Thursday, December 1, 2016

ජනමත විචාරණයකට කාලයයි




වලිගය විසින් බල්ලා වනනවා වැනි සමාජයක් බිහිවී ඇති රටේ මහජනයාගේ කැමැත්ත කෙලින්ම විමසා කළ යුතු වෙනස් කිරීම් කිහිපයක් ඇත. පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන තීරණය නොමිලේ අධ්‍යාපනය ලබන සිසුන් විසින් වර්ජන හරහා ගනු ලැබීම වැනි දේවල් සඳහා මහජන කැමැත්ත ලබා ගැනීම හැර ඇති එකම විකල්පය පසුගිය රජය විසින් ක්‍රියාත්මක කල සුදු වෑන් සංකල්පය පමණි. 

එක්වරක් පවත්වන ජනමත විචාරණයකින් පහත දැක්වෙන දේවල් වලට කෙලින්ම මහජන කැමැත්ත විමසා ඒ අනුව තීරණ ගැනීම රටට වඩාත් වැඩදායක විය හැක.

1. 19 වන සංශෝධනය අවස්ථාවේ යෝජනාවූ එවකට අගෝස්තු මැතිවරණයට පෙර විපක්ෂය විරුද්ධ වූ පිල් මාරු කිරීමේදී ආසනය අහිමි වීම නැවත ඇති කිරීම. 

2. සිසු ණය ක්‍රමයක් මඟින් ආර්ථික තත්ත්වය මත ඇතුළුවීමට බාධා ඇති නොවන පෞද්ගලික විශ්ව විද්‍යාල සහ කාර්මික සහ තාක්ෂණික විද්‍යාල ඇතිකිරීම.

3. මහජනයාට අපහසුකම් ඇතිකරන වෛද්‍ය වැඩ වර්ජන, ප්‍රවාහණ සේවා වැඩ වර්ජන තහනම් කිරීම. (ඒ වෙනුවට ස්වාධීන කොමිසමක් හරහා සේව්‍ය-සේවක ගැටළු විසඳාගැනීමේ ක්‍රමයක්) .

4. මොනයම් හේතුවක් නිසා හෝ වර්ජනය කරන අයට පොදු මහාමාර්ග අවහිර කිරීම තහනම්කිරීම. 

5. විශ්ව විද්‍යාල වල හෝ අනික් අධ්‍යාපන ආයතන වල නවකවදය දීම තහනම් කිරීම සහ එම තහනම නොසලකා හරින අයට අවුරුදු 5 ක අවම සිර දඬුවමක් සහ වසර 20 ක රජයේ සහ අනුබද්ධ ආයතන වල වල රැකියා ලබා ගැනීමේ ඉඩකඩ අවහිර කිරීම.

6. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති විශ්‍රාම වැටුප් ක්‍රමයට සුදුසුකම් ලැබීමට අවම වශයෙන් අවුරුදු 20 ක කාලයක් නියම කිරීම හෝ එම ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම. අවුරුදු 60 ට වැඩි  ආර්ථික අපහසුකම් ඇතිවන අයට පමණක් ගෙවීමක් කිරීමට ක්‍රමයක් ඇතිකිරීම සුදුසුය.

7. රටේ අධික වාහන ප්‍රමාණයට සහ විදේශ විනිමය නාස්තියට හේතුවන මන්ත්‍රී වරුන්ට සහ රජයේ සේවකයන්ට වාහන පර්මිට් දෙන ක්‍රමය  අහෝසි කිරීම සහ ඒවෙනුවට අවුරුදු 10 කට වරක් අඩු පොලී වාහන ණයක් ලබා දීම. 

8. සියළුම රජයේ ආයතන, රාජ්‍ය සංස්ථා, පළාත්පාලන ආයතන, රජයට අනුබද්ධ සමාගම් වල ගෙවීම් මධ්‍යගත ගෙවීම් දෙපාර්තමේතුවකින් කිරීම සහ එම ගෙවීම් කිරීමට පෙර රජයේ විගණක දෙපාර්තමේන්තුවෙන් අනුමත කිරීම. (මෙවන් ක්‍රමයක් බොහෝ විශාල පෞද්ගලික සමාගම් වල ක්‍රියාත්මක කරයි).

9. ජනප්‍රිය පාසැල් අවට තිබෙන සියළුම කුඩා පාසැල් ජනප්‍රිය පාසැලේම අංශ වශයෙන් නම් කර ඒවා ඒකාබද්ධ කිරීම. මෙයින් එම පාසැල් වල සම්පත්, ගුරුවරු ආදිය වඩා කාර්‍යක්ෂමව යොදාගැනීමට හැකිවීමත්, පාසැල් පොරයත්, ළමුන් ඇතුලත් කර ගැනීමේදී සිදුවන විවිධ අකටයුතුකම් නැතිවීමත් මෙයින් සිදුවේ.

10. පසුගිය අවුරුදු 30 තුල රජයට, පළාත්පාලන ආයතන වලට අයත්ව තිබී විවිධ පුද්ගලයන්ට ලබා දී ඇති ඉඩම් පොදු මහජනයාට යහපතක් වන කර්තව්‍යක හෝ රැකියා ඇතිකරන ලෙස යොදාගෙන නැත්නම් ඒවා නැවත රජයට පවරා ගැනීම.

මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමට හැකි දේවල් කමෙන්ට් එක ලෙස සඳහන් කරන්න. මෙවන් ජනමතවිචාරණයක් ඉල්ලා සිටීමට පුරවැසියෙකුට අයිතියක් ඇත්ද යන්න ගැන ව්‍යවස්ථාව ගැන දන්නා නීතීඥයෙකු ඇත්නම් ඒ ගැනත් සොයා බලන්න. 



54 comments:

  1. 3, 4, සහ 5 යෝජනා ප්‍රජාතන්ත්‍රවාදී නොවන නිසා හැර අනිකුත් යෝජනාවලට මම නම් කැමැත්ත ප්‍රකාශ කරමි...

    ReplyDelete
    Replies
    1. මමත් එකඟයි... තුන හතර සහ පහ කිසිසේත්ම අනුමත කළ නොහැකි යෝජනා.
      උද්ඝෝෂණය සහ වර්ජනය උත්තරීතර අයිතියක්

      Delete
    2. උද්ඝෝෂණ සහ වර්ජන අයිතියක් තමයි. පෞද්ගලික ආයතනයක වර්ජනයක් වුණොත් එයින් පාඩු වන්නේ එම ආයතනයට. එහෙත් වෛද්‍ය වර්ජනයෙන් හානි වෙන්නේ මහජනතාවට. එවිට සාධාර්ණ සහ අසාධාරණ ඉල්ලීම් දෙන්න වෙනවා.

      Delete
    3. සේවක වර්ජනයක මූලික අභිප්‍රායන් නොදන්නා, දේශපාලන උවමනා වෙනුවෙන්ම කඩේ යන, මෙවැනි වර්ජකයන්ගෙන් පෙන්වන්නේ, ජනතාව නම්වූ අප කොතරම් දුහුවිලි බින්දුද යන්නයි. රට පාලනය කරන්නේ ජනතා පාලකයින් නොව...මුදලාලියාය. යූනියන්ස් පාලනය කරන්නේත් මුදලාලියාය. තකට තක. අපි දූවිලි වී එහේටත්, මෙහේටත් පාවෙමු. මට පිස්සු ඕයි..සීරියස් ගන්න එපා.

      Delete
    4. චෙෆාකි හා උඩුවගේ දහසට එකඟයි. 3, 4, 5 තවත් සාකච්චා කල යුතුයි. ඉතිරිව ගැන මගෙත් විරුද්ධත්වයක් නැහැ.

      Delete
  2. Good and reasonable proposals.But I am afraid no one in srilanka will like them, not even the most down trodden.

    ReplyDelete
  3. හා, හා, ජේ.ආර් ගේ ලාම්පු/කළගෙඩි මහා මංකොල්ලය සිහිවිය!

    ReplyDelete
    Replies
    1. ජවිපෙ 83 තහනමට ද ජනමතවිචාරණයට විරුද්ධව ඔවුන් පැවරූ නඩුව බල පෑ බව කියවේ!

      Delete
    2. මටත් මුලින්ම මතක් උනේ ඒක... :)

      Delete
    3. //////ජවිපෙ 83 තහනමට ද ජනමතවිචාරණයට විරුද්ධව ඔවුන් පැවරූ නඩුව බල පෑ බව කියවේ!/////////////

      ඔව්...මම හිතන්නේ ඒකත් හේතුවක් කියලා. තව හේතු තිබුනු බවත් අහලා තියෙනවා.

      Delete
  4. /* ජනප්‍රිය පාසැල් අවට තිබෙන සියළුම කුඩා පාසැල් ජනප්‍රිය පාසැලේම අංශ වශයෙන් නම් කර ඒවා ඒකාබද්ධ කිරීම. මෙයින් එම පාසැල් වල සම්පත්, ගුරුවරු ආදිය වඩා කාර්‍යක්ෂමව යොදාගැනීමට හැකිවීමත්, පාසැල් පොරයත්, ළමුන් ඇතුලත් කර ගැනීමේදී සිදුවන විවිධ අකටයුතුකම් නැතිවීමත් මෙයින් සිදුවේ. */

    ඉයන් ගේ ප්ලෑන් එක අතේ කෝට්!
    එහෙම වුණොත් මහින්දත් රනිල් ගේ ඉස්කොලේ නේද?

    ReplyDelete
    Replies
    1. තර්ස්ටන් විද්‍යාලය සහ රාජකීය විද්‍යාල ඒකාබද්ධ කරල වැඩක් නැහැ. මම කිව්වෙ විශාල පාසැලකට ඒ අවට තිබෙන කුඩා පාසැල්. බොහොම ස්තූතියි රසික.

      Delete
    2. ජනප්රිය පාසල ජනප්රිය වෙන්නෙ බන් නම නිසා නෙ‍මේ. ඉස්කෝ‍ෙලේ ඕල් බෝයිස්/ග්ල්ස් ලානිසා... ජන්ප්රිය පාසල් සී‍මාවෙන් ප‍ිට වෙන ඉස්කෝලයකට ඒ නම දැම්මත් ඔරිජිනල් එකට තියෙන තැන නැති වෙන්නෙ නෑ....

      Delete
    3. ඔව් ඔව් ශෙනාල් ඒක තමයි එකම හේතුව.

      Delete
  5. 01. කැමතියි...
    02. වරදක් නැත, නමුත් ඔවුන් රටින් පිට යනවානම් ඒ ණය ගෙවා අවසන් කොට පිටව යා යුතුය...
    03. අකමැතියි. ලංකාවේ ස්වාධින කොමිසම් සභා ස්වාධින නොවන නිසා...
    04. ගැටළු ඇති උන් තම විරෝධතාව පල කරන්නේ සහ නිර්වින්ධිත පාලකයින්ට ඒවා දනවන්නේ කෙසේද...
    05. තද වැඩිය, නවක වධයට සම්බන්ධ මුල් උදුරා දැමිය යුතුය, එවිට සිසුන්ම එය ප්‍රතික්ෂේප කරනු ඇත. උදා: මොරටුව ඉංජිනේරු පීඨය...
    06. එකඟයි...
    07 සිට 10 දක්වා. සියල්ලට එකඟයි...

    ජනමත විචාරණය පවත්වන්නට ඔබ යෝජනා කරන්නේ පැරණි ලාම්පු කලගෙඩි ක්‍රමයටද...
    එසේත් නැතිනම් මේ සියල්ල ප්‍රශ්න වශයෙන් අසා එයට "ඔව්" හෝ "නෑ" යන පිළිතුරු ක්‍රමයටද...
    එය සිදු වන්නේ පැරණි ලාම්පු කලගෙඩි ක්‍රයටනම් එය මහා මිනිස් අයිතිවාසිකම් මංකොල්ලයක් වනු ඇත...
    මන්ද මෙවැනි යෝජනා තුළ හොඳ සහ නරක යන දෙකම අන්තර්ගත වීම අනිවාර්ය නිසාය...
    එමෙන්ම දේශපාළුවන්ට අහිතකර "ඉහත අප කැමති" යෝජනා වැනි දේ එහි කිසි සේත් අන්තර්ගත නොවනු ද ඇත...

    ReplyDelete
    Replies
    1. ජනමත විචාරණ ලෝකයේ පැවැත්වෙන්නේ 'ඔව්' හෝ 'නැහැ' පිළිතුර දීමටයි. ලාම්පු කළ ගෙඩි ක්‍රමය ආවේ ජනමත විචාරණ අළුත් දෙයක් කාලේ සහ එක ප්‍රශ්ණයක් පමනක් ඉදිරිපත් කල නිසා. බොහොම ස්තූතියි ලොක්කා

      Delete
    2. ජනමත විචාරණ ඕනි නෑ. මහජන චන්දෙකදි ප්රතිපත්ති විදියට ඕවා දාපුවාම ඇති.

      Delete
  6. 1 එක පෑන් පහරකින්, එක ගැසට්ටුවකින් මේ තියෙන මැතිවරණ පනත අවලංගු කර දමන්න. 1977 ට පෙර තිබුණු ක්‍රමය නැවත ඇතිකරන්න.
    (ඉස්සර අපි දන්නවා අපේ පළාතේ මන්ත්‍රී කවුද කියා. දැන් එහෙම එකක් නෑ. අරයටත් මනාපයි. මෙයාටත් මනාපයි. මම දිනුවෙ උඹලගෙ මනාපෙන් නෙවෙයි ඒ නිසා මම උඹලට වැඩ කරන්නෙ නෑ. එහෙම කියන්නත් පුළුවන්)
    2 මාස 3 ක් ඇතුළත මහා මැතිවරණය පවත්වන්න.
    ඒ සඳහා තරඟ කීරීමට අපේක්ෂා කරන අයට පහත සඳන් සුදුසුකම් තිබුය යුතුය.
    * අනිවාර්යයෙන්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු විය යුතුය. ( මා දන්නවා අපේ ගම් පළාතේ අත්සනවත් ගහන්න බැරි ගොඩ වෙදෙකුත් තේරුණා පළාත් සබාවට )
    * අවුරුදු 50 ත් 55 ත් අතර විය යුතුය.
    මේ නිසා ලිංගික අල්ලස් ඉල්ලා සිටීම වැලකෙනු ඇත. තම බලය පෙන්වා කෙල්ලන් උස්සන එක වැලකෙනු ඇත.
    3 පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා තිබිය යුතුය.
    4 විවාහකයෙකු වීම.
    මෙමගින් යම් තාක් දුරට ඔහු/ ඇය සමලිංගිකයෙකු නොවන බවට හවුරු කළ හැකිය.
    නාම යෝජනා බාර ගැනීමට පෙර ; කුඩු ගසා , බඩු ගසා පොලිසියට මාට්ටු වී නැති බවට පොළිස් නිශ්කාෂණ සහතිකයක් පෙන්විය යුතුය. ඊට අමතරව ප්‍රදේශවාසීන්ගෙන් රහස්‍ය වාර්තාවක් ලබා ගත යුතුය.
    සියළුම මැතිවරණ ප්‍රචාරක කටයුතු මාධ්ය හරහා පමණක් විය යුතුය.ගුවන් විදුලිය , පත්තර , TV( ඇමරිකාවේ නම් එහෙමය. නරක දේවල් පමණක් සුද්දාගෙන් කොපි නොකර හොඳ දේවල්ද කොපි කළ යුතුය.) මේ නිසා වේදිකා තැනීමට අවශ්‍ය පොල් ගස් , පුවක් ගස් , ගොක් කොළ නාස්තියක් සිදු නොවේ. තාප්ප අපවිත්‍ර නොවනු ඇත. පරිසරය අපවිත්‍ර නොවනු ඇත. මැතිවරණ රැස්වීම් නැති නිසා කෝටි ගණන් මුදල් අවශ්‍ය නොවේ. ඒ නිසාම ආධාර ඉල්ලා මුදලාලිලා පසු පස යාමට අවශ්‍ය නොවේ. ඒ නිසාම විරුද්ධ පාක්ෂිකයන්ගේ පෙළපාලි වලට ගල් ගැසීමට , බැනර් කැපීමට අවශ්‍ය තග් හමුදා අවශ්‍ය නොවේ. ඒ නිසාම පොලිසියටද වැඩ කටයුතු අඩු වේ.
    අපේක්ෂකයාට මාස 3 ක රාජකාරි නිවාඩු ලැබේ. ඒ කාලයේ ඔහුට අවසන් වරට ලැබුණු වැටුප පමණක් ලැබේ.
    එම අපේක්ෂකයා දිනුවොත් ඔහුට ලැබෙන්නේ අවසන් වරට ලැබුණු වැටුප පමණි. පැරදුනොත් නැවතත් ආපසු පුරුදු රැකියාවට යා හැක.
    අවුරුදු 55 න් පසු අනිවාර්යයෙන්ම ගෙදර යා යුතුය. රැකියාවට අදාල විශ්‍රාම වැටුප පමණක් ලැබෙනු ඇත.
    මෙය ඉතා සරල ප්‍රායෝගික ක්‍රමයකි. ඒත් මොන දේ කිරීමටත් රටේ නීතිය කෙළින් තිබිය යුතුය.
    නැත්නම් ඉතින් " නඩු නැති රටට මොට පායාද සූරියා" කියා ඔය යන විදියටම යන එකයි ඇත්තෙ.


    L.I. බර්ටි චන්ද්‍රදාස
    www.lankaviththi.us

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි චන්ද්‍රදාස මහත්මයාණෙනි. නව ව්‍යවස්ථාවෙන් ආසන ක්‍රමය එනවා. ඔබගේ යෝජනා වලට මම එකඟයි.

      Delete
    2. උපාධිය/රස්සාව ජනතා නියෝජිතයෙක් වෙන්න සුදුසු කමක් වෙන්නේ කොහ‍ොමද? යම් විශයක ප්රමාණිත උගත් කම ජනතාව නියෝජනය කරන්න එකම සාධකය කරගන්නවාට මම නන් විරැද්ධයි.

      Delete
    3. ////යම් විශයක ප්රමාණිත උගත් කම ජනතාව නියෝජනය කරන්න එකම සාධකය කරගන්නවාට මම නන් විරැද්ධයි/////////

      මේ කිව්වේ ජී.එල්. ලොක්කා ගැන නෙමේ නේද...ජයන්ත වික්‍රමරත්න ගැන මොකුත් හිතෙන්නෙම නැද්ද..අඬමුද ..හිනාවෙමුද...

      Delete
    4. ජනතා නියෝජතියෝ මතු වෙන්න ඕනි ජනතාව අතරින් මිසක උපාධියක් අස්සෙන් හරි වෙන රස්සාවක් අස්සෙන් හරි නෙවෙයි. එහෙම පාත් උන අපතයෝ නිසා තමා අද ර‍ට මෙහෙම තත්වෙක තියෙන්නෙ....

      Delete
    5. /////නතා නියෝජතියෝ මතු වෙන්න ඕනි ජනතාව අතරින් මිසක උපාධියක් අස්සෙන් හරි වෙන රස්සාවක් අස්සෙන් හ/////////

      ශෙනාල්......ඔය පත්කරලා තියෙන්නේ නියමටෙම. මරු බඩුනේ..කැපුවත් නිල්...කැපුවත් කොල. මේ ඉන්නේ අත ගාන අලි. ශෙනාල් මේකෙන් එලියට යන්න නම් වෙනස් වෙන්නම වෙනවා. විහිළුවට අහන්නේ ...හමුදා කුමන්තරනයක්. වෙන්න බැරි කමකුත් නැහැ , මේ වගේ පක්ශය කටේ තියන්, රට පුකේ තියන් ඉන්න පාටි ලීඩර්ස්ලා එක්ක.

      Delete
    6. පහුගිය ආණ්ඩුවෙ හිටියලු සා.පෙ.වත් නැති ගරු මන්ත්‍රී උතුමන් 90 ක් විතර.ඒ ගැන මොකද කියන්නේ ? උන් යටතෙ ඉන්න උගතුන් උන්ට "සර්" කියන්න ඕන. ඒ 90 දෙනා ඒ පාලන කාලය තුල ඇන්නුමක් අරින්නවත් කට ඇරල නැතිලු.

      Delete
    7. හමුදා කුමන්ත්රන වෙන්නෙ ආන්ඩුව මිනිස්සු කියන දේ අහන් නැති නිසා. ඒ කියන්නේ ජනතා මතයට හිස නමන් නැති නිසා. අද රටේ තියෙන්න ජනතා කැමැත්තට පත්වෙච්ච පාර්ලිමේන්තුවක්ද? තනිකරම ජනතා මතය කොල්ලකාපු ඒ්කාධිපති පාලනයක් තියෙන්නෙ.

      ජනතා චන්දෙට ඔය මොන උපාධියත් යටයි. උපාධි ගත්ත උන්ට සර් කියන්න දිව නැමෙන්නෙ නැත්තන් ජොබ් එක අතාරින එක‍ෙනේ තියෙන්නෙ. ඇයි ආන්ඩු‍වෙ රස්සාවලම එල්ලිල ඉන්නෙ?

      Delete
    8. හ‍ොරොව්පතානෙ පළවෙනා ඩියාරෝ (වෙන්න ඕන) පොතේ තියනව වැව් ගැන දත්ත රැස් කරපු මහ ගොවි මහත්තයෙක් ගැන. එයාට ඩිග්‍රි නෑ. ඒ උනාට ඒ විෂය ගැන ඉහළ දැනුමක් තියෙනව. ඔය වගේ ඒ ඒ ක්ෂේත්‍රවලට දක්ෂයෙක්ට විෂය ලබා දෙනව නම්....එච්චරයි!

      මට හම්බවෙලා තියෙනව ඔය දෙවර්ගයෙම අය. කොළඹ මහ රෝහලේ දි අපි (මගෙ යාලුවො security කරද්දි)කොරිඩෝවක වාඩිවෙලා කනකොට (රෑට) gate එක වහල තිවුනොත් වාහනෙන් බැහැල gate එක ඇරගෙන යන doctors ලයි, ගිහින් gate එක අරින්න කියන doctors ලයි!

      Delete
    9. ඒ.පී.ඒ.ගුණසේකර ලියූ මේ පොත එක හුස්මට කියවන්න පුලුවන් පොතක්.

      Delete
    10. //4 විවාහකයෙකු වීම.
      මෙමගින් යම් තාක් දුරට ඔහු/ ඇය සමලිංගිකයෙකු නොවන බවට හවුරු කළ හැකිය. // මහත්මයා ඉන්නේ අමෙරිකාවේ වගේ නේද? ඉතින් ඒ රටේ ඔවැනි ඩිස්ක්රිමිනේෂන් එකක් නැහැනේ.

      Delete
  7. එකඟයි.
    2 සහ 4 ට වැඩි මනාපය
    5. පිළිබඳව අදහසක් දිය නොහැකිය.
    9. ප්‍රායෝගිකව යම් යම් ගැටළු මතුවූවත් ඒවා විසඳාගෙන සිදුකිරීමට ඇති හොඳ විසඳුමක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද

      Delete
  8. පුද්ගලික විශ්වවිද්‍යාල ගැන තියෙන අවුල්වලට පොඩි පොඩි දේවල්වලින් විසඳුම් දෙන්න පුලුවන් ඉයන්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න නිකුත් කරන අයදුම්පත් වර්ග තුනකින් නිකුත් කරන්න ඕන. එකක් රජයේ විශ්වවිද්‍යාලවලට. අනෙක පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න කැමති ළමයින්ට. අනික බාහිර උපාධිවලට. රජයේ විශ්විද්‍යාලවලට කොහොමටත් කොමිෂමෙන් ළමයි තෝරලා දෙනවනේ. දැනට විශ්වවිද්‍යාලවලට තේරෙන්න සුදුසුයි කියලා තීරණය කරලා තියෙන අවම ලකුණු මට්ටමට වැඩි ඕන කෙනෙකුට පුද්ගලික විශ්වවිද්‍යාලවලට අයදුම් කරන්න දීලා ප්‍රතිපාදන කොමිෂමෙන් ඉසෙඩ් ස්කෝර් එක අනුව සුදුසු ළමයි ටික පුද්ගලික විශ්වවිද්‍යාලවලට තෝරලා දුන්නාම හරි. එතකොට කටවුට් මාක් තිබුණත් රජයේ විශ්වවිද්‍යාලවලට යන්න අකමැති දරුවන්ටත් පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න පුලුවන්. ඊටපස්සේ අඩු ලකුණුවලින් ආව, සුදුසුකම් නැතිව ආවා කියන චෝදනා එන්නේ නෑ. බාහිර උපාධියටත් කරන්න ඕන මේ දේ.

    ReplyDelete
    Replies
    1. කුරහන්, පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමය වෙන රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙනවනෙ. එතකොට ලංකාවටම වෙනම ක්‍රමයක් මොකටද? ඒ ලෙවල් වලින් ලකුණු අඩු වුණත් වෙන සුදුසුකම් ලබන පාඨමාලා හරහා තමන්ගේ අධ්‍යාපන අරමුණු මුදුන්පමුණුවා ගන්න දියුණු රටවල ඉඩ තියෙනවා. අවශ්‍ය කරන්නේ ඒ සඳහා පෞද්ගලික උපාධි ආයතන සහ ඒවාට මුදල් ගෙවීමට සිසු ණය පමණයි. එම උපාධි ආයතන නියාමනය කරන්න නියාමන ආයතනයක් පමණයි අවශ්‍ය වන්නේ. මේක දුප්පතුන්ගේ ප්‍රශ්ණයක් බව අපි තේරුම් ගන්න ඕන. පෝසතුන්ට විදේශ විශ්ව විද්‍යාල සහ වෙනත් මුදල් ගෙවා ලබා ගත හැකි වෘත්තීය සුදුසුකම් ලබාගන්න පුළුවන්. රජයේ විශ්ව විද්‍යාල වල අය කරන චෝදනාව පිලිගත හැකි එකක් නෙවෙයි. නියාමන ආයතනයකින් අවම සුදුසුකම් නිර්ණය කරන්න පුළුවන්. නමුත් බඳවා ගන්නේ මොන සිසුන්ද කියන එක තීරණය කරන්න ඔවුන්ට බැහැ. උදාහරණයකට SLIIT ආයතනයට ඔවුන් විසින් පවත්වන බුද්ධි පරීක්ෂණයකින් සුදුස්සන් තෝරාගන්නවා. වෙනත් රටවලත් විශ්ව විද්‍යාල වලට ගන්නේ මෙවන් බුද්ධි පරීක්ෂණ හරහා. අද එම ආයතන වලට යාහැක්කේ මුදල් ගෙවිය හැකි අයට පමණයි. බුද්ධිය තිබුණත් මුදල් නැති අයට අනික් අයට මැද පෙරදිග, ඉතාලිය, කොරියාව සහ ත්‍රී වීලර්.

      Delete
  9. පැරණි ආසන ක්‍රමය ඇති කලා නම් මේ ගොඩක් ඒවට පිළිතුර එතන තියෙනවා..

    ඉයන්ගේ සමහර ඒවා අමු ප්‍රජාතන්ත්‍ර විරෝධියි... ඒවට නම් එකඟ වෙන්න බෑ.

    මම හිතන්නේ ඉයන් මේක ලියන්න ඇත්තේ අද රටේ පවතින අර්බුධ සෑහෙන දැනුන කෙනෙක් විදියට..

    ඒකට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි..

    මෛත්‍රිට වඩා මහින්ද තාමත් බලවත් කියන දේ විතරයි..

    ඔය හැම එකක් පසුපසුම ඉන්නේ මහින්ද..

    ReplyDelete
    Replies
    1. නව ව්‍යවස්ථාවෙන් ආසන ක්‍රමය එනවා. එම ආසන ක්‍රමයෙත් පක්ෂ මාරු කල හැකියි. මහින්දගේ මුදල් බලය අරින්න තව කාලයක් යයි. ස්තූතියි මාතෙ

      Delete
    2. ඕවා ගේන්න නව වියවස්තාවක් ඕනිද? වියවස්තා සංශෝධනයක් ගෙනාවම මදිද?

      Delete
  10. ඒක හරි මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමය නැත්නම් රතුපස්වල ක්‍රමය හෝ සුදු වෑන් ක්‍රමය. ඒවා නොකරනව කියන්නෙ පාණ්ඩුවක් නම් ඒක වඩා හොඳයි

      Delete
    2. සුදු ඩිෆෙන්ඩර් ක්‍රමය
      යාපනේ ශිෂ්‍ය ඝාතන ක්‍රමය
      අබාධිත සෙබළුන්ට පහර දීමේ ක්‍රමය
      කැම්පස් කොළු කෙල්ලන් හට දිනපතා පොලු සහ පා පහර ගසා නහවා පිටත් කිරීමේ ක්‍රමය

      ඉහත දැක්වුයේ හරිහැටි බලයක් නොමැතිව ගෙවුන වසර දෙකක ප්‍රායෝගික වැඩ වලින් කොටසකි, වරේවා,,,,,,

      Delete
  11. ජනමත විචාරණය, පුනරාවර්ථනය, ජනමත සමීක්ෂණ වගේ උපක්‍රම තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු මකාගෙන ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ උපක්‍රම හැටියට...
    ස්විට්සර්ලන්තය වගේ රටවල් මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම නිතර යොදාගන්නවා..
    හැබැයි ලංකාව යොදාගන්නේ නැහැ.
    ලංකාව එකම එක වතාවක් ඒක යොදාගත්තේත් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වැඩියෙන් ශක්තිමක් කරලා ඒක ඒකාධිපති තැනකට ගේන්නට.
    ඒ කාලේ ශක්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණයක් තිබුණානම් ඒක වළක්වන්නට තිබුණා...
    ඉයන්ගේ යෝජනා වලට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ.
    හැබැයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම වැඩියෙන් යොදාගැනීම ඉතා යහපත්

    ReplyDelete
    Replies
    1. උඩුවා ඔබ හරි. ඒ වුණාට උද්ඝෝෂණ වලින් සම්පූර්ණ ජනමතය නියෝජනය වන්නේ නැහැ. එවිට රජයයන් කරන්නේ උද්ඝෝෂකයන් පිනවීමට සමස්ත ජනයාට අහිතකර විසඳුම් දීමයි. එම නිසායි ජනමත විචාරණ වැදගත් වන්නේ.

      Delete
  12. 1ටයි,5ටයි ඇර අනිත් ඒවට සම්පූර්ණයෙන්ම එකගයි

    ආසන ක්‍රමය නැවතත් ඇති කළ යුතුයි

    පලාත් සභා විසුරුවා හැරිය යුතුයි

    ReplyDelete
    Replies
    1. RR නව ව්‍යවස්ථාවෙන් ආසන ක්‍රමය එනවා. එම ආසන ක්‍රමයෙත් පක්ෂ මාරු කල හැකියි. ඒවගේ දේවල් 1977 ට පෙරත් සිදුවුණා. අද කෙරෙන්නේ මුදලට පක්ෂ මාරුවක් නිසා ආසන ක්‍රමය ආවත් පක්ෂ මාරුව තහනම් කල යුතුයි.

      Delete
  13. මේ ඒක නෙමෙයි තව එකක් ඕකට එකතු කරගන්ඩ බැරිවෙයිද , ගංජා නීති ගත කරගන්ඩ

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාවේ නම් දැන් නීතිගත කරනවලු අටම්. ඒ පැත්තට වත් යමු

      Delete
  14. ඉයන්.....මම හිතන්නේ පාලකයෝ ජනතාවගෙන් අහන්න ඕන ඔව් ද නැහැද කියලා නෙමෙයි. මොකද ඕනම රටක සාමාන්‍ය ජනතාව පන්ඩිතයෙක් දන්න දේකින්, කූඹි පුකක්වත් දන්නේ නැහැ. මේක හරියට පාන් රාත්තලක් සීයට දෙන්නද නැත්නම් එකසිය විසිපහට ඕනෙද කියලා අහනවා වගේ. සීයට දීපල්ලා කිව්වම දෙන්නේ ඉම්පීරියල් රාත්තල මිසක් භාවිතාවෙන කිලෝව නෙමේ. මෙහෙම වැඩ තමයි රටේ වෙන්නේ. ඔව්, නැහැ නෙමෙයි. ආන්ඩුවට පුලුවන්ද බැරිද කියලා තමයි ජනතාවගෙන් අහන්න ඕන. මම වෙනස වෙනුවෙන් පෙනී හිටිය එකෙක්.

    ReplyDelete
    Replies
    1. අරුන යහපාලනය අභාවිතා කරන්නේ මේ වර්ජන කාරයෝ. ඔවුන් සුළුතරයක්. මහජනයාට වන අපහසුව සලකා සුළුතරයකගේ ඉල්ලීම් දෙන්නේ බහුතරයේ මතය එලියට එන්නේ නැති නිසා. උදාහරණයකට මැද පෙරදිග බැලමෙහෙවර කිරීම දුප්පත් කම පරම්පරාවට යාම සඳහා සිසුණය ක්‍රමය යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම වෙනුවෙන් පෙනී සිටින අපි පෙළපාලි නොගියට සුම්ම ඉගෙනගන්න වුන් අනික් එවුන්ට අවස්ථාව වලකන්න පාරට බැහැඔඋවම උන්ගේ ඉල්ලීම් ලැබෙනවා. එය වලක්වන්න බහුතරයේ කැමැත්ත අකමැත්ත බැලීමට ජනමත විචාරණයක් තිබ්බොත් කිසිම රජයක් ඊට පසු එම මතයට ප්‍රතිවිරුද්ධ සහන පෙලපාලි කාරයොන්ට ලබා දීමට ඕන කමක් නැහැ.

      Delete
  15. බොහොම හොඳ යෝජනා, විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධව. මෙහෙම හරි මේ ගැන කතාකරන එකට ස්තූතියි.මේක දේශපාලන ප්‍රශ්ණයකට වඩා සමාජ ආකල්ප ගැන ප්‍රශ්ණයක්. වෙනස් වෙන්න ඕනෙ මිනිසුන්ගෙ ආකල්ප.කෙටියෙන් කියනව නම් "elephant in the room". අපි දන්නව ප්‍රශ්ණයක් තියනව කියල. අසාධාරණබවත් දන්නව. ඒත් නොදැක්කා වගේ ඉන්නව.නැත්නම් , ඇත්ත මඟහරිනවා, කොලේ හංගල ගහනව, සමහර වෙලාවට සාධාරණීකරනය කරනවා.

    දැන් බලන්න , මරා හොරා කියල හැමෝම දන්නවා. ඒ දැන, දැන ආයෙ මරාව රජකරන්න බයියො කොච්චර කැමතිද? මට මතක් වෙන්නෙ සරසා කියපු කතාවක් " අපි පිලිගන්නව මරා හොරා කියල, ඒත් උඹල පිලිගන්න කැමති නෑ මුනුත් හොරු කියල". ඕක තමයි තිත්ත ඇත්ත. ගමේ කෙහෙල් කැණ කපාපු එකාගෙ ඇට තලන පොලෝසිය ගැන නොදැක්කා වගේ ඉන්න අපි, නිලකාස දේසපාලු හොරු ගැන දක්වන්නෙ බොහොම දියාරු ආකල්පයක්.

    මෙන්න මහේ සත දෙක:

    ජනප්‍රිය පාසැල් මා‍ෆියාව, සහ සීමිත "merit system" උසස් අධ්‍යාපනය ගැන ඔබ කියන දේ මට තේරෙනව. මම සම්පූර්ණයෙන්ම එකඟයි, ඒත් කෙරෙයි කියල හිතන්න බෑ. බැරි කමට නෙමෙයි, අකමැත්ත. උසස් පෙල පාස් වුනත් " දොස්තරද, කොන්දොස්තරද කියල තීරණය කරන සාධක මේව.

    කොළඹ ජනප්‍රිය පාසැල් සහ විශ්ව විද්‍යාල, අපේ "දේශීයකරණය" කරගත්ත ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙ වැදගත් කොටස්. දේශපාලනයට සහ "රට කරවන" පන්තිය බිහිකරන්නෙ මෙව්වා.

    ඉතිං එව්වා නැති කරල කොහොමද? එතකොට "අපේ ප්‍රජාතන්ත්‍රවාදෙට" කෙල වෙනව නෙව?

    ReplyDelete
    Replies
    1. ////දේශපාලනයට සහ "රට කරවන" පන්තිය බිහිකරන්නෙ මෙව්වා.
      ඉතිං එව්වා නැති කරල කොහොමද? එතකොට "අපේ ප්‍රජාතන්ත්‍රවාදෙට" කෙල වෙනව නෙව?/////

      මේවා කතාකරන්න ඕන සබ්ජෙක්ට්ස්. හැබැයි කතා කරන්නේ හෝ හෝ කතා වෙන්නේ බයිලා. මට මනුස්සයෙක් හම්බවුනා ඊයේ පෙරේදා. මම දේශපාලනය නැතුව, පොඩි ආර්ට් පැත්තක් කතා කෙරුවා. අන්න මිනිස්සු. පොලිටික්ස් සහ ආර්ට් කොත්තු කරගෙන නැහැ. මේවා චීස් කොත්තු වෙන්න ඉස්සෙල්ලා කස්ටිය බේර ගන්න වෙයි. මම හිතන විදිහට නම්, මේක බේර ගන්න තියෙන හොඳම වෙලාව දැන්. සමන්ගෙන් වැඩ ගන්න.

      Delete
  16. මහජන දුක්ගැනවිලි සහ පෙත්සම් ඉදිරිපත් කිරීමට තිබෙන මහජන පෙත්සම් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පෙත්සම් ලෙසින් ඉදිරිපත් කල හැකියි. නමුත් පෙත්සමක් ඉදිරිපත් කල හැකි ක්‍රමවේදය සහ කළනොහැකි ඉල්ලීම් මොනවාදැයි කොතැනක හෝ පැහැදිලිව සොයාගැනීමට අපහසුය. දන්නා කෙනෙකු සිටීනම් පැහැදිලි කරන්න.

    පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිෙම්න්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) වරයාට ඉදිරපත් කළහැකි ආකාරයද සීමාවන්ද නොදන්නා බැවින් දන්නා කෙනෙකු වේ නම් පැහැදිලි කරදෙන ලෙස ඉල්ලමි.

    ReplyDelete
  17. Ian,

    this link is just for your reference.
    link : https://www.nlrb.gov/

    It is the apex body for labour matters is US. I see some merits there though it is different to our system. Labour is an important fact in development but the Sri Lankan labour law is just a pickle. It is in pieces everywhere and a person has to read more than 30 Nos. of acts to get an idea of same.

    -PEACOCK LAKE

    ReplyDelete
  18. හරියට බදු ගෙවන අයට වාහන පර්මිට් දීම?

    ReplyDelete
  19. පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන එක හොඳයි කියන එවුන්ගේ ගෑණි දරුවෝ ඉස්පිරිතාලෙකට ගෙනියාගන්ඩ බැරුව මග මැරේවා!

    ReplyDelete