Monday, April 10, 2017

සයිටම් රජයට පවරා ගත යූතුය

අසරණ ලෙඩුන්ගේ සුභ සිද්ධිය සඳහාම සටන් වදින වෙද සිසුන්

1978 විතර ඉඳන් ඉවරයක් නොවෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණයට GMOA සංවිධානය එදත් අදත් ඉල්ලා සිටින්නේ ඒවා රජයට පවරා ගන්නා ලෙසයි. එයට යටි හේතුව ගාස්තු අයකරන පෞද්ගලික විද්‍යාල වලට ශීග්‍රයෙන් ඇතුලත්වන සිසුන් සංඛ්‍යාව ඉහල දමා ගත හැකි නිසාය. 

සුදුසුකම් ලබන වෛද්‍යවරුන් සංඛ්‍යාව හැකිතරම් අඩු මට්ටමක තබා ගැනීම ඔවුන්ගේ එකම අරමුණයි. රජයේ වියදමින් පවතින විද්‍යාල වල ඇතුලත් කරගත හැකි සංඛ්‍යාව වැඩි වන්නේ ඉතා සුළු වශයෙනි. මෙම හේතුව නොපෙන්වා ඔවුන් පෙන්වන්නේ වෙනස් හේතුය. සායනික පුහුණුව නැතිකම, ඇතුලත් වීමේ සුදුසුකම් මඳකම ආදිය ගැන කියා සිටියත් ඒවාට විසඳුම් දීමෙන් මෙම අය සැහීමකට පත්කල නොහැක. මෙවරද රජය කරන්නේ GMOA සංවිධානය ලෙඩුන් ගැන සිතා කරන සාධාරණ ඉල්ලීමක් ලෙස සිතා එම ප්‍රශ්ණයට විසඳුමක් ලෙස සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට ක්‍රමයක් සැකසීමයි. ඔවුන් මෙතෙක් දක්වා සිටි මුඛ්‍ය පරමාර්ථයට රජය විසින් විසඳුම් සැපයුවත් ඔවුන් එය කිසිසේත් පිළිනොගනු ඇත. පසුගිය සතියේ 'සායනික පුහුණුව' සටන් පාඨය මහජනයාට අමතක වුණැයි සිතා හෙට සිට 'අධ්‍යාපනය විකිණීමේ' සටන් පාඨය එළි බැසීම ඉර හඳ මෙන් විශ්වාසය.

Thursday, April 6, 2017

උනන්දුව සහ කැපවීම තිබේනම් බැරි දෙයක් නැත.

 

පහසුකම් ඉතාම අඩු ඈත පිටිසර පාසැලක ගුරුවරයෙකුගේ කැපවීම පිළිබඳව මේ සටහන තබමි.


රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 30 ක පමණ දුරින් පිහිටි එම පාසැලේ 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වින. ගමන් අපහසුව සහ නවාතැන් නොමැති කම නිසා ගුරුවරු යාමට ඉතා අකමැති පාසැලකි. වසර ගණනක සිට විද්‍යා ගුරුවරයෙකු නොසිටි මෙම විදුහලට යාමට කැමති තරුණ ගුරුවරයෙකු මට හමුවිය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිටිසර ගමක රත්නපාල නමැති තරුණයෙක් වූ ඔහු  නගරයේ විදුහලක උසස් පෙළ අධ්‍යාපනය ලබා විද්‍යා ධාරාවෙන් විෂයය දෙකක් පමණක් සමත් වී තිබිණ.

Tuesday, April 4, 2017

රවී ජයවර්ධන, ඔබට සුභ ගමන්




රවී ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ එකම දරුවාය. වයස 80 ක් වූ ඔහු ඊයේ දිවියෙන් සමුගත්තේය. රටක පාලකයෙකුගේ දරුවෙකු කෙසේ හැසිරිය යුතුද යන්න ගැන ඔහු ලොවටම ආදර්ශයක් විය. සිය පියා රටේ විධායක ජනාධිපති ලෙස සිටි අවුරුදු 10 ක කාලය තුල ඔහු තම පියාගේ තනතුර අභාවිතා කල එකම සිද්ධියක් හෝ අසන්නට නොලැබිණි. පියා එ.ජා.ප ආරම්භක සාමාජිකයෙකු වූවත්, රටම දන්නා දේශපාලකයෙකු වූවත් රවී ජයවර්ධන කිසිදිනක දේශපාලනය නොපැමිණියේය. ඔහුට පෙර රටේ නායකයින් වූ ඩී.එස්.සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී සහ සිරිමා බණ්ඩාරණායක යන අයගේ දරුවන් දේශපාලනයට පැමිණියත් රවී ජයවර්ධන ඔවුන්ගේ දරුවන්ව ආදර්ශයට ගත්තේ නැත. අවාසනාවකට ජේ ආර් ට පසුව රටේ නායකත්වයට පැමිණි ආර්. ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ වැනි අයගේ දරුවන් රවී ජයවර්ධනව ආදර්ශයට ගත්තේත් නැත.