Saturday, September 2, 2017

මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරා ගැනීමේ ප්‍රධාන වගකීම පොලිස් විශේෂ කාර්ය බලකායට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා

ලංකා ඊ නිව්ස් - 2017.සැප්.01, ප.ව.5.25) ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත්, එම උවදුරින් රට බේරා ගැනීමේ ප්‍රධාන වගකීම පොලිස් විශේෂ කාර්ය බලකායට දී ඒ සඳහා සංවිධානාත්මක අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය නාශක කොට්ඨශ දෙක එක් කරමින් නව දිසාවක් ශ්‍රී ලංකා පොලීසිය තුල ඇති කළ අතර එහි වගකීම විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වෙත පැවරූ බවත් නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක අද යලිත් වතාවක් ප්‍රකාශ කෙළේය. (ලතීෆ් මහතා යනු මේ වන විට පොලිසියේ සිටින පැරණිතම සාමාජිකයා ය. පසුගිය ආණ්ඩුව විසින් ඔහුගේ උසස් වීම් නොදී සිටීම නිසා ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අඩු විය.)


කටුකුරුන්ද පුහුණු පාසලේ අද (01) පැවති විශේෂ කාර්ය බලකායේ 33 වැනි රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. එහිදී රණවිරු ස්මාරකයට පළමුවෙන් පුෂ්ප උපහාර දැක්වීම අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් සිදුවිය.
දිවංගත රවී ජයවර්ධන මැතිතුමාගේ සංකල්පයක් මත ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ වූ විශේෂ කාර්ය බලකාය ඔහුගේ දරුවෙකු ලෙස ඔහු විසින් ගොඩනැගූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙකු වුවත් ප්‍රසිද්ධ වේදිකාවට නොපැමිණ, ජායාරූප සහ කැමරා ඉදිරියේ පෙනී නොසිටීමෙන් ඔහු කැපවීමෙන් එම බලකාය ගොඩනැගූ බව අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කෙළේය. 
විශේෂ කාර්ය බලකාය, විශේෂ කණ්ඩායම් යටතේ පුහුණුව ලැබූ අතර මෙම කටුකුරුන්ද පුහුණු පාසල එදත් අදත් දකුණු ආසියාවේ හොඳම පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන බවද අමාත්‍ය සාගල රත්නායක එහිදී කීය.
ඒ කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකායට එදත් අදත් පැවරී තිබෙන රාජකාරිය සහ කාර්ය භාරයේ වෙනසක් නොමැති බවද පෙන්වාදුන් අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ එල්.ටි.ටි.ඊ. උවදුර වර්තමානයේ නොමැති උවත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා විශේෂ කාර්ය බලකාය සූදානම් කල යුතු බවයි. ඒ වෙනුවෙන් විශේෂ කාර්ය බක්ලකාය නවීකරණය කළ යුතු අතර නව තාක්ෂනය හඳුන්වාදීමත් ඒ හා පැමිණෙන අභියෝගයන්ට මුහුණදීමටත් සූදානම් කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී කීය. 
එහිදී වැඩිදුරට අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ තමන් විශේෂ කාර්ය බලකාය වෙත අභියෝගයක් භාරදී තිබෙන බවයි. ඒ මත් උවදුරින් මේ රට මුදාගැනීමේ කටයුත්ත බව සඳහන් කල අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මේ වන විට ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි. 
මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විශාල මුදල් ප්‍රමාණයක ගනු දෙනු සිදුවෙන අතර ඒ හරහා පාතාලය මෙන්ම ත්‍රස්තවාදයද පැතිරෙන අතර එම නිසා මෙම උවදුරින් රට බේරාගනිමින් එය මැඩ පැවැත්වීමේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස විශේෂ කාර්ය බලකාය වෙත එම අභියෝගය භාරදෙන බව ඇමැතිවරයා කීය.
මේ වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය නාශක කොට්ඨශ දෙක එක් කරමින් නව දිසාවක් ශ්‍රී ලංකා පොලීසිය තුල ඇති කල අතර එහි වගකීම විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්.ලතීෆ් මහතා වෙත පැවරූ බවද මෙම නව දිසාවට කිසිදු බලපෑමක් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති අතර මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ පුර්ණ වගකීම ඔවුන්ට බාරදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය යුද සමයේ නැගෙනහිර පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමේ අභියෝගය විශේෂ කාර්ය බලකාය වෙත පැවරූ අවස්ථාවේදී එය විශිෂ්ට අයුරින් ඉටු කල එම බලකායට මෙම අභියෝගයත් බාරදෙන බවත් මෙම මත්ද්‍රව්‍ය පිළිලයෙන් රට ගලවා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම උත්සවයෙන් අනතුරුව දිවංගත රවී ජයවර්ධන මහතාගේ ජායාරූපයක් නිරාවරණය කිරීම සහ සමීප සටන් සරඹ පුහුණු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවද අමාත්‍ය සාගල රත්නායකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

මෙම අවස්ථාවන්ට විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘ දිවංගත රවී ජයවර්ධන මහතාගේ බිරිඳ වන ජෙලනි ජයවර්ධන මහත්මිය සහ පුතණුවන් වන අම්රිත් සහ රුක්ෂාන් ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ. 

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

13 comments:

  1. බලතල දීල තියෙන්නෙ කොහොමද දන්නෑ

    ReplyDelete
  2. කොහොම හරි මේ ව්‍යසනය නවත්වා ගන්න පුළුවන් නම් හොඳයි
    විචාරක දියණිය

    ReplyDelete
  3. ඒක තනියම කරන්න බෑ. ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය එකතු වෙන්න ඔ්නෙ.ඒ විතරක් නෙමෙයි සමාජය.

    ReplyDelete
  4. ලතීෆ් පොලිස්පති කරන්න ඕන කතාවක් ගියා නේද. පූජිත 2 වෙයිද දන්නෙ නෑ එහෙම වුනොත් මොකද ඔය පෝස්ට් එකේ ඉද්දි පූජිතත් වැඩ්ඩානෙ

    ReplyDelete
  5. මත් උවදුර පිටුදකින්න ඕනා එකම දෙයයි
    පාලකයින්ගේ අවංක වුවමනාව.

    ReplyDelete
  6. ලොකු ලොකු තෝරු මෝරු කෙසේ වෙතත් ගමේ ගොඩේ ඉන්න සිල්ලරට කුඩු, කසිප්පු, ගංජා විකුණන එවුන් ටික නම් ඇතුලට යාවි..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කරන්න පුලුවන්නම් හොඳ වැඩක්.

    ReplyDelete
  9. මත් පැන් ඕකට අදාල නැද්ද.....

    ReplyDelete
  10. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete