Monday, September 12, 2016

හැම එකාගේම දේශපාලනය අවසන් වන්නේ යූඑන්පී යෙන්

-විසල් කරුණාරත්න විසිනි-


(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.12, පෙ.ව‍‍‍‍‍‍‍‍.6.30) ඒ 1989 වසරේ අවසන් කාර්තුවේ දවසක්. ඒ වන විට කැරැල්ල මුළුමණින්ම වගේ මැඩ පවත්වා තිබුණත් රට සාමාන්‍ය අතට පත් වී තිබුනේ නැහැ. එවකට විසි ගණන් වල සිටි අපි කිහිප දෙනෙක් කොල්ලුපිටියේ දුප්පත් ක්ලබ් එකක බෝතලයක් වටේ රොක් වී සිටිය. කණ්ඩායම අතරේ සඳරුවන්, මංජුල, කල්‍යා, සිරිමල්, සරත් සහ කාෂ්‍යප හිටිය වගේ මතකයි. වැඩේට ස්පොන්සර් කෙළේ අලජ්ඡි සුනිල්. ඌ ඉන්ෂුරන්ස් එකේ පියන් කෙනෙක්. එය දෙපැත්තෙන් තාප්ප සහිත, වා කවුළු නැති තැනක්. දුමෙන් පොට් එක වැසී තිබුණ. දෙපැත්තේ අලවා තිබූ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ විවිධ ෆොටෝ, ක්ලබ් එකේ අයිතිකාරයා තද ප්‍රේමදාස වාදියෙක් බව කියා පෑවා.
තැන හෝ නොතැන අපගේ සැලකිල්ලට එතරම් ලක් වූයේ නැහැ. අපි මහ හඩින් සහ සුපුරුදු ලෙස දේශපාලන සංවාදයක නිරත වී සිටියා. වැඩි දෙනෙක් කැරැල්ලට ප්‍ර‍ථම ජවිපෙන් ඉවත් වී නව ප්‍ර‍වනතාවය සමග හිඳ, එකවිට ප්‍රේමදාස රජයෙන් සහ ජවිපෙන් තර්ජන තිබූ එවුන්. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, නව සමසමාජ පක්ෂය, මහජන පක්ෂය ආදී යේ දේශපාලන රස්තියාදුවේ ගිය එවුන්. උතුරේ සහ දකුණේ වෙන වෙනම විප්ලව දෙකක් කර, ඒවා නැවත ඒකාබද්ධ කර ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාණ්ඩුවක් සැදීමට යෝජනා කළ එවුන් ද සිටිය. අවට මේස වල සිටි එවුන්ට අපගේ සංවාදය එතරම් ගණනක් නැති වුනත් ක්ලබ් එකේ හිමිකරුට එය එතරම් දිරෙව්වෙ නැහැ. වරක් දෙවරක් පමණ අප අසලට පැමිණි අයිතිකරු ‘මල්ලී දේශපාලනේ කතා කලාට කමක් නැහැ ජනාධිපතිතුමාට බනින්න එපා’ යැයි අවවාද කළා. අපි ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. දිගටම ප්‍රේමදාසව පතුරු ගැසුව. මලේ උපරිමයට ගිය අයිතිකාරයා එකවරම අප වෙත කඩා පැන සිරිමල් ගේ කොලරයෙන් ඇද ඌව එලියටම ඇද දැම්මා. අනෙක් එවුන් ෂේප් එකේ එළියට එන අතරේ අලජ්ජියා ඉතිරි කොටය සහ බයිට් එක ඔතා ගෙන එන්න තරම් තීක්ෂණ වුන.


යූඇන්පී කාරයෝ දිහා බැලුවේ අමදේව කරේ තියාගෙන ජිප්සීස්ලා දිහා බැලුවා වගේ

ඒ කාලයේ අපි යූඑන්පී කාරයෝ දිහා බැලුවේ අවඥාවෙන්. හරියට අමරදේව කරේ තියාගෙන ජිප්සීස්ලා දෙස බැලූ ලෙසමයි. සමාජයේ නිතර යූඑන්පී කාරයෝ හමු වුනත් උන් සමග වැඩි බජනයක් තිබ්බෙ නැහැ. උන් හෝටල් වල, ෆැක්ටරි වල වැඩ කරන අතරේ අපි විප්ලවවාදී පක්ෂ හදන්න, සමාජ විප්ලව කරන්න තරුණ අවධිය ගෙව්ව. විනෝදකාමී තරුණ අවධිය අහිමි කරගෙන නිශ්ප්‍රයෝජන ලෙස එය වැයකරද්දී උන් ඒ සියල්ල විඳින ගමන් ජාතික ආර්ථිකයටත් දායක වෙලා. අපි අසමානතාවය ඉවත් කරන්න කතා කරන විට යූඑන්පී කාරයෝ අව වරප්‍ර‍සාදිත ප්‍රේමදාස ව ජනාධිපති කළා.උන් ඒ මිනිහගෙ ජාතකේ සොයන්න ගියේ නැහැ.

බාර් එකේ සිදු වීමට වසර තුනකට පමණ පසුව 1993 මුල දී තරඟ විභාගයකට මුහුණ දී එයින් පාස් වී මා රජයේ රැකියාවකට යනවා. අදත් සමහර දේශපාලන විචාරකයින් ප්‍රේමදාස ව සලකන්නෙ අධිපතිවාදී දුෂ්ඨ පාලකයෙක් ලෙස. ඒත් මිනිහගෙ කාලයේදී රජයේ රැකියාවල් වලට බඳවා ගත්තේ තරඟ විභාග තියලා අතිශයින් ස්වාධීන ක්‍ර‍මවේදයක් මත. නැතිනම් වමේ අතීතයක් හිමි අයෙකුට යූඑන්පී රජයක් යටතේ රජයේ රැකියාවකට යන්න වෙන්නෙ නැහැ. යූඇන්පී ආණ්ඩුවේ ජේආර් ගේ කාලයේදී අපේ අක්කාට ගුරු පත්වීම නැතිවුනේ එහෙමයි. තාත්තා සමසමාජ නිසා අක්කාගේ නම යූඇන්පී ශාඛා සමිතියෙන් කැපුවා. ප්‍රේමදාසගෙන් පසුව පත් වූ කිසිම රජයකින්, යහපාලන රජයෙන් පවා රජයේ පත් වීම් වලට බඳවා ගැනීමේදී තවම එවැනි සාධාරණ ක්‍ර‍ම වේදයක් සකස් කර නැහැ.යම් ආකාරයකින් ප්‍රේමදාස ඔහුගේ නිල කාල දෙක ගෙව්වා නම් බොහෝ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී අයිතීන් සමාජයට එකතු වෙන්න තිබුණාය යන්න මගේ පුද්ගලික මතයයි.
කාලය ගෙවී ගියා. මා කොළඹින් බැහැරව වැඩ කල නිසා නිතර නිතර අනෙක් අය හමු උනේ නැහැ. එසේ හමු නොවුන වසර 5 වැනි දීර්ඝ කාලත් තිබුණ. සඳරුවන් තමාගේම කාර්යාලයක් පවත්වා ගෙන ගිය නිසා කොළඹ පැමිණි විට ඉඳහිට එයට ගොඩ වදින්න නම් අමතක කෙළේ නැහැ. සමහර විට එහිදී පරණ එවුන්ව හමු වූ අවස්ථාත් තිබුණ. ඒ එක් දවසකදී පත්තර වල දේශපාලන කොළම් කියන පත්තර කාරයන් පිරිසක් සඳරුවන් හමුවෙන්න කාර්යාලයට ඇවිත් හිටියා. සුපුරුදු ලෙසම හවස කට්ටිය බෝතලයක් වටේ රැස් වුනා. ඒ වෙනකොට රනිල් චන්ද්‍රිකා ආණ්ඩුව එල්ටීටීඊය සමග සාම ගිවිසුමක් අත්සන් කරන්න යනව. අර පත්තර කට්ටිය සඳරුවන්ගෙන් ඇහුව මොකද ඒ ගැන කියන්නෙ කියල. ‘වම්මු කරන්න ඕනෙ වැඩක් ධනපති පක්ෂ කරනවා. වම්මු ජාතිවාදය අදිනවා. කෙළින් ඉඳගෙන මේකට පක්ෂව ලියපල්ල‘ සඳරුවන් කීව. අන්තිමේ ඔක්කොම ඒ මතයට තමයි ආවේ. ඒ සති අන්තෙ අර පත්තර කට්ටිය ලියූ කොළම් වල සඳරුවන්ගේ මතය ලියැවිලා තිබුනා. එතකොට ඊ නිව්ස් පටන් අරන් තිබුනෙ නෑ.  ගෙවී ගිය දීර්ඝ කාලය තුල අප දේශපාලණිකව පරිනාමයට ලක් වී තිබුණ. පුදුමයකට මෙන් වැඩි දෙනෙක් යූඑන්පී හිතවාදින් වී සිටියා. අපමණ විවේචන යූඑන්පියට එල්ල කරන අතරේත් අනෙක් දේශපාලන පක්ෂ වලට වඩා යූඑන්පිය ඉදිරියෙන් ඉන්න බව වැඩි දෙනෙක් ගේ පිලිගැනීම උනා. මාරාන්තික ධනපති විරෝධීන්, වරක් බෙල්ලෙන් ඇද එලියට දැමූ යූඑන්පිය ට හිතවාදී වීම සහ අප සමානව වමේ අතීතයක් හිමි වැඩි දෙනෙක් සමාන ලෙස යූඑන්පී හිතවාදීන් වීම දේශපාලනිකව සලකා බැලිය යුතු ප්‍ර‍පංචයක්. 
අතිශය දුෂ්කර තත්වයක් යටතේත්, ජාතිවාදය සමාජයේ නිල මතය වී තිබිය දීත්, පක්ෂ අභ්‍යන්තරයේ ජාතිවාදී කොටස් නායකත්වයට පොර අල්ලද්දීත් රනිල් ගේ නායකත්වයෙන් යුතු යූඑන්පිය එයට යට නොවීම මෙම ආකර්ෂණයට ආසන්නතම හේතුව විය හැකියි. අප බොහෝ දෙනෙක් යුද විරෝධීන් වී සිටියා. සාමකාමී විසඳුමක් මගින් ජාතික ප්‍රශ්නය විසඳිය හැකි බවට දැඩිව විශ්වාස කළා. ඒ වගේම බොරු සමාජවාදී සිහිනයෙන් වැඩි දෙනෙක් අවදි වී සිටියා. ලංකාවේ ඉන්න නියැන්ඩර්තාල් වම්මුන්ගේ කුහක දේශපාලනයෙන් හෙම්බත් වී සිටියා.

බණ්ඩාරනායක පොඩි මිනිහාට තැන දුන්නා කීවට පක්ෂ දෙකක පොඩි මිනිස්සු දෙන්නෙක් ඉහළම තැනට දෙපාරක්ම ගෙනාවේ යූඇන්පී කාරයෝ

ඉතිහාසයේ දරුණුතම පවුල් වාදය, ප්‍ර‍ජාතන්ත්‍ර විරෝධී පාලනය පෙරලන්න ඉදිරියට ආවෙත් යූඑන්පී කාරයෝ. සමාජයේ විවිධ ස්ථර එම ක්‍රියාදාමයට දායක වූවත් නැවත වරක් සමාජයේ පහල තීරුවේ ග්‍රාම සේවකයෙක් ජනාධිපති කළේ යූඑන්පී කාරයෝ. ඒ වෙනුවෙන් පෝස්ටර් ගැහුවේ, වේදිකා හැදුවෙ, ගෙවල් ගෙවල් ගානෙ ගියේ උන්. බණ්ඩාරනායක පොඩි මිනිහාට තැන දුන්නා යැයි නිතර නිතර දේශපාලන විචාරයකයින් කීවත් හැබැහින්ම පක්ෂ දෙකක පොඩි මිනිස්සු දෙන්නෙක්ව රටේ ඉහලම තනතුරට වරක් නොව දෙවරක්ම ඔසවා තැබුවේ යූඑන්පී කාරයෝ. මෙවරත් උන් මෛත්‍රීගේ ජාතකේ විතරක් නොවෙයි දේශපාලන ඉතිහාසයත් අමතක කරල තමන්ගේ පූර්ණ කැප වීම මත සමාජ වෙනසකට උර දුන්නා. පහළ යූඇන්පී කාරයන් පමණක් නොවෙයි, යූඇන්පී නායකයන්ගෙනුත් මෛත්‍රීව දැනගෙන ඇසුරු කරලා තිබුනේ කිහිප දෙනෙක් විතරයි. ඒත් සමාජ වගකීම ගත්ත. වටිනම දේ නම් ඒ ගැන උජාරු කතා කියන්නේ නැතිව, ‍පඬි ටෝක් දෙන්නේ නැතිව, ඒ වෙනුවෙන් පංගු කාරිත්වයක් අපේක්ෂා නොකර නිහතමානීව කැප වීමයි.
යූඑන්පී කාරයෝ තුල ඇති විවිධත්වය අපේ දූපත වගේම විචිත්‍රයි; චමත්කාර ජනකයි. මෙවර මහ මැතිවරණයේදී, කොළඹ දිස්ත්‍රික්කයේ එවුන් අලියට ඡන්දය දී, සිංහල ජාතික වාදී චම්පික, ක්‍රිස්තියානි පාස්චර් වරයෙක් වන ඉරාන්, දෙමළ මානව හිමිකම් ක්‍රියාකාරී මනෝ මෙන්ම මුස්ලිම් මුජිබර් වත් එක විට පාර්ලිමේන්තුවට යැව්වා. ඒ ප්‍ර‍සිද්ධ ටියුෂන් කාරයෙක්, මාධ්‍ය අතික්‍ර‍මණය කළ සහ කලාවට සම්බන්ධ සුවිශේෂ සිවිල් චරිතයක් වූ සන්නස්ගලවත් ගෙදර යවලා. මගේ මනාප තුනෙන් එකක් වෙන් කළෙත් සන්නස්ගලට (ඉතිරි දෙක රනිල්ට සහ මනෝට). ලංකාවේ වෙනින් කිසිම පක්ෂයකින් මේ විවිධත්වය චමත්කාර බව අපේක්ෂා කරන්න බැහැ. වරක් කොළඹ මහනගර සභා මැතිවරණයේදී තම අපේක්ෂක ලැයිස්තුව ප්‍ර‍තික්ෂේප වී තිබිය දීත් මහින්දට දිනන්න නොදී නොදන්නා ස්වාධීන කණ්ඩායමකට ඡන්දය දී තම ගෞරවය රැක ගන්න යූඑන්පී කාරයෝ සමත් වුනා. 
ඉතිරි වෙලා ඉන්න සමසමාජ හම්පඩයෝ ටික පොදි බැඳගෙන බුලත් කොලයට ඡන්දය දෙන කොට ජයම්පති ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරලා ඔහුට වැදගත් වගකීමක් දුන්නෙත් යූඑන්පී කාරයෝ. ඒ අනෙක් ප්‍ර‍ධාන පක්ෂ පැරදුන එවුන්ව රොතු පිටින් ජාතික ලැයිස්තුවෙන් පත් කරන අතරේදි. (ආශුවානම් මොකට පත් කළාද මන්ද?) වමේ පතාකයෙක් වූ ලාල් විජේනායක වගේ උගතෙක්ව නිසි තැනට පත් කරලා සමාජයට සේවයක් ගන්නෙත් යූඑන්පී කාරයෝ. ගේම් කාරයෝ දෙතුන් දෙනෙක් හැරෙන්න පාර්ලිමේන්තුවට පත් වූ බහුතර යූඑන්පී කාරයෝ ජනවාරි 8 වෙනස ගැන වගකීමක් සහිතව ක්‍රියාත්මක වෙනව. දූෂණයට නිරාවරණය නොවී සිටීමට උත්සාහ දරනවා. පින් ඇමති කම් දරන ශ්‍රී ලංකා ඇමතියෝ සම්මුති ආණ්ඩුව වෙනුවට තනි පක්ෂ රජයක් ගැන නන් දොඩන විට තනිව රජයක් පිහිටුවීමේ හැකියාවෙන් යුතු යූඑන්පී කාරයෝ සම්මුති රජය පවත්වාගෙන යෑමට කැප වී සිටිනවා. පක්ෂ දෙක අතර ප්‍ර‍තිවිරෝධතා ඇති නොවන ලෙස විනයකින් යුතුව කටයුතු කරනවා. තමන් බලයට පත් කළ ජනාධිපති වෙනුවෙන් පෙනී සිටිනවා. මේවා අගය කළ යුතු තත්වයන්.
මෛත්‍රී 65 වන සංවත්සරයේදී අත ලකුණින් තරඟ කර තනි ශ්‍රී ලංකා රජයක් පිහිටුවන බව තම පාක්ෂිකයින්ට ශපථ කළා. ඒත් රනිල් සම්මුතිවාදී රජයක් පවත්වා ගෙන යෑමේ වාසි තම පාක්ෂිකයින්ට පැහැදිලි කළා. තනිව රට හදන කාලය ඉවරයි කියලා කෙලින්ම කිව්වා. 2020 දී රටක් ලෙස ණය බරෙන් නිදහස් වන බවත් මෙම ණය බර ඉදිරි පරම්පරාවට නොපවරන බවත් ප්‍ර‍කාශ කලා. අද පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සංයුක්ත වැඩ සටහනක් යෝජනා කර ඇත්තේ හෝ යූඑන්පියයි. වෙනින් කිසිම පක්ෂයකට එවැනි ප්‍රායෝගික යෝජනා නැහැ. ඒ යෝජනා ජනප්‍රිය නොවුනත් යූඑන්පී කාරයෝ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.  අනෙක් එවුන් කරන්නේ යූඑන්පී යෝජනා ක්‍රියාත්මක කරන්න නොදී ඒවාට බාධා කිරීම පමණයි.
මා එතරම් දැන හැඳුනුම් කමක් නොතිබූ ප්‍ර‍ගීත් එක්නැළිගොඩ දිනක් සඳරුවන් ගේ කාර්යාලයේදී හමු වී පිරිස සමග බෝතලයකට සෙට් උනා. ඒ 2010 ජනාධිපතිවරණය ආසන්නයේ දිනක්. සුපුරුදු දේශපාලන සාකච්ඡාවේදී අපගේ විශේෂ අවධානය වුනේ වීරවංශ සහ චම්පිකටයි. එහිදී ප්‍ර‍ගීත් ඔහුට සුපුරුදු උපහාසයෙන් කියා සිටියේ හැම එකාගේම දේශපාලනය අවසන් වන්නේ යූඑන්පී යෙන් බවයි. දැන් එයින් බොහොමයක් සත්‍ය වෙලා. ඉතිරියද ඉදිරි දිනකදී සත්‍ය වේවි. සම්මුතියේ කෙළවර එහෙම තමයි කියලයි මට පේන්නේ..

-විසල් කරුණාරත්න විසිනි-

35 comments:

  1. /* රජයේ රැකියාවල් වලට බඳවා ගත්තේ තරඟ විභාග තියලා අතිශයින් ස්වාධීන ක්‍ර‍මවේදයක් මත. */

    ඒක 86-90 කාලය පිළිබඳව පත් කළ තරුණ කොමිසමේ යෝජනාවක්. තවත් ඒ වගේ ක්‍රියාත්මක වුණු යෝජනාවක් තමයි ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවලින් 40% ක් වැනි ප්‍රමාණයක් සාපේක්‍ෂව තරුණ අය විය යුතුයි කියන ව්‍යවස්ථා සංශෝධනය.

    ReplyDelete
    Replies
    1. මේක සිවිල් සමාජයෙන් ඉල්ලීමක් හැටියට වත් එන්න ඕන එකක්. මෙය නැවත ඇතිකල යුතුයි.

      Delete
  2. ඉයන් නම් ඉතිං උපතින්ම යූඇම්පී හින්දා වෙනස් වෙන්න දෙයක් නෑ නේ අමුතුවෙන්!

    ReplyDelete
    Replies
    1. උපතින්ම යූඇම්පී කියන එක ඉයන්ට ඉන්සල්ට් එකක්..ඒ කියන්නේ අපි උපතින්ම මොන ආගමේද කියන එක වගේ..මගේ දැනුමේ තරමටනම් ඉයන් දේවල් තේරුම් අරන් යූ ඇම් පී අදහස් ඇත්තෙකු වී ඇති බවයි...! ඉයන් සමහරවිට නෑ කියාවි...!

      Delete
    2. උපහාසයක්. ඉන්සල්ට් නොවෙයි.

      මං නං උපතින් ම යූඇම්පීකාරයෙක්. ඒ කියන්නේ අම්මා, තාත්තා සහ දෙපැත්තෙම ආච්චිලා සීයලා.

      ඒක 1980 දී වෙනස් වුණා, ආපහු යාමක් නෑ චෙෆාකි.

      කොම්පියුටරටෙන් ලොග් වෙලා ලින්ක්ස් දෙකතුනක් දාන්න ඕනි අපේ නෑයින් ගේ යූඇම්පීකාරකම් ගැන.

      Delete
    3. උපන් ගෙයි දාල කොහෙ යන්නද?

      Delete
  3. මෑතකාලීන උදාහරණය අජිත් පැරකුම්.

    ReplyDelete
  4. //හැම එකාගේම දේශපාලනය අවසන් වන්නේ යූඑන්පී යෙන් //

    ඉයන් තුමා කරුණාවෙන් දුන් අවවාදය ඉස්මුදුනින් පිලිගත් ස ර ස තුමා යූ එන් පී ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක අන්තර්ජාලයෙන් බා ගෙන යූ එන් පී එකේ ඔන්ලිඅයින් සාමාජිකයෙකු වූයෙමි!

    ReplyDelete
    Replies
    1. වයිරස් එකක් කියල වයිට් සෙල්ස් අප්සෙට් යයිද?

      Delete
    2. මහින්ද නැති දවසක වත් එන්න. ඔබ වැනි අය ශ්‍රිලනිපයට ගැලපෙන්නේ නැහැ.

      Delete
    3. ස රස ශ්‍රීලනිපයට ගැලපුනේ නැතත් යුඇන්පි එකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ... ;)

      Delete
  5. අතීතයේ
    පිලිප් ගුණවර්ධන (65 ඩඩ්ලි සේනානායක රජයට එක්වීම)
    අනුර බණ්ඩාරණායක (නැවත ගියා)
    අතුල නිමලසිරි ජයසිංහ (ලොකු අතුල)
    මහින්ද විජේසේකර
    එස්.බී. දිසානායක (නැවත ගියා)
    බන්දුල ගුණවර්ධන (නැවත ගියා)
    ජී.එල්. පීරිස් (නැවත ගියා)
    දයාසිරි ජයසේකර
    ලක්ෂ්මන් කිරිඇල්ල

    වර්තමානයේ
    පාඨලී චම්පික රණවක
    හිරැණිකා පේමචන්ද්රක
    රාජිත සේනාරත්න
    එස්.බී. නාවින්න

    අනාගතයේ
    ...........?????????????
    (මේ මතක ඇති නම් කිහිපයකි. තව බොහෝ සිටිය හැකිය. මතක ඇති කෙනෙක් සිටී නම් දැනගැනීමට නම් එක් කරන්න)

    ReplyDelete
    Replies
    1. සී පී ද සිල්වා 1960, රොනී ද මෙල් 1977,

      Delete
  6. //"එහිදී ප්‍ර‍ගීත් ඔහුට සුපුරුදු උපහාසයෙන් කියා සිටියේ හැම එකාගේම දේශපාලනය අවසන් වන්නේ යූඑන්පී යෙන් බවයි. දැන් එයින් බොහොමයක් සත්‍ය වෙලා. ඉතිරියද ඉදිරි දිනකදී සත්‍ය වේවි."//

    ප්‍රගීත් ල දෙයක් කිව්වොත් ඉතිං වැරදිලා නෑ. ;)

    ReplyDelete
    Replies
    1. //ප්‍රගීත් ල දෙයක් කිව්වොත් ඉතිං වැරදිලා නෑ. ;)//

      හෙහ් හෙහ්

      Delete
  7. මේ දෙක්ශ පකේ ප්‍රශ්නේ ඇකේ පුරෝගෙන හෝ දටට කීගෙන හරි ඉවරකර ගත්තේ නැත්නම් රට එතනමයි. හොඳ දිශාවකට රට යනවා කියලා මට හිතෙනවා. මේක මගේ ගොන් සිතුවිල්ලක් වෙන්න ඇති.

    ඒත් ගොන් සිතුවිලිවලට වෘශභ උත්තර දෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. //හොඳ දිශාවකට රට යනවා කියලා මට හිතෙනවා. //

      හෙමින් හෙමින් ගෙටිං දෙයා. TY Aru

      Delete
  8. දැන් විසල්ගේ ලිපිත් මේ බ්ලොගේ යනවද? අපේ නම් දෙමව්පියෝ ඇතුළු දන්නා නෑදෑයො ඔක්කොම සිරි ලංකා කට්ටිය.

    ReplyDelete
    Replies
    1. විසල් කියන්නේ කවුද කියලවත් දන්නෙ නැහැ. ඊ නිව්ස් එකේ තිබ්බ එකක් අජිත්

      Delete
  9. අපේ පැත්තෙ පලාත් දේශපාලනඥයෙක් හිටිය..වැඩබලපු මහඇමතිවරයෙක් දේශපාලනේ අහවර වුණේ යූඇන්පීයෙන්...අන්තිමට මං දැක්ක ඩීමෝ බට්ටෙක් එළවනව..

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ට් එක මචං...

      Delete
    2. දවසේ කමෙන්ට් එක මචං... X 2

      ++++++++++++++++

      ඇයි මේක;

      //වරක් කොළඹ මහනගර සභා මැතිවරණයේදී තම අපේක්ෂක ලැයිස්තුව ප්‍ර‍තික්ෂේප වී තිබිය දීත් මහින්දට දිනන්න නොදී නොදන්නා ස්වාධීන කණ්ඩායමකට ඡන්දය දී (මළපොතේ අකුරු බැරි ත්‍රීවීල් කාරයෙක් රටේම අගනුවර පුරපති ලෙස පත්කර) තම ගෞරවය රැක ගන්න යූඑන්පී කාරයෝ සමත් වුනා. (එජාප පාක්ෂික බුද්ධිමතුන්ගේ මෙම අතිඋතුම් උපහාර දරාගත නොහැකිව එතුමා කලක් සැඟවී සිටියා නේද?)//

      දවසේ කොළොප්පම. හිනා කාල මැරෙනව ඕයි. ලොල්

      Delete
    3. ඇයි පබා.... ඇයි මහා විරෝධාර රාජිත පුත්‍ර රත්නය... එක අතකින් බලපුවම යූඇන්පී අය පක්ෂෙට හරි ලෝයල් නේ....

      Delete
    4. ආපහු මිස් වෙලා...

      ///එක අතකින් බලපුවම යූඇන්පී අය පක්ෂෙට හරි ලෝයල් නේ....///
      හෙහ් හෙහ්...
      වහල්භාවයද කියලත් හිතෙනවා...

      Delete
  10. රනිල් කලින් වතාවේ වැදගත් විදිහට ආණ්ඩුවක් පිහිටවපු වෙලාවේ මම උන්නැහේට පක්ෂව ජන්දේ දුන්නා...
    යුඇන්පි එකට මම අකමැති උනේ තරමක් මෑතකදී, ඒ කරන දේශපාලන තුප්පහිකම් නිසා...
    පක්ෂයක් විදිහට ඔච්චර කියවන මිනිස්සු පහුගිය ජනාධිපතිවරණ දෙකටම ඉදිරිපත් කලේ කොහෙවත් හිටපු මිනිස්සුනේ...
    යුද්දේ කාලේ යුඇන්පි හරක් යුද්දෙට විරුද්ධව කියපු ගොන් කතා ටිකම ඇති මිනිහෙක්ට ඔය පක්ෂේ එපා වෙන්න...

    රනිල් මැරිලා, හොර රවී අපායේ ගිහින්, කිරිඇල්ල තොලොංචි වෙලා, කුරුඳු පොලු අවමංගලත් අපායේ ගිහින්, ව්‍යඝ්‍රා ජෝන් පෙති ගහලා වැඩිවෙලා මැරිච්ච දවසක මම යුඇන්පි එකට ජන්දේ දෙනවා කිසි ගැටළුවක් නැතුව...

    ReplyDelete
    Replies
    1. ඔය ලිස්ට් කේ ගිය ආණ්ඩුවේ හිටි සමහර අය වැටෙන්නේ නැත්ද ලොකූ?

      Delete
    2. අම්මපා අමතක උනානේ, මගෙත් ජන්දේ දෙවතාවක් හෝ තුන් වතාවක් ගත්තු යක්කු දෙන්නෙක්...
      ටුත් මෑන් සහ මහින්ද සමරේ, එයිටාමතරව ප.ච. ලොක්කා එහෙමත්...

      හිටං ඉන්නකල් සිරි ලංකා එකටත් දෙන්නේ නැහැ, ජෙප්පන්ට පොඩි චාන්ස් එකක් දෙනවා වැඩක් නැති බව දැන දැනම...

      Delete
    3. උගතෙක් වන සහකුඩා දරුවෙකුගේ පියෙක් වන ඔබට මට කිව හැක්කේ විරුද්ධ පක්ෂයේ සිටින විට කල කී දේ නොව පාලනය කරන විට කල දේවල් මත සිතිය යුතුය යන්නය. තවද එක් එක් පුද්ගලයන් ගැන නොව එම පාලනයන් කර ඇති දේවල්ය. එමෙන්ම එය අනිකුත් ඕල්ටනටිවෙස් සමඟ සංසංධනාත්මකව බැලීම යුතුයි කියාය. ජවිපෙ රජයකින් රටට වඩා හොඳක් වෙන බව ඒත්තු ගිය දිනක මමත් ඔවුන්ට ඡන්දය දෙමි. පුද්ගලයන් ගැන ඔබ බලනවානම් අළුත්ගමගේ, රත්තරං, වීරවංශ, වාසු, ගම්මන්පිල ආදීන් පිරිවරාගත් රාජපක්ශ පවුලට වඩා නාස්තියෙන් හොරකමින් අඩු රට ගොඩ ගැනීමට උත්සාහයක් ගන්නා පක්ෂයක් රටට හොඳ විය යුතුය.

      ඔබ පෞද්ගලික හේතු හෝ යම් යම් පුද්ගලයන් සමඟ ඇති අමනාප කම් උඩ තීරණය කරනවා නම් නූගත් ඡන්ද දායකයින් සහ ඔබ අතර වෙනස සුළුවේ.

      Delete
    4. ///රාජපක්ශ පවුලට වඩා නාස්තියෙන් හොරකමින් අඩු රට ගොඩ ගැනීමට උත්සාහයක් ගන්නා පක්ෂයක් රටට හොඳ විය යුතුය.///

      එසේ උත්සාහයක් ගන්නා පක්ෂයක් සිටිනවානම් හොඳ බව මමද පිළිගනිමි...
      නමුදු, මෙම ආණ්ඩුව නාස්තියෙන් හොරකමින් අඩු බව ඔබ සිතා සිටියාට එය සැබෑවටම එසේ වන්නේද...
      එය අන්ධ භක්තිකයින්ගේ හිතළුවක් පමණි...

      ///ඔබ පෞද්ගලික හේතු හෝ යම් යම් පුද්ගලයන් සමඟ ඇති අමනාප කම් උඩ තීරණය කරනවා නම් නූගත් ඡන්ද දායකයින් සහ ඔබ අතර වෙනස සුළුවේ.///
      එය තීරණය වන්නේ මගේ පෞද්ගලික හේතු මත නොවේ, එම පුද්ගලයින්ගේ පෞද්ගලික කාරණාවන් නිසාය...
      එකට සිට බොක්ක දීමට වගේ ඉඳ පසුව බෙල්ල කපනා අමනයන් මට කෙදිනත් අපුලය...

      Delete
  11. කැපුවත් කොළ කැපුවත් නිල් කියන තැන මම නැහැ ..හැබයි ප්‍රේමදාස මහත්තයා ගාර්මන්ට් කටුනායකින් ගමට ගෙනල්ලා කරපු ඒ වෙනස විප්ලවය කිසිම දවසක ලොවෙත් කාටවත් කරන්න බැරි දෙයක් ..
    ලෑලි ගහපු කාමර කැල්ලක් 10ක් 15ක් පැක් වෙලා බඩට නොකා අන්ත අපා දුක් විදපු කෙල්ලන්ට ගෙදර ඉදලා වැඩට ගිහින් පඩියක් ගන්න එතුමා හදලා දුන්නා ඒ මාර්ගය ඊට පස්සේ ආපු පාලකයෝ දිවුණු කරලා දුන්නනම් ඒ මිනිස්සුන්ගේ ජිවිත මිට වඩා ගොඩක් ඉස්සරහින් ...
    මේ ගැන මට පිටු පිරෙන්න ලියන්න පුලුවන්..හැම ගමකම ගාර්මන්ට් ඇරෙනකොට විදේශීය ගැනුම් කරුවන්ගේ නියෝජිත කාර්යාල කොච්චර ලංකාවේ තිබුනද?
    හිතන්න ගමක ගර්මෙන්ට් එකකින් මාසෙකට ළමයින්ට පඩි විදිහට ලක්ස 10ක් දුන්නා කියලා කෙල්ලෙක් කොල්ලෙක් කොටුවක් පනින්න විල් එකක කාමරයකට ගියත් ඒ සල්ලි ඔක්කොම කැරකෙන්නේ ගම ඇතුලෙම ..
    මේ ලිපියේ තව ගොඩක් කරුණු තියනවා මම එකග වෙන එත් මගේ දැනුම සහ මම ආදරය කරන කරුණු ගැන ලිව්වහම ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ කියපු එක කවුරුහරි කියයි කියල මම බලාපොරොත්තුවෙන් උන්න. පහුගිය රජය කාලේ ඊයු ක්වෝටා එක නවත්තුවම මම දාන්නම කිහිප දෙනෙක්ගේ ගාමන්ට් ව්‍යාපාර බිඳ වැටුන. අදත් අර හොරණ බොඩි ලයින් එකේ දාහක් විතර වැඩ කරනවා. පළාතම ඒ නිසා හැදිලා. මොකද නවාතැන් දීල, කඩ වල බදු ගණන් කට්ටියක් හැදිලා, අහල පහල ගම වලින් වැඩට එන අය . ට්‍රාන්ස්පෝර්ට් දෙන අය . කමහල්ක් හැදුනම රැකියා අවස්තා ගොඩක් ඒ වටේට හැදෙනවා.

      Delete
    2. අයියන්ඩි ...දෙහිඅත්තකන්ඩ්යේ මැලිබන් එකේ කලමනාකර අදක්ෂ්ක මුස්ලිම් කෙනක් ...හැම අවුරුදක්ම වෙළද සංගමය එකතුවෙලා ලොකු උපහර උත්සවයක් පවත්තලා එයාට සම්මානයක් දෙනවා ඒ ගමේ හැම ගෙදරක හැම වැදගත් අවස්තාවක්ම ඒ මනුස්සයට කියනවා ආරාදනා කරනවා. එකම හේතුව එයා නිසා කටුනායක වැඩ කරපු ගැනු ළමයි ගොඩක් දැන් ගෙදර ඉදලා වැඩට යනවා..ඩුඩ් අයියන්ඩි කියපු දැකපු දෙහිඅත්තකන්ඩය වෙනස් වෙලා දිවුණු වෙන්න එක හේතුවක් ගාර්මන්ට් එක..මේ එක උදාහරනයක් විතරයි ..ප්‍රේමදාස මහ්ත්යගෙන් පස්සේ කිසිම කෙනෙක් ගාර්මන්ට් වලට උදව් කරේ නැහැ..එහම කරානම් අපේ ජිවිත උනත් මිට වඩා ගොඩක් හොදයි..සාමාන්‍ය පෙළ පාස් ළමයෙකුට 25000 ත් 30000 ත් අතර පඩියක් ගන්න හදලා දුන්න එකම ඇති ඒ මනුස්සයා පොඩි මිනිස්සුන්ගේ හදවත් තුල ජිවත් වෙන්න

      Delete
  12. හෙට අනිද්දා මහින්දත් යූඇන්පී වෙයිද එහෙනම්.....!

    ReplyDelete
    Replies
    1. ඇයි විකටවංසලා ගොංමංපිලලා වාසු (Xකයලා) වුණත් හෙට යූඑන්පී ආවොත් උඩ පැනලා පිලිගෙන උන් උඩින්ම වැඩිම මනාප වලින් දිනවයි යූඑන්පී සුධීමත් බුද්ධිමතුන්. ගොංජන්ල හරියල ලක්ශ 2කට වැඩිය මනාපලිනුත් පබා ලක්ශ එක හමාරකිනුත් ගොඩදාලා දුන්න එකේ බුලත් හපයින්ට දෙවෙනි වෙන්නෙ කොහොමෙයි?

      (සමාවෙන්න ඉයන් ඔබ හොඳ කෙනෙක් වගේ පේනව නමුත් එජාපය ගැන නම් අපිට කිසි විශ්වාසයක් නැති නිසා මෙහෙම කිව්වෙ)

      Delete