බෙදුම්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය ගැන දැනුවත් වීම අනාගතයේ හෝ ශ්‍රී ලංකාව දෙකඩ වීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී ඉවහල් වේ. පසුගිය රජය කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් රට දෙකඩ වීමට තිබූ අවස්ථාව අවසන් කළ බව සිතුවත් එහිදී සිදුවූයේ කාළයක් තිස්සේ පැවැතගෙන ආ දෙමළ බෙදුම්වාදය කාළයකදී පැහැරගත් ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් විනාශ වීම මිස බෙදුම්වාදය අවසාන වීම නොවන බව තේරුම් ගැනීමට ඥාණයක් ඔවුනට නොවීය. කලින් පෝස්ට් එකේ සඳහන් කළ බෙදුම්වාදීන්ගේ ප්‍රයන්නයක් ජනවාරි 8 විප්ලවයෙන් බිඳවැටුණු බව කීමට හේතුව එයයි.

දෙමළ බෙදුම්වාදයේ ඉතිහාසය නොදන්නා බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ඇතිවූ යුද්ධයට හේතුව 1983 කළු ජූලිය, 1956 දී බණ්ඩාරණායකගේ සිංහල පමණයි (Sinhala Only) ව්‍යාපාරය හෝ 1974 දී උසස් අධ්‍යාපනයට තෝරා ගැනීමේ ක්‍රමයේ සිරිමා බණ්ඩාරණායක මැතිණිය කළ වෙනස්කම් යැයි අදහසක් දරයි. ඇත්ත වශයෙන්ම දෙමළ බෙදුම්වාදයේ මූලාරම්භය සිදුවූයේ 1917-1922 වැනි අතීතයක ඉන්දියාවේදීය. 1879 දී මදුරාසියේ උපත ලැබූ ඉරෝද් වෙන්කට රාමසාමි විසින් දෙමළ ජාතියේ ආත්ම අභිමානය උදෙසා පටන් ගත් ව්‍යාපාරය ( Self Respect Movement) පසුව වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලීම දක්වා දිග්ගැස්සුනි. මෙම බෙදුම්වාදීන් බලාපොරොත්තු වූයේ මහා බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට සහ ලංකාවට නිදහස ලබා දෙන අවස්ථාවක්දී ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත කොටසක් සහ ලංකාවේ උතුරු ප්‍රදේශයද එකතුව දෙමළ ජාතිකයින් සඳහා වෙනම රාජ්‍යයක් සාදා ගැනීමය.