බ්ලොග් කරුවන් ඔවුන්ගේ සමූහ යෝජනා ඉදිරිපත් කිරීමකදී සලකා බැලීම ගැන කොලඹ ගමයා බ්ලොග් අඩවියේ ගෙන ආ අදහසට සහය පිණිස මගේ යෝජනා වල පළමුවෙනි කොටස පහත දක්වමි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් 'දමිළ ප්‍රශ්ණය' ගැන පමණක් සලකා බැලිය යුතු එකක් නොවේ. වෙනත් සමාජීය අරමුණු පිලිබඳව යෝජනා ගැන සිතා බැලීමටත් දේශපාලකයින් සහ සමාජ පෙලඹවීම කළ යුතුයැයි මම සිතමි. එබැවින් මගේ යෝජනා වලින් එවන් අංශ ගැන වැඩිපුර සැලකිල්ලක් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
1. ප්‍රාදේශීය සභා සහ නගර සභාවලින් දේශපාලන කලමණාකරණය ඉවත් කිරීම
සියළුම පළාත් පාලන ආයතන වල කටයුතු සුපරීක්ශණයට දේශපාලකයන් නොමැති කොමිසමක් පත්කළ යුතුය. දියුණු රටවල මෙන් නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට කළමණාකරණ සුදුසුකම් හෝ පරිපාලන සේවයෙන් ප්‍රධාන විධායක නිලධාරියෙකු පත්කිරීම. නගර සභා සහ ප්‍රාදේශීය සභා වල සේවය තාක්ශණය භාවිතයෙන් කාර්යක්ශමව සහ මහජනයාට පහසුවන අයුරින් සහ ඉක්මනින් සපයා දීම මොහුගේ ප්‍රධාන වගකීම වේ. මෙම තැනැත්තා දේශපාලකයෙකු නොවන බැවින් කාර්යාල කාලය ප්‍රදේශයේ කළයුතු කාර්යයන් වලට වැය කල හැකිවේ. සෑම සභාවක්ම ප්‍රදේශයේ සියළුම අදාල ප්‍රදේශ ආවරණය වන පරිදි අවුරුදු 10 ක සැලැස්මක් සකසා ප්‍රසිද්ධ කල යුතුය. එහි එක් එක් ප්‍රදේශවලට ජල සැපයුම, පාරවල් අලුත්වැඩියාව, කසල එකතු කිරීම, ආදී සේවාවන් හඳුන්වාදෙන කාලය ඒ සඳහා යන වියදම ආදිය පෙර ඇස්තමේන්තු කර තිබීමෙන් ඒ පලාත්වල මහජනයා සභාවෙන් වෙන සේවාවන් ලැබෙන් දින ගැන දැනුවත් වේ
මීට පෙර කොටස් මෙතනින්
දෙමළ බෙදුම්වාදය 1 දෙමළ බෙදුම්වාදය 2
මේ කොටසත් තව එකක් විතරක් දාල මේ ලිපි පෙළ අවසන් කරන්නයි යන්නේ. මගේ තියෙන සංනිවේදන නොහැකියාව නිසා මේ ලිපි වලින් නිකුත් වෙන්නේ 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' වගේ අදහසක් කියල හිතෙනවා. ඒ මදිවට මම සයිඩ් එකෙන් බයි ලේ කට්ටියට විහිළුවට වගේ ගහන කෑලි වලින් කට්ටිය ඇවිස්සිලා බයි ලා සහ කපිරිඥ්ඥාත් අහන්න වෙච්ච එක. ඒකෙන් වුනේ ලිපියේ ප්‍රධාන අදහස පැත්තක තියෙද්දි සංවාද ඔක්කොම යූ එන් පී සහ යූ එන් පී විරෝධී ඒවා වෙච්ච එක. බෙදුම්වාදයේ වෙන්කට රාමසාමි ගේ චරිතය සහ බෙදුම්වාදය අරමුණ කරගත් පසුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්වූ පක්ෂය 1972 ජනරජ ව්‍යවස්ථාවට දවස් 18 කට කලින් බිහිවීම වැනි සංසිද්ධි කිසිවක් සංවාදයට භාජනය වුනේ නැහැ.
ලිපි වල ප්‍රධාන අදහස වුනේ දෙමළ බෙදුම්වාදය ඇතිවුනේ ලංකාවේ නොව ඉන්දියාවේ දමිලයන්ගේ වුවමනාවට කියන එක කියන්න. සමහර කමෙන්ට් කරුවන් කොච්චර ලින්ක් දුන්නත් වෙන්කට් රාමසාමිගෙන් පටන් ගත්ත බෙදුම්වාදී භූමිකාව පිළිගන්න ලෑස්ති නැහැ. ලංකාවේ මේව පටන් ගත්තේ සිංහලුන්ගේ වැරදි නිසා එස් ජේ වී චෙල්වනායකම් වැන්නවුන් කියල තමයි බොහෝ දෙනෙක් පිලිගන්න කැමති. මට කියන්න තියෙන්නේ වෙබ් එකේ තියෙන දත්ත කියවලා හරි වෙන විදිහකින් තමන්ගේ මතය හදා ගන්න එක තමන්ගේ වැඩක් වුනත් විස්තර තියෙන කොට වැරදි මතයක් ඉන්න එක නම් ඥාණවන්ත දෙයක් වෙන්න බැහැ කියන එක.
මීට පෙර කොටස මෙතනින් දෙමළ බෙදුම්වාදය 1
මෙම ලිපි වල ප්‍රධානතම අරමුණ දමිල බෙදුම්වාදය ශ්‍රී ලංකාවේ ඇතිවූ දෙයක් සහ සිංහල ජනතාවගේ වෙනස්කම් කිරීම (discrimination) , සමූලඝාතන (genocide) , ජනවාර්ගික ශුද්ධය (ethnic cleansing) නිසා බව කාලයක් තිස්සේ බෙදුම්වාදීන් ගෙන ගිය ප්‍රචාර වල අසත්‍ය භාවය ගෙන හැර දැක්වීමය. දෙමල බෙදුම්වාදය 1922 දී පමණ ඉන්දියාවේ වෙන්කට් රාමසාමි මහතා පටන් ගත් එකක් බවත් 1961 ඉන්දු -චීන යුද්ධයෙන් පසු ඉන්දියාවේ ජනතාවගේ ඇතිවූ බෙදුම් විරෝධී හැඟීම, සිදුවූ නීතිමය / ව්‍යවස්ථාමය වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවට ආනයනය කල එකක් බවත් පසුගිය ලිපියෙන් පෙන්වා දුනිමි.
එල් ටී ටී ය යුධ වශයෙන් පරාජය කිරීමෙන් බෙදුම්වාදී තර්ජනය අවසන් වී ඇතැයි යන අනවබෝධය නිසා පසුගිය රජය ගෙනගිය බටහිර විරෝධී ස්ථාවරයේ තිබූ භායානක කම පෙන්වා දීම තව අරමුණක් විය. පාලකයින්ගේ සහ සමාජයේ බොහෝ දෙනා අතර තිබෙන ලෝක භූ-දේශපාලනික කටයුතු ගැන ඇති නොසැලකිල්ල සහ බෙදුම්වාදීන් ලෝකයේ සිදුවන සිද්ධීන් / වෙනස්කම් තමන්ගේ වාසියට යොදාගැනීම නිසා රටේ ඒකාග්‍රතාවයට අනාගතයේ යම් දිනක තර්ජනයක් ඇතිවිය හැකි බවට ඇති මගේ හැඟීමයි. එම නිසා ඒවා සමහරක් ගැන මතු පිටින් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමද තවත් අරමුණකි.