මෙන්ඩාගෙන් බේරෙන්න බැරිකමට පෝස්ට් එකක් ලියනවා. ලියන්න තියෙන කම්මැලිකම ගැන හිතුවම මට හිතා ගන්න බැහැ රවී මහත්තය එහෙම ඔය පරිවර්ථන එහෙම කරන්න කොච්චර කැපවීමක් කරනවද කියල. ලේසියට මගේ සිංදුවක් ගැනම ලියන්නම්.
මේ සිංදුව ලිව්වේ දිල්ලි නුවර වෛද්‍ය සිසුවියක් බස් රථයකදී දූශණය කිරීම පිලිබඳව එහෙ විශාල පෙලපාලි ආදිය පවත්වන කාලේ. මෙම සිද්ධිය සිදුවුනේ 2012 දෙසැම්බර් 16 දා. ජෝති සිං පාන්ඩේ නම් සිසුවිය යහළුවකු සමඟ බසයකට ගොඩවීමෙන් පසුව. මුලින් ඇයගේ නම ප්‍රසිද්ධ නොවුන නිසා ඇයව හැඳින්වූවේ 'නිර්භය' යන අන්වර්ථ නමකින්. මෙම සිද්ධියෙන් පස්සේ එයට සම්බන්ධ වූවන් එල්ලා මරණ ලෙස ඉල්ලා මුළු දිල්ලියේම පෙළපාලි පැවැත්වුනා.
අද නොවැම්බර් දෙවෙනිදා මලවුන් සිහිකරන දවස හැටියට ක්‍රිස්තියානි භක්තිකයින් සලකනවා. ඒක නිසා මියගිය කෙනෙක් ගැන සඳහනක්. මියයාම කියන්නේ අපි ප්‍රිය කරන හෝ අප්‍රිය කෙනෙකු සදහටම අපෙන් සමු ගැනීම. අනෙක් අකාරයේ වෙන්වී යාම් තාවකාලික හෝ දීර්ඝකාලීන වුනත් මරණය කියන්නේ ස්ථීරවම වෙන්වී යාමක්. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වන්නේ වයසට ගොස් මුනුබුරු මිණිබිරියන් දැක මියයන්නයි. ආදරයෙන් බැඳෙන අයත් බලාපොරොත්තු වන්නේ හැරමිටිය ගහගෙන යන කාළය එනකම්ම එකට ඉන්න. හැබැයි විවිධ වයස් වල අය විවිධ හේතු නිසා මරණයට පත් වෙන්න පුළුවන් කියන එක හැමෝම දන්නවා.
තම ආදරවන්තයා හෝ ආදරවන්තිය අන් ආකාර වලින් වෙන්වී යෑම මොනතරම් වේදනා කාරී වුනත් ඔහු හෝ ඇය මරණයකින් වෙන්ව යාම ඉතිරිවන කෙනා වේදනාවේ උපරිමයට පත්වීමට හේතු වන්නක්. 'මරණයේ වේදනාව මියගිය අයට නොව ජීවත්වන්නන්ට' කියලා සමහර මල ගෙවල් වල තියෙන බැනර් වල තියෙන දේ නම් ඇත්ත. මෙවන් අවස්ථාවකට මුහුණ දුන් අය තව ඉන්න පුළුවන්. මම දන්නේ එක්කෙනයි ඒ වගේ අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දුන්න.
පෝස්ට් පහක්ම ඔක්තෝබර් මාසේ දාපු නිසා අළුත් එකක් නොදා කලින් වැඩිය කියවීමක් නොවිච්ච එකක් රී පෝස්ට් කරන්න අවසර. මේක කරන්නේ ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතන නිසා.
වාහන පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනවත් වන කරුණු කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ ප්‍රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.