Tuesday, January 10, 2017

යහපාලන රජයට විකල්පයක්

දේශනයක් පවත්වන මුහුණක් නොමැති අයෙක්


සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ වෛද්‍යවරයෙකු වන මගේ පන්ති සගයෙකු කලකට පසුව හමුවීමට ගිය සතියේදී හැකිවිය. එහි වැදගත් කම වූයේ 2015 ජනාධිපතිවරණයට පසුව ඔහුව හමුවුණ මුල්ම වතාව වීම නිසාය. ඔහු එම මැතිවරණයට පෙර හිටපු ජනාධිපතිතුමාට පක්ෂපාතීව අදහස් ප්‍රකාශ කල අයෙකි. පසුව ෆේස්බුක් මෙසේජ් හරහා යහපාලන රජය දැඩි ලෙස විවේචනය කරමින් මා සමඟ වාද වලට පැටළුනත් රජයේ සේවකයෙකු ලෙස Timeline එකේ රජය විවේචනය කිරීමෙන් ඔහු වැලකී සිටියේය. නිවාඩුවට පැමිණි පොදු මිතුරන් වෙනුවෙන් පැවති සාදයකදී මීවිතක් තොලගාමින් දේශපාලනයේ කොන් දෙකක සිටින අපි දෙදෙනාට සුහද දේශපාලන කථා බහක යෙදීමට ඉඩ ලැබිණි.

ඒ කථා බහ පණිවිඩය පැත්තක තිබියදී පණිවිඩකරුවාට පහරදෙන දේශපාලන වාදයක් නොවිණි.  කරුණු ගැන පමණක් පදනම්ව සිදුවුණු ඒ සංවාදය නිසා සමහර   මෛත්‍රී - රනිල් විරෝධීන් ගේ අදහස් යහපාලන වාදීන් හිතවාදී අදහස් වලට වඩා එතරම් වෙනසක් නැති බව මට වැටහිණි.  

එම අදහස් කිහිපයක් නම්;

යහපාලන රජය යටතේ තරමක් අඩුවෙන් හෝ සිදුවන ඥාතීන් තනතුරු වලට පත්කිරීම, බැඳුම්කර නිකුතුව වැනි විනිවිද පෙනෙන භාවයෙන් අඩු සිද්ධීන් ගැන මෙම ආණ්ඩු විරෝධීන් හෙලා දකියි. යහපාලනය බලාපොරොත්තුවන්නන්ද මේවාට එලෙසම විරුද්ධය. 

පසුගිය රජය යටතේ සිදුවූ සුදු වෑන් පැහැරගැනීම්, මුදල් ගසා කෑම පමණක් අරමුණු කරගත් සුදු අලි ව්‍යාපෘති, නීතියට ඉහලින් ක්‍රියාත්මක වූ රජපවුල සහ ආවඩන්නන්, අලි පැටව් හොරකම්, විරුද්ධවාදීන් සිරගත කිරීම, විනිශ්චයකාරවරුන් එලවීම, ආදී යහපාලන වාදීන් විරුද්ධ වූ දේවලට මෙම ආණ්ඩු විරෝධීනුත් විරුද්ධය. 

මෙයින් මට වැටහුණ කාරණයක්නම් ආණ්ඩු විරෝධීන් සියළු දෙනාම රාජපක්ෂ පාලනයක් නැවත ඇතිකිරීමට මාන බලන වුන් නොවේය යන්නය. 

මගේ මිතුරාගේ අදහස වූයේ රනිල් හෝ යූ එන් පී නොවන එහෙත් රජ පවුලෙන්ද නොවන නායකත්වයක් රටට ලැබිය යුතු බවය. පාරම්පරික නිදහස් පක්ෂයට ලැදි පවුලකින් පැවත එන ඔහුගේ රනිල් විරෝධී අදහසට හේතු සෙවීමට මට අවශ්‍ය නොවීය. 

ඔහුගේ මෙම අදහස ගැන සිතන විට එ.ජා.ප නොවන (රාජපක්ෂවාදීන් ද නොවන ) රජයකට මගේ සිතේ ඉඩ ඇත්දැයි සිතා බැළුවෙමි. අද ඉන්න දේශපාලකයන්ගෙන් එම රාමුවට ගැපෙන දේශපාලකයෙකු එ.ජා.ප නොවන ප්‍රධාන කඳවුරක නොමැති බව මගේ අදහසයි. රජපවුල ගත් මාර්ග වලට විරුද්ධ මාර්ගයක් ගත් අයකු එම පාලනයෙන් පසු දේශපාලනයේ ඉතිරිවී නොමැති බව රහසක් නොවේ.  එහෙත් හිටපු විදේශ අමාත්‍ය දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් වැනි නායකත්වයක් යටතේ එජාප නොවන පාලනයක් රටේ ඇතිවීම නරක විකල්පයක් යැයි සිතීමට නොහැකිය. 

කණගාටුවට කරුණ වනුයේ රාජපක්ෂවරුන් දේශපාලනයේ ඉන්නා තාක් කල් සහ අළුත්ගමගේ, වෙල්ගම, දිනේශ්, වාසු, විමල්, බන්දුල ගුණවර්ධන, මාල හොරා වැනි අපතයන් ශ්‍රිලනිප දේශපාලනයෙන් ඉවත් නොවීමයි. මෙම රොත්ත දේශපාලනයෙන් ඉවත්වන දිනකදී නිදහස් පක්ෂයත් රට පාලනයට සුදුසු විකල්පයක් ලෙස යහපාලනය පතන සමහරුන්ට පෙනීමට ඉඩ ඇත. 

රනිල් වික්‍රමසිංහගෙන් පසුව එජාප නායකත්වයට පත්වන පුද්ගලයා අනුව සමහර පාරම්පරික එජාප පාක්ෂිකයින් සමහරක්ද 'චන්ඩි රජා' රාමුවෙන් මිදුන නායකත්වයක් යටතේ ඇත්නම් නිදහස් පක්ෂයද සුදුසු විකල්පයක් ලෙස සැලකීමට ඉඩ ඇත. ප්‍රතිපත්තීන් අතර වෙනස්කම් තිබුණත් රටේ පාලනයට සුදුසු කණ්ඩායම් දෙකක් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටීම රටට යහපතක් බව පිළිගත යුතුය. 



34 comments:

  1. ජෙප්පන්ට හොඳ ඉඩක් තියෙනවා... ඒත් උන් ගල් යුගයෙන් එලියට එන්න ඕන.. අළුත් කොල්ලෝ කෙල්ලෝ හිතන විදියට හිතන්න පතන්න පුරුදු වෙන්න ඕන. කොටින්ම වම පුක හෝදන්න ඉතරක් තියාගෙන රනිල්ටත් එහා ලිබරල් වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔව් මාතෙ අඩුම තරමේ Center-left තත්ත්වයට ආවනම් ඔවුන්ට ප්‍රධාන පක්ෂ දෙකටම වඩා පිළිගැනීමක් ලැබෙන්නත් ඉඩ තියෙනව.

      Delete
    2. ජෙප්පන්ට හොඳ ඉඩක් තියෙනවා... ඒත් උන් ගල් යුගයෙන් එලියට එන්න ඕන..////// 100 % true

      Delete
  2. දැන් ඉන්න අයගෙන් රුවන් විජේවර්දනට පමනයි එ ජා ප නායකයා වෙලා හොඳ ආන්ඩුවක් හදයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

    නියම ට්‍රැඩිශනල් යූ එන් පී නායකයෙකු සමානයි! බොහෝ ක්‍රියාශීලී හෝ බුද්දිමත් නොවේ. ඒත් ඔහු සාමාන්යයෙන් රටට ට කෙලවන ජාතියේ නොවනා බව පේනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාරස. ලිපියට අදාලත්වයක් නැති වුණත් කරු, හර්ෂ හෝ එරාන් වැන්නෙකු නොව සජිත් වැනි ක්ෂුද්‍ර කළමනාකරුවෙකු එජාප නායකත්වයට පත් වුණොත් එය සමහර අයට ක්‍රියාකාරී පාක්ෂිකත්වයෙන් ඉවත් වන්නටත් රටට සුදුසු වෙන පක්ෂෙක විකල්පයකටත් සලකා බැලීමට සිදුවෙන්න පුළුවන්.

      Delete
    2. රැවන් ගැන තාම හරි හමන් නිගමනයකට එන්න අමාරැයි... හැබැයි රනිල්ට වඩා නන් හොද බව පේනවා...‍ කොහොම උනත් යූඇන්පී චින්තයට නන් රට ගොඩ ගන්න එක අමාරැ බව ඕනෑවටත් වඩා පැහැදිලි කාරණාවක්.... කවුරැ බලයට ආවත් යූඇන්පී ච්න්තය නැති එකෙක් වෙන්න ඕනා....

      Delete
    3. ඒක මමත් පිළිගන්නවා ශෙනාල්. 2005 - 2014 දක්වා ජී එස් පී නැතිකරගත්ත එකෙන් ඇඟළුම් කර්මාන්තයේ ලක්ෂයකට විතර ස්ථීර පඩි රහිත නිවාඩු ලැබුණා. 2015 මාර්තු වල ආර්ථික සම්භාධක වැටුනනම් අනික් අපනයන කර්මාන්ත වල අයටයි තේ කර්මාන්තයේ කට්ටියටත් පඩි රහිත ස්ථීර නිවාඩු හම්බවෙන්න තිබ්බා. ඒත් එක්කම මහජන මුදලින් පඩි ගෙවන රජයේ සේවයේ ලක්ෂ හතකට රස්සාව දුන්නා. ඒවගේ පරිණත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න රනිල්ට දැනීම නැහැ.

      Delete
    4. ගොන් තඩියෝ, යූඑන්පී එක 77 අඳුන්වල දුන්න විවෘත ආර්ථිකේට පින් සිද්ද වෙන්න තමයි මෙහෙමවත් කාල ඇඳලා ඉන්නේ. 94 ඉඳල අවුරුදු 20 තිබ්බ ඉතින් ඔය කරේ.

      Delete
  3. මේ රජයට විරුද්ධ අය මරාවාදී ගොඩට දාගන්න යාමෙන් වෙන්නේ, රටේ දේශපාලන කතිකාවත අයාලේ දක්කාගෙන යාමයි. ඒක මහා වස වැරද්දක් බව ඔවුන් සිතාගත යුතුයි.

    කවුද ඉයන් බුවා :D මම දන්නවා කියන්න බැරිබව....සගයෝ දෙතුන් දෙනෙක්ම සෞඛ්‍ය පරිපාලනයේ ඉන්නවා නේද.

    ReplyDelete
    Replies
    1. අරුණ ඔබ ඔහුව හොඳින්ම දන්නවා ඇති. ඔහුගේ (BS 1) අන්වර්ත නාමය 'කිරි' සහ ඔහුගේ වාසගම

      Delete
    2. මම හොඳටම දන්නවා. මාත් එක්ක හයේ පන්තියේ ඉඳන් එකට හිටියේ. දෙල්කඳ ඉඳන් ඉස්කෝලේ ආවේ. නිරහංකාර හොඳ මනුස්සයෙක්. අසූ නවයේ අපේ දුව හම්බවෙන වෙලාවේ හරියට අපිට උදව් කරා ජපුර හොස්පිට්ල් එකේදී. ඉඳලා හිටලා කතා කරනවා. මතක් කරා කියන්න.

      ඔය කිරි කියන නම දැම්මේ අපි හයේ පන්තියේදි. කිරා තමයි අපිට කිරි බෙදන වැඩේ බාරව හිටියෙ.

      Delete
    3. Hello Ian Were you at BS1 with Kiri H

      Delete
  4. ඉයන් මහත්තයෝ.

    මේ නිදහස් පක්ෂ දේශපාලකයෝ කියන්නෙ නිකංම නිකං පුස් පොරවල් කාලකන්ණි මිනිස්සු කියන එක චන්ද්‍රිකා මහින්ද සිට මයිත්‍රී පාලකයා පවා ඔප්පු කර අවසන්.

    යම්කිසි දෙයක් රටට කොරනවානම් කොරන්ට පුළුවන් රනිල් ප්‍රමුක අලි පාටියට පමණයි.

    එතන ඉන්නෙ උපතින් සල්ලි කාරයො වගේම යම්කිසි උගත් පිරිසක්. (ගහන එකා ගහනවාම තමයි. ඒත් එතැන 100% ගැහිලි නැහැ)

    වොක්ස්වැගන් නැතුව වෙස්ටන් මෝටර්ස් ආවත් වැඩකට නැති වරායවල් චීනට ලියලම දුන්නත් කමක් නැහැ ඔව්ව කෞතුක භාණ්ඩ වෙන්න කලින්.

    ඔය මයිත්‍රී මහත්තය ජනාදිපති පුටුවෙ ඉන්න කන් යහපාලන ආණ්ඩුවේ නිදහස් පක්ෂ සක්කිලි ඉන්නකනුත් රටට සොරි.කොම් තමයි.

    හා ද..?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ටිලාන්. මෙම රජය පත්වුණේ පසුගිය රජයේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා. 18 අයින් කිරීම, 19 හරහා 100% සාර්ථක නොවුණත් මහජන හිතකාමී වෙනස් කම් කිරීම සිදුවුණා. දැන් මොවුන් අතින් වෙන වැරදි මත වෙනසක් ඇතිකිරීමටනම් අදටත් වඩා යහපාලනයක් දෙතැයි විස්වාසයක් තැබිය හැකි පිරිසක් නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්විය යුතුයි. අද ආණ්ඩු විරෝධී අදහස් දරන්නන් වුණත් මැතිවරණයකදී නැවතත් රාජපක්ෂ ප්‍රමුඛ රජයකට කැමති වෙයිද? රාජපක්ෂ අවතාරය තිබෙන තෙක් එය නිදහස් පක්ෂයේ නොවීම තමයි ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩු විරෝධීන්ට නැති විකල්පය.

      Delete
  5. //මෙයින් මට වැටහුණ කාරණයක්නම් ආණ්ඩු විරෝධීන් සියළු දෙනාම රාජපක්ෂ පාලනයක් නැවත ඇතිකිරීමට මාන බලන වුන් නොවේය යන්නය.//
    ඔව් මටත් එහෙම හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගහ බැන මරාගන්නා සිත් තිබෙන තුරූ
      රහ පසු පසුම බලයට පොර බදින තුරූ
      මහ මෙර තරම් මුදලට ගිජු තිබෙන තුරූ
      යහ පාලනේ වෙත වෙනසක් සොයනු බොරූ.......

      ජයවේවා!!!

      Delete
    2. හැමදාම වගේ ඔබේ අනර්ඝ කවියට බොහොම ස්තූතියි දුමින්ද. අදට වඩා හෙට හොඳ වේවි යයි පැතීම වරදක් නෙමෙයිනෙ. පසුගිය රජයේ වැරදි සමහරක් නැති රජයක් අද තියෙනවා. මේ රජයේ වැරදිත් නැති රජයක් අනාගතයේදී ඇති වෙයි කියා බලාපොරොත්තු වීම හොඳයි කියා මට හිතෙනවා.

      Delete
  6. ඉයන්ට මඤ්ඤං වෙලා, පොදු සම්පත් හොරාකනවුන් හැර වෙනෙකෙකු ශ්‍රීලංකා එකට කොහින්ද? මෛත්‍රී අහම්බයක්, මනුස්සය පිළිමේ වගේ ඉද්දී සහෝදරය ටික හොරමැරකම් කරලා ඡන්ද දිනෙව්ව නිසා රැඳිල හිටිය, ආයේ අහම්බ වලට ඉඩ නෑ. මේ ජාතික ආණ්ඩුව තව අවුරුදු 5-6ක් විතර අල්ල ගියොත් තවදුරටත් මහාපුරුෂයෝ අනවශ්‍ය වේවි, එදාට ප්‍රොෙෆෂනල්ස්ලා ට කරගෙන යන්න පුළුවන් වේවි නේ. එතකන් අල්ලල යන්න බැරිවුනොත් රට ගිලටීන් ඔපරේටර් කෙනෙකුට තමයි.

    ReplyDelete
    Replies
    1. ඇණයා නිදහස් පක්ෂය අවංක දේශපාලකයන්ට ආගන්තුක තැනක් නෙවෙයි. ලක්ෂ්මන් කදිරගාමර්, ටී බී ඉලංගරත්න, කොබ්බෑකඩුව, ලක්ෂ්මන් ජයකොඩි, අනුර බණ්ඩාරණායක වැනි අවංක දේශපාලඥයන් නිදහස් පක්ෂයේ සිටියා. නිදහස් පක්ෂයට එවැනි අය ආකර්ෂණය කර ගැනීමට නොහැකියාවක් නැහැ. ඇත්තටම 2015 න් පසු රාජපක්ෂ පවුල් අවතාර නැවත ආවේ නැත්නම් අන්තවාදී නොවන උගතුන් නැවත ඉදිරියට ඒමට ඉඩකඩ තිබුණා.

      අද නිදහස් පක්ෂ නායකත්වය කරන්නේ රාජපක්ෂ අවතාර පාලනය කිරීමට උත්සාහ කිරීම මිස රටට පිළිගත හැකි උගතුන් සහ අවංක පුද්ගලයින් පක්ෂයට ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කිරීම නෙමෙයි.

      Delete
    2. මම කොබ්බකදුවට බොහොම කැමැත්තෙන් හිටපු කෙනෙක්. අතේ තියෙන සතේ වියදම් කරලා දේශපාලනය කළේ.

      Delete
  7. 2020 උනත් දෙමුහුන් ආණ්ඩුවකට එන්න තියෙන ඉඩකඩ වැඩියි. උතුරේ දෙමළ චන්දත් මුස්ලිම් චන්දත් මහින්දට ආපසු ගන්න බෑ. මරාගේ පාලනෙත්, යහපාලනෙත් දුෂණ වලට විරුද්ධ සියලු කොටස් මහා මැතිවරණයකදී 2015 වගේම චන්දෙ පාවිච්චි කරාවි. දුෂිත යැයි කවුරුත් දන්නා දේසපාලුවන්ගේ පත්වීම අඩුවේවි. ජවිපෙ මන්ත්‍රී ගණන ටිකක් ඉහල යාවි. එත් අවශ්‍ය තරමට නෙවෙයි. දේශපාලනයත් පරිපාලනයත් එකවගේ දූෂිත උනාම ගොඩ එන එක ලේසි නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ. අද ඉන්න තත්ත්වය මීට පෙර තිබුණු තත්ත්වයට වඩා හොඳයි. අද ඉන්න තත්ත්වයෙන් ආපස්සට නොයා තවත් ඉදිරියට යාමක් තමයි රටට අවශ්‍ය. තොරතුරු පණත වගේ දේවලින් ඒක තව ඉදිරියට යයි. 17 වන සංශෝධනයට වූ සන්තෑසිය 19 සහ තොරතුරු පණත වගේ දේවලට නොවෙන්නත් අද තිබෙන නිදහස නැවත නැති නොවෙන්නත් අද යම් ප්‍රමාණයකට තිබෙන වැරදි තවදුරටත් අඩු වෙනත් විකල්පයක් ඒම විය හැකි දෙයක්. අතරමැද සිටින පාවෙන ඡන්ද දායකයින්ගේ බලාපොරොත්තුව එය විය හැකියි. එවන් විකල්පයක් ඇතිවීම අද පවතින රජය ඔවුන්ගේ වැරදි නැවත සිතා බැලීමට යොමු කරන්නක් වීමටද ඉඩ තියෙනවා.

      Delete
  8. ලංකාවේ දේශපාලනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක කියන කාරනාව ඇතුලේ අනාත වෙලා ඉවරයි ඉයන්. කොයිතරම් උගත් බුද්ධිමත් බෝධිසත්ව නායකයෙක් පහලවුනත් තුනෙන් දෙක ආරක්ෂාකරගෙන බලයේ රැඳෙන්න තමුන්ගේ අම්මව උනත් දෙන තැනට ලංකාවේ දේශපාලනය පත්වෙලා ඉවරයි. එතැනදී හරි මොකක්ද වැරදි මොකක්ද කියන කාරණාවට වඩා වැදගත් වෙන්නේ තුනෙන් දෙක බේරාගැනීම පමණයි. නුදුරු අනාගතයේදී තමුන්ගේ දෙක දීල හරි බලයේ ඉන්න තැනට එනවා ඔය කියන සත්තු ටික. මමනම් හිතන්නේ නැහැ ලංකාව ගොඩගන්න පුළුවන් විකල්ප නායකත්වයක් ඉදිරි අනාගතයේදී බිහිවෙයි කියල. අපි රටක් විදිහට සියලුම අත්හදාබැලීම් කර අවසානයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අම්බලංගොඩ. ඇත්තටම මෙම තත්ත්වයට වඩාත්ම බලපෑවේ පැතිමාරුව නැවත ඇතිකල සරත් සිල්වාගේ තීන්දුව. 19 සංශෝධනයේ මෙය වෙනස් කිරීමට උත්සාහ කලත් එවකට සිටි රාජපක්ෂ වාදීන් එයට විරුද්ධ වුණා. තුනෙන් දෙක දෙනවානම් දියයුත්තේ ඡන්ද දායකයින් මිස මුදලට කෙරෙන පැතිමාරුව හරහා නෙවෙයි. අද ක්‍රියාත්මක වෙන මන්ත්‍රීවරුන්ට වාහන දීම වැනි දේවල් වෙන්නේ ඔබ කියන තුනෙන් දෙක නිසා තමයි. මහජන ඡන්දයෙන් පත්වන අයට පැතිමාරුව කිරීමට ඇති හැකියාව නැතිවිය යුතුයි.

      Delete
  9. ඇවිත් ගියා ...
    කෙමෙන්ට් එකක් කොටන්න තරම් දැනුම් තේරුම් කරුණු කරනා නැහැ මචෝ

    ReplyDelete
  10. //Aruna PereraJanuary 10, 2017 at 5:44 PM
    මේ රජයට විරුද්ධ අය මරාවාදී ගොඩට දාගන්න යාමෙන් වෙන්නේ, රටේ දේශපාලන කතිකාවත අයාලේ දක්කාගෙන යාමයි. ඒක මහා වස වැරද්දක් බව ඔවුන් සිතාගත යුතුයි//

    මේ අදහස හරියටම පැහැදිලි නෑ. වෙන්න පුළුවන් පැති දෙකක් තියනව. ඒ දෙකම හානිදායකයි.
    1.ආණ්ඩුවට විරුද්ධ වන අය මරාගෙ ගොඩට දාගැනීම. මරා වෙනුවෙන් පෙනී සිටීම. (බුකියේ ඕනෑතරම් උදාහරණ ඇත)
    2.ආණ්ඩුව විවේචනය කරන්නන් (සාධනීයව), ආණ්ඩුව විසින් මරාගෙ ගොඩට දැමීම. (මිතුරන් නැතිකර ගැනීම)(ඒකටත් ඇස් පනාපිට උදාහරණ ඕනෑතරම් ඇත)

    ReplyDelete
  11. විකල්ප ගැන කිව්වොත් ලොකුම අවුල තමයි ආණ්ඩුවට විකල්ප නැතිවීම. ජෙප්පන් දිනෙන් දින වල පල්ලට යනව පේනව. එක පැත්තක ඉන්නෙ අපි ඊලඟට විකල්පයක් හොයාගත යුතු ආණ්ඩුව. අනිත් පැත්තෙ ඉන්නෙ එලවපු හොරු රෑන. ආණුඩුවෙ එවුනුත් ඡන්දෙ කිට්ටුව,
    එක්කෝ මහින්දට සෙට්වෙයි
    නැත්තං යූඇන්පියට සෙට්වෙයි
    එහෙමත් නැත්තං ඒ දෙගොල්ලටම එකතු නොවන ටිකදෙනෙක් වෙනම සෙට්වෙයි.

    මේ මොකක් වුනත් විකල්පයක් නෙවේ.

    ReplyDelete
  12. එක් පොඩි හොඳක් :-

    පුද්ගල වන්දනාව දැන් අඩුයි.

    ReplyDelete
  13. Are you from BS1? I am from an adjoining class :-) Your's was a funny class, while it produced a number of doctors and professors as expected from a bio science class, it produced more in other areas -couple of top lawyers, couple of Army Generals, a handful of CEOs, a US banker and a economic affairs blogger it seems

    ReplyDelete
  14. මහින්ද රාජපක්ෂට තිබුන අර දැන් කරනවා වගේ කටුනායක එයාපෝර්ට් එක අලුත්වදිය්වට වහල මත්තලට ගුවන් යානා යවන්න. කොළඹ වරයා අලුත්වැඩියාවට දල හම්බන්තොට ට නැව් යවන්න. මට ඇත්තටම හිතෙනවා මම කරපු සමහර විවේචන - මත්තල ගැන හෙම වැරදිය කියල. නමුත් ප්‍රාදේශීය රජවරුන ගේ පීඩන සහ අනිකුත් තරද ක්‍රියා අන්තිම අවුරුදු දෙකේ වැඩි වුණා. නැත්නම් දැන් මේ වෙලාවේ තත්වේ හැටියට රාජපක්ෂ මහත්මය තවමත් යහපාලනයට වඩා උඩින් ඉන්නේ කරපු වැඩ වලින්. සමස්තයක් වශයෙන් ගත්තොත්.

    ReplyDelete
  15. අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු

    ReplyDelete