Tuesday, November 7, 2017

ඇමරිකාව යුද නැවක් නොමිලේ ලබා දීම නිසා රුසියානු පරණ යුද නැව් ඩීල් එකට කණ කොකා හඬයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.11.30) මෛත්‍රී -මහාරාජා කූඨ කට්ටුව විසින් දැවැන්ත කොමිස් කුට්ටියක් ඩැහැ ගැනීම සඳහා මිලදී ගැනීමට ගිය රුසියානු පරණ යුද නැව් ඩීල් එකට කණ කොකා හඬා තිබේ.  
ඇ.ඩො. මිලියන 88 ක් හෙවත් රු. කෝටි 13,464 ක් රටට පාඩු කරමින් ඇ.ඩොලර් මිලියන 135 ක් වියදම් කර අති විශාල කොමිස් කුට්ටියක් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ‘එපා එපා‘ යයි කියද්දී නාවික හමුදාපතිවරයා ද මාස දෙකෙන් ගෙදර යවා නියම වටිනාකමට වඩා දෙගුණයක පමණ අධික මිලකට රුසියාවෙන් Gepard Frigate class පරණ යුද නැවක් මිලදී ගැනීමට තටමද්දී ඇමරිකාව විසින් ලංකාවේ වෙරළ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියළු අංගෝපාංග වලින් සමන්විත (හෙලිකොප්ටර්, හෙලි පෑඩ්) නවීන  තාක්ෂණයෙන් යුත් Secretary Class High Endurance Cutter වර්ගයේ වෙරළාරක්ෂක නෞකාවක් නොමිලේ ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.

මේ බව සඳහන් වන්නේ පසුගියදා ලංකාවේ සංචාරයකට පැමිණි ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් (දේශපාලන) තෝමස් ෂැනොන් මහතා ඊයේ රටින් නික්ම යෑමට පෙර නිකුත් කරන ලද ඇමරිකානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ ය. එහි මෙසේ සඳහන් වේ.
“දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශවීය සබඳතාවල සහ දිනෙන් දින පෘථුල වන ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපද ක්‍රියාකාරකම්වල සලකුණක් වශයෙන්, කොංග්‍රස් මණ්ඩලය මගින් නිවේදනය කිරීමේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීමට යටත්ව, ශ්‍රී ලංකා නාවික හමුදාවට දෙවැනි එක්සත් ජනපද වෙරළාරක්ෂක යාත්‍රාව පිරිනමන බව එක්සත් ජනපදය නිවේදනය කෙළේය. ලේකම් පන්තියට අයත් ඉහළ දරාගැනීමේ ශක්තියකින් යුත් මෙම යාත්‍රාව (Secretary Class High Endurance Cutter) හේතුවෙන් ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ලෙස සිය වෙරළ තීරය සහ විශේෂිත ආර්ථික කලාපය මුරකිරීමටත්, සිය වෙළඳ හා සන්නිවේදන මුහුදු මාර්ග ආරක්ෂා කරගැනීමටත් හැකි වනු ඇත.“
ඇමරිකාව මීට පෙර එජාප වසර දෙකේ ආණ්ඩු කාලයේ දී ද මෙවැනිම ආරක්ෂක නැවක් නොමිලේ ලබා දුන් අතර අවසන් ඊලාම් යුද්ධයේ දී සැතපුම් 1,500 ක් පමණ ඈත දියඹට ගොස් එල්ටීටීඊ නෞකා විනාශ කිරීමට එකී නැව මහෝපකාරී විය. 
මේ අනුව මෛත්‍රී-මහාරාජා කූඨ කට්ටුවට කොමිස් කුට්ටි නිසාම අවශ්‍ය වී තිබෙන මහා ධනයක් වියදම් කර මිලදී ගැනීමට තටමන රුසියානු පරණ යුද නැව මිලදී ගැනීමේ අවශ්‍යතාවය අහෝසි වනු ඇත. යුද නැව් ඩීල් එකෙන් කෝටි ගණනක් කොමිස් බලාගෙන දැනටමත් සිංගප්පූරුවේ ගිණුම් පවා අරඹා ඇති සිරිසේන බෑණාගේ පපුව පැලෙනු ඇති වුවද නොමිලේ වෙරළාරක්ෂක නවීන නෞකාවක් ලැබේ නම් මහා ණයක් වී යුද නැවක් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් අප වැනි දූපත් රාජ්‍යයකට තිබිය නොහැකිය.   
රුසියානු ණය ආධාර යටතේ ඉතිරි මුදල වන ඉහත කී ඩොලර් මිලියන 135 ලබා ගත යුතුම නම් දැන් ඉන් පරණ යුද නැවක් වැනි අනවශ්‍ය ගිනි ගෙඩියක් නොව රටට ලාභයක් උපයා ගත හැකි යන්ත්‍රෝපකරණ හෝ සංවර්ධන ක්‍රියාවලියට ඵලදායක වන වෙනත් භාණ්ඩ ලබා ගත හැකි වනු ඇත. අඩුම ගණනේ ඩොලර් මිලියන 135 ණය ගෙවීමට උදව්වක් වන මුදලක් උපයා ගත හැකි දෙයකට අවශ්‍ය භාණ්ඩ මිලදී ගත හැකිය. 
එවැන්නකින් මෛත්‍රී-මහාරාජා කල්ලියට කොමිස් නොලැබේ නම් ඔවුන් ට්‍රැවිස් සින්නයියා මාස දෙකෙන් විශ්‍රාම යැවුවා සේ කුමන හෝ කෙබරයක් ගසා වෙනත් භාණ්ඩ මිලදී ගැනීමකටද කටුව ගසනු ඇත. ඇමරිකාවෙන් නිකම් දෙන යුද නැව ‘කුමන්ත්‍රණයක්‘ කියා රුසියානු යුද නැවම මිලදී ගත යුතු යැයි පරසක්වල ගසනු නිසැක ය. සමහර විට ශිරාල් ලක් තිලකගේ අනුනායක හමුදාව පෙරට ඒමට ද පිළිවන. ජනතාව අවදියෙන් සිට රටට යහපත් දේ වෙනුවෙන් සටන් කළ යුතුය. මන්ද මේ ණය මුදල් ගෙවිය යුත්තේ සිරිසේනලා හෝ මහාරාජාලා හෝ නොව මහජනතාව විසින් බැවිනි. 
(මෛත්‍රී-මහාරාජා කූඨ කට්ටුව විසින් මිලදී ගැනීමට තටමන රුසියානු Gepard Frigate class වර්ගයේ යුද නැවක සහ ඇමරිකානු Secretary Class High Endurance Cutter වෙරලාරක්ෂක නෞකාවක සේයාරූ මෙහි දැක්වේ)


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

43 comments:

  1. හෙන ගහපන් ගණන් බලාපන් කිව්වලු. :)

    ReplyDelete
  2. නොදකින් මේ වගේ හරක්, frigate එකකයි coast guard ship එකකයි වෙනස නොදන්නා උන් thousand ටෝක් දෙනවා. මේ බ්ලොග් මහත්තයෝ, රුසියානු frigate එක බ්‍රෑන්ඩ් නිව් තාම හදලත් නෑ project hand over year එක 2020. ඇමෙරිකානු coast guard ship එක අවුරුදු 10 පරනයි. (තොරතුරු දැනගැනීමේ පනත තියෙනවා MOD එකෙන් විස්තර බලාගන්න පුළුවන් වෙයි.)
    අමෙරිකන් කාරයා ඕක දුන්නත් ඔකේ ගිනි අවි පද්දතිය දෙන එක sure නෑ. දැනටත් අපේ නෙවී එකේ US coast guard ship එකක් තියෙනවා මේ දෙන්නේ 2 වෙනි එක. මේක රජයන් දෙක අතර සිදුවන ගනුදෙනුවක්.
    ලංකාව වෙනුවෙන් පෙනීසිටින ආයතනය 100% රජයේ පාලනයේ තියෙන්නේ.
    coast guard ship එකට අවි පද්දතියක් සවිකරලා ගත්තත් ඕක නියම යුද නැවක් නෙමෙයි frigate එක සම්පුර්ණ යුද නැවක්. ගූගල් කරලා විස්තර හොයාගන්න.

    රුසියාව frigate එක විතරක් නෙමෙයි su30 ජෙට් 6 දෙන්නත් එකග වෙලා තියෙනවා. ලංකාව ජෙට් වලට ටෙන්ඩර් call කරහම ඉන්දියාව, j17 chinese + pakistan ජෙට් ගන්න දුන්නේ නෑ, ඒ වෙනුවට tejas jet ලඩියක් ගන්න කිව්වා.
    (ඒවා ගත්තනම් සොරිම තමයි)
    ලංකාව හා රුසියාව අතර තියෙන ණය ගිවිසුම යටතේ තමයි මේවා දෙන්නේ ඕව ගත්තේ නැත්තනම් Russian credit line එක expire වෙලා යනවා.
    ඊට පස්සේ ලංකාවට සතුරු කරදරයක් ආවහම නැට්ට ගිනිගත්ත හනුම වගේ බඩු හොයන්න ඕනි.
    මතක නේ යුද්ද කාලේ මල්ටි බැරල් ගෙන්න කාපු කට්ට?

    බ්ලොග් මහත්තයෝ, කරුණාකරලා විස්තර හොයල බලල දාන්න ගොබ්බ සයිටි වල ලිපි අමු අමුවේ දන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. //ඊට පස්සේ ලංකාවට සතුරු කරදරයක් ආවහම නැට්ට ගිනිගත්ත හනුම වගේ බඩු හොයන්න ඕනි.
      මතක නේ යුද්ද කාලේ මල්ටි බැරල් ගෙන්න කාපු කට්ට? // මේ තර්කයට නම් මම කැමතියි

      Delete
    2. Gepard වගේ අධිතාක්ශන නැවක් නන් ලන්කාවට අත්‍යාවශ නෑ තමයි. මොකද අපි ඉන්දියාවෙන් ගේම ඉල්ලන්න යනවැයි? ඇමරිකන් offer එක සාධනීයයි. ඒකට යන එක ලන්කාවට හැම අතකින්ම වාසි දායකයි. අනික ඔය කියන SU 30 ප්ලේන් 6 ඉන්දියාව පාවිච්චි කරලා අයින් කරපු සෙට් එකක්. ඒවා refurbish කරලා ගත්තත් ඕවා මේන්ටේන් කරන්න සෑහෙන්න ගානක් වියදම් කරන්නත් සිද්ධ වෙනවා. ඔයිට වඩා හොද සාධාරණ ගනන් වලට ගන්න පුලුවන් economical ප්ලෙන් තව තියෙනවා.

      Delete
    3. Shenal Mendis, ඔබ වැනි පුද්ගලයන් නාවික හමුදාවේ නැතිවීම රටේ වාසනාවකි. X Men ගේ කොමෙන්ටුවේ සාධණිය කරුණු ඇත, රටක් විදිහට අප ලග නොබැලිය යුතුයි. එක කරුණක් ගෙනහැර පෑමට කැමතියි General R De S Daluwatte ගේ කලයේ දි (කාලය නිවැරදිව මතක නැත) SLAR සදහා Multiple rocket launcher ගැනීමට යාමේදී ඔය වැනි තත්වයක් මතුකරන ලදී, "ඕව දාල ගහන්නෙ කොහෙද ලංකාවේ, ඕව වැඩක් නෑ" මේ ඔබේ පන්තියට අයත් සමහර නිලධාරින් ප්‍රකාශ කල මතයයි. අවසනයෙදී මෙම බර අවි යුද්දයේදී තීරණාත්මක මෙහෙයක් ඉටු කරන ලදී.
      //ඔයිට වඩා හොද සාධාරණ ගනන් වලට ගන්න පුලුවන් economical ප්ලෙන් තව තියෙනවා// කරුණාකර අපගේ ගුවන් හමුදාවට ගැලපෙන multi role අඩු මිල යානාවක් නම් කරන්න.

      Delete
    4. @ Tokyo City,

      Gepard වගේ තනි නැවක් අරන් අපි ඇත්තටම මක් කරන්නද? බොරැවට සංදර්ශන වලට පෙන්නනවත්, කැලැන්ඩර් වලට පින්තූර දාගන්නවත් අපේ උවමනාවට වඩා සිය දාස් ගුණයක් එහා ගිය පහසුකම් තියෙන නැවක් ගත්තට රටට වැඩක් වෙන්නේ නෑ. පොත් පත් වල ලියල තියෙන්න පුලුවන් මේ නැවේ අරව තියෙනාව මේවා තියෙනවා කියල. ඒත් ප්රායෝගික ලෝකෙදි ඔය පොත් පත් වල තියෙන සංඛා ලේඛන වලින් කිසි වැඩක් වෙන්නෙ නෑ. අපි රට ගැන හිතුවොත් ලන්කාවට දැන් ඕනි කරන්නෙ හොද ගුවන් ආර්කශන පද්ධතියක් මිසක් අධිමිල offensive weapon system එකක් නෙමේ.

      අනික General R De S Daluwatte කාලේදි ඇත්තටම Multiple rocket launcher පද්ධතියකින් රටට වැඩක් තිබ්බේ නැහැ. ඒ කාලේ ඕවා ගත්තනන් අපි දෙමළු සමූළ ඝාතනය කරන්න යනවා කියල ලෝකාපවාදයක් පවා වැටෙන්න තිබ්බ. අනික කොටි උනත් 1999 වගේ conventional military doctrine එකක නෙමේ හිටියේ මුලින්. 1999 Multiple rocket launcher පද්ධතියක් ගේන්න උනේ වෙන කරන්න දෙයක් නැති තැනටම අපේ රට වැටුන නිසා.

      අපිට හොදටම ගැලපෙන්නෙ පකිස්තාන/චීන නිශ්පාදනයක් වෙච්ච JF-17 එක. නැත්තන් ඊට වඩා මිල ස්වීඩන් වල හදන Gripen එක තියෙනවා. නැත්තන් එංගලන්තේ හදන Alfa Jet එකත් තියෙනවා. ඇමරිකන් එකක් ගන්න අහස්තාවක් තියෙනවා නන් F 16 එකත් හොද ආදේශකයක්. මෙතන ප්රධාන ගැටලුව එන්ජිනේ දෙකේ ප්ලේන් එකක් ගත්තම ඒක නඩත්තු කරන්න සෑහෙන වියදමක් යන එක. අනිත් කාරණාව තමා SU 30 ප්ලේන් එකේ තියෙන එන්ජින් වල reliability නැති කම. රැසියාවෙන් ඕවා නඩත්තු කරන්න උදව් ගන්න එකම මහා මහා හිසරදයක්.

      Delete
  3. සියානු frigate එක බ්‍රෑන්ඩ් නිව් තාම හදලත් නෑ - මේ frigate රුසියව හදනන් පටන් ගන්නේ 1991, 1992 විතර
    https://www.revolvy.com/main/index.php?s=Gepard-class%20frigate

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ වැරදි තැනින් අල්ලාගෙන තියෙන්නේ, මම කියන්නේ ලංකාවට දෙන එක. ඵ්ක බ්‍රෑන්ඩ් නිව් නැතුව පාවිචි කල හපයක් නෙමෙයි.
      අර පහල මහත්තයෙක් අහල තිබුනා cost guard නැව් නම් හොදයි යුද්ධ කරන්න නැව් මොකටද කියලා. මට එ් මහත්තයට කියන්න තියෙන්නේ මෙික ගෙදරක පොමනේරියන් බල්ලෙකුයි ඇල්ශේෂන් බල්ලෙකුයි හදනවා වගේ, හොරෙක් අවොත් දෙන්නම බුරනවා හැබයි ඉතින් ඇල්ශේෂන් බල්ලා බුරලා විතරක් ඉන්නේ නෑ.

      cost guard නැවේ Armament විස්තර
      1 × Mk 38 25mm machine gun
      2 × M2HB .50 caliber machine gun
      (මේ සම්මත අවි පද්දතිය)
      https://en.wikipedia.org/wiki/USCGC_Courageous_(WMEC-622)

      සරල උදහරනයක් දෙන්නම්: අපි හිතමු 2021 දී ISIS පාවෙන අවි ගබඩාවක් ආවා කියල, මේක විනාස කරන්න cost guard නැවේ සම්මත අවි පද්දතියෙන් බැ, සහයට තවත් එකක් නැතුව. හැබයි ඉතින් frigate එකකට ඕක සෙට් උනොත් බඩුම තම්යි, one man show.

      Gepard-class frigate:
      https://en.wikipedia.org/wiki/Gepard-class_frigate
      Sensors andprocessing systems:
      Radar: Cross Dome surface & air search radar
      Cruise missile targeting: Bass Stand
      Navigational radar: (unknown type)
      Fire control radar: Pop Group SA-N-4, Bass Tilt for AK-630
      Sonar: Medium-frequency hull mounted, medium-frequency towed variable depth sonar
      Electronic warfare
      & decoys:
      EW Suite: 2 × Bell Shroud passive intercept, 2 × Bell Squat jammers,
      Countermeasures: 4 × 16-barreled Pk-16 decoy launchers
      Armament:
      8 × Kh-35 Anti-Ship missiles (two quadruple launchers) or 8 × Kalibr-NK multi-purpose missiles (Dagestan)
      1 × Osa-M surface-to-air missile system (one twin launcher, 20 9K33 Osa missiles) or 1 Palma module with 8 Sosna-R missiles (Dagestan)
      1 × 76.2 mm 59-caliber AK–176 automatic dual-purpose gun (500-round magazine)
      2 × 6-barreled 30 mm AK-630 point-defense guns (2,000-round magazine for each) or 1 Palash gun module with 2 6-barreled guns (Dagestan)
      2 × 14.5 mm MTPU machineguns (Dagestan)
      4 × 533 mm torpedo tubes (two twin launchers)
      1 × RBU-6000 12-barreled Anti-Submarine rocket launcher
      12–20 mines

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අජිත් මහත්මයා ඇතුලු ගොඩක් අය මේක වැරදියට තේරුම් අරන් තියන පාටයි. මේ පංතියේ මුල්ම නැව 1991දි හදන්න පටන් ගත්ත එක හරි. ඒත් අපි ගන්න හදන නැව තාම හදන්න පටන් අරගෙන නෑ. අපිට මේක ලැබෙන්නෙ ‍‍‍‍brandnew custom built නැවක් හැටියට. නිෂ්පාදකය කියන හැටියට අපි ගන්න හදන්නෙ මිසයිල නැති ආටිලරි නැවක්

      Delete
    4. /අපි හිතමු 2021 දී ISIS පාවෙන අවි ගබඩාවක් ආවා කියල,/ නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලොත් අපේ රටට ජාවාරම්කාරයන්ගේ කුඩා යාත්‍රා මැඩලන්න අවශ්‍ය දිගදුර මැෂින් තුවක්කු හැර වෙන කිශිවක් අනවශ්‍ය බව තේරුම් ගන්නා යුද විශේෂඥයන් වෙන්න අවශ්‍ය නෑ. ඔය කියන මහා පරිමාණ ජාත්‍යන්තර කතන්දර ඩිල් කරන්න ඇමරිකාව, රුසියාව, චිනේ, ෆ්රන්සේ, වගේ ලෝකයේ ලොකු ලොකු පොලිස් කාරයෝ ඉන්නේ, අපි ඒවා ගැන කිසිසේත්ම කරදර විය යුතු නෑ. අපි යුද්ධ කලේ ගෙදර අවුලක් හදාගෙන එක විසඳ ගන්නා නේ, ඔය දැන් මියන්මරෙත් කර ගෙන තියනවා වගේ නැතුව, අපි අපේ ගෙදර අවුල් අයේ හදාගන්නේ නැතිව ඉමු.

      Delete
    5. ඉතින් අලුත් නවක කියල කිසිම නිව්ස් එකක වත් යන්නේ නැත්තේ ඇයි ? ඔය කටහ්ව මේ කොමෙන්ට් එකක් විතරයි දැක්කේ? අයිසිස් කාරයා අපට ගහන්න නම් දැන් එන එකක් නැහැ. පුටින් සහ සමගම වැඩේ දීල නිසා. අනිත් පැත්තේ කුර්දි හා ඇමෙරිකාව ගහනව . හොඳයි ආවයි කියමු. ඊත් ලංකාවේ නැව් නැත්ද ගහන්න

      Delete
    6. එතකොට frigate තියාගෙනද SLN පාවෙන අවි ගබඩාවලට බැෂ්ටිය දුන්නේ. මල්ලි තලගොයි මශ්ද කන්නේ.
      අනික ඔය wikipedia එකේ තිබුනට මල්ලි ඕව පිට රටවලට විකුණනකොට ඔය සේරෝම ගැජට් එක්ක දෙනවද?. කාර් එක එන්නේ AC නැතුව

      Delete
    7. කැළුම් රියෙන්සි යාපා මහතාණනි, ගොබ්බ කම තිබෙන නමුත් එය ප්‍රදර්ශනය කිරීමෙන් වලකින්න

      Delete
    8. කෙසේ වෙතත් ලංකා රජය, මේ ගිවිසුමේ අවසන් අදියරට පැමිණ ඇතිබව සතුටින් දැන්වීමට කැමැත්තෙමි.
      (තව එකක් දන්නවද, යුද හමුහමුදවට MBT සෙට් එකකුත් ගන්නවලු, මොකටද නේද කොටන තුවක්කු සෙට් එකක් ගත්තනම් ලාබයි)

      Delete
    9. අම්මප X Men සිරි ලංකාවම වාසනා කාරන්න ඕනේ උඹ වගේ එකෙක් ඉන්නවට.
      දැන් එතකොට MBT තියාගෙන වටපිට බලබල ඉන්නවා කවුද අපිට බෂ්ටිය දෙන්ඩ එන්නේ කියල ඈ.
      ඔය 64MBT තිබුනේ නැහැනේ අර කුරුම්බැට්ටි ඇවිල්ල බෝම්බ දාල යනකොට. සයිලන්සර් දාල සද්දේ වහල නේ ඒවා ආවේ නැද්ද මල්ලි.

      Delete
    10. කැළුම් රියෙන්සි යාපා, නොදාකින් උබේ මොලේ නම්, යකෝ MBT තියෙන්නේ උඩ යන එවට ගහන්නද,
      අර ගූගල් කියල එකක් තියෙනවා පොඩ්ඩක් පාවිචිචි කරලා බලහං හැබයි කතාව "gepard class frigate" ගැන. තු... තු... තෝ!

      Delete
    11. අම්මපා මම මේ පොස්ට් එක සේවූ කරලා තියාගන්නවා. කවද හරි කෙනෙක් අහැවූවොත් ඇයි ලංකාවට කොටි ගැහැව්වේ කියලා, මම මේක පෙන්නනවා, මෙන්න මේ වගේ බත් කන හරක්‌ අපි අතරේ හිටිය නිසා කියලා

      Delete
    12. ඔබාමා මල්ලියා,

      හරි හරි උඹ තමයි මේ සේරෝම දන්නේ. උඹ ඉතින් ගස් ගෝණ නේ.
      එතකොට ඔය කුරුම්බැට්ටි ගියේ ආදී 37000-40000 උසෙන්නේ MBT එකට ගහන්න බැරි රේන්ජ් එකේ.
      අනික උඹල ඔය තල් ගස් වලට MBT කෙලලා ඇරියට කාව හරි හරි හමං තැනකින් ඉගෙනගත්තු එකෙක් ගෙන් අහගනින් MBT එකෙන් මොනවාද තව කරන්න පුළුවන්. කියල.
      මල්ලියා ඉතිං කියපන්කො බලන්න දැන් ඉතින් ආයේ ඔය කුරුම්බට්ටියක් හෙම ආවොත් (අර ISIL ඉදිරියේදී ගහන්න එනවා වගේ) ඔය ගන්න යන නැවෙන්ද නැත්තන් MBT එකෙන්ද කෙලින්නේ කියල.

      ඔය Gepard-class frigate කතාව එකසිය ගානට wikipedia එකෙන් කොපි කරලා දැම්මේ මම නං නෙවේ. ඕවට මාව අල්ල ගන්න එපා. මම ඇහුවේ ඔය frigate තියාගෙනද SLN පාවෙන අවි ගබඩාවලට බැෂ්ටිය දුන්නේ කියල නේ . මල්ලිත් තලගොයි මශ්ද කන්නේ.
      පෝස්ට් එක සේවූ කරලා විතරක් මදි මල්ලියෝ, ඕක ලැමිනේට් කරලා ෆ්‍රේම් කරලා තියාගනින්. උඹල හිතන විධියට 2021 දී ISIS පාවෙන අවි ගබඩාවක් ආවාම පෙන්නන්න.

      Delete
    13. අනේ අප්පේ අපේ විචාරක හිටියනම්. මෙන්න. විකියෙන් ගත්ත
      ain battle tanks are equipped with a main tank gun, and at least one machine gun.
      MBT main guns are generally between 90 and 130 mm caliber, and can fire both anti-armour and, more recently, anti-personnel rounds. The cannon serves a dual role, able to engage other armoured targets such as tanks and fortifications, and soft targets such as light vehicles and infantry. It is fixed to the turret, along with the loading and fire mechanism. Modern tanks utilize a sophisticated fire-control system, including rangefinders, computerized fire control, and stabilizers, which are designed to keep the cannon stable and aimed even if the hull is turning or shaking, making it easier for the operators to fire on the move and/or against moving targets. Gun-missile systems are complicated and have been particularly unsatisfactory to the United States who abandoned gun-missile projects such as the M60A2 and MBT-70,[43] but have been diligently developed by the Soviet Union, who even retrofitted them to T-55 tanks, in an effort to double the effective range of the vehicle's fire. The MBT's role could be compromised because of the increasing distances involved and the increased reliance on indirect fire.[30] The tank gun is still useful in urban combat for precisely delivering powerful fire while minimizing collateral damage.[24]

      Delete
  4. https://sputniknews.com/business/201706291055073554-russia-sri-lanka-frigates/

    ReplyDelete
  5. ලංකාව ජාවාරම් කරුවන්ගෙන් බේරගන්න cost guard එව්වනම් ගොඩක් ඕන බව පැහැදිලියි, එත් යුද්ධ කරන්න නැව් අවශ්‍ය ඇයි කියල තේරුම් ගන්න බෑ, අපේ අසල වැසියන් ගෙන් කවුරුත් එක්කද අපිට යුද්ධ කරලා ගනුදෙනුවක් බේරගන්න හැකි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඇයි ඉන්දියාව චීනය අත දමන්න ආවොත් හෙම. කෙලින්ම ගහන්න පුළුවන් :)

      Delete
    2. එක නැවක් තියන් අපි කොහොමද බන් චන්ඩි පාට් දාන්නෙ? ඉන්දියන් නේවි එකේ එක carrier එකක් ආවොත් අපිට සදාසොත්ති වෙන්න කන්න වෙනවා අවුරැදු ගානකට නැගිටින්න බැරි වෙන්න. ඒ නිසා අපි කවුරැද කියන එක තේරැන් අරන් ජීවත් උනොත් හොදයි.

      Delete
    3. විහිළුවට මචන් ලිව්වේ :) අගට :) දැම්මේ එකයි

      Delete
  6. මේ යන විදිහට මං හිතන්නෙ නිකං දෙන එකත් අරං සල්ලි වලටත් එකක් ගනී ...

    ReplyDelete
  7. //මෙම නැව මිලදිගන්නට යන්නේ අපගේ මුහුදු සීමාවන් විශාල වූ නිසා බවද මම ඒ ප්‍රවෘත්තියේම දැක්කෙමි. එසේ නම් ඇත්තෙන්ම වහාම නැව ගැනීම අතහැර දමා මිලදී ගත යුත්තේ නැවෙහි මිලට වඩා ඉතාමත් අඩු ආයෝජනයකින් නැවෙහි කාර්යක්ෂමතාවයට වඩා දස දහස් ගුණයකින් කාර්යක්ෂමතාවය වැඩි සාගරික මුර ගුවන් යානා කිහිපයක් නොවේද? //

    Read the full post @ http://lakshmanillangakoon.blogspot.com/2017/10/blog-post_87.html

    ReplyDelete
    Replies
    1. Pra Jay අහල තියෙනවද The Battle of Ceylon (or Easter Sunday raid)

      Delete
    2. ටිකක් දන්නව මිස්ටර් හෙක්ටර්.
      ඒත් මං වැඩියෙන් ෆැසිනේටඩ් Battle of_Trincomalee (or Capture of Trincomalee) ගැන.
      "WHAT IF the French stayed and invaded the maritime provinces" විදිහට

      Delete
  8. මටත් ආපු ප්‍රශ්නයක් තමයි යුද නැවක් සහ වෙරලාරක්ෂක නැවක් කොහොමද සංසන්දනය කරන්නේ කියන එක. හොයලා බැලුවාම X Men ගේ කතාව ඇත්ත. එහෙම බැලුවාම අලුත්ම යුද නැව ගන්න එක වාසි වෙන්න ඕනේ. ඒත් මේ හදිස්සියේ මොකටද අප්පා යුද නැවක්?

    ReplyDelete
    Replies
    1. අැයි අප්පා ඔයා හිතන්නේ අපේ "පුටින් අයිය" ඔය credit period එක සදහටම අැරගෙන (open) ඉදි කියලද?.
      දුන්න වෙලාවේ ගන්න ඕනි, අර කතාවක් තියෙන්නේ "අපායට ගියත් 1ට කියල"

      Delete
    2. /ඔය credit period එක සදහටම අැරගෙන (open) ඉදි කියලද? / ඔව්, එක යුද බිස්නස් එක, ඉස්සර අපට අපරාධ චෝදනා තිබ්බ නිසා හොර ගුබ්බයම් වලිනුයි බඩු හොයාගන්න සිද්දවුනේ, දැන් එහෙම නෑ, ඔක්කොම යුධ නිෂ්පාදකයෝ විකුනන්න පොරකනවා ට අමතරව එයාලට කරන්න පුළුවන් අනිසි බලපෑම් සියල්ල කරනවා, ඉන්දියාව එහෙම කරා, චිනෙත් කර පකිස්තනෙත් කර, ඇමරිකාවත් කරනවා, දැන් රුසියාව, මෛත්‍රී රුසියාවෙන් ඕක ගන්නේ ඔය නැව ඕනේ නිසා නොවෙයි රුසියාවත් එක්ක යාලු කම් පවත්ත ගන්න, එයාගේ අනාගත සිහින සබැ කරගන්න උදවු ගන්න බලාපොරොත්තුවෙන්, ඒ අතරේ ඉන්න අතරමැදියෝ කුට්ටි බානවා, අමු ඇත්ත එකයි.

      Delete
    3. අනේ මන්ද කාගේ උනත් දරුවෙක් නේ, තමන් කැමති පක්සේ ආණ්ඩුව කරනකොට හොදයි වෙන ආණ්ඩුවක් කරනකොට නරකයි.
      මම මෛත්‍රී ගේ අනාගත සිහින දන්නේ නැ මට වැඩකුත් නැ.මේ අැණ මහත්තයෝ ඔය Russian credit line එක ඔපන් කලේ මහින්දගේ කාලේ. මේ ආණ්ඩුවෙන් හරි මොන ආණ්ඩුවෙන් හරි කමක් නැ හරි දේ කරනවානම්,
      නැත්නම් වෙන්නේ අන්තිම මොහොතේ බෙල්ල කපපු කුකුළා වගේ දුවන එක. මතකද දන්නේ නැ කොටි උඩින් එක කාලේ අන්තිමට කලබලේ ඉන්දියන් රේඩාර් එක්කක් ගත්ත "ඉන්ද්‍ර" කියල ඔය අටමගල කොටි පේලේන් එක එනකොට ක්‍රියා විරහිත උනා/කලා.
      ඔය දන්නේ නැතුව ඇති 2025 වෙනකොට නෙවි එකට ඔ.පි.වී වගේ යාත්‍රා 25 ගන්න තමයි සැලසුම. (එතකොට ඔයා කැමති ආණ්ඩුවක් තියෙයිද මෛත්‍රී ගේ ආණ්ඩුවක් තියෙයිද දන්නේ නැ. හැබයි දුපත් රටකට ශක්තිමත් නාවික හමුදාවක් තියෙන්න ඕනි.
      ප.ලි:
      කොමිස් ගැහිල්ල මොන ආණ්ඩුවක් තිබුනත් කරනවා, ඔය "මිග්" වලිනුත් ගැහුවයි කියන්නේ

      Delete
    4. /කොමිස් ගැහිල්ල මොන ආණ්ඩුවක් තිබුනත් කරනවා, ඔය "මිග්" වලිනුත් ගැහුවයි කියන්නේ// ඒ කියන්නේ මේ ආණ්ඩුව ගහන එකත් සාධාරණයි තමා ඔය තර්කයට. එහෙනම් ඉතින් මොන කෙහල්මලකටද අර මමත් ටිකක් අඳුරන උදයන්ගගේ බඩු ටිකත් හිර කරගෙන ලංකාවට එන්න නොදී ඉන්නේ ? (උදයංග වීරතුංග) එහෙම නැතනම් වැඩේ අත හරලද? දැන් මේක facilitate කරනන් දොස්තර සමන් විරසින්හද? හොඳ දක්ෂයෙක් තමයි ඉතින්.

      Delete
    5. //මමත් ටිකක් අඳුරන උදයන්ගගේ බඩු ටිකත් හිර කරගෙන ලංකාවට එන්න නොදී ඉන්නේ// අම්මෝ මෙන්න තවත් එක්කෙනෙක්. අජිත් අයියාටත් International arrest order එකක් එක්ක ලංකාවට free ටිකට් එකක් ඕනේ වෙලා වගේ :D

      Delete
    6. උඹ හරියටම හරි මල්ලි. හොඳ නාවික හමුදාවක් නැතිනිසා තමයි රජීව් අපිට පරිප්පු දාල ගියේ. බොරුද?

      Delete
    7. උදය මල්ලි මම දෙපාරක් දැකල කතා කරල තියනවා උදයන්ග එච්චරයි. කොහෙද අපට එච්චර වාසනාවක්. හැම ආණ්ඩුවම කරනවා කියලනේ එලෙව්වේ. හයියෝ

      Delete
    8. මහා රජා කලානම් වැදලා පිළිගන්නේ හා බොරුද?

      Delete
    9. නැහැනේ හලෝ එකනේ පොරව එලෙව්වේ. දැන් ගෙන්න ගත්ත එකාත් කරන්න ගත්තම මිනිස්සු මොකද කරන්නේ.

      Delete
  9. ඇත්තම පැවසුවහොත් අපේ රටේ මැති අමාත්‍යකාරකාදීන් උදෙසා ගැනෙන ඩොලර් කෝටි ප්‍රකෝටි ගනන් වූ යාන වාහන ගැන නිහඩ මිනිසුන් අප රටේ ආරක්ෂාවට ගැනෙන යම් දෙයක් වේද ඇයි එයට මේ හැටි කලබලවෙන්නෙ කියන එක ගැන ඇත්තෙ මහා ගැටලුවක්.... මතක තියාගන්න අවුරුදු තිහකටත් වඩා ශාපලත් යුද්ධයකින් අප දේශයම විදෙව්වෙත් ඉදිරිය දෙස බලා නිසි ජාතික ප්‍රතිපත්තියක් සහිත ආරක්ෂක ක්‍රමවේදයක් අප රට නොතිබූ නිසා කියන වග...දහස් ගණනින් අප දේශයෙ රණ විරුවන් දිවිපුිදුවෙත්...හයක් හතරක්වත් නොදන්න අහිංසක දමිල පුංචි උනුත් එල්.ටී.ටී ඊ කුරිරු හස්තයන්ට යටව දුක් වින්දෙ ඒ නිසාමයි කියන එක වග...ආරක්ෂාව යනු යම් රටක් ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය යුතු දෙයක්...මම දුටුව ඇතැම් වෙබ් අඩවි වල ලංකාවට සුකෝයි - 30 යානා ගෙනආවොත් ඒව ඉහළට ැංවු සිනින් ඉන්දියානු දේශ සීමාවත් පසුකරනව කියල....මට වැටහෙන්නේ නැත්තේ මෙය නොදැනුවත්කමද...නැතිනම් ජනයා මුලාකිරීමට සිතාමතිම ගොතන කථාද යන්න කියන සැකය...ඇත්තටම යම් දෙයක් පළකිරීමට පෙර ඒ ලිිබදව යම් අධ්‍යයනයක් කිරීම තමා මෙවන් අසත්‍ය පුවත් පලකරන සැමටම කියන්න තියෙන්නේ...ෆ්‍රිගේට් නැවකත් සාමාන්‍ය කෝස්ගාට් පංතියෙ නැවකත් තියෙන වෙනස ගැන ඔබට පැවසීමට ඇත්තෙත් ඒ ටිකම තමා මහත්මය...ඇත්තටම වෙනත රටක අය මේ වාර්ථතා දුටුවොත් ඔවුන්ට සිනහ පහළ වේවි...ඔබ සිදුකරන්නේ අප අසල්වැසි රටවලට උවමනා දේ බවයි මට පෙනි යන්නේ...ඔවුන්ගෙ බුද්ධිඅංශවලටත් අවැසි අප වැනි රටවලට මේ දේම සිදුකරන්නයි...ආරකෂාව කියන තැනදි ඔවුනට ඇවැසිත අප රටට ලැබෙන මෙවැනි සම්පත් සීමාකරලන්න...නැතිනම් වලකාලන්න...එයට ඔවුන් ඕනෑතරම් මුදල් වියදම් කරයි...හරියට සයිබර් අවකාශයෙ ඔබව ඔවුන් මුලාවට පත්ල ආකාරයට...ඇත්තටම දුකයි...අවසානෙට බංගලාදේශය...මියන්මාරය...වැනි රටවල් අපට වඩා ගව් ගනනක් ඉදිරියට යන දවසකත්....අපට මෙතැනකටම වෙලා බලා හිදින්නට සිදුවේවි...මොකද අප රටට එක කෆීර්යානයක පමණක රැකවල් හිමි වී තියෙද්දි ඔවුන් අතිනවීන සුකෝයි 30 ජෙටි යානා අතපත්කරගැනීමට ඉතාම ආසන්නව හිදීම කියන කාරනා පසක් වෙද්දි...නවීන යුද නැව් ඔවුන් රැසියාව වැනි රටවලින් මිලට ගෙන සහ ගනිමින් පවතිද්දි...

    ReplyDelete