Sunday, October 2, 2016

යුධ වීරයන්ට අනදර කරන යහපාලන දේශද්‍රෝහීන්

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයන්

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නැඟුණු අල්ලස් චෝදනාවකට නඩු පැවරී පලමු දිනයේදීම ඇප ලැබිණි. ඔහුගේ නඩු දිනයේ නීතීඥයන් විශාල පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ. සමහරුන් ෆේස්බුක් සහ අනිකුත් සමාජ මාධ්‍යවල සටහන් තැබුවේ යුද්ධය ජයග්‍රහණයට උරදුන් වීරයා අල්ලස් චෝදනාවකට ලක් කිරීම යහපාලන රජයේ පළිගැණීමක් බවත් කවදාවත් දමිල ජනතාව ප්‍රභාකරන්ව මෙවන් පලිගැනීමකට ලක් නොකරන බවත්ය.

මෙසේ තර්ක කරන අයට අනුව යහපාලනයට ඡන්දය දුන් අය, එම රජයට සහයෝගය දක්වන මෙවන් යුධ වීරයන්ට 'කරදර' කිරීමෙට පංගුකාරයන් බවත් එම නිසාම ඔවුන් දේශ ද්‍රොහීන් බවත්ය. පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ ඔහුගේ සොයුරු හිටපු ජනාධිපති මහින්ඳ රාජපක්ෂ මහතාගෙන් යුද්ධය අවසන් කිරීමට  ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව හැමෝම පිළිගනිති.  මගේ විශ්ලේශණය අනුව ලෝකයේ ඇති ඉතා කුඩා රටක් වන ලංකාව ගැන ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු බලයේ සිටීම යුද්ධය අවසන් කිරීමට විශාල පිටිවහලක් වූ බව පිළිගත යුතුය. එමෙන්ම ආරක්ෂක ලේකම් ලෙස සිටි අය එම ජනාධිපතිගේ සොහොයුරෙකු  වීමත් ඔහුත් කලින් සිටි හමුදා නිලධාරියෙක් වීමත් මෙම ජයග්‍රහණයට හේතු විය. එවකට හමුදාපති තනතුරේ නොසිටි කොටින් සමඟ යුද්ධය ජයග්‍රහණය කිරීමට දක්ෂ  සරත් ෆොන්සේකා මහතා හමුදාපති කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතා  කල දෙයක් බවත් රහසක් නොවේ.

මෙහිදී අන්ධ අනුගාමිකයන් සහ බලය වෙනුවෙන් ව්‍යාජ දේශමාමකත්වය විකුණන පිරිසට නොපෙනෙන කරුණු කිහිපයක් තිබේ. යුද්ධය අවසන් කිරීමට මීට කලින් සිටි ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක වැනි අයටත් විශාල ඕනෑකමක් තිබිණි. එසේ නොවීමට බලපෑ හේතු විශාල සංඛ්‍යාවක් වෙනස් වූයේ රාජපක්ෂවරුන්ගේ විශේෂ දක්ෂතාවයක් නිසා නොව රටේ වාසනාවකටය. යුද්ධයක් දිනීම පසෙකලා යුද්ධ කිරීමටවත් ඕනෑකමක් නොතිබූ ජනාධිපති කෙනෙකුගේ කාලයේ එය සිදුවූයේ එකිනෙකට සම්බන්ධ වෙනත් හේතු රාශියක් රටේ වාසනාවට එක පෙලට හරි යාම නිසාය.  

ජේ ආර් ජයවර්ධන මහතාට 1987 දී යුද්ධය ඉවර කිරීමට බොහෝ ඉඩ තිබිණි. වඩමරච්චි සටන තව මාසයක් ඉදිරියට යාමට හැකියාවක් තිබුණා නම් මෙම යුද්ධය අවසන් වෙන්නේ 1987 දීය. ඉන්දියාවේ දරුණු බලපෑම නිසා එක කල නොහැකි විය. එයට හේතුව ඉන්දියාවේ සමාජවාදී අර්ථික ක්‍රමය ප්‍රතිවිරුද්ධ එවකට රටවල් කිහිපහයක අති සාර්ථක වූ වෙලඳ පොල ආර්ථික ක්‍රමය ලංකාවේ හඳුන්වා දීම නිසා සහ ඔවුන්ගේ මිත්‍ර සිරිමා බණ්ඩාරණායකට විරුද්ධව ක්‍රියා කල රජය මට්ටු කිරීමට ඔවුන්ම කිරිපොවා අයුධ දී , පුහුණුව දී ගොඩ නැංවූ ත්‍රස්තවාදී  සංවිධාන පහ (EPRLF, TELO, EROS, PLOTE & LTTE ) විනාශ වීම වැලැක්වීමටය.එම අවස්ථාවේ රාජපක්ෂ වැනි රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොවුන ජනාධිපති කෙනෙක් සිටියා නම් එදා රට දෙක කැඩී යාමට ඉඩ තිබිණි. එම කාලයට ආසන්නම දෙකට කැඩුණු රට වූයේ සයිප්‍රසයයි. එය හැදුණේ ග්‍රීසිය විසින් තුර්කිය ආක්‍රමණය කොට ග්‍රීක් සම්භවයක් ඇති තුර්කියේ කොටසක් කඩා නව රටක් බිහි කිරීමයි. දෙමල බෙදුම්වාදීන්ද ඉන්දියාවෙන් බලාපොරොත්තු වූයේද එයයි. එවන් අවස්ථාවකට රට පත්කිරීමට ඇතිවූ අකමැත්ත මත ඉන්දියාව සමඟ සාම ගිවිසුමකට එලඹීමටත් යුද්ධය කිරීම ඉන්දීය හමුදා වලට පවරන්නටත්  ජේ ආර් ජයවර්ධන පෙලඹුනේ රාජපක්ෂ වාදීන් කියන්නාක් මෙන් කොන්ඳ පණ නැති කමක් නොව විය හැකි වූ ඉන්දීය ආක්‍රමණයක් වලක්වා ගැනීමටය.

ජේ ආර් ගේ සාම ගිවිසුමෙන් ලංකාවට ආ ඉන්දියානු හමුදා කොටි සංවිධානය සමඟ යුද්ධයකට ඇවිලීම නිසා ඔවුන් කල විශාලතම මෝඩකම කරමින් රජීව් ගාන්ධි ඝාතනය නොකරන්නට එල්ටීටීයී සංවිධානය නැති කරන්නට ඉන්දියාවේ සහ රෝ ඔත්තු සේවයේ සහයෝගය කිසිදාකවත් නොලැබෙන්නට ඉඩ තිබිණි. ඉන්දියාවේ සහයෝගය නොවන්නට මෙම යුද්ධය කිසිදිනක අවසන් නොවේ. ඉන්දියාවම එලිපිට පිළිගන්නවාට වඩා සහයෝගයක් ඉන්දියාවෙන් ලැබුණි. එය ප්‍රසිද්ධියේ කලා නම් ඉන්දියාවේ ජනගහනයෙන් 20% ට වඩා ජීවත්වන තමිල්නාඩුවේ විරුද්ධවාදීකම් වලට ඔවුන්ට මුහුණ දිය යුතු වේ. ජාත්‍යන්තර තල වලදී ලංකාවට එරෙහි යෝජනා පරාජය කිරීමට තිරය යට විශාල වැඩ කොටසක් කිරීමට අමතරව වෙනත් බටහිර රටවලට සිදුවුණාට වඩා බලපෑමක් කිරීමට ඇති හැකියාව ඉන්දියාව විසින් අහුරණ ලදී. එමෙන්ම යුධ ජයග්‍රහණයට විශාල හේතුවක් වූ කොටින්ට ආයුධ හිඟ වීමට ඉන්දියාව දුන් සහයෝගය මිල කල නොහැකිය. විශාල ආයුධ ගබඩා ලෙස හැඳින්වුණ කොටින්ගේ නැව් හතක් ආයුධ සමඟ විනාශ කිරීමට එම නැව් පැමිණෙන බව සහ ඒවා ඇති ස්ථාන පිළිබඳව සියළු විස්තර සපයන ලද්දේ ඉන්දියාව විසිනි. ඔවුන් ලබා දුන් දත්ත මත එල්ටීටීයී යේ පළමු ආයුධ නැව විනාශ කලේ රාජපක්ෂ බලයට පත්වන්නටත් පෙරය. ඒ හැරුණ කොට ඇමෙරිකා එක්සත් ජනපදයේ US Marines විසින් සරණාගතයන් නාවික මෙහෙයුමකින් මුදා ගැනීමට ගත් උත්සාහය වැලැක්වූයේ රාජපක්ෂ වරුන් නොව ඉන්දියාවයි. ජේ ආර් ගේ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස රජීව් ගාන්ධි ඝාතනය නොවන්නට මෙය වෙනස්වන්නට තිබිණි. 

යුධ ජයග්‍රහණයට හේතුවූ අනෙක් ප්‍රධානතම කරුණ නම් ඇමෙරිකාවේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයට 2001 දී එල්ලවූ ප්‍රහාරයයි. ඊට කලින් විදේශ වල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී සංවිධාන ඇමෙරිකාව ඇතුළු බටහිරට පෙනුනේ විමුක්තිකාමීන් ලෙසය. ත්‍රස්තවාදය ඔවුන්ගේ දොරකඩට ගෙන ගිය ඔසාමා බිල් ලාඩන්ගේ අල් ඛයීඩා සංවිධානයේ ක්‍රියාකාරකම් ලංකාවේ යුද්ධය අවසන් කිරීමට බලපෑ විශාලතම සාධකයකි.  

යුධ ජයග්‍රහණයට හේතුවූ අනෙක් සාධකය නම් 2003 සාම ගිවිසුමයි. මෙය නොවන්නට යුද්ධය අවසන් වීම සිහිනයක් පමණි. මේ කාලයේදී කරුණා වැනි බොහෝ එල් ටී ටී යී නායකයින්ට මෙන්ම උතුරේ මහජනතාවටත් යුද්ධයෙන් පිට ඇති ලෝකය පිළිබඳව වැටහීමක් ලැබිණි. බොහෝ ජේශ්ඨ යුධ හමුදා නිලධාරීන් දන්නා පරිදි විශාල ත්‍රස්තවාදී ජයග්‍රහණ බොහොමයකට අණ දුන්නේ කරුණා විසිනි. සාම සාකච්චා අතරතුර රජය විසින් කාම අන්තුවෙකු ලෙස ඔවුන් දැන සිටි කරුණාට තායිලන්තයේ ඇති සැප ගැන අත්දැකීම ගන්නට සලස්වන ලදී.  

එම සාම ගිවිසුමට පෙර ජාත්‍යන්තර දමිල ප්‍රචාරක ව්‍යාපාර සහ 1983 වැනි සිද්ධීන් නිසා ලෝකය දැන සිටියේ සිංහල නායකයින් දමිල ජනයා වෙනුවෙන් පෙනී සිටින විමුක්තිකාමීන් රවටන  සහ දමිලයන් මර්ධනය කරන අය හැටියටය. එවකට රජය මහත් ඕනෑකමින් සාම සාකච්චා වලට සහභාගී වනවිට ඒවා කඩාකප්පල් කරමින් ප්‍රභාකරන් ප්‍රදර්ශණය කල ඔවුන්ගේ නියම පාට ප්‍රධාන රටවල් වලට හොඳින් පෙනිනි. එයින් පසුව කොටි සංවිධානයේ බළල් අත් තහනම් කිරීමට සහ ඔවුන්ගේ මුදල් එකතුකරන පෙරමුණ සංවිධාන ආදිය තහනම් කරගැනීමට එය මහත් පිටිවහලක් විය. 2004 දී චන්ද්‍රිකා රජයේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ගේ දක්ෂතාවය සහ බටහිර රාජ්‍යය එල්ටීටීයී සංවිධානය ගැන සාම සාකච්චා අවස්ථාවේදී හෙළිකල ඔවුන්ගේ පුල්ලි මෙන්ම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඇතිවූ ත්‍රස්ත විරෝධය යන කරුණු සංයෝජනය එල්ටීටීයී සංවිධානය අතිශයින් දුර්වල කරන්නට බලපෑවේය.

මේ සමඟම රටේ වාසනවාට තවත් සිද්ධීන් කිහිපයක්ම සිදුවිය. එනම් කොටින් විසින් කරන ලද සාපේෂව කුඩා එහෙත් තීරණාත්මක මෝඩ කමක් වූයේ මාවිල්ආරුව සොරොව්ව වසා දැමීමය.  මාවිල්ආරුව වැසූ අවස්ථාවේදී ටෙලිෆෝනයෙන් රාජපක්ෂගේ කුණු බැණුම් අසමින් යුද්ධය අරඹන ලෙස ඉල්ලා සිටි රතන හාමුදුරුවන් සහ චම්පික රණවක ඇතුළු හෙළ උරුමයද ඉටුකල කර්තව්‍ය / දායකත්වය අමතක කළ නොහැක. යුද්ධය අවසන් වීමට බලපෑ ලංකාවේ තවත් වාසනාවක් නම් හමුදාපති වරයාට තැබූ බෝම්බයෙන් ඔහු බේරීමයි. ඒ වනවිටත් යුද්ධයක් කර මෙම පිළිලය අවසන් කිරීමට උනන්දුවෙන් සිටි එතුමා එයින් බේරීම එල්ටීටීයී සංවිධානය නයාට ගසා පොල්ල වරද්දා ගැනීමක් විය. මාවිල්ආරුව වැසූ අවස්ථාවේදී සම්පූර්ණයෙන් සුව නොවී සිටි ඔහු වෛද්‍ය උපදෙස් නොතකා නැවත පැමිණියේ  වෙඩි කෑ ඌරෙකු මෙනි. 

තම ප්‍රතිමල්ලවයාට කොටින් සමඟ ඩීල් ඇති බවට චෝදනා එල්ල කරමින් ඡන්දය හොරට දිනීමට ඩීල් දමා බලයට ආවේ රාජපක්ෂවරුන්ය. ඡන්ද ප්‍රතිඵලය හොරාකෑමට පමණක් සීමා නොවුණු එම ඩීල් එක රාඩා ආයතනය හරහා හා එමිල් කාන්තන් හරහා දිගටම එල්ටීටීයී සංවිධානයට රටේ මුදල් පොම්ප කරමින් 2005/2006 කාලයේ කොටින් නඩත්තු කලේ රාජපක්ෂවරුය. එය සිදුවුණේ පැති බෝම්බ සහ මරාගෙන මැරෙන බෝම්බ හරහා රටේ මහජනතාව මියැදෙද්දීමය. එලෙස රටේ සල්ලි වලින් කුලිය ගෙව්වේ රටේ මිනිසුන් ආරක්ෂා කරගැනීමට නොව ඔහු සහ ඔහුගේ පවුල ආරක්ෂා කිරීමේ ඩීල් එකකටය. වෙන කල හැක්කක් නොමැතිකල මාවිල්ආරුව සොරොව්ව නිදහස් කරගැනීමට හමුදාවට අවසර දීම හැර රාජපක්ෂවරුන්ට වෙන විසඳුමක් නොවිනි. එම අවසරයෙන් ඉදිරියට ගිය සරත් ෆොන්සේකා ප්‍රමුඛ ශ්‍රී ලංකා හමුදා සහ එතුමාගේ යුධ ඥාණය සහ උපාය මාර්ග නොවන්නට යුද්ධය අවසන් වන්නේ නැත.

යුධ ජයග්‍රහණය පෙනෙන්නට ගත්කල තමන්ගේ වල ඉහ ගැනීමට අවස්ථාව දුටුවන් ඉන්පසුව රට පෙන්නුවේ ඔවුන්ගේ දක්ෂකම සහ දේශ මාමකත්වය නිසාම දිනන යුද්ධයක් බවයි. යුධ අවසානය ආසන්නයේ සරත් ෆොන්සේකා ඉවත්කර ගැනීමට ගත් උත්සාහය මෙයට කදිම නිදසුනකි. යුද්ධය අවසන් වීමෙන් පසුව ඒ අවස්ථාවේ තිබූ තත්ත්වයෙන් ප්‍රයෝජනය ගෙන රටේ නැවත යුද්ධයක් ඇතිවීමට වැලැක්වීමට සහ සුළුජාතීන් ගේ දේශපාලනීකරණය කල හැකි ප්‍රශ්ණ නැවත මතු නොවීමට අවශ්‍ය කිසිම දෙයක් මොවුන් විසින් නොකරන ලදී. යුධ ජයග්‍රහණය විකුණමින් ඡන්ද පැවැත්වීම, මහා පරිමාණයෙන් ගසාකෑම, ප්‍රති විරුද්ධ අය මරා දැමීම සහ සිරගත කිරීම වැනි දේ පමණක් කිරීමට එම අවස්ථාව යොදා ගන්නා ලදී. එම කාලයේ මා ඒගැන ලියූ ලිපියක් මෙතන,

අවසන් වශයෙන් කීමට ඇත්තේ එල්ටීටීයී සංවිධානයේ ක්‍රියා වලින් බැටකෑවේ අහිංසක සිංහල දෙමල සහ මුස්ලිම් වැසියන්ය. මායිම් ගම්මාන ආරක්ෂා කිරීමට සහ නැගෙනහිර මුදාගැනීමට පොලිස් විශේෂ කාර්‍යය බලකාය නිර්මාණය කර රට කරවීමේ වෙනත් අංශ වලට අත නොපෙවූ ජේ ආර් ගේ එකම දරුවා වූ රවී ජයවර්ධන හා සසදන කල නාමල් යෝශිත වැනි වුන් පාදඩයන්ය. යුධ ඥානය සහ රටට තිබූ ආදරය පිටරට සැප සොයා නොගොස් යුධ භූමියේ සටන් කිරීම ගැන සිතන විට ජානක පෙරේරා, කොබ්බෑකඩුව, සරත් ෆොන්සේකා වැන්නවුන් ගෝඨාභය රාජපක්ෂ  වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. මහින්ද රාජපක්ෂ සමඟ සසඳන කල රටට ඇති ආදරය, කොටි සංවිධානයට විරුද්ධව දේශපාලනික සහ යුධමය සටන් මෙහෙයවූ යන දේවලින් ගව් ගණනක් ඉදිරියෙන් සිටි ගාමිණී දිසානායක, රන්ජන් විජෙරත්න, ලලිත් ඇතුලත්මුදලි හා රණසිංහ ප්‍රේමදාස වැනි නායකයන් නැතිවූයේ එජාපයට සහ සමස්ත රටටමය.  පරීක්ෂණ කෙරෙන්නේ යුද්ධය කිරීම ගැන නොව එය විකුණාගෙන කල සොරකම් සහ මිනී මැරීම් ගැනය. ස්වාධීන කොමිසම් අහෝසිකරමින් උසාවි පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව තම යටතට ගණිමින් කැකිල්ලේ නඩු අසා අගවිනිසුරු ගෙදර යවමින් තමන්ගේ බත්බැලයන් උපරිමාධිකරණයට පත් කරන විට ඒගැන කැක්කුමක් නොතිබූ නීතීඥයන් මුදල් වංචා කලවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ සිය ගණනිනි. 

ත්‍රස්තවාදයට එරෙහිව කෙරෙන ක්‍රියාමාර්ග වලට මූලිකත්වය දෙන්නේ සහ දුන්නේ කවුද යන්න ගැන රටේ අනෙක් අයට වඩා ප්‍රභාකරන්ට හොඳ අවබෝධයක් තිබිණි. රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, ජානක පෙරේරා, කොබ්බෑකඩුව, ෆොන්සේකා, වැනි අයට බෝම්බ ප්‍රහාර එල්ල වුණේ ඒ අනුවය. රජීව් ගාන්ධි ඝාතනයෙන් වූ හානිය දැන සිටීම සහ බටහිර ජාතීන් අවංක නායකයෙක් බව දැන සිටි රනිල් මරා දැමීමට ඔහු ඉදිරිපත් නොවුනේ එවකට පැවති සාම ගිවිසුම නිසාය. එසේ වුවත් ඔහුගේ සාම ව්‍යාපෘතියෙන් ඔවුන්ට වුණ හානිය හොඳින්ම තේරුම් ගත් නිසා ඔහු නැවත බලයට පත්වීම අහුරන ලදී. එම කාලයේ කෙරුණු ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය යුරෝපයේ කොටි තහනම ඉක්මන් කෙරිනි. මේඅතින් ගෝඨාභය රාජපක්ෂට එල්ල වූ ප්‍රහාරය ඔහු මරා දැමීමට නොව අනතුරු ඇඟවීමේ සඥාවක් පමණි. එයට පැහැදිලිම සාක්ෂිය නම් ඔවුන්ගේ ප්‍රහාර වලින් සීරීමක් වත් නොමැතිව 'බේරුනු' එකම කෙනා ඔහු වීමයි.

රාජපක්ෂ වැන්නකු ජනාධිපති තනතුරේ සිටීම සහ ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ යුද්ධය මෙලෙස අවසන් වීමට ප්‍රධාන හේතුවක් විය. එහෙත් එය සිදුවූයේ රටේ, කලාපයේ සහ ලෝකයේම ඇතිවූ රාජපක්ෂ වරුන් හා සම්බන්ධ නොවන දීර්ඝ ක්‍රියාදාමයන් මාලාවක අවසන් ප්‍රතිඵලය ලෙසිනි.  බටහිර රටවල් වල ඇතිවූ ත්‍රස්ත විරෝධය, සාම සාකච්චා නිසා එල්ටීටීය දුර්වල වීම, 2003 සාම සාකච්චා වලදී ඔවුන් විමුක්තිකාමීන් නොව තමන් නියෝජනය කරන්නේ යැයි කියා පෑ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා නොව නායකයාගේ ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් පමණක් සිතන ත්‍රස්තවාදී සංවිධානයක් පමණක්ම යන්න බටහිර රටවල් හැඳිනගැනීම, ඉන්දියාවේ එල්ටීටීයී විරෝධතාවය, රාජපක්ෂවරුන්ට නොව පොදුවේ ලංකාවට විශාල ක්ශේත්‍ර කිහිපයකින් ලැබුණු ඉන්දියාවේ නොමසුරු සහයෝගය, තෙවරක් බෝම්බ කෑවත් රට හැර නොගිය යුද්ධයේ මහ මොළය වූ ෆොන්සේකාගේ දායකත්වය සහ විවිධ පක්ෂ වල විවිධ ආගම්වල සෙබළුන් දස දහස් ගණනකගේ ජීවිත, අතපය, පෙනීම ආදිය  පරිත්‍යාගයෙන් අවසන් වූ යුද්ධය එක පවුලක ජයග්‍රහණයක් බවට පත්කරන ලදී. සමහරුන්  ඔවුන් රජවරුන් කොට ප්‍රශස්ථි ගීත ගැයූහ.  ඔවුන්ට විරුද්ධ වන්නන් සිරගතකරමින්, මරාදමමින් රටේ ණය ප්‍රමාණය වසර පහකදී දෙගුණයක් කරමින් එම ත්‍රාඩ පවුල ගෙන ගිය උන්මාදය රටම දනියි. එසේ හොරකම් සහ මිනිමැරීම් ගැන පරීක් පැවැත්වීම සහ නීතිය ක්‍රියාත්මක වීම 'රට බේරාගත් වීරයන්ට' කරන අවමානයක් ලෙස අර්ථ දැක්වීම මිනිසුන්ගේ ඥාණයට කරන නිගාවකි. යහපාලන රජයක් නොවන්නට ඔවුනට අත්වන්නේ සරත් ෆොන්සේකාට හිමිවූ වර්ගයේ නඩු ඇසීම් සහ වරදකරු කිරීම් බව ඔවුන්ට අමතකය. රටේ මිනිසුන් ඔවුන් වෙනුවෙන් දිනාගත් යහපාලන ප්‍රතිපත්ති වලින් වාසිය ගන්නේ ඔවුන්මය. නමුත් චෝදනා කරන්නේ එම යහපාලනය ගෙන ඒමට ජීවිත අවධානමෙන් ඉදිරිය පැමිණි වුන්ටය. 




112 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි රසික. නිවැරදි කරන්නම්.

      Delete
  2. පහුගිය කාලේ මේ ගැන උපමා කතාවක් තිබුණා නේද දියේ ගිලීමට ගොස් බේරාගත් තරුණියක් පසුව දූෂණය කළ "වීරයෙකු" ගැන?

    ReplyDelete
    Replies
    1. ඔව් රසික ඒක ගැලපෙනම උදාහරණයක්

      Delete
  3. කෝ අපේ සාරස හැන්ගිලාද ?

    ReplyDelete
    Replies
    1. එයි එයි එතුමා මේක අතාරින්නේ නැහැ.

      Delete
    2. සාරස කොහොමද වීකෙන්ඩ් එකේ Internet එන්නෙ. ගෙදර ඩේට ටික අපරාදෙනෙ. සඳුද ඇවිල්ල උත්තර දෙයි ආන්ඩුවේ ඩේට වලින්.

      Delete
  4. අදනේ හරියටම වෙච්ච දේ දැන ගත්තේ ඕන්... රාජපක්ෂලා කියන්නේ පල් හොරු ‍රැලක් නේ බලන් ගියාම...

    ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු නම් ඌව පිටුවහල් කරන්නම ඕනා තමා... :D

    ReplyDelete
    Replies
    1. //ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු නම් ඌව පිටුවහල් කරන්නම ඕනා තමා... :D//

      එහෙම කිව්වෙ නැහැ සෙන්නා. ඒ විදිහෙ කෙනෙක් ජනාධිපති පදවියේ සිටීම යුද්ධය මේ ආකාරයට අවසන් වීමට හේතුවුණා කියල දෙවෙනි ඡෙදයේ තියෙනවනෙ.

      Delete
    2. ඉයන්,

      මම පොඩි උපාහාසයකින් පෙන්නුම් කරන්න උත්සහා කළේ ඔබ භාවිතා කරපු වැරදි වචනය ගැන.. ඔතනට එන්න ඕනා නිවැ‍රැදි වචනය "පිටිවහලක්" කියන එක... අර බැච්, බැජ් වගේ ඕකත් නිතරම හුඟ දෙනෙක් පටලව ගන්න වචන දෙකක්.. මම සමහර නාලිකා වල ප්‍රවෘත්ති වලත් ඔය වැරදි භාවිතාව නිරීක්ෂණය කරලා තියනවා...

      Delete
    3. සමාවෙන්න සෙන්නා ඉස්සෙල්ල තෙරුණේ නැහැ. පිටුවහල් කියන එකේ තේරුම වෙනස් නේද? ඔබට බොහොමත්ම ස්තූතියි.

      Delete
  5. මේක කියෙව්වම රාජපක්ෂ ලා මොකක් වත් කරලම නැ නේ

    ReplyDelete
    Replies
    1. මුල හරිය කියවන්න බැරිවුණාද මචං. රාජපක්ෂ වගේ කෙනෙක් නොවන්න යුද්ධය අවසන් වෙන්නේ නැහැ. නමුත් ඒක එකම හේතුව නෙමෙයි.

      Delete
    2. මිහින් එයාර්?

      Delete
  6. මේක කියෙව්වම රාජපක්ෂ ලා මොකක් වත් කරලම නැ නේ

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කියන එක රාජපක්ෂ ගතිය නෙමේ. සුදු වෑන් එකක් එවපන් අර මොකක්ද අවියක් එක්ක .

      Delete
  7. ඉයන් තුමෝ. රට්ටු නොමග යවනව එහෙම නෙමෙයි බොරු ලියල. මේ ඔක්කොම බොරු. මහින්ද මාමි තනියමයි යුද්ද කලේ. පව් අසරණ මාමි. අර දුටු ගමුණුලත් කිව්වේ එයාල තනියම යුද්ද කලා කියල.

    නෝටි ඉයන්.. 😡

    ReplyDelete
    Replies
    1. මුන් 'ඇත්ත' කියන කොට 'බොරුවක්' කියල හරි බේරෙන්න ඕනෙනේ. තිලාන්. හෙහ් හෙහ්

      Delete
  8. හොරුත් එක්ක හෙළුවෙන් නටන කොට, ඩීල් දාන කොට මේ වගේ පරිප්පු කන්න වෙනවා. මොකෝ උන් හොරා කෑවේ තනියම නෙමෙයි නේ. හොර පෙරකදෝරුවෝ 100 ක් නෙමෙයි දෙසීයක් ආවත් විනාඩියකට හරි හොරු ඇතුලට දාපු ජජ්ට අපේ ප්‍රණාමය. මුන්ට රට පාලනය කරන්න දුන්නා මිසක්. රටේ පාචනය කරන්න ඉඩ දුන්නේ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි මාතෙ. බොහොම ස්තූතියි.

      Delete
  9. හොරුන්ගේ හොරු කම්බා හොරුය

    ReplyDelete
    Replies
    1. කම්බා හොරුන්ට එහා ගිය හොරු අනුන්ගේ දක්ෂතාවල ගෞරවයක්, රටේ වාසනාවට සිදුවූ දේවලට ගෞරවයත් ගැනීමෙන් නොනැවතී අධිවෙගී මාර්ග දෙකක්, ගුවන් තොටුපලක්, වරායක් සහ ගල් අඟුරු බලාගාරයක් තනා වසර 30 ක යුද්ධයක් කිරීමට සහ මහවැලි ආදී විශාල ව්‍යාපෘති කරවා 2009 දී තිබූ ණය බර දෙගුණයක් කිරීමටත් සමත් වුණා.

      Delete
  10. ඉයන් හිතන්නේ සිද්ධාර්ථ අද දවස ජීවත්වෙන්නෙක් නම් බුදුබව ලබයිද නොලබයිද..?
    කාලය හා වටපිටාව දේශපාලනයටත් බලපානවනේ...!

    ReplyDelete
    Replies
    1. බුදු වෙන්ඩ යන්ඩ ඉස්සල්ලා වෙන ගෑණු හුටපටයක් පෙන්නල යශෝදරාගෙ හිත කඩනව , රාහුල වෙන එකෙක්ගෙ කියල කැලෑ පත්තර ගහනව. චන්න ඇමතිට ගානක් දීල වේකන්සියක් හදල එම්බසියක රස්සාවට යවනව, කන්ථක හෝස් පින්නවල zoo එකට යවනව.. කොටින්ම කිවුවොත් සිද්ධාර්තව හංගල නන්ද ව බුදු කරනව.

      Delete
    2. අදාල නෑනේ !!! මචං කෙනෙක් බුදු වෙන්නේ බුද්ධ ධර්මය ලෝකෙන් තුරන් වුණ කාලයක නේ. ඉතින් ඒකාලෙ මීට හපන් වෙන්න ඇති. ඒකාලෙත් රාජපක්ෂලා, චෙෆාකිලා වගේ අය ඉන්න ඇති. ඒ අනුව ලෝකයේ වාසනවාක් තියෙනවානම් ඒ අය ඉන්න මේකාලෙත් වෙන්න පුළුවන්. නමුත් ධර්මය අනුව නම් තව ගොඩක් කල් තියෙනවා.

      Delete
  11. ඉයන් , නියම පෝස්ට් එකක් මචං.
    කසාය තිත්තයි , බොන්න අකමැතියි , හැබැයි ගුණයි. පිලිම වන්දනා කරන උන්ට හොද පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කම්මලේ

      Delete
  12. එක නිවැරදි කිරීමක් කලොත් නරකද? කොටින්ගේ පාවෙන අවි ගබඩා වලට පහර දීමට, ඒවා ඇති ස්ථාන ගැන තොරතුරු නාවික හමුදාවට සැපයුවේ ඉන්දියාව විසින් නොවෙයි, ඇමෙරිකාව විසින්. මේ බව අද්මිරාල් කරන්නගොඩගේ 'අධිෂ්ඨානය' පොතෙහි දැක්වෙනවා. ඉන්දියාව මේ ගැන දී ඇති තොරතුරු නම් 'ලනු'.

    ReplyDelete
    Replies
    1. එක පොතකින් මූලාශ්‍ර ගන්න එපා. ඉන්දියාව එම දත්ත දුන්නා කියා කවදාවත් පිළි ගන්නේ නැහැ. තව ටිකක් විමර්ශණය කළොත් හොයා ගන්න පුළුවන් වෙයි. එක උදාහරණයක් දෙන්නම් 2007 දී ඉන්දියාව එල්ටීටීයී එකෙන් දකුණේ වෙන 'ගුවන්' ප්‍රහාර වලක්වන්න රේඩාර් පද්ධතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දුන්නා. ඒක සවිකරලා තිබුණේ ප්‍රහාරක හෙළිකොප්ටර් පහක කියන එක සඳහන් වෙන්නේ නැහැ. එතන ඇත්තටම වුණේ ප්‍රහාරක හෙළිකොප්ටර් පහක් ලබාදීම.

      රෝ ඔත්තු සේවය ඇතිකල පසුව ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී ඉන්දියාවේ මේ කලාපයේ යුධමය ආධිපත්‍යට එකට චැලෙන්ජ් කරපු එල්ටීටීයී එක නැතිකරන්න ඔවුන් සෑම දෙයක්ම කලා. එතනදී වුණේ ඉන්දියාවේ අවශ්‍යතාවය ලංකා හමුදා ලවා කරවා ගැනීම. එය ලංකාවේ වාසනාවකට හිටියා.

      Delete
    2. ඇමෙරිකාව පාවෙන අවි ගබඩා ගැන දත්ත දුන්න බව වෙන කිසිම මුලාශ්‍රයක මා නම් කියවලා නැහැ. ඒ සමගම, ඉන්දියාවට මෙම තොරතුරු ලබා ගැනීමට පහසුකම්, ඇමෙරිකාවට තරම් නැති බවත් පැහැදිලියි. ඇමෙරිකාවට අයත් රේඩාර් නිරීක්ෂණ චන්ද්‍රිකා වලින්, නැව් ඇති ස්ථාන සොයා ගත හැකියි. ඒවා එම ක්‍රමයෙන්ම හඳුනා ගැනීමට නොහැකි වුවත්, සාමාන්‍ය වෙළඳ නැව් ගමන් කරන මාර්ග වලින් පිටත තිබීම නිසාත්, බොහෝ කාලයක් එකම තැන නවතා තැබීම නිසාත්, පාවෙන අවි ගබඩා ලෙස හඳුනා ගැනීමට පුළුවන්. ඉන්දියාව මෙම අවි ගබඩා සොයාගැනීමට නම්, ඔවුන්ගේ සාගර නිරීක්ෂණ ගුවන් යානා යෙදවිය යුතුයි. මෙම නැව් සෑහෙන දුරක නවත්වා තුබුන නිසා, ඒවා සොයා ගැනීමට තරම් දුරක් පියාසර කිරීමට හැකි ගුවන් යානා ඔවුන්ට තිබුනේ කිහිපයක් පමණයි. ඉන්දියාවෙන් මෙම තොරතුරු ලැබීමට ඇති සම්භාවිතාව මේ නිසා අඩුයි.

      අමෙරිකාවෙන් මේ තොරතුරු ලබා දුන්නේ කෙලින්ම නාවික හමුදාපති වරයාට නිසා, එය ලැබුණු ආකාරය බොහෝ දෙනෙක් දැන සිටියේ නැහැ. පාවෙන අවි ගබඩා විනාශ කිරීමට ගිය නැව් වල සිටි සමහර නිලධාරීන්ට මා කථා කර තිබෙනවා. මෙම ගබඩා ඇති ස්ථාන ඔවුන්ට නාවික හමුදා මුලස්ථානය වෙතින් ලැබුණු බව පමණයි ඔවුන් දැන සිටියේ.

      ඔබ කී රේඩාර් පද්ධතිය සමන්විත වුනේ, බිම සවිකරන රේඩාර් මධ්‍යස්ථාන 5 කිනුයි. මේවා හා හෙලිකොප්ටර් යානා අතර සම්බන්ධයක් නැහැ. මාත් ගුවන් හමුදාවට යම් දුරකට සම්බන්ධකම් පවත්වන්නෙකු නිසා මේ යන දැනගෙන සිටියා. සම්බන්ධය කුමක්ද යන්න නම් නොකියා සිටීම වඩා හොඳයි.

      Delete
    3. ඕකනේ කියන්නේ...

      Delete
    4. ඇනෝ ඔබතුමා ගුවන් හමුදාවට සම්බන්ධ නම් ඒගැන වාද කිරීමෙන් පලක් නැහැ. මගේ දත්ත ලබා ගත්තේ German Institute of Gobal Area Studies නම් ආයතනය ලංකාවේ අර්බුධය විසඳීමේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ක්‍රියාමර්ග ගැන ලියවුනු working papers වලින්. බොහෝ විට ඔවුන් ලංකා ගුවන් හමුදා නිලධාරීන් දන්නා දේවල් නොදන්නවා වන්නට පුළුවන්.

      Delete
    5. පාවෙන අවි ගබඩා යනු වෙලඳ නැව් මාර්ග වලින් පිට මාර්ග වල එක තැන නවතා තිබූ නැව් හැටියට ඔබ දක්වා ඇති කරුණට නම් හිනා ගියා. ඒ ගැන ඔබට ස්තූතියි.

      Delete
    6. @ඉයන්

      පාවෙන අවි ගබඩා ගැන තොරතුරු ලබාගත් නාවික හමුදාපති වරයා විසින් රචිත පොතට වඩා හොඳ මුලාශ්‍රයක් ලැබෙයි කියා මා නම් සිතන්නේ නැහැ. ඔහු සිතා මතාම බොරු ලියා ඇත්නම් හැර.

      //පාවෙන අවි ගබඩා යනු වෙලඳ නැව් මාර්ග වලින් පිට මාර්ග වල එක තැන නවතා තිබූ නැව් හැටියට ඔබ දක්වා ඇති කරුණට නම් හිනා ගියා. //

      මේ කියන දේ කරුණාකර පැහැදිලි කරනවාද? එවිට මගේ පැහැදිලි කිරීම කරන්නම්. ඔබේ අදහසට අනුව පාවෙන අවි ගබඩා කියන්නේ මොනවාද?

      Delete
    7. යුද්ධයේ අවසාන කාලයේදී ඉන්දියානු රේඩාර් පද්ධති ලංකාවේ ස්ථාන කීපයක සිට ක්‍රියාත්මක වුණා. ඒවායේ සේවය කලේ ඉන්දියානු හමුදා සාමාජිකයන්. LTTE කුරුම්බැට්ටි මැෂින් අල්ලගන්න ඒවා උදව්වුණා.

      පාවෙන අවි ගබඩාවක් කියන එක මාධ්‍ය මගින් නිර්මාණය කල වචනයක් පමණයි. වෙළඳ නැව් යන මාර්ග වල තැනින් තැන නවත්වා තබන ආරක්ෂක යාත්‍රා විශේෂයක් නැහැ.

      නැවක අති විශාල අවි ප්‍රමාණයක් රඳවා, අවශ්‍ය ස්ථානයකට, අවශ්‍ය විටකදී ගෙනයාම සඳහා, වරායක හෝ වරයකට ආසන්න මුහුදේ නැංගුරම් දමා තබන ක්‍රමයක් නම් තිබෙනවා. මේ සිද්ධියට අදාළ නැවත් එවැනි එකක්.

      අරාබි මුහුදේදී සහ ඉන්දියන් සාගරයේදී, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින්, වෙළඳ නැව් මංකොල්ල කෑම, ප්‍රාණ ඇපයට ගෙන කප්පම් ඉල්ලීම නැවත්වීම සඳහා, විවිධ රටවල් එකාබද්ධව සහ තනි තනිව, ප්‍රහාරක යාත්‍රා යොදවා තිබුණා. තවමත් තිබෙනවා. ඒ අතරේ අපේ රටෙන් කොන්ත්‍රාත් ක්‍රමයට වෙළඳ නැව් වලට ආරක්‍ෂාව දුන්නා, සන්නද්ධ කණ්ඩායම් වෙළඳ නැව් වලට ලබාදීමෙන්. ඔවුන් කලේ ගාල්ලේදී හෝ කොළඹදී ඒ ඒ නැවට නැග, එහි ගමනාන්තයට ගොස්, ආපසු තවත් නැවකට ආරක්‍ෂාව දෙමින් පැමිණීම හෝ, ගුවනින් ආපසු ඒමයි. මේ අයට අවි සපයන්නයි අර නැවේ අවි ගබඩා කර තිබුණේ.

      නමුත් ඒ සඳහා පරම අයිතියක් ලබා දුන්නා රක්නා ලංකා ආරක්‍ෂක සමාගමට සහ ඇවන්ට් ගාඩ් ආරක්‍ෂක සමාගමට. එහි කිසිදු විනිවිද භාවයක් නැහැ. ටෙන්ඩර් කැඳවා කල දෙයක් නොවෙයි. අණදීම සෘජුවම ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ පැවතුන අතර වැඩිපුර බඳවාගත්තේ ගජබා රෙජිමේන්තුවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් සහ සෙබළුන්. සමහර අවස්ථා වලදී ඔවුන්ගේ පවුල්වල අයවත් දන්නේ නැහැ ඔවුන් කරන රැකියාව කුමක්ද කියා. එක් අයකු හෝ මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් මියගියා නම් මහත් අවුලක් ඇතිවෙන්න ඉඩ තිබුණා.

      නාවික හමුදාව මේ කොන්ත්‍රාත් එක කලානම් ලංකාවට කෙලින්ම විශාල විදේශ විනිමයක් ලැබෙන්න තිබුණා.

      Delete
    8. විචා ඔබට බොහොමත්ම ස්තූතියි.

      Delete
    9. ඇනෝ ඔබ ගුවන් හමුදාව ගැන දන්නා කෙනෙක් කියූ නිසා ඔබ එල්ටීටීයී නැව් සම්මත මුහුදු මාර්ග වලින් පිට තියෙනවා කීම සහ ඒවා එක් ස්ථානයක නවතා තිබෙනවා කීම හාස්‍යජනකයි. කලින් මම කිවූ ආකාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එක් එල්ටීටීයී නැවක් විනාශ කලේ චන්ද්‍රිකා කුමාරනතුංග ජනාධිපති වශයෙන් සිටි කාලයේ. ඒසම්බන්ධයෙන් SLMM වාර්ථාවක් ලබා දී තිබෙනවා. එය කියෙව්වොත් වත් බට තේරේවි එම නැව් පාවිච්චියට ගත් ආකාරය සහ සැඟවී තම කාර්‍යය කිරීමට කටයුතු කල ආකාරය. සැඟවී අවි ප්‍රවාහනය කරන නැවක් සම්මත මුහුදු මාර්ගයෙන් පිට තබා තිබීම ඒවා එක තැනක නවතා තිබීම වැනි දේවල් වලින් ඒ පිළිබඳව දැනීම පැහැදිලියි.

      යුද්ධය සම්බන්ධයෙන් සහ ඉන්දියාවේ කාර්‍යභාරය සම්බන්ධයෙන් ලෝකයේ එවැනි කටයුතු ගැන research කරන ආයතන වලින් ඉදිරිපත් කල වාර්ථා විශාල ප්‍රමාණයක් තිබෙද්දී මූලාශ්‍ර සඳහා එක් එක් වුවමණා සඳහා යම් අය promote කිරීම සඳහා ලියූ පොත් මත යැපෙනවා නම් ඒ ගැන කීමට වෙන දෙයක් නැහැ.

      Delete
    10. @විචාරක,

      ඉන්දියානු රේඩාර් පද්ධති වලින් LTTE ගුවන් යානා track කළා. එහෙත් අල්ලා ගැනීමක් ගැන නම් කියන්නට බැහැ, ඒවා අන්තිමේදී බෝම්බ සමග පැමිණ කඩා වදින තුරුම පැමිණීම නිසා. අවසානයේ කටුනායක ගුවන් හමුදා කඳවුරට කඩාවැදීමට පැමිණි ගුවන් යානය නම් ඔවුන් වෙඩි තබා බිම හෙලුවා.

      මේ රේඩාර් පද්ධති ක්‍රියාත්මක කලේ ඉන්දියනුවන්ද නැද්ද යන්න මමත් හරියටම දන්නේ නැහැ. එහෙත්, මා ඒ ගැන සොයා බලන්නම්. හැබැයි, ඒවායේ දත්තයන් ලබාගෙන එමගින් අප ගුවන් හමුදා යානා LTTE ගුවන් යානා හඹා යැව්වේ (ඒවා බිම හෙලීමට නොහැකි උනත්) නම් අපේ නිලධාරීන් බව මම හොඳින්ම දන්නවා.

      පාවෙන අවි ගබඩා යන්න, ආයුධ මෙරටට ගෙන ඒමට LTTEය විසින් භාවිතා කල නැව් වලට නිතර පාවිව්චි වන නමක්. හිටපු නාවික හමුදා වරයෙකු වන අද්මිරාල් කොළඹගේ විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කල නිබන්ධයකත් ඒවාට කියා ඇත්තේ LTTE logistic warehouse ships කියයි. වෙනත් බොහෝ ලියවිලි වල ඒවා හඳුන්වා ඇත්තේ floating warehouses කියායි. සාමාන්‍යයෙන් මෙම නැව්, වෙළඳ නැව් මාර්ග වලින් තරමක් දුරින් නවත්වා තිබුනේ අවශ්‍ය වෙලාවට නියම කරගත් තැන් වලට පැමිණ අවි ආයුධ LTTE ට්‍රෝලර් වැනි යාත්‍රා වලට පටවා මෙරටට එවීමටයි. මුහුද මැදදී කෙරෙන මෙම පැටවීම් අනෙකුත් නැව් විසින් දැකීම වැළැක්වීමට, ඔවුන් තෝරාගන්නේ වෙළඳ නැව් මාර්ග වලින් පිටත ස්ථානයක්. තවත් ආයුධ තොග LTTE මිලයට ගන්නන් විසින් ලබා ගත විට, මෙම නැව් එම රටේ වරායකට ගොස් ආයුධ පටවාගෙන ආපසු තම නියම කරගත් ස්ථානයට පැමිණෙනවා. අවශ්‍ය අවස්ථා වලදී මෙම ආයුධ නැවතත් කුඩා යාත්‍රා වලට පටවා එවීමයි LTTE ය කලේ. පාවෙන අවි ගබඩා එක තැනම හැමවිටම නවත්වා තිබෙන බවක් මම කියන්නේ නැහැ. හැබැයි, ඉන්ධන ඉතිරි කරගැනීමට අවශ්‍ය නිසා ඔවුන් නිකරුනේ එහා මෙහා ගියේත් නැහැ.

      @ඉයන්,
      //ඔබ එල්ටීටීයී නැව් සම්මත මුහුදු මාර්ග වලින් පිට තියෙනවා කීම සහ ඒවා එක් ස්ථානයක නවතා තිබෙනවා කීම හාස්‍යජනකයි//

      ඔබට මෙම වැකිය හාස්‍ය ජනක බව නැවත වරක් කියා තියනවා. එහෙත්, ඒවා ගැන ඔබ සිතන අන්දම ගැන මෙවරත් ලියා නැහැ. කරුණාකර එය පළමුවෙන් ලියන්න. ඒ සමගම SLMM වාර්තාවේ ලින්කුවත් දෙන්න. එවිට මම පිළිතුරක් දෙන්නම්.

      Delete
    11. මෙම දෙබස කියවන කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා මෙය ලියමි. නාවික හමුදාවේ ක්‍රියාකාරී සේවයේ යෙදුනු ජේශ්ඨ නාවික හමුදා නිලධාරීන් අඩුම වශයෙන් දෙදෙනෙක් වත් බ්ලොග් ලියයි. ඔවුන්ට මෙම කමෙන්ට් කරුවා කියන වෘත්තීයමය නොවන තර්ක තේරෙණු ඇත. එල්ටීටීයීය සතුව තිබූ වෙලඳ නැව් අවිආයුධ ප්‍රාවාහණයට යොදාගත් අන්දම , ඒවා ආයුධ පටවාගත් ස්ථානයේ සිට ප්‍රවාහණය කල අන්දම සහ එම ආයුධ ගොඩ බෑ ආකාරයද ඔවුන් දනී, එම නැව් විනාශ කල ස්ථාන ගැනත් ඔවුන් දනී. ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා එල්ටීටීයී නැව් එහේ මෙහේ නොගිහින් එක තැන නවතා තැබීම ගැන හා එල්ටීටීයී ගුවන් යානා මෙම කමෙන්ට් කරු කියන පරිදි ගුවන් හමුදා යානා විසින් හඹා ගියාද කියාත් ඔවුන්දනී. ඒවා ගැන දැනුවත් නොවී මතුපිටින් දන්නා දෙයක් ගැන වටේ යමින් කරන කමෙන්ට් වල ඇති කරුණු කොතරම් ආධුනික දැයි ඔවුන්ට හෝ ඒපිළිබඳව දැනුවත් අයෙකුට තේරෙණු ඇත.

      කලින් කියූ පරිදි මේ නැව් පිලිබඳ තොරතුරු ලබාදුන්නේ ඉන්දීය ආයතන මඟින් බවත්, ඊට අමතර විවිධ උපක්‍රම මඟින් එනම් රේඩාර් පද්ධතියක් ලෙස පෙන්වා ප්‍රහාරක හෙළිකොප්ටර් 5 ක් ලබාදීම ආදිය පිලිබඳව ලියවුණු පිළිගත් මූලාශ්‍ර ලියවිලි ඇත. ඇත්ත වශයෙන්ම ගුවන් හමුදාව සමඟ ජේශ්ඨ මට්ටමෙන් දන්න අයකු නම් මෙවන් මතුපිට තර්ක ඉදිරිපත් නොකරනු ඇති බව ඔබට වැටහෙනු ඇත.

      Delete
    12. //ඉන්දියානු රේඩාර් පද්ධති වලින් LTTE ගුවන් යානා track කළා. එහෙත් අල්ලා ගැනීමක් ගැන නම් කියන්නට බැහැ, ඒවා අන්තිමේදී බෝම්බ සමග පැමිණ කඩා වදින තුරුම පැමිණීම නිසා. අවසානයේ කටුනායක ගුවන් හමුදා කඳවුරට කඩාවැදීමට පැමිණි ගුවන් යානය නම් ඔවුන් වෙඩි තබා බිම හෙලුවා.

      මේ රේඩාර් පද්ධති ක්‍රියාත්මක කලේ ඉන්දියනුවන්ද නැද්ද යන්න මමත් හරියටම දන්නේ නැහැ. එහෙත්, මා ඒ ගැන සොයා බලන්නම්. හැබැයි, ඒවායේ දත්තයන් ලබාගෙන එමගින් අප ගුවන් හමුදා යානා LTTE ගුවන් යානා හඹා යැව්වේ (ඒවා බිම හෙලීමට නොහැකි උනත්) නම් අපේ නිලධාරීන් බව මම හොඳින්ම දන්නවා.//

      ඉන්දීය රේඩාර් ඔපරේටර් වරුන් අපිට උදව් කළා මිසක් අපිට direct under command නෙවෙයි හිටියේ. ඒගොල්ලෝ ගන්න දත්ත අපේ ops rooms වලට යැවුනා. ඒ අනුව තමයි ගුවන් හමුදාව ක්‍රියාත්මක වුනේ.

      Delete
    13. විචා මම දන්න විදිහට ගුවන් හමුදාව සතු මිග්, කෆිර් සහ F7 යානවලට එල්ටීටීයට අයත්ව තිබූ Zlin යාන සමඟ dogfight කර බිම හෙල්ලන්න අමාරුයි. දෙකේ වේග අතර තිබෙන වෙනස නිසා. ඒවුණාට එහෙම එක යානයක් F7 යානයකින් මුලතිව් අහසේදී බිම හෙලූ බව සඳහන් වෙනවා. මම දන්න විදිහට ඒවාට එරෙහිව යොදාගත්තේ බිම සිට එල්ල කරන ගුවන් යානා නාශක බැටරි. එම නිසයි මේ ඇනෝ කියනවා වගේ හඹා යාමක් සිදුනොවුණා කියා මා කියන්නේ.

      Delete
    14. ඉයන්,
      ශ්‍රී ලංකාව භාවිතා කරන්නේ INDRA-II යන නමින් හැඳින්වෙන ද්විමාන රේඩාර් පද්ධතීන්. Indian Doppler Radar කියන නම තමයි INDRA ලෙස කෙටි කර භාවිතා කරන්නෙ. පසුගිය යුධ සමයේදී එවැනි රේඩාර් පද්ධතීන් 5ක් ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නා. මේවා සවිකර තිබුණේ රෝද 8 වෙතම බලය ලබා දියහැකි 8x8 වර්ගයේ වාහනවල . මේ රේඩාර් පද්ධතිය ප්‍රහාරක හෙලිකොප්ටර් වල සවිකිරීම කිසිසේත් ප්‍රායෝගික නැහැ.

      පසුගිය යුධ සමයේදී අපි භාවිතා කළේ MI – 24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර්. අප සතු ප්‍රහාරක හෙලිකොප්ටර් ගණන දහයකට අඩුයි. ඉන්දියාව භාවිතා කරන්නෙත් MI – 24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර්. සාමාන්‍යයෙන් ඉන්දියාව සතුව තිබෙන්නෙත් ඒවා 19 -20 ක් පමණ ප්‍රමාණයක්. පසුගිය යුධ සමය වනවිට ඉන්දියාව තමන්ගෙ රටේ නිෂ්පාදිත ප්‍රහාරක හෙලිකොප්ටර් හඳුන්වා දී තිබුනෙත් නැහැ.
      ඒ අනුව ඉන්දියාව තමන්ගෙ ප්‍රහාරක හෙලිකොප්ටර් ගුවන් බලයෙන් හතරෙන් එකක් අපට පරිත්‍යාග කරන එක ප්‍රයෝගිකව නොවෙන දෙයක්. කෙසේ නමුත් මෙය මෙසේ වූවා යැයි සඳහන් මූලාශ්‍රය සඳහන් කරනවා නම් අපටත් එය වටිනවා.

      නමුත් ඉන්දියාව පසුගිය යුධ සමයේදී එක් ප්‍රවාහන හෙලිකොප්ටරයක් සහ එක් නාවික යාත්‍රාවක් ලබාදුන් බව සඳහන් වෙනවා.

      - නිර්නාම

      Delete
    15. ඉයන්,

      මා දන්නා තරමින් මුලතිව් අහසේ LTTE ගුවන් යානා හඹා යාමක් සිදුකර පහරදීමක් සිදුකළා. මගේ මතකය අනුව එය සිදුකළ F 7 ප්‍රහාරක යානය පැදවූයේ වින්ග් කමාන්ඩර් සම්පත් තුය්යකොන්තා. මා කියවා අති පරිදි F - 7 යානයක stall speed එක පැයට කි.මී. 210 ක්. ZLIN -Z 143 යානයක උපරිම වේගය කි.මී. 235 ක්. මේ ප්‍රහාරය කුමන තාක්ෂණයක් භාවිතා කරමින් සිදුකළාද කියා වැඩිදුර සඳහනක් නැහැ.

      Delete
    16. check this for list of indian military aircrafts https://en.wikipedia.org/wiki/List_of_active_Indian_military_aircraft>

      Delete
    17. What do you mean? I didn't get you properly.
      -Nirnama

      Delete
    18. නිර්ණාම ඔය ලින්ක් එකේ තියෙනවා ඉන්දියානු හමුදා වලට අයිති ගුවන් යාන ලිස්ට් එක. ප්‍රහාරක හෙලිකොප්ටර් වැඩිය නැහැ තමයි. ගොඩක් තියෙන්නේ භට ප්‍රවාහන හෙලිකොප්ටර්.

      Delete
    19. ඉයන්,
      ඔබ නිවැරදියි. ප්‍රහාරක හෙලිකොප්ටර් සීමිත ගණනක් තමයි තියෙන්නෙ.
      - නිර්ණාම

      Delete
    20. නිර්ණාම ඔය ලින්ක් එකේ තියෙනවා ඉන්දියානු හමුදා වලට අයිති ගුවන් යාන ලිස්ට් එක. ප්‍රහාරක හෙලිකොප්ටර් වැඩිය නැහැ තමයි. ගොඩක් තියෙන්නේ භට ප්‍රවාහන හෙලිකොප්ටර්.

      Delete
    21. ඉන්දියාවෙන් ලැබුනු රේඩාර් පද්ධතිය බොහොම ප්රාතමීක 2ඩී කියා හදුන්වන යානයක දිශාව හා දුර පමනක් හදුනා ගත හැකි උපකරණයක්. නමුත් ඉන්දියාව අප රට කෙරෙහි විශාල දයාවක් තිබුනානන් දිය යුතුව තිබුනේ 3ඩී වර්ගයේ යානා ගමන් කරන උස පවා හදුනා ගත හැකි පද්ධතියකට. යානා ගමන් කරන උස දන්නවානන් ඒවා ගොඩබිම සිට පහරදී විනාශ කිරීම ලෙහෙසියෙන්ම කල හැකි ක්රියාවකි.

      ඉන්දියාව ලන්කාවට රේඩාර් පද්ධතියක් හදුන්වා දීමේ අරමුණ ‍බොහොම පැහැදිලී. ඔවුන්ට උවමනා උනේ කොටි යානාවල ගමන් මාර්ගය නිරීක්ශනය කරන්න මිසක ඒවා පහරදී විනාශ කිරීමට නොවෙයි.

      Delete
    22. ඉයන්,

      මේ අර ඔබ කියන වෘත්තිමය නොවන ආධුනික කොමෙන්ට් කරුවා. මා ආවේ ඔබ මගේ කරුණු බිඳ හෙලීම සඳහා නිවැරදි තොරතුරු ඉදිරිපත් කරලාදැයි බලන්නයි. තවම එවැන්නක් සිදුවී නැති නිසා මා බලා ඉන්නවා.

      //මෙම කමෙන්ට් කරු කියන පරිදි ගුවන් හමුදා යානා විසින් හඹා ගියාද කියාත් ඔවුන්දනී//

      මේ කොටසට නම් දැනටම පිළිතුරු ලැබී තියන බව පෙනෙනවා. එත් අනිත් කොමෙන්ට් කරුවන්ගෙන්!

      @AnonymousOctober 5, 2016 at 11:22 AM

      //මගේ මතකය අනුව එය සිදුකළ F 7 ප්‍රහාරක යානය පැදවූයේ වින්ග් කමාන්ඩර් සම්පත් තුය්යකොන්තා.//

      සම්පත් තුයියකොන්ත කියන්නේ හෙලිකොප්ටර් නියමුවෙක්. අවසාන යුද සමයේ ඔහුත් ඉතාම වැදගත් කාර්ය භාරයක් සිදු කළා. එනමුත්, මේ කියන අවස්ථාවේ F 7 යානය පැදවුවේ වෙනත් කෙනෙක්. මම ඔහුගේ නම කියන්නේ නැහැ ඔහුගේ අවසරය නැති නිසා. කැමති නම් ඔබම එය සොයා මා කියන්නේ ඇත්තද නැද්ද කියන්න.

      මේ ප්‍රහාරය කලේ F 7 ගුවන් යානයෙන් යැවූ ගුවන් යානා නාශක මිසයිලයක් භාවිතා කරමින්.


      @Shenal MendisOctober 5, 2016 at 10:22 PM

      //යානා ගමන් කරන උස දන්නවානන් ඒවා ගොඩබිම සිට පහරදී විනාශ කිරීම ලෙහෙසියෙන්ම කල හැකි ක්රියාවකි.//

      කුඩා ගුවන් යානාවක් විනාශ කිරීම එතරම් පහසු නැහැ. එකක්, තාපය සොයා යන මිසයිල වලට දැනෙන තරම් තාපයක් කුඩා යානා වල එන්ජින් වලින් නිකුත් වෙන්නේ නැහැ. අනික, වෙඩි තැබීමේදී, එක යානයක් බිම හෙලීමට වෙඩි දහස් ගණනක් තැබීමට සිදු වනවා. LTTE ගුවන් යානා කොළඹට පහර දීමට පැමිණි විටදී ඒවාට කොපමණ වෙඩි තැබුවාද යන්න සලකා බැලුවොත් එය ඔබටම පෙනේවි. එක යානයක් වත් බිම හෙලීමට ආරක්ෂක හමුදා වලට නොහැකි වුවා. විශේෂයෙන්ම, රාත්‍රී කාලයේ මෙය වඩාත් අපහසුයි. සතුරු යානය ගමන් කරන උස දැනගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රහාරක යානයක් සතුරු යානය වෙතට නිවැරදිව යැවීමටයි. ඇත්තෙන්ම, කොළඹට පැමිණි LTTE යානා පැමිණි උස ගුවන් හමුදා නිලධාරීන් දැන සිටියා. එහෙත්, එය ප්‍රයෝජනයට ගැනීමට හැකි වුයේ නැහැ.


      Delete
    23. ඇමෙරිකාවට අයත් දියාගෝ ගාර්ෂියා දුපතේ සිට කරපු නිරීක්ෂණ වලින් 6th fleet එකෙන් කොටි නැව් ගැන තොරතුරු දුන්න කියල තමා මමත් දන්නේ.

      Delete
    24. ඉයන්, කෝ මම ඊයේ රාත්‍රියේ දැමු කොමෙන්ටුව? උත්තර නැති නිසා ඉවත් කලාද?

      මේ අර ඔබ කියන වෘත්තිමය නොවන ආධුනික කොමෙන්ට් කරුවා!

      Delete
    25. ඉයන්, ඔබ මගේ කොමෙන්ටුව වැරදීමකින් ඉවත් කලානම්, එය නැවත ඇතුල් කරන මෙන් කරුණාවෙන් ඉල්ලනවා. එවිට, අනිකුත් කියවන්නන් හට තේරුම් යාවි මේ විෂයයන්ට මා කොතරම් ආධුනිකද යන්න.

      වෘත්තිමය නොවන ආධුනික කොමෙන්ට් කරුවා!

      Delete
    26. මේ පෝස්ට් එකේ කිසිම කමෙන්ටුවක් ඉවත් කර නැත.

      Delete
    27. ඔබගේ කමෙන්ටු spam folder එකේ තිබුණා. මම deleteකරානම් එය නැවත ලබා ගන්නා ක්‍රමයක් මම දන්නේ නැහැ. spam folder එකේ තිබුණ නිසා එය කිරීමට හැකි වුණා.

      Delete
    28. ඉයන්, මගේ කමෙන්ටු ආපසු දැමීම ගැන ස්තුතියි.

      එහෙත්, මගේ කොමෙන්ටු වලට පිළිතුරක් නම් නැහැ. මා ඔබගේ විවේචනයට ලක් වූ නිසා මා සිතනවා ඔබ පිළිතුරු දීම ඔබේ යුතුකමක් කියා. (ඔබේ විවේචන, අපහාස ලෙසට දැකිය හැකි වුවත්, මා මේ අවස්ථාවේදී ඒවා හුදු විවේචන ලෙසටම ගැනීමට කැමතියි.)

      මෑතදී පලවූ ඔබගේ ලිපි සැම එකක්ම පාහේ මා කියවා තිබෙනවා. ඒවායේ ප්‍රකාශ කෙරුණු අදහස් වලට මා සාමාන්‍යයෙන් එකඟයි. මේ ලිපියටත් එසේමයි. මෙන්න මේ වැකියට මා වඩාත් කැමතියි.

      //මගේ විශ්ලේශණය අනුව ලෝකයේ ඇති ඉතා කුඩා රටක් වන ලංකාව ගැන ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු බලයේ සිටීම යුද්ධය අවසන් කිරීමට විශාල පිටිවහලක් වූ බව පිළිගත යුතුය.//

      මේ අදහස මා සිත තුල මුල සිටම තිබුනත්, එය පෙරදී ලිඛිතව දැක නැහැ. මෙය ඉතාම වැදගත් අදහසක් බව කිව යුතුයි.

      කනගාටුවට කරුණ නම්, මා ඔබට එකඟ නොවන විටදී ඔබගේ ප්‍රතිචාර වල පරිනත බවක් දැකීමට නොහැකි වීමයි. මා වැරදි යයි ඔබ සිතන්නේ නම්, ඔබ කලයුත්තේ නිවැරදි දේ ප්‍රකාශ කිරීම මගින්, වැරැද්ද පෙන්වා දීමයි. එසේ නොකර, කමෙන්ට් කරුවා විවේචනයට භාජනය කිරීම මගින් ඔහු යටපත් කිරීමට තැත් කිරීම ඔබ වැන්නෙකුට 'තරම් නොවන' බව කිව යුතුයි.


      Delete
  13. ඇවිත් ගියා ..
    ලොකු කෙමෙන්ට් එකක් දාන්න ඩේටා නැහැ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා

      Delete
  14. බැලින්නන් ප්‍රභාකරන් වෙන්න බෑ LTTE ය ලිඩ් කරල තියෙන්නෙ රාජපක්ශල වෙන්න ඕනෑ.

    යුද හමුදාව විතරක් නෙමෙයි ගුවන් හමුදාවයි, නාවික හමුදාවයි , පොලීසියයි, සිවිල් ආරක්ශක බලකායයි ඔක්කොම හොරා වගේ හැංගිල මෙහෙයවන්න ඇත්තෙත් පොන්සේකම තමයි නැත්නං දිනයි යුද්දේ නේද ?



    ඔන්න යුද්දෙ දිනන්න දේශපාලන නායකත්වය දුන්නෙ නං රනිල් ඇතුලු යූ ඇන්පී නායකයො, චන්ද්‍රිකා..ඇයි සිරිසේන ජනාදිපටි තුමා එයත් ඇමති තුමෙක් හැටියට යුද්දෙට අණ දීල තියනවා. ඒ ගොල්ලන්ට ලැජ්ජ හින්දා යුද්දෙ දින්න කියල කියන්න එ ගොල්ලො නොකිය හිටියා. ලැජ්ජා නැති කමට මහින්ද යුදදෙ දින්න කිවුවා..!


    ඕන්න ඕකයි කතන්දරේ.


    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනෙ පැණිකු. මේ මම හිතින් මවාගත්ත කථාවක් ලිව්වේ. රාජපක්ෂ උත්තමයලා ඉතින් 1951 ඉඳන්ම ලංකාවේ භෞමික අඛන්ඩතාවය, අධිරාජ්‍ය්වාදී කුමන්ත්‍රණ, උන්ඪුක පුච්චය වගේ දේවල් ගැන බොක්කෙන්ම සටන් වැදුණු කට්ටියනේ. කම්කරු ඇමති, ධීවර ඇමති, අගමැති වගේ තනතුරු වල ඉඳන් ඒ ඒ අංශ ගැන දිග දුර පෙනෙන ණුවනකින් මොන තරම් වැඩ කන්දරාවක් කරපු අයද. ඒවගේ අයට හැර මේවගේ සංකීර්ණ යුද්ධයක් දිනන්න හිතා ගන්නවත් වෙන අයට පුළුවන් වෙයිද?

      Delete
  15. ලිඳටවැටුණු අම්මාව බේරාගත්තා කියලා ඌට අම්මාව දූෂණය කරන්න අවසර දෙන්න කිසිම දරුවෙකුට බැරිය.
    රාජපක්ෂලා සහ යුද්ධය ද එච්චරය.
    යුද්ධය නිසා වැටුණු මව්බිම ගොඩගන්න නායකයන් ගොඩක් කැපකිරීම් කර ඇත.
    බොහෝ දෙනෙක්ගේ බොහෝ නායකයින්ගේ කැපකිරීම් එක්ක ලින් කට ගාවට ම අම්මාව ගෙනෙන්න පුළුවන් විය.
    රාජපක්ෂලා කලේ ඒ කාර්යය සම්පූර්ණ කිරීම ය.
    ඒ දේට ගෞරවය ඔවුන්ට සැමදාම හිමි ය.
    එත් එහෙම කළා කියලා ඒ පවුලට සහ පවුලට සම්බන්ධ කල්ලිය ට රට ඉහගෙන කන්න ලයිසන් එකක් කවුරුත් දුන්නේ නැත.
    ලයිසන් නැතුව පාරේ ගියොත් දඩ කන්න වෙනවා වගේ, ලයිසන් නැතුව රටක් ඉහගෙන කන්න ගියාම පනිෂ්මන්ට් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මය.
    ට්‍රැෆික් රාලහාමිට 500 ලයිසන් එක පෙන්න්නලා බේරෙනවා වගේ මේ ලයිසන් නැති චන්ඩි පවුලත් මොකක් හෝ ගේමක් ගහල ගොඩයන්න හදන්න බැරි නැත.
    අපි කල්පනාකාරී වෙන්න ඕනා ඒ දේවල් වලක්වන්න ය.
    යුද්ධ කළා කියලා ලංකාවේ කිසිම උසාවියක නඩු දාලා නැති නිසා , පවුල විසින් කවපු පුන්නක්කු වල බලය හැරෙන්නට මේ අධිකරණ කටයුතු වලට විරුද්ධව තප්පුලන්නට බයියන්ට වෙන කිසිම හේතුවක් නැත.

    ReplyDelete
    Replies
    1. //යුද්ධ කළා කියලා ලංකාවේ කිසිම උසාවියක නඩු දාලා නැති නිසා , පවුල විසින් කවපු පුන්නක්කු වල බලය හැරෙන්නට මේ අධිකරණ කටයුතු වලට විරුද්ධව තප්පුලන්නට බයියන්ට වෙන කිසිම හේතුවක් නැත.//

      අනේ මචං බයියන්ගේ ආතල් කඩන්නෙ නැතුව මම මේ කියල තියෙන්නේ බොරු කියල දාපන්.

      Delete
  16. මෙතනදි ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ නිකලස් සාර්කෝසිගේ හදිසි ලංකාගමනය ගැන සටහනක් නැත්තේ ඇයි. ප්‍රංශයේ ඒ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයකු ලංකාව වගේ රටකට එන එකෙන්ම පැහැදිලිවෙනවා නේද තිබුනු බලපෑම
    . ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායක හැටියට ක්‍රියාකල ආකාරය පැසසුම් සහගත බව මගේනම් හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ඉවාන් උඹ ගැන දන්න නිසා උත්තරයක් දෙන්නම්. ඩේවිඩ් මිලිබෑන්ඩ් ලා, ඇතුළු තුන්දෙනා ආවේ ඔවුන්ගේ රටේ දෙමළ ප්‍රජාව අතර ලකුණු දාගන්න. ඔබ හිතනවා නම් කිසිම බටහිර රටක් ඉන්දියානු සාගරයේ ආරක්ෂක කටයුත්තකට ඉන්දියාවේ සම්පූර්ණ අනුමැතිය නැතුව මැදිහත් වෙයි කියලා ඔබත් පත්තර වලින් මේවා ගැන අදහසක් ඇතිකරගන්න අයත් අතර වෙනසක් නැහැ.

      ඔබ විතරක් නෙමෙයි 1987 දී ජේ ආර් ජයවර්ධනත් හිතුවේ ශීතල යුද්ධයේ මහිමයෙන් ඇමෙරිකාව ඉන්දියාවට විරුද්ධව ලංකාව බේරාගන්න එයි කියලා. ඇමෙරිකාව කලේ කැස්පර් වීන්බර්ගර් ලංකාවට සහ ඉන්දියාවට එවලා අපිට ඉන්දියාව එක්ක සමාදානයෙන් ප්‍රශ්ණ විසඳගන්න කියපු එක විත්‍රයි. ඔය තුන්දෙනා විතරක් නෙවෙයි, 2009 දිවුරුම් දුන් ඔබාමාත් ටැමිල්ස් ෆො ඔබාමා නමින් ඔහුට සහයෝගය දුන් අය සනසන්න යුද්ධය නවත්වන්න ඉල්ලීමක් කලා. එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලයත් ඉල්ලීමක් කලා. ඒ අය එක්ක මිලිබෑන්ඩ් ල කවුද. යුද්ධය ඉවරකිරීමේ පළමු ප්ලෑන් එක ෆොසේකාගෙ වෙන්න පුළුවන්. එතනින් එහාට වැඩේ ඉවර වෙනකන් ලෝකයෙන් අපිව බේරගත්තේ ඉන්දියාව.

      Delete
    2. දැන් එතකොට බටහිර රටවල් ඉන්දියන් සාග‍රයේ ක්රියාත්මක වෙන්නෙ ඉන්දියාවෙන් අහලද? දියොගෝ ගාර්සියා කදවුර එතකොට ඉන්දියාවට ඕනි විදියටද ක්රියාත්මක වෙන්නෙ? ලන්කාවේ පිහිටලා තියෙන ඇමරිකන් හඩ රේඩියෝ සම්ප්රේශන මධයස්තානය ඉන්දියාවට උවමනා විදියටද ක්රියාත්මක වෙන්නෙ?

      ඉන්දියාව කලාප‍යේ ලොක්කෙක් උනාට ලෝකෙට ලොක්කෙක් නෙමෙයි බන්.

      Delete
    3. මිලි බණ්ඩා ආවේ බොරුවට කියල ඌම පස්සේ කියල තිබුන. උන් දෙන්නම් කළේ රඟපෑමක්. මහින්ද රාජපක්ෂත් ඒක හොඳට දැනගෙන හිටිය.

      Delete
    4. //දියොගෝ ගාර්සියා කදවුර එතකොට ඉන්දියාවට ඕනි විදියටද ක්රියාත්මක වෙන්නෙ? ලන්කාවේ පිහිටලා තියෙන ඇමරිකන් හඩ රේඩියෝ සම්ප්රේශන මධයස්තානය ඉන්දියාවට උවමනා විදියටද ක්රියාත්මක වෙන්නෙ? //

      ඔළුවට එන හැම දෙයක්ම ගැලපෙන තර්කයක් වෙන්නෙ නැහැ කියල මේ රටේ එක්තරා කට්ටියකට වැටහෙන්න්නේ නැහැ. දියාගෝ ගාර්සියා කඳවුර ඇතිකල කාලයේ ලෝක දේශපාලනය වෙනස්. එවකට ඉන්දියාව සෝවියට් කඳවුරේ. දියාගෝ ගාසියා ඇතුළු දූපත් බ්‍රිතාන්‍ය මොරිෂස් රාජ්‍යයෙන් මිලදී ගත්තේ 1960 ගණන් වල. ඒ ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය ආරක්ෂක කලාපයට. ඊට පසු 1970 ගණන් වල ඇමෙරිකානු නාවික හමුදා සම්බන්ධ කඳවුරක් පිහිටෙව්ව. මේකාලයේ අවියක් විදිහ හැකි දුරප්‍රමාණ වෙනස්. යුධ හෝ අනෙකුත් ගුවන් යානයක් නැවත තෙල් නොපුරවා යාහැකි දුර වෙනස්. මේක එවැනි කාලයක පිහිටවපු කඳවුරක්. එතකොට ඇමෙරිකානු හඬ සම්ප්‍රේශනාගාරය ලංකාවේ පිහිටවූයේ ජෙ ආර් ගේ කාලෙදී. එවිටත් ඉන්දියාව සෝවියට් ගැති රටක්.

      ඒවා පිහිටුවන කාලේ ඒවා ඉන්දියා විරෝධී දේවල් වුණ බව රහසක් නොවේ. යුද්ධෙ අවසන් වුන 2009 වන විට ඉන්දියාව ඇමෙරිකාවට කිට්ටු වෙලා දශක දෙකක් වගේ ගිහිල්ල. දැන් ඒවයෙන් ඉන්දියානු විරෝධී දේවල් වෙනවද කියන්න මම දන්නෙ නැහැ. සතුරු මෙන්ම මිතුරු රටවලට එරෙහිවත් ඔත්තු බලන එක තාමත් වෙනවා. ල/න්කාවේ ප්‍රශ්ණ වලට අතදාන්න ඉස්සෙල්ල ඉන්දියාවේ එකඟතාවය බලනව කියන එක නූගතුට රහසක් වුනාට ගොඩ දෙනෙක් දන්නව. ඉන්දියාව 1987 බලෙන් ලංකා දේශ සීමා ආක්‍රමනය කරපු වෙලාවෙ ඉන්දියාව සෝවියට් කඳවුරෙන් නිදහස් වෙලා නොතිබුණත් ඇමෙරිකාව ඉන්දියාවේ බලපාම මත ලංකාවට උදව් කලේ නැහැ.

      රාජපක්ශ මොළ තියෙන අයට ඉතිහාසය මොකක් වුණත් ඕන තර්කයකට ඕනම දෙයක් කියල දාන්න පුළුවන් වෙලා තියෙන්නේ පොදු මහජනයාත් ඒවගේම ඉතිහාසය ගැන නොදැනුවත්කම තමයි.

      Delete
    5. යන්නේ කොහේද මල්ලේ පොල් උත්තර එපා මහත්තයෝ. ඔබතුමා ඇහුවේ ඉන්දියන් සාගර කලාපේ වැඩකරන්න බටහිරත් ඉන්දියාවෙන් අවසර ගන්න ඕනි කියලයි. ඒකට තමයි මම ඔය උදාහරන දෙක දුන්නේ.

      මට ඉතිහාස පාඩන් කියල දෙන්න ආවාට ඔබතුමාවත් ඉතිහාසේ දන්නෙ නැති බව පෙන්නෙ. ඉන්දියාව සෝවියට් කදවුරේ තියා බටහිර කදවුරේවත් හිටියෙ නැති රටක්. දැන්නතත් කියවලා එන්න පොත පත.

      අනිත් එක 1987 යි 2009 සන්නන්දනය කරලා වැඩක් නැහැ. 1987 දී ලන්කාවට මිතුරෙක් කියල රටක් තිබුනේ නෑ. ජේආර් පප්ප බලාපොරොත්තු උන විදියට ඇමරිකාව වත් ලන්කා‍වේ සපෝර්ට් එකට ආවේ නෑ. හැබැයි 2009 දී අපිට මිතුරැ රටවල් හිටිය. චීනෙ ඒකට හොද උදාහරණයක්.

      චීනෙයි පකිස්තානෙයි අපිට යුද්ද කරන්න ආධාර දෙනකොට, යුද්දෙන් පස්සෙ රට හදන්න සල්ලි ‍දෙනකොට, චීන නැව් ලන්කාවට එනකොට ඉන්දියාවට මොනාද කරන්න පුලුවන් උනේ? උන් නිකන් විරෝධයක් විතරයි නේද පෙන්නුවේ? උන්ට අන්තිමට ලන්කාව නටවන්න පුලුවන් උනේ චන්දෙන් මහින්දව පැරැද්දුවට පස්සෙ විතරයි.

      නැත්තන් 2012 ගහන්න හිටපු සීපා එක ඉන්දියාව ඔච්චර බලවත් නන් අකුල ගන්නවාද මහත්තයෝ?

      Delete
    6. ෂෙනාල් මෙතැනදී ඔබ එතරම් නිවැරදි නැහැ කියල මට හිතෙන්නේ. 1971 ගිවිසුමත් සමග නොබැඳි රටක් වුවත් ඉන්දියාව සෝවියට් දේශය පැත්තේ හිටියේ.
      https://en.wikipedia.org/wiki/Indo-Soviet_Treaty_of_Friendship_and_Cooperation
      ඉනිද්‍ර ගාන්ධිට සෝවියට් නායකයෝ හුඟක් කැමැත්තෙන් හිටියේ. ඒ කාලේ තමා ඇමෙරිකාව පකිස්තනයට් උදව් කලේ. පක්ස්තනෙන් යුධ ගණන් ලංකාව පෙලඹවූවෙත ඇමෙරිකාව.
      https://in.rbth.com/blogs/2013/10/31/adulation_indira_gandhi_in_the_ussr_30487
      අප ඉන්න කලේ ඉන්දිරා මරුනහම ඉන්දිර ගාන්ධිගේ ප්‍රතිමාවක් යුනිවසිටි හොටෙල් කියන තැන චතුරශ්‍රයේ හදල තියනවා. මම මේ පර රුසියාවට ගිය වෙලේ පින්තුරයකුත් ගත්ත.

      Delete
    7. චීනෙයි පකිස්තනෙයි ලංකාව එක්ක හැම වෙලේම හිටිය. චෞ එන් ලායි ගේ කලේ ඉඳන්. බණ්ඩාරනායක ලැට් චීනයේ තිබ්බ දැඩි ආදරයත් එක්ක. විශේෂයෙන් සිරිමාවෝ මැතිනිය එක්ක. නමුත් ඇමෙරිකාව විරුද්ධ උනානම් පකිස්ථානය ආයුධ දෙන්නේ නැහැ. එලිප්ට නොකිව්වට එංගලන්තයත් යුද්දෙදි ආධාර කලා හෙවත් සර්විසස් වික්ක ලංකාවට. යුධ ඇර. යුධ දුන්නොත් දෙමල ඩයස්පෝරාවට අහුවෙන නිසා. ඇමරිකාව කලෙත් හොරෙන්. තව අවුරුදු 10-20 පස්සේ ඔය විස්තර එලියට එයි. ඇමෙරිකාවේ ලොකු දෙමල ඩයස්පෝර එකක් ඉන්නව. ඉන්දියාවේ මුළු තමිල්නාඩුවම ලංකාවට විරුද්ධයි. එනිසා තමා උන් හොරෙන් උදව් කලේ. ලංකාව යුද්ධය දිනීමේ පලවෙනි සාධකය තමා ප්‍රභාකරන් රජීව් ගාන්ධිව මැරීම. ඉන්දියාව හිමින් සීරුවේ පලි ගන්න රටක්. ඉන්දිරා මරපු සීක් කාරයෝ ඔක්කොම මරල දැම්ම හෙමින් හෙමින්. ලංකාවෙත් අත යටින් ආධාර දුන්න. උඩින් වලියට හිටිය. ඒකයි වුනේ. ඔය ඔක්කොම කොහොමත් හෙමින් හෙමින් එළිවෙයි ඉස්සරහට.

      Delete
    8. //ඉන්දියාව සෝවියට් කදවුරේ තියා බටහිර කදවුරේවත් හිටියෙ නැති රටක්//

      මේවගේ තර්ක දාන අය එක්ක කථා කරලා වැඩක් නැහැ.

      Delete
    9. උත්තර නැති උනාම පැනලා යන විදිය... @ඉයන්.. මම වැරදි නන් වැරදි තැන පෙන්නන්න...

      Delete
  17. යුද්ධය ඉවර උනේ එල්ටීටීඊ එක මිලිටරි ක්‍රියාකාරකම් පටං අරං අවුරුදු තිස්පහකින්. දොරේඅප්පාව මරලා අවුරුදු තිහකින්.. ප්‍රභාකරන් පැන්ශන් යන වයසේ. දෙවෙනිපෙල නායකත්වය ප්‍රභා විසින්ම නැති කරලා සාමූහික අරමුණක් වෙනුවට ප්‍රභාකරන් සාදකය ඉස්මතු වෙච්චි වෙලාවක..අන්තර්ජාලය හරහා මුලු ලෝකෙම වීශ්ව ගම්මානයක් වුනු වෙලාවක.. ගරිල්ලා සංවිදානයකට ලෝකේ පවතින්න පුලුවං උපරිම කාලේ ගතවෙලා.. තව ගොඩක් සාදක කියන්න පුලුවන්.. වාසනාවට ඒ කාලේ රාජපක්ශලා බලයේ හිටියා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියෝ. ලංකාවේ දේශපාලනය තේරුම් ගැණීමේ අති දක්ෂයෙකු වූ ප්‍රභාකරන් ලෝක දේශපාලනික කරුණු ගැන බබෙක් වගේ ක්‍රියාකලේ. රජිව් ගාන්ධි ඝාතනය මොලෙන් නොහිතා කල වැඩක්. 2001 න් පස්සේ ලෝකයේ ඇතිවූ ත්‍රස්තවාදයට එරෙහි ජනමතය, පකිස්ථානයේ ISI රහස් ඔත්තු සේවය ඉන්දියාවේ බෝම්බ පිපිරවීම නිසා තමිල්නාඩුව හැර ඉන්දියාවේ අනෙක් ප්‍රදේශවල ජනමතය, ඉන්දියාවේ අනික් ප්‍රාන්ත වල බහුතරයක් වන ආර්යන් සම්භවයක් ඇති අය දකුණේ ඩ්‍රවිඩියන් අය නොරුස්සීම සහ ඒඅනුව ඇති එල්ටීටීයී එකට සහය නොදැක්වීම, , කරුණානිධි/ජයලලිතා ආදීන්ට ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය බලයට ඒමට පාවිච්චි කරන මෙවලමක් විනා ඔවුන්ට ලංකාවේ දෙමල ප්‍රජාව ගැන ඇති තුනී උනන්දුව, වගේ දේවල් සමඟ රාජපක්ෂගේ දොල පිදේනි කකා ඉන්නේ නැතිව ඉල්ලාගෙන කෑම අතින් බලන විට ප්‍රභාකරන් මෝඩ වීම ආදියත් ඔබකියන දේවල් වගේම සාධකයන් වුණා. සාම ගිවිසුම කාලයේ යුද්ධයක් නොවීමෙන් ජාත්‍යන්තර ජාලයෙන් ලැබෙමින් තිබූ වසරකට ඩොලර් මිලියන් 300 ක් පමණ වූ ආදායමේ පහත වැටීමක් තිබුණ නිසා එය නැවත ඉහල දැමීමට කරන ලද පොඩි සෙල්ලමක් ගැස්සීමක් කියලත් හිතන්න පුළුවන්.

      Delete
  18. ඉයන් මා මේ සටහන තබනුයේ ඔබ සමග ගැටීමකට මෙන්ම මා පහත සඳහන් කරන කිසිවකු අනවශ්‍ය ලෙස වර්ණනා කිරීමට හෝ හෙලාදකීමට නොවේ.

    01. “යුධ ජයග්‍රහණයට හේතුවූ අනෙක් සාධකය නම් 2003 සාම ගිවිසුමයි. මෙය නොවන්නට යුද්ධය අවසන් වීම සිහිනයක් පමණි.”

    සාම ගිවිසුමක් ඇතිකර ගැනීමක් හැර පැවති රජයට මෙන්ම LTTE යටද වෙනත් විකල්පයක් නොවීය. රටේ ආර්ථිකය පැවතියේ ඍණ අගයකය. දිගින් දිගටම සිදුවූ පරාජයන් හමුවේ සන්නද්ධ හමුදාවල මානසික තත්වය සහ සම්පත් යහපත් තත්වයක නොවීය. LTTE යේ නොනවතින රැල්ල සරසාලේ හන්දියේදී නතර කිරීමට එවකට කර්නල් සුමේධ පෙරේරා සමත් නොවී නම් සමූලඝාතනයට ලක්වීම හෝ යාපනය හැරදා නැව් නැගීම යන යන විකල්ප පමණක් සන්නද්ධ හමුදා ඉතිරිව තිබිණි. එමෙන්ම LTTE යටද ඒ කාලය යහපත් සමයක් නොවූ අතර දිගින් දිගටම පැවති සටන් හේතුවෙන් ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් බොහෝ මියගොස් හෝ තුවාල ලබා සිටියහ. එසේම යුධ හමුදා දිගුදුර විහිදුම් බලකායන් මගින් සිදුකළ මෙහෙයුම් LTTE නායකයන්ට දැඩි හිසරදයක්ව තිබිණි. කරුණා LTTE යෙන් වෙන් වීමට බලපෑ එකම හේතුව ලෙස 2003 සාම ගිවිසුම දැක්විය නොහැක. විශේෂයෙන් ඔහු හා පොට්ටු අම්මාන් අතර පැවති ගැටුමද ප්‍රධාන හේතුවකි.

    02. "මාවිල්ආරුව වැසූ අවස්ථාවේදී සම්පූර්ණයෙන් සුව නොවී සිටි ඔහු වෛද්‍ය උපදෙස් නොතකා නැවත පැමිණියේ වෙඩි කෑ ඌරෙකු මෙනි."

    ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවූයේ 2006.04.25 දින වන අතර එවකටද පැවතියේ සටන් විරාමයයි. නමුත් ඒ නොසලකා LTTEය වෙත මුල්වරට ගුවන් ප්‍රහාරයක් එල්ලකරමින් ප්‍රතිචාර දැක්වීමට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේ එදිනය. මාවිල්ආරු මෙහෙයුම 2006 -07- 26 දින ආරම්භවූ අතර සොරොව්ව විවෘත ලද්දේ 2006.08.08 දිනය.

    එවකට හමුදා නායකත්වය දැරුවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චිය. මේ වනවිට ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රතිකාර ලබමින් සිටි අතර මහින්ද රාජපක්ෂ රජය මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි වැඩබලන හමුදාපති තනතුරට පත් නොකළේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාට කරන ගෞරවයක් ලෙසය. එසේම ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද සැලසීමට රාජපක්ෂ රජය පසුබට නොවීය.

    03. “මේ අතින් ගෝඨාභය රාජපක්ෂට එල්ල වූ ප්‍රහාරය ඔහු මරා දැමීමට නොව අනතුරු ඇඟවීමේ සඥාවක් පමණි. එයට පැහැදිලිම සාක්ෂිය නම් ඔවුන්ගේ ප්‍රහාර වලින් සීරීමක් වත් නොමැතිව 'බේරුනු' එකම කෙනා ඔහු වීමයි.”

    ගෝඨාභය රාජපක්ෂට ස්වයං ඝාතක ප්‍රහාරය එල්ල වනුයේ 2006 .12.01 වන දිනය. යුධ හමුදාපතිවරයා මරා දැමීමේ අරමුණින් ඉන් මාස කිහිපයකට පෙර ප්‍රහාරයක් එල්ල කළ LTTE ය ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි අනුකම්පා සහගත වෙමින් අනතුරු ඇඟවීමේ ප්‍රහාරයක් එල්ල කළා යැයි සිතීම පවා බුද්ධි ගෝචර නොවේ. ඒ වන විට යුද්ධය ආරම්භවී අවසන්ය. LTTE ය කිසි දිනක අනුකම්පා සහගත වෙමින් අනතුරු ඇඟවීමේ ප්‍රහාර එල්ලකර නැත.

    ආරක්ෂක ලේකම්වරුන් හෝ ආරක්ෂාව සම්බන්ධ වැදගත් තනතුරු වලට පත්වීමේ සම්භාවිතාවක් තිබූ විශ්‍රාමික මේජර් ජෙනරාල් වරුන් වන ලකී අල්ගම සහ ජානක පෙරේරා LTTE විසින් ඝාතනය කළේ කල් තබාය.

    ReplyDelete
    Replies
    1. 04. “තම ප්‍රතිමල්ලවයාට කොටින් සමඟ ඩීල් ඇති බවට චෝදනා එල්ල කරමින් ඡන්දය හොරට දිනීමට ඩීල් දමා බලයට ආවේ රාජපක්ෂවරුන්ය. ඡන්ද ප්‍රතිඵලය හොරාකෑමට පමණක් සීමා නොවුණු එම ඩීල් එක රාඩා ආයතනය හරහා හා එමිල් කාන්තන් හරහා දිගටම එල්ටීටීයී සංවිධානයට රටේ මුදල් පොම්ප කරමින් 2005/2006 කාලයේ කොටින් නඩත්තු කලේ රාජපක්ෂවරුය.”

      පසුගිය දින නීතිපතිවරයා විසින් රාධා ආයතනයේ හිටපු සභාපති ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්, එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන අංශ උතුරු, නැ‍ඟෙනහිර මූල්‍ය කටයුතු බාරව කටයුතු කළ ඇන්තනි එමිල් ලක්ෂ්මි කාන්තන්, රාධා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියකුව සිටි රොහාන් සාලිය අබේසිංහ වීරවික්‍රමසූරිය හා එම ආයතනයේ හිටපු නිලධාරිවරයකු වූ ජයන්ත ඩයස් සමරසිංහ යන විත්තිකරුවන්ට නඩු පවරන ලදී. මෙහිදී රාජපක්ෂවරුන්ට එරෙහිව බැලු බැල්මට පෙනෙන සාක්ෂි ඇත්නම් අනිවාර්යයෙන්ම එම අවස්ථාවේදී නඩු පැවරිය යුතුව තිබිණි.

      05. “යුධ ඥානය සහ රටට තිබූ ආදරය පිටරට සැප සොයා නොගොස් යුධ භූමියේ සටන් කිරීම ගැන සිතන විට ජානක පෙරේරා, කොබ්බෑකඩුව, සරත් ෆොන්සේකා වැන්නවුන් ගෝඨාභය රාජපක්ෂට වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය.”

      ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව මුල්වරට අප දැනගන්නේ වඩමරච්චි මෙහෙයුමේදී 1 වන ගජබා රෙජිමේන්තුවට අණදුන් මේජර්වරයා ලෙසය. මේ බලසේනාවේ සමස්ථ අණදීම පැවරුනේ කර්නල් විජය විමලරත්න වෙතය. අදද මෙතෙක් ශ්‍රී ලංකාව බිහිකළ හොඳම ක්ෂේත්‍ර අණදෙන්නා ලෙස සැලකෙන කර්නල් විමලරත්න යුධ ඥානය නොමැති අයෙකු තමා විසින් බිහිකරන ලද 1 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස තීරණාත්මක සටනකදී යොදා නොගන්නා බව පැහැදිලිය. එසේම මේජර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජයවර්ධන වෙතින් වීර ක්‍රියා සඳහා පදක්කම් ලද මුල්ම නිලධාරි කණ්ඩායමට අයත් වූ අයෙකි.

      එසේම යුධ හමුදාවෙන් විශ්‍රාම ලබන විට ගෝඨාභය ලුතිනන් කර්නල්වරයෙකි. ඔහු හමුදාවෙන් ඉවත්වීම විශේෂයෙන්ම මේජර් ජෙනරාල් විමලරත්න සහ ජෙනරාල් රන්ජන් විජේරත්න ජීවතුන් අතර සිටියානම් සිදු නොවීමට ඉඩ තිබිණි. නියමිත සේවා කාලය සම්පුර්ණ වූ පසු විශ්‍රාම ගැනීමට නිලධාරියකුට අයිතියක් ඇත.

      ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨ විශේෂ බලකා අණදෙන නිලධාරීන් වන කර්නල් රාජ් විජේසිරි , කර්නල් ජයවි ප්‍රනාන්දු වැනි යුද හමුදා නිලධාරීන්ද , වින්ග් කමාන්ඩර් සුනිල් කබ්රාල් වැනි විශිෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන්ද විශ්‍රාම ගත්තේ තව බොහෝ සේවා කාලයක් ඉතිරිව තිබියදී සහ යුද්ධය පවතිද්ද්දීය. එබැවින් ඔවුන් යුද්ධයට බියෙන් පලා ගියායි හෝ වෙනත් වරප්‍රසාද ලැබීමට ගිජු වූවා යැයි චෝදනා නැගීම සාධාරණ නොවේ. මෙය ගෝඨාභය සම්බන්ධයෙන්ද පොදුය.

      Delete
    2. 06. “තෙවරක් බෝම්බ කෑවත් රට හැර නොගිය යුද්ධයේ මහ මොළය වූ ෆොන්සේකාගේ දායකත්වය තෙවරක් බෝම්බ කෑවත් රට හැර නොගිය යුද්ධයේ මහ මොළය වූ ෆොන්සේකාගේ දායකත්වය.”

      ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ යුධ ශිල්ප ඥානය, කැපවීම සහ එඩිතර බව පිළිබඳව විවාදයක් නොමැත. නමුත් කිසිම යුද්ධයක් සඳහා “මහ මොළයක්” පමණක් ප්‍රමාණවත් නොවේ. යුද්ධයේ අවසන් ප්‍රතිපලයට බොහෝ මොළ දායක විය. යුද්ධය යනු මූලිකව දේශපාලන තීරණයකි. කිසිදු සන්නද්ධ හමුදා නිලධාරියකුට තනි මතයට යුද්ධයක් ආරම්භ කිරීමට හෝ අවසාන කිරීමට නොහැකිය. හරි හෝ වැරදි වේවා ඔවුන් පිළිපැදිය යුත්තේ දේශපාලන අධිකාරියේ නියෝගයන්ය.

      LTTE යේ නොනවතින රැල්ල හමුවේ යාපනය බිඳ වැටීමට ඉතා ආසන්න අවස්ථාවකට පත්විය. එවකට යාපනය ඒකාබද්ධ ආඥාපතිවරයා වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා වන අතර යාපන යුධ හමුදා ආඥාපතිවරයා වූයේ මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාය නමුත් දිගන් දිගටම ලද පරාජයන් හමුවේ සහ යාපනය පිලිබඳ බලාපොරොත්තු අත්හැර තීරණ විරහිතව සිටි චන්ද්‍රිකා කුමාරතුංගේ දේශපාලන නායකත්වය යටතේ අදියර හතරකින් යුතු යාපනයෙන් හමුදා ඉවත් කිරීමේ සැලැස්ම සකස්කළේ මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාය. එය ඔහු විසින් සිදු කල යුතු කාර්යයක් වූ අතර මේජර් ජෙනරාල් කේ.බී.එගොඩවෙල විසින් කරන ලද මහා විනාශයකින් කෙළවරවූ සැලැස්මක් නොමැති අලිමංකඩ හමුදා පසුබැසීම වැනි ව්‍යසනයන් හමුවේ එය අනිවාර්යද විය.

      නමුත් ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ නිර්භයව යාපනයට ගොස් යාපනය අත්නොහැරීමට ගත් දේශපාලන තීරණයත් එහි ප්‍රතිපලයක් ලෙස සරසාලේ සටන එවකට කර්නල් සුමේධ පෙරේරා ජයගැනීමත් නිසා යාපනය රැකිණි. එදා කර්නල් සුමේධ සරසාලේ සටන පරාජය වූවා නම් හෝ දෙවන විමලධර්මසූරිය රජතුමා ගන්නොරුව සටන පරාජය වූවානම් ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්වීමට අනිවාර්යය. මේ සරසාලේ සටනේදී සුමේධගේ සේනාංකාධිපතිවරයාවූ මේජර් ජෙනරාල් සීවලී වනිගසේකරගේ විශිෂ්ට නායකත්වය සහ මුළු රාත්‍රිය පුරාම අණදෙන මැදිරියේ සිටිමින් කාලතුවක්කු සහය ලබාදුන් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දායකත්වය මෙහිදී සිහිපත් කල යුතුය.

      ඉයන් ඔබ ආරක්ෂක විෂය ක්ෂේත්‍රය පිළිබඳව තවත් බොහෝ හොඳින් හැදෑරිය යුතුයැයි සිතමි. මෙවැනි සංවේදී විෂයකදී ඒ හා අනිවාර්යයෙන්ම සම්බන්ධ දේශපාලනය සම්බන්ධ වීම වැළක්විය නොහැක. නමුත් අප ලිවීමේදී විෂයයන් හා සම්බන්ධ පුද්ගලයන්ගේ සහ අපගේද ගෞරවය ආරක්ෂා වන ලෙස ලිවිය යුතුය.

      - නිර්නාම

      Delete
    3. බොහොම ස්තූතියි නිර්ණාම. සටන් විරාමය ගැන ඔබ කියා ඇත්තේ එය සිදුවූ පසුබිමය. මම ලියුවේ එයින් සිදුවූ වාසිය ගැනය. නන්ද මල්ලවාරච්චි මහතා එම තනතුරට පත් නොකලේ හමුදාපති තුවාල ලබා හෝ එම තනතුරේ සිටි නිසාය. එමෙන්ම එම තුවාල වලින් ෆොන්සේකා මහතා මිය ගියත් නන්ද මල්ලවාරච්චි මහතා හමුදාපති තනතුරට පත්වන්නේ නැත. එයට හේතුව ඔබ දන්නවා යැයි උපකල්පනය කරමි. එතුමා පත්වුණත් මෙම යුද්ධය දුටු අවසානයට ගෙනෑඉමට ඔහුට හැකිද යන්න ඔබ දන්නවා ඇතැයි උපකල්පනය කරමි.

      මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ අයට අනතුරු නොකරන බවට සහතිකයක් එල්ටීටීයී එකෙන් ලබාගෙන තිබිණි. ඒ සඳහා ඔහු මහජනයාගේ මුදල් විශාල ප්‍රමාණයක් ප්‍රභාකරන්ට ගෙවන ලද බව රහසක් නොවේ. ඒ පිලිබඳව නඩුවක් ගොනු නොකරන්නේ ඇයි දැයි මම නොදනිමි. එක හේතුවක් විය හැක්කේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද වර්ජනයට එම ඩීල් එකට සම්බන්ධ වූ අය අද එජාපයේ ඇමති කෙනෙකුට එවකට සම්බන්ධව සිටි නිසාද යන්න නොදනිමි. නඩුවක් නොවැටුනා යන්න මහින්ද රාජපක්ශ මහතාවත් ප්‍රතික්ශේප කර නැති එම කාරණාව බොරුවක් යැයි කීමට හේතුවක් නොවේ.

      ආරක්ෂක ලේඛම් බවට පත්වීමට ඉඩ තිබූ ලකී අල්ගම සහ ජානක පෙරේරා ඝාතනය කලේ ඔවුන් දකුණේ ත්‍රස්තවාදය මැඩපවත්වා රෝහණ විජේවීර සොයාගෙන නැති කිරීමට කෙලින්ම සම්බන්ධ වූ අති දක්ෂ නිලධාරීන් බැවිනි. වැලිඔය යුධ හමුදා කෑම්ප් එකට එල්ටීටීයී එක එල්ල කල ප්‍රහාරය මැඩ පවත්වා කොටින් 300 කට අධික පිරිසක් ඝාතනය කලේ ජානක පෙරේරාගේ මෙහෙයවීමෙන් බව ඔබ දන්නවා ඇතැයි උප්කල්පනය කරමි. ඒ හා සසඳන කල ගෝටාභය රාජපක්ෂ ගේ දායකත්වය 2005 පෙර එම තත්වයේ ලා සැලකීම ගැන පුදුම නොවෙමි. වඩමරච්චි මෙහෙයුමට පව්තින කාලයේ ගෝඨාභය මහතා මෙන්ම තවත් අණ දෙන නිලධාරීන් කිහිප දෙනෙක්ම කොබ්බෑකඩුව සහ විමලරත්න වැන්නවුන් හා සිටි බව මම දනිමි. එයින් ඔහු අති විශෙශ යුධ නිලධාරියෙකුද ලෙස සැලකීමට සහ එක්සත් ජනපදයේ ග්‍රීන් කාඩ් තිබුණත් හමුදාව හැර නොගිය සරත් ෆොන්සේකා මහතා තරම් දක්ෂ හෝ කැපවුන නිලධාරියෙන් යන්න කිසිසේත් පිළි නොගනිමි.

      විශේශ කාර්‍යය බලකායේ කර්නල් රාජ් විජෙසිරි අස්වීමට විශේෂ හේතුවක් තිබිණි. මම ඔහුව පෞද්ගලිකව හඳුනමි.

      Delete
    4. තව කරුණක්. රට වෙනුවෙන් සටන් කල වීරයන් 23 ක් පමණ සරත් ෆොන්සේකා මහතාගේ හිතවතුන් කියා හමුදාවෙන් එලවා අවුරුදු 4 ක් ය්හිස්සේ අල්ලාගත් භූමිය දින දෙකකින් දා පලා ආ එගොඩවෙල මහතා රක්නා ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කලේ ඔබකියන ගෝටාභය රාජපක්ශ මහතාමය.

      Delete
    5. @ AnonymousOctober 2, 2016 at 7:32 PM

      "ඉන්දියාව මෙම අවි ගබඩා සොයාගැනීමට නම්, ඔවුන්ගේ සාගර නිරීක්ෂණ ගුවන් යානා යෙදවිය යුතුයි. මෙම නැව් සෑහෙන දුරක නවත්වා තුබුන නිසා, ඒවා සොයා ගැනීමට තරම් දුරක් පියාසර කිරීමට හැකි
      ගුවන් යානා ඔවුන්ට තිබුනේ කිහිපයක් පමණයි."

      ඔබ සම්පූර්යෙණන්ම නිවැරදි නැහැ. ඉන්දියාව සතුව ඉතා හොඳ සාගර නිරීක්ෂණ යාන තිබෙනවා. Beriev A-50, Tu -124,Il-38 වැනි යානා භාවිතයෙන් සාමාන්‍යයෙන් කිලෝමීටර 3000 පමණ ප්‍රදේශයක් පහසුවෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව මේ යානා සතුයි. සාගර නිරීක්ෂණය සඳහා ඉන්දියාව සතු හැකියාව ඉතා ඉහලයි.

      "සාමාන්‍ය වෙළඳ නැව් ගමන් කරන මාර්ග වලින් පිටත තිබීම නිසාත්, බොහෝ කාලයක් එකම තැන නවතා තැබීම නිසාත්, පාවෙන අවි ගබඩා ලෙස හඳුනා ගැනීමට පුළුවන්."

      මෙහිදී ඔබ නිවැරදියි. මෙය ඉයන්ට සිනාවට කාරණයක් වුනත් සත්‍ය වශයෙන්ම සිදුවුනේ මෙයයි. මේ තොරතුරු මුලින්ම ලැබෙන්නෙ ඇමෙරිකානු නාවුක හමුදාවේ පැසිෆික් විධානයට.

      @ඉයන්
      " එක උදාහරණයක් දෙන්නම් 2007 දී ඉන්දියාව එල්ටීටීයී එකෙන් දකුණේ වෙන 'ගුවන්' ප්‍රහාර වලක්වන්න රේඩාර් පද්ධතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දුන්නා. ඒක සවිකරලා තිබුණේ ප්‍රහාරක හෙළිකොප්ටර් පහක කියන එක සඳහන් වෙන්නේ නැහැ. එතන ඇත්තටම වුණේ ප්‍රහාරක හෙළිකොප්ටර් පහක් ලබාදීම."

      ඉන්දියාව ලබා දුන්නේ INDRA MARK - II වර්ගයේ ද්විමාන DOPPLER රේඩාර් පද්ධතීන්. මේවා ගොඩබිමේදී සවිකරන්න භාවිතා කරන්නෙ 8x8 වර්ගයේ විශාල වාහන. අප මෙන්ම ඉන්දියාවද භාවිතා කරන්න MI 24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් වල හෝ වෙනත් කිසිම හෙලිකොප්ටරයක මේ රේඩාර් සවිකිරීම කිසිසේත් ප්‍රයෝගික නැහැ.

      නමුත් මා දන්නා පරිදි ඉන්දියාව MI 17 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටරයක් ලබා දුන්නා. ඒ වගේම වෙරළාරක්ෂක යාත්‍රාවකුත් ලබා දුන්නා.

      ඉයන් ඔබ ආරක්ෂක විෂයට උනන්දුවක් දක්වනවානම් තවත් බොහෝ ගැඹුරින් හැදෑරිය යුතුයි. පොඩි අවවාදයක් දෙන්නම්. "අන්තිමට සිනාසෙන්නා බොහෝ වේලා සිනාසෙයි."

      -නිර්නාම


      Delete
    6. ස්තුතියි ඉයන්,
      දිගු සටහනක් පසුව තබමි. ඔබ එගොඩවෙල මහතා අලිමංකඩ පසුබැසීමේදී අනුගමනය කළ විදිය මෙන්ම ඔහු රක්නා ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කිරීමද අනුමත නොකරමි. කර්නල් රාජ් විජේසිරි මහතා දැනට ශ්‍රී ලංකාවේ සිටිනවාද?

      -නිර්නාම

      Delete
    7. මම පෝස්ට් එකේ කියා ඇති පරිදි සරත් ෆොන්සේකා මහතා හමුදාපති කිරීම. ජේස්ඨත්වය නොතකා ඔහුට කැමති පුද්ගලයන් සේනාංක සහ කාර්‍ය බලකා වලට අණ දීමට පත් කිරීමට ඉඩදීම. තම සොයුරු සේනාධිනායකයා සහ හමුදාඅතර සම්බන්ධිකරණය කරමින් අවසන් යුද්ධයේදී ඔහු තීරණාත්මක වැඩ කොටසක් සිදුකලා. යුද්ධය අවසන් වීමට ආසන්නයේ සහ ඊට පසුව ඔහුට සහ සොයුරන් සහ දරුවන් හැසුරුණේ පසුගිය අවුරුදු 30 තිස්සේ අන් අය කිසිම දෙයක් නොකල ලෙසටයි. එහි උච්ච්ස්ථානය හමුදාපති සිරගත කිරීමයි. අද ගෝඨාභය මහතාට පරීක්ශණයකින් පසුව නඩුවේ පළමු දිනයේ ඇප ලැබීමත් යුද්ධය මෙහෙයවූ ෆොන්සේකාව ටෙන්ඩර් මීටිමක සභාපති වූ පමණින් හයිකෝප් නඩුවක් පටලවා පරීක්ශණ කිරීමට පෙර සිරගත කිරීමත්. රට වෙනුවෙන් බෝම්බ කෑම නිසා සිරුරේ මූනිස්සම් සහිතව සිටි ඔහුට සිරගෙවල් වලදී සැලකූ අන්දමත් දන්න අය එක් පැත්තකින් පමණක් බලා එක කට්ටියකට හුරේ දැමීමටත් ඔවුන්ට විශේශ සැලකිලි ඉල්ලා සිටීමත් ගැනයි මම ලිව්වේ. හැකිනම් මගේ 2009 පෝස්ට් කියවා බලන්න.

      Delete
    8. අවසන් වරට මට හමුවන විට කර්නල් රාජ් විජෙසිරි හේමාස් ආයතන සමූහයේ සේවය කලා. ඒ අවුරුදු 3 කට පෙර.

      Delete
    9. නන්ද මල්ලවාරච්චි මහතා යුද්ධයට බය කෙනෙක් නෙවෙයි. දේශපාලන වශයෙන් ද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරයි. යුද සැලසුම් සැකසීමත්, නොබියව සටන් කිරීමත් එකක් නොව දෙකක්.

      Delete
    10. විචා ඔබ වෘත්තියෙන් යුද්ධය සමඟ ජීවත් වූ කෙනෙක් නිසා ඔබගේ අදහස පිළිගනිමි.

      Delete
  19. සිවුරෙන් සහ නිළ ඇදුමෙන් නීතිය වහන්න ගියොත්, ඒවාට විපාක විඳින්න වෙන්නේ ඉදිරි පරපුරට. රටට නිවැරදි භාවිතාවක් ගොඩනගාගන්න අවශ්‍ය වෙලාවක මුන් දේශපාලන චූන් ගන්නවා. අපිට හරියන්නේ අලුත් ජනතාවක්.

    ReplyDelete
    Replies
    1. අරූ මචන් එකඟයි. මොහොම ස්තූතියි.

      Delete
  20. ඔය වගේ ජෝක්ස් වලට ඉස්සර හිටපු එවුන් විතරක් නෙවෙයි.දැන් ඉන්න එවුනුත් ඒ හා සමානවම වග කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත. බොහොම ස්තූතියි රෝමාන්තික රස්තියාදුකාරයා. මරු නම.

      Delete
  21. ජොස්තරලගෙ මොලේ කොලොප්පං කියල අපි හැමෝම දන්නවනෙ. ඒකෙ ගැටලුවක් නෑ. මට පේන්නෙ අබ්බගාත්ලටත් එහෙම අසනීපයක් හැදෙන්ට එනව වගෙ...අනික ගොට්ට ගාව නැතෑ කෙලෙප්පු කරගත්තු සල්ලි ගෝනි කනක්කුවෙ. ඒ හින්ද ඔය කලු කෝට් කාරයින්ට පාඩුවකුත් නෑ ඔහොම ගාල කඩාගත්තු අර මොක්කුද වගෙ ගිහිල්ල පෙනී හිටියට...:)

    මම මේක කලිනුත් කියල තියනව ආයෙමත් කියන්නං..මරා යුද්දෙ ඉවරකලේ රට ජාතියට ආදෙරේ හින්දයි කියන එකනං බොහොම පැහැදිලිව අමු කෙප්පයක්.ඒ මනුස්සය යුද්දෙ ඉවරකලේ ඒ වෙලාවෙ තිබ්බ වාතාවරණය අනුව සදාකාලිකවම බලයේ ඉන්ට සහ ඉනික්බිති තමංගෙ දරු මුනුබුරන්ට රජකම පවරල දෙන්ට හොඳම ක්‍රමේ කොයි මක් කරල හරි යුද්දෙ ඉවරකරන එක කියල හිතල. වෙන මොකවත් ඕන නෑ දැං ඔය එකිං එක එලියට එන මරාගෙ නෑදෑයො මිත්‍රයො ගෝල බාලයිංගෙ ගැහිලි කන්දරාව ගැන හිතල බලනකොට රටට ආදරයක් තියෙන මිනිහෙක් මේ වගෙ දහදුරා වැඩ කරයිද සහ ඒත් එක්කම එව්වට ඉඩදෙයිද කියල හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. රවී ඒවගේම එවන් ආත්මාර්ථකාමී කුහකයෙක් බාහිර හේතු රටට වාසිවන ලෙස සැකසෙන විට ජනාධිපති තනතුරේ සිටීම යුද්ධය අවසන් වූ අකාරයෙන් අවසන් වීමට ප්‍රයෝජනයක් වුන බව අපි පිළිගත යුතුයි.

      Delete
  22. ස්තුතියි ඉයන් ලිපිය වෙනුවෙන් . දන්නෙ නැති ගොඩක්දේවල් දැන ගත්තා . මෑත ඉතිහාසයේදේශපාලනය ගැන තවත් හොයලා බලන්න ආසාවක් ඇති වුණා. (ලිපියෙ හැමදේම හෙයි කියලා පිළිගන්නේ නැතුව .)ඒත් ඉතිං වෙලාව තමා අඩු. වෙලාවකට හිතුණත් සා රසතුමත් ඉයනුත් ඉන්නෙ අන්ත දෙකක කියලා මේ ලිපියෙ බොහොමයක් කරුණු වලට මාත් එකඟයි. ආයෙමත් සැරයක් ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ කාලෙකින් බලල යන්න ආවට

      Delete
  23. ///නීතිපති දෙපාර්තමේන්තුව තම යටතට ගණිමින් කැකිල්ලේ නඩු අසා අගවිනිසුරු ගෙදර යවමින් තමන්ගේ බත්බැලයන් උපරිමාධිකරණයට පත් කරන විට ඒගැන කැක්කුමක් නොතිබූ නීතීඥයන් මුදල් වංචා කලවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ සිය ගණනිනි.///

    අඩු ගානේ උන් කැකිල්ලේ තීන්දුවක් හරි අරගෙන අස් කලේ, හැබැයි මෙයාල එකෙක් ඉන්දිදීම ඒක උඩින් තව එකෙක් දාල එයාව විශ්‍රාම යවල වෙන කෙනෙක් පත් කලා...
    අගමැතිගේ අස්වීමේ ලිපිය හිටංම ලියල ලාච්චුවේ දාගත්ත කියල කිව්වා...
    ඒ ක්‍රමේ හරිය කියමුකෝ, එහෙනම් ජනාධිපති වෙච්ච ගමන්ම ඒ ඇසිල්ලෙන් අපිට පේන්නේ නැති වෙන්න හොරෙන් පුදුමාකාර ඉක්මනින් ලියුමක් ලියල ලාච්චුවේ දාගෙන වෙන්න ඇති දැන් ඉන්න අගමැටිව පත් කලේ...
    බැලුවම හිටං සුපර්මෑන් ටත් වඩා ස්පීඩ් බුවෙක්නේ...

    ///විශාල ආයුධ ගබඩා ලෙස හැඳින්වුණ කොටින්ගේ නැව් හතක් ආයුධ සමඟ විනාශ කිරීමට එම නැව් පැමිණෙන බව සහ ඒවා ඇති ස්ථාන පිළිබඳව සියළු විස්තර සපයන ලද්දේ ඉන්දියාව විසිනි.///

    සියල්ල ඉන්දියාවෙන් ලැබුන කියන්නේ අපේ හමුදාවෙන් මුකුත්ම කලේ නැද්ද...
    හරි හරි, අපේ බුද්ධි අංශ වලට ඉයන්ලගේ ලොක්කල කලින්ම කෙලෙව්ව නේ, ඒ නිසා ඒකත් එහෙම වෙන්න ඇති...

    ///ඡන්ද ප්‍රතිඵලය හොරාකෑමට පමණක් සීමා නොවුණු එම ඩීල් එක රාඩා ආයතනය හරහා හා එමිල් කාන්තන් හරහා දිගටම එල්ටීටීයී සංවිධානයට රටේ මුදල් පොම්ප කරමින් 2005/2006 කාලයේ කොටින් නඩත්තු කලේ රාජපක්ෂවරුය. ///

    මෙන්න මේවා හොයන්න කියන්නකෝ FCID හරහා, පොඩි පොඩි සිද්ධි පස්සේ ගිහින් නෝන්ඩි වෙන්නේ නැතුව...

    ///ත්‍රස්තවාදයට එරෙහිව කෙරෙන ක්‍රියාමාර්ග වලට මූලිකත්වය දෙන්නේ සහ දුන්නේ කවුද යන්න ගැන රටේ අනෙක් අයට වඩා ප්‍රභාකරන්ට හොඳ අවබෝධයක් තිබිණි. රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, ජානක පෙරේරා, කොබ්බෑකඩුව, ෆොන්සේකා, වැනි අයට බෝම්බ ප්‍රහාර එල්ල වුණේ ඒ අනුවය. රජීව් ගාන්ධි ඝාතනයෙන් වූ හානිය දැන සිටීම සහ බටහිර ජාතීන් අවංක නායකයෙක් බව දැන සිටි රනිල් මරා දැමීමට ඔහු ඉදිරිපත් නොවුනේ එවකට පැවති සාම ගිවිසුම නිසාය. ///

    ඔන්න කනෝ පිනුම් කිව්වලු, ඒ කියන්නේ රනිල් ප්‍රභාකරන්ට උවමනා ජාතියේ මිනිහෙක්, ප්‍රභාකරන්ට ඕනේ කරපු ගමන යන්න නම් සිටිය යුතු මිනිහෙක් කියන එකනේ...

    ///සමහරුන් ඔවුන් රජවරුන් කොට ප්‍රශස්ථි ගීත ගැයූහ. ///
    හ්ම්ම් හ්ම්ම්, ජහපාලකයෝ ඔක්කොම එකතු වෙලා එහෙව් එකෙක්ව උස්සගෙන ගිහින් රජ පුටුවටම තිබ්බේ දඬුවමක් විදිහට... ;)

    ///ඔවුන්ට විරුද්ධ වන්නන් සිරගතකරමින්, මරාදමමින් රටේ ණය ප්‍රමාණය වසර පහකදී දෙගුණයක් කරමින් එම ත්‍රාඩ පවුල ගෙන ගිය උන්මාදය රටම දනියි.///

    විරුද්ධ වෙච්ච නිසා මරපු අය සහ ඔවුන් විරුද්ධ වූයේ මොනවාටද යන්න සාක්ෂි හෝ සිද්ධි වශයෙන් අඩු ගානේ එකක් දෙකක් හෝ පැහැදිළි කරන්න...

    "රජයේ සමස්ත ණය ප‍්‍රමාණය නාමික වශයෙන්, 2014 වසර අවසානයේ පැවැති රුපියල් බිලියන 7,390.9 සිට 2015 වසර අවසානයේ රුපියල් බිලියන 8,503.2 දක්වා ඉහළ ගියේය. අදායම් එක්රැස් කිරීම් අඩු වීමේ ප‍්‍රතිඵලයක් ලෙස වැඩි වශයෙන් ණය ගැනීමට සිදු වීම සහ ප‍්‍රධාන විදේශීය මුදල්වලට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය වීම, රජයේ ණය සැලකිය යුතු ලෙස ඉහළ යෑමට දායක විය."

    මේ කොටස උපුටා ගත්තේ මහබැංකු වාර්ථාවෙන්, ඉයන් ම කියන විදිහට මහින්ද අවුරුදු පහකට තිබ්බ ණය දෙගුණයක් කලානේ. ඒ කියන්නේ අවුරුද්දකට බිළියන 739.09 යි...
    නමුත් ජහපාලනේ එක අවුරුද්දට ණය ප්‍රමාණය වැඩි කරවල තියෙනවා බිළියන 1112.3 කින්...
    මහින්ද ඒ අවුරුදු පහ ඇතුළත ගත්තු ණය වලින් කරවපු වැඩ එක්ක බැලුවම ජහපාලනය මේ බිළියන 1112.3 න් කරපු දේවලුත් පොඩ්ඩක් ලියමුකෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොක්කා. හොඳටම තරහ ගිහිල්ල වගේ. හෙට උත්තරයක් දාන්නම්

      Delete
    2. 1. ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු තනතුරේ නැවත ස්ථාපනය කිරීම ජනවාරි 8 ඡන්දයෙන් අනුමතවූ ප්‍රතිපත්ති ප්‍රාකාශනයේ කියූ දෙයක් ඉශ්ඨ කිරීමකි. ඡන්දය දා රෑ එක් අපේක්ශකයෙකුගේ ගෙදර සිටි කෙනෙකු කෙතරම් පක්ෂග්‍රාහීද යන්න පැහැදිලිය. එවන් කෙනෙකු අග විනිසුරු කමේ සිටීම ජනතාවදී 19 සංශෝධනය අනුමත කරවා ගෙන 18 සංශෝධනය අහෝසිකරවා ගැනීමට බාධකයක්විය හැකිව තිබිණි. එය කල ආකාරයෙන් කිරීමට එවකට 18 සංශෝධනයෙන් ජනාධිපතිට හිමිවූ බලතල ජනාධිපති සිරිසේනට තිබිණි. කලින් සිදුවුණාක් මෙන් තමන්ට ඕනෑකෙනෙක් පත්කරගෙන තමන්ට ඕනෑ ආකාරයට බලු තීන්දු ලබා ගැනීමක් ගැන මෙම රජයට චෝදනාවක් එල්ල වී නැත. එමෙන්ම මෙම තර්කය යුද්ධය දිනීමට හේතුවූ කරුණු දැක්වූ මෙම මාතෘකාවට අදාල නැත. එම නිසා අදාල නෑනේ !!

      2. 2005 ඡන්දය හොරෙන් දිනීමට කල ඩීල් එක ගැන පරීක්ශා නොවන්නේ එයට සම්බන්ධ ටිලාන් අලස් සහ ශ්‍රීපති සූරියාරච්චි සමඟ සිටි කෙනෙක් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ඇමති පදවියක සිටින නිසා යැයි මගේ උපකල්පනයයි. එමෙන්ම එකේ පරීක්ශණ පැවැත්වෙන්නේ ලැබෙන පැමිණිලි අනුවය. එවන් පැමිණිල්ලක් ලැබී නැතුව ඇති. එම චෝදනාව රාජපක්ෂ පවා ප්‍රතික්ෂේප කර නැත. කෙසේ වෙතත් ටිරාන් අලස් ගැන පරීක්ශණ පැවැත්වෙන්නේ රාඩා ආයතනය හරහා මැතිවරණයෙන් පසු එල්ටීටීයී එකට ගෙවූ මුදල් සම්බන්ධවයි. එසේම මෙම කරුණත් මෙම පෝස්ට් එකේ ප්‍රධාන තර්කයට අදාල නැත.

      3. රනිල් ඝාතනය නොකිරීමට හේතුව පෝස්ට් එකේ ලියා ඇත. එමෙන්ම රනිල් එල්ටීටීයී එකට වාසි වෙන නායකයෙක්නම් ඔහු 2005 ජනාධිපති වූවානම් එය ඔවුන්ට වාසි විය යුතුය. 2005 ඡන්දය එල්ටීටීයී එක කෙලින්ම මැදිහත්වීමෙන් රනිල් පරාජය කිරීමෙන් ඔහුගෙන් එල්ටීටීයී එකට වාසි නොවන බව ඕනෑම මධ්‍යස්ථ විචාරකයෙක් පිළිගන්නා මතයකි.

      4. යුද්ධය අවසන් වීම ගැන ලියවුණු පෝස්ට් එකට 2015 ඡන්දය සිරිසේන ජනාධිපති කරවීම අදාල නැත. එමෙන්ම කවුරු ඔසවාගෙන ගිහින් කොහේ තැබුවත් ඡන්දය දුන්නේ ඡන්දදායකයින්ය. එය යුද්ධය අවසන් වූ පරිදි අවසන් වීමට හේතු ලියාඇති මෙම පෝස්ට් එකට අදාල නොවේ. ප්‍රසශ්ථි ගී ගැයීම අදාල වන්නේ බාහිර සහ අභ්‍යන්තර හේතු කිහිපයක් නිසා අවසන් වුවත් එම ප්‍රතිඵලයට එක් හේතුවක් පමණක් වූ රාජපක්ශට එහි සම්පූර්ණ ගෞරවය දීමට සහ ගැනීමට ක්‍රියා කලාය යන්න මෙම පෝස්ට් එකෙන් ප්‍රශ්ණ කරන කරුණ වන බැවිනි.

      5. සිරගත කිරීම මරා දැමීම් ගැන විස්තර ඕනෑ තරම් ප්‍රසිද්ධ මාධ්‍ය වල ඇත.

      6. යහපාලන කාලයේ ණය තවත් ඉහල යාම විශාල ණය ප්‍රමාණයකට එකතුවන් පොලිය (උදාහරණයකට 2009 නය ප්‍රමාණය තිබුණේ 2015 ප්‍රමාණයෙන් භාගයක් පමණක් බැවින් 2016 එකතුවන පොලිය 2009 දී එකතුවූ පොලිය මෙන් දෙගුණයකි. එමන්ම 2009-2015 ණය ගෙන තිබුණෙ 8% වැනි ගිණි පොලී වලටය. ඊට කලින් ගත් ණය මුල්‍ය අරමුදල වැනි ආයතන වලින් ලබා ගෙන තිබුණු බැවින් පොලිය 0.5% වැනි මට්ටමේ තිබිණ. උදේ හවා ටීවී චැනල් වල නොපෙන්නුවාට නැවතී ඇත්තේ සුදු අලි සංවර්ධනය පමණි. දකුණු අධිවේගයේ කොටසක් සහ උතුරු අධිවේගයේ කොටසක් මේවන විට ඉදිවෙමින් පවතී. අනික් කොටසක් හෙට ආරම්භ වන අතර ඉතිරි කොටස් දෙකත් ලඟදීම ආරම්භ වේ. එසේම කලින් සඳහන් කල කරුණු මෙන්ම රටේ ණය ප්‍රමානය සහ යහපාලන ආණ්ඩුවේ පාලනය යුද්ධය අවසන් වීමට හේතු ලියන මේ පෝස්ට් එකට අදාල නොවේ. අදාල නෑනේ !!

      7. යුද්ධය අවසන් වීමට සියළු දේ කලේ ඉන්දියානු හමුදාව බව සහ ශ්‍රී ලංකා හමුදා කිසිවක් නොකල බව මම කියා නැත. එය පක්ශග්‍රාහීව කියවන කෙනෙකුගේ මනසේ ඇඳිය හැකි hallucination එකක් පමණි. ශ්‍රී ලංකා හමුදාව නොවන්නට මෙම යුද්ධය කිසිසේත් අවසන් නොවේ. එහිදී එම ජයග්‍රහණය සැලසුම් කල, ඒ වෙනුවෙන් දිවිදුන්, අතපය සහ පෙනීම අහිමිකරගත් සියල්ලන් ගැන සඳහන් කර ඇත. එම නිසා මගේ තර්කය එය අවසන් වූයේ රාජපක්ශ ඇතුළු ඒ හා සම්බන්ධ ප්‍රධාන හේතු කිහිපයක් නිසා බවත් ඉන්දියාව රටක් වශයෙන් ජාත්‍යන්තර තලයේ දුන් ආරක්ෂාව, තොරතුරු සැපයීම ආදිය ප්‍රධානම සාධකයක් බව පමණි.

      ඉන්දියාවේ සහයෝගය සහ රාජපක්ශ ජනාධිපතිව සිටීම යන කරුණු දෙකේ සාපෙක්ශ වැදගත්කම සංසන්දනය කලහොත් රාජපක්ශ නොව චම්පික රණවක ජනාධිපති වුණත් ඉන්දියාව දුන් සහයෝගය නිසා අ ෆොන්සේකා නායකත්වය දුන් හමුදාවට ජයග්‍රහණය කල හැක. ඉන්දියාව එම සහයෝගය නොදුන්නානම් රාජපක්ශ නොව විස්ටන් චර්චිල් වැන්නකු ලංකාවේ නායක්ත්වයේ සිටියත් යුද්ධය අවසන් කල නොහැක.

      බොහොම ස්තූතියි ලොකුපුතා

      Delete
    3. 01. ///එවන් කෙනෙකු අග විනිසුරු කමේ සිටීම ජනතාවදී 19 සංශේධනය ගෙනෑඉමට බාදකයක් විය හැකිව තිබිණි.///
      ජනපතිට අගවිනිසුරු පත් කල හැකි වුවත් සහ එවකට පත්කර තිබු පුද්ගලයා කෙතරම් වැරදි වුවත් ඉවත් කිරීමකින් තොරව තව කෙනෙක් පත් කිරීම කොතරම් ගැලපෙන ක්‍රියාවක්ද...
      එය බලය අනිසි ලෙස භාවිතා කිරීමකි...

      02. පෝස්ට් එකට අදාළ නොවන බව කියුවත් එය පෝස්ටුවේ ඇති කරුණක් සම්බන්ධව ලියුවකි...
      මහින්ද පසුගිය ජන්දයට පෙර එම චෝදනාව කිහිප වතාවක්ම ප්‍රසිද්ධ වේදිකාවේදී ප්‍රතික්ෂේප කලා...

      03. LTTE එම අවස්ථාව වන විට බලයේ උපරිමයට ලඟා වී සිටි බැවින් ඔවුන්ගේ බලය රටට පෙන්වීම සඳහා ජන්දයට නොදමන ලෙස මිනිසුන්ට බල කලා යැයි සිතීම ඔබ ප්‍රකාශ කරන සාක්ෂියක් නොමැති අභූත චෝදනාවට වඩා ගැළපෙන්නකි...

      04. පෞද්ගලිකවම ප්‍රශස්ති ගී ගැයුවකු ගැනයි මම සිහිපත් කලේ...

      05. මා අදහස් කලේ මහින්දලාට විරුද්ධ වූ නිසා සිදු වූ එවැනි සිද්ධි සම්බන්ධවය...
      එසේ නොවන වෙනත් වෙනත් කරුණු සම්බන්ධව සිදුවූ එවැනි සිද්ධි මමද මාධ්‍ය තුලින් දැක තිබේ...

      06. මම කලින් පෝස්ට් එකකදී ජෝක් එකට මේ කතාවම කිව්වා. තව ටික දවසකින් ටොයියෝ කියයි කියල ජහපාලනේ වැඩිපුර ණය ගන්නේ මහින්ද ගත්තු ණය වල පොළිය ගෙවන්නය කියල හිටං...
      ඔය දැන් කටේ දිවේ නොගෑවී කියන්නේ...
      8% පොලිය උනත් මහින්ද ගත්තු කොටසට පොළිය බිළියන 295.64 යි. කලින් බාගෙට 0.5% ගානේ පොළිය බිළියන 18.48 යි. ඒ දෙකේ එකතුව ජහපාලනෙන් ගත්තු ණයෙන් අඩු කලාම ඉතිරිය බිළියන 798.2 යි. එතකොට ඒවයෙන් මොනවද කලේ...
      දේශපාලකයෝ කියන බොරු ගිලින්න කලින් මේ සරළ ගණිතය තේරුම් ගන්න...

      (මහින්දට කලින් ගත්තු ණය සියල්ලේම පොළිය 0.5% ට අඩු නොවන බවත් ඊට වැඩ වැඩි ඒවා ඇති බව දැන දැනත්, මහින්ද ගත් ණය අතරේ 8% ට අඩු ඒවා ඇති බව දැන දැනත් ඔබ කියූ අගයන් අනුව ඉහත ගණනය කර ඇත)

      07. ///එමෙන්ම යුධ ජයග්‍රහණයට විශාල හේතුවක් වූ කොටින්ට ආයුධ හිඟ වීමට ඉන්දියාව දුන් සහයෝගය මිල කල නොහැකිය. විශාල ආයුධ ගබඩා ලෙස හැඳින්වුණ කොටින්ගේ නැව් හතක් ආයුධ සමඟ විනාශ කිරීමට එම නැව් පැමිණෙන බව සහ ඒවා ඇති ස්ථාන පිළිබඳව "සියළු විස්තර" සපයන ලද්දේ ඉන්දියාව විසිනි.///
      මම විමසන්නේ ඔබ පැවසු මෙම වැකිය අනුවය, එහි පරිදි නම් ඔබ කියා ඇත්තේ නැව් සම්බන්ධ සියළුම බුද්ධි තොරතුරු ඉන්දියාවෙන් ලැබුණු පසු අපේ හමුදා එහි ගොස් නිකං ඔහේ ගහල ආව වගේ කතාවක්...
      අපේ බුද්ධි අංශ මුකුත් කලේ නැහැ වගේ එකක් හැඟෙනවා ඔබ ලියා ඇති දේ අනුව...
      ඔබේ ලිවීමයි පක්ෂග්‍රාහී...
      ඔබට ඉන්දියාව පෙනුනට අපිට යුද්ධෙදි උදව් කරපු චීනේ පාකිස්තානේ පේන්නේ නැහැ නේද...


      ///එවන් අවස්ථාවකට රට පත්කිරීමට ඇතිවූ අකමැත්ත මත ඉන්දියාව සමඟ සාම ගිවිසුමකට එලඹීමටත් යුද්ධය කිරීම ඉන්දීය හමුදා වලට පවරන්නටත් ජේ ආර් ජයවර්ධන පෙලඹුනේ රාජපක්ෂ වාදීන් කියන්නාක් මෙන් කොන්ඳ පණ නැති කමක් නොව විය හැකි වූ ඉන්දීය ආක්‍රමණයක් වලක්වා ගැනීමටය.///

      මමනම් මේක එහෙම දකින්නේ නැහැ, හැබැයි unp ගොබ්බ ආණ්ඩුව පුරවැසිභාවය නොතිබ්බ වතු සේවකයින් විදිහට සුද්දෝ ලංකාවට ගෙනාපු මිනිස්සුන්ව ආපහු යවන්න පුළුවන්කම තියෙද්දී ජන්ද බලාගෙන පුරවැසිභාවය දීපු එකනම් මම අනුමත කරන්නේ නැහැ...

      Delete
    4. බොහොම ස්තූතියි ලොක්කා

      Delete
  24. යුධ වීරයන්ද මනුෂ්‍යයන්ය.
    වැරදි කිරීම මනුෂ්‍ය ස්වාභාවයයි.
    සමාව දීම දේව ගතියකි.
    එහෙත් දඬුවම් දීම උසාවියේ කාර්යයයි.

    කරපු හොඳ වැඩ හෝ වැරදි කරපු අවස්ථාව (circumstances) සලකාබලන්නේ දඬුවම් නියම කිරීමේදී ලිහිලක් දීමට (mitigating circumstances) මිස වැරදිකාර /නිවැරදිකාරබව තීරණය කිරීමේදී නොවේ.

    ReplyDelete
    Replies
    1. නීතිපති දෙපාර්තමේන්තුවට අත නොතබනු .
      ප්‍රාජේට අත තබනු

      Delete
    2. නීතිපති දෙපාර්තමේන්තුවට අත නොතබනු .
      ප්‍රාජේට අත තබනු

      Delete
  25. මේ ලිපි සහ කොමෙන්ට් වලින් එකක් පැහැදිලියි. ලනක්වේ පවතී යුද්ධය ගැන හොඳ මැදහත් විශ්ලේෂණයක් තවම ඇවිත් නැහැ. මම කියන්නේ පොතක්. මැදහත් ව ලියපු එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්. එය පැහැදිලි වූවානම් එයත් ඇති.

      Delete
    2. "ලංකාවේ පැවති යුද්ධය ගැන හොඳ මැදහත් විශ්ලේෂණයක් තවම ඇවිත් නැහැ. මම කියන්නේ පොතක්."

      @අජිත් සහ ඉයන්,

      එහෙම එකක් ලිවීමට මූලිකවන්න කෙනෙක් පෙළඹවීමේ අදහසක් නම් තිබෙනවා. බොහෝ විට බහු කතෘ පොත් පෙළක් වේවි. නමුත් රාජ්‍ය සහයෝගය ලැබේද යන්න සැක සහිතයි. නොලැබුනොත් බොහෝ තොරතුරු ලබාගැනීම අපහසුයි.යන වියදමත් ඉතා විශාලයි.
      නමුත් අවම වශයෙන් තව අවුරුදු 10ක් තුළවත් කවුරුහරි නොලිවොත් මේ සම්බන්ධ තොරතුරු ලබා ගතහැකි බොහෝ පුද්ගලයන් වයසට යාවි නැතිනම් මියයාවි.

      -නිර්නාම

      Delete
  26. @shenal mendis.//////// ඉන්දියාව සෝවියට් කදවුරේ තියා බටහිර කදවුරේවත් හිටියෙ නැති රටක්. දැන්නතත් කියවලා එන්න පොත පත. /////////ඉන්දියන් සෝවියට් මිත්‍රත්වය ශෙනාල්ට අමතක වෙලා හෝ පැටලිලා විය යුතුයි. එය 1950 ගනන් තරම් ඈතට යන්නක්. බොහොම තද ගනුදෙනුවක් තිබුනේ. ආසියානු මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. අරූ බොහොම ස්තූතියි. මම හිතන්නෙ අමතක වීමක් නොවේ. බොහෝ අය අතර තියෙන ලෝක දේශපාලනය ගැන තියෙන නොදැනීම. ලංකාවෙ නිසා යුද්ධය ගැන දන්නවා. ඒක නිසා රාජපක්ෂ විශ්ව කර්මයෙක් වගේ පේඉනෙ මේ අයට තමයි. සංවාදෙකදි වැරදිලා නොදැනීම එලියට පණිනවා.

      Delete
    2. කදවුරේ ඉන්නවානන් කදවුරේ ගැත්තෙක් වෙන්න ඕනා. කදවුරේ මතය අනුගමනය කරන්න ඕනා. මෙතන ලෝක දේශපාලනය දන්නවා කියල පොර ටෝක් දෙන අයට තේරෙන්නෙ නෑ ඉන්දියාව නොබැදි රටවල එකමුතුවේ මුල්ම කොටස්කාරයෙක් කියල. සෝවියට් දේශෙත් එක්ක සම්බන්ධකන් තිබුන පලියට ඉන්දියාව සෝවියට් කදවුරේ කියන එක වැරදී. ඇමරිකාවත් ඒ දවස්වල සෝවියට් දේශයත් එක්ක ගිවිසුම් ගහලා තිබ්බා තිරිගු හුවමාරැ කරගන්න, න්‍යෂ්ටික අවිහරණය කර ගන්න වගේ දේවලට. ඒ අතින් බැලුවොත් ඇමරිකාවත් සෝවියට් කදවුරේ රටක් වෙන්න ඕනි.

      Delete
  27. ගැත්තන්ට මුලා නොවී දෙමල බෙදුම්වාදය සම්බන්ධ ඉතිහාසය ගැන දැනගැනීමට මෙම ලිපි පෙල කියවන්න.

    ReplyDelete