Friday, October 9, 2015

සිත් ඇදගන්නා ගීතයක්

එෆ් එම් නාලිකා හරහා කෘතිමව ගීත ජනප්‍රිය කරවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන අවධියක හොඳ ගීත වැඩි දෙනෙකුට නොඇසී යන්නට ඉඩ තියෙනවා. අහම්බෙන් අහන්නට ලැබිලා හිත පැහැරගත් නාමල් උඩුගමගේ අඳුරක් අඳුරින් ගීතය සහ කාලෝ ෆොන්සේකා ලියූ කොයිද කියා මන්ඳ කියා ගීත දෙක ගැන කළින් පෝස්ට් දෙකක් දැම්මා. 

මේ පෝස්ට් එකත් අවුරුදු නමයකට විතර පෙර ආපු ගොඩක් දෙනෙක් අහල නැති ගීතයක් ගැනයි . මට මේ ගීතය ලඟදි ඇහිලා එක පාරින්ම හිත ඇදිලා ගියා. මේ ගීතයේ වඩාත්ම සිත්ගන්නේ එහි පද රචනය. මේක ලියල තියෙන්නේ වෛද්‍යවරයෙක් වන රනිල් ජයසේන. ගොඩක් වෛද්‍යවරුන්ට විවිධ කලා හැකියා තියෙන බව මම දන්නා අය අතරින් එන්න පුළුවන් නිගමනයක්. බ්ලොග් කියවන්න පටන් ගත්තම තේරුණා ඉංජිනේරුවරුන්ටත් ඒ වගේම කලා හැකියා තියෙනවා කියල. කොහොම වුනත් මේක ලියල තියෙන්නේ දොස්තර රනිල් ජයසේන. ඔහු ලියපු ගී කිහිපයක් තිබුණත් මගේ හිත ගියේ මේ ගීතයට විතරයි.

Thursday, October 1, 2015

අපේ රට හොඳයි


ජාත්‍යන්තර ළමා දිනය ගැන ලියවෙන බොහෝ ලිපි වළින් කියැවෙන්නේ සේයා දැරිය මරා දැමූ රටේ එවන් දිනයක් සැමරීම විහිළුවක් බවයි. මෙවන් හැඟීම් ඇතිවීමට හේතු වන්නේ අද අපි තොරතුරු යුගයක විසීමත් එම යුගයේ මාධ්‍ය වල  වාර්ථාවන්නේ කුමන ප්‍රවෘත්තිද සහ වාර්ථාකරන්නේ කුමන ප්‍රවෘත්තිද යන්න වීම නිසා මිසක අපේ රට දරුවන්ට නොසලකන හෝ දරුවන් අපචාරයට ලක්වන තෙක් ඇහැ කන පියාගෙන සිටින රටක් බවට පත්වී ඇති නිසා නොවේ. 

එක් විත්‍යා කෙනෙකු පැහැරගෙන දූශණය කර මරා දමන විට තවත් විත්‍යාලා දහසක් තම සෝවිරියන් මෙන් පරිස්සම් කරන තරුණයන් ඉන්නට පුළුවන. ඔවුන් ගැන කියන්නට මාධ්‍යට අවස්ථාවක් හෝ  ඕනෑකමක් නැත. 2013 දී පෙන්සිල්වේනියා

Wednesday, September 30, 2015

හදවතට සමීප ගීතයක්


සාමාන්‍යයෙන් ඇසෙන ගීත වලට පපුව  ඇතුලට කාවදින්නට සමත් වුන ගීත කිහිපයක් මට ඇහිල තියෙනවා. ඒ සින්ඳු ඇහෙන කොට මට ඇතිවන්නේ විස්තර කළ නොහැකි සමීප බවක්. ඒවගේ එක ගීතයක් ගැන මීට කලින් පෝස්ට් එකක් දැම්මා.වැඩි දෙනෙක් ඒක බලල තිබුණේ නැහැ. කැමතිනම් ඒක සින්ඳුව අහලම ඉන්න.

මේකත් ඒවගේම ගීතයක්. මේක එච්චර ජනප්‍රිය වෙච්ච ගීතයක් නෙමෙයි. මේ ගීතයේ පදමාලාවත් ගායන ශෛලියත් මගේ හිත ඇතුලටම කාවැදුනා. මේක ලියල තියෙන්නේ ගොඩක් වෙලාවට පිස්සු කථා කියන එහෙම නැත්නම් පිස්සු වැඩ කරන මහාචාර්‍යය කාලෝ ෆොන්සේකා මහත්මයා. මාතලන් ගේ සින්ඩියේ කාලෝ ගැන මෙහෙම ගාථාවක් 'අර්ථ දැක්වීමක්' තාමත් තියෙනවා.

                               මාර වස්සෙකි කාලෝ න
                               පස්ස ගස්සන්න හේතු ච
                               පිච්චු සම්පත්ති කාළේ න
                               රාජා නැවත වර ය කෝ...