අසරණ ලෙඩුන්ගේ සුභ සිද්ධිය සඳහාම සටන් වදින වෙද සිසුන් |
සුදුසුකම් ලබන වෛද්‍යවරුන් සංඛ්‍යාව හැකිතරම් අඩු මට්ටමක තබා ගැනීම ඔවුන්ගේ එකම අරමුණයි. රජයේ වියදමින් පවතින විද්‍යාල වල ඇතුලත් කරගත හැකි සංඛ්‍යාව වැඩි වන්නේ ඉතා සුළු වශයෙනි. මෙම හේතුව නොපෙන්වා ඔවුන් පෙන්වන්නේ වෙනස් හේතුය. සායනික පුහුණුව නැතිකම, ඇතුලත් වීමේ සුදුසුකම් මඳකම ආදිය ගැන කියා සිටියත් ඒවාට විසඳුම් දීමෙන් මෙම අය සැහීමකට පත්කල නොහැක. මෙවරද රජය කරන්නේ GMOA සංවිධානය ලෙඩුන් ගැන සිතා කරන සාධාරණ ඉල්ලීමක් ලෙස සිතා එම ප්‍රශ්ණයට විසඳුමක් ලෙස සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට ක්‍රමයක් සැකසීමයි. ඔවුන් මෙතෙක් දක්වා සිටි මුඛ්‍ය පරමාර්ථයට රජය විසින් විසඳුම් සැපයුවත් ඔවුන් එය කිසිසේත් පිළිනොගනු ඇත. පසුගිය සතියේ 'සායනික පුහුණුව' සටන් පාඨය මහජනයාට අමතක වුණැයි සිතා හෙට සිට 'අධ්‍යාපනය විකිණීමේ' සටන් පාඨය එළි බැසීම ඉර හඳ මෙන් විශ්වාසය.
GMOA විසින් සටන් පාඨ උඩ යට මාරු කිරීම ඔබ විස්වාස නොකරන්නේ නම් දැනට වසර කිහිපයකට පෙර සයිටම් සිසුන්ට බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක සායනික පුහුණුව දීමට විරුද්ධව ඔවුන් ගෙන ගිය සංනිවේදන ව්‍යාපාරය ගැන සොයා බලන්න. පළමුව රජය මැදිහත්ව සායනික පුහුණුව ලබාදීම වැලැක්වූ ඔවුහුම ඉන් පසුව සායනික පුහුණුව නැති නිසා ඔවුන් සුදුසුකම් නොලත් යැයි සටන් පාඨය වෙනස් කරගනී.
වරෙක බස් හිමියන් ගැන ජනතාවගේ නොකමැත්ත ඔවුන්ගේ යටිකූට්ටු අරමුණට ප්‍රයෝජනයට ගැනීමට එක සයිටම් සිසුවෙක් බස් ගැමුණුගේ දරුවකු වීම ඔවුන්ට සෑහිණ. වරෙක ඔවුන් කෝටිපතියන්ගේ දරුවන් වෙයි. ඒ දුප්පතුන්ගේ ධනපති වෛරය ඔවුන්ට අභාවිතා කිරීමටය. වරෙක සියළුම සයිටම් සිසුන් ඇතුළු වී ඇත්තේ එස් සාමාර්ථ තුනකිනි.
අසරණ ලෙඩුන්ගේ සුභ සිද්ධිය සඳහාම සටන් වදින GMOA සංවිධානයේ සංනිවේදන ත්‍රස්තවාදය ගැන මෙතනින් කියවන්න.
රෝහල් වල අයිතිය රජය (මහජනයා) සතුය. ඒවායේ වෛද්‍ය, සාත්තු සේවක, සහ අනිකුත් වැටුප් රජය (මහජනයා) ගෙවයි. බෙහෙත් සහ අනිකුත් වියදම්ද රජය (මහජනයා) ගෙවයි. පුහුණුව සඳහා යොදා ගැනෙන ලෙඩුන්ද ලංකාවේ මහජනයාය. එහෙත් රජයේ රෝහල් වල ලෙඩුන් සහ මහජන මුදලින් සම්පූර්ණයෙන්ම නඩත්තු වන රෝහල් වල පුහුණු විය හැක්කේ මහජනයාගේ මුදලින් ඉගෙන ගන්නා සිසුන්ට පමණි. එසේ නැතහොත් ත්‍රස්තවාදී GMOA විසින් අනුමත කරන සිසුන්ට පමණි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව බිහිකර ගැනීම, බංග්ලාදේශය ඇතුළු විදේශ රටවලට වෛද්‍ය අධ්‍යාපනය සඳහා යන විදේශ විනිමය නතරකර ගැනීම, අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට නොහැකිවන මුදල් නොමැති අයට වන අසාධාරණය නැතිකිරීම වැනි සියළුම ප්‍රශ්ණ වලට විසඳුමක් ලෙස රජය විසින් කළයුතුයැයි මට හැඟෙන්නේ පහත ක්‍රමයයි.
ලබන වසරේ සිට වෛද්‍ය පීඨ වලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය පස් ගුණයකින් පමණ ඉහල දැමීම කළ යුතුය. එයින් 75% පමණ උසස් පෙළ ඉහල ලකුණු වලින් බඳවා ගත යුතුය. 25% උසස් පෙළ සමත් එහෙත් මුදල් ගෙවා ඉගෙනීමට කැමති අයට වෙන් කල යුතුය. පෞද්ගලික පාසැල් වල ඉගෙන ගන්නා ලන්ඩන් A/L හෝ Edexcel සමත් වන අයටත් එවිට ඇතුලත් වීමට ඉඩ සැලසේ. ඒ එසේ නැත්නම් ඔවුන් රටේ විදේශ විනිමය යොදාගෙන පිටරටවල වෛද්‍ය අධ්‍යාපනයට යන බැවිනි.
සියළුම සිසුන්ට ඉගැන්වීම මුදලට සිදුවිය යුතුය. මුලදීම මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන් හැර අන් අයට සුදුසුකම් ලබා අවුරුදු 10-15 තුල ගෙවිය යුතු ණය මුදලක් ලෙස එම වියදම ලබා දිය යුතුය. වසරෙන් වසර ක්‍රමයෙන් වෙනස් වන පොලී ප්‍රමාණයන් මඟින් හැකි තරම් ඉක්මනින් ණය මුදල ගෙවා දැමීම උනන්දු කල හැක. එම මුදල් වලින් වෛද්‍ය පීඨ ධාරිතාව වැඩිකිරීමට බැංකු වලින් ලබා ගත් ණය මුදල් ආපසු ගෙවිය හැක.
මුදල් ගෙවන සිසුන් ගෙන් අයවෙන මුදල් සහ වෛද්‍ය පීඨ වලට බැංකු ණය ලබා දී අවශ්‍ය කථිකාචාර්‍ය වරුන් බඳවා ගැනීම සහ ගොඩනැඟිලි කුලියට ගැනීම කල හැක. දිවා රාත්‍රී පන්ති පැවැත්වීම මඟින් ගොඩනැඟිලි අවශ්‍යතාවය තරමක් අඩු කරගත හැක.
වෛද්‍ය අධ්‍යාපනයේ පළමු වසර සහ දෙවන වසරේ වැඩි ප්‍රමාණයක් ගතවන්නේ සාමාන්‍ය පංති කාමර වල කෙරෙන ඉගැන්වීම් නිසා කථිකාචාර්‍යවරු සහ පන්තිකාමර යන දෙකොටසින් මෙම කාලය තුල අදාල අධ්‍යාපනය ලබා දිය හැක. අද සිට එම කාලය අවසන් වීමට අවුරුදු 2 1/2 පමණ ඇති නිසා අනික් අවශ්‍යතාවයන් එනම් තුන් වන වසරේ සිට පස් වන වසර සඳහා වන විශේශිත මිනිස් බල සහ අනිකුත් තාක්ෂණික අවශ්‍යතාවයන් මෙරටින් හෝ ආනයනයෙන් හෝ සපයා ගැනීමට කල් තිබේ. වැඩිපුර සිසුන් ගන්නා තරමට ආදායමද වැඩි වන බැවින් මුදල් වියදම් කර එම අවශ්‍යතා සපයා ගැනීම අපහසු නොවනු ඇත.
නවාතැන් සැපයීම රජයෙන් කිරීම අත්හිටවිය යුතුය. වෛද්‍ය පීඨය මඟින් නියම කරන ප්‍රමිතීන්ට ගැලපෙන නියමිත කුලියකට නවා තැන් සැපයිය හැකි පෞද්ගලික අංශයේ අයට එම අවස්ථාව ලබා දිය යුතුය. මුදල් නොමැති සිසුන් සඳහා නවා තැන් සඳහාද ණය මුදලක් ලබා දිය හැක. මෙවන් ක්‍රම විදේශ රටවල අදටත් ක්‍රියාත්මක වේ.
ලංකාවේ ඇති විශාල රජයේ රෝහල් සංඛ්‍යාව, ඒවායේ සිදුවන විශාල සැත්කම් ප්‍රමාණය සහ අනිකුත් සැත්කම් නොවන ව්‍යාධි කළමණාකරණ ක්‍රියා පිළිවෙත් සංඛ්‍යාව සලකන කල රටේ සිසුන්ට අමතරව විදේශ හෝ අඩුම තරමින් කලාපීය සිසුන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩිකලක් යාමට මත්තෙන් වෛද්‍ය පීඨ වලට හැකිවනු ඇත. එවන් සිසුවෙකුගෙන් අඩුම ගණනේ වසරකට ඩොලර් 25,000 ක් ගාස්තු වශයෙන් ලබා ගත හැකි අතර තවත් ඩොලර් 5,000-10,000ක් ඉඳුම් හිටුම් කෑමබීම සහ විනෝදය සඳහා එක් අයෙකු වියදම් කරයි. ඇඟළුම් කර්මාන්තය වැනි ශුද්ධ විදේශ ආදායම අඩු කර්මාන්තයකට වඩා සියළුම inputs දේශීය වන වෛද්‍ය අධ්‍යාපන කර්මාන්තය රටට විදේශ විනිමය උල්පතක් වනු ඇත.
මෙම ක්‍රමයේ ඇති විශාලතම වාසිය නම් මහජන මුදල් වෛද්‍ය අධ්‍යාපනයට වියදම් නොවීමයි. මෙම ක්‍රමයෙන් බිහිවන දොස්තර වරුන්ටත් මහජන මුදලින් පිනට ඉගෙනගත්තා වැනි කථා අදාල නොවනු ඇත.
මෙවන් පදනමක් යටතේ
සයිටම් රජයට පවරා ගත යූතුය.
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
උඹේ තියරිය අලුත්ම එකක්.
ReplyDeleteබොහොම සාධාර්ණා ගතියක් පේනවා.
සාධාරණයි .....
ReplyDeleteකොයි රස්සාවටත් එන පිරිස අඩු වෙන තරමට ඉන්න අය කැමතියි. එතකොට ඇතිවෙන හිඟය නිසා ඉන්න අයට වරප්‍රසාද වැඩියෙන් ගන්න පුලුවන්.
ReplyDeleteඔය විරෝධය නොවෙයි. ඔය ඔවුන්ගේ හිතේ තියෙන වෘත්තිය අස්ථාවරත්වය ගැන බයයි. බය වුනාම කියන දේවල් විටින් විට වෙනස් වෙනවා. ලක්ෂයක් ආවත් දක්ෂයා බය නෑ. ඔහුට හිමි තැන ලැබෙනවා. අදක්ෂයා බයයි.
අපොයි බැරියෝ. මෙන්නෝ අම්මේ තාත්තේ නැන්දේ බාප්පේ පූසේ බල්ලේ මීයේ තුං ලෝකෙ වෙන කොහේවත් නැති නිදහස් අජ්ජාපනේ නැති කරනෝ. පාරෙ විප්ලව කොරන්න සාමාජිකයන් අඩු වෙයිදෝ? වැඩ ඇරිලා ගෙදරයන උං පාරෙ බ්ලොක් නොවී වෙලාවට ගෙදර යවන ලෝක බැංකු කුමංත්‍රණයක් නේදෝ? ඉල ඇට කැඩෙන සොඳුරු නවක වදේ දීගන්න බැරිවුනොත් සමාජ සමානතාවය, සමාජවාදය, නොනවතින විප්ලොවේ කරගන්න බැරිවෙයිදෝ? සයිටම් විසබීජයෙන් ලෙඩුන් බේරා ගැනීම සඳහා වයිද්ද වෘත්තීය සංගං සටන් බැරිවෙයිදෝ?
ReplyDeleteප්‍රතිගාමී, අදිරාජ්යවාදී, බූෂූවා ඉයොං ගේ කුමණ්ත්‍රනය අවුරුදු පනස් පහක් හරි විස්ව විද්යාලයේ සිස්ය බාවය තියාගෙන හිටලා සටන් කොරලා පරදවමු
//ලෝකෙ වෙන කොහේවත් නැති නිදහස් අජ්ජාපනේ // බොරු කියන්න එපා ප්‍රා. ජර්මනියේ, ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ තියෙනවා. බදු වැඩියි හැබැයි. කියුබාවේ ත් තියෙනවා. එහාට කවුරුත් ජිවත් වෙන්න යන්නේ නැහැ හැබැයි. ඉගෙන ගන්න යනවා.
Delete//ප්‍රතිගාමී, අදිරාජ්යවාදී, බූෂූවා ඉයොං ගේ කුමණ්ත්‍රන// සම්පුර්ණයෙන්ම එකඟයි
DeleteAjith, those who can afford are allowed to pay and be educated in Germany etc too, right? Do Govt. University students protest against private education there?
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteyes :
DeletePublic vs Private Universities
The vast majority of universities in Germany are public universities. In fact, about 95% of all universities in Germany are considered public. The advantage of attending a public university is that most students pay nothing or a very negligible amount to attend.
Private universities in Germany need to be accredited and approved by the government. In most cases, these universities are for the applied sciences. Students that elect to attend a private university will most likely have to pay considerable tuition fees to attend, especially in comparison to free public universities. However, this is worth the extra cost to some students because private universities tend to be more global in scope and have smaller classes sizes.
Private universities are increasing in popularity. Around 140,000 students were enrolled in private universities in Germany in 2015. Just a decade ago, only 24,000 students attended private universities. Again, the appeal are smaller classes sizes and more individualized attention.
Unfortunately many private universities in Germany cost over $20,000 in tuition alone each year. There are some cheaper options available however. Cheaper private universities in Germany are the Friedensau Adventisst University,the FOM University of Applied Science for Economics and Management, and the SRH Hochschule Berlin.
Friedensau Adventist University
SRH Hochschule Berlin
http://europe.graduateshotline.com/germany/cheap-private-universities.html
answer to the second question is - no
Deleteඉයන්,
ReplyDeleteබටහිර වෙදකම ගැන මහා ඉහලින් වර්ණනා කරන්නේ මෙය ලෝකයේ නවීනතම දැනුමෙන් සන්නද්ධ එකම ක්‍රමවේදය කියලයි නමුත් අපි බටහිර ඇලොපති විද්‍යාව ගැන ලොව පිළිගත් සගරා වලට අනුව
කරුනාකර මේ සබැදි බලන්න
01. http://www.bmj.com/content/353/bmj.i2139/rapid-responses
Journal of the American Medical Association (JAMA)
02. http://www.hopkinsmedicine.org/news/media/releases/study_suggests_medical_errors_now_third_leading_cause_of_death_in_the_us
ඇමරිකාව තුල සිදුවෙන මරණ වලින් 1/3 සිදුවෙන්නේ වෛද්‍යවරුන් ගේ වැරදි වලින් බව පෙන්වාදෙනවා, ඇමරිකාවේ මෙහෙම කියන්න පුළුවන් වෙලා තියන්නේ ඇයි ? එහි සිදුවෙන ඕනෑම මරණයක්, මරණ පරීක්ෂණයක් කරන අතර මරණයට හේතුවූ කරුණ සෑම විටම සොයාගෙන සංක්‍යා ලේකන වන ඇතුළු කරනු ලබනවා.
මෙනිසා මොන බාදා තිබුනත් ඇත්තටම සිදුවෙන්නේ කුමක්දැයි සොයාගැනීමට උවමනා කෙනාට පුළුවන්.
දැන් අපිබලමු ඇයි මෙවැනි බරපතල කරුණක් අප මෙතෙක් මාද්‍ය මගින් දැනුවත් උන්නේ නැත්තේ කියල, හේතුව සරලයි ඔබ ඔය දකින වෙබ් අඩවි පුවත් ආයතන නොවන අතර වෛද්‍ය සගරා වෙනවා, කලාතුරකින් මෙවැනි සත්‍ය දෙයක් මේ සගරා වල පලවෙනවා නමුත් මේවා මාද්‍ය තුලින් ප්‍රචාරය වන්නේ නැත්තේ විශාල ඔවුෂද සමාගම් වල බලපෑම නිසයි.
https://youtu.be/KxUfPBhipLA
කෙසේවෙතත් මේ පුවත ඉහලම මාද්‍ය වල පලවී තිබුන
http://edition.cnn.com/2016/05/03/health/medical-error-a-leading-cause-of-death/
දැන් ඔබට පෙනෙනවද වෙනස, ඇත්තම කතාව රෝහල් වෛද්‍යවරුන් වැඩිවෙනවා කියන්නේ ලෙඩුන් වැඩිවෙනවා කියන එකයි.
දැන් ඔබ දන්නවද අපේ පින් බිමේ කිසිම වෛද්‍යවයකු අතින් මෙවැනි වරදවල් සිදුනොවීමට හේතුවෙන මහා පුදුම සහගත දියුණු ක්‍රමවේදය මොකද්ද කියල ? රෝගියෙක් මියගියේ රෝහලට ඇතුලත්කර පැය 24ට පසු නම් කිසිම මරණ පරීක්ෂණයක් උවමනා නැතිඅතර (දොස්තර වරු කියන්නේ දෙවිවරුන්ට, දෙවිවරුන්ට වැරදි සිදුනොවෙයි ) ඊට පෙර ඇතුළු කර ඇත්තම් රෝගියා හෝඔ ඔහුගේ නෑයන් වගකිවයුතුයි.
Jim Hacker: It says here, smoking related diseases cost the National Health Service £165 million a year.
DeleteSir Humphrey Appleby: Yes but we've been in to that, it has been shown that if those extra 100,000 people had lived to a ripe old age, it would have cost us even more in pensions and social security than it did in medical treatment. So, financially speaking it's unquestionably better that they continue to die at their present rate.
- Yes Prime Minister
If you try to find what is actually happening you will find this is no joke like Yes Prime Minister.
DeleteFor most people Doctors recommend to go on surgery if you have a hart problem but if you try to find information from reliable source like
https://www.ncbi.nlm.nih.gov/pubmed/?term=reversal+of+heart+disease
you will find there are huge amount of alternative as good as surgery.
This is not from Ayurveda this is from https://www.ncbi.nlm.nih.gov/
with proven scientific test but doctors will not advice these steps
@ LS,
DeleteHmm, I really do not have personal experience or knowledge to either agree or disagree with you. There is a propensity for any professional to prefer his/her tried and proven or learned methods to alternatives. There maybe instances in which alternatives have been found to be more effective but, they go by their own methods according to their knowledge and training.
Of course, I too have found that the surgeons are ever ready to cut up !
සයිටම් පිහිටවනකොට විරුද්ධ වෙන්න බෑ ජනාධිපති මහින්ද නේ
ReplyDeleteසයිටම් නීතීගත කරනකොට විරුද්ධ වෙන්න බෑ ජනාධිපති මහින්ද නේ
සයිටම්ට U.G.C.Approval ලැබෙනකොට විරුද්ධ වෙන්න බෑ ජනාධිපති මහින්ද නේ
දැං මහින්ද නෑනේ. ඒ නිසා සයිටම් බෝඩ් ලෑල්ලටත් අපි විරුද්ධයි
මීට
G.M.O.A
:)
Deleteමේ ගානට අපේ ළමයිනුත් එව්වා හැකි. මෙහෙ ගණන් වැඩි නිසා ජර්මනි යන්න හිතන් ඉන්නේ. ඔන්න වැඩේ ඉයන්.
ReplyDeleteඉයන් ලංකාවේ කෙනෙක්ද?
ReplyDeleteඔය වාගේම ක්‍රමයකට හම්බන්තොට වරායත් අපිටම තියාගන්න පුළුවනි නේ.
ප්‍රයිවෙට් බසුත් ආයෙම රජයට පවරාගෙන ලාභ ලබන ආයතන කරන්නට පුළුවනි. තව.. කෝච්චි, ත්‍රි වීල් ?
ගාස්තු ඉහල දාල ඒ සී බස්, කෝච්චි දාමු.
ලණු දෙනවා කියල ඔයවගේ නැව් කඹත් දෙන සිරිතක් තියෙනවද?
ස්යිටම් වේවා..වෙන මොකක් වුනත් ඒවාට ප්‍රමිතියක් තියෙන්න ඕනේ..ඔය තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල ,ජාත්‍යන්තර පාසල් හැම එකක්කම ප්‍රමිතියක් තියෙන්න ඕනේ..කොටින්ම ටියුෂන් පන්තියකට වුනත් ප්‍රමිතියක් තියෙන්න ඕනේ..අපේ රටේ කිසිස්ම දෙක ප්‍රමිතියක් නැත..හිතුන හිතුන විදියට වැඩ කරයි...
ReplyDeleteඉන්දියාවේ ඇති වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව 460 - වසරකට ඇතුලත් කරගන්නා සංඛ්‍යාව 63985. රාජ්‍ය නොවන / පුද්ගලික 172. 26000 ක් පමණ. සියළුම රාජ්‍ය සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල මුදල් අයකරනවා. ලමයි ඇතුලත් කරගන්නෙ NEET කියලා ක්‍රමයකින් - අපේ Z-Score වගේ.
ReplyDeleteඔය සයිටම් එක මාලබෙන් ගලවලා කේරලේ හරි කොහෙහරි ලංකාවට ලඟ තැනක දැම්මනම් අපේ අයට අඩුගානකට ගිහින් ඊගන ගෙන එන්න පුලුවන්. සල්ලි නැති අයට ස්කොල් එකක් වත් දෙන්න පුලුවන්නේ.
ඔයි විදිහට ඉන්ටෙක් එක වැඩි කොලොතින් එළවෙන්න ඉස්සරින් පාරේ, ප්‍රමිතියට හානි කොරන්න යනවා කියලා.
ReplyDeleteඉයන්ගේ යෝජනාව හොදයි හැබැයි ප්‍රායෝගිකව කරන්න අමාරුයි
ReplyDeleteමම හිතන්නේ ඊට වඩා පහසු ක්‍රමයක් තමයි සයිටම් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසුව එම ආයතනය සදහා රජය මැදිහත්ව මුදල් අයකර ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම සහ ඒ සදහා අවශ්‍යතාවය අනුව ණය ලබාදීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීම සහ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අනුව අනෙකුත් පිඨයන් පවත්වා ගෙන යාම
ඒ වගේම අදියරින් අදියරට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි ආයතනයන් රජය විසින් මැදිහත්වී ආරම්භ කිරීම සහ ඒ සදහා වැඩි ප්‍රවේශයක් ලබාදීම කල හැකියි. උදාහරණයක් විදිහට NSBM ආයතනය වගේ ආයතනයන්
මෙයට සමගාමීව රජයේ විශ්ව විද්‍යාලවල පාඨමාලාවන්ට බදවාගනු ලබන සංඛ්‍යාවත් ඉහල නැංවිය හැකියි
මේ රටේ අනාගත වෛද්‍යවරු වෙන්න සිටින වරතමාන වෛද්‍ය සිසුන්ගේ අනාගතය උකසට තබා GMOA එක කරණ මේ නාඩගම නවත්තන්න බැරිද ?GMOA එකට එදා පුද්ගලික රෝහල් වලත් වරිජනය කරනවා කීවට එහෙම එකක් වුනේ නෑ. අද වෛද්‍ය සිසුන් අකන්ඩ පන්තිවර්ජනය කරන්නේ GMOA එකේ බල පෑම උඩ .ඒත් GMOA එක ඒවෙනුවෙන් සල්ලි වියදම් කරනවා මිසක් ළමයින් ගේ අනාගතය විනාශවෙන එක ගැන තක්නනේ නෑ
ReplyDeleteසෑහෙන සාධනීය යෝජනා සහිත ලිපියක්. මන් පෞද්ගලිකව විශ්වාස කරනවා ලංකාව වගේ විෂම ආදායම් ව්‍යාප්තියක් සහිත රටකට මුදල් මතම පදනම් වූ අධ්‍යාපණ ක්‍රමයක් අතිශය අසාධාරණයි කියලා. ඒ කියන්නෙ නිකන් දෙන්න කියන එක නෙවෙයි. ඒත් පිරිවැය පමණක් ආවරණය වන (පාඩු නොලබන) මුදලකට අධ්‍යාපණය ලබාදීම අතිශය සාධාරණ බවයි මගේ හැගීම. උදා- විවෘත විශ්වවිද්‍යාලය
ReplyDeleteඔබ කියන දේ සාධාරණයි. බොහෝ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වෙන්නේ මේ පදනම යටතේ. විදේශ සිසුන් සහ ලකුණු මට්ටම් අඩු එහෙත් මුළු මුදල ගෙවන අයගෙන් වැඩි පුර ගෙන වැඩි ඇතුලත්වීම් සුදුසුකම් ඇති අයට නොමිලේ, අඩු මිල ආදී වශයෙන් ගාස්තු නියම කරනවා. ඒවගේම 10% හෝ ඊට වැඩි ප්‍රමාණයක් ණය මුදල නොගෙවා සිටිනවා. ඒවාත් ගාස්තු වලට බලපානවා.
Deleteඉතින් අපේ අනිත් වැඩ සියල්ල ජාත්‍යන්තර නේ. දැන් තියෙන්නේ අධ්‍යපනෙත් ජාත්‍යන්තර විධියට කරන එකනේ.
Deleteඅනිත් විශ්ව විද්‍යාලත් පෞද්ගලිකකරණය කෙරෙණ එකයි වෙන්න ඕනා.. මුන්ට නිකන් හම්බෙන හින්දනෙ මේ පුප්පන්නේ...සල්ලි දිලා ඉගන ගත්තනම් ඔය එක බල්ලෙක් පාරවල් වල රස්තියාදු වෙවී කාලකණ්නි වෙවී අනිත් උන්වත් කාලකණ්නි කරයි ද !
ReplyDelete