Monday, September 10, 2018

ගයිඩ් වැඩක්

සුධීක කිව්වයින් පස්සෙ ගයිඩ් වැඩේ නොකර ඉන්නත් හිතුව. ඒවුනාට සමහර ලිපි දැක්කම ඒව ප්‍රසිද්ධ නොකර ඉන්න අමාරුයි.  මේ ලිපි දෙකම කියවන්න.



ඔහු තාමත් තමන්ගේ අතීතයේ එල්ලිලා ඉන්නවා මිසක වෙන දෙයක උවමනාවක් තිබුන්නෑ. තමන්ගේ මිය ගිය පෙම්වතිය ගැන කියවමින් හිටියේ ඔහු අන්ධ භක්තිකයෙන් වගේ ප්‍රේමය අදහමින් ජිවිත් වෙනවා කියලායි මට හිතුනේ. කොහොමටවත් පුද්ගලයෙක්ව අතීතයෙන් අපේ ඉතිහාසයෙන් ගලවලා දාන්න බැහැනේ. මට ඔහුට කියන්න තිබුණේ දැන් අවුරුදු දෙකකට කලින් රිය අනතුරකින් තාත්තයි මගේ සහෝදරයයි මිය ගිය පුවත විතරයි. ඒක ඔහුට ලොකු කම්පනයක් උනේ නෑ. වෙන පිරිමි වගේ මාව සනසන්න ඕන උනේත් නෑ. මමත් එහෙම සැනසීමක් බලාපොරොත්තුවෙන් කිව්ව දේකුත් නෙවෙයි. නිහඬව ඉන්න බැරි තැනකදි කිව්වා විතරයි.

ඔය කොටස තිබ්බෙ මෙන්න මේ කථාවෙ


උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.

අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම  කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.



දෙවෙනි කොටස තිබ්බේ මේකෙ



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, July 15, 2018

වාහන හිමියන්ට ආදායම් බදු ලිපිගොනු

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල

ඇවිද්ද පය ලියන සුදීක පෝස්ට් එකක් ලියල තියෙනව බ්ලොග් ගයිඩ්ල ගැන. ඒකෙ කියන්නෙ බ්ලොග් එකේ යමක් නොලියා ගයිඩ් වැඩෙ විතරක් කරන එක හරි නැහැ කියල. ඒක නිසා මොනව හරි ලියන්න දෙයක් ගැන හිතන්න වුණා. 

ලඟකදි ආදායම් බදු කොමසාරිස් විසින් කරන ලද ප්‍රකාශයක් සමහර බයියන් විසින් පුරුදු පරිදි විකෘති කරගෙන වාසි ගන්නව ෆේස්බුක් එකේ දැක්ක. ඒ ගැන පැහැදිලි කිරීමක් බයියන් නොවන අයගේ දැන ගැනීම ගැන ලියන්නම්.

Thursday, July 12, 2018

මරු බ්ලොග් එකක්



පහසුවෙන් ගලා යන විදිහට ලියන එක අමුතුම දක්ෂකමක්. ඒවගේ ලියවිලි කියෙව්වට දිග වුණත් කියවීමේදී මහන්සියක් දැනෙන්නේ නැහැ. සමහර ලියවිලි කියෙව්වම සමහර විට ඒකෙ තිබ්බ දෙබස් මතක හිටිනව. එහෙම නැත්නම් කථාව මතක හිටිනව. ඊට අමතරව ලියවිල්ලෙ ආකෘතිය මතක හිටින ලියවිලි හරිම දුලබයි.

මේ ලක්ෂණ දෙකම මට දැනිච්ච පෝස්ට් එකක් මෙතන තියෙනවා. ඉහත ලක්ෂණ දෙකම නැතිවුනත් කියවීමේ පහසුව සහිත පෝස්ට් කීපයක් තියෙන බ්ලොග් එකක් ඒක. බ්ලොග් ලෝකයට අමුත්තෙක් වුණත් මේ තැනැත්තා ලිවීම අතින් අති පරිණත බව පැහැදිලියි. කීප දෙනෙක් ගිහින් තිබ්බත් වැඩි දෙනෙක් දැල නැහැ කියල හිතන නිසා මෙතන දැම්මේ. 

වෙලාවක් තියෙන විට ගිහින් බලන්න.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.