රැවුම්-ගෙරවුම්, ඇණුම්-බැණුම් සහ තර්ජන-වර්ජන මැද්දේ නෙළුම්යාය සම්මාන උලෙළත් සමාප්ත වුණා. ඒකේ කටු ටිකක් තවමත් හප හපා ඉන්න ඉතුරු වෙලා. ඒවයිනුත් හොඳම එක තමයි රාජිත සේනාරත්න සම්මාන උළෙලට ගෙන්වීම සහ නිවේදිකාව ඔහුව 'නූතන සේනක බිබිලේ' ලෙස හැඳින්වීම. කටුව තාම සූප්පු කරන අයට සන්නස්ගල වීරයෙක් වෙලා.
මට නම් සන්නස්ගලව මතක තමන්ගෙ සිංහල ටියුෂන් පන්තියට වාසිකරගන්න සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්ණ පත්‍රය පැන්නීම සමඟ තියෙන චෝදනාවයි සබරගමුව මහ ඇමති කමට එජාපයෙන් නම් කලාම රාජපක්ෂගෙ තර්ජනයකට බයවෙලා 'භාරගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ' කියල අපබ්‍රංශයක් සිංහල වහරට එක් කරපු කෙනෙක් හැටිය තමයි. ඊට පස්සෙ කාළෙක පොඩි කාලෙ කැලේට මළපහ කරන්න ගිහිල්ල හෝදගන්නේ නැතුව ආපු කථාවක් දාල තමන් ගැනම පොතක් ලියාගෙන පිළිගැනීමක් හොයපු කෙනෙක් විදිහට තමයි. තවත් ඉතින් බ්ලොග් ලෝකේ කීප දෙනෙක්ම රාජිත සේනාරත්න පහත් මිනිහෙක්ය ඒක නිසා සිතෙන් වත් පව් නොකරන තමන් වගේ උසස් කට්ටියකට සම්මාන දෙන්න සුදුසු නැති කෙනෙක්ය කියන්න උත්සාහ කරනව. ඒගොල්ලන්ට කොහොමත් බෙහෙත් නැති එකේ ඒ ගැන කරදර වෙලා වැඩක් නැහැ.