Sunday, May 14, 2017

ලක්ෂෙට කොඩිය සහ පූටින් ගේ නොමඳ සහය

රුසියානු ජනාධිපති පූටින් මහතා


මේ සුමානෙ මේ බ්ලොග් එකේ හිට්ස් ගාන ලක්ෂය පහු කලා. මම ලියන විකාර කියවන්න මෙච්චර කට්ටියක් ඉන්නවද? ඇත්තම කථාව එහෙම විශාල පාඨක සංඛ්‍යාවක් නැහැ. මේ හිට්ස් ගාන වැඩිවෙන්න හේතුව රුසියාවේ සයිට් වලින් එන බොරු හිට්ස්. මගේ ඇස්තමේන්තුව පහුගිය අවුරුදු 2 දී වැඩිම වුණොත් 25,000 ක් හිට්ස් ලැබෙන්න ඇති.ඉතිරි 75,000 පූටින් සහෝදරයාගේ සාදර අනුග්‍රහයෙන් ලැබෙන බොරු හිට්ස්. උදාරණෙකට පසුගිය මාසෙ හිට්ස් 5,000 ක් විතර ලැබිල තියෙනවා. ඒවුණාට පෝස්ට් වල කවුන්ට්ස් වැඩි වෙලා තියෙන්නේ 1,000 කින් විතර. එතකොට 4,000 ක් විතර පෝස්ට් නොකියවන හිට්ස්. ලැබෙන රටවල් බැලුවම 80% ක් එන්නෙ රුසියාවෙන්. 




2009 ඉඳන් 2015 වෙනකම්ම තිබ්බෙ හිට්ස් 500 කට වඩා අඩුවෙන්. හිට්ස් දාකට වඩා අඩු ගාණක් තියෙද්දි බ්ලොග් එක සින්ඩිකේටර්ස් වල එල්ලන්න උපදෙස් දුන්න චෙෆාකි සර් ටත්, මගේ විකාර කියවපු අයටත්, කියවන්නන් විශාල ප්‍රමාණයක් යොමු කල මාතලන්ගේ සින්ඩිය, කොත්තු සින්ඩිය, අටම්පහිය වැනි සින්ඩි වලටත්,  ට්‍රම්ප්ව දිනවන්න මහන්සිවෙන අතරේ හිට්ස් 75, 000 ක් විතර එවල හිට්ස් ලක්ෂය පහු කරන්න උදව් කරපු පූටින් මහත්තයටත් බොහොමත්ම ස්තූතියි කියන්න මේ අවස්ථාව යොදාගන්නවා.


බ්ලොග් ලෝකෙට අළුතෙන් හඳක් පායලා. සඳවතිය බ්ලොග් එකට මෙතනින් ගිහින් එකතුවෙන්න.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Monday, May 8, 2017

වර්ජක වෛද්‍යවරුන්ට හෙන ඉල්ලීම වැරදියි

වෛද්‍ය නලාවක් කරේ ලාගත් කෙනෙක් සහ මාංචු යුගලක්

වෛද්‍ය සින්දූපා සෙනවිරත්න මහත්මියගේ ෆේස්බුක් සටහනක් කියවීමෙන් මෙය ලිවීමට සිත්විය. ඇයගේ පෝස්ට් එකට හේතුව නම් දොස්තර වර්ජනය ගැන අදහස් දැක්වූ අයෙක් වර්ජනය කරන දොස්තරවරුන්ට හෙන හතක් වදින ඉල්ලා සිටිමින් රූපවාහිනියේ වාර්ථාකරුවකුගේ ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස කරන ලද ප්‍රකාශයකි. දොස්තරවරුන් ප්‍රතිකාර කිරීමේදී සහ ශල්‍ය කර්ම සිදුකිරීමේදී, හදිසි අනතුරු අංශ වල සේවයේදී කරන දේවල් සඳහන් කරමින් ඇය එම පුද්ගලයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කරයි. එය කියවීමෙන් මට ඇතිවූ පළමුව හැඟීම නම් දොස්තර වර්ජනය ගැන එය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවූ අය කිව යුත්තේ "වර්ජනය කල නිසා ඒ උත්තමයන් බුදුන් දකින්න" කියාද යන්නයි.  

Saturday, May 6, 2017

ශ්‍රී ලංකන් ගුවන් සේවය හොම්බෙන් යාම

ෂ්‍යාමන් ජයසිංහ
ෂ්‍යාමන් ජයසිංහ
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ’ කතාන්තරය දැන් මුලූ රටම දනී. මහින්ද රාජපක්ෂගේ දස අවුරුදු පාලන කාලය ගැන තවමත් ප‍්‍රශස්ති ගයන සහ ඔහු යළි බලයට පත්වීමක් ගැන කෑමොර දෙන අයවළුන්ට යෝනිසෝ මනසිකාරය වඩවා ගැනීමට මීටත් වඩා තවත් සාක්ෂි අවශ්‍ය නොකෙරේ.
මේ සිද්ධිය වනාහී, රටක විනාශයේ විභවය පෑදූ, දුර්භාග්‍යවන්ත ආණ්ඩුකරණ මාදිලියක් පිළිබඳ ආඛ්‍යානයක එක් අංගයකි. අධිකාරීවාදී මජර තන්ත‍්‍රයන් අයාලේ ගොස් තුවාලයක් වූ විවිධ ඓතිහාසික අවස්ථාවන්ට මෙය තවත් උදාහරණයකි. එබැවින් මොනයම් හෝ පුද්ගල කෝන්තරයකින් පරිබාහිරව, අනාගතය සඳහා අදාළ කර ගත හැකි දර්ශකයක් හෝ ආදර්ශමත් අධ්‍යයනයක් වශයෙන් මෙම සිද්ධිය සියුම්ව පරීක්ෂාවට ලක් කිරීම වටනේය. මහා අසාර්ථකත්වයක් පාඩමක් කර ගත හැකි අත්දැකීමක් බවට පත්කර ගත හැක්කේ එයාකාරයෙන්ම පමණි.