Wednesday, September 30, 2015

හදවතට සමීප ගීතයක්


සාමාන්‍යයෙන් ඇසෙන ගීත වලට පපුව  ඇතුලට කාවදින්නට සමත් වුන ගීත කිහිපයක් මට ඇහිල තියෙනවා. ඒ සින්ඳු ඇහෙන කොට මට ඇතිවන්නේ විස්තර කළ නොහැකි සමීප බවක්. ඒවගේ එක ගීතයක් ගැන මීට කලින් පෝස්ට් එකක් දැම්මා.වැඩි දෙනෙක් ඒක බලල තිබුණේ නැහැ. කැමතිනම් ඒක සින්ඳුව අහලම ඉන්න.

මේකත් ඒවගේම ගීතයක්. මේක එච්චර ජනප්‍රිය වෙච්ච ගීතයක් නෙමෙයි. මේ ගීතයේ පදමාලාවත් ගායන ශෛලියත් මගේ හිත ඇතුලටම කාවැදුනා. මේක ලියල තියෙන්නේ ගොඩක් වෙලාවට පිස්සු කථා කියන එහෙම නැත්නම් පිස්සු වැඩ කරන මහාචාර්‍යය කාලෝ ෆොන්සේකා මහත්මයා. මාතලන් ගේ සින්ඩියේ කාලෝ ගැන මෙහෙම ගාථාවක් 'අර්ථ දැක්වීමක්' තාමත් තියෙනවා.

                               මාර වස්සෙකි කාලෝ න
                               පස්ස ගස්සන්න හේතු ච
                               පිච්චු සම්පත්ති කාළේ න
                               රාජා නැවත වර ය කෝ...

Monday, September 21, 2015

පිය සෙනෙහස

මේ දවස් වල තාත්තලා ගැන පෝස්ට් කීපයක් කියවන්න ලැබුණා.  මස් රොටි ඉල්ලලා ගේ දෙවනත් කරමින් අඬපු තිලක සිතටත් මස් රොටිය ලැබුණේ තාත්තා නිසා. මගේ සිත් ගත් තව කථාවක් තමයි ගුරුවරයෙකු නොවුනත් ගුරුවරයෙකුට එහා ගිය දැනීමක් ලබා දුන් තාත්තා කෙනෙක් ගැන Dude ගේ මේ පෝස්ට් එක.  තව එකක තිබුණේ ගෙදර එනකොට ටොෆී ගේන්න අමතක වෙලා තාත්තා ආපහු හැතැක්ම දෙකක් ආපහු පයින්ම ගිහිල්ලා ටොෆී අරගෙන එන එකක් ගැන. කොයි බ්ලොග් එකද කියල මතක නැති නිසා හම්බුවුනාම ලින්ක් දාන්නම්අපි හැමෝම ඒ අතින්  වාසනාවන්තයි. අපේ ළමා කාලයේදී අතේ එල්ලිල යන්න නැත්නම් අර බස්සි වගේ ඇඟිල්ලක එල්ලිලා යන්න, තරුණ කාළයේදී අපි කරන පිස්සු වැඩත් එක්ක ඔට්ටු වෙන්න, අම්මලාගෙන් එන ගෝරි වලින් අපිව ශේප් කරල දෙන්න ආදී වශයෙන් අපේ ජීවිතේ තාත්තා කෙනෙක් හිටපු නිසා එක එක සුන්දර අත්දැකීම් තියෙනව. මගේ තාත්තත් මගේ ක්ශේත්‍රයට සම්බන් ක්ශේත්‍රයක හිටපු නිසා මම රස්සාව කරන්න පටන් ගන්න කාළේ මාව ගොඩක් දෙනෙක් දන්නෙ 'අහවලාගෙ පුතා' හැටියට. මමත් ඉතින් පිස්සු වැඩ කරල අහුවුණාම බේරෙන්න ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත.

Thursday, September 17, 2015

මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු


නිදහස් සිතුවිලි බ්ලොග් එකේ රවි, චෙටන් භගට් ගේ 2 States - Story of My Marriage  පොත පරිවර්ථනය කරමින් ලියන  කථාවේ පන්ජාබි තරුණයෙකු සහ තමිල් බ්‍රහ්මින් තරුණියක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියවෙනවා. කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්. 

Tuesday, September 8, 2015

තමන්ගේ සතුට අනුන්ට භාරදීම


මට මේක ලියන්න හිතුනේ ඔමායාගේ හීන බ්ලොග් එකේ Why don't my children ever call me? පෝස්ට් එක කියෙව්වමයි.

ඔමායාගේ පෝස්ට් එකේ තිබුණේ තමන්ගේ දරුවන් තමන්ට කාලෙකින් කථා නොකිරීම නිසා දුකට පත්වූ පියෙක් ගැන. මේ වගේ කථාවලින් අපිට අපේ දෙමව්පියන්ට කථා කරන්න මතක් වෙන එක බොහොම හොඳයි. අපට මතක් වියයුතුම අනික් කරුණ වන්නේ අපිත් තව ටික කාළෙකින් ඔය තත්ත්වයට පත්වෙනවා කියන එක.