කරල් ලොකු ඒවා තියෙනවා . ඒ නිසා ලොකුම එකක් කඩාගන්න හිතිලා තව ඉස්සරහට ගියා . එත් ටික දුරක් ගියාට පස්සේ ආපහු කරල් පොඩි ඒවා තමා තියෙන්නේ . ළමයට හිතුනා අපරාදේ කලින් එකක් කඩාගන්න තිබ්බනේ කියලා . ඒත් දැන් ආපහු හැරෙන්න බෑ . ඒ නිසා තව පොඩි වෙන්න කලින් ලඟම තිබ්බ එකක් කඩාගෙන ගුරුතුමා ලඟට ගියා

      ගුරුතුමා - දැක්ක නේද දරුවා , ආදරේ කරන්න කෙනෙක් හොයාගන්න්කොටත් එහෙම තමා, හැමතිස්සෙම හොයන්නේ සර්ව සම්පූර්ණ කෙනාව , අපි තව හොඳ අය හම්බවෙයි කියලා හිතාගෙන ලැබෙන අවස්ථා මග හැරගන්නවා, හොඳ අය හම්බවුනා එත් ඊටවඩා හොඳ අය හොයන්න ගිහිං හොඳම කෙනා මග ඇරුනා දැන් ආපහු ඒ කෙනාව හොයන්න පරක්කු වැඩියි . අන්තිමේ හිතින් දුක් වෙවී ලැබෙන දෙයක් බාරගන්නවා .

      මෙහෙම ටික දවසක් ගියාම ළමයා ආපහු යනවා ගුරුතුමා හම්බවෙන්න

      ළමයා - ගුරුතුමණි , විවාහයට කෙනෙක් තෝරාගන්නේ කොහොමද ?

      ගුරුතුමා ලමයව ආපහු ඉරිඟු හේනට එක්කං යනවා , ආපහු ගිහිං ඉස්සෙලාවගේම හොඳම ඉරිඟු කරලා කඩාගන්න බලන්න , හැබැයි කොන්දේසිය ඒ වගේමයි , ආපහු හැරෙන්න බෑ .

      ළමයා ඇතුලට යනවා , කලින් වතාවේ පාඩමක් ඉගෙන ගත්ත නිසා, මේ සැරේ ලොකු ඉරිඟු කරල් තියෙන ඉසව්වට ලන්වෙනකොට බලලා ලොකුම එකක් කඩාගන්නවා , කඩාගෙන ඉස්සරහට යනකොට දකිනවා ,ඊට වඩා ලොකු ඉරිඟු කරල් තව බොහොමයක් තියෙන බව .එත් දැන් කරන්න දෙයක් නෑ .

      ළමයා එනවා ගුරුතුමා ලඟට

      ගුරුතුමා - දැන් තේරෙනවද දරුවා , විවාහයට කෙනෙක් හොයාගන්න කොට බොහෝවිට වෙන්නේ ඔයදේ තමා . අන්තිමේදී තමන් විශ්වාසය ඇතිකරගන්නවා මේ තමා තමන්ට ගැලපෙන කෙනා කියන ඒක . පොඩි පොඩි අඩුපාඩු නොගැලපීම් තිබුනත් ඒ අවස්ථාවේදී තමන්ට වැඩිපුරම ගැලපෙන කෙනාව ලබාගන්න තීරණය කරනවා .

      කතාව ඉවරයි අසා සිටි ඔබ සැමට ස්තුතියි

      පැ.ලි. අද වෙලා තියෙන්නේ හොඳයි කියල අහිතෙන කරල කඩාගත්තට පස්සේ තව ලොකු ඒවා දැක්කම ඉන්න බැරිවෙලා දෙකම නැතිකරගන්න සීන් ඒක තමා ,

      Delete
    7. මරු කථාව. නියමෙට ගැලපෙනවා. බොහොම ස්තූතියි ඉවාන්. කොහොමද කඩා ගත්ත ඉරිඟු එක? හොඳයිද? හැක්

      Delete
    8. හොඳයි ඒත් හේනෙ තව ලොකු ඒවා තියෙවනෙ, බල බල ඉන්නවා හැක්

      Delete
  3. විවාහයකින් ඇතිවන ළමයින්ට යන කළදසාව බලාගන්න තැනක් තියෙනව නං ඕක ගැටළුවක් නෑ. ඔය ගැන ඒතරං හිතන්න එපා. ඕක දැඩි සමාජ අවශ්‍යතාවක් නම් සමාජය ඒකට පාරක් හදාගනියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුරංග. (බොහෝ විට ) විවාහයකට තීරණය ගන්නා අවස්ථාවේදී දරුවන් නැති නිසා එම තීරණය ගැනීමේදී එය තර්කානුකූලව justify කරන්නේ කොහොමද කියන එක තමයි මගේ පැණය.

      Delete
  4. ඔබට‍ කොමෙන්ටුවක් වශයෙන් නොවුවත් විදේශයකදී මට දකින්නට ලැබුණු, ඔබ කියන සිද්ධි දාමයට අදාළ කර ගත හැකි කරුණක් ලියන්නට සිතුනා. ඒ රටේ සාමාන්‍ය පවුල් ජීවිතය 'living together'. විවාහ වීම කියන එක අරුම පුදුම දෙයක්. අපේ රටෙන් ගිය පිරිමියෙක් එහි කාන්තාවක් විවාහ කර ගත්තා. අපේ මිනිහට විවාහය නිත්‍යානුකුල කරගන්නට අවශ්‍ය වෙලා ඒ ගැන කටයුතු කරන ආයතනයෙන් සොයා බැලුවා. අවුරුදු හත අටකින් රටේ විවාහයක් ලියාපදිංචි කරලා නැහැ. ඉල්ලීම නිසා අලුතින් නිලධාරියෙක් යොදවලා අව්ශ්‍යතාවය ඉටු කළා. වසර පනහක් පමණ ඇතුළතදී එහි ලියාපදිංචි කළ විවාහ සියයක්වත් නැති බව ඒ නිලධාරියා කිව්වා. තවත් අවස්ථාවකදී අපගේ මිත්‍රයෙකුගේ (Naanaayakkara) විසිපස්වෙනි marriage anniversary එකට අප ලඟින් ඇසුරු කළ රටෙහි අධ්‍යාපන ඇමති තුමාත් සහභාගී වුවා. 'Nana! how did you manage to live with the same woman for 25 years' කියා මහත් විශ්මයකින් බලා සිටියා. අප ඒ රටට යන කාලේ ඇමති වරයාට හිටියේ අප්‍රිකානු හැඩරුව ඇති කාන්තාවක්. ටික කලකට පසු ඔහුට සුදු කාන්තාවක් සිටිනු දැක අපේ කෙනෙක් විමසු විට ඔහු කීවේ 'I just let her go. So far the new one is OK.' කියායි. මේ අයගේ ජීවිත එතරම් අවුල් වී නැහැ. ඔහුට කලින් බිරිඳකගෙන් දියණියක් සිටිනවා. ඇය නේවාසිකව ඉගෙන ගන්නවා. 'Ours is a one parent family' කියා ඔහු මහත් ආඩම්බරයෙන් කියනවා. අපට තිබෙන්නේ අපටම ආවේනික මිනුම් වලින් මනින සංස්කෘතික හෝ සදාචාරාත්මක බැඳීම් නේද? මා හිතන්නේ මේවා දැන් ටිකින් ටික අඩුවෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයාවී මහත්මයා. ඔස්ට්‍රේලියාව වගේ රටවල විවාහ වීම සිදුවන්නේ ඒ සඳහා අත්‍යවශ්‍යම හේතුවක් තිබුණොත් කියල මම හිතනවා. ආසියාතික රටවල සංස්කෘතිය හෙඔ සදාචාරය කියා ඇතිවී තිබෙන්නේ දරුවන් රැකබලා ගැනීම, දරුවන් ඇති දෙමව්පියන් වෙන සහකරුවන් සරණ නොයෑම වැනි සමාජයීය අවශ්‍යතාවන් සපුරා ගැනීමට නේද?

      ක්‍රිස්තියානි විවාහ වල දෙදෙනෙකු විවාහ වෙන්නේ දෙවියන් ඔවුන් දෙදෙනාව එක් කල නිසා කියා කියනවා. දෙවියන් එහෙම දෙයක් බලාපොරොත්තුවූවාන අන් සත්ව විශේශ වලට එහෙම දෙයක් තිබිය යුතුයි. එම නිසා ආගමික විශ්වාසත් සමාජයීය අවශ්‍යතා නිසා හැදිච්ච දේවල් පමණක්ම යැයි සිතන්න පුළුවන්. සංස්කෘතික සහ සදාචාරාත්මක සිරිත් සහ විස්වාශත් ඒවගේම වෙන්න ඕන.

      Delete
  5. මෙතන වැදගත් දෙයක් තියනවා, ඒ තමයි එක එක වයසේදී මිනිස් හැගීම් කියන දේ වෙනස් වෙනවා.
    වයස අවුරුදු 20 ක තරුණයෙක් තරුණියක් හිතන විදිය මෙමෙයි වයස 30 දී 40 දී 50 දී 60 දී හිතන්නේ,
    වයස යාමත් සමග අරමුණු වෙනස් වෙනවා උදාහරණයක් ලෙස වයස ඇවුරුදු 70 පමණ වූ දරුවන්ගේ වගකීම් ඉවර කල විස්රාමිකයන් හිතනවා තම මුනුබුරන්නේ වැඩවලට උදව් වෙන්න, මේ වයසේ විවාහ නොවූ කෙනෙක් සිටිනවානම් ඔහුට තදබල මානසික ප්‍රශ්නයක් හටගන්නවා තනි වීම නිසා.

    හැබැයි මේ දේ සිද්දවෙන්නේ අවිවාහක අයට පමණක් නෙමෙයි දරුවන් කීපදෙනෙක් හදපු අයත් අද ඉන්නවා මහලු මඩම් වල බොහෝවිට දරුවන් විවිද රටවල, මේ අයත් ජිවිතේ ගෙවන්නේ දැඩි පීඩාවෙන්.

    හැබැයි කිසියම් කෙනෙක් ට ජීවිතය ගැන අවබෝදයක් තියනවනම් බාහිර පුද්ගලයන් පිළිබද සෙවීම පැත්තක තියල තමාගැන සෙවීම කරනවා, මේ පිරිස ඉතා අල්පයි, ඔවුන් සමාජ යෙන් ඉදිරිපත් වෙන පීඩනයන් වෙන විවාහ වීම දරුවන් සැදීම වැනි දේ ගැන කිසිම තැකීමක් නොකර තමන් අනුන්ට කරදරයක් නොවෙන විදියට ජීවත්වීමට ක්‍රමවේද පිලියල කර ගන්නවා.

    මෙවැනි අයගේ විශේෂ ලක්ෂණයක් තමයි කොච්චර වයසට ගියත් ඉතා සතුටින් සිටීම. මෙහිදී වැදගත් පුද්ගල චින්තනයයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි කෙනෙක් විවාහ වෙනවානම් සහ දරුවන් සදනවානම් දරුවන්ට මවුපිය දෙදෙනාගේ ආදරය ලබාදීම වැදගත් වෙනවා, මම සිතන්නේ අපේ රටේ මිනිසුන් තම දරුවන් ට වැඩි ආදරයක් දක්වනවා විදේශවල මේ බන්දනය දැනට වසර 50 ට පමණ පෙර තිබිල තියනවා නමුත් දිගින් දිගටම කාමයන් පසුපස දිවීම නිසා තම දරුවන් ව උනත් අතහැරලා යන්න මිනිසුන් පුරුදු වෙලා තියනවා මෙය දැන් මේ රටෙත් වෙමින් පවතිනවා.

      දැන් දැනට වසර 50ට පමණ පෙර වගේ නෙමෙයි විවාහ වෙන්න ඉස්සල්ලම බොහෝ දුරට තරුණ තරුණියන් ලිංගිකව එකතුවීමත් සිදුවෙලා ඉවරයි ඔවුන්ට විවාහ වුනාට පස්සේ වෙන කරන්න දෙයක් නෑ, ඉන්පසු ක්‍රමයෙන් විවාහය නීරස වෙනවා, එහෙම වෙනකොට ඔවුන් කරන්නේ තවත් ගැහැනියක් හෝ පිරිමියෙක් සමග යාමයි (ඉස්සල්ල හිටපු කෙනාට තිබුන අංග මයි දැන් ඉන්න කෙනාට තියෙන්නෙත් ) මේකත් ටිකකලකින් අසර්ථක වෙනවා තව කෙනෙක් ලගට යනවා හැබැයි හරියට බැලුවොත් මේ පිරිස් අපේ රටේ අයට වඩා වැඩි මානසික පිඩනයකින් තමයි ඉන්නේ.

      මේ අයගේ ජිවිත වල ආරක්ෂාවක් නෑ මොකද දෙන්නට දෙන්න විශ්වාස නෑ, බැලුවම වායුසමනය කල ඉතා අලංකාර පරිසරයක පිච්චි පිච්චි ඉන්නවා, හැබැයි ඔබ සොයල බැලුවොත් ශ්‍රී ලංකික පවුලක් (සිංහල , දෙමල හෝ මුස්ලිම් ) ඔබ දකී පවුලේ සමගිය තියනවනම් කොච්චවර මානසික සහනයකින් ඉන්නවද කියල මේ අය සාමාන්‍ය නිවසක් ඉන්නවා වෙන්න පුළුවන් නමුත් ජීවිතය සරලයි.

      මට මද්යම පන්තියේ මිනිසුන් වගේම ඉහල ධනයක් ඇති මිනිසුන් අස්රයට හම්බ වෙනවා මේ අය අතරින් වැඩි ධනයක් ඇති බොහෝ අය දැඩි පිඩනයකින් සිටින බව මම දකිනවා (හැබැයි එහෙම නැති ඉතා අලංකාර විදිය තම ජිවිත සැලසුම් කරන ඇත්ත ඉන්න බව කියන්න ඕනේ )

      Delete
    2. බොහොම ස්තූතියි ලාංකික සිතුවිලි. ඔබ කියන දේට එකඟයි. මිනිසුන් බොහෙඔ දෙනෙක් අනික් සත්ත්ව විශේෂ සමහරක් වගේ තනියම ඉන්න කැමති නැහැ. ඔවුන් බොහෝ විට රංචු වශයෙන් ජීවත් වෙනවා. එහිදී තනිකමට විසඳුම විවාහයද? කියන එක තමයි ගැටළුව. විවාහ වූ කෙනා වයසක කාලයේදී තනිකම මකන්නත් පුළුවන්. ඒවගේම මහා කරදරයක් වෙන්නත් පුළුවන්. තනිකම මකා ගැනීමට විශේශ මිතුරෙක්/මිතුරියක්/ හෝ මිතුරන් සමූහයක් ඇසුරු කිරීම එතරම් අමාරු දෙයක් නෙවෙයි.

      දරුවන් ගැනත් මෙය එක්තරා මට්ටමකට එහෙමමයි. අද තිබෙන තාක්ෂණය සහ surrogate parenting වගේ දේවල් වලින් තමන්ට දරුවෙක් හදා ගැනීම හෝ දරුවෙකු adopt කරගැනීමට අවස්ථා බොහොමයක් අද ලෝකයේ තිබෙනවා. එමෙන්ම එසේ තමන්ගේම හෝ හදා ගත් දරුවෙකු සිටියත් ඔවුන් වයසක කාලයේදී දෙමව්පියන් රැකබලා ගනීද යන්න සහතික කරන්න බැහැ. ඒවගේ දෙමව්පියන් රැකබලා ගන්න අද බටහිර ලෝකයේ සියලු පහසුකම් සහිත ස්ථාන තිබෙනවා.

      එවන් පසුබිමක් තුල විවාහයක් කරගැනීමන් පමණක් ලබා ගත හැකි විශේශ වාසියක් නැහැ නේද?

      Delete
    3. ලාංකික සිතුවිලි, ඔබගේ දෙවෙනි කමෙන්ට් එකටත් ස්තූතිය. දෙදෙනෙකු එක්වීමෙන් ටික කලකට පසුව එටි ඇති නව්‍යත්වය නැතිවෙනවා. එය ඕනෑම දේකට පොදුයි. කෑම, ඇඳුමක්, ගෙයක් වගේ දේවලුත් ඒවගේ. එය බුදු දහමෙත්, ආර්ථික විද්‍යාවෙත් විස්තර කර තියෙනවා. අනික සත්ත්වයින් monogamy ක්‍රමයට ජීවත්වීමට හැදිච්ච අය නෙවෙයි කියා මම හිතනවා. කියන එක ඇවිත් තියෙන්නේ සමාජයීය හේතු නිසා වුණ ආගමික සහ සංස්කෘතික විස්වාසවල වෙනස්වීමක් කියා මම හිතනවා. සමහර මිනිසුන් විවාහයෙන් පිට සහකරුවන් සොයා යන්නේ එම නිසා නේද? එය සමාජයෙන් ගැරහුම් ලබන දෙයක් වුණත් එය ස්වභාවික දෙයක්.

      Delete
  6. //ඒවගේම අපේ සංස්කෘතිය, භෞමික අඛන්ඩතාවය, උණ්ඩුක පුච්චය නිසා විවාහ නොවී ආදරය කිරීමට විරුද්ධයි වගේ අදහස් තියෙනවානම් ලොතරැයි ගන්නවා වගේ විවාහ වෙන්න. හරි ගියොත් හරි යයි. වැරදුනොත් දාර්ශනිකයෙක් වෙයි//

    අයියෙ අරකෙ කමෙන්ට්ස් වල තියෙන මේ කෑල්ල පට්ට හොදේ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්ති, ඔය //හරි ගියොත් හරි යයි. වැරදුනොත් දාර්ශනිකයෙක් වෙ// කෑල්ලනම් මම කොහෙහරි කියවපු එකක්.

      Delete
  7. මට හිතෙන්නේ මේකේ හරිම ප්‍රශ්ණය වෙන්නොනි විවාහ වීම නෙවෙයි 'විවාහය ලියාපදිංචි කිරීම' ගැන වෙන්නොනි. මොකද ගොඩක් දෙනෙක් මෙතනත් මානවි ගේ බ්ලොග් එකෙත් living together කියන concept එක ප්‍රමෝට් කරලා තිබුන. ඔය දෙක වෙනස් වෙන්නේ විවාහය නීතිගත කිරීම හා එහෙම නීතිගත කරපු විවාහයක් වෙන් කරනකොට එන නීතිමය ගැටළු එක්කනේ.. මැරෙනකම්ම එක සහකරුවෙක් එක්ක විවාහය ලියාපදිංචි නොකර ජිවත් වෙන්න පුළුවන් උනොත් මොකද කියන්නේ? දෙන්න අතර සැලකියයුතු මට්ටමේ කිසිම ප්‍රශ්නයක් ආවේ නැත්නම්? එහෙම නැත්නම් ඒ විදියට එක්කෙනෙක් එක්කම ඉන්නම හොඳ නැද්ද? කාලෙන් කාලෙට වෙනස් කරන්නම ඕනිද? මට හිතෙන්නේ සත්තුන්ට අවශ්‍ය නැති මිනිස්සුන්ට අවශ්‍ය 'විවාහ ලියාපදිංචිය' එන්න මුලිකම හේතුව සහකරුවාට අයිති නිශ්චල/ චංචල දේපළ පිලිබඳ හිමිකාරිත්වය ගැන තියෙන ගැටළු වෙන්නොනි. දැන් එතකොට ඔය ලිවින් ටුගෙදර් ඉන්න නෝනලා මහත්තුරුන්ගේ (ඔය රටවල්වල) එහෙම දේපල ගැන නීතිමය ප්‍රශ්න එහෙම නැද්ද? ළමයින්ගේ වගකීම් නම් ආණ්ඩුවෙන් හරි බලා ගන්නවා කියමුකෝ.. අනේ මන්ද..

    මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේවා මෙච්චර කාලෙකට ලොකුවට ප්‍රශ්නයක් විදියට මට නොහිතුනේ ඇයි කියනඑක? :))

    ReplyDelete
    Replies
    1. කමී බොහොම ස්තූතියි. විවාහය ලියා පදිංචිය අදාල වන්නේ දේපල නිසාම නොවේ. අප අසතුටු නිවසක, රැකියාවක, හෝ මිතු දමක නොඉඳ එක දවසෙන් අයින් වෙන්න පුළුවන්. ඒ නිසා අපට කාව හරි තියා ගන්න ඕනනම් ඒ අයගේ කැමැති දේ / අකමැති දේ ගැන පරිස්සම් වෙනවා. ඒකට හේතුව අප කරන හෝ නොකරන දෙයක් ගැන අනෙකා අසතුටු නම් ඔවුන්ට ඉවත් වී යා හැකිවීම. විවාහයකදී එය අති සංකීර්ණයි. එම නිසා අසතුටෙන් වුවත් එකට ඉන්න අවස්ථා තියෙන්න පුළුවන්. එම නම්‍යතාවය නැතිවෙන්නේ විවාහය නිසා.

      තම සහකරුවා කාලෙන් කාලෙට වෙනස් කල යුතුයි කියන එක නෙමෙයි මම කියන්නේ. එහෙත් එලෙස වෙනසක් ඕන කෙනෙකුට ඒ නිදහස තිබිය යුතුයි. ජීවිත කාලයම එකට ඉන්න පුළුවන් නම් කොහොමත් හොඳයි. මම දන්නා පවුල් 10 ක් ගත්තොත් එයින් භාගයකට වඩා එකට ඉන්නේ දරුවන් වැනි වෙනත් හේතු නිසා.

      Delete
  8. //
    ගැහැණු - පිරිමි ආකර්ශණයට ප්‍රධානම හේතුව ස්වභාව ධර්මයා විසින් වර්ගයා පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ඇති වී ඇති දෙයක් බව රසහක් නෙමෙයි. එවන් ආකර්ශණයක් ටික කාලයකදී නැතිවෙනවා. මුලදී කොතරම් ආස වුණත් එකම කෑම වර්ගයක් එක දිගටම කනකොට ඒක එපා වෙනවා වගේ. //
    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්. හුඟක් අයට. ඒත් තමාගේ ආගම අනුව සීමා මායිම් වල සමහ මිනිස්සු ජීවත් වෙනවා.
    ලංකාවේ සුලබව දික්කසාද ප්‍රමාණය දැන් දකින්න ලැබුනත් වයස 45 පහු කරපු සමහර විවාහ ජීවිත තියෙන්නේ දූපත් මානසිකත්වය නිසා තමාට වන ගැරහුම් වලට බයේ, දුක් විඳගෙන ඉන්නවා. ඒත් දැන් අලුතෙන් විවාහ වෙන තරුණියන්, තරුණයෝ විවාහය පවත්වා ගන්න බැරි නම් නීතියෙන් වෙන් වෙනවා...
    මටත් ඕනා සතුටින් ඉන්න... මොනවා උනත්... අනික මං නම් ගොඩක් වෙලාවට හිතන් නෑ.. මොකද මොනවා හිතුවත්, මොනවා ප්ලෑන් කලත් අන්තිමට වෙන්නෙ අපිට වෙන්න තියන දේ..

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ සතුටින් සිටීම තමයි පරමාර්ථය විය යුත්තේ. එහෙත් විවාහ වූ පසුව විශෙශයෙන්ම ගැහැණු කෙනෙකුට එම සතුටේ ස්විච් එක ස්වාමියාට, නැන්දම්මාට, දරුවන්ට භාර දීමට සිදුවන අවස්ථා වැඩියි. එවිට කෙනෙක් හරි දේ කලත් අවසාන ප්‍රතිඵලය අසතුටක් වෙන්න පුළුවන්. උදාහරණයකට අපි කරන්න පුළුවන් උපරිමය කරලා ළමයෙක් හදනවා. එයාගේ අධ්‍යාපනයේ අසාර්ථකකම්, ඔහු ජීවත් වන විදිහේ වැරදි, ඔහුගේ පුරුදු, ලෙඩ දුක්, මරණ, ඔහුට විය හැකි අනතුරු වගේ ගොඩක් දේවල් නිසා අපිට අසතුට ලඟා වෙන්න පුළුවන්.

      පගේ ප්‍රශ්ණය මේ කැලඹිලි, අසාර්ථක වීම ගැන දැන දැනම ළමයින් එන්නට පෙර පුද්ගලයන්, බැඳීම් වලට ඇතුලත් වෙන්නේ ඇයි කියන එකයි.

      Delete
  9. මගේ බ්ලොග් එකේ කොමෙන්ටු වලට උත්තර දුන්නෙත් නැහැ තවම. ඔබේ පෝස්ට් එක නිසාද මන්ද ගොඩක් අය ආව ඒ පැත්තෙ, මෙතෙක් කල් වැඩිම කොමෙන්ටු වැටුණු පෝස්ට් එක ඒක වෙන්න ඇති, මම නිකම් ජොලියට වගේ ලියන නිසා, මට එච්චර ලොකු ක්‍රවුඩ් එකකට ලියන එක කමෙන්ට් දාන එක ටිකක් ස්ට්‍රෙස්ෆුල්. හෙමින් පිළිතුරු බඳින්න හිතන් ඉන්නෙ, ඔබේ කොමෙන්ටුවට පිළිතුරු නොදැම්මේ ඒකයි.

    මම ඒ පෝස්ට් එකේ දාපු දේවලට ලැබෙන කොමෙන්ටු එක්ක හිතල බැලුවම, ආදරේ හිතෙන කෙනෙක් එක්ක ඇරුණහම වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙන්නං වාලේ විවාහ වෙන්න එපා කියල බොහෝ දෙනා අදහස් දක්වලා තිබුණ. ඒ ආදරණීය කමෙන්ටු, ඇත්තටම බ්ලොග් ලියන අය ජීවිතේ දිහා පරිණත විදියට බලන බව හිතෙන්නේ එතකොට, මොකද එදිනෙදා පාරෙතොටේ ඔහොම මිනිස්සු හම්බෙන්නේ අඩුවෙන් මට. මට සිදුවුණු දේවල් කීපයක් නිකං කියන්නම් මෙතන, කමක් නෑ නේ?

    වරක් මගේ යාලුවෙක් විවාහ වෙන්නේ නැද්ද කියල මගෙන් ඇහුව, ඒ මම මාස්ටර්ස් කරන කාලෙ. තව ප්ලෑන්ස් කීපයක් තියන නිසා දැන්ම විවාහයට මගේ වැඩි කැමැත්තක් නෑ කිවුවම ඔහු කිවුව දේ තමයි, ලංකාවේ උගත් පිරිස අතර අනියමින් genocide එකක් වෙනවා, මේ විදියට ඉගෙන ගත්තු කට්ටිය වයසට යනකම් නොබැඳ ඉන්නකොට, කියල. මගේ CV එක බැලුවොත් මම උගත් ඇති, නමුත් මට හොඳ මවක් වෙන්න පුළුවන් වෙයි කියල ඒකෙන් කියන්නෙ කොහොමද ඉතින් නේද? අනිත් එක ඉතින් උගත් කමයි, ජීවත් වෙන දැනුමයි කියන්නේ දෙකක් නේ. ඔය එකක්.

    ඊළඟට, මගෙන් විවාහය ගැන අහද්දී මම සාමාන්‍යයෙන් දෙන පිළිතුර තමයි "හොඳ කෙනෙක් හම්බුනාම බඳිනවා, තාම කාවවත් හිතට ඇල්ලුවේ නෑ" කියන එක. ඉතින් ප්‍රශ්න පත්‍රය එතනින් ඉවර නෑ. ඉතින් අපි හොයමු කියනවා, මංගල සේවා වල ඇඩ් දාල දෙන්නද අහනවා, යාළුවො සෙට් කරන්න හදනවා, එයාල දන්න කියන අයගේ ලින්ක්, මංගල සේවා වල ලින්ක් එවනවා, ඉතින් ඕවට හිත නොරිදෙන්න පිළිතුරු දෙන්නට යම්කිසි වෙලාවක් වැය කරන්නට වෙනව. මොකද මේ අය ඇත්තටම දුකට සැපට අපි වටේ ඉන්න මිනිස්සු.

    ආයෙ සංසාරේ එපා උනේ මේ පාර ලංකාවට ගියාම. ආයේ වසර කිහිපයකට විදේශගත වෙනවා කිවුවම හැමෝම ඇහුවේ "හානේ ඉතින් එතකම් බඳින්නේ නැද්ද" කියල. ගෙදර වැකේෂන් හිටපු මාසේ කවුරුහරි හොයන් බැඳලම යන්න කියපු අයත් හිටිය :D. අපේ අම්ම නම් එහෙම නෑ, තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඇය මගෙන් අහනවා, ගෙදර ආවම කවුරුහරි බලන්න එන්න ලෑස්ති කරන්නද කියල. එතකොට හැම අවුරුද්දෙම මගේ පිළිතුර තමයි "ගෙදර ඉන්න දවස් ටිකේ නිදහසේ කාල බීල ඉන්න ඕන" කියන එක. ඇය ඒක තේරුම් ගත්ත.

    අනිත් එක තමයි දරුවෝ හදන එක. වයසට ගියාම මවක් වෙන්න බෑනේ දැන්ම බඳින්න කියල කියන එක. ඉතින් ඕවට දෙන්න උත්තර හිතා ගන්න බෑ.

    ඉතින් ඒකයි මම කිවුවෙ, බ්ලොග් ලියන අය අතර ඊට වඩා නිදහස් මනසකින් මේ දිහා බලන පිරිසක් ඉන්නෙ. සතුටුයි එහෙම පිරිසක් එතන කොමෙන්ටු දාපු එක ගැන.

    ReplyDelete
    Replies
    1. ඉයන්, ඔබ කියන දේ ඇත්ත. ඔය ප්‍රශ්න ඔක්කොම කාටවත් නොතේරෙනව නෙවෙයි. මට හිතෙන්නේ බොහෝ ප්‍රශ්න වලට හේතුව අපේ රට ඇතුලේ අපිට තියන නොයෙකුත් බැඳීම්.

      දැන් ඔබ ඔය කියන ආකර්ෂණය අඩු වීම ගැන හිතුවොත්, මට කලින් ආදර සම්බන්ධයක් තිබුණ, අපි වසර කිහිපයක් යාලු වෙලා හිටිය, ටික කාලයක් යනකොට අර මුලින් තිබුණු ආකර්ෂණය අඩු වනවා නේ? ඉතින් දෙදෙනාගේ වෙනස් කම් දැනෙන්නේ එතකොට. අපි ගොඩක් දේවල් කතා බහ කරලා තේරුම් ගත්ත, නමුත් දෙන්නාටම මේ තුලින් ලැබෙන සතුට අඩු වී ඇති බව දැනුනම අපි වෙන් වුණා. නමුත් අපි වෙන් වුණාම ඒක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුනා, අන්තිමට හැමෝටම ඒක හරි පුදුමයි. ඉතින් ඔන්න ඔහොම හිතන සමාජයක් ඇතුලේ විවාහ වෙලා ගැලපෙන්නේ නැහැ කියා හිතුනම වෙන් වුනොත් සමාජීය පීඩනයකුයි, නීතියෙන් එන පීඩනයකුයි ඔක්කොම තියනව.

      එපා උනොත් වෙන් වෙන්න අමාරුයි කියල දැනගෙන විවාහ වෙන්නේ ඇයි? මම දන්නා කෙනෙක් ඉන්නවා, විවාහ නොවී ඉන්නකොට ඇයටත් අර ඉහල තියන ප්‍රශ්න පත්‍රය ඇවිත්. ඔය වගේ එක එක දේවල් අහල අහල එපා වෙලා, ඇය හිතාගෙන තියනවා "මීලඟට එන විවාහ යෝජනාවට කැමති වෙනවා" කියල. පසුව ඇයට හිමි වුණේ හිත් වේදනා පමණයි. ඔක්කොම මෙතන ලියන්න බැහැ. නමුත් ඔය වගේ දේවලුත් සමාජයේ වෙනවා ඉතින්.

      Delete
    2. දීර්ඝ කමෙන්ට් දෙකටම බොහොමත්ම ස්තූතියි මානවී. ඔබගේ පෝස්ට් එක කාලීනයි. පෝස්ට් එකේ අදහසට ඔබේ පෞද්ගලික සම්බන්ධයක් තිබුණට ඔබ ඒක දිහා විවෘතව බලා තිබුණා. මගේ මේ පොස්ට් එකත් එන්න හේතුව ඔබගේ පෝස්ට් එකයි. ඒ නිසා ඔබට බොහොම ස්තූතියි.

      විවාහයකට එකම හේතුව විය යුත්තේ ආදරය කරන කෙනෙක් විවාහයක් නැත්නම් සබඳකමින් වෙන්වී යාමකට ඉඩ තිබෙනවා නම් කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. ඒකත් එක අන්තයක් වෙන්න පුළුවන්. මධ්‍යස්ථව හිතුවොත් සමාජයෙන් ඇති බල කිරීම නිසා විවාහ වීමත්, සමාජයෙන් විවාහ වීමට එන බලකිරීම ප්‍රතික්ෂේප කිරීමේ අදහසින්ම විවාහ නොවී සිටීමත් නොවිය යුතුයි. ඒවගේම සමාජයෙන් කොන්වෙයි, හෝ හැමෝම කරන නිසා වැනි හේතුත් අදාල නැහැ.

      විවාහයට කෙනෙක් හොයාගෙන ඔහුට ආදරය කිරීම සහ ඔවුන්ගෙන් ප්‍රති ආදරයක් බලාපොරොත්තු වීම කියන එක නම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දෙයක්. එමනිසා පළමුවෙනි පියවර විය යුත්තේ තමන්ට සුදුසු තමන්ට ගැලපෙන කාලයේ ආදරය සොයා ගැනීමයි. මෙය කීමට පහසු වුණාට ප්‍රායෝගිකව අපහසු වෙන්න පුළුවන් දෙයක්.

      ඔබට ඉත සිතින් සුභ පතමි.

      Delete
  10. මං ඔය කියන කමෙන්ට් එක දැක්කා. එතන තිබ්බ කමෙන්ට් වලට වඩා වෙනස්, අලුත් සංවාදයකට හොඳ අදහසක කියල ටක් ගාලා හිතුනා

    වැඩේ කියන්නෙ ආසියානු සංස්කෘතිය යටතේ එහෙම "හිතූමතේ ජීවිතේ" අයිතිවාසිකම කප්පාදු කරලයි තියෙන්නෙ.මේක ලංකාවට විතරක් ආවෙනික වෙච්ච එකක් නෙමෙයි- අසියාතික කියල කිව්වෙ ඒකයි. ඒත් ඉන්නෙ දූපතෙන් එලියෙ නං, අවුලක් නෑනෙ?

    ඇටකො‍ටු බැමි නැති සමීප සම්බන්ධතාවයක් පවතින්න පුළුවනිද? දුපත් මානසිකත්වය යටතෙ නං කොහොමත්ම බෑ. මේ ගැන බටහිර කෝණයෙන් බැලුවත්, කියන්න තියෙන්නෙ බෑ කියල තමා. මේ ගැන කතාවෙනවා "Friends with benefits"වල.

    "ලිවිං ‍ටුගෙදර්" කියන්නෙ හිතුන ගමන් බඳින්නයි, ලිහන්නයි තියෙන "ආතල් මෙව්වා එකක්" කියල හිතන ගොබිලන්ට , ඒක ඔය කියන තරං ලේසි නෑ කියල දන්න කෙනෙක් විස්තර කරනවා නං කුරුතග්ඥ වෙමි.

    බඳින්න ඕන එකෙක් බැඳහල්ලා. නොබැඳ ඉන්න ඕනෙ එකෙක් නොබැඳ ඉඳිල්ලා. මං යනවා ටිකක් නිදා ගන්න.

    ReplyDelete
    Replies
    1. බස්සොත් කසාද බඳිනවද??

      //"
      "ලිවිං ‍ටුගෙදර්" කියන්නෙ හිතුන ගමන් බඳින්නයි, ලිහන්නයි තියෙන "ආතල් මෙව්වා එකක්" කියල හිතන ගොබිලන්ට , ඒක ඔය කියන තරං ලේසි නෑ කියල දන්න කෙනෙක් විස්තර කරනවා නං කුරුතග්ඥ වෙමි."//

      ඔන්න ඕක නං මටත් හිතුනා . මොකද අපේ කස්ටිය ලිවිං ටුගෙදර් ගැන හිතන්නෙ එකට ඉන්න හිතාගෙන නෙවේ, ඉඳලා මාරුවෙලා යන්න :ඩී

      Delete
    2. //බස්සොත් කසාද බඳිනවද??//

      හෑ, මොකෑ නැතුව? මේකනෙ ලව්පූස් කතන්දරේ. ඔන්න බැස්සි කිට්‍ටු කරලා අහනවා "අපි බඳිමුද " කියලා. හැමදේටම "හූම්" කියන ඔය මෝඩ වාහෙ ඒකටත් "හූම්" කියනවා.

      මේ ඉන්නෙ ඊට පස්සෙ මොලේ කොලොප්පං වෙලා.

      Delete
    3. ස්තූතියි බස්සා සහ ඉවාන්. living together කියන ක්‍රමයේ තිබෙන වාසිය එම 'බැඳීමේ' ඉන්න කෙනෙකුට අනෙකා සමඟ එකට විසිය නොහැකි නම් ඉවත් වීම පහසුවීමයි. එවිට තමන්ට තබා ගත යුතු කෙනෙකු ගේ ඕනෑ එපාකම් ගැන අනෙකා වඩා සැලකිලිමත් වීමක් සිදුවෙනවා. එම නිසාම living together ක්‍රමයේ බැඳීම් කාලයක් පවතින්න පුළුවන්. ස්කැන්ඩනේවියානු රටවල වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ මේ වගේ 'බැඳීම්' කියා මම අසා තිබෙනවා. ඔවුන් එකට ජීවත් වෙමින් දරුවන් හදමින් එම 'බැඳීම' බොහෝ කාලයක් තියා ගන්නවා. එමෙන්ම ස්ථීර පදිංචි වීසා සඳහා වගේ හැම අවස්ථාවකටම de facto relationship කියන 'බැඳීම' පිළිගන්නවා.

      Delete
  11. සති දෙකක් තිස්සෙ කිසිම දෙයක් ලියන්න උනෙත් නෑ..ඒ තියා බොලා ලියන දෙයක් කියවන්න උනෙත් නෑ ඔන්න කොටිම්ම..ඒ අපේ යෝදි මෙහෙ ඇවිල්ල මයෙ බෙල්ලෙ එල්ලිල හිටපු හින්ද...ඊයෙ තමයි ආපහු පිටක්කලේ....

    ඒත් බ්ලොග් පැත්ත පලාතෙ එන්න බැරිවුනාය කියල මට කිසිම මොහොතක සාංකාවක් දුකක් කණගාරුවක් එහෙම ඇති වුනේ නම් නෑ ඇත්තම කිවොත්...මනුස්සයෙකුට කසාදයක් ඕන ඇයි කියල ගැටළුවක් ඇතිවෙන එකම මට ගැටළුවක් වෙන්නෙ ඔන්න ඔය හින්ද...

    හරි ඉයන්ගෙ ප්‍රස්නෙ ගැන මගේ සත පහත් එක්කල හෙට ලියන්නං ටිකක් සවිස්තර සටහනක්..දැන් බෑ...අර යෝදි හිටපු සති දෙකේ පිරිත් පැන් වක්කරල හදපු බෝ පැලේ වගෙ හිටියෙ මේ මං..අද ටිකක් වැඩිපුර කර්මාන්තයක් කරන්ට වෙනව..හෙට නිවාඩුත්නෙ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. මමත් බැළුව මොකද රවී සර් සද්දෙ වහල කියල. මට හිතුනෙ නිවාඩු කාලෙට ලංකාවට ඇවිල්ල වත්ද කියල.

      Delete
  12. මට වෙලාවකට හිතෙනවා මගේ ගෑණි මාව ඩිවෝස් නොකරන්නේ ඇයි කියල .... තාම ඇහුවෙනං නැ බං ...... මොකටද ඉල්ලන් කන්නේ

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා දාන ඩිස්ටි ඩිඩිං එකත් නැතිකරගන්නයි ඔය හදන්නේ.

      Delete
    2. මට පේන විදිහට නම් උඹල දෙන්නා ඉන්නෙ ෆුල් ලව් මෝඩ් එකේ. උඹට ඕන වුණත් එයාගෙන් ඒකට කැමැත්තක් නැතිවෙයි. ඒක එහෙමම තිබේවා කියන එකයි මගේ ප්‍රාර්ථනය. ස්තූතියි අටම්.

      Delete
    3. අම්මා පල්ල සහතික ඇත්ත..ඒ කතාවට උබගෙ කටෙ ගල් කාලක් වක් කරන්න ඔනී අටමො

      Delete
  13. ඈ බොලේ එතකොට මේ ඔක්කෝම කොමෙන්ටු දාලා තියෙන්නේ දාර්ශනිකයෝද?
    කසාදේ කියන්නේ ඇඹුල් අඹයක් කනවා වාගේ. කන එකාගේ දත් හිරිවැටෙනවා බලන්න ඉන්න එකාට කටට කෙල උනනවා.

    ReplyDelete
    Replies
    1. //කසාදේ කියන්නේ ඇඹුල් අඹයක් කනවා වාගේ. කන එකාගේ දත් හිරිවැටෙනවා බලන්න ඉන්න එකාට කටට කෙල උනනවා.//

      මරු කථාව. හොඳටම ගැලපෙනවා. මම හිතන්නේ ඔය කටට කෙල උනන නිසා තමයි කට්ටිය පැනගෙන පෝරුවේ යන්නේ. උඹ විතරයි මගේ ප්‍රශ්ණෙට උත්තරයක් දුන්නේ. ස්තූතියි කොලොම්

      Delete
  14. මානවීගේ ලිපියත් කියෙව්වා ... මේකත් කියෙව්වා...ඒත් පතරංග කමෙන්ටුවක් දාන්න තාම හිතක් නෑ...මේකෙනම් පුන පුනා කියලත් තියෙනවනේ බුද්ධිමත් කමෙන්ටු දමන්න කියල ඔලුවෙන් හිතල. වැඩේ කියන්නෙ මම කවදත් හදවතට මුල් තැන දෙන කෙනෙක් ඒ නිසා මොන්ටිසෝරි කමෙන්ට් දාන්නත් බෑ අප්පා. ඒ නිසා ඔන්න ඔහෙ වෙලාවක මේ ගැන මගේ බ්ලොග් එකේම ලියලා දාන්නම්කෝ.

    හැබැයි මේ ලිපි දෙකම මරු... දාන කමෙන්ට් වලිනුත් ජීවිතේට ගන්න යමක් තියෙනවා. ඒ නිසා මේ දවස් ටිකේම මේ ලිපි දෙක පැත්තේ කැරකෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳවතී. ඔබ හදවතින්ම හිතන කෙනෙක් වග ඔබගේ කවි වලින් පේන නිසා ඔබගේ පෝස්ට් එක කියවන්න බලාගෙන ඉන්නවා.

      Delete
  15. ඉයන් සෑර්,

    සෑර් මේ පස්නේ දකින්නේ එක දිශාවකින් පමණයි. එහි වට පිටාව, උඩ, යට ආදිය සැලකූ විට මෙය ඉතා සංකීර්ණ දෙයකි.
    1+1=2 කියල axiom 20-25 කින් විතර ඔප්පු කොරන්ඩ පුළුවන් ගණිත සාස්තරේ හොඳට දන්න කියන කෙනෙක්ට. මේක ඒ වගේ එකක් නෙවෙයි.
    සෑර්ගේ උදාහරණ යන්නෙත් එක් මාර්ගයකම පමණයි, අඩුම තරමේ මට පෙනෙන විධියට.
    යෝගට් කන්ඩ එළ දෙනෙක්ම ගන්ඩ වෙන වෙලාවලුත් තියෙනවා ඉයන් සෑර්, මේ වනන්තරේ ඉන්න හැට්ටර්ට එක්කෝ ටවුමට යන්ඩ ඕනේ නැත්තන් වැස්සියෙක් ගෙනල්ල ගැට ගහගන්ඩ ඕනේ. ඒ එකක්.

    මුලදී කොතරම් ආස වුණත් එකම කෑම වර්ගයක් එක දිගටම කනකොට ඒක එපා වෙනවා වගේ. ඒ වගේම එසේ නොවෙන දේත් තියෙනවා. අම්ම තාත්ත හැමදාම දැකලත් එපා වෙනවද?. මේ හු(beep) ලොට තනෙන්ද මන් කිරි බිව්වේ කියල වයසට ගිය අම්මට කියනවද? නෑ ... නේ ඉයන් සෑර්.

    රැකියාවක්, වාහනයක්, නිවසක් වැනි දෙයක් තමන්ට අකමැති නම් අයින්වී හෝ විකුණා දමන්න පුළුවන් කියා හිතුවට එය හැමවිටම කොරන්ඩ බැහැ. සමහරක් වෙලාවට කොච්චර අයින් වෙන්ඩ ඕනෙකම තිබුනත් රස්සාවෙන් අයින් වෙන්ඩ බැරි කේසුත් තියෙනවා, ගෙවල් දොරවල් හා කාර් බාර් වලටත් එම සංසිධ්ධියම තිබෙනවා.
    තව දුරටත් කියනවනං , 'ලබා ගැනීමක්' වන විවාහය එක් කෙනෙකුගේ කැමැත්තෙන් අවසන් කරන්න බැහැ වගේම තව දේවලුත් තියෙනවා එක් කෙනෙකුගේ කැමැත්තෙන් අවසන් කරන්ඩ බැරි. දැන් බලන්ඩකෝ ඉස්පෙයා පාට් කේස් එක, ඒ කියන්නේ සිංහලෙන් කියනවනං 'කිඩ්නියක්' වගේ එකක් හයි කොරන එක. මාසයක් දෙකක් අවුරුද්දක් ගිහිං මම ඔයත් එක්ක තරාම තරායි කියල කිඩ්නිය ආපහු ගන්ඩද නැත්තං උඹේ මල ඉලවු කිඩ්නිය ගලවන් පලයන් යකෝ කියල වැඩේ රිවස් කොරන්ඩද ?බෑ ...නේ ඉයන් සෑර්.

    ඔව්ව වලදී නීතිය වගේම 'සදාචාරාත්මක' කියල කෑල්ලකුත් තියෙනවා. අන්න ඒ කෑල්ල තමයි සත්තුන්ගෙයි අපෙයි වෙනස. (සමහර සත්තුන්ටත් ඔය සදාචාරාත්මක ගති පුරුදු බොහොම හොඳට පිහිටලා තියෙනවා) ඔන්න ඕක තමයි මෙතන කේස් එක.

    ලංකාව වගේ පසුගාමී රටක බොරු සදාචාරාත්මක ගති පුරුදු තියෙනවා කියනවනං අපි ඒක ඩිරෙක් කතාකරමු, වහෙන් ඔරෝ නැතුව.

    එක නෙවෙයි, මගේ රුමේනියන් මිත්‍රයා කියන විධියට, enhanced tea එකක් ගහල නිදාගන්ඩ, හොඳට නින්ද යනවා ඔය අනං මනං විකාර ඔළුවට එන්නේනැහැ

    Take it easy, Bro
    Have Fun !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වික්ටර්. හැට්ටර්ව මතක් කලා කියන්න. මරු උදාහරණ ටික. කිඩ්නිය ගලවගෙන යන්න කියන එක මරු. ඒ වුණාට කිඩ්නිය ගලවගගෙන ගියොත් අපි මැරෙනවා. විවාහයෙන් වෙන්වුණොත් මැරෙනවනම්, ජීවිත හානියක් කරගන්න ඕන එකෙක් හැරෙන්න වෙන්වෙන්නේ නැහැ.

      සත්තුන්ගෙන් මිනිසුන් වෙනස් කියන කථාව මම අහල තියෙනවා. සත්තු බඩගින්නකට හැර තමන්ගේ වර්ගයාගේ දෙයක් හොරාගන්නෙ නැහැ, තමන්ගේම වර්ගයා ඝාතනය කරන්නේ නැහැ, මී මැස්සෝ වගේ ඇරුණම තමන්ගේ අවශ්‍යතා ඒ ඒ අවස්ථාවට ලබා ගන්නවා මිසක් පොදි ගහන්නේ නැහැ, තමන්ගේ ආරක්ෂාවට හරි තමන්ගේ ආහාරයට හැර අනෙක් සතුන් මරන්නේ නැහැ (පූසන් හැර ), කලාතුරකින් හැර කන්න දුන්න අත හපා කන්නේ නැහැ, කේලම් කීම වැනි දේවල් නැහැ. වඩාත්ම වැදගත් දේ තමයි හිතේ එකක් තියාගෙන එලියට වෙන එකක් කියන්නේ හෝ කරන්නේ නැහැ.

      විවාහය වගේ දේවල් නීති මඟින් ගේන්න කලින් මනුශ්‍ය වර්ගයා පැවතුනා. නූතන මිනිසා වසර 200,000 ක් පැවතී තිබුණත් විවාහට කියන එක ශත වර්ශ කීපයකට වඩා තිබිලා තියෙනවා කියලා හිතන්න බැහැ. එතකොට සදාචාරය වගේ දේවල් යොදාගෙන අද පවතින විවාහ ක්‍රමය ඇවිත් තියෙන්නේ දරුවන්, දේපල බෙදීම වගේ දේවල් පදනම් කරගෙන මිසක් වෙන හේතු නිසා නෙවෙයි. ඒ හේතු නිසා ආපු ව්‍යුහයක තිබෙන අවාසි සහ ඒවා නොතකා යාම ගැන තමයි මම කියන්න උත්සාහ කලේ.

      Delete
  16. ඉයන්, නිවාඩු පාඩුවේ ඉන්න දවස් ටිකේ පෝස්ට් එක සහ කමෙන්ට් කියවලා මගේ සත දෙකත් එකතු කරන්න හිතුණා. ලංකාවේ සංස්කෘතික සීමාවීම් වැඩි නිසා එකිනෙකාට කැමති දෙන්නෙකුට එකට ජීවත් වෙන්න විවාහ වෙන්නම වෙනවා. ඒක හරි වුණත් වැරදි වුණත් මම නම් හිතන්නේ නැහැ තව සෑහෙන්න කාලෙකට ඒ අදහස් ලිහිල් වෙයි කියලා- වැඩියත්ම ගම්බදව. අනික ලංකාවේ හැමෝම හැමෝගෙම පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහනවා නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. 'ඇයි බඳින්නේ නැත්තේ?..හොඳ කෙනෙක් ඉන්නවා සෙට් කරන්නද?.. ඇයි මේතරම් වයස වැඩි කෙනෙක්/ අඩු කෙනෙක් බඳින්නේ? ඔයිට වැඩිය හොඳ කෙනෙක් හොයා ගන්න හිටියේ නැද්ද?' ආදී වශයෙන් ඉතාම පෞද්ගලික දේවල් ගැන ප්‍රසිද්ධියේ කිසි ගාණක් නැතිව අහනවා මිනිස්සු තමන් ඒ මනුස්සයාව පත් කරන අපහසුතාවය ගැන බින්දුවක් වත් නොහිතා. (ඕක ඉතින් බැන්දා කියලා ඉවර වෙන්නේ නැහැ-'ළමයි හදන්නේ නැද්ද? ඇයි එක්කෙනෙක්, තව හදන්නකෝ.. පුතෙක්/දුවෙක් හිටියා නම් හොඳයි නේද?' ඊ ටී සී .. ඊ ටී සී) ඉතින් මෙහෙම සමාජයක සම්මතයෙන් පිට දෙයක් කරන්න - ඒකියන්නේ අකමැති නම් කසාද නොබැඳ ඉන්න..කසාද කල් දාන්න.. living together වගේ දේවල් කරන්න ලොකු නිර්භීත කමක් ඕන වෙනවා. කිසිම කෙනෙක් කියන දේවල් ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් ඔය වගේ දේවල් ප්‍රශ්න නෙමෙයි. ඒත් ලංකාවේදී ප්‍රැක්ටිකලි එහෙම ගණන් නොගෙන ඉන්න අමාරුයි.
    මෙහේ (ඕස්ට්‍රේලියාවේ) මනුෂ්‍ය සම්බන්ධතා වල මම නම් දැක්ක ලොකුම වෙනස තමයි කවුරුවත් කාව වත් යටත් කරගෙන ඉන්නේ නැතිකම. දෙන්නෙක් කැමති නම් එකට ඉන්නවා, අකමැති නම් වෙන් වෙනවා. කැමති නම් කසාද බඳිනවා. අකමැති නම් ජීවිත කාලයක්ම කසාද නොබැඳම ඉන්නවා. ළමයින්ගේ උප්පැන්න වල 'දෙමව්පියන් විවාහකද' කියලා අහන්නේ නැහැ. කසාද බැඳලා ත් එකට ඉන්න බැරි නම් දික්කසාද වෙනවා. single parent families වලට ආදායම අනුව රජයෙන් ආධාර කරනවා. දෙමව්පියෝ දික්කසාද වුණා කියලා ළමයි අපරාධකාරයෝ වෙනේ නැහැ. මේවා කිසිම දෙයක් ගැන කවුරුවත් කාගෙන්වත් අහන්නේ නැහැ. දවස ගානේ එකට වැඩ කරන මිනිස්සු වුණත් තමන් නොකිව්වොත් පෞද්ගලික දෙයක් හාර හාර අහන්නේ නැහැ. ඒවගේම තමයි ප්‍රශ්නයක් කිව්වොත් උදවු නොකර ඉන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේට හරියටම ගැලපෙන තීරණේ බොහොම නිදහසේ ගන්න, ක්‍රියාත්මක කරන්න, ඒක වැරදුනොත් වෙන තීරණයක් ගන්න හරි ලේසියි. ඒ වගේ පිටින් පීඩනයක් නැති වුනහම කසාදෙ වගේ තමන්ගේ ජීවිතේට වැදගත්ම දෙයක් තමන්ට ඇත්තටම ඕනද නැද්ද කියන එක ගැන හිතට එකඟව තීරණයක් ගන්න ලේසියි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මලී බොහොම ස්තූතියි. ඔබ කියන දේ ඉතාම පැහැදිලියි. ආසියානු සමාජයේ තිබෙන පසුගාමීම දෙයක් තමයි විවාහය. ගැහැණුන්ට වඩා පිරිමින් ඉහල යැයි තරමක් හෝ සැලකෙන ආසියානු සමාජයක විවාහ ඝට්ටන වලදී වැඩිපුරම දුක් විඳින්නේ කාන්තාවන්. ඒක එහෙම වුණත් කෙනෙක් 25 වගේ වයසක් පහුකරනකොටම බඳින්න, ඊට පස්සේ දරුවන් හදන්න බලකරන්නෙත් සමාජය. ඒක තවත් සංකීර්ණ වෙන්නේ බොහෝ දෙමව්පියන් දරුවන්ට තමන් කැමති කෙනෙක් හා විවාහ වීමට පනවා ඇති කුලය, ධනය, ජාතිය ආදී අවම අවශ්‍යතා. අද තරුණ පරපුරවත් ඔවුන් වැඩිහිටියන් වන විට ඔවුන්ගේ දරුවන්වන්ට විවාහය, දරුවන් ලැබීම, අසතුටු විවාහයකින් වෙන්වීම වැනි දේවලට සම්පූර්ණ නිදහස දෙන්න අද ඒ ගැන හිතා බැලීමට යොමු කිරීම වැදගත් වෙනවා.

      Delete
  17. විවාහය, විවාහ වන වයස, දික්කසාදය වගේ සංකල්ප බොහොමයක් යටත්විජිතවාදීන් විසින් පැනවූ නීති මත පදනම්වූ ආකල්ප. විශේෂයෙන්ම ඉංග්‍රීසි වික්ටෝරියානු ආකල්ප. එංගලන්තයේ පවා මෙවන් ආකල්ප දැඩිලෙස වෙනස් වද්දී ලංකාව වගේ සංවුර්ත සමාජ මේවාගේ යල් පැනගිය වටිනාකම් මත එල්ලී සිටිනවා. ලංකාවේ මිනිස්සු මේවා තමන්ගේ 'සංස්කෘතිය' කියා කියනවා. ලංකාවේ මිනිස්සු හරි හමුවුනාම මුලින්ම අහන ප්‍රශ්න තමයි විවාහක බව සහ (ඔව් නම්) දරුවන් සිටීද යන්න. විවාහය ලංකාවේ අනිවාර්ය දෙයක්. හේතුව ඔබ ඔය කියන හේතු සියල්ලේම එකතුව. නීත්‍යානුකුලව විවාහ නොවී එකට ජීවත්වීම අනාචාරය වෙනවා. සමාජ පීඩනය නිසා විවාහවන කී දෙනෙක් නම් සිටිනවාද? ලංකාවේ රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට ගියත් විවාහය, ළමයි වගේ මාතෘකා සාකච්ජා වෙනවා. සමලිංගිකයන් පවා විරුද්ධ ලිංගිකයන් සමග විවාහවීම ලංකාවේ ඉතා බහුල දෙයක්. විවාහය විතරක් නෙමෙයි, දික්කසාදයත් එහෙමයි. ලංකාව වගේ රටක දික්කසාදය තවමත් කළු පැල්ලමක්. විවාහ වූ පලියටම ඒ විවාහය පවත්වාගෙන යන ප්‍රතිශතය ලංකාව වගේ රටවල වැඩියි.

    ReplyDelete
    Replies
    1. Thank you Bud in Oz. හැම වචනයක්ම 100% හරි. මේ කමෙන්ට් එකට එකතු කරන්න කිසිම දෙයක් නැහැ. අන්තර්ජාලය වැනි දේවලින් ලංකාවෙ අයත් ලෝකයට විවෘත වී ඇති නිසා ඒ දේවල් තව අවුරුදු 20 කින් වත් වෙනස් වෙයි කියල හිතන්න පුළුවන්.

      Delete
  18. පුලුවන් තරම් ට්‍රයි කරන්නෙ මට ඕන විදිහට ඉන්න. නොකර බැරි වුනාම අනුන්ට ඕන විදිහටත් ජීවත් වෙනවා අකමැත්තෙන්.

    ReplyDelete
    Replies
    1. Thank you Pra Jay. ඔන්න ඔහෙ එහෙම ඉමු.

      Delete
  19. ජීවිතේ ගැන අද තියෙන දැනුම තේරුම මම විවාහ වන කාලයේ තිබුණා නම් කිසි විටක විවාහ නොවෙමි. සත්තතයි. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ උඹට මල්ලි විවාහෙ එච්චරම එපා වෙලාද?

      Delete
    2. ස්තූතියි කුරහන්. බුදු දහමේ ජීවිතය දුකයි කියන්න ඇත්තේ විවාහයත් එක්කම තමයි. ඒ නිසා සමහර විට එවන් කරදර ඇත්නම් දහම පැත්තට තල්ලු වෙන්න ඒක හේතුවක් කරගත්තොත් වැඩේ ගොඩ.

      Delete
  20. අපි හිරවෙලා තියෙන සංස්කෘතික,සාමාජිය බැඳීම් එක්ක තමයි මේ කාරණා වියවුල් කරගෙන තියෙන්නේ.විවාහය නීතියෙන් ගැටගහලා තියෙන්නේ දේපල වගේ වත්කම් ප්‍රශ්න නිසා.බැඳීම් ඇති වෙනවා වගේම නැති වෙන්නත් පුලුවන්.බැඳීම් ඇති වෙන කොට සුබ පතනවා වගේම බැදීම් නැති වෙන කොට නිගරු නොකර ඉන්නත් සමාජය දියුණු වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. ගොඩක් බටහිර රටවල ඔය දේපල ප්‍රශ්ණයට Prenuptial agreements වගේ දේවල් තියෙනවා. එවිට වෙන්වීමකදී අනික් පුද්ගලයාට ලැබෙන්නේ එම පුද්ගලයාම ගත්ත දේපල හෝ ඔවුන් එම එකඟතාවයේදී එකඟවූ දේපල ප්‍රමාණය විතරයි. අනික තමන්ගේ දේපල දරුවන්ට යන්න විවාහයක් තියෙන්න ඕනෑම නැහැ. එය අන්තිම කැමති පත්‍රයකින් ලියා තබන්න පුළුවන්.

      Delete
  21. +++++++++++++++++++++++++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක දියණිය.

      Delete
  22. තමන්ගේම කිරි පරිභෝජනයට එළ දෙනෙක් --ඈ ඈ ඉයන් මෙහෙම එකක් ලිව්වේ. අපටත් දික්කසාද වෙන්න පොටක්නේ

    ReplyDelete
    Replies
    1. කොච්චර විවිධ රසවලින් පාට වලින් කිරි ආහාර සුපර් මාර්කට් එකේ තියෙනවද? හෙහ් හෙහ් ස්තූතියි අජිත්

      Delete
  23. ඉයන් ගේ කතාවේ බොහොමයක් තැන් වලට එකඟ නැහැ. දැන් ඔය හැමදාම එකම බුරියානි එක එපාවෙනවා වගේ කතා තේරුමක් නැහැ. කසාද බඳින්නේ එක කරුණකට දෙකක ට විතරක් නෙමේ. මම බඳින්න කලින් ගැහැණු ළමයි කිහිප දෙනෙක් ආශ්‍රය කලා. දෙදෙනක් එක්ක ලිවින් ටුගෙදර් හිටියා . මගේ බිරිඳ මට හම්බවෙන්නේ ඊටත් පස්සේ. මම මුලින් ලිවින් ටුගෙදර් හිටිය ලේඩි ඊයේ පෙරේදා ලින්ක්ඩ් ඉන් එකේ සෙට් වෙලා කතා කලා . තරහක් නැහැ. අවුලක් නැහැ. එයා හොඳින් ඉන්නව. මගේ බිරිඳ ඔය පරණ සම්බන්ධකම් ඔක්කොමත් දන්නවා.

    සෙක්ස් වලට විතරක් බැන්දොත් , නැත්නම් සල්ලි වලට , නැත්නම් උගත් කමට විතරක් වගේ හේතු නිසා පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් දරුවෝ ඉන්නවනම් අඩුම ගානේ ඒ ගොල්ලෝ ලොකු වෙනකන් ඉඳල දික්කසාද වෙන්න.
    මගේ බිරින්ඩ් අමුලින් මගේ යහළුවෙක් විතරයි යුනියේ. නමුත් අපි දෙන්නම් පොත් කියවනවා. අද වුනත් තරහක් ගියොත් එයා පත්තකට් වෙලා පොතක් ගනී. මමත් එහෙමයි. අපි දෙන්නට වෙන වෙනම හොබිස් තියනවා. දෙන්නම් එකම දේ කරන්න ඕනේ කියල නියමයක් නැහැනේ. අපේ ජිවිත නිදහස්. එනිසා විවාහය කියන එක ඔය කියන තරමේ භයානක අමාරු දේකුත් නෙමෙයි.
    මානවිකාව එංගලන්තේ ඉන්නවයි කියා දැනගත් නිසා කැමැති නම් එන්න අපේ ගෙවල් පැත්තේ දෙන්න එක්කම් කතා කරන්න. අපේ වලි ප්‍රශ්න ඕන තරම් තියනවා. නමුත් කොහොම හරි ගැට ගහ ගන්නවා. ආතල් එක තියෙන්නේ එතන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්. නෙළුම්යායට දාල තියෙනවා දැක්කා. ඇත්තටම ඒ වගේ විවාහය එකක් වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ වගේ එක විවාහයකට, මොකට මේ පුද්ගලයව බැන්ඳද කියල හිතන විවාහ එකකට වඩා තියෙනවා කියලා මට හිතෙනවා. සමහර විට බ්ලොග් ලේකයේ ඉන්න අය අතර අඩු ඇති. ඔබ මානවීට කියල තියෙන එක එයාට මෙතන නොපෙනෙන්න පුළුවන්. ඒ නිසා ඒ බ්ලොග් එකේ දාන්න.

      Delete
    2. අජිත් තුමාට බොහොම ස්තුතියි ආරාධනාවට. ඉයන් තුමාටත් බොහොම ස්තුතියි මේක මගේ බ්ලොග් එකෙත් ඇලෙව්වට.

      මම ඉන්නේ ටිකක් කැලේක. ජනාවසයකට ආවම එන්නම් අජිත් තුමා ව බැහැදකින්න. බරපතල දේවල් සාකච්ඡා නොකලත්, හායි කියල යන්න බැරියැ.

      Delete
    3. මානවිකාතුමී, කැලේක ඉන්නවා නම් ඇවිදින්න පුළුවන් නේ වික් එන්ඩ් එකේ. මේ පැත්තේ ඇවිත් ඔය ක්ලබ් එකකට දෙහෙකට යන්න , ඔය පැත්තේ ළඟ නගරයක් නැත්ද ඔය සල්සා ඩාන්සින් වගේ යන්න. එහෙම විනෝදෙන් ඉන්න කොට හම්බ වෙන කෙනා හම්බවෙයි.
      අර මීට් අප් කියන එකට ජොයින් වුනහම ඔය පැත්තේ වෝකින් ගෘප් හෙම ඇති. බලන්න
      https://www.meetup.com/

      Delete
  24. මේ ලිපිය කියවපු දා ඉදන් එක එක දේවල් මගේ ඔළුවට ආවත් ඔන්න අද තමයි මොනාහරි ලියන්න වෙලාව හම්බ උනේ.

    මට හිතෙන විද්හියට ලංකාවෙ මිනිස්සු එකට ජීවත් වෙනවාට වඩා විවාහ වෙන්නත්, අනිත් සමහර රටක කෙනක් විවාහ නොවි එකට ජීවත් වෙන්නත් ප්‍රධාන හේතුව තමයි ඒ ඒ අයගෙ සංස්කෘතිය. එකට ජීවත් වෙනවා කියන එක දෙදෙනක් අතර වුනත් විවාහය කියන්නේ පවුල් දෙකක් අතර ඇතිවෙන බැදීමක්. බොහෝ විට තනියම ජීවත් වෙන විදියේ සංස්කෘතියක් තියෙන බටහිර රටක කෙනෙකුට විවාහය කියන දේ අවශ්‍ය නෑ. මම එක්සත් ජනපදයේ ජීවත් වෙද්දි හමුවුන ඒ රටේ උපන් යාළුවෝ සහ ළමයි කී දෙයක් තමයි, ළමයි අවුරුදු 18-20 වෙනකොට තමන්ගෙ දෙමවුපියන්ගේ ගේවල් වලින් බැහැර වෙලා තනි තනියම ජීවත් වනවා කියන එක. ඒ කියන්නෙ ළමයි අම්මලත් එක්ක ගෙදර ඉන්නෙ උසස් පෙළ කරල ඉවර වෙනකල් විතරයි. ඊට පස්සේ එක්කෝ ඒ අයගෙ උවමනාව නිසා ගෙදරන් බැහැරව ඉන්නවා, එහෙමත් නැත්නම් අම්මලා තාත්තලා ළමයින්ව ගෙදරින් පන්න ගන්නවා. අපේ රටේ ඒවගේ දේවල් වෙනවද? මමනම් එහෙම දැකලා නෑ කවදාවත්. ඔය එකට ජීවත් වෙන අය බහුතරයක් ඉන්නවා කියන රටවල මිනිස්සුන්ගේ ජීවන රටාව අපේ ජීවන රටාවට වඩා ගොඩක් වෙනස්. ඒ අය තමුන්ගෙ දෙමාපියන් එක්ක, නෑයන් එක්ක තියෙන බැඳීම අඩුයි. අනික එයාල තමුගෙ ජීවිතය ගෙනියන්නේ තනියම, අනිත් අයගෙන් උදවු ගන්නවා ගොහොම අඩුයි. ඒත් අපේ රටේ බැදීම් වැඩියි. අනික අපේ රටේ කෙනෙකුට තනියම ජීවත් වෙන්න අමාරුයි. ආර්ටික දුර්වලතා නිසා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඒ අපි හැදිල තියෙන විදිය නිසා වෙන්න ඇති අපිට අනිත් අයගෙ උදවු නිතර නිතර ඕනි වෙනවා. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඕනී විවාහය කියන එකට වැඩි තැනක් අපි දෙන්නේ එකට ජීවත් වෙනවාට වඩා.

    අනික් කාරනාව තමයි විවාහයකින් ලැබෙන සුරක්ෂිතබාවය. එකට ජීවත් වෙනකොට අනිත් කෙනාට ඕනි වලාවක මාව දාල යන්න පුළුවන් කියන අනාරක්ත්ෂිතබව එනවනේ. තනියම ඉන්න එක බොහොම දුෂ්කර දෙයක්කේ ඒ නිසානේ තව කෙනෙක් එක්ක එකට ඉන්න බලන්නේ.

    ගෙයක් දොරක් වාහනයක් එපා වෙනකොට විකුනත හැකියි ඒත් ඒ විදියට තමුන්ගේ සහකාරයා අයින් කරලා දාන්න බෑනෙ කියල කථාවට නම් මම හරි අකමැතියි. විවාහයකදී බැදීමක් ඇති කර ගන්නේ භාණ්ය්ඩයක් එක්ක නෙවෙයි පුද්ගලයෙක් එක්ක, එතනදි අනිත් කෙනාගෙ යහපත හෝ හැගීම් ගැනත් සලක්න්න ඕනි. කෙනෙකුට හිතුමතේ වැඩ කරන්න බෑ. ඔව් මම පිළිගන්නවා අසතුටින් විවාහ ජීවිතය ගත කරන අය ඉන්න වග. මට පෙනෙන්නේ මේ විවාහය කියන්නේ පොදුවේ මිනිසුන්ගේ යහපත උදෙසා මිනිසුන් විසින්ම හදාගත්ත සම්මුතියක් විදියට. නමුත් ඒක යම් පිරිසකට හෝ යම් කෙනෙකුට අපහසු දෙයක් වෙන්න පුළුවන්.

    මට හිතෙන විදියටනම් මිනිස්සු අතර ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්නේ එක්කෝ සන්නිවේදනයේ දුර්වලථා නිසා, එක්කෝ මිනිස් ස්වභාවය වටහා ගැනීමේ දුර්වලථා නිසා, නැත්නම් ආත්මාර්ක්ථකාමී නිසා.

    ReplyDelete