Monday, May 22, 2017

යහපාළුවන්ගේ වෙන්දේසි බන්දේසි ආර්ථිකය


යහපාලන නායකයෝ කරන්නේ වෙන්දේසි බන්දේසි ආර්ථිකයක් කියලා මැයි දිනේදි හිටපු නායකතුමා කිව්වා. හැමදේම ඉන්දියාවට එහෙම නැත්නම් චීනෙට විකුණන්න කථා කරන යහපාලකයෝ කරන්නෙ විකුණාගෙන කෑමක් තමයි. ඒගොල්ලො ඒ අතින් කොච්චර නරකද. කිසිම දේශීය හැඟීමක් නැති අය. 

හම්බන්තොටින් අක්කර දහදාහක් දෙන්න යනවා චීනෙට වෙලඳ කලාපයක් දාන්න. එහෙම නොකර දාන වෙලඳ කලාපයක් රටේ වියදමින් දාලා ආයෝජකයො ගෙන්න ගන්න බැරිද? ඇයි ජේ ආර්. අර කටුනායක, බියගම වගේ  වෙලඳ කලාප දැම්මෙ ආණ්ඩුවෙ වියදමින්නෙ. අක්කර දහ දාහක වෙලඳකලාපයක් කියන්නෙ සෑහෙන්න වියදමක් කරන්න පුළුවන්නේ. පාරවල් දාන්න, විදුලිය දෙන්න, ජලය දෙන්න. කොහොමත් බිලියන තුන හතරක්.. හැම කොන්ත්‍රාත් එකකින්ම කට්ටියට ගාණක් කපා ගන්නත් පුළුවන්. ඒ විතරක්ද ඒවයේ ආයෝජනය කරන්න එන අයට ඔය ප්‍රාදේශීය සභා වලින් අනුමැතිය ගන්න ආවම මාසික දීමනා, කප්පම් වගේ ස්ථීර ආදායම් පළාත් දේශපාලකයන්ට හොයා ගන්නත් පුළුවන්. ඊලඟට ඒගොල්ලන්ගේ පාප්ප ගාපු හරි ඒගොල්ලො වෙනුවෙන් බෙල්ල කපපු අයව රස්සාවට ගන්නකන් අනුමැතියන් පරක්කු කරන්න පුළුවන්. එහෙම හතර වටේම හම්බ කරගන්න පුළුවන් එකක් මොකට චීනෙට දෙනවද? චීන්නුන්ට දෙන අක්කර දහදාහ උන් ලංකාවෙන් කඩා ගෙන ගිහිල්ල චීනෙට ඈඳා ගන්නව කියල ලිං මැඩියො වගේ ඉන්න බයියල ටිකකට කිව්වම වුන් එයි රෙද්ද උස්සගෙන පෙළපාලි යන්න.

ලෝකේ නිෂ්පාදන කරන රටවල් වලින් ඉදිරියෙන්ම ඉන්නෙ චීනෙ නිසා ඒගොල්ලන්ට ඒ රටින්ම ආයෝජකයො හොයාගන්න පුළුවන්. ඒකත් සෑහෙන ප්‍රශ්ණයක්. වෙලඳ කලාපය ආණ්ඩුවෙන් දැම්මොත් ඒකට ආයෝජකයො ගේන්න කියල ජාතික දේශපාලකයොන්ටයි, BOI එක පුරෝල ඉන්න අපි දැම්ම බැලයොන්ටයි, පළාත් සභාවෙ අයටයි ලෝකෙ වටේ රවුම් ගහන්න පුළුවන්නේ. ගිහින් ආවම කෝ ආයෝජකයෝ ගෙනාවද කියල කවුරුවත් අහන එකක්යෑ. අක්කර දහ දාහක වෙලඳ කලාපයක් කියන්නෙ අවුරුදු දහයක් ලෝකේ වටේ රවුම් ගහන්න ඇතිවෙයි. අනික ඕකෙන් රස්සාවල් ඇතිවුණා කියල අපිට සෙතක් වෙනවද? රස්සාවල් නැති වුන් ඉන්නකන් නේ රුපියල් ගාණකුයි බත් පැකට් එකයි අරක්කු කාලයි දීල මීටින් වලට අදින්න පුළුවන්. අනික ඔය වගේ රස්සාවල් දුන්නම රෙස්ට් හවුස් එකේ එකට ඉඳල රස්සාව ගන්න එන ගෑණු ළමයි ගාණත් අඩුවෙයිනෙ. අපේ ළමයින් මනුස්සයොනෙ. ඒ ගොල්ලන්ටත් වුවමනාවල් තියෙනවනෙ. ඔක්කොම ගෑණු ළමයි වෙලඳ කලාපෙ දාන කර්මාන්තශාලා වලට ගියොත් අපේ කොළුවන්ගේ අවශ්‍යතා ඉටුකරගන්නෙ අතේ පිහිටෙන්ද?

ඒ විතරක් මදැයි අර වරායත් චීනෙට බදු දෙනවලු. ඔකට ඩොලර් බිලියන් ගාණක් ණය අරගෙන එදා වියදම ගෙවා ගන්න තරම් වත් නැව් එන්නෙ නැති එක ඇත්තක් වුණත්, ඕක බදු දීල ඒ මුදලින් ණය ගෙවල දාන්න ඕන නැහැනෙ. ඕක තියෙනකන් කොච්චර පාඩු වුණත් අපේ උන්ට ගාන කපා ගන්නයි වැඩකට නැති බැලයොන්ට රස්සාවල් දෙන්නයි තියා ගන්න එපැයි. අනික ඔය ක්‍රේන් ටික වැඩ නොගෙන මළකඩ කාල ගියාම ඒ ටික ආයි ගන්න ගියත් ඒකෙන් කීයක් හරි හොයාගන්න පුළුවන්නේ. දැන් චීන්නු වුන්ගෙ රටයි බටහිරයි අතර යන නැව් වලින් සියයට පහක් විතර ගෙන්නගත්තත් ඕක පිරෙනව. එතකොට ඕකට තව වුන් රස්සාවට ගණියි. ඒකට එක එක දේවල් සපයන පොඩි පොඩි කොම්පැණි කඩ එහෙම ඇතිවුණාම ඒකෙනුත් තව රස්සාවල් ඇතිවෙනව. ඒකෙන් ඒ පළාතට සල්ලි එනව. එහෙම වුණාම අපේ වැඩ කරගන්න එකෙක් හොයාගන්නෙ කොහොමද? දැන් නාමල් කොළුවව කවදහරි ජනාධිපති කරන්න රට වටේ දුවන්න මිනිස්සු හොයාගන්න ඕන මෙහෙන් නේද? ඔච්චර රස්සාවල් හැදුවම ඒ රස්සාවල ඉන්න වුන් එයිද ඒ වැඩ කරන්න. මේකට ණය ගෙවන්නෙ මගේ අතින් නෙමෙයිනෙ. ඔන්නොහෙ කවුරුහරි ගෙවල දායිනෙ. මේක චීනෙට දෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. දැම්මම රස්සාවල් නැතුව ඉන්න වුන් ටික බය කරල ඕක නොකෙරෙන්න වැඩ සටහනක් දෙන්න ඕන. විමලය ඉස්සරහට දාල කලාම හරි අර මෝඩියව ඇන්ඳුව වගේ චීනෙ වුන් ඇහුවොත් මොනව හරි කියල දාන්න බැරියැ.

අනේ මන්දන්නෙ නැහැ. මේ යහපාළුවො තව හිටියොත් නම් හම්බන්තොට අපි ඉඳල වැඩක් නැහැ. යුද්ධ කරල මැරිච්ච අයයි, ජාතියයි, ඔය බුද්ධාගමද මොකද්ද කියන එකයි විකුණලා මුන්ව එලවගන්න පුළුවන් වෙයි. විමලයටයි, හන්දිකඩාල්ටයි, ගනයො ටිකටයි  සද්දෙ දාන්න පටන් ගන්න කියන්න ඕන. කෝ මෙතන තිබ්බ මගේ බෝතලේ. කවුද යකෝ ඒක අරන්ගියේ? මුන්ගෙ අ....ට.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

16 comments:

  1. ++++++++++
    Your satire is getting better by the post Mr.lankanian.

    ReplyDelete
  2. හිත ඇතුළේ එක පොදියට දඟ කරනා
    මත ක අකුරු වෙයි මත් වූ විට සොඳිනා
    අත ලඟ මගේ හිනැහී මා දෙස බලනා
    විත බෝතලය දැන් මා ලඟ තනි මකනා..

    ජයවේවා!!!

    ReplyDelete
  3. කපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කෙරුවට ...
    හොද වැඩේ බෝතලේ අරගෙන ගිය එක තනියම අඩි ගහනවට

    ReplyDelete
  4. ඉයන් ගෙදර කාමරයක් ඉන්දියන් කාරයෙකුට කුලියට දීලා බැල්කනිය චීන කඩයක් දාන්න දුන්න කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඕන නැති කතා අහනවා අජිත් ඔයත්..

      Delete
    2. බැල්කනිය හදන්න චීනගෙන් ඩොලර් බිලියන ගාණක් ණය අරගෙන නිසා ඒක ගෙවෙන්න කුළියද දෙන්න වුණා. කාමරේ ඉන්දියන් කාරයට දුන්නෙ ඒක වෙන බලවතෙකුට දුන්නොත් ඉන්දියන් කාරය මට අරියාදු කරන නිසා. අනික ඒක නිකන් තියෙන පුස්කන කාමරයක්.

      Delete
    3. අජිත් අයියන්ඩි
      එල ද බ්‍රා

      Delete
    4. ඉයන්ව තමා මුදල් ඇමති කරන්න තිබ්බේ . නැත්ද බ්‍රා :)

      Delete
  5. ඉයන් අයියට සැන්ටිං බෝතලේවත් ඉතිරිකරලා ගොහින් නැද්ද.....
    සුවර් එකටම චීනෙන් ඇවිත් තමයි බෝතලේ උස්සන්න ඇත්තේ...අපේ හොරු අල්ලන්න පත්කරපු ආණ්ඩුවට මේ කේස් එකත් ෆයිල් කොලානම් අහවරයි....

    ReplyDelete
    Replies
    1. //චීනෙන් ඇවිත් තමයි බෝතලේ උස්සන්න ඇත්තේ.//

      +++++

      Delete
  6. ඉයන්තුමා ආණ්ඩු තියෙන්නේ එක එක්කෙනා කියන පදවලට නටන්න නෙමෙයි. රට ගැන හිතලා තීරණ ගන්න. නැතුව අරයා මෙයා එපා කිව්වට තීරන ගන්න බය වෙනවානම් මොකටද ආණ්ඩු.

    ReplyDelete