Monday, November 2, 2015

කෙනෙකු මිය යාමකින් ආදරයක් අවසන් වේද?




අද නොවැම්බර් දෙවෙනිදා මලවුන් සිහිකරන දවස හැටියට ක්‍රිස්තියානි භක්තිකයින් සලකනවා. ඒක නිසා මියගිය කෙනෙක් ගැන සඳහනක්. මියයාම කියන්නේ අපි ප්‍රිය කරන හෝ අප්‍රිය කෙනෙකු සදහටම  අපෙන් සමු ගැනීම. අනෙක් අකාරයේ වෙන්වී යාම් තාවකාලික හෝ දීර්ඝකාලීන වුනත් මරණය කියන්නේ ස්ථීරවම වෙන්වී යාමක්. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වන්නේ වයසට ගොස් මුනුබුරු මිණිබිරියන් දැක මියයන්නයි. ආදරයෙන් බැඳෙන අයත් බලාපොරොත්තු වන්නේ හැරමිටිය ගහගෙන යන කාළය එනකම්ම එකට ඉන්න. හැබැයි විවිධ වයස් වල අය විවිධ හේතු නිසා මරණයට පත් වෙන්න පුළුවන් කියන එක හැමෝම දන්නවා. 


තම ආදරවන්තයා හෝ ආදරවන්තිය අන් ආකාර වලින් වෙන්වී යෑම මොනතරම් වේදනා කාරී වුනත් ඔහු හෝ ඇය මරණයකින් වෙන්ව යාම ඉතිරිවන කෙනා වේදනාවේ උපරිමයට  පත්වීමට හේතු වන්නක්. 'මරණයේ වේදනාව මියගිය අයට නොව ජීවත්වන්නන්ට' කියලා සමහර මල ගෙවල් වල තියෙන බැනර් වල තියෙන දේ නම් ඇත්ත. මෙවන් අවස්ථාවකට මුහුණ දුන් අය තව ඉන්න පුළුවන්. මම දන්නේ එක්කෙනයි ඒ වගේ අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දුන්න. 



මේ කථාවට අදාල දෙදෙනා පාසැල් කාලයේ සිට පෙම්වතුන්. අර  'සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි' කියන ජාතියේ ප්‍රේමයක්. ඇයට තිබුණේ දුටුවන් ගේ නෙත් පැහැරගන්නා රූපයක්. දෙදෙනාම ඉගෙනීමට අති දක්ශ අය. ඔවුන්ගේ ආදර කථාවට වසර හතරක් පමණ ගිය පසු ඇයට සුව කල නොහැකි රෝගයක් තිබෙන බව වෛද්‍යවරු සොයා ගත්තා. මෙම පෙම්වතිය ඇගේ අසනීප තත්ත්වය පෙම්වතාට හෙළි කලේ නැහැ. ඒ වෙනුවට ඇය උත්සාහ කලේ පෙම්වතා ඇයව හැර දා යන විදිහට හැසිරීම. ඇයගේ එවකට ස්ථීරව තිබූ මරණයෙන් පෙම්වතාට ඇතිවන වේදනාව අවම කරන්න ඇය ඒ විදිහට හැසිරුණා කියන එක ගොඩක් අය දැනගත්තෙ පහුවෙලා. තමාට ආදරය අවශ්‍යම මොහොතක එම ආදරය ලබා දෙන කෙනාගේ  දුක අඩුකිරීමට එම ආදරයෙන්, බාහිර බලපෑමකින් තොරව ඈත්වෙන්න වගේ පරිත්‍යාගයක් කිරීමට සිතෙන්නේ කීදෙනෙකුටද? ඒ අතින් ඇය මනුශ්‍ය වෙසින් සිටි දේවතාවියක්. යහළුවන් මොන අර්ථකතන දුන්නත් පෙම්වතාට  ඇයගේ වෙනස්වීම ප්‍රහේළිකාවක් වුනත් ඇයව හැර ගියේ නැහැ. අවසාන මාස කිහිපයේදී ඔහු දැනගත්තා ඇයගේ හැසිරීමට හේතුව. එතැන් පටන් ඇයගේ ජීවත් වෙන කාලය දිග්කරගන්න  ඔහු නොකල දෙයක් නැහැ. ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට මොකක් උනත් පෙම්වතිය කොතෙක් ඇවිටිලි කලත් ඇයගේ ඇඳ ලඟින් හෙලවීම ඔහු තරයේ ප්‍රතික්ශේප කලා. ඒ කාලයේ ඔවුන් තවත් එකිනෙකාට බැඳුනා. 


අන්තිමේදී පෙම්වතිය හැමෝම දාල යන්න ගියා. එයා හිටපු අසනීප තත්ත්වය අනුව ඇයගේ මියයාම පවුලේ අයට එක්තරා අකාරයක සැනසීමක් ගෙනාවත් ඇයගේ පෙම්වතාට නම් එය දරා ගැනීමට හැකි වුණේ නැහැ. හැමෝම ඔහු වෙනුවෙන් දුක් වුනා. ඇයගේ මරණය සිදුවෙලා දැනට දශක දෙකක් විතර වෙනවා. ඔහු දැන් මොනවා කරනවා ඇත්ද?  ඇය ඔහුට පුදකල ආදරය වෙනුවෙන් ඔහු අදත් ඉන්නවාද? ඔහු දැන් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුත් එක්ක සතුටින් ජීවත් වෙනවා. කලින් හිටිය පෙම්වතිය ඔහුගේ සිතිවිලි වල ඉන්නවාද කියන්න අද ඔහු දිහා බලන කෙනෙකුට කොහොමටවත් හිතන්න බැහැ. ඔහු වෙනුවෙන් ඇයගේ අවසාන මොහොතේදීත් කැප කිරීම් කල මිය ගිය පෙම්වතිය අමතක කර දැමීම ආර්ත්මාර්ථ වීමක් නොවේද? මින් ඉදිරියට කියවීමට පෙර ඒ ප්‍රශ්ණෙට ඔබේ හිතෙන් උත්තරය තීරණය කරන්න.


හිතෙන්නෙ නැද්ද 'ඔයා නැතුව මට ජීවත් වෙන්න බැහැ', 'මට මේ ජීවිතේ ඔයා විතරමයි' කියන ප්‍රේමවන්තියෝ ඔක්කොම බොරු කාරයෝ කියලා? හිතෙන්නේ  නැත්ද ඔය ආදරවන්තයෝ තමන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගන්න මොනව හරි බොරුවක් කියල රඟපෑමක් කරල ශේප් වෙන කට්ටිය කියල? ආදරය කියන්නේ ආර්ත්මාර්ථකාමී දෙයක් කියල ගොඩක් දෙනෙක් කියනවනේ. මේ සුමානේ 'රාවය' පත්තරේ ආදරය,  යශෝධා සම්මානී ප්‍රේමරත්න කියල බස්සියෙක් රසායන විද්‍යාවෙන් විස්තර කරල තිබ්බා. රසායන විද්‍යාවෙන් ආදරවන්තයන්ගේ වෙනස් වීමත් විස්තර කරන්න පුළුවන් ඇති.  එහෙම බලනකොට රසායන විද්‍යාව තමයි ආදරවන්තයන්ගෙ චපල බවට වගකියන්න ඕන.


පොඩි බොරුවක් කීවට සමාවෙන්න. ඇත්ත කථාව මේකයි. ඔහුගේ ප්‍රේමවන්තියගේ මරණින් පස්සේ අර පුද්ගලයා කවදාවත්ම වෙන ආදර සම්බන්ධයක් ඇතිකරගත්තේ නැහැ. කවදාවත්ම විවාහ වුනෙත් නැහැ. ඇයට පුද කල ආදරය වෙනුවෙන් තනිකඩව සිටියා. ඔහු සමාජයෙන්ද ගොඩක් දුරට ඈත් වුනා. ඔහු හදාරමින් සිටි උසස් අධ්‍යාපන කටයුතු වලින්ද අයින්වී සාමාන්‍ය රැකියාවක් කරමින් බොහොම ආගමික දිවියක් ගෙවනවා. ඒවගේ කැපකිරීමක් කරන්න නම් ඉතින් හදවතේ ගැඹුරෙන්ම ආදරය කල ආදරවන්තයෙක් කියන එක ආයිමත් කියන්න ඕන නැහැනෙ. මිය යාමකින් ආදරයක් අවසන් වේද? කියල අහපු ප්‍රශ්ණෙට කියන්න තියෙන්නෙ ඒක එක් එක් කෙනා අනුව වෙනස් වන දෙයක් කියල විතරයි. මේ කථා නායකයාට නම් ඔහු ඔහුගේ ප්‍රේමවන්තියට තිබූ ආදරය ඇයගේ මරණයෙන් දශක දෙකක් ගිහින් තිබුණත් අවසන් වෙලා නම් නැහැ.


මේ කතාව ඇසුරෙන් මම ලියපු ගීතයක් හඳුන්වා දෙන්නයි පසුබිම් කථාව කිව්වේ. පෙම්වතියගෙ මලගමට සහාභාගී වූ මොහුගේ කථාව දත් කිසිම කෙනෙක් කඳුලක් නොහෙලා ආපහු ආවේ නැහැ. ඒ වෙලාවේ ඔහුට හිතුනා යැයි අනුමාන කරන දේවල් තමයි මේ පදමාලාවකට ලිව්වේ.  මේ ගීතයත් සංගීතවත් කලේ විශාරද ජගත් වික්‍රමසිංහ, ගායනය කළෙත් ඔහුමයි. ඔහු 2013 දී රූපවාහිනීයේ සහභාගී වුන 'මා' වැඩසටහනේදී මේ ගීතය ගායනා කලා. එහි වචන වල වැරදීම් කිහිපයක් තියෙන නිසා මුල් පටිගත කල ගීතයත් පහත දාල තියෙනවා.



කූඩුවෙ ඇටවූ සුවඳැති මල් 

කූඩුවෙ ඇටවූ සුවඳැති මල් ඔබෙ සොහොනේ පරවෙනවා

එකට ඇවිද ආ මාවත සිහිවී මගෙ සිත වැලපෙනවා 
සැමරුම වන්නට රුවට ඔබේ ටජ් මහලත් මැලිවෙනවා 
දෙදෙනා තැනු සිහිනය හැර නොසිතූ ගමනක් ඔබ යනවා

අපේ කථාවේ කඳුලැලි හසරැලි යලි නෑ හමුවෙන්නේ 

සිත නිති කිති කැවු සුන්දර මදහස නෑ මා හැරයන්නේ
ඊයේ ඔබ දුන් උනුසුම හෙට මට යන්නට සෑහෙන්නේ
මගේ හදවතේ ඔබ සිටි තැන නෑ වෙන කෙනෙකුට දෙන්නේ 

කූඩුවෙ ඇටවූ සුවඳැති මල්/...


ඔබ මා හැරදා අනිකෙකු වෙත යන්නැති බව දැන සිටියේ

සැරයටියෙන් යන තෙන් එක් සිත්වී ඉන්නයි ඔබ  සිටියේ
හැමදා දිනුවත් මරණය හමුවේ ඔබ පැරදී සිටියේ 
ලොව මා තනිකර යන්නට සිටි බව දැනගෙන නැහැ සිටියේ.

සංගීතය : විශාරද ජගත් වික්‍රමසිංහ
ගායනය : විශාරද ජගත් වික්‍රමසිංහ
පද රචනය : කොහෙද යන පිස්සෙක් aka ඉයන් ලින්තොට


                                         මුල් පටිගත කල ගීතය





මෙම ගීතය රූපවාහිනියේ 'මා' වැඩසටහනේ 2013 දී  සජීවීව



හිතෙන දෙයක් ලියල ගියොත් ලොකු දෙයක් 

රවී වීරසිංහ මහත්මයා මේ ප්‍රශ්ණය ගැන විස්තරයක් ඇතුළුව විද්‍යාත්මකව උත්තරයක් දී ඇති පහල දාල තියෙන කමෙන්ට් එකත් කියවන්න ආරාධනය. 

107 comments:

  1. එහෙමත් අය ඉන්නවා නේද? සින්දුව අහපු නැති එකක. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්. ඔබගේ අගය කිරීම ලොකු ශක්තියක්.

      Delete
  2. හොඳ ලිපියක් ඉයන්. සමාවෙන්න, මට මතක් වුනේ නම් වෙන ගීතයක්:

    දෑත ලයේ බැඳ අවසන් ගමනට , සොඳුරිය මට නොකියාම ගියා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. ඒ සිංදුව මගෙත් ප්‍රියතම සිංදුවක්. සනත් නන්දසිරිගේ කටහඬට ගැලපෙනම සින්දුවක්. බොහොම ස්තූතියි බස්සා පැමිණියාට.

      Delete
  3. පද රචනය : කොහෙද යන පිස්සෙක්
    ඉයන් මම මේකට කැමති නෑ..
    මම කැමැති නෑ ..කවුරැවත් අඩුම ගානේ උඔවත් මේ මනුස්සයාට එහම කියනවට..
    මෙච්චර වටින පොස්ට් එකක් සිංදුවක් මනුස්සයෙක්(බොක්ක හොද එකෙක්) උඔ එක වචන තුනකින් පහලට දාලා මම ඒකට කැමති නෑ..
    මචං..පොස්ට් එකක් බලලා මාව හෙලවුන අඩපු වෙලාවල් තිබුනා ඒත් තරහා ගිය අද විතරයි..

    ReplyDelete
    Replies
    1. මචං බොහොම ස්තූතියි. උඹ කියන දේමට තේරෙනවා. ඒ උනාට ඔය සිංදු ලියන එකා පිස්සෙක් කියන එක මම හොඳටම දන්නවා. ඒක විහිළුවට, මම වෙනස් කරන්නම්.

      Delete
  4. මේ සිංදුව උඔ මට අහන්න දුන්නා නේද?
    ආය පාරක් අහන්න ඔනේ..
    මේ සැරේ මධුවා අලුත් පොස්ට් එකක් දාපු ගමන් “සප්තපාදි මධුපානොත්සවයට“ දින නියම කරලා නාමයෝඡනා කැදවනවා..

    ReplyDelete
    Replies
    1. මේ සිංදුවත් එදා දැම්මා. ඒ උනාට තිබුණ සංතෝසයේ සද්දෙත් එක්ක එච්චර ඇහුණෙ නැහැ කියලයි මම හිතුවෙ.

      Delete
    2. කොහේ අහන්ඩද මං අර තඩි මේසයත් එක්ක ඔට්ටු උනානේ

      Delete
    3. ඒ තඩි මේසේ කොච්චර තඩිද කියනවනම් මේසේ අටම්ව උස්සගෙන ගියා වගේ මම දැක්කේ.

      Delete
    4. ඔට්ටු වුනා විතරක් නම් මදෑ..මාවයි ප්‍රාවයිත් මාට්ටු කරගන්න හැදුවේ..

      Delete
    5. මමත් උස්සලා බැලුවා. මම ඉතින් ජිම් කියන ඒවා එලියෙන් විතරක් බල එකානෙ. ම්හු ! නෝ හෙල්ලුං.

      Delete
    6. ඊලඟ පාටියේ බැනුම් ඇසීමට කැමැත්තක් නැත.
      නෝ කමෙන්ට්

      Delete
    7. ආපෝ......මම ආවේ නැති එක හොඳයි. නැත්තං ඔය මේසේ උඩ තමයි වීදුරු බැලන්ස් කරන්න වෙන්නේ.

      Delete
    8. Wicha ඔබතුමා හමුවෙන්න ඉතා අසාවෙන් හිටියා. හදිසි වැඩක් නිසා ඔබට එන්න බැරි බව චෙෆාකි දැන්නුවා.

      Delete
    9. විචා ආවනම් මගේ ඉරිච්ච කලිසමේ ෆෝටෝ ටිකක් බලා ගන්න තිබුනා

      Delete
    10. ඉරිච්ච කලිසමේ ෆොටො විචාගෙ බ්ලොග් එකේ දාල තිබුණනෙ.

      Delete
  5. උඔගේ පරන පොස්ට් ටික කියවන්න අද කාලය වෙන්කරගන්නවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා. උඹ වගේ 'හිත හොඳ චන්ඩියෙක්' ගෙ අදහස් ගොඩක් වටිනවා මට.

      Delete
    2. අම්මේ..අර මුල්කාලේ උඔ ඉගිරිසියෙන් ලියලා තිබුන ඒවා..

      Delete
  6. Samaruma wannata ruwata obe.. tajmahalath mali wenawa.. touching.. so as the story..
    Me koheda yana pissage lyrics nam patta..

    ReplyDelete
    Replies
    1. මචං කමී උඹ විභාගයක් ලියන්න බ්ලොග් වලට එන්නේ නැහැ කිව්වා නේද? එහෙම තියෙද්දිත් ආව එක ගැන බගේ ස්තූතිය. ඔව් මචං මේ කෙල්ල ඇත්තටම හරිම ලස්සන කෙනෙක්. මතුපිටින් වගේම ඇතුලතින්. ටජ් මහල ගැන කිව්වේ ඒකයි

      Delete
  7. Very touching Ian. Yes there are many like this. Even if this person got married after his fiancee passed away, it doesn't by any way undermine his great sacrifice.

    ReplyDelete
    Replies
    1. Yes I do agree Ano. The song however is on the feelings and justifications of a person who didn't stop loving and hence didn't get in to any other relationships.

      Delete
  8. කෙනෙකු මියයාමෙන් ආදරයක් අවසන් වෙන්නේ නැහැ. ඒ කෙනා නැති අඩුව දැනෙන්න දැනෙන්න අපි තව තවත් ඒ කෙනා වෙත බැඳෙනවා. එසේම එවැනි දෙයක් නිසා සදාකාලික තනිවිමක් වෙන්නත් පුළුවනි නොවෙන්නත් පුළුවනි. තව කෙනෙක්ට ආදරේ කළා , ඒ කෙනා සමග පවුල් ජිවිතයක් ඇරඹුවා , ළමයි හැදුවා කී පලියට මියගිය කෙනා අමතක උනා යයි කියන්නට බැහැ..... මේ ලිපිය නිසා ගොඩක් දේවල් මතක් උනා..... ඉස්තුතියි

    ReplyDelete
    Replies
    1. උඹ හරි රොටියා. මේ ගීතය එවන් ආදරයකට ජීවිතය දුන් කෙනෙක්ගේ හැඟීම් සහ එසේ වීමට හේතු කියවෙන ගීතයක්.

      Delete
  9. හදිසියේම ආවේ මචෝ උඹව බලල යන්න...
    පද පේලි ටික අනුවනම් සිංදුව ලස්සනයි...
    බාගෙන අහලම බලල තව අදහසක් දාන්නම්...........

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මනෝ මම දැක්ක හදිසි ගමණක් යන බව බ්ලොග් එකේ දාල තිබුණා. පරිස්සමෙන් ගිහින් වරෙන්.

      Delete
    2. මේ සිද්දියේ කියලා තියනවා වගේ අය මටත් මුන ගැහිලා තියනවා..මගේ යාලුවෙකුත් ඉන්නවා තවම තනිකඩයි..
      සිංදුව ලස්සනයි මචං..කොහොමත් ජගත් වික්‍රමසිංහගේ කට හඩේත් තියනවා අමුතු ලස්සනක්..ඒ කටහඩට මේ සිංදුව ගැලපෙනවා...

      Delete
    3. මොහොම ස්තූතියි මනෝ. ඔව් බං ජගත් ගෙ කටහඬ ගොඩක් සිංදුවලට හොඳයි. ඒකයි මමත් ගොඩක් ඒවා එයාගෙන් මුසික් සහ වොයිස් කරව ගන්නෙ, අනික එයාගෙ නිහතමානී කම

      Delete
  10. ආදරය කියල දෙයක් අත් පත් කරගන්නා දේ ඇතුලේ නැහැ කියලයි මට නං හිතෙන්නේ.. ඔය කොහේද යන පිස්සා ගැන මට සතුටුයි.. උඹ උඹගේ විදියට හිටහං. කව්රු මොනා කිව්වත් උඹට ඕන දේයි උඹ කරන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං. ආදරය ගැන තේරෙන කොට ආච්චිල විතරයි ඉතුරුවෙලා ඉන්නෙ

      Delete
  11. රායිට් මල්ලිලා මම යෝඡනා කරනවා නොවැම්බර් 21 සෙනසුරාදා හවස මෙහෙන් පිටත් වෙමු කියලා සප්තපාදි බලා අඔ රසැති මධුපානෝත්සවය පැවැත්විමට..ඉරිදා නැවත ගෙවල්දොරවල් බලා..
    කැමති අය අත් උස්සන්න

    ReplyDelete
  12. ටයිටල් එක දැක්කගමන් හිතුනෙ ඉයන් හොල්මං කතාවක් ලියල කියල.

    කොහෙදයන පිස්සෙක්නේද? මිස්ටර් ලින්තොටට තියන ඔය පිස්සුව ඔය තරම් හොඳට හදා ගන්න පුලුවන්නම් ඒකට මිනිස්සු සල්ලි ඕනෙ තරම් වියදම් කරයි.
    ඒත් ඒක උපන්ගෙයි පිස්සුවක්නෙ.

    ReplyDelete
    Replies
    1. මචං එහෙමත් කාලයක් තිබුණා කියල අහල තියෙනවා. අද සිංදු හදන්න ඕන අතින් වියදම් කරගෙන. ප්‍රසිද්ධ කරන්න නම් රේඩියෝ ටී වී ස්ටේශන්ස් වල කට්ටියට සල්ලි දෙන්න ඕන. අර කේ පී වගේ මට ඕන වුනේ කේ වයි පී කොහෙද යන පිස්සෙක් කියල නමක් හදාගන්න. කොහෙද මේ මෙන්ඩ එක්ක බෑනෙ.

      Delete
  13. මරණයෙන් පසුවද නිම නොවන ආදරය..
    ඉයන් මම ආසම මේ වගේ ගීතවලට. යූටියුබ් යන්න පුළුවන් වුණ ගමන් අහන්නම්කෝ...
    ජයවේ ඉයන්!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය වර්ණ. අද දාල තියෙන ඔබගේ 'සරා සඳවන් සාරා' නිසදැස අපූරුයි.

      Delete
  14. අපොයි දෙවියනේ හරිම නරක බොරුවක් . මං හිතුවෙ මේ වගේ කතා තියෙන්නේ පොත් වල විතරයි කියලා. හදවත පතුලටම දැණුනා . ගීතයත් ඒ වගේම සුන්දරයි ඉයන්.

    ReplyDelete
    Replies
    1. බොරුව ගැන සමාව දෙන්න කියල කියල තියෙනවනේ. කථාවක් තියෙනවා නේද සමහර ඇත්ත කථා ගොතපු කථා වලට වඩා පුදුම සහගතයි කියල? (Truth is stranger than fiction). හැමදාම එන මෙතූ ඔබට බොහොම ස්තූතියි.

      Delete
  15. ඉන්නවා මචෝ, ඕන තරම් ඉන්නවා.. මගේ බොක්කෙ යාළුවෝ දෙන්නෙක්ම උන්නා.. එකෙක් මලා.. අනිකා තාම ඔහේ ඉන්නවා.. එතකොට මගේ නෑවෙන අංකල් කෙනෙකුත් ඉන්නවා... මෙහේ නෙමෙයි පිට රටත් එහෙම උන් හම්බ වෙලා තියෙනවා.. ඒක ආදරයද කරුමයද කියන්න නම් මම දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මාතේ මම හිතන්නේ බොක්කෙන්ම ලව් කලාම තව කෙනෙකුට කිට්ටු වෙන්න අමාරු වෙනවා, එහෙම උත්සාහ කලත් සංසන්දනය වෙලා එපා වෙනවා කියල. ඒ අතින් උඹගේ අංකල් සහ අනික් දෙදෙනා අපිට වඩා ඉස්සරහයින්

      Delete
  16. කොහෙද යන පිස්සගෙ සින්දුව නම් හරිම මෙව්වයි. නමුත් මම අහලා නෑ. ඒකෙන් කිසිම දෙයක් අදහස් වෙන්නේ නෑ සින්දුවේ ජනප්‍රියතාවය ගැන මොකද මම සිංහල සංගීතයත් එක්ක ලඟ ඇසුරක් නැති නිසා.
    එතකොට උඹ අහපු ප්‍රශ්ණෙට මගෙ උත්තරේ කෙනෙක් එහෙම වෙනත් මගක ගියාට වරදක් නැති බවයි. Life must go on කියලා කියනවනේ. කථානායකයා කරපු දේ හැම දෙනාම කලයුතුයයි අපිට කියන්න බෑ. ඒ ඔහුගේ කැපවීම.

    මේ වගේම කතා දෙකක් තමයි Erich Segal ගෙ Love Story සහ Nicholas Sparks ගෙ A Walk to Remember. දෙවෙනි එක මට නාඬා බලන්නම බැරි එකක්.

    ReplyDelete
    Replies
    1. මචං ඩූඩ් බොහොම ස්තූතියි. මේ සිංදුව ප්‍රසිද්ධ එකක් නෙමෙයි. අනික පරණ තාලයේ එකක්. දැන් තියෙන ඒවා වෙනස්නේ. Uබ මෙන්ශන් කරපු පොත කියවන්න ඕන.

      Delete
  17. ආදරය ගැන හැමෝම කියන්නේ අර අන්ධයෝ අලියා ගැන කිව්වා වගේ කියලා මට හිතෙනවා ,හැම කෙනක්ම තමන් අත්විඳි තත්වෙන් ඒ ගැන මත පළකරනවා . එත් ඇත්තම ආදරය මොනවගේද කියලා කවුරුවත් දන්නේ නෑ.

    පෙම්වතා පෙම්වතියට තහංචි දානවා , පෙම්වතිය පෙම්වතාට තහංචි දානවා
    පෙම්වතා පෙම්වතියට ඕන විදිහට ඉන්න හදනවා , පෙම්වතිය පෙම්වතාට ඕන විදිහට ඉන්න හදනවා
    පෙම්වතා පෙම්වතියව සැක කරනවා , පෙම්වතිය පෙම්වතාව සක කරනවා
    එයා මෙයාවවත් මෙයා එයාවවත් අයිති කරගන්න හදනවා මිසක් කවුරුවත් ආදරය කරනවාද කියන එක මට නම් ප්‍රශ්නයක්
    ආදරය කියන්නේ අයිති කරගැනීමම නෙවෙයි .
    අත්හැරීම තුල අයිති කරගැනීමට වඩා ආදරය තියෙන්න පුළුවනි

    ReplyDelete
    Replies
    1. දැන් ගීතය ගැන ... මේ වගේ ගීතයක් ගායන කරන්න් මටත් ආසයි ,

      ඇත්තෙන්ම මේ වගේ ගීත රසවිඳින්න පුළුවන් අකාලිකව

      Delete
    2. බොහොම ස්තූතියි ඉවාන්. වර්ණගේ ගීතයට මියුසික් වැඩේ ඉවර වූ පසුව ඔබගේ වැඩේ කරනවා.

      Delete
    3. මචං ඉයනා , වැඩකට ඇති දෙයක් කරපං මචං.. ඔය වගේ කබ්බෝ ෆෝම් කරන්න තරම් උඹට තියෙන අමාරුව මොකක්ද? වැඩක් නැත්තං බල්ලොන්ට පාන් අරන් දීපන්.
      මේ වස්සට කෙටිකතා ලියන්න පුළුවන් කියලා ගූතලන් ලොක්කා ප්‍රචාරේ දීලා මූ හිතන් ඉන්නේ හෙන කෙටි කතාකාරයා කියලා, බල්ලෝ බත් කන්නේ නෑ ඒ වා කියෙව්වම .
      දැන් සින්දුත් කියවලා තව උද ඇරපන්

      Delete
    4. ANO

      ඉවාන් දක්ෂයෙක්..කුහක නොවි ඒ දක්ෂ කම දකින්න..
      යම් අඩුපාඩුවක් තියනවනම් වෛර නොකර මූනට ඇවිත් ඒක කියනවනම් හොදයි නේද
      උඹ අපේ කාට උනත් ඔහොම පහත් කතා කියනකොට අපිටත් අප්සට් යනවා...

      Delete
    5. ඇනෝ
      තියනවා ඉයන්ට හෙන අමාරැවක් තියනවා ඉයන්ට විතරක් නෙමෙයි ඉවාන්ට මාතාට චෙෆාට සුදිකට අටමා ප්‍රා කමියා ලොකු තව ගොඩක් අය ඉන්නවා වුන්ට තියනවා උඔලට නැති හොද නොවන අමාරැවක්..
      හිතහොද කම, කෙනෙකුගේ හැකියාවක් හිතේ කහටක් නැතිව අගය කරන්න පුලුවන්කම, අන්ත දෙකක හැකියාව, තව ගොඩක් සුව නොවන අමාරැ මුන්ට තියනවා..

      Delete
    6. ගනන් ගන්න එපා මචංලා ඇනෝගේ අවුලක් ඇති ඉවානයත් එක්ක. අපි වැඩ කරන්නේ අපි හරියි කියල හිතන විදිහටනෙ. ඒ වගේ එතුමත් එතුම හරි කියල හිතන විදිහට ලියන්න අයිතිය තියමු.

      Delete
    7. ඇනෝ, මේ සින්දුව අහන්න. ඊටපස්සේ ඉවාන්ගෙ සින්දුවත් එනකල් කට ඇරං කං දික්කරං බලං ඉන්න. මට ශුවර් උඹ හාර්ට් ඇටෑක් හැදිල මැරෙන බව. තවත් කෙනෙකුට අපහාස, උපහාස කිරීමෙන් ඔබටත් අපහාස, උපහාස විඳීමට සිදු වන බව කරුනාකර දැඩිව සිතෙහි තබා ගන්න. කෙනෙකුගේ හැකියාවට වටිනාකමක් ලබා දීමට පුරුදු වන්න. එවිට ඔබටත් ඇනෝ තත්ත්වයෙන් මිදී සැබෑ නමකින් තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට හැකි වනු නොවනුමානයි.

      ඉවාන්, ඉයන්, උඹලා මේ වැඩේ කරහල්ලා. අපි එකෙන්ම.

      Delete
  18. අවංකවම කිව්වොත් ලිපිය ගැනනං කියන්න දෙයක් හිතාගන්න අමාරුයි. හැබැයි එහෙම අයත් ඉන්නවා කියලා දන්නවා හොඳටම............. පද රචනාවනං සුපිරියි........

    ReplyDelete
    Replies
    1. ඔව් උන් මෝඩයෝද ඥාණවන්තයෝද කියල කියන්න අපි දන්නව මදි. බොහොම ස්තූතියි අවංක

      Delete
  19. කතාව කියවල අන්තිමට හිතුන අපරාදෙ ඒ කෙල්ල ජීවත් උනානම් කියල මැරුණ කෙල්ලටත් වඩා දුක හිතුනෙ තවමත් ඒ ගැන හිත හිත ඉන්න කොල්ල ගැන .පද රචනය ලස්සනයි ඉයන් අමුතුවෙන් සිංදුව අහන්න ඕන නැහැ නිකන්ම මේ පද ටික කියවගෙන ගියත් හිතට දැනෙනව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසි. සිංදුව ඇහැව්වෙ නැත්නම් අහලත් බලන්න.

      Delete
  20. මම නම් හිතන්නේ නෑ මරණෙන් පස්සේ ආදරයක් වෙනස් වෙයි කියලා.. මෙහෙමයි තව බැඳිම් එක්ක ඉස්සරහට යාවි. ඒත් අර හැඟීමත් හිතේ තැනක කොහොමත් තියේවි..

    සිංදුවනම් මට අළුත්..

    ReplyDelete
    Replies
    1. උඹ හරි ඩිනේශ්. ඒත් සමහර උන්ට ආදරේ කරන්න පුළුවන් එක්කෙනෙකුටයිනෙ. සිංදුව එකම එක පාරකට වඩා මාධ්‍ය වලින් ගිහිං නැහැ. ඒවට දීලත් නැහැ.

      Delete
  21. පෙම්වතිය මිය ගිය පසු යම් නිමාවක් තියෙනවා නේ. එවිට හිත හදාගන්න ලේසි ඇති.

    පෙම්වතිය තමා අතැර ගිය පසු ස.ප්‍රේ.බෘ.රා ලෙස ජීවදතයම දුක් විඳින අයත් ඉන්නවා.

    ගී පද ගැන - මේවායින් සින්දු දෙකක් හදන්න පුළුවනි!

    ReplyDelete
    Replies
    1. රසික. මම හිතනවා තිබිච්ච බැඳීමේ කිට්ටු කමත් ඒකට බලපානවා කියලා. බොහොම ස්තූතියි

      Delete
  22. ආදරය කරන යුවලකගෙන් එක අයකුගේ වියෝවෙන් පසු ඒ ආදරය නැති වේවි නැද්ද කියන එක ඒ ඒ පුද්ගලයෝ අනුව වෙනස් වෙනවා.ඒ වගේම ඉයන් සමහර සම්බන්ධකම් තියෙනවා අපිට මරලා දාන්න ඕනේ උනත් එහෙම කරන්න බැරි.

    මමත් කලින් අහලා නැති සිංදුවක්.ජගත් වික්‍රමසිංහයන්ගේ මම ආසම ගිය "ඔබ මා හමු වේ නම්"ගිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්. ආදරය කියන එකේ තියෙන සංකීර්ණ බව සහ විවිධත්වය අපූරුයි.

      Delete
  23. ආදරය අර්තදක්වන්න අමාරුයි. කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා.

    මට අනුව නම් ඇත්තටම ආදරය කරනවා කියන්නෙ මුලු ජීවිතය පුරාවටම ආදරය කරනවා කියන එක. එතනදි දෙයක් බලාපොරොත්තුවෙන් කරන ආදරයක් නම් ඒක ඇත්ත ආදරයක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. දෙයක් කියද්දි භෞතික දේවල් විතරක්ම නෙමෙයි. අපි කෙනෙක් ට ආදරය කරන්නෙ එයාගෙන් ලැබෙන ආදරය අපිට ලැබෙනතාක් කල් විතරයි නම් ඒ තාවකාලික ආදරයක් විතරයි. ඒ නිසා කෙනෙක් මැරුණා කියලා ඒ කෙනා වෙනුවෙන් තියෙන ආදරය නැති වෙන්න බෑ. මට ඒක තේරුම් කරලා කියන්න අමාරුයි ඉයන් අයියා. මං දන්නෙ කෙනෙක් ලඟ හිටියත් නැතත් ඇත්තටම ආදරේ කරනවා නම් ඒ ආදරේ හැමදාම හිතේ තියෙනවා කියලා විතරයි..

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔය ඉන්නෙ අර පෙම්වතා මොඩ්ල් එකේ තව කෙනෙක්. ආදරය ගැන ඔහොම හිතන සුළුතරයක් ඉන්නවා. NN සින්දුව ඇහැව්වද. නැත්නම් කොහොම හරි අහන්න.

      Delete
    2. ඔන්න අද තමයි සින්දුව අහන්න හම්බුනේ..
      හරිම ලස්සනයි ඉයන් අයියා. මං අහලම නෑ මේ සින්දුව කලින්.

      පුදුම තරම් ලස්සනයි. මං ෆෝන් එකටත් දාගත්ත අනවසරයෙන්. කමක් නෑ නේද?

      Delete
    3. ඔන්න අද තමයි සින්දුව අහන්න හම්බුනේ..
      හරිම ලස්සනයි ඉයන් අයියා. මං අහලම නෑ මේ සින්දුව කලින්.

      පුදුම තරම් ලස්සනයි. මං ෆෝන් එකටත් දාගත්ත අනවසරයෙන්. කමක් නෑ නේද?

      Delete
    4. දාගන්න දාගන්න NN, ඒක ලොකු ගෞරවයක්

      Delete
  24. ඕක ලියපු පිස්සත් එක්ක මම ඔය සිංදුව ඇහුව. ඒ එක්කම මම ආසම සිංදු ටිකක් අහන්න ලැබුන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කම්මල මහත්තයා. ඔව් උඹ මේක ඇහුව ඒ උනාව අපි ටිකක් විතර වැදිල හිටිය නිසා සහ බැක්ග්‍රවුන්ඩ් කතාව දාන ඕන නිසා මේ පෝස්ට් එක.

      Delete
    2. අපොයි අම්මේ ඔය සිංදුව අහන්න දෙන්නෙ නැතුව අර කටුස්සා දිපු වදයක්

      Delete
  25. ඒ වගේ ආදරයක් නම් මාර උතුම් තමයි. මොකද, සිරාවටම මං නම් එහෙම කරන් නෑ. ඩ්‍රැකියානි මළොත් වෙන කෙනෙක් හොයාගෙන ජීවන යාත්‍රාව ගෙනියනවා...

    ReplyDelete
    Replies
    1. හිටපිය කියන්නම් ඩ්‍රැකියානිට..
      උඔ එහම කිව්වට දැන් උඔට එහම කරන්න බෑ..මම ඔට්ටුවක් දානවා..

      Delete
    2. ඔව් ඩ්‍රැකී ඒක තමයි සාමන්‍ය විදිහ. ඒ උනාට සමහර ඇත්තො ඉන්නවා නේ ඉතින් එක්කෙනෙක් මත්තෙම ඉන්න. මම හිතන්නේ සුලුතරයක්.

      Delete
    3. මෙන්ඩො,
      මං එහෙම කිව්වට, මං ඒ ගැන හිතන්න කැමති නෑ බං...

      Delete
  26. විරහව සාහිත්‍යය මවයි. විරහව ජීවිතය ගීතයක් බවට පත්කරයි. විරහව ආත්මයෙන් ආත්මයට යන චුති චිත්තයමදැයි සිතේ.

    මේ නිර්මාණ අගයමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා. ඇත්තටම විරහව නැත්නම් කලා කෘති වලින් භාගෙට වඩා නැහැනෙ, ටජ් මහලත් ඇතුළුව.

      Delete
  27. ඉයන් .. එදා පරක්කු වෙච්ච නිසා ඕක අහන්න බැරි උනා... මොනව කියන්නද මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ.. කල්පනා කරලා බැලුවම අපි මොන ජීවිතද මේ ගෙවන්නෙ ... "මචං"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සජ්ජා. ජීවිතය ගැන බුදු දහමේ බොහොම හොඳින් අර්ථ දක්වල තියෙනවනෙ. එක අතකින් මේක මේ දෙන්නගෑ කර්මය අනුව සිදුවුන දෙයක් කියල හිතන්න පුළුවන්.

      Delete
  28. Machan, I tried to reply your reply to my comment, but some glitch was there. What I wanted to say was both Love Story and Walk To Remember are made into movies. In Love Story Ryan O"Neil and Ali McGraw are there. I'm sure you know them.

    ReplyDelete
    Replies
    1. I Know of the actors, but haven't watched the film. I am planning to find the film to watch it. Unfortunately I am a sucker for happy endings.

      Delete
  29. //කෙනෙකු මිය යාමකින් ආදරයක් අවසන් වේද?//

    ඇයි ඉයන් හිතන්නේ නෑ කියලද? :P

    ReplyDelete
    Replies
    1. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන දෙයක්නෙ පොඩ්ඩි. මේ කතාවේ පෙම්වතාට එහෙම අවසාන වුනේ නැහැ.ප්‍රශ්ණයක් අහල මිසක් පොඩ්ඩි හිතන දේ කියල නෑනෙ.

      Delete
  30. ඉයන් බලපන් අද උඔගේ බ්ලොග් එකට තියන වටිනාකම..
    බෝතලයක් ගහන්නම ඔනේ බං සතුටට..පත්තර මල්ලි එනකන් ටිකක් ඉවසමු..

    ReplyDelete
    Replies
    1. අන්න උඹේ වලියට පියුමි උත්තර දීල තිබුණ. ඒකිගෙ හස්බන්ඩ් එනවලු බ්‍රා ෆැක්ටරිය හොයාගෙන.

      Delete
    2. ඌ එන්නේ බ්‍රා එකක් ඉල්ලගෙන යන්න..
      මම ලග තියන බ්‍රා ඇමරිකාවෙත් නෑ..

      Delete
    3. අපේ කෙල්ලෝ බ්‍රා අදින්නේ වැල වරකා කරන්න විතරයි..ඒ වුනාට මම මහන ඒවා ඇගේ හැඩය ගන්න..හැගිම් ඇවිස්සෙන්න, නැති ඒවා මවලා පෙන්නන්න, තියන ඒවා උස්සලා පුම්බලා පෙන්නන්න..
      මගේ දෙයියා පරිභෝගිකයා..

      Delete
    4. මම හිතුවා උඹේ දේයා ගැණුන්ගේ තන් දෙක කියලා

      Delete
  31. ආදරය එකම පුද්ගලයා තුලත් කාලය අනුව වෙනස් වෙනවා කියල අදහසක් මට ඇති වෙනවා...
    අර පුද්ගලයා එහෙම හිටපු එකේ තේරුම් මට තේරෙන්නේ නැහැ...
    ඒකට හේතුව මට එහෙම කරන්න බැරි නිසා වෙන්න ඇති...

    සින්දුව අහන්න උනේ නැහැ එදත් අදත්, හෙට ෂුවර් එකටම අහනවා...
    දැන් ඕෆ් වෙන්න වෙලාව ඇවිත්...

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ මචං ආවට. ඔව් ආදරේ ගැන කතාවේ උඹ හරි. එහෙම ඉන්න එක මෝඩ කමක් වෙන්නත් පුලුවන්. අනික ලංකාවෙ ගෑනු 100 කට පිරිමි 93 ලු ඉන්නෙ. එහෙම ඩිමාන්ඩ් එකක් තියෙද්දි කොහෙ ඉන්නද? සිංදුව කොහොම හරි අහපං

      Delete
    2. සින්දුව ඇහුවා... හොඳයි...
      නමුත් මේ සද්ද බද්ද අස්සේ ඒක හරියට රස විඳින්න බැහැ...

      Delete
    3. බොහොම ස්තූතියි මචං සෙනසුරාදා හම්බුවෙයි වගේ නේද? රා කට්ටකට සහ මඥ්ඥොක්කා කෑමකට?

      Delete
    4. රා කට්ටකුයි මඥ්ඥොක්කා කෑල්ලකුයි ඉතුරැයි..

      Delete
  32. http://sovanmaga.blogspot.com
    කියලා බ්ලොග් එකක් තියනවා කවුරැ හරි හොයලා දියන්කෝ මේක ලියන්න..

    ReplyDelete
  33. ගැහැණියක් සහ පිරිමියෙක් අතර ආදරයක් සෙනෙහසක් කියල එකක් ඇතිවෙන්නෙ, ඒ ආදරයට සෙනෙහසට මෙතරම් වටිනාකමක් ලැබෙන්නෙ පරිණාමීයව ඉතා වැදගත් හේතුවක් හින්ද.

    තිරිසන් සතුන් අතර එහෙම නැත්තෙ ඇයි? ඔවුන් ලිංගිකව එකතු වුනා. ගැහැණු සත්වයා පැටවෙකු වැදුවා. බිහිවුනු මොහොතේ ඉඳලම ඒ පැටවට තමන්ගෙ කටයුතු තමන්ටම බොහෝ දුරට කරගන්නට පුලුවන්. ඒ හින්දම දෙවම්පියන්ගේ රැකවරණයක් අත්‍යාවශ්‍ය නැහැ.

    ඒත් මිනිස් ළදරුවාට එහෙම බෑ. ඔහුට හෝ ඇයට මව්පියන්ගේ රැකවරණය බොහෝ කාලයක් යනතුරු අවශ්‍ය වෙනවා. මිනිස් ලදරුවා එහෙම අනෙක් සතුන්ගේ පැටවුන්ගෙන් වෙනස් වෙන්නෙ ඇයි කියන කාරණයට වැදගත් හේතුවක් තියනවා. ඒ ඔක්කොම කියන්න ගියොත් මේ සටහන බොහෝ දිගු වේවි. පසුව දවසක වෙනම සටහනක් ඒ ගැන ලියන්නම්.

    ඉතිං මේ දරුවට අවශ්‍ය රක්ෂාවරණය ලබාදෙන එක ගැහැණියට තනියම කරන්න බෑ. පිරිමියගෙ සහායත් අත්‍යාවශ්‍යයයි. එහෙම පිරිමියගෙ සහාය ලැබෙන්නෙ මේ මගේ බිරිඳ, මේ මගේ දරුවා මම එයාලව රැකබලා ගන්ට ඕන කියන හැඟීම පිරිමියා තුල දැඩිව බලපැවැත්වෙනවනම් ව්තරයි. ගැහැණු - පිරිමි සෙනෙහස කියන කාරණය මිනිස් පරිණාමයෙදි වැදගත් වුනේ අන්න එහෙමයි.

    හැබැයි තමන්ගෙ සහකාරිය හෝ සහකාරයා තමන් අතහැර ගියොත් නැත්නම් මියගියහොත් එතනින් ඒ සෙනෙහස ඉවර වෙන්න ඕන. සෙනෙහසේ මිකැනිසම් එක නැත්නම් යාන්ත්‍රණය ක්‍රියාකරන්නෙ එහෙමයි. මොකද එහෙම නැතුව තමන්ට අහිමිවුනු සහකරු/සහකාරිය වෙනුවෙන් ජීවිත කාලයම බඹසර රකින්ට ගියොත් ගැහැණු-පිරිමි සෙනෙහස කියල සංකල්පයක් ඇතිවුන එකේ පරමාර්ථය බිඳ වැටෙනව. ඒ කියන්නෙ වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම.

    ඒ වුනත් මිනිස්සු කියන්නෙ ස්වභාව ධර්මයට අවශ්‍ය විදිහට ජීවත්වෙන සත්තු කොටසක් නෙවෙයිනෙ. ඒ හින්ද තමයි ඔය සෙනෙහස බිඳුනු ඉක්බිති ජීවිත කාලයම බඹසර රැකීම වගෙ සංකල්ප ඇතිවුනේ. හැබැයි එහෙම කරන එක සම්පූර්ණයෙන්ම අපේරණයක් ( An Aberration )

    P.S. - අවුරුදු 15 වගෙ වයසෙදි තමයි මම ඉස්සෙල්ලම ඩෙස්මන්ඩ් මොරිස් කියෙව්වෙ. මොරිස්ගෙ The Naked Ape පොත එස්.එම්. බන්දුසීල පරිවර්තනය කලා " නිරුවත් වානරයා " කියල. ඕකෙ ලිංගික ක්‍රියාකාරකම් ගැන ඒ කාලෙ සාමාන්‍යයෙන් පොතක පතක පළ නොවන අන්දමේ විස්තර තිබ්බ.

    මම ඔය ගැන ආරංචිවෙලා තකහණියක් හොයාගෙන ගිහිල්ල " නිරුවත් වානරයා " ගත්ත. පොත ගත්තෙ වෙන දේකට වුනත් කියෙව්වට පස්සෙ මම මොරිස්ගෙ යාවජීව අනුගාමිකයෙක් වුනා. ඊට පස්ස්සෙ මනුසත් උයන ( The Human Zoo ) සහ මොරිස් ලියපු ඔක්කොම පොත් මම කියෙව්ව. ඔය උඩ මම ලියපු කමෙන්ට් එකේ අන්තිමට ලියපු සෙනෙහස සහ බඹසර කොටස ඇරෙන්නට ඉතුරු හරිය මොරිස්ගෙ අදහස්.

    ReplyDelete
    Replies
    1. රවී බොහොමත්ම ස්තූතියි ඔබගේ දීර්ඝ සහ හරබර කමෙන්ටුවට. මම අහපු ප්‍රශ්ණෙට සම්පූර්ණ උත්තරයක් ලැබිලා තියෙනවා. ඔබ කියන එක හරි කියල හිතල බලනකොට තේරෙනවා. ගෑණු පිරිමි ආකර්ශනය ස්වභාව ධර්මයෙන් ඇතිවුණේ වර්ගයා බෝකරන්න නිසා ඒක තර්කානුකූලවත් හරි. මේ කමෙන්ට් එක කියවන්න කියල පෝස්ට් එකෙත් දාන්නම්. මේ පෝට් එක වෙනුවෙන් ගොඩක් කාලයක් වියදම් කරලා සම්පූර්ණ පැහිදිලි කිරීමක් කලාට නැවතත් බොහොම ස්තූතියි.

      Delete
  34. අැත්තට ම සින්දුව අැහුවේ අදයි මචං.... ඒකට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු , ලොකු සතුටක්

      Delete
  35. එන්න පරක්කු උනාට සමාවෙයං ඉයන්. මේ දවස්වල ටිකක් කරදරයි. අද මේ පරන ඒවා බලන ගමන්.

    මම මේ සින්දුවේ වර්ශන් දෙකම ඇහුවා. මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ රූපවාහිනී එකට. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. මේක සැබෑම සංගීත බාන්ඩ බාවිතා කර තිබූ නිසා. අරකට අකමැති කීබෝර්ඩ් නිසා.
    වචන සහ සංගීතය ගැන ආයේ කියන්න ඕනෙ නෑනෙ. මම කැමතිම ශිල්පියෙක් වික්‍රමසිංහ. දැන් අර පිස්සටත් කැමති නොවී කොහොමද?

    ReplyDelete
    Replies
    1. කවදා ආවත් ආවනෙ බං. භොම ස්තූතියි කමෙන්ට් එකට සහ අගය කිරීමට.

      Delete
  36. ඇත්තටම මේ සින්දුව හරිම ලස්සනයි.හැගීම්බරයි..මම අදයි ඇහැව්වේ.මේ වගේ හරවත් ගීත නැවත ලියන්න හැකියාව ලැබෙිවා කියලා පතනවා.මේ ලිපිය දුටුවේ පමා වෙලා ..කමෙන්ටුවක් දාන්න පමා වුණේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. අනුත්තරා සාදරයෙන් පිලිගන්නවා. බොහොම ස්තූතියි ආවට සහ සිංදුව අගය කලාට. නිතර ඇවිත් යන්න. කුරුටු පවුරේ ඔබගේ අදහස් දැක්වීම දැක්කා.

      Delete
  37. සදුදා උදේට ඇවිත් කියවන්න එකක් ලියපිය..

    ReplyDelete
    Replies
    1. මේ සුමානේ කොහොම හරි ලියනවා

      Delete