Thursday, March 30, 2017

රාජිතට සන්නස්ගලක් ගහමු



රැවුම්-ගෙරවුම්, ඇණුම්-බැණුම් සහ තර්ජන-වර්ජන මැද්දේ නෙළුම්යාය සම්මාන උලෙළත් සමාප්ත වුණා. ඒකේ කටු ටිකක් තවමත් හප හපා ඉන්න ඉතුරු වෙලා. ඒවයිනුත් හොඳම එක තමයි රාජිත සේනාරත්න සම්මාන උළෙලට ගෙන්වීම සහ නිවේදිකාව ඔහුව 'නූතන සේනක බිබිලේ' ලෙස හැඳින්වීම. කටුව තාම සූප්පු කරන අයට සන්නස්ගල වීරයෙක් වෙලා. 

මට නම් සන්නස්ගලව මතක තමන්ගෙ සිංහල ටියුෂන් පන්තියට වාසිකරගන්න සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්ණ පත්‍රය පැන්නීම සමඟ තියෙන චෝදනාවයි සබරගමුව මහ ඇමති කමට එජාපයෙන් නම් කලාම රාජපක්ෂගෙ තර්ජනයකට බයවෙලා 'භාරගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ' කියල අපබ්‍රංශයක් සිංහල වහරට එක් කරපු කෙනෙක් හැටිය තමයි. ඊට පස්සෙ  කාළෙක පොඩි කාලෙ කැලේට මළපහ කරන්න ගිහිල්ල හෝදගන්නේ නැතුව ආපු කථාවක් දාල තමන් ගැනම පොතක් ලියාගෙන පිළිගැනීමක් හොයපු කෙනෙක් විදිහට තමයි. තවත් ඉතින් බ්ලොග් ලෝකේ කීප දෙනෙක්ම රාජිත සේනාරත්න පහත් මිනිහෙක්ය ඒක නිසා සිතෙන් වත් පව් නොකරන තමන් වගේ උසස් කට්ටියකට සම්මාන දෙන්න  සුදුසු නැති කෙනෙක්ය කියන්න උත්සාහ කරනව. ඒගොල්ලන්ට කොහොමත් බෙහෙත් නැති එකේ ඒ ගැන කරදර වෙලා වැඩක් නැහැ. 

Tuesday, March 28, 2017

දකුණට බර නෙළුම්යාය

දකුණට බර  නෙළුම්යාය සම්මාන උළෙලේ එක් අවස්ථාවක්

නෙළුම්යාය සම්මාන උළෙලේ තිබූ පක්ෂග්‍රාගී බව සහ දුර්වලතා ගැන පෝස්ට් එකක් දාන්න කියල කීප දෙනෙක් කිව්ව නිසා මම දැක්ක දේවල් ගැන කෙටි සටහනක් තියන එක අනාගතේ එවන් සම්මාන උළෙලවල් සංවිධානය කිරීමේදී මඟ හරවා ගැනීමට ප්‍රයෝජනවත්වේවි කියල හිතනවා.

මම දැකපු ප්‍රධානම දුර්වලතාවය තමයි සම්මාන උළෙල පවත්වන්න යොදාගෙන තිබ්බ ස්ථානය. වෝටර්ස් එජ් එකේ ශාලා ගොඩනැඟිල්ලට ඇතුළු වෙන තැනින්ම වමට හැරිල ටික දුරක් ගියාම තිබුණ සෝපාන වලින් තුන්වන තට්ටුවට ගියාම දකුණට හැරිල ඒ එක්කම වමට ආයිමත් හැරිල ශාලාවට ඇතුළු වෙන්න ආයිමත් දකුණට හැරෙන්න වුණා. බ්ලොග් කාරයන්ව මේ විදිහට රස්තියාදු නොකර දොරෙන් ඇතුල් වෙනකොටම ශාලාවට යන්න තියෙන තැනක් තෝරගත්තනම් හැමෝටම පහසු වෙන්න තිබ්බ.  අනික බ්ලොග් කාරයෝ කියන්න වමට දකුණට හැරෙන කට්ටියක් නෙමෙයි කියන එක ගැන සංවිධායකයින්ට තේරුම් නොයාම නම් පුදුමයි.

Sunday, March 26, 2017

අති සාර්ථක ලෙස නිමාවූ තුන්වන නෙළුම්යාය බ්ලොග් ත්‍යාග ප්‍රධානෝත්සවය.

අමාත්‍ය රාජිත සේනාරත්න, මහින්ද දේශප්‍රිය මහතා, ගරු කථානයක කරු ජයසූරිය, අජිත් ධර්මකීර්ති

නෙළුම්යාය බ්ලොග් ත්‍යාග ප්‍රධානෝත්සවය ගිය වරට වඩා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. එවන් උළෙලකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම ගැන නෙළුම්යායටත්, අජිත් ධර්මකීර්ති, කල්‍යාණ මිත්‍ර ඇතුළු සංවිධායක මණ්ඩලයටත් මගේ ස්තූතිය.

ආරම්භක දේශණය කලේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ ලේඛනයේ ලියාපදිංචි වීම සහ ඡන්දය පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන ඔහු සඳහන් කලා. මුල්ම ත්‍යාග කිහිපය පිරිනැමුණේ ඔහු විසින්.